twitter


             අද කියන්න යන්නේ කොහොමද අපි Cat 5e කේබලයකින් සම්මත ආකාරයේ VGA කේබලයක් හදාගන්නේ කියන එක ගැන. VGA ගත්තහම 15 pin DE-15 (also called mini sub D15), 9-pin VGA සහ ලැප්ටොප් වල භාවිතා කරන Mini-VGA යනුවෙන් වර්ග කිහිපයක් තිබෙනවා. මෙතනදි මගෙ මූලික අදහස නම් CAT5e computer cable එකක් video signal එකක් ගෙනයාමට භාවිතා කිරීම. කතා කරන්නේ මේ පින්ස් 15 කනෙක්ටරය ගැනයි.මේ කේබලය පෑස්සිමේ කටයුතු තියෙන නිසා ඔබට යම් කිසි ආකාරයක සියුම් තැන් පෑස්සිමේ මූලික හැකියාවක් තිබෙනව නම් වැඩේ තවත් ලේසියි.  මුලින්ම කියන්න ඕනේ මම මේ සදහා කේබල් 10ක් භාවිතා කර ඇති බව. ඉතින් මෙහිදි Cat 5e Cableයට අමතරව එම දුරටම තවත් සිහින් වයර් දෙකකුත් අවශ්‍ය වේවි දහයක් ඕන නිසා. නමුත් අපිට අවශ්‍යම කරන pins ටික connect කරලා තනි වයර් පහකින් වුවත් මේ ආකාරයේ කේබලයක් හදාගන්න පුලුවන්. මෙහිදි මම කේබල් 10ක්ම භාවිතා කිරීමට හේතුව තමයි LCD Monitors වල Standard එක  ගන්න ඕන වුන නිසා වීම. මම පරීක්ෂා කරපු විවිධ මාදාලිවල LCD Monitors වලට මේ කේබලයම හොදට වැඩ කලා.මුලින්ම මේ දේවල් අවශ්‍ය වෙනවා මෙය නිර්මාණය සදහා.




  1.  Cat 5e Cable (Shielded Type)  මීටර් 5ක්
  2. 15 Pin mail VGA Connectors -2  (the pins should be arranged in three rows of five pins)
  3. Soldering iron
  4. lead
  5. Cutting pliers or cable stripper







 ඔබට මේ  Cat 5e Cable (Shielded Type) එක පරිගණක ජාලකරණ උපාංග විකුණන තැනකිනුත්,  VGA Connectors දෙක  electronics parts store එකකිනුත් ගන්න පුලුවන්. පලමුවෙන් කියන්න ඕනෙ අපි හොයාගත්ත VGA Connectors දෙක තමන් පැත්තට හරවගත්තහම pin alignment එක මෙන්න මේ විදිහට තිබිය යුතුයි.



මේ තියෙන්නේ 


‍මෙන්න මේ විදිහටයි සම්මත කේබල් pin out  එක පිහිටිය යුත්තේ.

VGA DDC2 connector pin out:

PinNameDirDescription
1RED-->Red Video (75 ohm, 0.7 V p-p)
2GREEN-->Green Video (75 ohm, 0.7 V p-p)
3BLUE-->Blue Video (75 ohm, 0.7 V p-p)
4RESRESERVED
5GND---Ground
6RGND---Red Ground
7GGND---Green Ground
8BGND---Blue Ground
9KEY-Key (No pin) / Optional +5V output from graphics card
10SGND---Sync Ground
11ID0<--Monitor ID Bit 0 (optional)
12SDA<--I2C bidirectional data line 
13HSYNC or CSYNC-->Horizontal Sync (or Composite Sync)
14VSYNC-->Vertical Sync which works also as data clock
15SCL<--I2C data clock in DDC2, Monitor ID3 in DDC1

  ඔබට මේ Cat 5e Cable පාස්සා ගැනීමේදී එම කේබල් තුඩු වලට ඊයම් ලෙහෙසියෙන් රෑරා නොවැටී රදවා ගැනීම සදහා දුම්මල කැටයක් හොයාගන්න පුලුවන් නම් ගොඩක් පහසු වේවි. නෙට්වර්ක් කේබලයේ ඇති තනි වයර් 8ට අමතරව තවත් දෙකක් අවශ්‍ය වෙනවා. මේ පහලින් දාලා තියෙන්නේ මම කේබලය නිර්මාණය කරගත්ත හැටි. මොකද පහත තියෙන ආකාරයට G යනුවෙන් සදහන් කර ඇති ස්ථාන සියල්ල එක කේබලයකින් සම්බන්ධකර Ground කල යුතු අතර අනික අවශ්‍යයි දහවෙනි වයරය ලෙසය. මෙහිදි 4,6,7,8,10,11 යන පින් තුඩු සියල්ල එක  වයරයකින් Ground කරගන්න. 

  1. White brown
  2. White orange
  3. Brown
  4. G
  5. White blue
  6. G
  7. G
  8. G
  9. Green
  10. G
  11. G
  12. Green
  13. White green
  14. White blue
  15. Blue
   කනෙක්ටරයේ දෙපැත්තම මේ ආකාරයට පාස්සා ගන්න. මේ තමන්ට අවශ්‍ය දිගට මෙම VGA කේබලය සකසා ගැනීමට හැකිවීම මෙහිදි ලැබෙන මහත් වු වාසියක්.මම මෙහි පින් 15ම භාවිතයට ගෙන ඇති නමුත් ඔබට පරික්ෂා කිරීමෙන් තේරේවි මෙම වයර් දහයම අපිට අවශ්‍ය නොවෙන වග. අවශ්‍ය වන්නේ RGBHV හා DDC DAT හා DDC Clock යන කේබල පමණයි. එනම් Red, Green, Blue, Horizontal Synchronization සහ Vertical Synchronization හා DDC DAT මෙන්ම DDC Clock සදහා වන path ටික තිබ්බානම් ප්‍රමාණවත්. ඔබ ගන්නා STP කේබලයෙහි වටේ ඇති ඇලුමිනියම් ආවරණය මගින් (metal foil shield)ප්‍රතිරෝධය හා යම් තරමකට අවටින් එල්ලවන චුම්බක බලපැම් අවම වන අතර අවශ්‍ය නම් Ferrite Filtere කිරීම සදහා  Ferrite bead එකක ආධාරය පැතිය හැකියි. 

Monday, May 28, 2012 | 4 ක් අදහස් දක්වා ඇත | Labels:

        


  සෑහෙන කාලෙකින් පස්සේ මේ ආයෙත් බ්ලොග් සටහනක් ලියන්න අවස්ථාවක් ආවේ. මෙහෙමවත් ලිවේ නැත්නම් සින්ඩිකේටර්වලින් මාව එලවල දාන්නත් බැරි නෑ. මම ඉතින් පෝස්ට් නොලිව්වට සිංහල වෙබ් අවකාශයේ ලියැවුණු අඩවි පුලුවන් හැම වෙලාවෙම කියවනවා. හැමෝටම අවුරැදු පහුවුනත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ කියන්න යන්නේ  console cable එකක් හදාගන්න ආකාරය ගැන ඉතාමත් කෙටියෙන්. Cisco console cable, RJ45 DB9 cable, DB9 to 8 pin connector,  RJ45to serial cable, Management Cable කියලත් හදුන්වන්නේ මෙයමයි. ‍මුල්ම කාලයේදී මේ කේබලයත් RJ45-RJ45 කියන ආකාරයේ නිර්මාණයක් වුනා කියලයි මම අහල ති‍යෙන්නේ. නමුත් අද වෙනකොට මෙය RJ45-DB9 ලෙසින් පරිගණකයේ serial port එහෙම නැත්නම් COM port එකට සම්බන්ධ වෙන තැනටම ඇවිත්. අලුතෙන් එන Cisco devices එන්නේ DB9 adaptor එකකුත් එක්කයි. මෙහිදී මතක තියාගත යුතු වැදගත් කරැණ තමයි console cable එකක් හරහා ගමන් කරන දත්ත Ethernet data නොව  serial data යන්න වග. මෙහි එක පැත්තක් Router එකේ Console port එකට හා අනෙක් කෙළවර පරිගණකයේ Com port (serial port) එකට කරල සම්බන්ධ කිරීමෙන් අපට Router එක හා සම්බන්ධ වීමට පුළුවන්. ‍DB9 වශයෙන් හදුන්වන සිදුරැ නවයකින් යුත් කනෙක්ටරයෙහි female වර්ගයත් RJ45 කනෙක්ටරයත් UTP CAT 5E කේබලයකුත් තමයි අපිට මේ සදහා අවශ්‍ය වෙන්නේ. පහත රෑපයේ විස්තර කරල තියෙන විදිහට මේ ආකාරයේ කේබලය ඉතාමත් පහසුවෙන් හදාගන්න පුලුවන්.


   පෝස්ට් එක කෙටියෙන් අවසන් කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා. ගැටලු සහගත තැනක් වෙ‍තොත් විමසන්නත් පුලුවන්.
Saturday, April 21, 2012 | 3 ක් අදහස් දක්වා ඇත | Labels:
            

           මාත් එක්ක මේ ‍නොපෙනෙන සයිබර් අවකාශයේ ගොඩක් කාලයක් රැදිලා හිටපු සහෘදයින්ට සමුදෙන්නයි මේ හදන්නේ. මේක ස්ථිර සමුගැනිමක්ද, තාවකාලික සමුගැනීමක්ද කියලා තීරණය කරන්නේ කාලය විසින් . කොහොම වෙයිද දන් නෑ. ඉස්සර කොළඹ ඉන්න කාලෙනම් මට වෙලාව තිබ්බා මගේ යාලුවොත් එක්ක දැනුම බෙදා හදාගන්න. නමුත් දැන් ඉන්නේ වෙන තැනක. එතන තියෙන වැඩ වැඩිකමත් එක්ක මට තවදුරටත් ලියන්න ලැබෙන්නෙ නෑ. මෙච්චර කාලයක්  මගේ ලිපි කියවමින්, වැරදි අඩුපාඩු පෙන්නමින්, කමෙන්ට් කරමින් , දිරි ගන්වමින් මාත් එක්ක රැදිල උන්නු යාලුවො ඔක්කොටම බොහොම පින්. මට ගොඩක් සතුටුයි කවුරැවත් මේ ජාලකරණය හා  ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ගැන සිංහලෙන් නොලියපු කාලෙක පටන් අරන් නොනවත්වා මෙච්චර කාලයක් ලියන්නට හැකිවිම පිලිබදව.‍ මේ ලිපි පෙල ආශ්‍රයෙන් කවුරැන් හෝ  නොදන්න දෙයක් ඉගෙන ගත්ත නම් ඇත්තෙන්ම මට ඒක නිහතමානි ආඩම්බරයක් . ආයෙත් කවද හරි එන්න ලැබුනොත් එදාට මම බොහොම කැමැත්තෙන් ඉන්නේ ඔයාලත් එක්ක මම දන්න කියන හැමදේම බෙදාගන්න. මගේ නෙට්වර්ක් ලිපි බලන්න එන අයට මගෙ  බ්ලොග් එකටත් වඩා  තවත් ගොඩක් හොද සයිට් තියෙනවා ෆලෝව් කරන්න. නෙට්වර්ක් දිසාගේ බ්ලොග්  එක මම දැනට දන්න නොනවත්වාම කරගෙන යන හොද අන්තර්ගතයක් සහිත ලිපි අඩංගු  බ්ලොග් එකක්. මීය අමතරව  මේ ගැන තව හොද බ්ලොග් තියෙන්න පුලුවන්. අනේ මගේ යාලුවො තරහ වෙන්න එපා ඒවා ගැන කිව්වෙ නැ කියලා. සිංහල බ්ලොග් කියවනය සහ ලාංකීය සිතුවිලි, සස්රෑත, හත්මාලුව සහ අනෙකුත් සින්ඩිකේටර් පවත්වාගෙන යමින් සිංහල බ්ලොග් කලාවට මහඟු මෙහෙයක් කරන සහෝදරවරුන්ටත් ම‍ගේ හදපිරි ස්තූතිය පිරිනමනවා. අන්තිමටම හැම දෙනාටම කරන කියන හැම නටයුත්තක්ම සාර්ථක වේවායි පතනවා. මට යන්න අවසර යාලුවනේ. 



Saturday, November 5, 2011 | 5 ක් අදහස් දක්වා ඇත |