Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts

Friday, September 9, 2011

Windows Vista\Seven Password එක හොයාගැනීමට ‍flash drive එක bootable කරගැනීම (Using Ophcrack)


                 ගොඩක් කාලෙකිනුයි blog එක පැත්තේ ආවේ මොනව හරි ලියන්න කියලා හිතාගෙන. නැත්නම් මගේ මිත්‍රයන් මාව අමතක කරලම දායි. දැන් කියන්න යන්නේ windows Vista හරි   Seven වලදි හරි Password එක අමතක වුනාම ඒක reset කරගන්න ආකාරය නෙමෙයි, ඒ Password එක මොකක්ද කියලම අපිට බලාගන්නත් පුලුවන් විදිහක් ගැනයි කියන්න යන්නේ. මං මිට ඉස්සරලා පෝස්ට් එකක  Windows XP වල  Password එක reset කරගන්න ආකාරය කියල දුන්නා. ඒකට මෙන්න මෙතනින් යන්න පුලුවන්. 

Windows Vista හෝ Windows Seven Password එක හොයාගැනීමට  ‍flash drive එක bootable කරගැනීම

පියවර 1 
ධාරිතාවය 1GB පමණ වන  ‍flash drive එකක් හොයාගන්න. එහි වැදගත් සියලුම දත්ත වල බැක්අප් එකක් පරිගණකයට ගෙන එය format කරගන්න. මෙම ඩිස්කය බූටබල් කරගත් පසු අපට එහි නැවතත් දත්ත තැන්පත් කල හැකි බැවින් ඉතිරි වන අවකාශය පිලිබදව වැඩිදුර සිතන්න එපා. නමුත් සමහර මවු පුවරැ වලට විශාල ධාරිතාවයෙන් යුත් flash drive bootable ආකාරයෙන්ගත්විට support නොකරන අවස්ථා ඇති බැවින් ඒ ගැන විමසිලිමත් වන්න. ම‍ගේ 16GB flash drive එක bootable එකක් ලෙසට භාවිතා කිරීමට මගේ මවුපුවරැව මගින් ඉඩ ලබාදුන්නේ නැති බැවින් මට 2GB flash drive එකක් භාවිතා කිරීමට සිදුවිය.

පියවර 2
ලිනක්ස් පරිසරය සහිත විවෘත මෘදුකාංගයක් වන Ophcrack Live CD 2.1.0  කියන  ISO File එක Download කරගන්න.  අපිට අවශ්‍ය නම් මේ  ISO File එක කෙලින්ම cd එකකට Burn කරගත්ත නම් ඒකෙනුත් මේ දේ කරගන්න පුලුවන්. ඒත් මම කියල දෙන්නේ Ophcrack Live CD එක bootable usb drive එකක් ලෙසින් සකස් කරගන්න ආකාරය.




පියවර 3
දැන් usboph කියන zip file එක  Download කරගන්න.  


පියවර 4
Desktop එකේ අලුත් Folder එකක් හදාගන්න.  උදා:- My work


පියවර 5
දැන් ඒ හදාගත්  My work නම් අලුත් Folder එකට usboph කියන zip file එක extract කරගන්න. 

පියවර 6
ඉන් පසුව  Ophcrack Live CD 2.1.0  කියන Download කරගත්  ISO File එක  අර  My work නම් අලුත් Folder එක මතට paste කරගන්න. දැන් ඒ Folder එක මෙන්න මේ වගේ පේන්න ඕන. 



පියවර 7
දැන් ඒ folder එක තුලම ඇති fixoph කියන bat file එක මත double click කරන්න.  Key එකක් press කරන්න කියන විට එසේ කරන්න. එවිට අර  Ophcrack ISO File එක වෙනම directory එකකට extract වෙලා තියේවි.

පියවර 8
එසේ  My work folder එක මත අලුතින් හැදුනු  Ophcrack folder එක දෙවරක් ක්ලික් කරන්න. එහි ඇති සියලුම files කොපි කරගෙන අපි bootable කිරීමට යන flash drive එක මතට  paste කරන්න. 

පියවර 9
දැන් ඒ සියල්ල flash drive එක මතට කොපි කරගත් පසු එහි ඇති makeboot නමින් ඇති  bat file එක මත double click කරන්න.  ඔබ සැලකිල්ලෙන් යුතුවම flash drive එක මතට කොපි කරගත්  දත්ත make boot කිරීම සදහා මෙය සිදු කල යුතු අතර පරිගණකයේ Desktop එක මත හැදු   My work Folder එක තුල ඇති makeboot bat file එක ක්ලික් කිරීමට යාමෙන් මෙහෙයුම් පද්ධතියේ MBR(Master Boot Record) එකට හානි වී පද්ධතිය ක්‍රියා විරහිත විමේ අවදානමක් ඇත.



පියවර 10
දැන් පියවරයන් සියල්ලම නිවැරදිව සිදුවුයේ නම් flash drive එක  bootable usb drive එකක් ලෙසින් සකස් වී ඇති. මුරපද ඇති පරිගණකය restart කර bootable drive එක ලෙස usb drive එක ලබා දෙන්න. දැන් එමගින් පනගැන්වෙන පරිගණකයේ සියලුම users ලගේ මුරපද ඔබට ලබාගත හැකි වනු ඇති. 

ගැටලු ඇත්නම් විමසන්න.
නැවත හමුවෙන තුරැ ඔබට ජය...

Thursday, July 14, 2011

Windows 7 මෙහෙයුම් පද්ධතිය Flash Drive එකකට



              Mini Lap එකකට Windows මෙහෙයුම් පද්ධතිය Install කර ගන්න ඕන. CD Drive එකක් නැති නිසා Pen Drive එකකින් තමයි කරන්න වෙන්නෙ. ඉතින් Pen Drive එක බූටබල් විදියට හදාගෙන Install කරන්නෙ කොහාමද? Windows 7  මෙහෙයුම් පද්ධතිය Flash Drive එකක් මාර්ගයෙන් පරිගණකයේ ස්ථාපනය කරගන්නේ කෙසේද? යන ගැටලු බොහෝ දෙනෙකුට තියෙනවා. දැන් ඒ ගැන කියන්නයි යන්නේ. ඇත්ත තමයි සමහර නෙට් බුක් පරිගණක වලත් මේ තැටි ධාවකය අඩංගුවෙන්නේ නෑ කියන එකයි. මේ සදහා අපිට මුලින්ම Windows 7.iso image එකක් අවශ්‍යයි.   Windows 7 DVD එකක් තියෙනවනම් එය iso image එකක් බවට පත් කරගන්න ඕන Magic ISO වගේ මෘදුකාංගයක් භාවිතයෙන්.

අවශ්‍ය දේවල්
  1. Windows 7 iso image එකක්
  2. DVD-R drive එකක් හෝ  4GB වලට වඩා ඉහල ධාරිතාවයකින් යුත් removable USB flash drive එකක්
  3. Windows 7 USB/DVD Tool එක. මේක මේ Microsoft ලම නිකුත් කරන එකක් නිසා බය වෙන්න හේතුවක් නෑ.  මෙතනින් බාගන්නත් පුලුවන්
හැබැයි මේ මෘදුකාංගය රන් වෙන්න නම් පහත ප්ලගින්ස් දෙකත් අවශ්‍ය වෙනවා.

  1.   Microsoft .NET Framework v2 මෙතනින් බාගන්න 
  2. Microsoft Image Mastering API v2 මෙතනින් බාගන්න

භාවිතා කරන්නේ කොහොමද?
  1. Download කරගෙන ස්ථාපනය කරගත්  Windows 7 USB/DVD tool එක රන් කරන්න.
  2. දැන්  Source Image box එකේදි   Windows 7 ISO file එකි තියෙන path එක හෝ  Browse කරල හරි ඒ ISO file  එක තෝරලා දෙන්න.
  3. USB ධාවකය USB port  එකට In කර  format කරගන්න. එහි දත්ත කිසිත් නැතිවගට ඔබ වගබලා ගත යුතුයි.
  4. ස්ථාපනය කරන්න යන්නේ  USB flash drive එකකටද නැත්නම්  DVD disk එකකටද කියල තෝරලා  Next කරන්න.
  5. ස්ථාපනය කරන්න යන්නේ USB flash drive එකට නම් dropdown list එකෙන්  USB device එක select කරල   Begin Backup යන්න click කරන්න. DVD එකටනම් ඒත්  ඒ විදිහටමයි.  
  6. දැන් මේ 7 දාගන්න ඕන PC එක restart කරල bios boot sequence එක USB Flash විදිහට හදලා බූට් කරලා බලන්න. DVD එකෙන් වගේම මේකත් bootable වෙලා තියෙනවා ඔබට පෙනේවි. 
මීට වඩා ලේසි විදිහක් දන්න කෙනෙක් ඉන්නව නම් අපිට දැනගන්නත් එක්ක ඒකත් කියලම යන්න. 

Saturday, January 15, 2011

Kaspersky Rescue Disk 10


        අදනම් හැබැයි දෙන්න යන්නේ වටින කියන software එකක්. මට ගොඩක් ප්රයෝජනවත් වුන එකක් මේක. අපි අපේ පරිගණකයට වෛරස් ඇටෑක් කරාම කරන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ මොකද මම කලින් ලිපියක මේ ගැන සංකීර්ණව සාකච්ඡා කරලතියෙන නිසා. අවශ්‍ය කෙනෙකුට ඒ ලිපියට මෙතනින් යන්න පුලුවන්.Kaspersky virus removal tool එකක් භාවිතා කරගෙන කොහොමද පරිගණකයේ වෛරස ඉවත් කරගන්නේ කියන එක එහිදී මම කතා කලා. Kaspersky කියන්නේ බොහොම විශ්වාසයෙන් යුතුව විශ්වාසය තැබිය හැකි brand එකක්. ඒත් ඉතින් මට නම්  brand එකෙන් වැඩක් නෑ process එක තමා වටින්නේ. අද කියන්නෙත් ඔවුන්ගේ තවත් එක් නිෂ්පාදනයක් වන Kaspersky Rescue Disk පිලිබදවයි.  Kaspersky Rescue Disk 10 version එක තමයි මෙහි අලුත්ම එක. මෙහි වාසි කිහිපයක් තියෙනවා.


  1. පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය කිසිම ආකාරයකින් load නොවේනම් එහි සහයක් නැතිව වෙනමම ක්රියාත්මක වී virus infected පරිගණකයක වෛරස ඉවත් කිරීමේ හැකියාව.(When it is impossible to boot the operating system)
  2. Bootable ISO image එකක් ලෙසට CD එකකට burn කරගැනීමේ හැකියාව. 
  3. අවශ්‍යනම් removable USB device එකකට වුවත් ස්ථාපනය කරගැනීමේ හැකියාව.
  4. පරිගණකයට install කිරීමක් අවශ්‍ය නොවීම.

මෙතනින්  Kaspersky Rescue Disk 10  එක ISO image එකක් ලෙස Kaspersky Lab servers ඔස්සේ ඩවුන්ලෝඩ් කරගන්න. මෙහි ධාරිතාවය 200MB පමණ වේ. එසේත් නැත්නම් Kaspersky Anti-Virus 2011 ඔබේ පරිගණකයේ පිහිටුවා තිබේනම් එහි application interface එක හරහා වුවත්‍ ඔබට මේ  Kaspersky Rescue Disk 10 නිර්මාණය කරගත හැකියි. මෙසේ ඩවුන්ලෝඩ් කරගත්  Kaspersky Rescue Disk 10 ISO image එක CD Burning Wizard එකක් ඔස්සේ CD තැටියකට පිටපත් කරගන්න. දැන් ඔබට වෛරස ඉවත් කිරීමට අවශ්‍ය  virus infected පරිගණකය Restart කර එහි BIOS Settings වල Boot record එක CD ලෙස තෝරා දෙන්න. මෙහිදී පියවර කිහිපයනික් පසු bootable cd එක හරහා පරිගණකය boot වෙනු ඇත. ඔබ මේ සදහා  removable USB device එකක් භාවිතා කරනවානම් පහත පියවරයන්අනුගමනය කරන්න.


1 පලමුව  Kaspersky Rescue Disk 10  ISO image එක ඩවුන්ලෝඩ් කරගන්න. (200 MB)
2 දැන් ඔබගේ පෙන් එක bootable කිරීමට අවශ්‍ය වන මෘදුකාංගය මෙතනින් ලබාගන්න. (378 KB)(Utility to record Kaspersky Rescue Disk 10 to USB devices)
3 දැන් rescue2usb.exe එක රන් කරන්න.






4 පසුව open වන Kaspersky USB Rescue Disk Maker වින්ඩෝවෙන්    ඩවුන්ලෝඩ් කරගත්  Kaspersky Rescue Disk 10 ISO image එක Browse කර තෝරා දෙන්න.







5 මීලගට ඔබට එය ස්ථාපනය කිරීමට අවශ්‍ය USB device එක තෝරාදෙන්න. මෙහිදී එම USB device එකේ දත්ත ඇත්නම් ඒවා බැක්අප් කර pen එක empty කර ගැනීම නුවණට හුරැයි. 












6 STARTයන්න Click කරන්න.


7 Process එක අවසන් වු පසු "Kaspersky USB Rescue Disk has been successfully created" 
යනුවෙන් ලැබෙන message එක Ok කරන්න.





8 පෙර පරිදිම  පරිගණකයේ BIOS Settings වල Boot record එක USB ලෙස තෝරා දෙන්න.
දැන් USB device එක හරහා පරිගණකය boot වනු ඇති.







9 මෙහිදී key එකක් press කරන්න.







10 භාෂාව තෝරන්න.











11   Kaspersky Rescue Disk. Graphic Mode තෝරන්න.








     මෙවැනි Rescue Disks කලින් කලට යාවත්කාලීන කරන බැවින් CD තැටියකට පිටපත් කරගැනීමට වඩා USB device එකකට record කරගැනීමට හැකියාව ඇත්නම් එය වඩාත් සුදුසු බව මගේ අදහසයි. ඔබත් මෙය භාවිතා කර අදහස් ඉදිරිපත් කරන්න. 

                                                 

Tuesday, January 4, 2011

පාටිෂන් එකක මැකී ගිය දත්ත ආපසු ලබාගන්න හැටි


               
                  අදත් පෝස්ට් එකක් දාන්නයි හිතුවේ. කට්ටිය බලනවා ඇති මූට මෙච්චර Free time එකක් කොහෙන්ද මෙහෙම හැමදාම ලියන්න, ජොබ් එකක් කරන්නෙ නැති ගෙදර ඉන්න කම්මැලියෙක්ද කොහෙද මූ කියලා. මොකක් හරි පොඩි ජොබ් කට්ටක් හොයන අතරෙ තමයි ඉතින් මාත්  මේ ලියන්නේ. හික්ස්...මාතෘකාවට බහිමුකෝ එහෙනම්.
                     පරිගණකයක පා‍ටිෂන් එකක තියෙන දත්ත නොයෙක් හේතූන් මත මැකී යන්න ඉඩ තියෙනවා. ඉතින් වැදගත් දත්ත තියෙන පාටිෂන් එකක් මොකක් හෝ හේතුවක් නිසා මැකිලා ගියොත් අපි ගොඩක් ලොකු අපහසුතාවයකට පත්වෙනවා. මේ ආකාරයට දත්ත මැකී යාමට බලපාන හේතු අතර පරිගණක වෛරස මුල් තැනක් ගන්නවා. ඊට අමතරව අපි පරිගණකවල නොයෙක් ආකාරයේ experiment කරන්න ගියාමත්, ඒ කියන්නේ අපේ මොලේ ඇති වැඩ නිසාත් මේක සිද්ධවෙන්න පුලුවන්. අනික් කාරණය තමයි එවැනි වැදගත් දත්ත තියෙන hard drive එකක් හිටි අඩියේම වැඩනොකරන තත්වයට පත්වුනාමත් මෙහෙම වෙනවා. Hard drive එක හිටි අඩියේම වැඩනොකරන තත්වයට පත්වුනාම නම් පොඩි කෙමක් තියෙනවා කරන්න. හැබැයි ඉතින් ලොකු ඩැමේජ් එකක් වෙලා නම්, phisical damage එකක් නම්, හාඩ් එක බිම වැටිලා වගේ නම් මේ කෙමෙන් වැඩක් නැතිවෙයි මං හිතන්නේ. කෝකටත් sectors සහ clusters ඩැමේජ් එකක් වගේ කියලා හිතෙනවා නම් කරන්න තියෙන්නේ Hard drive එක  ජලය වාෂ්ප නොවන ආකාරයට පොලිතීන් ඇසුරැමක දමා ශීතකරණයේ පැය කිහිපයක් තැබීමයි. මේ ක්රමයෙන් මමත් සාර්ථක පල ලබාගෙන තියෙනවා. අනික් විදිහ තමයි Low level format එකක් දෙන එක. මේ ක්රමයෙදි නම් ඉතින් දත්ත ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. ඒ ගැන මම මෙන්න මෙතනින්  කියලා තියෙනවා.
          එත් කොයි ආකාරයෙන් හරි දත්ත මැකී ගියහමනම්  අපි කවුරැත් අසරණ තත්වයට පත්වෙනවා. ඒ වගේ වෙලාවට අපේ පිහිටට එන්නේ data recovery software එකක් තමා. ඔයාලා මේ වගේ දෙයක් කරන්න යන්නේ පලමු වතාවට නම්, මේක අත්හදාබලන්න කියලා වැදගත් පාටිෂන් එකක දත්ත මකලා ඒක රිකවරි කරන්නනම් යන්න එපා. මොකද අන්තිමේට ඔයාලා වැඩේ නාගත්තොත් අපේ ගෙදර උදවියට තමයි බැනුම් අහන්න වෙන්නේ. නේද? දත්ත මැකුණු පාටිෂන් එකක් තියෙනවා නම් වැඩේ කරගෙන යන්න පුලුවන්. එහෙම නැත්නම් ඉතින් මේ විදිහට කරන්න.


  1. 100MB විතර ධාරිතාවයක් තියෙන පාටිෂන් එකක් හදාගන්න ටෙස්ටින් සදහා. Test නමින් එය rename කරගන්න. වෙනම පොඩි හාඩ් එකක් භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
  2. මේ කුඩා පාටිෂන් එකට යූස්ලස් ඩේටා ටිකක් දමන්න.
  3. පරිගණකයේ වෙනත් පාටිෂන් එකක New Folder එකක් හදන්න Test_recovered_data යන නමින්.මෙහි Recover වන දත්ත තැන්පත් වීමට free space එකක් තියෙන්නත් ඕන.
  4. මේ data recovery software එක download කරගෙන  පරිගණකයට install කරගන්න. මම ‍මේ වගේ වැඩවලදී භාවිතා කරන්නේ EASEUS කියන Data Recovery Tool එක. 
  5. දැන් අර හදාගත්ත Test පා‍ටිෂන් එක Format කරන්න. මෙය My computer ගිහින් වගේම Disk Management ටූලය හරහාත් කරන්න පුලුවන්.





6 දැන් Data Recovery Tool එක open කරගෙන Partition Recovery යන්න තෝරා Next කරන්න.












7 ඔබට Data Recovery කරන්න අවශ්‍ය device එක තෝරා Next කරන්න. 









8 මේ පියවරේදී delete කල හා  format කල  partitions සෙවීම ආරම්භ කරනවා. Search කිරීමට ඉඩ දෙන්න.









9 මෙහිදී delete කල හා  format කල  partitions සියල්ල පෙන්වනවා. Recover කිරීමට අවශ්‍ය එක තෝරා Next කරන්න. Recover කිරීම ආරම්භ කරනු ඇති. 











10 මෙම පියවරේදී මැකී ගිය දත්ත පෙන්වනවා. Recover කිරීමට අවශ්‍ය ෆයිල්ස් හෝ ෆෝල්ඩර්ස් මත ටික් කර Next කරන්න.








11 මීලගට Recover වන දත්ත තැන්පත් කල යුතු ස්ථානය අහනවා. ඔබ පෙර පියවරක Test_recovered_data යන නමින් හදාගත් ෆෝල්ඩරය source folder එක විදිහට තෝරාදෙන්න.ඔබගේ රිකවර් කිරීමට යන දත්තවල ධාරිතාවය මත  Recover වීමට යන වෙලාව තීරණය වනු ඇති. 











12 Recover වීම අවසන් වූ පසු එම ෆෝල්ඩරය වෙතට යන්න.














13 දැන් 1NTFS යන ෆෝල්ඩරය විවෘත කරගන්න.











15 මෙහිදී ඔබේ මැකීගිය දත්ත සියල්ලම දැකගත හැකි වේවි. 








   හැබැයි ගොයියෝ අවදානම ඔබ සතුයි. මොකද පොඩි මිස් එකක් වුනොත්  නැතිවුන ඩේටා ‍නෙමෙයි තියෙන ඒවත් නැතිවෙන්නත් පුලුවන්. එහෙම වුනොත් මාවයි මගේ පවුලවයි නම් අල්ලගන්න එපා. මං කරන්නේ කියලා දෙන එක විතරයි. ඒත් ඉතින් උදව් ඕනනම් අහන්න කිසිම කේස් එකක් නෑ. හරියට කලොත් වරදින්නෙත් නෑ කීයටවත්. Unsure වගේ නම් කරන්න යන්න එපා. දන්න කෙනෙක් ලවා කරවාගන්න කියලා අවසානවතාවටත් මං රෙකමන්ඩ් කරනවා. 

Tuesday, December 21, 2010

ඩිව්එක්ස් ෆයිල්ස් සබ්ටයිට්ල්ස් එක්කම ඩීවීඩී ප්ලේයර් එකක බැලීම...

  අපි ටොරන්ට් හරහා බාගන්නා ලද DivX, XviD, avi වැනි file format වල   චිත්‍රපට  සාමාන්‍ය DVD player එකක නැරඹීමට හැකිවන සේ DVD තැටි වලට ගන්නේ කොහොමද? අපි නම් ඉතින් කම්පියුටරේ භාවිතා කරලා ඕනම file format එකක film එකක් බලනවා. ඒකට ඉතින් codec pack එකක් තියෙන k-lite හරි VLC හරි ප්ලේයර් එකක් තිබුනාම හොදටම ඇති. නමුක් ඉතින්  DVD player වල බලන අයත් ඉන්නවනෙ. ඒ අයටයි මේ ලිපිය.මම මෙහිදී DVD player යනුවෙන් අදහස් කලේ data dvd ධාවනය කිරීමට නොහැකි , වීඩියෝ  file format එකෙන් රයිට් කල   dvd පමණක් ධාවනය කල හැකි තරමක් පැරණි මාදිලියේ ඒවායි. නමුත් නව මාදිලියේ DVD player වලට මෙවැනි කන්වර්ට් කිරීමක් අවශ්‍ය නොවන අතර Dvd එක data dvd එකක් ලෙස රයිට් කල විට ඒවා ධාවනය වේ. ඉතින්  මෙවැනි DivX කම්පැටිබල් ප්ලේයර්ස් සදහා 700Mb films 5ක් හෝ 6ක් data ලෙස ඇතුලත් කර (empty dvd එකක සාමාන්‍ය ධාරිතාවය 4.7GB පමණ වනනිසා) ඩිවිඩි එකකට පිටපත් කරගන්න. එවිට එම DVD players වලදී data DVD වල තියන AVI play වනු ඇති.  මෙසේ  divx compliant player එකක AVI play නොවීමටත් යම් යම් හේතු තියෙනවා.  


  1.   AVI වල Video codec එක DivX හෝ  Xvid නොවේ නම් බොහෝ විට play වීමේ සම්භාව්තාවය අඩුය.  
  2.   Videos format එක AVI නොවී MKV, MP4, RMVB වගේ ඒව නම් ඒත් play වෙන එකක් නෑ. 
  3.   අනික තමයි Audio format එක MP3 වෙන්න ඕනෙ.  හැබැයි දැන් එන ඒවගේ නම් AAC support ද කියල මම හරියටම දන්නේ නෑ! 
  4.   ඇතැම් DVD යන්ත්‍ර වල DVD+R වැඩ නොකරන අතර  DVD-R හොඳින් ක්‍රියාත්මක වෙයි.  මෙයද හේතුවක් විය හැකියි. 
  5.  DivX,Xvid File format  වල එන සමහර සුවිශේෂී features ඇතැම් DVD players වලට සහය නොදක්වන හේතුවෙනුත් ප්ලේ නොවිය හැකියි.


     ඉතින් බොහෝ movies තියෙන්නෙ Xvid,MP3 format එකෙන්. ඒ කියන්නෙ play වෙනව. බොහෝ DVD player වල data විදිහට තියෙන DivX 5 avi වුනත් බලන්න පුලුවන්! ඒ කියන්නේ නෙට් එකේ torrent වල තියෙන බොහෝ avi ඒව DVD player වල බලන්න පුලුවන් කියන එකයි. සමහර release වල info එකේ BURN TESTED කියලත් දාල තියෙනවා ඔයාල දැතල ඇති. (ඒ කියන්නෙ එහෙම දාන ෆිල්ම්ස් write කරල divx compliant player එකක බැලුව කියන එක) ඉස්සර නම් XVID ඒවගෙ FourCC එක DX50 කියල තිබ්බෙ නැත්නම් සමහර ඒවගෙ play වුනේ නෑ.  FourCC එක කියලා කියන්නෙ four character code කියන එක කෙටි කරලයි.  මේ FourCC එකෙන් කරන්නේ ඕනම media file එකක තියෙන video codecඑක,  compression formatඑක,  color හෝ  pixel format එක හදුනාගෙන මතකයේ තබා ගැනීමයි. ඉතින් යම්  media file එකක FourCC එක නිසා එය play වෙන්නෙ නැත්නම් FourCC එක change කරන්න පොඩි පොඩි tool වලින් ලේසියෙන්ම පුලුවන්. (මෙවැනි එකකින්  Convert වෙන්නෙ නැති නිසා වෙලාවක් යන්නෙත් නෑ) ඒ නැතත් DVD එක burn කරන්නෙ NERO එකෙන් නම්, nero එකේ option එකක් තියනව write කරන xvid AVI file වල FourCC code එක DX50 කියල වෙනස් කරන්න කියල. දැන් බොහෝ විට XviD ඒවගෙ FourCC code එක XVID තිබ්බත් play වෙනව මං හිතන්නේ. මෙසේ DivX කම්පැටිබල් නොවන ප්ලේයර්ස් සදහා DivX කන්වර්ට් කිරීමට නොයෙකුත් මෘදුකාංග අන්තර්ජාලයේ surf කරද්දී හොයා ගන්න පුලුවන්. WinAVI, AVS වගේ ඒවත් හොදයි. ඒත් මං හිතන විදිහට  ConvertXtoDVD කියන මෘදුකාංගය ගොඩක් හොදයි. එයින් සබ්ටයිට්ල්ස් එක්කම කන්වර්ට් කිරීමට හැකියි.  පලමුව  ConvertXtoDVD කියන මෘදුකාංගය මෙතනින් බාගන්න. මෙම මෘදුකාංගය පියවරෙන් පියවර භාවිතා කරන අන්දම එහි නිල අඩවියෙන් රෑපසටහන් එක්කම බලාගත හැකියි.

ඔයාලට මේ සම්බන්ධව තවත් යමක් දැනගන්න තියෙනවානම් අහන්නත් අවස්ථාව තියෙනවා.

Saturday, December 4, 2010

RAM එකට පොඩි සුද්දයක්...


පරිගණකය පුද්ගලික භාවිතයට පැමිණීම දැන් ලංකාවේත් සුලභව දකින්න ලැබෙන දෙයක්. ඉතින් එහෙම වෙනකොට පොඩි පොඩි ලෙඩවලට හැමදාමත් තමන්ගේ කම්පියුටරේ අරන් repairing center ගානේ දුවනවට වඩා සුලු බෙහෙතක් දීල සුව කරගන්න පුලුවන් නම් කාටත් ලේසියි. මම මේ කියන්න යන දේ ඔයාලත් අත්විදලා ඇති. ගොඩක් පරිගනක වැඩ කරමින් ඉදලා ආයෙත් ඔන් කලාම හදිස්සියේ ලෙඩ වෙනවා. සමහර වෙලාවට පරිගනකය කියාත්මක විමෙදි  bios මගින් බීප් නාදය හඩවමින් RAM කාඩ්පත, Video(AGP) කාඩ්පත හෝ අනෙකුත් PCI කාඩ්පත් වැඩ නති බව හගවනවා. බොහෝ වෙලාවට එය  RAM කාඩ්පතේ එහෙම නැත්නම් මෙමරි එරර් එකක් ලෙස හදුනාගන්න පුලුවන්. නමුත් එම කාඩ්පත් පරිගනකයෙන් ගලවා නැවත සවිකලවිට දෝෂය මග ඇරියනවා. මෙයට ප්‍රධානම හේතුව වන්නේ එම කාඩ්පත් සවිවන කොටසේ දිලිසෙන තඹ තීරුව මල කෑමට ලක් වීමයි. මේ දෝෂය නිතරම අත්විදින්න ලැබෙන උදවිය විදිහට මුහුදුබඩ ආසන්නයේ පරිගණක බාවිතා කරන්නන් හැදින්විය හැකියි. මෙය sea corrosion(ලවණ නිසා මල කෑම) ලෙස හදුන්වනවා. සමහර වෙලාවට මේවගේ ලෙඩ දුන්නු වොරන්ටි පීරියඩ් එකේ තියෙන පරිගණකයක් උනත් අදාල කම්පැනි එකට අරන් ගියාම  වොරන්ටි ක්ලේම් කරන්න බෑ sea corrosion නිසා කියල කියනවා. ඒ ගොල්ලො එහෙම කියන්නේ හරියට අපි කම්පියුටරේ හිතලම මුහුද අයිනේ තියල පාවිච්චි කලා වගේ.  ඉතින්  ඒ වෙලාවට කරන්න තියෙන්නේ උන්ගේ පවුල්වල උදවිය ගැන උන්ට මතක් කරල දීලා  එන එක තමා. මොකද මමත් මේ කට්ටම කාලා තියෙනවා. 





ඉතින් ඒ වගේ වෙලාවක  PCI කාඩ්පතකට කලහැකි පොඩි කෙමකුත් තියෙනවා.  මේ ක්‍රමය ගොඩක් පරිගණක කාර්මිකයින් භාවිතා කරනවා. දිලිසෙන තඹ තීරුව මල කෑමට ලක් වීම හේතුවෙන් පරිපථය සම්පූර්ණ නොවීම නිසා Mother board හා පිටතින් සවිකරන කාඩ්පත්ද   නිසි ආකාරයට සම්බන්ද නොවේ. RAM කාඩ්පත් වැනි කාඩ් ගලවා බැලිමෙදි ප්‍රධාන පුරුවට සවිවන තඹ තිරුව පැහැයෙන් අව පැහැ ගැන්වි ඇති බව පෙනේවි. ඉතින් RAM කාඩ් එහෙම අල්ලද්දි පරිස්සම් වෙන්න ඕනේ. RAM කාඩ් වල තබ තිරුව අතින් අල්ලන්න හෝ අතින් මදින්න යන්න එපා. මොකද එවා හරි සියුම් කොටස් වලින් හදලා තියෙන්නේ.  මෙන්න මේ වෙලාවට වැලි කඩදාසියෙන් හෝ රෙදි කැබැලිවලින් මැදීමෙන් එම තඹ තිරුව මැදිම මගින් දරුනු ලෙස එම තබ කොටස සිරිමකට ලක්වීමට පුලුවන්.  වැලිකඩදාසියෙන් නම් කොහොමවත් මදින්න යන්න එපා. අතින් මැදිම මගින්ම අතිවන ආරෝපන මගින් පවා රැම් කාඩ් විනාශවීමට පවා ඉඩ තියෙනවා මම දන්න විදියට. එහෙම නෙවේ නම් මාව නිවැරදි කරන්න. සාමාන්‍ය රෙදි, අතින් පිහිදානවටත් වඩා හානියක් කරනව.  රෙදි  කෑල්ලකින්ම පිහින්න  ඕනෙම නම් ආරෝපන නොවෙන රෙදි වර්ග තියෙනවා කඩවල් වල. ඒකත් හොදයි. අපේ ගොයියල තරන්නේ  කෑල්ල ගලෝල ඇඳන් ඉන්න ඇඳුමේ අතුල්ලල ආපහු ගහන එකනේ.ඒ අය දැන් නම් ටිකක් බය වෙලා ඇති. කෝකටත් ඉතින් RAM එකේ  දෙපැත්තෙන් අල්ලන එක තමයි වඩා සුදුසු.

අන්න ඒ වගේ වෙලාවකදී තමයි අපේ මේ වැඩකට නැති මකනය වැදගත් වෙන්නේ. පිරිසිදු මකනයක් ගන්න. වැලි දූවිලි නොගෑවුනු එකක්. වැලි කඩදාසියෙන් මදිනවා වෙනුවට මකනය මගින් අර තබ කොටස සෙමින් මකන්න. කිසිම සිරිමක් නැතිව මල කෑ කොටස් (ඔක්සයිඩ් තට්ටුව) අයින් කරගන්න පුලුවන්.හරියටම වැඩේ වුනා නම් තබ තිරුව අලුතෙන් ගත්තා වගේ දිලිසේවි. ඒ වගේම කාලයක් යනකන් ලෙඩ දෙන්නෙත් නැතිවෙයි. 
වැදගත් වුනා නම් කමෙන්ටුවක් දාලම යන්න. 

Thursday, December 2, 2010

Windows XP live cd පියවරෙන් පියවර...



අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Windows xp cd එකක් ආධාරයෙන් live cd එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම  පියවරෙන් පියවර (Step by Step) guide සදහා හොද ප්රතිචාර තියෙනවා. මේ වගේ live cd එකක්  ඔයාලට වැදගත් වෙන අවස්ථා තියෙන්න පුලුවන්.  XP පරිගණකයට ඉන්ස්ටෝල් නොකර  directly මේ ආධාරයෙන් බූට් කල හැකිවීම,  මෙහෙයුම් පද්ධතියේ යම් දෝෂයක් පැනනැගුණු අවස්ථාවක එය යථා තත්වයට ගෙන ඒමට උපකාරී කරගැනීම,  Windows7 මෙහෙයුම් පද්ධතිය ලෙස ඇතිවිට xp හා සම්බන්ධ ආදිය මෙයින් විශේෂයි.  මෙම Screen shots ලබාගෙන ඇත්තේද  Windows7 මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණකයකිනි. Xp වල Screen shots මීට වඩා වෙනස් ආකාරයක් ගන්නා බවත් මතක තබා ගන්න. පලමුවෙන්ම ඔබ  live cd එකක් නිර්මාණය කරගැනීමට පහත සදහන් දේවල් සම්පූර්ණ කරගත යුතුයි. 

1  Windows XP bootable cd එකක්
2  Nero හෝ එවැනි CD burning software එකක්
3  Windows live CD Creator software එකක්
4  Windows Live CD plugin එකක්
5  ඔබේ  C:\ drive එකේ  700 Mb පමණ  Free space

ඉහත දේවල් සම්පූර්ණ නම් පහත පියවර අනුගමනය කරමින් live cd එක නිර්මාණය කර ගැනීම ඇරඹිය හැක. 









1 xpcd නමින් අලුත් folder එක් c:\ drive එකේ නිර්මාණය කරගන්න. 













2 CD Rom එකට ඇතුල්කල Windows XP bootable cd එක copy කරගන්න.












3 xpcd නමින් c drive එකේ හදාගත්  folder එකට  paste කරගන්න.












4  Plug_in නමින් අලුත් folder එකක් හදාගන්න.  මෙම  plugin එක download කරගෙන   plug_in folder එකට   paste කරගන්න.










5 Live_cd නමින් අලුත්  folder එකක් හදාගන්න. Windows live CD Creator software එක මෙයින් download  කරගන්න.  








6 Live_cd නමින් අලුතින් හදාගත්  folder එකට  එය extract කරගන්න. දැන් එය install කරගන්න. මතක තබා ගත යුතු දෙයක්නම් ඔබට මෙම software එක  run කිරීමට Administrative priviledges තිබිය යුතුය.











7  PE builder නම් මෙම මෘදුකාංගය open කර එහි builder යටතේ ඇති source යන්නට ඔබ  Windows XP bootable cd එක   copy කරගත්  xpcd නම් folder එකෙහි පාත් එක ලබා දෙන්න. 







8  Media output option එක ලෙස  create ISO image නම් option තෝරා එය ISO image එකක් ලෙසම save වීමට ඉඩ හරින්න. මෙහි extension එක .ISO ලෙසම තැබිය යුතුය. එය වෙනස් කිරීමට නොයන්න.  දැන් Plugins button එක ක්ලික් කරන්න. 









9 දැන් Add යන්න තෝරන්න.















10 මෙයට ඔබ Plug_in යනුවෙන් නිර්මාණය කරගත් folder එකෙහි ඇති  xpe-1.0.7 නම් Zip file එක  click කර  open කරගන්න.










11 දැන් නිර්මාණය කිරීමට යන cd එක bootable එකක් බවට පත් කරගැනීමට කල යුතු වැඩ කිහිපයක් ඇත. විවෘත වන වින්ඩෝවේ Startup Group යන්න Select කර Disable කරන්න.














12 Nu2shell යන්නත්  Select කර Disable කරන්න.












13  එම Nu2shell and Startup Group යන දෙකම Disable වූ පසු වින්ඩෝව  Close කරන්න. දැන්  Build button එක Click කර  Build  කිරීම ආරම්භ කරමු. ඔබ කිසිදු වැරැද්දකින් තොරව ඉහත පියවරයන් සිදු කලේ නම්  Live CD creation එක  process වීම ආරම්භ වනු ඇත.












14 ඉන් පසුව  process වීම අවසානයේදී   Close button එක  Click කර   Close කරන්න. 















15 ඔබ මෙම ISO image එක save වීමට දුන්තැනින් එය open කර Nero හෝ එවැනි CD burning software එකක් ආධාරයෙන්  ISO image එක  write කරගන්න.









 මම මෙහිදී භාවිතා කලේ  Nero එකයි. මෙහිදී එම image එක එලෙසම write කිරීම කලයුතු වන්නේ data හෝ එවැනි මාදිලියකින් write කලොත්  cd එක bootable එකක් බවට  පත් නොවෙන නිසාය. 

16 දැන් පරිගණකය restart කර CMOS Setup වල Boot order එක cd ලෙස තෝරා දෙන්න. ඔබ නිර්මාණය කරගත් bootable cd එක මාර්ගයෙන් පරිගණකය පණගැන්වෙනු ඇති.  

මේ සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් පැනනැගුණා ඒ සම්බන්ධව විමසන්න. 

Tuesday, November 16, 2010

ඔබට පරිගණකයේ Password එක අමතක වුනාද?

           අද දවසේදී තවත් Post එකක් දාන්න ඕන කියලා හිතුවා. ඒ මොකද අද ටිකක් විතර Free. ඔයාලට මේ site එක ගැන හිතෙන දේවල් කමෙන්ට් එකකින් දාන්න පුලුවන් නම් ඒක මට ගොඩක් ධෛර්යයක්. ඔයාලා දාන  කමෙන්ට්ස් මත තමයි මම දිගින් දිගටම ලියනවද නැත්ද කියන එක තීරණය වෙන්නේ. 
          පරිගණකය තමන්ගේ කරගන්න Password  දුන්නත් ඒ Password එක අමතක වෙලා තමන්ගේ User Account එකට Log වෙන්න බැරි අවස්ථා අපිත් අත් විදලා තියෙනවා. මෙහෙම වෙලාවට ගන්න තියෙන විකල්ප මොනවද?



1.User name එක  Administrator ලෙස ටයිප් කර ලොග් වෙන්න බලන්න. ඒත්   Administrator එකටම      Password එක දාලා නම් ඒ උත්සාහය අසාර්ථකයි. Administrator ලොග් වෙන්න පුලුවන් නම් My computer රයිට් ක්ලික් කර Manage යන්න.

















2. ඉන් අනතුරැව open වෙන dialog box එකේ System tools-->Local Users and Groups-->Users යන්න. එහිදී දකුණු පසින් විවෘත වන කවුලුවේ ඔබේ පරිගණකයේ දැනට ඇති User Account  සියල්ල පෙන්වයි. 














3.  Password එක අමතක වුන User Account  එකේ නම මත රයිට් ක්ලික් කර Set Password යන්න.
















4.  ඉන් අනතුරැව open වෙන dialog box එකේ දී Proceed යන්න තෝරා ගන්න. 

















5. එවිට අලුත්  Password එකක් ලබාදීමට  dialog box එකක් විවෘත වේ. මෙහිදී අවශ්‍ය නම් අලුත්  Password එකක් ලබාදීමට පුලුවන. නැත්නම් Password එක ලබාදිය යුතු තැන් දෙකම හිස්ව තබා Ok කරන්න. 













6. නැවත තම User Account එකට ලොග් වී බලන්න. දැන් ඔබට ඔබේ ඩෙස්ක්ටොප් එක ලබා ගැනීමට හැකි වනු ඇත. මෙහිදී Domain add කල පරිගණකයක් ද පරීක්ෂා කරන ලදී. සාර්ථක විය. 














ඉහත ආකාරය අසාර්ථක වූයේ නම් ගත හැකි දෙවෙනි විකල්පය Password Re-setter (Bootable) මෘදුකාංගයක සහය පැතීමයි. මේ සදහා මා භාවිතා කරන්නේ Password Finder Bootable නම් මෘදුකාංගයයි. මෙය ක්රියාත්මක වන්නේ Windows XP වලදී පමණකි. එය මෙතනින්  Download කර ගන්න.  ISO Image එකක් වන මෙය Download වූ CD තැටියක දමා පුච්චා ගන්න.පරිගණකය on කල පසු CMOS Setup වලදි Boot Order එක CD ලෙස තෝරා මෙම CD තැටියෙන් Boot කරගන්න. ඉන් පසු මෙහිදී Command Prompt එකකදී  Password Reset කර ගත හැක.

















ලිපිය වැදගත් නම් කමෙන්ට්ස් තමා ඕන...