Thursday, July 28, 2011

USB Extension cable හා HSDPA dongle


                  USB කේබලයක් කියන්නේ එක් පසක් USB කෙලවරකුත් අනෙක් පස එය සම්බන්ධවන උපකරණයට අදාල කෙලවරකුත් තියෙන කේබලයක්. උදාහරනයක් විදිහ‍ට සීඩීඑම්ඒ දුරකථනයක් පරිගණකයට සම්බන්ධ වන USB ‍කේබලයකට වඩා විඩියෝ කැම් එකක් පරිගණකයට සම්බන්ධ වන USB ‍කේබලය වෙනස්. වර්තමානය වන විට සිග්නල් මදි වුනාම hsdpa dongle එකත් extension usb data cable එකක් හරහා පරිගණකයට සමබන්ධ කිරීමයට අපි පෙලඹී තිබෙන්නේ වැඩිපුර එක සිග්නල් කණුවක්වත් ලැබෙයි කියන හැගිමෙන්. නමුත් මේ වගේ  cable එකක් Pen එක ගහපුවාම හොදින් වැඩ කරන නමුත් hsdpa dongle එක unrecognize device කියල හෝ තිබ්බටත් වඩා වේගයේ අඩුවිමක් හෝ ඇතිවෙන්නේ ඇයි.මේකට හේතුව මොකද? hadpa dongle එකකට use කරන්න පුලුවන් cable වල standard length එකක් තියෙනවද? එහෙම සම්මත  length එකක් නම් නෑ හරියටම specify කරපු. hsdpa dongle එකකට කොහොමත් ලොකු කරන්ට් එකක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් USB device එකකින් 100 mA සිට 500mA දක්වා කරන්ට් එක ලබාදීමට හැකියි. එනම් keyboard එකකට හෝ  mouse එකකට low power mode එකෙන් හොදට වැඩකරගත හැකියි. නමුත් iPod එකකට හෝ PDA එකකට low power mode එකෙන් වැඩකරගන්න අමාරැයි.  high power mode එකක් require කරනවා. low current mode එක හා high power mode එක කියලා මෙතනදි හැදින්වුයේ  වැඩ කරන්න පුලුවන්  සහ port එකෙන් ඉල්ලන අවම ප්‍රමාණයේ කරන්ට් හා ඉහල ප්‍රමාණයේ කරන්ට් එකයි. HSDPA dongle එකත් අයිති මේ කියපු high power mode එකක් require කරන device මාදිලියටයි. සාමාන්‍යෙයන් පෙන් ඩ්‍රයිව් එකට වඩා වැඩි විදුලියක් ඩොන්ගල් එකට ඕනෙ කරනවා. සමහර විට   extension usb data cable එකේ දිග නිසා ඇතිවෙන ප්‍රතිරෝධය නිසා hsdpa dongle එකට කරන්ට් එක එනවා මදි වෙන්නත් පුලුවන්. extension usb data cable එකේ length එක වැඩි වෙන විට එහි resistance එක වැඩි වීම නිසා HSDPA dongle එක ක්‍රියා කිරීමට අවශ්‍ය current එක නොලැබීම නිසායි මේ ප්‍රශ්ණය ඇතිවෙන්නේ. ඒ වගේම  USB Hub එකකට device කීපයක් ගහපු වෙලාවටත් මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. මටත් ඒ දේම වුනා. ඒ වෙලාවේ flash Drive එක වැඩ කලත් HSDPA dongle එක වැඩ කලේ නෑ. Power අඩු වෙන එක හේතුවනම්  Front Panel USB ports වලට විතරක් හයි නොකර පරිගණකයේ පිටිපස්සෙ තියෙන rear pannel USB port වල‍ට ගහල බලන්න ඕන. ගොඩක් දුරට හරියන්න පුළුවන්.  මේ සදහා භාවිතා කල හැකි  විශේෂ කේබල් වර්ගයත්තියෙනවා. එහෙමත්  නැත්නම් කේබල් එකේ අන්තිමට powered usb hub එකක් දැම්මත් හරියනවා. සිග්නල් අඩුනම් ගන්න විදුලිය සාමාන්‍යය සිග්නල් තියනවට වඩා වැඩි  හොද quality වයර් එකක් එකක් අවශ්‍ය වෙනවා.


                 එහෙමත් හරියන්නේ නැත්නම්  Y කේබලයකින් USB දෙකක් එකතු කරල එකක් කරල ගන්නත් පුලුවන්. ඒක ගොඩක් සාර්ථකයි. එතකොට  මීටර් දෙක තුනක් වුනත් අදින්න පුලුවන් තනි හොද වයරකින්. Speed USB Cable වර්ගය නම් ගොඩක් හොදයි. බොහෝවි‍ට මෙවැනි ගැටලුවකට හේතුව  කේබල් එකේ ගුනාත්මක භාවය මතත් රදාපවතින්නත් පුලුවන්. හොද කේබල් එකක් පාවිච්චි කරන්න. ෆෙරයිට් ෆිල්ටර් තියනවනම් වඩා හොදයි. එනම් resistance අඩු කරන විශේෂ කේබල් වර්ගයක් තමයි ඒ. ඔයාල දැකලත් ඇති ඔය කෙලවරක ගෙඩියක් වගේ (සිලින්ඩරාකාර කොටසක්) තියෙන කේබලයක් ඔන්න.



          එයින් අදහස් කලේ Ferrite bead  එකක් තියෙන Ferrite Filtered කේබලයක් යොදාගන්න කියලයි. අර VGA කේබල් වල එහෙම ගැටය වගේ එකක් තියෙනව ඔයාල දැකල ඇති. . ඒ ගැටය ඇතුලෙ තියෙන්නෙ කම්බි. ඒවා විවිධ සංඛ්‍යාත වලින් ප්‍රේරනය කරනවා. ඒව පෙරන එක කරන්නෙ සරලව කීවොත වයර් එකේ Noise එක එහෙම නැත්නම් buzz එක  අඩු කිරීමක් වගේ. ඔය mobile phone වල signal buzz එක අඩු කරන්නත් මේ තාක්ෂණය භාවිතා කරනව ඔයාල දැකල ඇති. විද්‍යුත් උපකරණයක් ගත් විට එමගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග අනෙක් විද්‍යුත් උපකරණ වල ක්‍රියාකාරීත්වයට බාධාවක් නොකරන මට්ටමක් දක්වා අඩුවිය යුතුයි. එමෙන්ම සෑම විද්‍යුත් උපකරණයක්ම යම්කිසි සීමාවක් දක්වා අනෙකුත් උපකරණ මගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග වලට අසංවේදී විය යුතුයි. ඒකෙන් අදහස් කරන්නේ අපි ඔන්න මොනිටරයක් ලග mobile phone එකක් නාදවෙද්දි සමහර මොනිටර තිරවල ඉරි ඉරි වගේ යනවා දැකල තියෙනවද.  අන්න ඒ වගේ වෙනත් උපකරණවලින් නිකුත් කරන චුම්බක තරංගවලට අසංවේදි නැති ඒවා සංවේදි කිරීමයි මෙයින් කරන්නේ. මේකට අපි කියනවා  EMC (Electromagnetic compatibility) කියලා. ඉතින් සමහර  USB කේබල්වල එමගින් නිපදවන  විද්‍යුත්-චුම්බක තරංග අඩු කිරීමට  Ferrite bead ලෙසින් හැඳින්වෙන මෙම උපාංගය යොදා තියෙනවා. මොකද USB රැහැනේ හුවමාරු වන ඉහල සංඛ්‍යාතයකින් යුත් විදිලිය  විද්‍යුත්-චුම්බක තරංගත් නිපදවනවා. අනෙක් උපකරණ වලට දැරිය හැකි මට්ටමකට හා ඒවාට සංවේදි වන ගතිය  Ferrite bead  එක මගින් ඒවා සීමා කරනවා.  මෙකී Ferrite beads ලෙසින් හැඳින්වෙන  උපාංගය ජංගම දුරකතන වලදිනම්  අහිතකර තරංග උරාගැනීමත්, ඒවා තාපය ලෙසින් පිටතට මුදාහැරීමත් සිදු කරනු ලබයි. උපරිම ආරක්‍ෂාව උදෙසා, ජංගම දුරකථන හා සමීප පිහිටුමක Ferrite beads උපාංගය පැවතිය යුතුමයි. 

Thursday, July 14, 2011

Windows 7 මෙහෙයුම් පද්ධතිය Flash Drive එකකට



              Mini Lap එකකට Windows මෙහෙයුම් පද්ධතිය Install කර ගන්න ඕන. CD Drive එකක් නැති නිසා Pen Drive එකකින් තමයි කරන්න වෙන්නෙ. ඉතින් Pen Drive එක බූටබල් විදියට හදාගෙන Install කරන්නෙ කොහාමද? Windows 7  මෙහෙයුම් පද්ධතිය Flash Drive එකක් මාර්ගයෙන් පරිගණකයේ ස්ථාපනය කරගන්නේ කෙසේද? යන ගැටලු බොහෝ දෙනෙකුට තියෙනවා. දැන් ඒ ගැන කියන්නයි යන්නේ. ඇත්ත තමයි සමහර නෙට් බුක් පරිගණක වලත් මේ තැටි ධාවකය අඩංගුවෙන්නේ නෑ කියන එකයි. මේ සදහා අපිට මුලින්ම Windows 7.iso image එකක් අවශ්‍යයි.   Windows 7 DVD එකක් තියෙනවනම් එය iso image එකක් බවට පත් කරගන්න ඕන Magic ISO වගේ මෘදුකාංගයක් භාවිතයෙන්.

අවශ්‍ය දේවල්
  1. Windows 7 iso image එකක්
  2. DVD-R drive එකක් හෝ  4GB වලට වඩා ඉහල ධාරිතාවයකින් යුත් removable USB flash drive එකක්
  3. Windows 7 USB/DVD Tool එක. මේක මේ Microsoft ලම නිකුත් කරන එකක් නිසා බය වෙන්න හේතුවක් නෑ.  මෙතනින් බාගන්නත් පුලුවන්
හැබැයි මේ මෘදුකාංගය රන් වෙන්න නම් පහත ප්ලගින්ස් දෙකත් අවශ්‍ය වෙනවා.

  1.   Microsoft .NET Framework v2 මෙතනින් බාගන්න 
  2. Microsoft Image Mastering API v2 මෙතනින් බාගන්න

භාවිතා කරන්නේ කොහොමද?
  1. Download කරගෙන ස්ථාපනය කරගත්  Windows 7 USB/DVD tool එක රන් කරන්න.
  2. දැන්  Source Image box එකේදි   Windows 7 ISO file එකි තියෙන path එක හෝ  Browse කරල හරි ඒ ISO file  එක තෝරලා දෙන්න.
  3. USB ධාවකය USB port  එකට In කර  format කරගන්න. එහි දත්ත කිසිත් නැතිවගට ඔබ වගබලා ගත යුතුයි.
  4. ස්ථාපනය කරන්න යන්නේ  USB flash drive එකකටද නැත්නම්  DVD disk එකකටද කියල තෝරලා  Next කරන්න.
  5. ස්ථාපනය කරන්න යන්නේ USB flash drive එකට නම් dropdown list එකෙන්  USB device එක select කරල   Begin Backup යන්න click කරන්න. DVD එකටනම් ඒත්  ඒ විදිහටමයි.  
  6. දැන් මේ 7 දාගන්න ඕන PC එක restart කරල bios boot sequence එක USB Flash විදිහට හදලා බූට් කරලා බලන්න. DVD එකෙන් වගේම මේකත් bootable වෙලා තියෙනවා ඔබට පෙනේවි. 
මීට වඩා ලේසි විදිහක් දන්න කෙනෙක් ඉන්නව නම් අපිට දැනගන්නත් එක්ක ඒකත් කියලම යන්න. 

Sunday, July 10, 2011

Partitions හා සම්බන්ධ ගැටලුවලට - EASEUS Partition Master

       


             අද දෙන්නෙ disk management utility එකක්. ඒ කියන්නේ EASEUS Partition Master නමින් හදුන්වන Partition Manager Software එක. මේක EASEUS පවුලේ සාඩම්බර නිපැයුමක්.මං මීට පෙර මේගොල්ලන්ගේ data recovery software එක ගැනත් කිව්වා වගේ මතකයි. මේ අලුත් එක නම්   partitions හා සම්බන්ධ ගැටලුවලට සියලුම විසදුම් ලබාදිමට  සමත් මෙය තෙවන පාර්ශවීය මෘදුකාංගයක් ලෙසටත් හැදින්විය හැකියි. මෙමගින් partition extend කිරීමට , විශේෂයෙන්  system drive එකේ   low disk space problem සමනය කිරීමට, disk space එක පහසුවෙන් කලමණාකරණය කරගැනීමට (on MBR and GUID partition table)  ආදිය දත්තවලටත් උපරිම ආරක්ෂාවක් සහිතව සිදු කල හැකියි. නමුත්  පාටිෂන් එක වෙනස් කිරීමට ප්‍රථම එහි දත්තවල බැක්අප් එකක් ලබාගැනිමට අප මතක තබාගත යුතුයි.මෙම මෘදුකාංගය ඔස්සේ Partition Manager එකට අමතරව  Disk & Partition Copy Wizard ,  Partition Recovery Wizard යන යූටිලිටිස් කිහිපයත් අඩංගු වෙනවා. මගේ අදහස නම් මෙය Paragon හා  Norton යන Partition Manager Software වලට වඩා පහුසවෙන් වැඩගත හැකි එකක් බවයි.  ඔයාලගේ අදහසත් දාලම යන්න මේ ගැන. 


Thursday, July 7, 2011

HDMI සමග බහු මාධ්‍ය යුගයට



             බොහෝ දෙනා HDMI කියපු සැනින් මතකයට ගන්නේ පරිගණක වීඩියෝ ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ කටයුතු, video සහ image editing ආදී කටයුතු සදහා සුදුසු  Graphics Card එකක් adaptor එකක්. බෙහෝවිට එසේ මතකයට එන්නේ ඇනලොග් වර්ගයේ එකක් විය හැකියි. නමුත් Graphics වලට අමතරව අපිට එයින් ලබාගතහැකි ප්‍රයෝජන විශාල පරාසයක පැතිරී තිබෙනවා.HDTV (high definition video content සමග) ඉදිරියට පැමිණිමත් සමගම එයට සම්මත වූ කනෙක්ටරයක උවමනාව පැමිණියා. ඒ සදහා පැරණි DVI( Digital Visual Interface) interface එක වැඩිදියුණු වී පැමිණිමක් තමයි අපි මෙසේ HDMI (High Definition Multi-media Interconnect/Inter‍face) ලෙසින් හදුන්වන්නේ.


 මෙතෙක් කල් තිබුණු  සියල්ලම වැටෙන්නෙ Analog ගණයට. එනම් ඒවායේදී  දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Analog signals ආකාරයටයි.ලෝකයේ අද වන විට ප්‍රධාන ලෙසම Graphics Card සදහා Graphic Processing Unit (GPU) නිෂ්පාදනය කරන සමාගම් 2ක් තිබෙනවා. එනම් nVidia Geforce හා ATI Radeon යන වෙළද නාම. සාමාන්‍යයෙන් Graphics Card එකක්  නිමැවෙන්නේ GPU හා උපාංග Printed Circuit Board එකක් මත එකලස් කරගත්විටයි. ඔබ ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගැනීමේදී  මවු පුවරුවට සහය දක්ව්නනේ කුමන ආකාරයේ එකක්ද යන්න ප්‍රධානවම දැනගත යුතුයි. එය  AGP හෝ PCI-Express වන්නටත් පුලුවන්. නමුත් එහි තාක්ෂණය dvi හෝ  hdmi වෙනවා නම් ඔබගෙ පරිගණකයේ රෑපමය හැකියාව ඉතා උසස් බව දැනගන්න. මොනිටරය  vga පමණක් support කරනවා නම් dvi to vga හෝ  hdmi to vga කන්වර්ටරයක් යොදාගත හැකියි.



               ඉතින් මේ   hdmi තාක්ෂනය ගත්විට home-theater system සදහා පැහැදිලි වෙනසක් අත්කර දෙන තාක්ෂනයක්. වර්තමාන pci hdmi card එකක් ගත්විට ඒ ඔස්සේ ගමන්කරන  high-definition signal ratio එක 1080p තරම් ඉහල අගයක් ගන්නවා. එමෙන්ම eight channels uncompressed audio හැකියාවෙන්ද යුක්තයි. ඒ කියන්නේ 7.1 surround-sound system එකකටත් සපෝට් කරනවා.



                                         මීට අමතරව ethernet සහය දක්වන කාඩ්වලින් හොද නෙට්වර්ක් එකකුත් up කරගැනීමේ උපයෝගිතාවයකින් යුක්තයි. HDMI Ethernet Channel එකක් ඔස්සේ යද්දි මෙහි වේගය 100/mbps වලටත් වඩා වැඩියි. වේගය අනිත් ඒවා හා සැසදිමේදී සමාන බව පෙන්නුවත් එකම කේබලයකින් වීඩියෝ, 3D, ඕඩියෝ යන දත්තයනුත් සමගම ජාලකරණ කටයුතුත් සිදුකරගැනිමට හැකිවිම ලොකු වාසියක්. මේ අලුත් තාක්ෂණය එතකොට පරන protocol වලට සහය දක්වයිද? ඔව්. TCP/IP ත් එක්කම  UPnP, DLNA, LiquidHD වැනි protocol යන්ට මෙය සහය දක්වනවා. මේ ආකාරයේ කේබල ගත්තාම ප්‍රභේද 4ක් පවතිනවා.


1 Standard HDMI Cable  
2 High Speed HDMI Cable  Standard
3  HDMI Cable with Ethernet
4 High Speed HDMI Cable with Ethernet


මෙන්න මෙහෙමයි HDMI වල technical specifications

HDMI version1.0–1.2a1.3+1.4
Maximum signal bandwidth (MHz)165340340[119]
Maximum TMDS bandwidth (Gbit/s)4.9510.210.2
Maximum video bandwidth (Gbit/s)3.968.168.16
Maximum audio bandwidth (Mbit/s)36.8636.8636.86
Maximum color depth (bit/px)2448[A]48
Maximum resolution over single link at 24-bit/px[B]1920×1200p602560×1600p754096×2160p24
Maximum resolution over single link at 30-bit/px[C]2560×1600p604096×2160p24
Maximum resolution over single link at 36-bit/px[D]1920×1200p754096×2160p24
Maximum resolution over single link at 48-bit/px[E]1920×1200p601920×1200p60