මේ මාසෙත් අදින් ඉවරයි. බොහොම කෙටි මාසයක් නේද. නියම ඉංග්‍රීසි සින්දුවක් දෙන්නයි යන්නේ. RONAN KEATING ගේ එකක්. Pop, dance pop, folk rock වගේ විවිධ ශෛලියන්ගෙන් ඔහුගේ ගීත ගැයෙනවා. 1977 වසරේ මාර්තු 3 වෙනිදා උපත ලබා ඇති ඔහුගේ සම්පූර්ණ නම Ronan Patrick John Keating. Irish ජාතික singer කෙනෙක්. මේ වෙනකොට ඇල්බම හයක් පමණ ඔහු එලිදක්වා තිබෙනවා. "Ronan" (2000), "Destination" (2002), "Turn It On" (2003), "Bring You Home" (2006), "Songs For My Mother" (2009) ඒ ඇල්බමවල නමුයි. ඊට අමතරව singles කිහිපයකුත් තිබෙනවා. මම මොහුගේ ප්‍රියතම ගීත අතර වන "When You Say Nothing At All" ගීතයයි දෙන්නට යන්නේ. එය "Ronan" (2000) නමින් ඔහුගේ පලමු ඇල්බමයේ අඩංගුවන්නක්. පරණ වුනත් තාමත් ලස්සනයි. මොහු මුලින්ම කටයුතු කරලා තියෙන්නේ Boyzone කියන Irish බෑන්ඩ් එකේ සින්ගර් කෙනෙක් විදිහටයි. මතකද Boyzone ලා. අර ලංකාවේ මෑතකදී ගහපු ෆිල්ම් එකක එන සින්දුවක් තියෙන්නේ "මල්, සුවද දෙන මල්" කියලා. ඒකේ තනුවත් මේ Boyzoneලගේ "Words" සින්දුව ට හරියටම ගැලපෙනවා. Ronan Keatingගේ This I Promise You, If Tomorrow Never Comes, Time After Time, Superman වගේ ගීතත් මං කැමති ගීත. අද දෙන "When You Say Nothing At All" ගිතය මෙච්චර ජනප්‍රිය වෙන්න තවත් එක් හේතුවක් තමයි 1999 වසරේදී තිරගතවූ British romantic film එකක් වෙන "Notting Hill" ච්ත්‍රපටයටත් මේ ගීතය ඇතුලත්වීම. ඒකත් Julia Roberts රගපාන ලස්සන ෆිල්ම් එකක්. බලපු නැති අය ඒකත් පුලුවන් නම් බලන්න. මේ සින්දුව ඒකේ යෙදිල තියෙන තැන් හරිම අපූරැයි.
බලන්නකෝ කියන්න ආපු කතාව නෙවෙයිනේ කියන්නේ මං. මම ඉතින් කියන්න ගියාම ඉතිහාසෙ ඉදන්ම ලොවෙත් නැතුව ඔක්කොම විස්තර ටික කියාගෙන ගියාට තරහ ගන්න එපා. මේ සින්දුවෙන් කියන්නේ දෙදෙනෙක්ගේ ආදරය ප්‍රකාශ කරන්න මම ආදරෙයි ඔයාට කියන වචනෙම අවශ්‍ය නෑ කියලයි. මේ සින්දුවේ ඉන්න ආදරවන්තයා කියන්නේ ඇය කොච්චර තමන්ට ආදරෙයිද කියලා තමන් දන්න බව. වචනවලින් නොකිව්වත් ඇයත් දන්නවා ඔහු කොපමණ ඇයට ආදරේද වග. ආදරය ගැන හිතන්න අලුත් පැත්තක් අපට විවෘත කර දෙනවා මෙයින්. හැමතිස්සේම ආදරෙයි කිය කිය වචන පස්සෙම දුවන ආදරවන්තයින්ට හැගීමෙන් හා කටයුතු කරන විදිහෙන් ආදරය දැනගන්නේ හා දන්වන්නේ කොහොමද කියලා වටහල දෙන ගීතයක්.
"It's amazing
How you can speak
Right to my heart
Without saying a word,
You can light up the dark
Try as I may
I could never explain
What I hear when
You don't say a thing
පුදුමයක් තමයි ඔයා වචනවලින් නොකියා
මගේ හදවතට කතා තිරීම
මට කොහොමද ඔයා කතා නොකරම උනත්
කතා කලා වගේ දැනෙන්නේ"
RONAN KEATING ගේ official site එකට මෙතනින්
ගීතය බාගන්න මෙතනින්
















