Blog ලිවීම යනු අද කාලයේ තාක්ෂණය නිදහස් ආකාරයෙන් හැසිරවීමෙහි ඇති ලක්ෂණ සියල්ල එක්ව සලකා බැලුවිට පෙරටුගාමි ලක්ෂණයක් බවට නිතැතින්ම පත්වන්නේ එය සැම කෙනෙකුටමත් අතපෙවිය හැකි ඉමක් නිසාවෙන්. ඒ අතර විවිධාකාර වු අඩවි අතරින් හමුවන තොරතුරු තාක්ෂණය ගැන සිංහලෙන් ලියවුනු අඩවි ගොන්න තාක්ෂණීක දැනුම් පිපාසයෙන් පෙලෙන නුතන පරම්පරාවට තෝතැන්නක්. ලෝකයේ නිතරම අලුත්වන සාමාන්‍ය දැනුම සඳහා සබැඳි සිංහල මාධ්‍ය වෙබ් අඩවි ලංකාව තුල අල්පයි. ඒ අඩුව යම් තරමකින් හෝ මකාලන්න මටත් හැකිවුනානම් එයම පමණක් ප්‍රමාණවත් නිරහංකාර සතුටක් ලබාගැනීමට. ඉතින් මගේ අරමුණ වුනේ නිරන්තරයෙන්ම අලුත්වන නවීන පරිගණක තක්ෂණ දැනුම සොයා යමින් ඒ පිළිබදව නිරන්තරයෙන් දැනුවත් වෙමින් එම නවීන තාක්ෂණය හා තාක්ෂණ ක්‍රමඋපායන් පිළිබදව ඔබව දැනුවත් කරවීම, විශේෂයෙන්ම පරිගණක ජාලකරණය පිලිබදව සිංහලෙන් කියාදීම.
මෙම අඩවියට නිතරම යන එන පාඨකයන්ගේ පහසුව උදෙසා මෙතෙක් පලවුනු ජාලකරණ ලිපි පෙල E book එකක් ලෙස ලබාදෙන්නයි මේ සුදානම. අන්තර්ජාල පහසුකම නිතරම ලබාගත නොහැකි අයට මෙය ගොඩක්ම ප්‍රයෝජනවත් වේවි. බ්ලොගයෙන් ඒ පරිදිම නොගෙන යම් යම් ආකාරයට page settings වල මෙන්ම රෑපවල තිවූතාවයේ තිබූ අඩුපාඩු අවම කරගනිමින් මෙම පොත නිර්මාණය කිරිමටයි මම වැයම් කලේ. ඒ වැයම සාර්ථකදැයි මාව දැනුවත් කිරිමට හැකිනම් එය ගොඩක් වටිනවා.ඉතින් එදා සිට අද දක්වා පරිගණක ජාලකරණය යන තේමාව යටතේ මේ අඩවියෙහි පලවුනු සියලු ලිපි PDF එකක් ලෙස ඔබට පහල ඇති සබැදියෙන් ලබා ගත හැකියි. ඉදිරියේදී Fiber Optics ලිපි පෙලත් මේ ආකාරයෙන්ම එකතුකිරීම් සහිතව ලබාදෙන්නය අදහස් කරගෙන ඉන්නේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඔබ පමණක් භාවිතා නොකර ඔබේ මිතුරන් අතරේත් මෙය බෙදාහදාගන්නා ලෙස. මන්ද යත් කිසිත් අපේක්ෂා නොකර තවත් කෙනෙකුගේ දැනුම වර්ධනය කරගැනීමට, අධ්‍යාපනයට දායක වීමට හැකිනම් එය මහගු පිනක්. ඔබටත් එය එසේම ලැබේවි. මෙම ලිපි පෙල ආරම්භ කල දින පටන්ම අවසානය දක්වාම මාත් සමග නිරන්තරයෙන් සිටිමින් හොද නරක කියමින්, දැනුම බෙදාගත් හා මාව දිරිමත් කල මගේ සියලු මිතුරන්ට මම මගේ ස්තුතිය මේ අවස්ථාවේදි හෘදයාංගමව පිරි නමන්න කැමතියි. ඒ වගේම එදා උන් මුත් අද වෙද්දි මා ලග නැතත් , මෙම ලිපි පෙල ආරම්භයේ පටන්ම මට අත දෙමින් විශේෂයෙන්ම අඩවියේ පිට පෙනුම මෙන්ම අන්තර්ගතයේ ඇති නොපැහැදිලි තැන්, අඩුපාඩු මෙන්ම නොතේරෙන තැන්ද පෙන්වා දෙමින් විමසමින් ඒවා නිවැරදි කොට මෙම ලිපි පෙල ඔබ වෙත එන්න තිබුණාටත් වඩා සරල මෙන්ම හරවත් ආකාරයට ඔබ වෙත පැමිණිමට මුල් වුනු මගේ ප්‍රියාවියගේ ඒ තිබූ හෘදයාංගම බැදීමටත් මම මගේ කෘතවේදිත්වය හදවතින්ම පිරිනමනවා.
මේ ගොනුවේ විශාලත්වය 3mb කට ආසන්නයි.
බාගන්න මෙතනින්
වැහි කදුරැ
නැතිව වේලුණු
රලු වියරැ පොලොවෙන්
ගල් මුල් ඉපල් පලා
බාධක මැද
නොමැරී මැරී
කෙසේ හෝ
මතුවූ පැළෑටිය
හෙට
පුබුදුවයි
මුලු ලොවටම
මල් ඵල!
ela ela
ReplyDeleteමරැ මරැ අයියේ.සෑහෙන්න වැදගත් වැඩක්.කීවත් වගේ අපි දෙන පින් තමයි ඔයාට ඉතුරැ වෙන්නේ.
ReplyDeleteඒක නෙමෙයි බන්. ඇයි කෙල්ල දාල ගියේ කියහන්කො.උඹ හොද එකෙක් අයියේ.අඩේ අපි වගේ එවුන්ට නම් එහෙම කොලත් කමක් නෑ.කොහොම වුනත් සැලෙන්ඩ නරකයි බං.ඒත් අපිත් එහෙම කියන එවුන්ට බැනලා අපිටත් හොරෙන් අඬනව කෙල්ල දාල ගියාම.පිරිමි අඬන්නෙ නැද්ද.අඩනවා. ඇස් දෙකින් නෙවෙයි. හිතෙන්. ටී වි එකේ හරි ගෑහැණියක් අඩනව අපිට බලන් ඉන්න පුලුවනි.ඒත් පිරිමියෙක් ඇඩුවොත් ,මළ ගෙයකදි පිරිමියෙක් ඇඩුවොත් ඒ ගැන හැමෝම කතා වෙනව.ගැහැනුන්ව පහත් කරනව නෙවෙයි.ඒත් අනේ මන්ද.ගැහැණු කඳුලට වඩා කලාතුරකින් එන පිරිමි කඳුල බලවත් කියන එක ඇත්ත.මං දන්නව උඹ ඒ කෙල්ලට ලෙංගතු වෙලා උන්නු තරම.මම හොදටම දන්නවා.උඹ නොදන්නව උනත් මං උඹ ගැන හොදට දන්න එකෙක් බං.ඒකයි මං මේ විදිහට කතා කලේ.හිත හොදයි උඹේ.වරදින් නැ උඹට කවදාවත්.කෙහොම වෙතත් බොහෝ පින් කියලයි කියන්න තියෙන්නේ අවසානෙට.
අඩේ කියන්න අමතක වුනා නොවැ.අහල තියෙයි අර සින්දුවක් ආදරේ නැති වුන කොල්ලෙක් කියන.
ReplyDelete"අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා"
මේ සින්දුව නිතරම අහපන්. හොද බේතක්.
කවද හරි දවසක් ඒවි තේරුම් ගන්න...
දෝත මුදුන් තියල පිළි ගැන්නුවෙ නැති වුණාට - පිරිමිත් ආදරේ කරනව.
නියම වැඩක්!! ඔබට ජයෙන් ජය.... ධර්ම (දැනුම) දානය උතුම් දානයකි... :)
ReplyDeleteඉතා වටින වැඩක් ස්තූතියි!
ReplyDeleteස්තුතියි කමෙන්ට් දාපු හැමෝටම.
ReplyDeleteඅපරාජිතයට...
කවුද මචං උඹ. කෑම්ප් එකේ කොල්ලෙක්ද? කොහොම හරි මම දන්න පොරක් තමයි උඹ.හොදම යාලුවො ගොන්නේ ඉන්න පොරකුත් නෙමෙයි වගේ.මොකද උඹඨ වගේ ගම්බද භාෂාවෙන් පට්ට විදිහට ලියන්න උන්ට බෑ.ඒ ගැන දැන් වොරි වෙලා වැඩක් නැ තමයි.ඇත්ත.මම හිතන් නෑ ආයේ කොහොමත් ඒ ගැන.හැබෑට කවුද උඹ?
අපරාජිතයා කියපු අර ගීය ත් ඇහුවා මම. ඒක හොදයි තමා ඇත්තටම දුක යන්නත් එක්ක.ඔන්න අනිත් අයටත් ආදරය කරලා දුකක් ඇති වුනා නම් අපරාජිතයගෙ ඒ සින්දුව අහන්න පුලුවන්.
ReplyDeleteගොඩක් සතුටුයි ඇත්තටම. දැනට මේ ජාලකරණ E book එක 206 දෙනෙක් බාගත කැරගෙන තියෙනවා.සතුටුයි පට්ට විදිහට.
ReplyDeleteThanks
ReplyDeleteඔන්න මමත් බාගත්තා.බොහොම ස්තූතියි. ගොඩක් වටින ලිපි පෙලක්.
ReplyDeletemaath download kara gaththa...
ReplyDeletebohohma sthuthi
thanx aiya mata maka maga nvq leval 4 exame 1kta godak uaw una
ReplyDelete