Sunday, November 14, 2010

ඔබේ HSDPA ඩොන්ගල් එක internet use කරන විට රත් වීමක් සිදු වෙනවද? Signal වල අඩුවීමක් පෙන්වනවද?

ඔබේ HSDPA ඩොන්ගල් එක internet use කරන විට රත්  වීමක් සිදු වෙනවනම් විසඳුම් කිහිපයක් තියෙනවා.


HSDPA (High-Speed Downlink Packet Access)  කියන්නේ  

ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා 



රත් වී වැඩිවුනාම connection එක slow වෙන්න පුලුවන්.
1.  පුළුවන්නම් ෆෑන් 1ක් ඒ ආසන්නයෙන්ම වගේ (Table fan) දාලා තියන්න. 99% ක් හරියනවා.

2.  CPU කූලින් ෆෑන් එකක් (External) සම්බන්ධ කරන්න.  කිසිම අවුලක් නෑ. ඉහත ‍සිදුකල දේම තමා. වෙනස කූලින් ෆෑන් එක Modem  එකට mount කරගතයුතුවීමයි.






Connection එක slow නම්...


1.පුලුවන්කමක් තියෙනවනම් ඩෙන්ගල් එක පාවිච්චි කරන වෙලාවට විතරක්වත් extension cable එකක් ආධාරයෙන් බිත්ති වලින් වන ආවරණය අවම වෙන පරිදි ඩොන්ගල් එක ස්ථානගත කරන්න. ගේ ඇතුලට 3g නොමැති වුවද මිදුලට යාන්තමින් 3g signal ලැබේ නමි  modem එක අන්ටනාවක් සේ සවිකර signal ලබා ගැනීම හොදම දෙයයි. මේ සදහා දිග usb cable විකිනිමට තිබේ. මෙම ක්‍රමයත් ඉතා සාර්තකයි. දිග Cable කඩේ මිලදී ගැනීමට තිබෙනවා. හැබැයි Cable එක එලියට අදිනව නම්  වැස්සෙන් හා වෙනත් දේ වලින් modem එක ආරක්ෂා කරගන්න වෙයි. 
තෙමුනොත් ඔක්කොම ඉවරයි නේ.
මම දැකපු දැන්වීමක තිබුනා අඩුවට HSDPA ඇන්ටෙනා. නමුත් මේවාගේ හොද නරකනම් කියන්න අමාරුයි.  




2.මොඩම් එක සාස්පානක දාල තියන්න. වැඩේ සාර්ථකයි අත්දැකීමෙන් කියන්නේ. අඩුම තරමේ signal කණ්‍රු 1ක් හරි එනවා.

3.එහෙමත් නැත්නම් Start--> Control Panel-->Network Connections--> ගිහින් දැනට ඔයා නෙට් යන කනෙක්ෂන එක උඩ රයිට් ක්ලික් කර Properties යන්න. ඉන් පසු එන window එකේදී Configure යන්න තෝරා  Maximum speed එක, දැනට ති‍යෙන ඩිෆෝල්ට් අගය වෙනස් කර ඉහල අගයකට දෙන්න. මෙය සාර්ථක වීමට නම් ඔබට ලැබෙන Signals යහපත් මට්ටමක තිබිය යුතු වෙනවා.

දැනට එච්චරයි. ඔයාලා තව දේවල් දන්නවා නම් මටත් කියන්න.


3 comments:

  1. බොහෝම ස්තූතියි රතී අයියේ. සාස්පාන් වැඩේ නම් හරිගියා:) ඒත් ලැප් එක ගෙනියන තැන්වල සාස්පාන ගෙනියන්න බෑනෙ!

    ReplyDelete
  2. මමත් ඔය වගේ වැඩ කලින් කලා.ඒත් ඒව කරදර වැඩ. මම පාවිච්චි කරනව Modem mate කියල එකක්.ඒකනම් Dongle එකට තියන්නයි කියෙන්නෙ.උත්සහ කරල බලන්න.

    ReplyDelete
  3. මචන් රතී මට පොඩි අයිඩිා එකක් තියෙනව.... මෙහෙමයි ඔය KU Band හරි C Band හරි Dish Antenna එකක් අරගෙන ඒකෙ LNB එක තියෙන තැනට 2100 MHz PCB ඇන්ටෙනා එකක් තියන්න... එතකොට නං මට තියෙන සිග්නල් ප්‍රශ්නෙ හරියයි... ඒත් අවුල ඒ වගේ ඇන්ටෙනා එකක් ඩිසයින් කරගන්න මට තියෙන දැනුම මදි... පෝස්ට් එකක් දාන්න පුලුවන්ද අපිට ඕන MHz ගානකට PCB Antenna එකක් හදා ගන්න විදියක් ගැන... ඇන්ටෙනා එකක් හදා ගන්න දන්නෙ නැති කෙනෙක්ට උනත් මුලු ඉදල ඉගෙන ගන්න පුලුවන් එක පෝස්ට් එකක් හරි පෝස්ට් පෝලිමක් වුනත් කමක් නෑ...


    උඔට ජය

    හිතාදර ඇනෝ :)

    ReplyDelete