ආදරය කියන්නේ මේ ලෝකය පුරා තියෙන ඕනම කෙනෙක් අත්විදින්න කැමති ලස්සන දෙයක්. අපිත් ආදරේට ආදරේ කරොත් තමයි සැබැ ආදරය අපිට ඒ විදිහටම ලැබෙන්නේ . මම මේ කියන්න හදන්නේ ප්‍රේමය පිළිබඳව නිසා දැන් පටන් කියන්න යන සියල්ල එයටම අදාල වෙනවා. ඇත්තටම ආදරය නැත්නම් ප්‍රේමය සුන්දර අත්දැකිමක්.ඇත්තටම මම මේ කතා කරන්නෙ ආදරයට වඩා ආදරය නැතිවුනාම දැනෙන දුක ගැන.මේක ආදරේ බිඳුනාම හිතින් වැටෙන යාලුවන්ට ගොඩක් වැදගත් වේවි කියලා මට හිතෙනවා. අනිත් අයටත් ඉතින් වැදගත්වේවි තමන්ට ඇත්තටම ආදරේ කරපු කෙනාට , තමනුත් හිතට එකඟව ආදරේ කරන කෙනාට කවදාකවත් ඒ වගේ දුකක් නොදී ඉන්න තැනට කටයුතු කරන්න වැදගත් වේවි.
ආදරය හා ජීවිතේ දෙකම හරියට කාඩ් කුට්ටමක කොල වගේ. දෙන්නාටම තුරුම්පු කියන ගැලපුම් සම සමව හෝ කොහොම තිබුනත් ජය පරාජය තීරණය වෙන්නේ දෙන්නා ක්‍රියා කරන පිලිවෙල අනුවයි. සැබෑ ආදරයට අපිට කවදාවත් කරන්න නොහැකි වුන දේවල් කරන්න පුලුවන් . ඒ සැබෑ ආදරය අපි උපදින උපදින හැම ආත්මයකදිම අපිට හමුවෙනවා, ඒ ලැබෙන්නේ අපිත් ආදරේ දැනෙන්න කලොත් පමණයි. ඇත්ත ආදරය කවදාවත් මැරෙන්නේනේ නෑ , උපදිනවා මිසක. වැදගත්ම දේ තමයි අපිට ආදරයක් බලෙන් ලබා ගන්නත් බැ . ඒක ආදරයේ පොදු සත්‍යතාවයක්. ආදරයට ආදරය කලොත් එවිට ආදරය ජයගන්න පුලුවන්. ආදරය කරද්දි නොදැනුවත්වම හෝ තමන්ගේ වෙන්න ඉන්න කෙනාගේ හිත රිද්දවන එක නම් හරිම පවු. හැම වෙලාවෙම ආදරය කරන කෙනාට දැනෙන්න අරින්න ඔයා එයාට කොච්චර ආදරය කරනවාද කියලා. එතකොට එ ආදරයට ඉතා දිගු සංසාර ගමනක් යන්න පැවැත්මක් තියෙනවා. ආදරය ලස්සනයි, පිවිතුරුයි , සුන්දරයි. ආදරය වෙනුවෙන් නිසදැස්, කවි,සින්දු, පදවැල් ලියවිලා තියෙන්නේ බොරැවට නෙමෙයි. ආදරය එතරම්ම ලස්සන නිසයි. ඒ බැදීම එලෙසම තිබිය දී ආදරය කරන කෙනා අහිමි වීම හදවත දවා අලුකරන වේදනාවක් ජනිත කරවන බව මගේ හැඟීමයි. ඒ ගැන මතක් වෙනකොටත් කියා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා.මොකද ඒ ආදරේ දැනෙන්නේ හදවතේ සියුම් තැනකට. ඒ නිසයි ආදරේ තරම මෙන්න මේ යැයි කියලා ප්‍රමාණාත්මකව දක්වන්න බැරි හේතුවත්.මේ ලෝකෙ හැමෝම පතන්නෙ කවදාවත් තමන් ආදරය කරන අය අහිමි වෙන්න එපා කියල යි. ඒත් ඒ පැතුම ඒ විදියටම සිද්ධ වේවි ද යන්න ගැටලුවක්. අපි හිතන්නවත් අකමැති දෙයක්.
නමුත් ආදරේ ගැන කියවෙන කොට මේ ලෝකේ වැඩියෙන්ම කවි,සින්දු,කතන්දර ලියවිලා තියෙන්නෙ ආදරය ගැන නෙමෙයි විරහව ගැන කියල කිවොත් කවුරැත් ඒ මතයට එකඟ වේවි. ඒ ආදරයට වඩා විරහව අපේ හදවත් වලට ගොඩක් දැනෙන නිසා.. ගොඩක් දේවල් අපේ ළග තියනකොට වැඩිය වටිනාකමක් නැහැ. මම ඒකෙන් අදහස් කලේ වටිනාකමක් නැත්තෙම නැහැ කියල නෙමෙයි. ආදරයත් අන්න ඒ වගේ.
ඒක පැහැදිලි වෙන්න මම පුංචි කතාවක් කියන්නම් මගෙ යාලුවෙක් කියපු දෙයක්:
"පලවෙනි කෙල්ලට කතා කරපු දවස මට කොයි වෙලාවකවත් කොයිම මොහොතකවත් අමතක වෙන්නෙත් නෑ. අමතක කරන්නත් බෑ. පලවෙනියට ලව් එක කෙල්ලගෙ කටින් අහපු එක අමතක වෙන්නෙත් නෑ. ඒ වගේම තමා එහෙම හිටපු කෙල්ල කවදාවත් නොහිතපු දෙයක් කියල ලව් එක රිජෙක්ට් කරපු එකත් කවදාවත් අමතක නෑ. එයාට මම කරපු ආදරේ කොයිතරම්ද කියනව නම් ඒ හන්ද මට අදටත් වෙන කෙල්ලෙකුට ආදරය කරන්න බෑ. වෙන කෙල්ලෙක් ගැන හිතන්නත් බෑ. පාරෙදි ඇහැක් ගහපු කෙල්ලෙකුට ටෝක් කරන්න, බස් එකෙදි මුන දිහා බලනකන්ම ඇඟේ හෙත්තු උන කෙල්ලොත් එක්ක කතා කරන්න අදටත් බෑ."
අපේ හිතට මුලින්ම ආදරය දැනෙන්න පටන් ගත්තු දවසෙ ඉදලම ඒක හරිම සුන්දර අත්දැකීමක්.ආදරයක් මිනිස් හිතක ඇතිවෙන්නෙ තමුන්ගෙ විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයාගේ සිත් ඇදගැනීමේ හැකියාව නිසාමයි.. එකිනෙකා අනෙකාට ආදරය කරන්නේ ඒ ඒ අනෙකාගේ තුළ ඇති තමන් කැමති ලක්ෂණ එකක් හෝ කිහිපයක් නිසායි.තව කෙනෙක් ගැන අපේ හිතට ආදරයක් ඇතිවුනු දවසෙ ඉඳන් අපි එයාට ආදරය කරනවා.සමහර වෙලාවට තව කෙනෙක්ව දැකපු ගමන්ම අපිට එයා ගැන ආදරය හිතෙනවා.හරියට සංසාර ගත පුරුද්දක් වගේ.ඒත් සමහරවෙලාවට අපිට අපේ හිතේ තියෙන ආදරය ඒ අයට කියන්න වෙන්නෙ නෑ.කොහොම හරි ඒක කියා ගත්තත් සමහර වෙලාවට එයා ඒකට කැමති නෑ.නැත්නම් එයා වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරයි.ඉතින් එහෙම වුනාම අපි කොච්චර ආදරය කරත් එයාව අපිට ලං කර ගන්න බැරි වෙනවා.ඒ වෙලාවට අපිට දැනෙන්නෙ මොන තරම් දුකක්ද. ඒ වගේම අනිත් පැත්ත තමයි කොහොම හරි පටන් ගෙන දෙන්නට දෙන්න ආදරය කරන්න ගත්තට පස්සේ.එතකොට අපි එයාට පණටත් වැඩිය ආදරය කරනවා.අපි හිතන්නෙ එයත් එහෙමයි කියලා.ඒ හින්ද අපේ ජීවිතයටත් වැඩිය අපි එයාට ආදරය කරනවා.
ඔහොම ආදරය කරන කෙනා එක පාරටම අපිව දාල ගියොත්, අපිට ආදරය කරන අතරෙම වෙන කෙනෙකුටත් ආදරයකරල තිබුනොත්, නැත්නම් දෙමාපියන්ට ඉඩ දිය යුතු නිසා ඔවුනගේ බලපුලුවන්කාරකම් හමුවේ තමන්ගේ ආදරවන්තයා අත හැරලා දැම්මොත්, එහෙමත් නැත්නම් මොන තරම් ආදරය කරත් කිසියම් හේතුවක් හින්දා දෙන්නට වෙන් වෙන්න වුනොත්,මේ අවස්ථාවන් හැම එකකදිම අපිට කොච්චර නම් දුකක් දැනෙනවද.හැමදෙයක්ම එපා වෙනවා,ඇයි අපිට මෙහෙම වෙන්නෙ කියලා හිතෙනවා,සමහර වෙලාවට ජීවිතය පවා නැති කර ගන්න හිතෙනවා.මොකද ඒ විඳවීම හා අත්දැකීම එතරම්ම අමාරැ දෙයක්.
නමුත් ඇයි අපි බිදුණෙ කියන තැනින් පටන් අරගෙන අවංකව තමන්ගෙ වැරැද්දක් නං සමාව ඉල්ලලා, අනිත් පාර්ශවයට වැරැද්දක් නං තේරුං කරලා දීලා ඉදිරිපත් වෙන්න පුලුවන් නම් ලැජ්ජාවක් නැතුව , බොහෝවිට මේ සඳහා සුන්දර දෙවැනි අවස්ථාවකුත් නිර්මාණය වෙනවා.මොකද තමන්ගෙනෙ ආදරේ. ඒ නිසා බොහොමයක් වෙලාවට ඒ විදිහට හොඳ අවසානයන් දැකිය හැකි කතාවන් එහෙමත් නිර්මාණය වෙනවා.ආදරය නැතිවුනාම දැනෙන දුක ඒක සිංහල භාෂාවේ විවිධ විදිහට හඳුන්වනවා. විරහව.විප්‍රයෝගය,විප්‍රලම්භය ඔය වගේ නම් ගොඩක් තියෙනවා.මේ හැම දෙයකින්ම හඳුන්වන්නේ ඒ දැනෙන දුක.
නමුත් ඔයගොල්ලන්ට පොඩ්ඩක්වත් හිතිල තියෙනවද ඒ දැනෙන දුක සුන්දර විඳීමක් මිසක් කාලකණ්ණි විඳවීමක් නෙමෙයි කියලා. මොකද අපි සිතන්න හා යොමුවෙන්න ඕනේ, පුරැදු වෙන්න ඕනෙ එතැන් සිට මෙය ධනාත්මක ඇසකින් බලන්නට.බලන්න මේ ලෝකෙ වැඩිම ප්‍රමාණයක් කවි,සින්දු,කතන්දර ලියවිලා තියෙන්නෙ ආදරය ගැන නෙමෙයි විරහව ගැන. ඒ විරහව විඳින්න මිනිස්සු එච්චරටම ආස හින්දා. ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී. ඒ දුක ගැඹුරටම දැනෙන කෙනෙකුට නම් මේක දැක්කම මාත් එක්ක තරහත් යයි. ඒත් ඇත්ත ඒකම තමයි එහෙම දුකක් ඇති වුනාම ඒ දුක විඳින්න.හොඳටම අඬන්න,සිංදු අහන්න,කවි කියවන්න,කවිලියන්න.කොල්ලො නම් මෙහෙම වුනාම ගෑනු සංහතියම තිත්ත වෙලා වගේ බොන්නත් පටන් ගන්නවා.තරුණයෙක් නම් යාළුවන් වටකරගෙන බොන්න සෙට්වෙන එක අනිවාර්යෙන්ම උනත් බීලා ඉවරවෙද්දීත් ප්‍රශ්නෙ එතනමයි කියලා දැනගත්තම හිතට එන්නෙ මහ පරාජිත හා තමන් ගැනම කේන්තියෙන් යුත් වගේ හැගීමක්. බොන එක හොද වැඩක් නෙමෙයි.මම කියන්නෙ බේබද්දෙක් වෙන්න කියල නෙමෙයි.මේ හැමදෙයක් කරන අතරෙම ඒ ආදරයට වෛර කරන්න නම් එපා.කවදාවත් ඒ අයගෙන් පලිගන්න හිතන්න එපා.අපිට නැතිවුනත් ඒ ආදරයට හැමදාම ආදරය කරන්න.ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහු හෝ ඇය හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි.බොහෝ පෙම් සබඳතා බිඳී යන්නේ හදිසි සිදුවීමක් ලෙසින්. එම හැර යාමට අවශ්‍ය මූලික ස්ථාවරත්වයක් මාස ගණනකට පෙර සිටම ක්‍රියාත්මක වෙනවා. බොහෝවිට ඒ අතර මූලින්ම ඇත්තේ දෙදෙනා අතර ඇති කුමන හෝ නොගැලපීම්. එය මානසික, ධනය, රැකියාව රුචි අරුචිකම් උගත්කම ආදී වශයෙන් විවිධාකාර වූ නොගැළපීම් වීමට හැකියි. හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි සිහිපත් නොකරන්නේ යැයි සිතන තත්ත්පරයකින් යළිත් ඔහූව සිහිපත් වීම ස්වාභාවිකයි. එහෙයින් ඔහූව අමතක කිරීමට මූලිකවම උත්සාහ දරන්න එපා. ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහූ හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි.
ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට, ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි . සැනසෙන්න ඔබත් ඒ විදිහට ආදරේ කරපු අයගේ ගොඩේ නම්.ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්. ඒ නිසාවෙන් තමන් කල යුතු කිසිම දෙයක් අතපසු කර ගන්න එපා. ඉගෙන ගන්න කාලෙනම් ඒ කටයුතු පොඩ්ඩක්වත් අතපසු කර ගන්න එපා.රස්සාවක් කරනව නම් ඒකෙ වැඩත් පොඩ්ඩක්වත් අතපසු කරන්න එපා.පුංචි සිදුවීමක් හින්දා තමන්ගෙ අනාගතය චුට්ටක්වත් විනාශ කර ගන්න එපා. පුංචි සිදුවීමක් කියලා මම මෙතනදි කිවේ ජීවිතයට ඒක දැනෙන්න දෙන්න එපා කියන්න ඕන නිසයි.කොටින්ම අපිට නැතිවුනේ ඒ ආදරය විතරක්ම කරගන්න.වෙන කිසිම දෙයක් නැති වුනේ නැනේ.වෙන කිසිම දෙයක් නැති කර ගන්නත් එපා.තව ඕනෙ තරම් කෙල්ලො කොල්ලො ඉන්නේ. ඒ අතරින් දාලා ගිය කෙනාට වඩා ඔයාට හරියන කෙනෙක් ඉන්න පුලුවන් ඉඩ ප්‍රස්ථාව කොච්චරක් නම් තියෙනවාද.තරහ ගන්න එපා මගෙ යාලුවෝ මේ දේවල් කිවේ තමන්ගේ ජීවිතයට එම සිදුවීම ඇති කරන බලපෑමක් තියේ නම් එය අඩු කරගන්න හිත හදාගන්න ඒ දේවල් ඇත්තටම හිතට ගන්න වෙනවා ඔබට. නිරන්තරයෙන්ම කදුළු උඩින් ගෙවන ජීවිතෙත් එක්ක වෙන මානසික වැටීම මිනිහෙකුගෙ ඉදිරිගමනට ලොකු බාධාවක්.ඉතින් ඔය ගෙවන්න අමාරුම කාල සීමාව බොහොම පොඩියි. ඊට පස්සෙ අපිට ඒ දුක දැනෙන එක අඩු වෙනවා. ඒක ටික ටික අතීතයට එකතු වෙනවා. ඊට පස්සෙ ඒක අතීතයේ සුන්දර මතකයක් බවට නිරායාසයෙන්ම පත්වෙනවා.මතක් කරල රස විඳිය හැකි සිහිනයක්.
ඒත් එහෙම වෙන්නෙ අපි අපේ අනාගතය, ඒ හින්ද පොඩ්ඩක්වත් විනාශ කර නොගත්තොත් විතරමයි.ඒ වගේම ඒ ආදරයට වෛර නොකර හදවතින්ම ඔහුගේ හෝ ඇයගේ සුඛ විහරණය මෙන්ම අනාගත සමෘද්ධිය ප්‍රාර්ථනා කලොත් විතරයි.හැර දමා ගියත් ප්‍රේමය බිඳී යෑම ඔබට පෞද්ගලිකව බලපාන්නක් බවට පත් කර නොගන්න. එසේ කළහොත් ඔබ ප්‍රබල මානසික බිඳීමකට පත්වීමකට හැකියි. මම කියන්නේ නම් ආදරය වගේම විරහවත් සුන්දරයි.හැබැයි ඒ ඒක හරියට විඳගත්තොත් විතරයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය කරන්න ඕන කියල නීතියක් වත් රීතියක් වත් පනතක්වත් කොහෙවත් සම්මත වෙලා නෑ. අපි කැමති කෙනෙකුට ආදරය කරන්න අපිට අයිතියක් තියෙනවා. එහෙම ආදරය කරන කෙනාට අපිව ප්‍රතික්ෂේප කරන්න ඊටත් වඩා අයිතියක් තියෙනවා. නමුත් ...එහෙම කරනව නම් ඒක කොතරම් දුරකට මානුෂීයද නැද්ද යන්න දන්නේ ඒ දෙන්නට දෙන්නා විතරයි. ආදරය හරි පුදුමාකර දෙයක් කියන්නේ ඒකයි. අපි ආදරය කරන කෙනා අපිටත් ආදරය කරන්නම ඕන කියල කවුරැ හරි කියනවා නම් මතක තියා ගන්න එතන ආදරයකට වඩා තියෙන්නේ ගනුදෙනුවක්. අපි කරන ආදරේට එයා ආපිට ආදරේ කරනව නම් ඒක මුලින්ම එන්න ඕනේ හිත ඇතුලෙන්. නැත්නම් අනේ පවුනේ කියලා අනුකම්පාවෙන් ආදරේ කරනව නම් හෝ හිත නිවා ගන්න ආදරේ කරනවා නම් එතනට ආදරේ කියන නිර්වචනය දෙන්නත් බෑ.
ආදරේ අපි හිතන තරම් පටු නෑ. හැබැයි ආදරේ කියන්නේ මොකද්ද කියලා කවුරැ හරි ඇහුවොත් මගෙන්, මට නම් කියන්න තියෙන්නේ "මම තාමත් දන්නේ නෑ" කියලා.
මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා cspmax ට. මේ ගැන ඔහුට සම්බන්ධ කාරණා කිහිපයක් බෙදාගැනීම සමබන්ධයෙන්...
-----------------------------------------------------------------------------------------------------------
මෙන්න මෙහෙම කමෙන්ට් එකක් තිබුණා My Dear නමින් මා පලකල පසුගිය පෝස්ටුවට Samadhi Chinthana කියල යාලුවෙක් දාපු එකක්. ඒකත් මම මෙතන පලකරනවා මේ දැන් කතා කරන කාරණාවට මෙයත් බොහොම සමීප නිසාවෙන්.
"අපි සැබෑවටම ආදරය කළ කෙනෙක් අපෙන් වෙන් වුණාම තදබල වියෝ දුකක් (Grief) දැනෙනවා. ආදරය කළ කෙනා තමන් අතහැර ගියාම මේ වියෝ දුක තදටම පතුලටම දැනෙන බව මාත් හොඳටම අත්දැකපු දෙයක්.ඒ නිසා උඹව දැනෙනවා මට. ටිකක් දිග් ගැස්සුනාට කමක් නැ නේද කමෙන්ට් එක.තරහ නැනේ. තමන්ගේ ආදරණියයා තමා ගෙන් වෙන් වී යන බවට මනස පිලි ගන් නැත්තේ ඒ වගේ අනපේක්ෂිත දෙයක් එකවරම පිළි ගැනීම තුළින් මනසට වන හානිය වළක්වා ගැනීමේ උපක්‍රමයක් විදිහට.ඒ වගේම සමහරු මේ වගේ අවස්ථාවකදී අනෙකා කෙරෙහි ඇති වන තදබල කෝපය නිසාම ‘ඔයාට මාව එපා නම් මටත් ඔයාව එපා‘ කියලා කියන්න පෙළැඹෙනවා. ඒකත් මනස විසින්ම මනස රැකගන්න සිදුකරන ආරක්ෂක උපායක් තමයි. මේ මොනවා කිව්වත් මනස අපේක්ෂා කරන්නෙ එයා ඔහොම කිව්වට වෙනද එන වෙලාවට එයි කියලයි.කතා කරයි කියලයි.වෙනද වගේ මාත් එක්ක කතා කරයි කියලයි. හා නැද්ද කියමු බලන්න.නමුත් වෙන් වී ගිය පුද්ගලයා නැවත කතා නොකරන කොට, වෙනදා මුණ ගැහුණු තැන්වලදී ඒ වෙලාවල්වලදී නොදකින කොට මනස දැන ගන්නවා එයා ආයෙත් එන්නෙ නැති බව. ඒ වෙලාවට හිතට මහා විශාල පාළුවක් වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. හිත පුපුරු ගහන, පිච්චෙන බවක් දැනෙන්න පුළුවන්. ඊට පස්සෙ ඔහුට ඇයට තමා ආදරය කළ පුද්ගලයා මුලදී මුණ ගැහුණු තැන්වලදී නැවත පෙනෙනවා වගේ දැනෙනවා.ඒත් බලනකොට කිසි කෙනෙක් එතන නෑ. තවත් සමහර වෙලාවට වෙන කෙනෙකුට එයා කියලා රැවටෙනවා.එයාගෙ ඇඳුමක් එහෙම වෙන කෙනෙක් ඇඳන් යනවා දැක්කොත් දවසම ඉවරයි.එහෙම හිතලා බලනකොට ඒ ඉන්නේ එයා නොවෙයි නම් අපේ හිත විශාල වේදනාවකට පත්වෙනවා. සමහර වෙලාවට වෙන්වුණු කෙනාගේ කටහඬ ඇහෙනව වගේ දැනෙනවා. මේ වගේ අවස්ථාවල සිතට දැනෙන්නෙ විශාල වේදනාවක්.තවත් සමහර වෙලාවට තමාව හැර ගිය පුද්ගලයා ගැන ලොකු තරහක් ඇති වන්නත් පුළුවන්. “එයාට එපා නම් මටත් එයාව ඕනෙ නෑ” කියලා හිතේ ලොකු තරහක් ඇති කර ගන්නෙ මේ වගේ වෙලාවට. නමුත් එහෙම කියන්නෙ ඇත්තටම එපා වීම නිසා නොවෙයි. ඒකත් වියෝදුක සමනය කර ගන්න මනස යොදන තමන් විසින්ම හදාගන්න උපායක්.ඉතින් ඒබැඳීම තමන්ගේ සිතට දැනුණු ස්වභාවය අනුව මිසක් බැඳීම තිබුණ කාලය අනුව වියෝ දුක තීරණය වෙන තැන් අඩුයි.ඔයා එයත් එක්ක ඉද්දි එයාට ආදරේ දැනේනන දුන්න නම් හොඳටම ඒක කාරණාවක් වෙනවා වියෝ දුක වැඩි කරන්න.ඔයා එයාගේ හැම දේම හොයා බැලුවනම්, අඩු පාඩු බැලුවනම්, හැම ඉඩ ලැබෙන වෙලාවකම ආදරෙන් කතා කරා නම් වචන කිහිපයක් හරි ඒ ආදරේ කවදාවත් මැරෙන්නේ නැ. ඇත්තටම ආදරේ කරානම් උඹ ඒක එයාගේ හිතටයි දැනෙන්නේ එහෙම ආදරයක් ලැබුන බව ඔයාගෙන්.එයත් හිතින් ආදරේ කරාවි. දුක් වේවි හැබැවටම එයාටත් ඔයාව නොලැබෙන එක ගැන.ආදරේ බිඳුණම දුකයි. දෙන්නම එකට ඇවිදගෙන ගිය තැන් මතක් වෙද්දි වාවන්නෙ නෑ තමයි. තමුන්ගෙ කෙනා තවකෙක් එක්ක කියලා ආරංචි වෙද්දි හිතට ලොකු ඉරිසියාවක් එනවා තමයි. තමන්ගෙ වැරැදිවලට කෑ ගහපු කට, අලුත් මිනිහගෙ වැරදි ඉස්සරහා වැහිලා තියෙනවා දකිද්දි කේන්තියි තමයි. නමුත් දිනාගන්න බැරිවෙච්ච දේට වෛර කිරීම හරි, පළිගැනීම හරි සාධාරණ නැහැ. ඒ වගේම ඒ දේ ආපහු දිනාගන්න හදලත් වැඩක් නැහැ. මොකද ආදරේ කියන්නෙ කුසලානයක් නෙමෙයි. ඒක දෙන්නෙක් එකතු වෙලා හදන්න ඕන නිවහනක් "
100 % +++++++++++++++
ReplyDeleteපස්ට ලොකු එකක්නේ.. ඔක්කොම පස්සේ කියවන්න තමා වෙන්නේ මේ දේශකයාට අද සරියට වැඩ.. ආයේ එන්නං
ReplyDeleteඉතාම අපූරුවට ලියවුන හිතට දැනෙන සටහනක්.
ReplyDeleteඇත්ත ආදරය කියන්නෙ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම ලබාගත්තත් එකේ කිසි තේරුමක් නෑ.
මං දැකල තියෙන තවත් දෙයක් තමයි සමහරු ඉන්නව යාලුවෙන්න කලින් තමන්ගෙ හිතේ ඉන්න කෙනා ගැන පුදුම විදිහට හොයල බලනව..එයා ගැන හිතනව. ඒත් යාලු වෙලා ටික දවසක් යනකොට ඒ දෙන්න අතර දුරස් වීමක් සිද්ධ වෙනව. කලින් තරම් අවධානයක් අනිත් කෙනාට දෙන්නෙ නෑ, පුංචි දේටත් රණ්ඩු කරනව. ඊට පස්සෙ විවාහ වෙලා මුල් කාලෙ ආයෙත් සතුටින් ඉන්නව. හැබැයි කාලයක් යද්දි අර මුලින් තිබ්බ ආදරය ටිකෙන් ටික අඩු වෙලා යනව. සමහර විට අවුරුදු ගානක් ආදරය කරල විවාහ උන අය විවාහ වෙලා මාස ගානකින් දික්කසාද වෙනව. ඇත්තටම හිතේ ආදරයක් තිබුනානම් මේ දේවල් මෙහෙම වෙන්න බෑ. ආදරය කියන එක කවදාවත් පරණ වෙන හැඟීමක් නෙවෙයි. සැබෑ ආදරය දවසින් දවස වැඩි වෙනව මිසක් කාලයත් එක්ක අඩු වෙලා යන්නෙ නෑ.
වැදුනා.
ReplyDeleteහරිම අපුරු ලිපියක්....
ReplyDeleteආදරය කියන්නෙ හරිම සුන්දර අත්දැකීමක්. ඒක විවිධාකාර විදිහට අපිට ලැබෙනවා. අපි ආදරයට ආදරේ කරන්න ඕනෙ. සමහර විට කල කිරෙනවා තමයි ඒ අපිට ආදරේ නොලැබුනාම. නමුත් අවංක සිතින් කරන ආදරය සදාකාලිකයි. ඒ කෙනා ඈත් උනා කියා එය වෙනස් වෙන්නෙ නෑ. සමහරු මැරෙනා තෙක්ම ආදරය කරන්නෙ ඒ නිසයි.
ReplyDelete@ Sanjaya සිතුවිලි
ReplyDeleteබොහොම ස්තුතියි ඇවිත් ගියාට සහෝ...
@ දේශකයා......
ReplyDeleteකමක් නැ ඉඩ තියෙන වෙලාවක ඇවිත් කියවන්න සහෝ. බොහොම සතුටුයි ගොඩ වැදිලා ගියාට ඔයාටත්....
@ Chams..........
ReplyDeleteආදරය කියන්නෙ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි කියල කියන්නේ ඇත්තම ඇත්තක්. අපි ආදරය කරාම අවංකවම, එතකොට ආදරය ආපිට ලැබෙනව ඒ වගේම. අනිත් පුද්ගලයාගෙන් පමනක් ආදරය බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. කලින් අපියි ආදරය කරන්න ඕන. මොකද ඔයා කිව වගේ බොරැ ආදරයක් කරන තැනකදි තමයි අර වගේ ඒක රැඳිලා නොතියෙන්නේ හැමදාම. නමුත් අපි ලැබෙන දේ ගැන හිතන් නැතුව පුලුවන් තරම් අනිකාව සතුටෙන් තියන්න උත්සහ කරන්න ඕන. මං ඒක පුද්ගලිකවම දන්න දෙයක්. එයාගේ සතුට වෙනුවෙන් එයාගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි මොනවම හරි දෙයක් ලබාදෙන්න අපිට හැකියාව තියෙනව නම්, උදාහරණයක් විදිහට ආදරේ දැනෙන් පුංචි පුංචි දේවල් හරි ලොකු කට්ටක් නැතුව ලබාදෙන්න පුලුවන් නම් ඒවගේ දේවල් වටිනවා. එතකොට දන්නැතුවම සතුට අපිව හොයාගෙන එනව. එයාට තේරේවි ඔයා හදන්නේ එයාව සතුටින් තියන්න බව.මං හැමෝම සතුටෙන් තියනව නම් මාව තේරුන් ගත්ත මං ගැන දන්න අයත් මං දුකෙන් ඉන්න දවසට මාව ගොඩක් සතුටු කරාවි යි කියන මතයේ ඉන්න ඕන. ජීවිතේ පැතුම් හොයගෙන යන්නෙපා. ඒවා ඉටු වෙයි නිසි ලෙස. කොයි විදිහටද කියනව නම් අපි කාටවත් කරදරයක් නැතුව ආදරේ කරන කෙනාව සතුටින් තියනව නම් එතන තමයි ජීවිතය තියන්නෙ.අපි ආදරෙයි කියල නීති දාන්න යන්න හොද නෑ නිදහසේ තියන්න අනිත් පුද්ගලයව. යනව නන් යන්න දෙන්න.ඒත් පුලුවන් උපරිම උත්සාහය යොදන්න ඕනි තියාගන්න. මොකද අවංක ආදරයක් අපි ලඟ තියෙනව නම් එහෙම එකප පාරම එයාට යන්න දෙන්නේ කොහොමද. නමුත් බැරිම නම් යන්න දෙන්න. බලෙන් ආදරය ඉල්ල ගන්න බෑ. අඬලා ඉල්ලන්ත් එපා. ඒ ආදරේ උතුම් නම් ඒ ආදරේ බාල්දු කරන්න එපා. ආදරය එපා නිසානෙ පිටු පාන්නෙ ඉතින් ඇයි එයාලට අපි තවත් වද දෙන්නෙ. කවදාවත් තමන්ගේ අයගෙන් බලෙන් කිසිදෙයක් ඉල්ලන්න හොද නෑ. මොකද අපි දන්නෙම නැතුව ඒක එයාලට වදයක් වෙනව. එහෙම උනාම එයාලට තවත් අපිව එපා වෙනව අපි ඇත්තටම ආදරෙයි නම් අනිකාගෙ සතුට බලල සතුටු වෙන්න පුලුවන් හිතක් තියෙන්න ඕනි.ඒකයි ආදරය කියන්නෙ. තමන් ආදරය කරන කෙනා කොතන වුනත් ඒ තැන ඉන්නේ සතුටින් නම් තව මොනවද අපිට ඕන...බොහොම ස්තුතියි චම්ස් ඇවිත් අකුරැ කරාට
දේශකයෝ මේක නම් කියවන්න වෙලාවක් නැ දැන් ජොබ කරනගමන්නේ මං මේ ටික ටික කොටන්නේ.ව්වේකයක් ආ සැනින් කියවනවා.
ReplyDelete@ spider the DETECTIVE
ReplyDeleteදෙයියනේ කොහාටද සහෝ වැදුනේ. මොනව උනත් පරණ යාලුවෙක් ඇවිත් ගියාට ස්තුතියි සහෝ..
@ සචිත්...
ReplyDeleteආයෙත් ඇවිත් යන්න එන්න සචිත්. ස්තුතියි.
@ Chandi ...
ReplyDeleteඔයා හරි."අපි ආදරයට ආදරේ කරන්න ඕනෙ. සමහර විට කල කිරෙනවා තමයි ඒ අපිට ආදරේ නොලැබුනාම. නමුත් අවංක සිතින් කරන ආදරය සදාකාලිකයි. ඒ කෙනා ඈත් උනා කියා එය වෙනස් වෙන්නෙ නෑ." සම්පූර්ණ ඇත්ත චන්දි. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.ආයෙත් ඇවිත් යන්න එන්න.
@ Naleen Dilruksha ....
ReplyDeleteබොහොම ස්තුතියි වැඩ රාජකාරි මධ්‍යයේ වුනත් ගොඩ වැදිලා යන්න ආවට. ආයෙමත් ඇවිත් කියවලා යන්න නලින් අයියේ....
ෆට්ට දිගයිනේ බං...උඩින් කියෙව්වා..
ReplyDeleteආදරය ගැනහිතාගන්න බැරි විග්‍රහයක්...!
හ්ම්ම්ම්.... ඔව් රතී, ආදරයට වඩා විරහව විදපු අය මේ ලෝකේ ගොඩක් ඇති කියල මටත් හිතෙනවා. සිංදු ගත්තත් වැඩි හරියක් ඒවාට තේමා වෙලා තියෙන්නේ විරහවනේ. මාත් ඕක අත් විදලා තියනවා...හික්.... ඒත් අදටත් මං ඒ ආදරයට ආදරෙයි.....
ReplyDeleteආදරේ. ආදරේ ගැන මට එච්චර අත්දැකීම් නැති වුනාට අපි හමෝටම ආදරය දැනෙනවා. මොනවා වුනත් ආදරේට එක අඩියක් ඉස්සරහට ගියොත් වෙන්නේ ආදරේ නෙමෙනේ. ඒකට කියන්නෙඔ රතියනේ. ඉතින් ආදරේ කොච්චර මිහිරි අමිහිරි වෙන්න යන්නේ ඕන්නම් මිනිත්තුවයි දෙකයි. ඒ ටික ඇති ආදරේ ඇත්ත වටහා ගන්න.
ReplyDelete@ වීපොකුරෙ වීයා...
ReplyDeleteඑහෙමට කියල ලොකු විග්‍රහයක් නෑ වීයො මෙතන. කමක් නැ උඩින් හරි කියෝල තියෙනව නෙවැ.පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන එක නම් බොහොමත්ම වටිනවා...
@ සමනළී ....
ReplyDeleteඔව් මමත් හිතන්නේ විරහව ගැනම තමයි මේ ලෝකෙ ගොඩක් නිර්මාණ බිහිවෙලා තියෙන්නේ. මොකද ආදරේ ඒ තරමටම දැනෙන නිසාවෙන්.ඔයා කියන දේ සම්පූර්ණ ඇත්ත. ඔයා ආදරේ කරේ එක හිතින් හා එයම නම් හැමදේම වුනේ ඔයාගෙ, කිසිම පුදුමයක් නෑ ඒ ආදරේ තාමත් අමතක කරන්න බැරිවීම ගැන සමනලී. ස්තුතියි ඇවිත් ගියාට. ආයෙමත් ඇවිදින් යන්න එන්න...
@ DG ....
ReplyDeleteඔව් DG ඔයා කියන දේ හරි. අපි ආදරය කරන අයව ඇත්තටම අපේ ජීවිතයට ලැබෙනවනම් ඇත්තටම අපි හරිම වාසනාවන්තයි. පණ වගේ ආදරය කරනවා , අඩනවා , රණ්ඩු වෙනවා , තරහ වෙනවා , කතා නොකර ඉන්නවා , වෙන් වෙලා යනවා, ආයේ එක් වෙනවා. එතන තියෙන්නේ සුන්දර වූ විඳීමක්. මොකද ඒ දේවල් වෙන්නේ දෙන්නට දෙන්නා ආදරේ කියන රාමුව ඇතුලේ ඉන්නවා නම් පමණයි. තමන් කෙල්ලෙක් / කොල්ලෙක්ව තෝර ගන්නකොට හිතන්න ඕන ලස්සනවත් , සල්ලි ගැනවත් නෙමෙයි. අනාගතය ගැනයි. අද ඇති වෙලා හෙට නැති වෙලා යන දෙයක් නෙමෙයි ආදරය කියන්නේ.ඒ බැදීම පුදුමාකාරයි. ඒත් මේ ආදරයේ පූජනීය බව හැමෝටම තේරුම් ගන්න අමාරුයි.ඒත් උතුම් වූ ආදරණීය බැදීමක් ඇතුලේ විවාහය කියන සාංසාරික බැදීමට යටත් වෙනකන් ලිංගිකත්වය කියන දේට වටිනාකමක් එකතු කරලා අසරණ ජීවිත විනාශ කරගන්නෙ ආදරේ ට වඩා රාගයට හිත් ගිය උදවිය.
Film Hall Box ඇතුලේ Room එකක් ඇතුලේ කෙල්ලෙක් ගැහැනියක් බවට පත්වීම නෙමෙයි ආදරය කියන්නේ.පූජණීය බැදීමක් ඇතුලට හදිස්සි වෙලා අනවශ්‍ය බැදීමක් එකතු කරගන්න එක වැරදියි විවාහයට පෙර.ඇත්තටම ඉස්සර තිබුන වගේ ලස්සන ආදරයක් අද කොතැනකවත් නැහැ.
ඇත්තම නං කෙල්ල ආදරය කරන්න පටන් ගත්විට මුළු ජිවිතයම තමන්ගේ කොල්ල වෙනව සියයට අනුවක් පමණම අයගේ. කොල්ලා කෙසේ හෝ කෙල්ලට පණ දෙන්නත් යයි, හැබැයි ඒ බොරැවට. සමහර ගොඩක් කෙල්ලන් අහුවෙනව මේ කොල්ලගේ බොරැ ආදරේට. මොනද ඌට ඇත්තටම ඕනෙ ඒක නෙමෙයි. අන්තිමට කෙසේ හෝ කොල්ලාගේ මොබයිලයේ කෙල්ලගේ නිරැවත දිග හැරෙනවා. ඒත් ඒ වෙද්දිත් කෙල්ලට කොල්ලා ගැන සත පහකවත් අවිස්වාසයක් නෑ.ඒත් අන්තිමේදි වෙන්නේ නොසිතුව දෙයක් වෙන්න පුලුවන්. අන්න එතනයි අද ආදරේ කියන තැනට දිල තියෙන තැන.
අද කොච්චර ආදරෙයි ආදරෙයි කිව්වත් DG කියනව වගේ ඇත්ත ඒකයි.
ආදරය සහ රාගය ගැන කියද්දි මම දැක්කා කෙනෙක් ඒ දෙකේ වෙනස දාල තියෙනවා මෙන්න මේ විදිහට...
ආදරය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ දෑසට දෑස හමුවීම.
රාගය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ තොල් පෙති හමුවීම.
ආදරය : ඔබ ඔහු/ඇය සමඟ ඔබේ ජීවිතය හා බැඳුනු සියලු දේ බෙදාගැනීම.
රාගය : ඔබ ඔහු/ඇය ගේ ජීවිතය හා බැඳුනු සියල්ල කඩාවඩා ගැනීම.
ආදරය : ඔබට sex යන්න එතරම් වැදගත් නොවේ.
රාගය : ඔබට sex යන්න හැමදේම වේ.
ආදරය : ඔබ ඔහු/ඇය ගැන ආදරණීය නිසඳැස් ලියනු ඇත.
රාගය : ඔබ ඔහු/ඇයට ලියා දෙන එකම දේ දුරකතන අංකය පමණයි.
ආදරය : ඔබ ඔහු/ඇය ගැන නිතරම සොයා බලයි.
රාගය : ඔබට ඔහු/ඇය ගැන සොයා නොබලා බැරි කමට සොයා බලයි.
ආදරය : ඔබ මූණු පොතේ relationship status, In a relationship + ඔහු/ඇයගේ නම සඳහන් කර සියල්ලන්ටම ඔබගේ ආදරය ගැන ආඩම්බරයෙන් පෙනෙන්නට හරී.
රාගය : ඔබ මූණූ පොතේ relationship status, In a relationship ලෙස පමණක් සටහන් කොට තබයි.
ආදරය : ඔබගේ එකම පැතුම වෙන් නොවී සදාකල් ඔහු/ඇය සමඟ ගත කිරීමටයි.
රාගය : ඔබගේ එකම පැතුම සදහටම ඔහු/ඇය සමඟ ගත නොකිරීමටයි.
ආදරය : ඔබ සිතනුයේ ඔහු/ඇය සමඟ කරන දේවල් ගැනය.
රාගය : ඔබ සිතනුයේ ඔහු/ඇයට කරන දේවල් ගැනය.
මොනව උනත් බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් මාව කියවලා ගියාට සහෝ..
හදිසියට කියවන්න බැලුවට...අමාරුයි... නිදහසේ කියවන්න ඕනෙ ලියවිල්ලක්...පස්සෙ වෙලාවක අයෙත් එන්නම්...
ReplyDeleteආදරේ.. ආදරේ කියන්නෙ මහ පිස්සුවක්..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteආදරේ ඇත්තටම ගොඩාක් සුන්දර දෙයක්.එක සදාතනික සත්‍යක් ...........කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්නේ ගොඩක් කලාතුරකින්.......එත් ඒ ආදරේ එයට කියන්න අපිට හැමවෙලාවෙම අවස්ථාව ලැබෙනවද ? අපිට කොච්චර උවමනා උනත් එයාට ආදරය කරන්න.එයට ලං වෙන්න එක ජීවිතේ හැම තැනකදීම කරන්න බෑ. සමහර විට දෙමාපියන්ගේ බලපෑම් නිසා, සමහර විට දෙමාපියන්ට තියෙන ආදරය නිසා එහෙමත් නැත්නම් එයටම තියෙන ආදරය නිසා. තවත් සමහර දේවල් ලබාගන්න ආදරය කැපකරන්නත් වෙන්ව.....ගොඩක් වෙලාවට තමන්ගේ අධ්‍යාපනය හරියට කරගන්න වෙලාවට මේක ගොඩක් දෙනෙක්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්....සමහරු මේ දෙකම දිනාගන්නවා...ඒ අතරේ සමහරු මේ දෙකම නැති කරගන්නවා...
ReplyDeleteආදරය තමයි මේ ලෝක තියෙන ජීව