Sunday, June 19, 2011

අවසන් දේශනය



     Randy Pausch කියන්නේ වර්ෂ 1960 දී ඇමරිකාවේදි උපත ලද (October 23, 1960 – July 25, 2008) Carnegie Mellon University සරසවියේ පරිගණක විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙක්. මොහුගේ විශේෂත්වය තමයි තමන්ට මරණයෙන් කිසිදා ගැලවිය නොහැකි පිලිකාවක් වැලදී තිබියදිත් මිය යන දවස දැන දැනත් අනෙක් ජීවිත සාර්ථක කරගැනීමට මග පෙහෙලි කර දිම. ඒක pancreatic cancer එකක්. අනේ හැබැයි ඉතින් මං නම් ඕවා ගැන හරියටම දන් නැ. විකිපිඩියා එකේ ඒ ගැන සදහන් වෙලා තිබ්බේ  නම්  pancreatic cancer is a malignant neoplasm of the pancreas කියලයි. ඒ වචන වල සද්දේ හැටියට නම් අග්න්‍යාශය සම්බන්ධ මොකක්හරි මාරකයක් කියල තමා මටනම් තේරැණේ. කොහොමහරි අවසාන කාලයේදි මොහු තමන්ගේ ජිවිතයේ අවසන් දේශනය ලෙස 2007 සැප්තැම්බර් 17 දින ඔහු "Really Achieving Your Childhood Dreams" නමින් දේශනයක් 400 වූ තම සිසුන් ඉදිරියේ පවත්වනව. එදින ඔහු කියන්නේ ජිවිතයේ ඇති වටිනාකම හා ජිවත් විම පිලිබදවයි. තමන්ට ජීවත් වන්නට ඇත්තේ තවත් මාස කිහිපයක් බව හා වැලදි ඇති පිලිකාව ගැනත්පවසන්නේ සිනාමුසු ම්හුණින් යුතුව. අපි එහෙමනම් මැරෙන්න කිට්ටුයි කියලා දැනග්තතම මොන ආකාරයකට හැසිරෙයිද දන් නැ නේද? ඔබ මුළු ජීවිතයෙන්ම සමු ගන්නව නම් ඔබ එදාට මොනවද කියන්නේ ?  අඩලා දොඩලා බොරැ විකාර ටිකක් කියලා වටේ ඉන්න අයත් අවුල් කරලා. ඔබ, මම අපි‍ ගොඩක් දෙනෙක් එහෙම තමයි නේද? ජිවත්වෙලා ඉන්න තවත් කෙනෙක්ට සාර්ථක වෙන්න පුලුවන් ආකාරයේ වචන ටිකක් හරි කියන්නේ  කීයෙන් කී දෙනාද?


Randy Pausch 2008 ජූලි 25 දින තම ජීවිතයට සමු දෙනව.

   
 ජිවිතයක් ධනාත්මක පැත්තට හැරවිය හැකි ගුණාංගයන් රැසක් මෙහි අන්තර්ගතයි. " The Last Lecture " පොතකුත් පල වි තියෙනවා. මේකේ සිංහල පරිවර්තනයක් සමන් කළුආරච්චි මහතා පළ කරල තියෙනවලු "අවසන් දේශනය" කියල. මමත් ඒක හොයාගෙන කියවන්නයි ඉන්නේ. මම මේ ගැන මුලින්ම කියෙව්වේ අපේ පුස්තකාලයෙන්. ඊට පස්සෙයි මේ විඩියෝව ගැන හොයා බැලුවෙත්. නැවතත් ඒ මතකය අලුත් වුනේ මේ පිලිබදව ජාලයේ තිබු සටහනක් දැකිමෙන්.




ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Undersea Cable Maintenance




   පහු ගිය ලිපියෙන් කතා කරේ කොහොමද මුහුදු පතුලේ මේ ෆයිබර් කේබලයක් Lay කරන්නේ යන්නයි. අද කියන්න යන්නේ ෆයිබර් ඔප්ටික් කේබලයක නඩත්තුව මුහුදයටදි සිදුවන්නේ කෙසේද කියා. සමහර විට දැන් ඔබ කල්පනා කරනව ඇති කොහොමද මෙවැනි කේබලක් මුහුදයටදි පලුද් වුවහොත් හෝ කැඩි වෙන්ව ගියොත් හරියටම ස්ථානය සොයාගෙන එය යථා තත්වයට ගෙන එන්නේ කියා. ‍මුහුද යට ඇති කේබල විනාශවීමට හෝ පලුදුවීමට ගමනාගමන කටයුතුවල යෙදෙන නෞකාවලින් මුදාහරින ඇන්කර් එක ඇතුලු වෙනත් ආම්පන්න මෙන්ම මසුන් මරන නෞකාවලින් පිටතට දමන කොකු හේතුවෙනවා.  මෙහෙමයි ඒ වගේ කේබලයක් සථාපනය කරන්නේ හා හදිසි අවස්ථාවලදි කේබලයක් නඩත්තු කරන්නේ.




           මෙහිදි භාවිතාකරන අනෙක් ක්‍රමය නම් වියදම් අධික එකක්.  එහිදි මුහුද යටදි ක්‍රියාත්මක විය හැකි Remote Operating Vehicle (ROV) එකක් භාවිතයට ගැනෙනවා.
 මේ එහි අවස්ථාවක්. මෙවැනි ROVs මිනිසාට කිරීමට අපහසු අවදානම් අවස්ථාවලදියි බොහෝවිට භාවිතයට ගැනෙන්නේ. උදාහරණ වශයෙන් ඛණිජ තෙල් කැණිම්වලදි, මුහුද යට පිපිරවිම් (ROV for sea bed interventions) සිදුකරන අවස්ථාවන් ආදිය දැක්විය හැකියි. මෙවැනි උපාංගයන් මෙහෙයවිමට පුලුල් වූ මෙහෙයුම් මැදිරියක් තමයි භාවිතයට ගන්නේ.


Tuesday, June 7, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - How undersea fiber optics cable is installed




              ගොඩ දවසකින් තමයි ෆයිබර් ඔප්ටික් වලට සම්බන්ධ ලිපියක් ලියන්නයි යන්නේ. කොහොමද මුහුදු පතුලේ මේ කේබලයක් Lay කරන්නේ ය්නනයි අද කියන්න යන්නේ. ෆයිබර් ඔප්ටික් කේබලයක් ගත්විට ඒවායේ තිබෙන තවත් ප්‍රභේදයක් තමයි Undersea Fiber Optics Cable කියන්නේ. ඒවාම Submarine Fiber Optics Cable  කියලත් හදුන්වනවා. සාමාන්‍ය ආවරණයකින් (outer layer with  polyethyleneයුත් කේබල  අපි යොදාගන්නේ outdoor installation හා underground installation සදහායි. ඒවාහිත් armor layer එකක් තිබෙනවා එම කේබලය භූගත කිරීමට හා  mechanical protection වෙනුවෙන්. නමුත් එම කේබලයම අපිට Undersea installation සදහාත් යොදාගන්නේ නෑ. 


                        ඒ සදහා අපි Submarine Fiber Optics Cable තමයි භාවිතයට ගන්නේ. මේවා අපිට නැවුම් ජලයකට හෝ ලවණ සහිත ජලයේ (fresh or salt water) ස්ථාපනය කිරීමට භාවිතා කල හැකියි. මොකද මේවායේ පිටත ආවරණය ඉතාමත් සවිමත්. තිබෙන outer layer එක සවිමත් armor layer එකකින් යුක්තයි. මේ රෑපයෙන් එය බලාගන්න පුලුවන්. ඉතින් fishing travelers, boat anchors ආදියෙන් මෙම කේබලයට හානි පැමිණීම අවමයි. ඒ වගේම ඉති දිගුදුරකට එලන Fiber Optic Cable දත්ත ගෙනයාමේදි ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ඉතාමත් සංකීර්ණ ආකාරයෙන් නිපදවනවා. 


    ඉතින් මේ Undersea Fiber Optics Cable තමයි අපි වර්තමානය වන විට ලෝකයේ අන්තර්ජාල කටයුතු සදහා රටින් රටට (Country to Country) භාවිතා කරන්නේ. මේ Undersea Fiber Optics Cable වල ආභාෂය නැත්නම් අපිට තවමත් අපේ මහාද්වීප අතරේ සන්නිවේදන කටයුතු සිදුකරගන්නට වෙන්නේ  ළදරු වියේ සිටයි. දැන් දැන් අපි රටවල් අතරේ අන්තර්ජාල සන්නිවේදනය සදහා satellite හෝ wireless system හෝ  microwave system භාවිතා කරන අගය ප්‍රතිශතයක් වශයෙන් පවතින්නේ බොහොම අඩු මට්ටමක. මොකද Undersea Fiber Optics Cables තමයි දැන් එහි පෙරමුණ අරන් තියෙන්නේ. මේ ගැන අදහසක් ගන්න පුලුවන් බොහොම වටින විඩියෝවක් තියෙනවා . මෙහි දැක්වෙන රෑප රාමු තුලින්  අපිට දැක ගත හැකියි කොහොමද  undersea fiber optics cable එකක් මුහුදු පතුලේ ස්ථාපනය කරන්නේ කියා. 


Sunday, June 5, 2011

පරිගණක ජාලකරණය පාඩම 16 - Network ID, Host ID හා Loopback Address

    
    අද පාඩමෙන් බලමු අපි මොකක්ද මේ Network ID, Host ID හා Loopback Address යනුවෙන් අප ජාලකරණය කරනවිටදි නිතරම භාවිතයට ගැනෙන දේවල් පිලිබදව.  IP Address එකක් ගත්විට එහි  ඇති පළමු octet එක  මගින් එහි  Class එක පිලිබදව වැටහීමක් ගත හැකියි. ඔබ ඒ ගැන දැනටමත් දන්නවානේ.


Network ID -  IP Address එකක Network part එක මගින් එම IP එක assign කර ඇති Host එක අයත් වන Network එක අපට පෙන්වයි. ඕනෑම Network එකකදී එයට අදාල  IP Address එකේ  Network ID එක වෙනස් නොවේ. ඒ ඒ classes වලට යොදාගත හැකි Network  ගණන එකිනෙකින් වෙනස් වේ. 
Host ID - IP Address එකක් ගත් විට  Host ID ලෙස Host එකින් එකට IP Address එකෙහි ‍වෙනස්වන කොටස හැදින්විය හැකියි. උදාහරණයක් ලෙස අපි 192.168.125.1 ගත් විට එය assign කර ඇති range එකේදි  එහි 1 සිට 254 දක්වා වූ පරාසය මෙහි වෙනස්වන හොස්ට් පාට් එකයි. මේ Network ID  හා Host ID සම්බන්ධයෙන් පහුගිය ලිපිපෙලින් හොද අවබෝධයක් ගත හැකියි.



Loop back Address  - Loopback address එකක් යනු   loop back connection සදහා භාවිතා කරන special IP number (127.0.0.1) එකක්. ඔයාලට මතක ඇති මේ  127.0.0.1 යනු Class A වලට අයත් වෙන Address එකක් බව. නමුත් මෙය මම ඒ පහුගිය ලිපිවලදි විස්තර නොකර අත් ඇර දැම්මා. දැන් ඒ ගැන මෙහෙම අවබෝධයක් ගමු. මෙය අපි 127.0.0.1 Ping command එක, local access test tool ලෙසත් හදුන්වනවා. මේ අවස්ථාව අපි තමන්ගේ local machine එකේ network resources බාවිතයට ගන්නා අවස්ථාවක් ලෙසත් හැදින්විය හැකියි. (test its own basic network setup) අපි 127.0.0.1 හරහා ping කරන address එක Local Area Network එකෙන් පිටතට නොයා එම පරිගණකයේ  ඊතනෙට් පෝට් එක තුලම  re-routed වෙනවා. (re-routed by the computer's own network adapter). Wamp හෝ Apachi වැනි මෘදුකාංග වලත් එහි testings සදහා local host එකක් නිර්මාණය වෙන‍්නේ මේ සංසිද්ධිය පදනම් කරගෙනයි. සාමාන්‍යයෙන් 127.0.0.1 - 127.255.255.255  දක්වා range එකේ පවතින සියලුම IP addresses   private use සදහා reserved කර ඇති ලෙසටයි අප සදහන් කරන්නේ. අපේ පරිගණකයේත් මේ Loop back Address එක මාර්ගයෙන් අපට මේ web address access කිරීමට හා නොකිරීමට යනුවෙන් වර්ගකර දිය හැකි file එකක්ද සතුයි. ඒ සදහා පිවිසීමට start --> Run ගොස්  %windir%\system32\drivers\etc  යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න. පසුව විවෘතවන වින්‍ඩෝවේ ඇති hosts යන ෆයිලය note pad එකක් විවෘත කරගෙන එයට  drag and drop කරගන්න. 
දැන් ඔබට දක්නට පුලුවන් එහිත් මේ Loop back Address එක භාවිතා කර ඇති ආකාරය. මම කලින් සදහන් කලා මතක ඇතිනේ  127.0.0.1  සිට 255 දක්වා යන ලිපිනයට පරිගණකයේ LAN එකෙන් පටතට යාමට නොහැකියි කියලා. ඉතින්‍ මෙයිනුත් සිදු කරන්නේ එම ලිපිනයම භාවිතා කරමින් අපිට block කිරීමට අවශ්‍ය සයිට් එය ඉදිරියෙන් සටහන් කර  එයට නැවත පිවිසීම නැවැත්විමයි. උදාහරණයකට ඔබ 127.0.0.1  ඉදිරියෙන් http://www.facebook.com/ යන ලිපිනය ටයිප් කර ctrl+s ඔබා සේව් කර දැන්  facebook අඩවියට පිවිසීමට උත්සාහ කරන්න. ඔබ නිවැරදිව එය සිදු කලා නම් එම අඩවිය ඔබට ලබා ගත නොහැකි වේවි. එය Loop back Address එකක් ප්‍රායෝගික භාවිතයට ගැනෙන හොද අවස්ථාවක් ලෙස දක්වන්න පුලුවන්. එමෙන්ම මෙම 127.0.0.1 මගින්  verify කරගන්නවා computer's network interface card එක එහිම  drivers සහ  the operating system's TCP/IP implementation සියල්ලම   properly  functioning වෙනවද  යන්න කියා. ඔයාලත් නිකමට ping කරලා බලන්න start --> Run ගොස් cmd ටයිප් කර command prompt එක අරගෙන එහි, ping 127.0.0.1 -t යනුවෙන්. එහිදි ඔබේම පරිගනකයේ reroute වෙමින් reply එකක් ලබා දෙන හැටි ඔබට පෙනේවි.