සෑහෙන කාලෙකින් පස්සේ මේ ආයෙත් බ්ලොග් සටහනක් ලියන්න අවස්ථාවක් ආවේ. මෙහෙමවත් ලිවේ නැත්නම් සින්ඩිකේටර්වලින් මාව එලවල දාන්නත් බැරි නෑ. මම ඉතින් පෝස්ට් නොලිව්වට සිංහල වෙබ් අවකාශයේ ලියැවුණු අඩවි පුලුවන් හැම වෙලාවෙම කියවනවා. හැමෝටම අවුරැදු පහුවුනත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ කියන්න යන්නේ console cable එකක් හදාගන්න ආකාරය ගැන ඉතාමත් කෙටියෙන්. Cisco console cable, RJ45 DB9 cable, DB9 to 8 pin connector, RJ45to serial cable, Management Cable කියලත් හදුන්වන්නේ මෙයමයි. මුල්ම කාලයේදී මේ කේබලයත් RJ45-RJ45 කියන ආකාරයේ නිර්මාණයක් වුනා කියලයි මම අහල තියෙන්නේ. නමුත් අද වෙනකොට මෙය RJ45-DB9 ලෙසින් පරිගණකයේ serial port එහෙම නැත්නම් COM port එකට සම්බන්ධ වෙන තැනටම ඇවිත්. අලුතෙන් එන Cisco devices එන්නේ DB9 adaptor එකකුත් එක්කයි. මෙහිදී මතක තියාගත යුතු වැදගත් කරැණ තමයි console cable එකක් හරහා ගමන් කරන දත්ත Ethernet data නොව serial data යන්න වග. මෙහි එක පැත්තක් Router එකේ Console port එකට හා අනෙක් කෙළවර පරිගණකයේ Com port (serial port) එකට කරල සම්බන්ධ කිරීමෙන් අපට Router එක හා සම්බන්ධ වීමට පුළුවන්. DB9 වශයෙන් හදුන්වන සිදුරැ නවයකින් යුත් කනෙක්ටරයෙහි female වර්ගයත් RJ45 කනෙක්ටරයත් UTP CAT 5E කේබලයකුත් තමයි අපිට මේ සදහා අවශ්‍ය වෙන්නේ. පහත රෑපයේ විස්තර කරල තියෙන විදිහට මේ ආකාරයේ කේබලය ඉතාමත් පහසුවෙන් හදාගන්න පුලුවන්.
පෝස්ට් එක කෙටියෙන් අවසන් කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා. ගැටලු සහගත තැනක් වෙතොත් විමසන්නත් පුලුවන්.

