Sunday, June 20, 2010

PEN එකේ Folder නොපෙනි යාම ලේහෙසියෙන්ම සුව කිරිම


Pen drive එකක අැති Virus ෙෙවරස්ගාඩි ඒකක් අාධාරෙයන් Remove කලාට පසු Folder නොපෙනි යාහැක.ඒ් මන්ද Virus මගින් ඒහි Folders සගවා අැති නිසායි. (Hidden).ෙමයට විසදුමි කිහිපයක් අැත.

1. Start->Run ෙගාස් Regedit යනුෙවන් type කර ok කරන්න. ඉන් පසු විවෘත වන කවුලුෙවි HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced\Folde r\Hidden\SHOWALL යන path ඒක හරහා ෙගාස් ඒහි දකුණු පසින් විවෘත වන කවුලුෙවි Checked Value යන්න 1. ෙලස ෙතා්රා Regedit Close කර Mycomputer->Tools->Folderoptions ෙගාස් නැතිවු Folder දැකගත හැකි ෙවිවි.



2. Notepad(Open Run then type notepad)විවෘත කරගන්න.
දෙවනුව මෙසේ Type කරන්න “attrib * -s -h /d /s”
ඉන්පසු මෙය Pen එකේ View hidden.bat ලෙස Save කරන්න.
දැන් එය Double click කර Open කරන්න.

විනාඩි කිහිපයකට පසු ඔබගේ නැතිවු Folder දැකගත හැකි ෙවිවි.

Monday, June 14, 2010

FIFA WORLD CUP 2010 THEME SONG


FIFA WORLD CUP 2010 THEME SONG


මෙතනින් බාගන්න




Lyrics

World Cup 2010 Anthem song Waving Flag
Celebration Remix by K'Naan lyrics:

Ooooooh Wooooooh

Give me freedom, give me fire, give me reason, take me higher
See the champions, take the field now, you define us, make us feel proud
In the streets are, exaliftin , as we lose our inhabition,
Celebration its around us, every nation, all around us

Singin forever young, singin songs underneath that sun
Lets rejoice in the beautiful game.
And together at the end of the day.

WE ALL SAY

When I get older I will be stronger
They'll call me freedom Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes back

When I get older I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes

Oooooooooooooh woooooooooohh hohoho

Give you freedom, give you fire, give you reason, take you higher
See the champions, take the field now, you define us, make us feel proud
In the streets are, exaliftin, every loser in ambition,
Celebration, its around us, every nations, all around us

Singin forever young, singin songs underneath that sun
Lets rejoice in the beautiful game.
And together at the end of the day.

WE ALL SAY

When I get older, I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes back

When I get older I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes

Wooooooooo Ohohohoooooooo ! OOOoooooh Wooooooooo

WE ALL SAY !

When I get older I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes back

When I get older I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes

Wooo hooooo hohohohoooooo
And everybody will be singinit
Wooooooooo ohohohoooooo
And we are all singinit

Sunday, June 13, 2010

අලුත් වෛරස් ගාර්ඩ් එකක්. . .



වෛරස් ගාර්ඩ් නම් ඔන තරම් තියනවා.ඒත් තියන අවුල තමයි ඒව දැම්මම පරිගණකයේ වේගය අඩුවන එක තවමත් හැම වෛරස් එකක්ම අල්ලන වෛරස් ගාර්ඩ් නම් නෑ කවදාවත් ඇතිවෙන එකකුත් නෑ මොකද අන්තර්ජාල ජිල්මාට් කාරයො ඉන්නව නේ උන් එක්ක බෑ වසලයො ජාතියක්.ඒ තත්වය උඩ තරමක හරි සෑහීමකට පත්වෙන්න පුළුවන් පරිගණකයට බරක් නැති වෛරස් ගාර්ඩ් එකක් හම්බ වුණා. ඒ තමයි Avast free edition ඒක. දැනටමත් මේක ගොඩක් ජනප්‍රිය එකක්. Auto run virus අල්ලගන්න ඉක්මනටම පුලුවන්. විශේෂත්වය තමයි මේකෙ වෛරස් අහුවුණාම සුද්දෙක් ඒක ඇතුලෙ ඉදන් කෑගහල ඒ බව කියන ඒක.

දැනටමත් ක්‍රියාත්මක වන වෛරස් ඒ තුලින් අල්ලන්න පුළුවන්. වෙන ඒවයිත් ඒ පහසුකම් නෑ කියනව නෙවෙයි. මේක දාල ටිකදවසක් බලන්නකෝ. නොමිලයේ ලබාගන්නත් පුළුවන්. ටොරෙන්ට් එකෙන් අදින්නත් පුළුවන්. කෝකටත් මමත් වැරදි වැඩේවුණත් ලින්ක් එකක් දාන්නම්. ලංකාවෙ අපිට මොන කොපිරයිට් ලෝ ද?

මෙතනින් බාගන්න

Thursday, June 10, 2010

වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද (Core2Duo)

Core2Duo vs Dual-Core



බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ යාවත්කාලනය (වැඩි දියුණ කිරීමේදි/ upgrade කිරීමේදි) කිරීමේදී ඩුවල් කෝ(ර්) (DualCore) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා කො(ර්) ටු ඩු(වෝ) (Core2Duo) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ.
පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද සත්තකින්ම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම හඳුන්වා දී නොමැත. Dual Core යනු Intel සමාගම ‍එකම ප්‍රොසෙසරයක (Processor) මධ්‍යද සැකසුම් ඒකක දෙකක් (2 CPU-Central Processor Unit) භාවිතා කරන තාක්ෂණය සඳහා භාවිතා කරන තාක්ෂණික නාමය වේ. එනම් ‍එකම පරිගණකයක Processor දෙකක හැකියාව යොදා ගැනීමයි. මේ අනුව Core2Duo ද අයත් වන්නේද Dual Core තාක්ෂණයටයි. තවත් මෙම තාක්ෂණය යොදා ගන්න Processor සඳහා උදාහරන ලෙස Core-Duo, Pentium Dual-Core , Celeron Dual-Core , Pentium-D and Athlon X2 ගත හැක.

එබැවින් ඔබ පරිගණකයක් මිලදී ගන්නා විට හෝ upgrade කිරීමට ‍ප්‍රොසේසරයක් තෝරා ගැනීමේදී Core2Duo ප්‍රොසෙසරය Core-Duo , Pentium Dual-Core , Celeron Dual-Core , Pentium D හෝ Athlon X2 ප්‍රොසෙසර් සමග සංසන්දනය කර බලන්න. එම සෑම ප්‍රොසෙසරයකම කෙටි විස්තරයක් පහත දී ඇත. සෑම විටම ඔබ මිලදී ගන්නා පරිගණකයේ අඩංගු ප්‍රොසෙසරයේ වේගය (GHz) වලින් දී ඇත , L2 Cache ධාරිතාව , Front Side Bus හා මිල සංසන්දනය කරන්න. මේවා සලකා බැලීමෙන් ඔබට වඩා හොඳ Core2Duo ප්‍රොසෙසරය බවත් Pentium Dual-Core වඩා Celeron Dual-Core පහතින් ඇති බවත් වටහා ගත හැක.

Core-Duo



CoreDuo ප්‍රොසෙසරය Intel සමාගම‍ ලැප්ටොප් වැනි මොබයිල් පරිගණක සඳහා dual-core තාක්ෂණය සහිතව සකස් කළ පළමු ප්‍රොසෙසරය වේ. විදුලි බලශක්ති භාවිතය අවම කළ dual-core තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා අයුරින් නිර්මාණය කර ඇත. L2 cache-2MBළ Front Side Bus-667MHz

Pentium Dual-Core


එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB, Front Side Bus-800MHz

Celeron Dual-Core


එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ.අවම බලශක්තියක් භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර සාපේක්ෂව අනෙක් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව හා මිල අඩුය. L2 cache-512MB, Front Side Bus-800MHz


Pentium D


එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB,Front Side Bus-800MHz


Core2Duo


එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. Dual-Core තාක්ෂණය භාවිතාකරන හොඳම ප්‍රොසෙසරය වේ. අනෙකුත් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව ඉහල අතර සාපේක්ෂව මිල අධික වේ. L2 cache-4MB,Front Side Bus-1333MHz




freepcclinic තාක්ෂණික සගරාවට පූර්ණ ‍ගෞරවය.
Bad වුන හාඩ් ඩිස්කය ගොඩදාගන්න හැටි...

අද මම දෙන Software එක Low level format tool එකක්. එනම් මෙමගින් හාඩ් ඩිස්කයේ ඇති damages, බෑඩ් සෙක්ටර්ස් යම්තාක් දුරට මකාදමා පලුදු වූ හාඩ් ඩිස්කයක් නැවත භාවිතා කලහැකි තත්වයට ‍පත්කරයි. BSOD (Blue Screen Of Death) නම් නිල් පැහැති තිරය මතුවූ විට, පරිගණකය භාවිතා කරන විට හාඩ් ඩිස්කය අසීරැවෙන් run වෙන බව දැනුනොත් හෝ හාඩ් ඩිස්කයේ කාලය අවසන් වී අවසාන පරිච්ජේදයේ සිටින බව හැගෙයි නම් හෝ හාඩ් ඩිස්කය Cmos Setup වල පෙන්වූවත් එහි physical damage එකක් නිසා boot නොවෙයි නම් හෝ os එකේ Fresh installation එකක් දැමීමට නොදෙන විටකදී එහි ඇති අවශ්‍ය දත්ත බැක්අප් කර මෙම මෘදුකාංගය හරහා Low level format එක කල හැකියි.






මේ සදහා අදාල හාඩ් ඩිස්කය වෙනත් පරිගණකයකට slave mode හරහා සම්බන්ධ කර format කිරීම කරගත යුතු ‍වෙනවා. වැඩ කරන්නේ නැතැයි අත්හැර දැමූ හාඩ් ඩිස්කයක ආයු කාලය තවත් වැඩිකර ගැනීමට මෙමගින් හැකියි.
මෙම Tool එක භාවිතා කරනවිට එහි effects සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඔබ සතුවන අතර මෙවැනි ආකාරයේ format නිතර නිතර කිරීම හාඩ් ඩිස්කයකට එතරම් සුභදායී නොවන්නේ මෙවැනි format එකක් මගින් හාඩ් ඩිස්කය ගැඹුරින් heal කිරීම (deeply format and recovery sectors) හේතුවෙනි.
ඔබ අතහැරදැමූ හාඩ් ඩිස්කයක් ඇත්නම් පොඩි experiment එකකටත් එක්ක කරල බලන්න. හැබැයි ඉතින් දන්නැතුව කරන්න ගිහින් අනාගෙන අපේ අම්ම තාත්ත පවුලෙඅය එහෙම මතක් කරන්න නම් එපා හොදේ.


Low level format tool එක මෙතනින් බාගන්න...

Saturday, June 5, 2010

ඔබේ පරිගණකයත් Auto Off වෙනවාද . . .




සමහර වෙලාවට අපි පරිගනකයේ හදිසි වැඩක් කරමින් සිටින විට ඉබේම ඕෆ් වීම ඔබත් අත්විද ඇති. විදුලිය විසන්දු වුවාක් මෙන් මෙසේ එකපාරටම ඕෆ් වීමට හේතුව පරිගණකය අධික ලෙස රත්වීමයි. මෙහිදී ශට් ඩවුන් වීමක් සිදුනොවන අතර බොහෝවිට සිදුවන්නේ පරිගණකයේ ප්‍රොසෙසරය අධික ලෙස රත්වී පරිගණකය හිටිවනම නතරවීම වන අතර මෙය පරිගණකයට ඉතාමත් අහිතකරය.



හේතුව...

මෙසේ ඕෆ් වෙන්නේ පරිගනකය කුමන හෝ කොටසක් වැඩියෙන් රත්වීමෙන් වන අතර මවුපුවරුව එය හදුනාගෙන බොහෝවෙලාවට messages කිසිවක් නොදී පරිගනකය විනාශ වීමට පෙර එක්වරම ඕෆ් කරයි. මෙම සිදුවීම වැඩිවශයෙන් බලපාන්නේ පරිගණකයේ Hard disk එකටයි. මෙය නිතර නිතර සිදුවුවහොත් Hard disk එ‍කෙහි ඇතුලත පලුදුවී (Physical Damage) එය භාවිතයට ගත නොහැකි තත්වයටද පත්වනු ඇත.
පරිගනකයේ Boot strap එක load වීමේදී ප්‍රොසෙසරය සෙල්ශියස් අංශක් 60 කට ආසන්න උෂ්ණත්වයකට පැමිණේ. දැන් මේ රත්වීම පාලනය කරන්නේ ප්‍රොසෙසරයට යාබදව හෝ හීට් සින්ක් එක මත සවිකර තිබෙන කූලින් ෆෑන් එකක් මගිනි. මෙසේ පරිගණකයේ ඇතුලත රත්වීමේ ප්‍රතිශතය අනුව කුලින් ෆෑන් එකේ වේගය ස්වංක්‍රීයවම වැඩිවන මුත්, අවටින් ලැබෙන සිසිල් වාතය අඩුනම් හෝ ලැබෙන වාතය සිසිලසින් තොරනම් මෙම රත්වීම දරාගත නොහැකිව ප්‍රොසෙසරයේ උෂ්ණත්වය ඉහල ගොස් ප්‍රොසෙසරය විනාශ වීම වැලැක්වීමට මවුපුවරුව මගින් ස්වංක්‍රීයවම පරිගනකය ඕෆ් කරයි. මෙසේ සිදුවන්නේ එම ෆෑන් එකේ දෝෂයකින් හෝ ෆෑන් එක සම්බන්ධ කර ඇති තැන තිබෙන කනෙක්ටරය බුරුල්වීමෙන් හෝ අවටින් ලැබෙන සිසිල් වාතය අඩුනිසාවෙන් හෝ ප්‍රොසෙසරයේ වරදිකින් හෝ මේ හේතූන් කිහිපයක් හෝ සියල්ලම නිසා වියහැක.




පිලියම...

මෙසේ ගැටලුවක් පැමිණි විගස සිදුකල යුත්තේ සීපීයු එක ගලවා ප්‍රොසෙසර් ෆෑන් එකයි හීට් සින්ක් එකයි හොදින් පිරිසිදු කිරීමයි. සමහර වේලාවට ෆෑන් එකේ හා හීට් සින්ක් එකේ දුවිලි බදීම නිසාද උෂ්ණත්වය ඉහල යා හැක.ඔබගේ ෆෑන් එක කැරකෙන්නේ යම් ශබ්දයක්ද සමගින් නම් මෙයද ෆෑන් එකේ දෝෂයක් වියහැක. එසේවු විටත් ප්‍රොසෙසරයේ නියමිත උෂ්ණත්වය පාලනය වෙන්නේ නැතිනම් අලුත් ෆෑන් එකක් හා හීට් සින්ක් එකක් දැමීම හොදය. ඔබට ෆෑන් එක පමණක් Replace කල නොහැක්කේ වෙලදපොලේ ෆෑන් ගත යුත්තේ හීට් සින්ක්(Heat sink) එකත් සමගම නිසාය. හැම හීට්සින්ක් එකක්ම හැම ප්‍රොසෙසරයක් එක්කම නොගැලපේ. ඒනිසා හොදින් දන්න කෙනකුගෙන් අසා හරියටම දැනගෙන අහුවෙන්නේ නැතිව මෙවැනි පංකාවක් ගත යුතුය. මේවා අද වෙලදපොලේ සාමාන්‍යයෙන් පවතින්නේ රුපියල් 600ත් 1000ත් අතර මිලක‍ටය. ඉන්ටෙල් ප්‍රොසෙසරයක් නම් ඉන්ටෙල් ඔරිජිනල් ෆෑන් එකක් දැමීම සුදුසුය.



නැවත නොවීමට කලයුතු දේ...

ඔබගේ පරිගනකය සිසිල් වාතය ලැබෙන තැනකින් තබාගැනීම ඔබ තමන්ගේ පරිගණකයට කරන ලොකු උපකාරයක් වේවි. ඔබට මෙය සිදුකිරීමට නොහැකිනම් පලපුරුදු කාර්මිකයෙක් ලවා මෙය කරගැනීම සුදුසුයි. මම මෙහි පහලින් දමන link එක ආධාරයෙන් ඔබට , ෆෑන් වර්ග ටික හා ඒවාට හරියන ප්‍රොසෙසර ටිකට අදාල මිලගණන් බලාගත හැකි වේවි. මම මේ ලිපිය ලියුවේ මටත් මෙවැනි ගැටලුවක් මතුවී එයට මෙමගින් විසදුමක් ලබාගත් නිසායි. අලුත් ෆෑන් එකක් දැමූ නිසා දැන් ගැටලුවක් නැත. දැන් පරිගණකයේ උෂ්ණත්වය උපරිමය සෙල්ශියල් අංශක 70ක් පමණ වේ. අඩුම උෂ්ණත්වය සෙල්ශියස් අංශක 40ක පමණ Average එකක නවතී. ඉන්ටෙල් පෙන්ටියම් ප්‍රොසෙසරයටම එන ෆෑන් එකක්නම් ටිකක් මිල වේවි. ඔබේ පරිගණකයේ උෂ්ණත්වය ඔබට පරිගණකයේ CMOS Setup එක හරහා බලාගත හැකියි. එයට අමතරව Everest කියන සොෆ්ට්වෙයාර් එක මගිනුත් පරිගනකයේ උෂ්ණත්වය පමණක් නෙවෙයි Hard disk එකේ උෂ්ණත්වය හා rpm අගයත්, Cooling fan එකේ rpm එකත් ඇතුලු පරිගණකයේ Currently Performanceවලට අදාල තවත් බොහෝ තොරතුරැ බලාගත හැකියි.

එම මෘදුකාංගය බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න.


පරිගනකයේ ෆෑන්වල මිල හොයාගන්නට මේ ලින්ක්ස් ක්ලික් කරන්න.
පරිගනක උපාංගවල මිල Link 1
පරිගනක උපාංගවල මිල Link 2

මෙම site හරහා වර්තමානයේ පරිගණකවල මිලත් බලාගන්න පුලුවන්.

Friday, June 4, 2010

වීර රණ පුතු නුඹය සැමදා...




රුදුරු ත්‍රස්තයො බිමෙන් අතුගා
දමන අරමුණ සිතෙහි රදවා
පෙරට විත් තම දිවිය පරදා
කරපු සේවය වේය අගනා . . .

රැයෙහි දහවලෙ වෙනස නැතුවා
නොබිය සිතකින් සටන් වැදුනා
ලංකා මාතා රැක්ක විරුවා
වීර පුතණුව නුඹය සැමදා . . .

Thursday, June 3, 2010

පිලිගැනීමේ පණිවුඩයක්. . .

අද මම කියන්න යන්නේ site එකක් browser එක හරහා විවෘතවන විට යම් ආකාරයක පණිවුඩයක් දිස්වීමට සලස්වන ආකාරයයි. ඉතාමත් කෙටි වචන පෙලකින් මෙය සිදුකරගත හැකියි.








ඔයාලා HTML කියන Website designing language එක වගේම java scripting එහෙමත් ටිකක් දන්නවානම් මේකට ගොඩාක් වැදගත්. එහෙනම් මේ කෝඩ් එකම විවිධ පැතිවලට හරවලා නොයෙකුත් නිර්මාණ කරන්න පුලුවන්. මේ code එක blog එකට එකතු කරනවානම් Layout-Add Gadget-HTML/Java Script කියන තැනට ගිහිල්ලා විවෘතවන වින්ඩෝවේ පහලින් මෙය paste කරගන්න.

ඔයලාට ඔයාලගෙම කියලා වෙබ් පේජ් එකක් නෑත්තම් notepad එක open කරගෙන මේ code එක notepad එකට paste කරගෙන save කර ගන්න. save කරනකොට name එක අගට ".html" යන extension එක යොදාගන්න.(Eg: test.html) දැන් ඔයාල ඒක save කරපු තෑනට ගිහින් html file එක open කරල බලන්න.

මෙහි Alert එකට කැමති ඕනෑම වාක්‍යයක් යෙදිය හැකියි. තමන්ගේ blog එකේ ඇති බුද්ධිමය වටිනාකම හා ගුණාත්මක බව දියුණු කරගන්න මේවගේ පුංචිපහේ Script එකකින් පුලුවන්. මේ Script එකම තවටිකක් දියුණු කලොත් browser title bar එක අපිට අවශ්‍ය නමකින් සරසගන්නත් පුලුවන්. පුලුවන්නම් try කරල බලල මටත් කියන්නකෝ.