Sunday, May 22, 2011

පරිගණක ජාලකරණය පාඩම 15 - IP Address classes



                                මතකයිනේ අපි  Binary සහ Decimal පිලිබදව පහුගිය පාඩමේදි කතාබහ කලා. පහු ගිය ලිපියෙන් කිව්වා වගේම අද බලන්න යන්නේ IPv4 වර්ගයේ  IP Address එකක් ජාලයක් තුල  සන්නිවේදනය සදහා යොදාගන්නා ආකාරය පිලිබදවයි. ඔයාල දැන් හොදටම දන්නවානේ bits 32ක binary number එකක් decimal  4 ක value එකක් විදිහටයි පෙනි හිටින්නේ කියන එක‍. ඒ වගේම හැම bits 8 කම වු ඩෙසිමල් අගය (0 සිට 255 දක්වා වු range එක) අපි octet ලෙසින් ව්‍යවහාර කරන බවත් මතකයිනේ. ඒකට කියන්නේ "dotted decimal notation" යනුවෙන් බවත් දැන් මතකයට එනව ඇති. Binary to Decimal සහ Decimal  to Binary වලට පරිවර්තනය කිරීම පිලිබදව කතාකල නිසා අපිට දැන් කතා කරන්න යන IP classes වලට ලේසියෙන් හා ඉක්මනින්ම අවශ්‍ය කරන IP ප්‍රමානය assign කරගැනීමට වගේම   ගැලපෙන Network address range එක නිර්මාණය කරගැනීමටත් හැකිවේවි.
                            ඉතින් මේ IP address එකක් කොටස් දෙකකට දැක්විය හැකියි. ඒ Network part හා Host part ලෙසින්. ඒ කියපු  Host part එකම අපි node, local යන නම් වලිනුත් හදුන්වනවා. අපි මෙහිදි class එකක් ලෙස හදුන්වන්නේ යම් address එකක් අපි "X.X.X.X." ලෙස ගත්තොත් එහි මොන part එකද  network address එකට අයත් වන්නේ හා මොන part එකද  host address එකට අයත් ව්න්නේ යන්න දැනගැනිමයි. සිද්ධාන්තයට අනුවනම් මේ 32 bit IP addresse එක, 232= 4,294,967,296 (approximately 4.3 billion) පමණ වු පරිගණක ප්‍රමාණයකට ගැළපෙන සේ යෙදිය හැකියි. නමුත් ප්‍රායෝගිකව ඒ ගණන වලංගු නැ. මොකද  සමහර IP address ranges විශේෂ කාර්යයන්ටම  වෙන්කර පවතිනවා. ඒ නිසා ඒවා වෙනත් කාර්යයකට භාවිතයට ගැනිම බොහෝවිට සිදුවන්නේ නැ.මම ඒ ගැන මෙහි අවසානයට කතා කරන්න ඉතිරි කරන්නම්.

Address classes 


       IP Address එකක් ලෝකයේ ඕනෑම තැනක පොදුවේ භාවිතා කල හැකි ආකාරයට යම් කිසි සම්මුතියකට යටත් කර, ලෝකයේ කොහේ හෝ තැනක IP Address එකක් භාවිතා වනවා නම් එය මේ ආකාරයේ එකක්  විය යුතු යැයි  ප්‍රකාශයට පත්කර ඇත. ඉතින් මේ ආකාරයෙන්ම මෙම IP Address  Classes නිර්මානය කිරීමත් සිදු කර තිබෙනවා.මෙසේ Address  Classes එකක් සදහා මුලිකවම අපි භෘවිතයට ගැනිමට යන Network එ‍කට අයත් විය හැකි host හා network  ප්‍රමාණය පදනම් කරගෙන තිබෙනවා. එනම් එතරම් පරිගණක ප්‍රමාණයක් නොයෙදෙන කුඩා Network එකක් සදහා ඒ ආකාරයේ කුඩා Class එකක්ද , ඊට වඩා ටිකක් විශාල එකකට තවත් එකක්ද  විශාල   Network එකකට තවත් එකක්ද වශයෙන් ඒ.  මොකද ඒ ආකාරයට තමන්ට හරියටම ගැලපෙනම පරාසය ලබාදුන්නාම ජාලය ජංජාලයක් නොවි ගත හැකි උපරිම පර්ෆෝමන්ස් යටතේ ක්‍රියාකල හැකිවිම එහි වාසියයි. ඒවගේම එතකොට පිටතින් එන අතුරැ ආබාධ වුවත් ලෙහෙසියෙන්ම හොයාගෙන විසදුම් දෙන්නත් හැකියි.
                   IP Address Classes පහක් තිබෙනවා පහත දැක්වෙන ආකාරයට. නමුත් මෙයින් අප‍ගේ භාවිතයට ගැනෙන්නේ බොහෝවිට  තුනක් පමණයි. අනෙක් classes දෙක ‍අපි Multicast, Broadcast වැනි වෙනම වු විශේෂ කටයුතු සදහා යොදාගන්නවා. Unicast, Multicast, Broadcast Transmission කියන්නෙ මොනවද කියල අවසානයේදි කතා කරමු.




Class A 




begin with 0xxx, or 1 to 126 decimal.
යොදා ගන්නේ  - විශාල Host ප්‍රමාණයක් ඇති  ජාලයකටයි.
First Octet -  1 සිට  126 දක්වා වු අගයක් යෙදිය හැකියි. 
Network Address -  n/w address එක පලමු  bit 8 හෝ   first octet එකයි.
මෙහි  network  addresses 126 ක් (27 - 1) ලබා දෙයි. 
Host/Node Address - Host address එක අවසාන  bit 24 හෝ  අවසන්  octets 3 යි .මෙහි  host addresses 16,777,214 (224-2)ක් ලබාදෙයි.
‍class A can be shown as -
network.host.host.host


Class B 





begin with 10xx, or 128 to 191 decimal.
යොදා ගන්නේ  - මධ්‍යම ප්‍රමාණයේ පරාසයක දුවන ජාලයකටයි.
First Octet -  128 සිට 191 දක්වා වු අගයක් යෙදිය හැකියි. 
Network Address -  n/w address එක පලමු  bit 16 හෝ  පලමු octet දෙකයි. 
මෙහි  network addresses 16,384  ක් (214) ලබා දෙයි. 
Host/Node Address - Host address එක අවසාන  bit 24 හෝ  අවසන්  octets 3 යි .
මෙහි  host addresses 65,534 (216 -2)ක් ලබාදෙයි.
‍class B can be shown as -
network.network.host.host


Class C




begin with 110x, or 192 to 223 decimal.
යොදා ගන්නේ  - කුඩා Host ප්‍රමාණයක් ඇති  ජාලයකටයි.
First Octet -  192 සිට  223 දක්වා වු අගයක් යෙදිය හැකියි. 
Network Address -  n/w address එක පලමු  bit 24 හෝ  පලමු octet තුනයි. 
මෙහි  network addresses 2,097,152   ක්  (221 ලබා දෙයි. 
Host/Node Address - Host address එක අවසාන  bit 24 හෝ  අවසන්  octets 3 යි .
මෙහි  host addresses 254 (28 -2)ක් ලබාදෙයි.
‍class B can be shown as -
network.network.network.host



Class D 




begin with 1110x, or 224 to 239 decimal.
යොදා ගන්නේ -  multi casting (one to many)සදහායි. එනම් multicast messages එකක් වෙනත්  group එකකට හෝ  host machines වලට යැවිම උදාහරණ වශයෙන් දැක්විය හැකියි.
First Octet - 224  සිට 239 දක්වා වු අගයක් යෙදිය හැකියි. (Starts with binary bits - 1110).
මෙහිදි මතක් කල  යුතු විශේෂ කරැණ නම් මේ Class D යනු  special purpose සදහා  reserve කල  Class එකක් යන්නයි. ඒ වගේම මේ range එකට අයත් අගයන්   IP network එකකට හෝ  අන්තර්ජාලයේ කටයුතු සදහා හෝ assign කර නැත.

Class E 




begin with 1111x, or 240 to 255 decimal.
යොදා ගන්නේ  -  experimental purpose සදහා යොදාගනි.
First Octet -  240  සිට 255 දක්වා වු අගයක් යෙදිය හැකියි.
Class D වල වගේම  class E  යනු  special purpose සදහා  reserve කල  class එකකි. මේ range එකේ පරාසයන්ද  IP network එකකට හෝ  අන්තර්ජාලයේ කටයුතු සදහා හෝ assign කර නැත.එමෙන්ම  මේ range එකටම අයත් 255.255.255.255 දරණ  IP address එක අපි  Broadcast (one to any)සදහා භාවිතා කරනවා .
            මෙන්න මෙතන තියෙන table එක මගින් තව දුරටත් පැහැදිලි කරගන්න පුලුවන්.  Network හා Host ID පිලිබදව ඉහත දැක්වු කරැණු වල සාරාංශයක් තමයි මෙතන තියෙන්නේ.



 IP Address Class Network and Host Capacities
IP Address Class
Total # Of Bits For Network ID / Host ID
First Octet of IP Address
# Of Network ID Bits Used To Identify Class
Usable # Of Network ID Bits
Number of Possible Network IDs
# Of Host IDs Per Network ID
Class A
8 / 24
0xxx xxxx
1
8-1 = 7
27-2 = 126
224-2 = 16,277,214
Class B
16 / 16
10xx xxxx
2
16-2 = 14
214 = 16,384
216-2 = 65,534
Class C
24 / 8
110x xxxx
3
24-3 = 21
221 = 2,097,152
28-2 = 254


මං හිතන්නේ අවුලක් නැතිව ඇති නේද? ඊලග පෝස්ට් එකෙන් Network ID, Host ID හා Loopback Address පිලිබදවත් තව දුරටත් කතාකරමු.  එ‍තෙක් ඔබට ජය...

Sunday, May 15, 2011

පරිගණක ජාලකරණය පාඩම 14 - Binary සහ Decimal


               
                මතකයි නේද  bits 8ක් එක byte එකකට සමානයි කියන එක. එයින් අදහස් කරන්නේ  byte එකක bits 8 ක් තියෙනවා කියන එකනේ. ඒ එක byte එකක් සමානයි  Octet එකක්. එහෙනම්  bits 8ක්  කියන්නෙත්  octet එකක් කියන එකයි. octet එකක එහෙනම්  8 bit ක බලයක්(Base Value) තිබෙනවා.මං ඒ ගැන කීව එකේ දාන්නම් Traditional byte units පිලිබදව වූ විස්තරයක් පහලින්. Ip address එකට  bit 32තිබෙනවා කියන්නේ අන්න ඒකයි.
    bits 8 බැගින් වූ octet හතරක් තියෙනවනේ.එහෙමත් නැත්නම් bytes 4කින් යුත් බලයක් එකතු වෙනවා මෙහිදී. (There means value of this system is putting as 8 bits value) .තව දුරටත් අවබෝධ කරගැනීමටනම් මේ රෑපය බලන්න . ඒ වගේම විකියෙත් බලන්න.


 Translating Decimal  to Binary

මුලින්ම මේ රෑපය බලන්න.
     මෙයින් පෙන්වන්නේ  කොහොමද සංඛ්‍යාවක් 2 පාදයට හරවා ලියන්නේ කියලයි. මං හිතන්නේ ඔක්කොම විස්තර එතනම තියෙනවා. මේ ආකාරයට බෙදා ඉතුරැ වන  සංඛ්‍යා සියල්ල අවසානයේ සංඛ්‍යාවේ සිට ඉහලට ලිවිය යුතුයි. 192 කියන්නේ  දහයේ පාදයේ සංඛ්‍යාවක්. ඉතින්  11000000 කියන පිළිතුරයි අපිට 2 පාදහයන් ලිවාම එන්නේ.ඉතින් ඒ අකාරයට දහයේ පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයෙන් ලියනවා වගේම  Network address එකක් දෙකේ 2 පාදයෙන් ලිවීම තුලින් අප බලාපොරොත්තු වෙන්නේ  Network එකක් සැකසීමේදී එම Network එකට අපිට දිය හැකි හොස්ට් ගණන(පරිගණක) හා නෙට්වර්ක් ගණනට සිරාවටම  ගැලපෙන Network address range එක නිර්මාණය කරගැනීමයි. එමගින් අපගේ ජාලයෙන් අපිට උපරිම performance ඇතුව වැඩ ගන්න පුලුවන්.ඒ වගේම අනවශය ip ප්‍රමාණයක් අපතේ නොයවා   ගැලපෙනම රේන්ජ් එකේ ගියාම ඒ ජාලය තුල ඇති අනවශ්‍ය slow වීම් වලක්වා ගත හැකියි. තවත් ක්‍රමයක් තියෙනවා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න. මම නිකමට දාන්නම් ඒකත්. හැබැයි ඒකනම් ටිකක් කතන්දරයක් වගේ කියලා මට එහෙම බනින්න එපා ඔන්න.


       The base 2 table  කියලයි මේ ක්‍රමය හදුන්වන්නේ. මුලින්ම base 2 table  එක ලියාගෙන තමයි වැඩේට බහින්නේ. මෙහිදි 156 කියන අගයයි බයිනරි කරලා තියෙන්නේ.

Translating Binary to Decimal
   අපි බලමු මෙහිදී 10011011 කියන Binary එක කොහොමද දෙකේ පාදයෙන් ලිවාම ලැබෙන්නේ කියලා.පහත රෑප පෙල උදාහරණයට ගන්න.






එක්  Octet එකක් සදහා අපට යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ bit 8යිනේ. 255 (28 )යි.

20  = 1
21 = 2
22 = 4
23 = 8
24 = 16    
25 = 32
26 = 64
27 = 128

එකතුව 255 යි.
අපේ ජාලයේ  විශාලතම Network address වන්නේ එතකොට 255.255.255.255 යි.
        හරිනේ. අවුලක් නැ නේද ඒ හරිය. ඉතින් අපි ඊලගට බලමු  මේ  IPv4 වර්ගයේ  IP Address එකක් ජාලයක් තුල  සන්නිවේදනය සදහා යොදාගන්නා ආකාරය පිලිබදව. නැවත හමු වෙන තුරැ ජය.

Saturday, May 14, 2011

පරිගණක ජාලකරණය පාඩම 13 - IP address



         අපි අන්තර්ජාලය භාවිතා කරන විටදී නිතරම ව්‍යවහාරයට එන වචනයක් තමා මේ  IP address (අයිපී ලිපිනය)කියන්නේ. IP (අයිපී) කියන්නේ Internet Protocol කියන අදහසයි. මොකක්ද හැබෑටම මේ? අන්තර්ජාලය භාවිතා කරන හැම උපාංගයකටම එයටම වෙන්වූ කේතනයක් තිබෙනවා. අන්න ඒකටයි අපි IP address එකක් කියන්නේ.අපි එයට  unique identifying number කියලත් කියනවා.  IP එකකට ආර්ශනයක් පහත ආකාරයට දැක්විය හැකියි. 

172.16.2.137

            මිනිස් වර්ගයාට මෙය මතක තබා ගැනිම පහසු කරවිම සදහා මේ IP addresses සියල්ල  decimal format එකෙන් එනම් "dotted decimal number" එකක් ආකාරයට ඉහත අයුරින් දක්වනවා. එනමුත් පරිගණක අතරේදී මෙය සන්නිවේදනය වන්නේ  binary form එකක් ආකාරයට. පරිගණකයක් භාවිතාකරනවිට එහි  RAM සහ hard disk යන දෙකෙහිම capacities මනින්නේ bytes වලින් බව මතක් කරගන්න. උදාහරණයක් විදිහට අපි පරිගණක ගැන කතාකරද්දි  "This computer has a 32-bit Pentium processor with 64 megabytes of RAM and 2.1 gigabytes of hard disk space" කියා කියනවා අහලත් ඇති. එතනින් අපිට තේරැම් ගන්න හැකියි මේ  Bits සහ Bytes වලට ඇති සම්බන්ධය මොන වගේද කියන එක.

IP Address ප්‍රභේද
මේ වන විට  ලෝකයේ පරිගණකවල  IP Address වර්ග 2ක් කරලියට ඇවිත්. එනම්,

IPv4 (IPversion 4)
IPv6 (IPversion 6)
යන‍ දෙවර්ගය.

 IPv6 (IPversion 6) - 


  මුලින්ම IPv6 පිලිබදව කතාකරල ඉන්නම්. මොකද IPv4වලදි අද දවසේදී කතාකරන්න තියෙන පරාසය ගොඩක් පුලුල් නිසා. අපිට අපේ අන්තර්ජාල කටයුතු සදහා යොදාගතහැකි  IP ප්‍රමාණය ‍මේ වනවිට බොහොමයක්  අවසන්ලු.  සන්නිවේදනය සදහා අපි මේ වනවිට භාවිතයට ගන්නා   IPv4 ප්‍රොටොකොල් එක තුල ඇති ඉඩ දැනටමත් අවසන් වි තිබෙනවා. නමුත්  IPv6 වලට මාරු විමේදි IP address ඉතා විශාල  ප්‍රමාණයක වාසිය අපිට ලබාගත හැකියි. ඉතින් මේ  ඉවර වෙන්න යන   ipv4 වලින් දෙන්න පුළුවන් address ප්‍රමාණය  බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් මට මතක විදිහට. නමුත්  ipv6 වලින් දෙන්න පුලුවන්  address ප්‍රමාණය නොගිනිය හැකියි. ගාන ඉලක්කමෙන්  කියන්න තේරෙන්නෑ එච්චරටම තියනවා address.එතකොට බෙදාගෙන කන්න තරම්  තියනවා address. අන්තර්ජාලය හා ගනුදෙනු කරන  හැම device එකක්ම setup කරන්න වෙනවා අළුත් IPversion 6 වලට.ඉතින් මේ වෙනකොට IPv6 ලෝකයේ ඉතා වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ලංකාවේ SLT එකත් මේ IPv6 පාවිච්චි කිරීම දැනටමත් අරඹලයි තියෙන්නේ. SLT site එකේ  packet trace වෙද්දි එහි  IPv6 වල  සටහන් යාන්තමට වගේ ලකුණු වෙලා තියෙනවා දැකගන්න හැකිවේවි. මේ   IPv6 address  එකකට උදාහරණයක් මේ -
3ffe:1900:4545:3:200:f8ff:fe21:67cf


IPv4 (IPversion 4) -


 මේ තමයි වර්තමානයේදි අන්තර්ජාලය තුල සන්නිවේදනය සදහා වු  ප්‍රචලිතම   ප්‍රොටොකෝලය. IPv4 Address එකක ප්‍රධාන කොටස් 2ක් දැක්විය හැකියි. 

1. Network ID (Network part)
2. Host ID (Host part)

    මුලින්ම පොඩි අව‍බෝධයක් ගමු  Network ID එකක් හා  Host ID එකක් එකතු වි කොහොමද මේ ආකාරයට IP Address එකක් නිර්මාණය වේන්නේ කියලා. IP address එකක් ගත්තාම අපිට එහි  byte 4ක් දක්නට හැකියි. මේ ආකාරයේ  byte එකක් අපි  Octal නැත්නම් octet එකක් කියලත් හදුන්වනවා.IPv4 වලදී  ඕනෑම Network address එකක්  ගත් විට එහි එක් ඉලක්කම් කාන්ඩයක් එනම්  octet එකක් සදහා අපට යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (27 )යි. එනම්  Octal එකක උපරිම අගය 255 සහ අවම අගය 0  ලෙසින් එය සාරාංශ කල හැකියි. එසේ පෙන්වන Decimal අගය  Binary වලින් නම්  බිටු අටකින් යුත්  (8 bit) සංඛ්‍යාවක් ලෙසින්  පෙන්වනවා. Bit යනු  අප යම් සංඛ්‍යාවක් දෙකේ  පාදයෙන් ලියන විටදී  එහි ඵලය වන්නාවු  1 හා 0 අප Bit ලෙස හදුන්වනවා. මේ ඉලක්කම් ගැන හොද අවබෝධයක් ගන්න පුලුවනි මෙතෙන්ට ගියොත්.
          කොහොමද සංඛ්‍යාවක් 2 පාදයෙන් ලියන්නේ හා binary, decimal ගැනත්  මං ඊලග ලිපියෙන් ලියන්නම්. අද මහන්සියි වුනත් නිදාගන්න ගියාට නින්ද යන්නේ නැති නිසයි ඇහැරගෙන මේ පෝස්ට් එක ලීවේ...

Thursday, May 12, 2011

ඔබේ නමින් ඔබේම කියා ලිනක්ස් සංස්කරණයක්...



         ඔබ කැමති ආකාරයේ මෘදුකාංග මෙන්ම අවශ්‍ය වෙනත් Tools සහ Utilities යොදාගෙන ඔබේ රැචිකත්වය මත Open Sourse(ඕපන් සෝස් කියන්නේ ෆුල්ම ෆුල්   Open Sourse...) මෙහෙයුම් පද්ධතියක් තනා ගැනිමේ පහසුකම Suse Studio මඟින් සලසා දි තිබෙනවා. මිට පෙර මෙහි තිබුනාටත් වඩා ඇඩෝන ප්‍රමාණයක් තොරාගැනිමේ හැකියාව එය සතුයි. මේ වනවිටත් Suse Linux 11 සංස්කරණයත් නිකුත් වි තිබෙනවා.මං ලිනක්ස් ගැන දන්නෙම නැති වුනාට ටිකක් අතලත ගාලමයි වැඩකිඩ අල්ල ගන්නේ නොදන්න දේවල්වල. විස්තර මෙහෙමයි.ඔන්ලයින් ඕඑස් එකක් හදාගන්න පුලුවන් තැනක් මේ. 


                           මෙහි ඇති වාසිය නම් අවශ්‍ය කරන Software Add කරගැනිමේ හැකියාව,  Appliances කැමති ආකාරයකට  Configure කර ගැනිමේ හැකියාව, නොමිලේ දෙනුලබන යෙදවුම් අනවශ්‍ය නම් අලුතින් Appliances  Create කර ගැනිමේ හා ඒවා පරික්ෂාකර බැලිමේ හැකියාව(Testing Appliances) යනාදින්ගෙන් මේ ඔන්ලයින් මෙහෙයුම් පද්දති නිර්මාණය පොහොසත්. මෙම ක්‍රියාවලිය අපිට  Suse Studio web site එක තුලම සිටම සිදුකර ගැනිමේ අවස්ථාව ලබාදි තිබෙනවා. ඔබට මෙහිදි ටිකක් වේගවත් අන්තර්ජාල සබදතාවයක පහසුකම බලාගැනිමේ හැකියාව ඇත්නම් ටිකක් වැදගත් වේවි මොකද මෙම Suse Studio වෙබ් අඩවිය තුලින්ම ඔබ නිර්මාණය කරගත් මෙහෙයුම් පද්ධතියේ Test Drive එකක් රන් කිරිමට අවශ්‍ය වුවහොත් එයට ‍වේගවත් අන්තර්ජාල සබදතාවයක් වැදගත්. ඒත් අත්‍යවශ්‍යම නෑ. තිබුනොත් හොදයි කියලයි කිවේ. එමෙන්ම ඔබ නිර්මාණය කරගත් ඒ OS එක ඔබට අවශය පරිදි  Live CD/DVD iso එකක් විදිහට හරි,  USB stick/Hard Disk image එකක් ,VMware/VirtualBox(.vmdx),Virtual Machine, Preload Iso ආකාරයට වගේ අවශ්‍ය ඕනැම ආකාරයකට ඩිවයිස් එකකට පිටපත් කිරිමත් සිදුකරගත හැකියි. ඒ නිර්මාණය කරන OS එකට ඔබට අවශය පරිදි තමාගේම Wallpapers,KeyBoard layout,Desktop,Login Screen, Language එක, Start up Program මෙන්ම අපිට ඕන කියන ඔනම  file එකක් මෙයට සම්බන්ධ කරගත හැකියි.
                        ඔබට මේක කරන්නේ කොහොමද යන්න අවබෝධයක් නැත්නම් කරන්නේ කොහොමද කියන එකත් මෙතනින් බලාගන්න හැකිවේවි.ඔබට Gmail account එකක් ඇත්නම් ගොඩක් ලේසි වේවි. මුලින්ම   User Account එකක් ඒ ඔස්සේ හදාගෙන වැඩේට බහින්න.Architecture එක 32 bit ,64 bit ලෙසටත්, SUSE Linux Enterprise 11 මෙන්ම SP1 ලෙසටත්  KDE සහ  GNOME desktop ලෙසටත්  Server වර්ෂන් එකක් විදිහටත් තෝරාගැනිම් ගොඩක් තියෙනවා. කිව්වේ බොහොම ටිකයි. කරලම බලන්න ලාබ නොලබන ආයතනයකින් කරන අගේ ඇති වැඩක්. නැවත හමුවෙන තුරැ ජය....

ප.ලි - 
මට පොඩි උත්තරයක් ඕන මගේ යාලුවන්ගෙන්. 
ඇයි මේ ගැනු ලමයි පොඩිදේටත් පොඩ්ඩ ඇත්නම් තරහවෙන්නේ?  .

Monday, May 2, 2011

HDMI සහ HDTV තාක්ෂණය


               HDMI   තාක්ෂණය පිලිබදව කතා කරන්න හදද්දී HDTV පිලිබදවත් කියන්න වෙන නිසායි ඒ ගැන මුලින්ම සදහන් කරලා ඉන්න හිතුවේ. අවතාර් චිත්‍රපටිය නරඹන්නට ගිය රසිකයෝ 3D කණ්ණාඩි පැළඳගෙන සිනමාවේ රස වින්දා කියලා ඔයාල අහලා තියෙනවද. ඒ මේ තාක්ෂණයේ තවත් එක්තරා පැත්තක්මුලින්ම අපි බලමු HDTV යනු කුමක්ද කියලා. HDTV යනු High Definition TeleVision යන්නෙහි කෙටි නමයි.  මෙයින් නිරෑපණය කරන්නේ ඉතා ඉහල විභේදනයක්  සහිත රූපවාහිනී වර්ගයක් මෙන්ම එවන්ම වූ  කැමරාකරණයකි.  HDTV ගණයට අයත්වන  රූපවාහිනී වල විභේදනය ඉතා ඉහල වන අතර ඒ නිසාම (High Quality) තියුණු රූප තිරය මත පතිත කරන අතරම digital surround sound අන්තර්ගතයිHigh Definition TeleVision වෙලදපොලට පැමිණියේ 1998 වසරේදී පමණ. වසර ගණනාවක සිටම අප නිවෙස්වල තිබෙන්නේ කැතෝඩ කිරණ ටියුබයකින් සමන්විත CRT TV නමින්  අප හදුන්වන  රූපවාහිනී යන්ත්‍රයි. එයට ලබාගන්නා analog signals ආධාරයෙන් තමයි අපි picture and sound අප රැපවාහිනියට ලබාගන්නේ. ඉතින් මෙම analog signal කොතැනක හෝ තිබෙන  රෑපවාහිනියකට  ලගාවන්නේ අවකාශය හරහායි. (over the air, through a cable or via satellite).


HDTV එකක රෑපාවලිය ගුණාත්මයෙන් උසස් වීමට බලපාන කරැණු
Aspect ratio  රෑපක අනුපාතය (තිරයේ පලල හා උස අතර අනුපාතය) Standard television එකක  aspect ratio එක  4:3  ක් වෙනවා. එනම්   units හතරක් පලලින් හා ‍units තුනක් උසට. උදාහරණයක් නම් අඟල් ඇනලොග් රූපවාහිනියක තිරය අඟල් 20ක් දිග වෙද්දී   පලල අඟල් 15ක් වෙනනේ මේ කියූ  4:3 අනුපාතයටයි. HDTV එකක මෙම අගය 16:9 වෙනවා. එනම් පලල අගල් 16ක් වන විට  උස අගල් 9ක් වෙනවා. ඉහලින් දැමූ රැපය බලන්න. ඉතාමත් පුලුල් තිරයක් ඉහල විභේදනයකින් යුතුව ලැබෙන ආකාරය පෙනේවි. අද කාලයේ ‍film එකක් වුනත් එන්නේ මේ resolution එකට සමාන Wide Screen ආකාරයටයි. මේකත්  හරියට movie screen එකක් ව‍ගෙයි. ඔබේ පරිගණකයේ මොනිටරයත්  LCD එනම් (Wide XGA resolution) නම් ඔබට තොරාගත හැකි පරාසය ඉතා ඉහලයි. එය 800x600 සිට 1360x768  දක්වා පරාසයක් තෝරාගත ගැනිමේ අවස්ථාව තිබෙනවා. අපි ඒ තිර විබෙදුම  1360x768 ට දැම්මොත් වෙනස පැහැදිලිව පෙනේවි. එනම් ලැබෙන රෑපය high quality එකක් වේවි. හොදට Gaming වලදි එහෙම මේක වැදගත් වෙනවා.


Resolution - තිරයේ විභේදනය - වර්තමාන රූපවාහිනීවල තිරයේ විභේදනය 704 x 480 pixels පමණ වෙනවා. එහි අදහස වන්නේ තිරයේ රෑපයක් නිර්මාණය කිරීමට pixel 337920 ක් ප්‍රයෝජනයට ගන්නා බවයි. නමුත් වර්තමාන High Definition TeleVision එකක මෙම   විභේදනය 1920 x 1080 pixels පමන ඉහල අගයක් ගන්නවා.   HDTV වල අපිට දකින්න පුලුවන්  720p, 1080i මෙන්ම  1080ව යන්නෙහිම p යන්නත්. මේ කියන ඉලක්කම් වලින් දක්වන්නේ තිරයේ උස ප්‍රමාණය පික්සල් වලිනුයි. මෙම frame rates සාමාන්‍යයෙන් අපි අවසන් කරන්නේ "i" (interlaced) හෝ  "p" (progressive) යන්න මුල්කර‍ගෙනයි. " p "  progressive කියන්නේ progressive scan නම් තාක්ෂණය භාවිතයට ගන්නා තිරවලටයි. " i " interlaced කියන්නේ  interlace scan තාක්ෂණය භාවිතයට ගන්නා තිරවලටයි.


Frame rate  ෆ්‍රේම්ස් නොහොත් frequency - මෙහි අදහස එක් තත්පරයක් තුලදි කොපමණ වාර ගණනක් අදාල රෑපය තිරයේ සටහන් කරනවාද යන්නයි.   frequency  ලෙසත් මෙයම නම් කල හැකියි.
"P"rogressive Technology -  තිරයක් ගත් විට එහි එහා මෙහා වන  අංග චලනය කරන  රූපයක් අපිට නැරඹිය හැකිවන්නේ ඒ මත  ඉතා වේගයෙන් දහස්වාරයක් ඇදෙන නිශ්චල  රෑප විශාල ප්‍රමාණයක් නිසාය. මේ  නිශ්චල  රෑප ගොඩ නැංවීමේදී තිරස් තීරු (horizontal lines) විශාල සංඛයාවක් එකතුවෙනවා. උදාහරනයක් විදිහට රූපවාහිනි තිරයක තත්පරයට මෙවැනි නිශ්චල  රෑප  48-60 අතර වූ සංඛ්‍යාවක් ගොඩනැංවෙනවා. එසේ ඇදෙන  නිශ්චල  රෑප දැන් එසේ එක ලග ලග move වන නිසා රෑපය  චලනය වන ආකාරයක් අපේ ඇසට ග්‍රහණය කරගන්න එකයි මෙහිදී සිදුවන්නේ.  එනම් විභේදනය 720 නම් එහි තිරස් pixel 720 ක් අන්තර්ගතයි. එය එක් frame එකක් නිර්මානය කිරීම සඳහා තිරය මත මොහොතින්  pixel  720ක් ඇඳ ක්ෂනිකව ෆ්‍රේම් එක නිර්මාණය කරයි. ඒ විගසම අනෙකද නැවත එය  මැකීගොස් ඊලඟ ෆ්‍රේමයද ඇදෙමින් චලිත රෑප නිමවයි. අපි මේ තාක්ෂනය හදුන්වන්නේ progressive යනුවෙන්. frame එකේ ඉලක්කම අවසානයට " p " අකුර සටහන් වෙනවානම් එහි අදහස මෙයයි.

"I"nterlaced Technology -  ඉහත තාක්ෂණයේදී ෆ්‍රේමයෙන් ෆ්‍රේමයට (Frame by frame) අලුතෙන් pixel ඇදෙන නමුත්  මෙහිදී ෆ්‍රේමයෙන් ෆ්‍රේමයට ඇඳෙන තීරු වෙනස් කිරීමකට භාජනය කරයි. අපි හිතමු තත්පරයෙන් 60න් එකක් අරගෙන එයින් එකක් තුලදී පලමු Frame එක අදිනවා කියලා. එතකොට ඊලක එක අදින්නේ පොඩි ඉන්ටර්වල් ( between two intervals) එකක් තියලයි. හරියටම කීවොත් පලමුවන ෆ්‍රේමයේදී ඔත්තේ සංඛ්‍යාවකින් දැක්වෙන pixel තීරැව පමණක් ඇඳෙන අතර පොඩි විරාමයකින් අනතුරැවයි ඉරට්ටේ සංඛ්‍යාවකින් දැක්වෙන pixel තීරැව ඇඳෙන්නේ.  එහෙත් මෙම තාක්ෂණයේදී ලබාදෙන රෑපවල තීව්‍රතාවය අඩුයි. ඒ වගේම මිලෙනුත් අඩුයි. ඉතින් මේ වනවිට ඇමෙරිකන් නිවෙස්වලින් මෙතෙක් පැවති රූපවාහිනි යන්ත්‍ර ඉවත් කෙරී High Definition TV -HDTV ඇතුල් කරගන්නට පටන් ගෙන තිබෙනවා. ලංකාවත් මේ වනවිට එයට නැඹුරැ‍ වෙමින් පවතිනවා.
     ඉතින් 1080i මාදිලියේ  රූපවාහිනිය මෙම මාදිලියේම p මාදිලියේ තිරයට වඩා විභේදනය අතින් ගත් කල පහලින් සිටින්නේ. එවිට  1080i HDTV තිරයකට වඩා 720p HDTV තිරයක් නිතැතින්ම හොද විභේදනයකින් යුත්  තිරයක් ලබාදෙනවා. ඒ interlace තාක්ෂණය මගින් එයට කරන බලපෑම හේතුකොටගෙනයි. දැන් එන නවතම Apple iphone 4G  ඉදිරියට මුහුණ ලා ඇති කැමරාවත් සමඟ 80 GB යුතු ව High Definition (HD) හැකියාවෙන් ද යුතු තාක්ෂණයක් බව ඒ  ගැන සෙවිල්ලේ ඉන්නා අය පවසනවා.

           මේ තාක්ෂණය ගෙදරටම ගේන්න (
Broadcasters) 
තාම මුල්වෙලා ඉන්නේ ප්‍රධාන පෙලේ 
කේබල් නාලිකා කිහිපයක් පමණයි. 
උපකරණ මිල අධික නිසාත් මෙවැනි තාක්ෂණයක් විසුරැවා හැරීමේ ඇති අධික වියදම නිසාත් ඒවා විකාශය කෙරෙන්නේත් සීමාසහිතවයි. ඒ අතර  
Discovery
, ESPN, 
HBO 
ආදි නාලිකා දැක්විය හැකියි. 





           අද  
HDTV චිත්‍රපටි බහුලව නොවූවත් හෙට දිනයේ හැම චිත්‍රපටියක්ම ඒ ආකාරයෙන්ම නිමවෙන්නට බලපෑමක්ද ඇතිවේ යැයි විශ්වාස කල හැකියි. 
HDMI   තාක්ෂණය පිලිබදව මීලග ලිපියෙන්වත් කතා කරමු. ඒ ගැන කතාකරන්න ආවේ වුනත් වෙන මාතෘකාවකුයි ලියවුනේ.