Wednesday, March 30, 2011

පරිගණක ජාලකරණය පාඩම 8 - STP Cabling




  පෙර පාඩමකදී පල කරන්න බැරිවුනු Category list එකක් මේ වතාවේ මුලින්ම පල කරන්නයි මේ සූදානම.  Network Cabling ගැන  කතා කිරීමේදී බොහොම වැදගත් වේවි මේ  Category list එකක් එක. මෙහි සදහන් වෙන්නේ Cat  ආකාරයට බෙදී යන කේබල්ස්වල භාවිතයන් පිලිබදවයි. පෙර පලකල යුතුව තිබුන දෙයක්. ඒත් පමාවට සමාව දෙන්න.


 CategoryMaximum Transmission SpeedCharacteristics and Uses
Cat 1Voice onlyUsed in telephone installations.
Cat 24 MbpsNo longer recommended for data transmissions.
Cat 316 MbpsLowest recognized data grade.  It is used for most telephone wiring.
Cat 420 MbpsSuitable for networking 10 Mbps Ethernet networks.
Cat 5100 Mbps - 1GbpsMost popular grade for LAN networking.  This is used for Fast Ethernet.
Cat 5e (enhanced)155 MbpsUsed for Fast Ethernet and 155 Mbps ATM - Asynchronous Transfer Mode.
Cat 6 and 7> 1 GbpsUsed for Gigabit Ethernet technologies.


  තව දෙයක් තමයි ඔබට මතකද මම Base-T, 1TX, Base-F   ආදිය ගැනත් Baseband සහ  Broadband ගැනත් කතා කලා. ඒ සම්බන්ධයෙන් වූ කුඩා රෑපසටහනකුත් පහතින් පලවෙනවා.




    හරි දැන් අද පාඩමට යන්න හදන්නේ. ගිය වතාවේ පාඩමෙන් නැවැත්තුවේ  Unshielded Twisted Pair cables(UTP) ගැන කියලයි. අද කතා කරන්න යන්නේ Shielded Twisted Pair (STP) Cables පිලිබදවයි. 

2 STP = Overall foil/braid Shielded 2-pair Cable w/ Individually shielded, 150 Ohm


      මෙම කේබල sheath(වැස්ම) එකකින්  ආවරණය කරන ලද වර්ගයේ කේබලයි. මෙම කේබලත් මීට වඩා විශාල බන්ඩ්ල් එකක පැමිණෙන ආකාරයනුත් තියෙනවා. UTP වර්ගයෙන් සිදුකරන ක්‍රියාවලියටම සමාන ආකාරයක් සහිතයි. නමුත් මෙම කේබලවලට  UTP වලට වඩා පිටතින් ඇතිවිය හැකි  බාධාවන් ඉතා අඩුයි. එනම් UTP කේබලවලට වඩා STP කේබලවලට electromagnetic interference එක අඩුයි. signal carrying capacity එක ඉතා ඉහලයි. මන්ද මෙම කේබල දෙකක් එකට twisted කර ඇත්තේ metallic foil එකක් හෝ සමහර අවස්ථාවලදී polyurethane cladding එකක ආවරණයක් ලබාගෙනයි.එනම් තනි කේබලවලට තිබෙන ආවරණයට අමතරව Overall Shield එකකුත් ඇතුලතින් සහිතවයි Outer Jacket එක නිර්මාණය කර ඇත්තේ. ඉතින් මේ metallic shield එක හේතුවෙන් electromagnetic interference එක අඩු අඩුවෙනවා(අකුණු ගැසීම් වලින් සිදුවන හැනියත් අවමවේ) සේම ජලවාෂ්ප, ලවණ ආදියෙන් කේබලයට සිදුවන හානියත් ඉතාමත්ම අවමයි. ඒ නිසා මුහුදු ආශ‍්‍රිතව ජාලගතකිරීම්වල නියැලෙන කාර්මිකයින් බොහෝසෙයින් මෙම වර්ගයේ ඝන වැස්මක් සහිත STP Cables භාවිතා කරයි. ලෝකයේ විවිධ රටවල ‍විවිධ ආකාරයේ එලිමහනේ(Outdoor Networking) සදහා මෙය  වැඩිපුර භාවිතා කරනු දැකිය හැකියි. එමෙන්ම මෙම කේබල කිහිපයක් එකතුකොටගෙන නිවෙස්වලට හා කර්මාන්තවලට  electrical current රැගෙන ඒමටත් භාවිතාකරනු දැකිය හැකියි. ඒ මිම්මෙන් ගත්විට මේවා power cables and high voltage cables ලෙසත් භාවිතයේ යෙදෙනවා. නමුත් එම ක්‍රමය කෙතරම් දුරට සාර්ථකදැයි යන්න තහවුරැ කල නොහැකියි. 


       මෙහිදීත් දත්ත ගමන්කරන ධාරිතාවය, ලබාගත හැකි වේගය 1000mbps දක්වා පුලුල් කරගත හැකියි. එමෙන්ම ඉතා දිගු දරකට දත්ත යැවිය හැකි higher transmission rate එකකුත් මෙය සතුයි. අවාසි ගත්විට UTP වලට වඩා මිලෙන් ඉතා අධිකය. ඊට ප්‍රධානතම ‍හේතුව වන්නේ පිටත ආවරණය UTP ආකාරයේ insulate එකට වඩා සාර්ථක එකක් වීමයි. ඒ  හේතුවෙන් යම්කිසි ආකාරයක outside electromagnetic interference එකක් දරාගැනීමට මෙයට  ඉතා පහසුය. එබැවින් සමහර electronic equipment ආසන්නයෙන් වුවත් මෙම කේබල්ස් lay කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම පුලුවන. එය වාසියකි. තවද  සෑම  wire pair එකක්ම තනි තනිවම foil එකකින් හෝ cladding එකකින් ආවරණය වී පැවතීමත්, Bundle එකක් ලෙසින් එම wire group එකත් වෙනමම ආවරනය වී තිබීමත් හේතුවෙන් තවත් අමතර ආරක්ෂාවක් කේබලයට සැලසීමත් තවත් වාසියකි. ඔබට මෙය අධ්‍යනය කිරී‍මේ පහසුව තකා STP කේබලවල summery table එකක් පෙර ලිපියේ සේම පහතින් පලවේ. 

මෙහි දැක්වෙන්නේ STP4-C6-SOLID-OUTDOOR කේබලයක Technical Characteristic එකක්


Specifications:
Meets ANSI/EIA/TIA 568, IEC 61156-5 requirements
Fire safety standard UL 1581 VW-1, IEC 60332-1

Applications:
Cable is used for indoor and outdoor applications. Fixed installations, high bandwidth digital applications with low BER and high data rates.

Description:
Shielded copper cable, 4 pairs, category 6, solid. Four individually shielded twisted pairs (U/FTP) cabled together and double jacketed with a FR-LSZH compounds, with a rip cord between the jackets. The outer jacket of black color made of UV resistant material, ideal for outdoor use.

Materials:
Conductive material: wire made of annealed electrolytic copper, solid
Conductor insulation: foamed polyolefin, skin-foam-skin layer
Shield: every pair is separately shielded with polyester aluminum foil, which covers 100% of twisted pair
Drain wire: tinned copper
The cable inner jacket: FR-LSZH (flame retardant low smoke zero halogen compound), grey color
The cable outer jacket: UV resistant FR-LSZH (flame retardant low smoke zero halogen compound), black color

Technical characteristics:
Number of pairs: 4 pairs
Conductor diameter (core): 0.57 mm (0.022") (23 AWG)
Insulated conductor diameter: 1.34 mm (0.053")
Inner jacket diameter: 7.2 mm (0.284")
Outer cable diameter: 9.6 mm (0.378")
Tensile strength: ≤ 15.3 kg (150 N)
Minimum bend radius: 120 mm (4.72")
Rip cord breaking strength: 10 kg (98 N)
Drain wire diameter: 0.41 mm (0.017") (26 AWG)
Operating temperature: -40°C - +70°C (-104°F - +158°F)
Cable weight per 1000 ft (304.8 m): 25.9 kg (57.2 lbs)
Standard package: 500 m (1640 ft)

Electrical characteristics:
Frequency, MHzRL, dBAttenuation, dBNEXT, dBPSNEXT, dBELFEXT, dBPSELFEXT, dB
122.02.093.090.093.090.0
425.03.788.085.093.090.0
1028.05.788.085.083.080.0
2028.08.188.085.083.080.0
3027.010.088.085.073.070.0
10024.019.083.080.066.063.0
15022.023.683.080.063.060.0
20021.027.783.080.061.058.0
25020.031.480.077.058.055.0


Characteristic Impedance100 Ohm
Max. DC Resistance (at 20°C)73 Ohm/km
Resistance Unbalance≤ 2 %
Capacitance Unbalance:≤ 1.2 pF/m
Velocity of Propagation80 %
Propagation Delay Skew≤ 35 ns/100 m
Dielectric Strength700 V/minute
Insulation Resistance≥ 5 GOhm km

Ordering:
STP4-C6-SOLID-OUTDOORShielded Twisted Pair Cable (STP), 4 pairs, Solid, Outdoor


  අපැහැදිලි තැනක් ඇත්නම් විමසන්න අවස්ථාව තියෙනවා වෙනදාවගේම. ඉතින් තවත් පාඩමකින් හමුවන තුරැ ඔබට ජය...

1 comment:

  1. මට පුලුවනම් කියා දෙනවද computer එකකට BIOS (බයෝස් ) දන්නේ කොහොමද කියලා

    ReplyDelete