Monday, November 18, 2013

ලිනක්ස් මත fdisk හා වින්ඩෝස් මත DiskPart . . .



           වෙලාව ලැබුනම ලියන්න හිතුනා පෝස්ටුවක්. කමෙන්ට් නොකලට අනිත් බ්ලොග් අඩවි මම වෙලාවෙ හැටියට කියවනවා. සින්ඩිවලින් මාව එලියට විසි කරන්නත් බැරි නෑ නොලියම හිටියොත්. මට මෑතකදි ගොඩක් වැදගත් වුනා Windows වල එන DiskPart හා Linux වල නම් fdisk, parted කියන text-mode command එක.   පාටිෂන් create කිරීමට, destroy, resize, move and copy ext2, ext3, linux-swap ආදී reorganising සඳහාත්, write protected හින්දා format කරන්න බෑ කියන වෙලාවට,  GRUB එක ප්‍රතිස්ථාපනය කරන්න ඕන වෙනකොට, Ubuntu, Linux startup disk එකක් හදන්න ඕන වෙනකොට , නැත්නම් එහෙම හදන්න ගිහින් ඇනගත්තාම - Partition table එක නැවත සකස් කිරීම සඳහා හොඳම text-mode commands තමයි මේ.

Linux මත fdisk

Linux වලදී root විදිහට log වෙන්න ඕන. fdisk වල මූලික කමාන්ඩ් කිහිපය.

p print the partition table

n create a new partition
d delete a partition
q quit without saving changes
w write the new partition table and exit

 මතක තියාගන්න ඕන කරුණක් තමයි මොන විදිහේ වෙනස්කමක් වුනත් write(w) කමාන්ඩ් එක නැතුව apply වෙන්නේ නෑ කියන එක.
 
[root@localhost rathei]# fdisk -l

Disk /dev/sda: 21.5 GB, 21474836480 bytes
255 heads, 63 sectors/track, 2610 cylinders
Units = cylinders of 16065 * 512 = 8225280 bytes
Sector size (logical/physical): 512 bytes / 512 bytes
I/O size (minimum/optimal): 512 bytes / 512 bytes
Disk identifier: 0x000d0e0f

   Device Boot      Start         End      Blocks   Id  System
/dev/sda1   *           1        2356    18922496   83  Linux
/dev/sda2            2356        2611     2048000   82  Linux swap / Solaris

ඔන්න ඔහොමයි අපි partition table එක list කරගන්නේ.  linux දාලා තියෙන හාඩ් ඩිස්ක් එක වගේම boot loader(GRUB) තියෙන පාටිෂන් එකත් මෙයින් පෙන්නනවා.  ( 255 heads * 63 sectors * 512 bytes/sector විදිහටයි මේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය හැදෙන්නේ) මේ calculation එක සම්බන්ධව ගැටලුවක් තියනව නම් මෙතෙන්ට යන්න.
             දැන් අපි දන්නවා අපිට තියෙන drives ගැන තොරතුරු. /dev/sda1 කියල මෙතනදි තෝරලා තියෙන්නේ මට අවශ්‍ය විස්තර බලාගන්න ඕන ඩිස්ක් එක. මෙන්න මේ විදිහට. p එකෙන් කරන්නේ print disk details යන්න ක්‍රියාත්මක කරන එක. හෙල්ප් එකක් ගන්න ඕන නම් කිසිම අවුලක් නෑ  m කියල ගැහුව නම් බෑ නොකියා උදව්වක් ගන්නත් පුලුවන් fdisk මතදී.

[root@localhost rathei]# fdisk /dev/sda1
Device contains neither a valid DOS partition table, nor Sun, SGI or OSF disklabel
Building a new DOS disklabel with disk identifier 0x60245473.
Changes will remain in memory only, until you decide to write them.
After that, of course, the previous content won't be recoverable.

Warning: invalid flag 0x0000 of partition table 4 will be corrected by w(rite)

WARNING: DOS-compatible mode is deprecated. It's strongly recommended to
         switch off the mode (command 'c') and change display units to
         sectors (command 'u').

Command (m for help): p

Disk /dev/sda1: 19.4 GB, 19376635904 bytes
255 heads, 63 sectors/track, 2355 cylinders
Units = cylinders of 16065 * 512 = 8225280 bytes
Sector size (logical/physical): 512 bytes / 512 bytes
I/O size (minimum/optimal): 512 bytes / 512 bytes
Disk identifier: 0x60245473

අපිට මේ n කමාන්ඩ් එක හරහා නියමිත වූ අගයක් දීල අලුතෙන් පාටිෂන් එකක් හදන්න පුලුවන්.

Command (m for help): n
Command action
   e   extended
   p   primary partition (1-4)
p
Partition number (1-4): 1
First cylinder (1-2355, default 1): 
Using default value 1
Last cylinder, +cylinders or +size{K,M,G} (1-2355, default 2355):  
Using default value 2355

(මෙතනදි අපිට අගයන් විදි දෙකකට ලබා දෙන්න පුලුවන්)
1. Starting cylinder number of the partition to be create (First cylinder).
2. Size of the partition (or) the last cylinder number (Last cylinder, +cylinders or +size ).

# fdisk /dev/sda                                                 

The number of cylinders for this disk is set to 9729.
There is nothing wrong with that, but this is larger than 1024,
and could in certain setups cause problems with:
1) software that runs at boot time (e.g., old versions of LILO)
2) booting and partitioning software from other OSs
   (e.g., DOS FDISK, OS/2 FDISK)                               

Command (m for help): p

Disk /dev/sda: 80.0 GB, 80026361856 bytes
255 heads, 63 sectors/track, 9729 cylinders
Units = cylinders of 16065 * 512 = 8225280 bytes
Disk identifier: 0xf6edf6ed

   Device Boot      Start         End      Blocks   Id  System
/dev/sda1               1        1959    15735636    c  W95 FAT32 (LBA)
/dev/sda2            1960        5283    26700030    f  W95 Ext'd (LBA)
/dev/sda3            5284        6528    10000462+   7  HPFS/NTFS
/dev/sda4            6529        9729    25712032+   c  W95 FAT32 (LBA)
/dev/sda5   *        1960        2661     5638752   83  Linux
/dev/sda6            2662        2904     1951866   83  Linux
/dev/sda7            2905        3147     1951866   83  Linux
/dev/sda8            3148        3264      939771   82  Linux swap / Solaris
/dev/sda9            3265        5283    16217586    b  W95 FAT32

Command (m for help): d
Partition number (1-9): 8

Command (m for help): d
Partition number (1-8): 7

Command (m for help): d
Partition number (1-7): 6

Command (m for help): w
The partition table has been altered!

Calling ioctl() to re-read partition table.

WARNING: Re-reading the partition table failed with error 16: Device or resource busy.
The kernel still uses the old table. The new table will be used at
the next reboot or after you run partprobe(8) or kpartx(8)
Syncing disks.

හැම කමාන්ඩ් එකකටම පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්න නම්  w දෙන්න ඕන. නැත්නම් අපි කරපු දේවල් apply වෙන්නේ නැහැ.

View the Size of an existing Partition Using fdisk -s

# fdisk -s /dev/sda7
18922496

ආසන්න වශයෙන් 18000 mb ක්.

ඒවගේමයි ලිනක්ස්වලදි අපිට parted කියන ටෙක්ස්ට්මෝඩ් ඉන්ටර්ෆේස් එකත් මේ සඳහා  භාවිතා කරන්න පුලුවන්.

[root@localhost dev]# parted --list
Model: VMware, VMware Virtual S (scsi)
Disk /dev/sda: 21.5GB
Sector size (logical/physical): 512B/512B
Partition Table: msdos

Number  Start   End     Size    Type     File system     Flags
 1      1049kB  19.4GB  19.4GB  primary  ext4            boot
 2      19.4GB  21.5GB  2097MB  primary  linux-swap(v1)

#man parted ටර්මිනල් එකේ දුන්නාම සියලු විස්තර බලාගන්න පුලුවන්.


 Windows මතදී  diskpart

cmd එකේ diskpart කියල දුන්නනම් ටක් ගාලා ඕපන් වෙනවා diskpart කියලා වෙනම command line interface එකක් මෙන්න මේ විදිහට.

C:\diskpart

Microsoft DiskPart version 1.0
Copyright (C) 1999-2001 Microsoft Corporation.
On computer: IMT-BOL214-LAPT

DISKPART>

තවදුරටත් මේ ගැන විස්තර හොයලම ඉන්නව නම් ? ටයිප් කරලා එන්ටර් කරන්න මේ විදිහට.

DISKPART>?

Microsoft DiskPart version 1.0

ADD         - Add a mirror to a simple volume.
ACTIVE      - Activates the current basic partition.
ASSIGN      - Assign a drive letter or mount point to the selected volume.
BREAK       - Break a mirror set.
CLEAN       - Clear the configuration information, or all information, off the
              disk.
CONVERT     - Converts between different disk formats.
CREATE      - Create a volume or partition.
DELETE      - Delete an object.
DETAIL      - Provide details about an object.
EXIT        - Exit DiskPart
EXTEND      - Extend a volume.
HELP        - Prints a list of commands.
IMPORT      - Imports a disk group.
LIST        - Prints out a list of objects.
ONLINE      - Online a disk that is currently marked as offline.
REM         - Does nothing. Used to comment scripts.
REMOVE      - Remove a drive letter or mount point assignment.
RESCAN      - Rescan the computer looking for disks and volumes.
RETAIN      - Place a retainer partition under a simple volume.
SELECT      - Move the focus to an object.

මුලින්ම අපි මෙහිදී දැනට සම්බන්ධ කරලා තියෙන  disks list එක ගන්න ඕන මේ විදිහට.  එවගේමයි  Volume List එකත් ගන්න පුලුවන් මේ විදිහට.




DISKPART
> list disk

  Disk ###  Status      Size     Free     Dyn  Gpt
  --------  ----------  -------  -------  ---  ---
  Disk 0    Online        465 GB      0 B
  Disk 1    Online        465 GB      0 B
  Disk 2    Online        465 GB      0 B
  Disk 3    Online        235 GB      0 B
  Disk 4    Online         14 GB      0 B
  Disk 5    No Meida        0 B       0 B

දැන් අපි හිතමු කරප්ට් වෙලා තියෙන ඩිස්ක් එකක් හරි අන්රීඩබල් විදිහට තියෙන Volume එකක් හරි සිලෙක්ට් කරගන්න ඕන කියලා. ඒ සඳහා ඩිස්කයට හෝ  Volume එකට අදාල අංකය මේ විදිහට තෝරන්න ඕන.

DISKPART
>  select disk 0 (Volume එක නම් select volume 6 විදිහට)

Disk 4 is now the selected disk.

මම තේරුවේ disk 4 කියලා අර උඩින්ම තියෙන 14 GB ක ඩිස්ක් එක.

Format කරනව නම් “format fs=ntfs quick label=test” විදිහට දෙන්න පුලුවන්.Drive Letter එකක්  assign කරනව නම් “assign letter ” විදිහට, Clean කරනව නම් clean විදිහට, primary partition එකක් දැනට ඉන්න ඩිස්කයේ හදාගන්නව නම් “create partition primary” විදිහට, මකා දැමීමට නම් DISKPART> /delete (X): 
DISKPART වලින් ඉවත් වෙනව නම් ,

DISKPART
> exit

Leaving DiskPart...

C:\
> ;

DISKPART ගැන තවත් විස්තර
http://www.computerhope.com/diskpart.htm
http://technet.microsoft.com/en-us/library/cc770877.aspx

Sunday, September 29, 2013

මවක්, බිරිඳක් සහ කාන්තාවක් විදිහට ඇය...


පින්තූරය ගත්තේ මෙතනින් 


               අද ටිකක් සනීප මදි. ඊයෙ ඉඳන්. ඒ හින්දා ජාලෙ ඇවිදින අතරේ සටහනකුත් ලියන්න හිතුවා. ජීවිතේ කාලෙන් කාලෙට එක එක්කෙනා එබිකම් කරලා යන්න ගියාට අසනීපයක් වුන වෙලාවට තාමත් එකපාරටම මතක් වෙන්නේ අම්මව. ගෙදර හිටිය නම් සැරින් සැරේ කොත්තමල්ලි බොන්නයි, පස්පංගුව තම්බලා දුම් අල්ලන්නයි, මොනව හරි ටිකක් සැරට බෙදාගෙන කන්නයි තිබ්බා. වෙලාවකට හොඳයි ගෙදරින් ටිකක් ඈත ඉන්න එකත්. අම්මට අපි තුන්දෙනාගෙන් එක කරදරයක් අඩු වුනා. දැන් නංගියි, මල්ලියි ගැන විතරනේ බලන්න තියෙන්නේ. වෙලාවකට හිතෙන්නේ එහෙම. මට හොඳට මතකයි මං පුංචි කාලේ. ඒ කිවේ ඉස්කෝලෙ පහේ හයේ වගේ ඉන්න කාලේ. දවසක් ගෙදරින් යද්දි කුඩයක් තිබ්බේ නෑ බෑග් එකේ. මොකද මම කැමති නෑ කුඩ, වතුර බෝතල් එහෙම බෑග් එකේ දාගෙන යන්න. ගෙදරින් පිටත් වෙද්දි වැස්සක ලකුණක් මිසක් දැන් දැන් වහින පාටක් තිබ්බෙත් නෑ. ඒත් ඉස්කෝලෙ ගාවට යද්දි සට සට ගාල මහ වැස්ස. බස් එකෙන් බහින්නේ කොහොමද ? බස් එකෙන් බැහැපු එවුන් කුඩ ඉහලන් දුවනවා ඉස්කෝලෙට. තව ඩිංගක් පමා වුනොතින් වැස්ස කියලා පමාවට කාරණා අහන් නෑ. බැනුම් තමයි. ඒ අතරේ බෑග් එක නිකමට අතගාද්දි කුඩයක් තියෙනවා. මට හොඳටෝම මතකයි මම නම් කුඩයක් දාගත්තේ නැති වග. මගෙ උජාරුවට කුඩයක් දාගත්තෙ නැතත් අම්මා හොරෙන් කුඩයක් දාලා තියෙන්නේ එයාගෙ ජීවිතේම අපේ ආරක්ෂාව නිසා. එදා මාව ආරක්ෂා කලා වගෙමයි අදත් අම්මා එහෙමයි. කඩේකදි මුදලාලිගෙන් හරි , බස් එකේ නම් කොන්දොස්තරගෙන් හරි රුපියල් පහක් දහයක් ආපහු ඉතුරු විදිහට ගන්න කේවල් කරන අම්මා අපි කොහේ හරි යන්න සල්ලි ඉල්ලුවාම ඉල්ලන ගානට අමතරව එයා ගාව සල්ලි තිබ්බොත් හදිස්සියක් වුනොත් ගන්න කියලා තව රුපියල් දෙතුන් සීයක් හරි පර්ස් එකට දානවා.  හැම සැපතක්ම අපිට දෙන්න හදන අම්මා එයාගේ සැපත ගැන කවදාවත් හිතන්නේ නැහැ. අපිත් අපේ සැප ගැන හිතුව නම් ඔයාලට මේ සැප දෙන්න වෙන් නෑ කියන අම්මා තමන්ගේ හැම සතුටක්ම අපි වෙනුවෙන් කැප කරලා.  ඇඳුම් ගන්න කඩේකට ගියත් අම්මා අපිට හොඳ දෙයක් අරගෙන දීලා අම්මට මොනව හරි දෙයක් එයා ගන්නේ කොහෙ හරි අඩුවට පේමන්ට් එකේ තියෙන සේල් එකකින්. මේ වගේ අම්මලා ගැන කොච්චර නම් ගීත සාහිත්‍ය යේ පවා ලියැවිලා තියෙනවද?






              සුනිල් එදිරිසිංහයන් විතරක් නෙමෙයි අම්මා ගැන ඒ විදිහට කියන්නේ. තව කොච්චර ගීත තියෙනවද? අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා වගේ ගීත වර්ණනාව මට බැරි වුණත්, "අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා" කියලා ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් සංගීත් විජේසූරිය කරන්නෙත් අම්මගේ සෙනෙහස ඒ තරම්ම හැම සංසාරෙකදිම ඕන නිසා වෙන්න ඇති කියල හිතුනා. චාමර වීරසිංහගෙන් "නපුරු වෙන්න එපා කියල" අම්ම ගැන ලස්සන ගීතයක් මෑත කාලෙදි බිහිවුනෙත් ඒ සෙනෙහස මිල කරන්න බැරි හින්දමයි.



"කලාවැවේ නිල් දියවර අපේ අම්මා"

               කියලා දිවුල්ගනේ මහත්මයා කීව ගීතය මං ඒ කාලේ අපේ  Youth Society එකේ ඉද්දි බොහොම ලස්සනට ගායනා කරපු බව ඒක අහගෙන හිටපු මගෙ යාලුවො කිවේ කින්ඩියට ද කොහෙද. 

                 මං ඉපදුන දා අම්මා අඬන්න ඇති සතුටට. මං පුංචි කාලේ වැටි වැටි ඇවිදින්න හදනකොට අම්මට සතුටට ඇඬෙන්න ඇති. හැමදම මාව මොන්ටිසෝරියට ඇරලුවේ අපේ අම්මා.  හැමදම අවුරුද්දක් යනකම් මාව ඒ විදිහට ගෙනිහින් දාන්නයි ඇරෙනකම් ඉඳලා එක්කගෙන එන්නයි අම්මා කොච්චර නම් මහන්සියක් වෙන්න ඇත්ද? අම්මා කියනවා  මං ඒ දවස්වල මොන්ටිසෝරියේ වාඩි වෙලා ඉද්දි සැරින් සැරේ පිටිපස්ස හැරිලා බලනවලු අම්මා ඉන්නවද කියලා. පේන්න හිටියෙ නැත්නම් මං බෙරිහන් දීලා අඬනවලු. ඒ දවස්වල හැමදම අම්මා හිටගෙන හරි පුටුවක් හොයාගෙන වාඩි වෙලා හරි මං බැලුවම පේන තැනක පිටිපස්සෙන් ඉන්නවලු. මං මුලින්ම ඉස්කෝලේ ගිය දවසේ මට මතක නැත්ත ඒ හැම එකකදිම අම්මා මගේ හෙවණැල්ල වගේ උන්නා. ඒ දවස්වල නම් මම මට මතක් වුන දවස්වලට තමයි දණ ගහලා අම්මටයි, අප්පච්චිටයි වඳින්නේ.  නැත්නම් වඳින් නෑ. මගෙ තියෙන නැටිල්ලට අප්පච්චිගෙන් වේවැල් පාර කද්දි මට මතකයි හොඳටම අම්මා අප්පච්චිව නවත්තන්න හදනවා ගහන්න එපා කියලා. අම්මත් බැනුම් අහනවා එතකොට අප්පච්චිගෙන්. නංගියි , මල්ලියි ඉපදුන දවසෙත් අම්මා අඬන්න ඇති. අපි හැමෝම කාලා ඉවර වුනාම තමයි අම්මා බත් බෙදා ගන්නේ. අම්ම කන්නේ කුස්සියේ පුටුවක හරි වංගෙඩියේ හරි ඉඳගෙන. අම්මා හැමදම අපි හැමෝටම බත් බෙදල දීලා අපි දෙපාරක් කාලා බත් ඉවරවුනාම සමහර දවස්වලට බඩගින්නෙත් ඉන්න ඇති. අම්මා අසනීපෙන් ඇඳේ ඉද්දිත් අම්මගේ ඔලුවේ තියෙන්නේ අපි ගැන. පුතා කෑවද? බීවද? ඉස්කෝලේ ගියාද? පාඩම් වැඩ කරගත්තද? අප්පච්චි වැඩ ඇරිල ආවම කරදර කරන්න යන්න එපා. අසනීපයි කියලා නිකම් ඉඳලා නෑ. තමන් ගැන හිතල නෑ කොයිම වෙලාවකවත්. අසනීපෙන් ඉද්දි පවා මහ පාන්දර නැගිටලා අපි වෙනුවෙන් මොනව හරි උයල අප්පච්චිටත් බත් එකක් බැඳලා තමයි ආයෙත් පොඩි වෙලාවක් හරි මහන්සි අරින්න බලන්නේ. මමයි මල්ලියි බයික් එකේ හැප්පිලා ඉස්පිරිකතාලෙ ඉන්නකොට අම්මා හිටියේ ඇඬූ කඳුලින් කියලා නංගි මෑතකදිත් කියනවා මං අහගෙන. ඒ දවස් ටිකේ හරියට කෑමක් බීමක්වත් ගත්තෙ නෑලු. ඇත්ත තමයි අපි ආපහු සනීප වෙලා එද්දි අම්මා හිටියයින් බාගයයි. අපිට වෙච්ච දේටත් වැඩිය අම්මා අපි ගැන දුක් වෙනවා. ඒ තමයි මාතෘ ස්වභාවය. හැම අම්ම කෙනෙක්ම එහෙමයි.  

                  අපේ අම්මා නම් හරි මුරණ්ඩුයි. අපි වෙනුවෙන් තවත් නම් මහන්සි වෙන්න එපා කියලා කිවත් නිවාඩුවට ගෙදර ආවම ආයෙත් අර පුංචි කාලෙ මාව බලාගත්ත වගෙයි. මාව තාම පේන්නේ ඒ පුංචි කාලෙ හිටපු එකා වගේ වෙන්න ඇති.  සතුටයි, දුකයි අම්මලා එලියට දාන්නේ කඳුලු වලින් කියලයි මට හිතෙන්නේ. තමන් ගේ යහපත, දියුණුව උදෙසා, තමන් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන ආත්මාර්ථකාමී සමාජයක වෙනත් කෙනෙක්ගේ සැපත සතුට ගැන සිතීමට සමත් වෙන කෙනෙක් වෙත්නම් ඒ අම්මා, බිරිඳ යනුවෙන් හඳුන්වන කාන්තාව පමණක්මය කියල කියන්න පුලුවන්. මම කෙල්ලෙක්ට කියලා ජීවිතේටම එක පාරයි ආදරේ කලේ. ඒ ආදරේ නැතුව ගියාට පස්සේ අම්මගේ ආදරේ කොච්චර බලවත්ද ඒ හැමටම වඩා කියලා මට තේරුණා. ඒක කෙලවරක් නොදකින ආදරයක්. ඒ ආදරෙයි අනිත් ආදරෙයි එකිනෙකට වෙනස් වගේම සංසන්දනය කරන්න බැහැ තමයි. නමුත් අම්මගේ ආදරය, මාතෘ ස්නේහය කිසිම දෙයක් කවදාවත් ආපිට බලාපොරොත්තු නොවන එකක්. බැණ අඬ නොගහන, ජීවිතේ බලාපොරොත්තු ඇත්නම් ඒවට මුවින් නොබැන ඒවා එලි කරගන්න පාර හදල දෙන ඒ ආදරේ කවදාවත් අතරමග දාලා යන එකක් නෙවි. හිතෙන් නොපෙන්නුවට ඒ ආදරේ මහ බලගතුව මට දැනෙනවා.   අම්මගේ ඒ ආදරේ හින්දද මන්දා මට දැන් වෙන ආදරේක අඩුපාඩුවක් දැනෙන් නැත්තේ. හැම කොල්ලෙක්ම මම වගේ බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඒ තරම්ම කැපවීම් බලාපොරොත්තු නොවුනත් තමන්ගෙ අම්ම වගේ මාතෘ ස්නේහයෙන් ආදරේ කරන කෙල්ලෙක් හම්බ උනොත් හොදයි කියල වෙන්න ඇති. මගේ වයසේ ගොඩක් එවුන්ට දැන් ලමයිනුත් ඉන්නවා.  දැන් වයස තිහක් විතරම වෙන්න ඇවිත්. එහෙව් එකේ දැන් මට කොල්ලෙක් කියන්නත් බෑ. 

                     මවක්, බිරිඳක් හැටියට කාන්තාව ගත්තම ඇයට කොච්චරක් නම් කියලා වැඩ කන්දරාවක් පැවරිලා තියෙනවද. අපේ ගෙදරින් මේ උදාහරණය ගත්තේ අම්මගෙන්. ඇයට කප්පරක් වැඩ. ඒ අස්සේ ගෙදර, තමන්ගේ කූඩුව පිරිසිදුව තියාගන්න එක. අතුගාන්න, පිහ දාන්න හැමදාම. අප්පච්චිගෙන් ඒවට ලැබෙන සහය නම් හරිම අඩුයි. මම ගෙදර ඉන්න වෙලාවට මට පුලුවන් හැම දෙයක්ම කරලා අම්මගේ වැඩ ලේසි කරලා දෙන එක මගෙ පුරුද්දක්. ඒ දේවල් පුංචි කාලෙ ඉඳන් පුරුද්දක් විදිහට එනව නම් විතරයි ඒ දේවල් වලට පිරිමියෙක් යොමු වෙන්නේ. ඒ දේ අප්පච්චිගෙන් මම තේරුම් ගත්තේ. එහෙම නැත්නම් පිරිමියෙක් ඒ වැඩ කොච්චර අමාරුද කියලා තේරුම් ගන්නේ නෑ. විවාහ වෙලා දරුවො ලබල මැදි වයසෙ ඉන්න කාන්තාවො බොහොමයක් හොඳින් ජීවත් වුනත් ජීවිතේ ඇතුලෙන් ගෙවන්නේ එක්තරා ප්‍රමාණයක දුකක් එක්ක. ඔවුන්  යථා තත්ත්වය පිලිගන්නෙ ලොකු දුකකුත් දරාගෙන වෙන කරන්න දෙයක් නැති නිසා. ගෙයක් උනාම පිළිවෙලකට තියෙන්න ඕනෙ නම් ඉතින් අම්මලාට දරුවොත්, බිරින්දැට ස්වාමියාත් විදිහට අන්‍යාන්‍යව සමගියෙන් උදව් කරන්න ඕන. මේක එයාගෙ වැඩක්, මේක මෙයාට අයිති මෙයා කරන්න ඕන වැඩක් කියලා නීතියක් නෑ.  පිරිමියා ඔය කියන කැපකිරීම බලාපෙරොත්තු වෙන්න වෙන්න කුටුම්බය ඇතුලෙන් මවට හෝ බිරිඳට කරන්න තියෙන වැඩ කන්දරාව ඇයට යෙදෙන පීඩනය වැඩි වෙනවා. මම ඕනෙ තරම් අහල තියෙනව අපේ කෙනා මට කිසි උදව්වක් කරන් නෑ කිය කිය දඩිබිඩියේ තනිවම වැඩ කරන කාන්තාවෝ ගැන. බැන්දට පස්සේ House Cleaner කෙනෙක් වුනා වගේ. එයාලට ඇත්තටම තමන්ගෙ පවුලේ වැඩ කටයුතු නිසා තමන්ව අහිමි වුණ බව පස්සෙන් පහුවට තේරුම් යනවා. ඒත් ලාංකීය සමාජය ඇතුලේ තවමත් බෙරේ කොහොම හරි ගහන්නම මිසක්, තාලය වෙනස් කරගන්න හෝ ගලවලා පැත්තකට දාලා වෙන බෙරයක් බැඳගන්න තැනට සංස්කෘතිය හැදිල නැති නිසා පිටින් ලස්සනට වාදනය වෙන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. නමුත් පවුලේ සුභ සිද්ධිය උදෙසා ඇය ඒවා දරා ගන්නවා. අම්මලා මේ දේ ප්‍රසිද්ධියේ නොකිව්වත් බොහොමයක් අම්මලාට, කාන්තාවන්ට මේ තත්ත්වය පොදුයි. නිවස ලස්සනට තියාගන්න ඇයමයි උත්සාහ කරන්න ඕනෙ. තමන්ගේ දරුවන්ගේ වගේම ස්වාමියාගේ ආරක්ෂාව පොදුවේ ගත්තහම පවුලේ ආරක්ෂාවත් ඇය පිට. ආරක්ෂාව ගත්තම විවිධාකාරයි. මිදුල, කානුව, ලිඳ, වැසිකිලි-කැසිකිලි, ස්වාමියගේ හා දරුවන්ගේ රෙදි පිලි, ඔවුන්ගේ පෝෂණය, කෑම බීම ආදිය පිලිබඳව ඔවුන්ටත් වඩා වගකීම පැටවෙන්නේ ඇයටයි. දරුවා පාසලට ඇරලන්න, ආයෙත් එක්ක එන්න, දෙමාපිය රැස්වීම වලට සහභාගි වෙන්න, ගමේ සමිති සමාගම්වලට යන්න, ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවන්න යන්න, සතිපොලට ගිහින් ගෙදරට අවශ්‍ය කලමනා ගේන්න. ඒ හැම දෙයක් වෙනුවෙන්ම කැප වුනාම ඇයට ඇය ගැන හිතන්නවත් වෙලාවක් කලාවක් නෑ. අන්තිමේ ඇයට තමයි හැම දේම.

                   ලංකාවෙ කාන්තාවො සෑහෙන ප්‍රමාණයක් සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්න බොහොම කැමතියි වගේම එයාලගෙන් බොහොම සුලු පිරිසක් තමා කාන්තා විමුක්තිය ඕනෙ කියල කියන්නෙත්. ගොඩක් කාන්තාවන් තුල අපේ රටේ පැලපදියම් වෙලා තියෙන සංස්කෘතියත් එක්ක එයාලට කරන්න නියම වෙලා තියෙන වැඩ ටික ගැන උපේක්ෂා සහගතව බලමින් ඒ ටික කරනු විනා නිදහසක් ඉල්ලීමක් ඒ අයට ඕනෙ නෑ. ඒකනේ බෑ නොකියා , වගපල කියන් නැතුව තමන්ගේ දරුවොත් හදල ඒ දරුවන්ගේ දරුවනුත් ඉපදුනාට පස්සේ උනුත් රැක බලාගන්න තරම් ඒ සෙනෙහස උත්තරීතර වෙන්නේ. ඒ අපේ රටේ බෞද්ධාගමත් එක්ක ඈඳුනු සංස්කෘතිය ඇතුලෙ විතරයි මම හිතන්නේ. පිටරටවලදි නම් මේ කියන බැඳිම නෑ. තමන් වෙනුවෙන් තමන්ගේ නිදහස රැක ගන්න, ලස්සන රැක ගන්න  ඒ අය අරගල කරනවා. රටින් රටට ඇවිත් ආසියාවේ රටවලටත් බෝවුනාට පස්සේ තමයි ඒවා අපේ රටටත් එන්නේ.  නමුත් අපේ රට ඒ වගේ සමහර දේවල් ව්‍යාප්තියේදිම අනුකරණය කරන්න ගන්නේ ඒ රටටත් අපේ රටටත් දෙකටම නැති විදිහට. කුටුම්භය කියන තැනදිම කාන්තාවක් අයුතු විදිහට හිරිහැරයට ලක්වෙනව නම්  ඒ බොහෝ විට  නූගත් කම දුප්පත් කම ‍නිසා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක සාධාරණව ඒ ගැටළුවෙන් නිදහස් වෙන්න තරමට දැන් නම් නීති සැකසිලා තියෙන්නේ. රටේ නීතිය ඒකට සම්පූර්ණ ඉඩ දීල තියනවා. එහෙම වෙලත් තවදුරටත් කැමැත්තෙන් විඳවන අය ඉන්නවා නම් ඒකට හේතුව විදිහට සැලකිය හැක්කේ සම්ප්‍රදායික පවුල් රාමුව ඇතුලේ පෙර කියපු සංස්කෘතික නියමයන් ඔස්සේ හිත තුල පුංචි කාලේ ඉඳන් ගොඩ නැගුණු පවුල කියන සංදර්භය තුලට ඒ වෙනුවෙන් කැප වෙන්න ලංකාවේ කාන්තාවගේ තියෙන කැමැත්ත. කලිනුත් කීවා වගේ දරුවෝ  තමයි එතැනදි ඇයව දුර්වල කරන එකම සාධකය.
                   පවුල තුල සැමියාත්,  බිරිඳ හා සමානවම එක වගේ කැප වෙනව නම් ඕනම ගැහැණියකට ජීවිතය කියන එක නැවුම් විදිහට දකින්න පුළුවන්. අස්ස කරත්තෙක ඇවිත් ලස්සන වෙඩිමක් දාලා කැන්දන් ගියාට පස්සේ ජීවන හීනය විවාහයෙන් පස්සෙ දරුවන් හා ස්වාමියා වෙනුවෙන් දිය කරලා හරින්න වෙලා තියෙනවා. කාන්තාව ඉන්නේ මේ දේවල් වෙනුවෙන්, මේවා ඇගේ යුතුකම්, මේ කැපකිරීම් ඇය විසින් කල යුතුයි කියලා අලවපු ලේබල් ටික නිසා නොදැනුවත්වම හරි ඇගේ අයිතිවාසිකම් උදුරගෙන ඒවා ඉටු කරනු පිණිස ඇයව පත්කිරීමෙනුයි සමාජයේ උතුම් තැනකට ඇයව පත්කරලා තියෙන්නේ. පිරිමියෙක් මේවා කරන්න ගත්තම සංස්කෘතිය,පවුල් බැදීම් විනාශ වෙනවා කියන චෝදනාව එල්ල වෙන්නත් පුළුවන්. නමුත් අද සමාජය කොච්චර නම් තරඟකාරීද. නව තාක්ෂණය භාවිත කරන නිසා ‍නගරබද කාන්තාවන් යම්තම් හරි ඉස්පාසුවක් ලබනවා කිවත් ඒක එහෙමමද කියන එක ගැටලුවක්. අපේ අම්මලා වගේ ගම්බද ජීවත් වෙන උදවිය ඔන්න ඔය ආකාරයි. ඇය තුන්සිය හැටපස් දවසෙම සමාජය විසින් තමන්ට දීල තියෙනවයි කියපු ලේබලය නිසා පූජනීය බැඳිම පෙරටු කරගෙන තමන්ගෙ දරුවන් හා සැමියා ඇතුලු කුටුම්භය ආරක්ෂා කරගත යුතු නිසා තමන් ගැන පවා අමතක කරනවා. තමන්ට කියලා ජීවිතයක් ඇයට නෑ.  ආර්ථිකයේ ඇති අඩු ලුහුඬු කම් හේතුවෙන් කාන්තාවත් රස්සාවක් කරන මේ වගේ කාලෙක අර ඉහත කියපු රාමුව ඇතුලේ ගැහැණියව හිර කරලා තිබීම කොයි තරම් දුරට හරිද කියන එකයි කියන්න ඕනෙ වුනේ. කාන්තාවන්ට ඇය මේ හිර වෙලා ඉන්න ක්‍රමය වෙනස් කරගන්න සමාජය විසින් දීල තියෙන විකල්පයන් අඩුයි. එහෙම වෙනස් වෙන්න උත්සාහ දැරුවොත් සමාජය කියන්නේ වෙන වෙන කතා. 

                  මූට මොකද්ද කාන්තා විමුක්තිය ගැන ඔච්චරටම තියෙන අමාරුව කියලා සහ මේක රැඩිකල් කතාවක් කියලා ගල් මුල් වැදෙන්න බැරි කමකුත් නෑ. කීබෝඩ් එකෙන් මේවට උත්තර හොයන්න බෑ තමයි. ඒත් අපට මොකෝ කියල බලං ඉන්න එක අපි හැමදාමත් කරන හින්දා කියවන කෙනෙක්ට කියවලා තේරුම් ගන්න එක්කත් කියලයි දැම්මේ. 




අම්ම කෙනෙක් කොයි වගේද?  වීඩියෝව මෙතනින්

Monday, September 9, 2013

Pain is inevitable, but Suffering is optional?


                 In the past time I once learned this. No one can get rid from pain and suffer. As a gift of that pain, we get suffer. Suffering comes after pain. It is a law. Pain and suffer like Needle & Thread. Pain is an unavoidable part of life, be it emotional or physical. On a personal level, I think it means that each person has the choice of dealing with the pain with aplomb. why we are suffering?  suffering from a fail, departure, suffering from congestive heart failure. Why we are going though suffering? Pain is eternal. But suffering is optional! Don’t you think so . I do. The old adage, 'Pain is inevitable but suffering is optional' is attributed to no one person in particular, but instead recognized as a Buddhist proverb. Actually  it is in the First Noble Truth of the Buddhist Sangha. What pain do you hold inside of you today?  How can you resolve to bring yourself from the island of pain to the mainland of peace? Suffering, or pain in a broad sense, is an experience of unpleasantness and a version associated with the perception of harm or threat of harm in an individual. life is a challenge, we heve to face it. But some times some disappointments lead us to suffer whenever the movements we remember, though we severely trying to forget the incident. It's all of this that I describe that I just love about life. We wish if we could, stop that happenings of bad things from our lives. erase that portion of happenings. But can we hold pain? Whether it's sad or happy, we must love our own lives than other things in the world. 
                     Depressing, discouraging, griefing, disappointing  things always bring inconvenience to many of our lives. Whether it physical or emotional pain, not something we can choose. It is a  feeling of stuck, difficulty of breathing, living and spending  with remembering every moment. some days I realized some religious things work for me to get normal. Participating to meritorious acts can fix broken life. Also meditation is the same medic for refreshing minds. After the death of a loved one or depature of a loved ones, leaning into the pain is a daily event.  Each new day brings with it new challenges. But we get out of bed, we move forward with the day, and the pain eventually subsides and the heart heals. When it comes to exercise, it took several good coaches to push me through the pain to where I now can lean into it on my own. 
                     Let me tell you one thing, also sorrow is inevitable. I'm telling you. It creeps into everyone's life. But there is way to fight with it. Like this. Pretend life is a boxing ring and unhappiness is your opponent. It appears before you , don't afraid. Look straight into its eyes. Understand and gauge its strength. But don't forget that unhappiness is a very strong opponnent. Now start to fighting. It will first get you in the face.You will be hurt. But no worries, keep fighting. With the next hit , you will fall. But the trick is to stand up and face it. Because if you give up , then every punch will fill your eyes with tears. Every jab will steal the smile from your lips. It will force its way into your home santch away all happiness. By the last round everything you love will be finished. So don't let sorrow to invade your beautiful life. The small pieces from our past, There are always safe in our memories. Memories are like chocolate boxes. Once open, you can't stop at just once. But if you have with tough heart  then you can stop at just once. Give it some time. You have to make your life...your career. No time for suffer. Everything will be OK. Finally the point... Pain is a part of life. Suffering is a choice that we make, or we don't. 


Monday, August 5, 2013

යූපීඑස් එකේ ආයු කාලය වැඩි කරගැනීමට නම්. . .






             UPS කියන්නේ   Uninterrupted Power Supply නැත්නම් Uninterruptible Power Source කියන එක.  ඒකෙ තේරුම ගත්තාම ඒ වචනයෙන්ම කියවෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම කියන අදහස. UPS යොදාගන්නේ බොහෝ විට පරිගණක හා telecommunication ආශ්‍රිතව ක්‍රියා කරන උපාංග හදිසි විදුලි බිඳවැටීමක් වැනි අවස්ථාවකදී ඇති වන හානි වලින්, අනතුරු වලින් ආරක්ෂා කරගැනීමටයි කියන එක කවුරුත් දන්නවා ඇති. හැබැයි පුතේ UPS එකක් ගන්න කම්මැලිකමට, සල්ලි නෑ කියලා නිකම්ම බිත්තියට කේබල් ටික ගහගෙන කම්පියුටරේ පාවිච්චි කරලා කරන්ට් ගිහින්, අපේ ජාතික විදුලි බල මණ්ඩලේ අයියලා මාමලා ආදරෙන් මතක් කර කර ඕක පාවිච්චි කරලා,  අන්තිමට UPS පහක් ගන්න සල්ලි ඒක හදාගන්න වියදම් වෙද්දි තමයි හිතෙන්නේ කම්පියුටරේට කලින් UPS එකක්  අරන් තියා ගන්න එකයි වටින්නේ කියලා. අපේ රටේ 230 V විදුලිය ලැබෙන බව කිවට හැබෑම ප්‍රමාණය ඊට ටිකක් අඩුවෙන්  210-220 V අතර විදුලියක් තමයි නිවෙස්වලට ලැබෙන්නේ. මෙහෙම වුනාට අපේ ඇහැට පේන්නේ නැති විදුලි වෙනස්වීම් අඩු වැඩිවීම බොහොමයක් වෙලාවට වෙනවා. ඔය කිව ආකාරයට ක්ෂණයෙන් සිදුවන අඩුවැඩිවීම අපි එදිනෙදා භාවිතා කරන සංවේදි විදුලි උපාංග කෙරෙහිත් එක හා සමානවම බලපානවා. පරිගණකයටත් ඒ සිද්ධාන්තය ඒ අකාරයටම බලපවත්වනවා. මුලින්ම Power supply එක මගින්  පිටතින් එන ධාරවෙන් තමන්ගේ යන්ත්‍රයට හානියක් නොවී පවත්වා ගැනීමට උත්සාහ දරනවා. නමුත් ඒ උත්සාහය ඇණ හිටපු වෙලාවට ඇතුලත වටිනා කියන  මදර්බෝඩ්, හාඩ් ඩිස්ක්, රැම් ඇතුලු සියල්ල ලෙඩ වෙන්න බලනවා. මට මතකයි කාලෙකට ඉස්සර අපේ ඔෆීසියට යාබද ස්ථානයක AC එකේ ඇති වුන දෝෂයක් හේතුවෙන් මහ රෑ වෙලා සිදුවෙච්ච විදුලි අඩු වැඩි වීමකින් පරිගණක සියල්ලම පිලිස්සිලා ගිය හැටි. දත්ත ටික නම් File Servers වල බැකප් කරන නිසා ඒව රැකුන එක ලොකු සහනයක් වුනා ඒ අයට. ගෙදර පරිගණකයත් යම් ආකාරයකින් හිටි හැටියෙම අක්‍රිය වුනොත් අපිට කොයින්ද  File Servers. ඉතින් වෙන්න තියෙන හැම ප්‍රශ්ණයකටම විසදුමක් සඳහා තමයි UPS එකක් දාගන්න කියන්නේ. 


ඉතින් මේවා ප්‍රධානවම වර්ග  දෙකකට වෙන් කරන්න පුලුවන් මේ විදිහට. 

Off Line UPS - (Line-interactive UPS)
On Line UPS -  (Dual Conversion UPS)


                                   ප්‍රධාන වශයෙන් තියෙන මේ වර්ග දෙක තමයි. මේ  UPS වර්ග දෙක මූලිකවම එකකට එකක්  වෙනස් වන්නේ, හදිසි විදුලි බිඳවැටීමකදී පරිගණකය අක්‍රිය නොකර එයට නැවත විදුලිය ලබාදීමට ගන වන කාලය අනුවයි. මේ Off Line UPS කියන වර්ගයේ ක්‍රියාකාරීත්වය මෙහෙමයි.  මෙයට අපි Line-interactive UPS වගේම Standby Power Systems කියලත් කියනවා. අපි පරිගණකය  භාවිත කරමින් ඉන්න විට  යම් මොහොතක විදුලි ඇනහිටීමක් සිදු උනොත්  UPS එකේ ඉඳන් පරිගණකය වෙත විදුලිය ලබා දීමට තත්තරයෙන් දහයෙන් එකක් පමණ ගතවෙනවා.  ක්ෂණයෙන් සිදුවන දෙයක්. එතකොට පරිගණකය ක්‍රියා විරහිත වෙනවනෙ කියලා ගැටලුවක් එනව නම් උත්තරය තමයි  නැ එහෙම වෙන්නෙ නැ කියන එක.ඒ විදිහට ධාරාව එකඑල්ලේ තබා ගැනීමට පරිගණකයේ තිබෙන  Power Supply කියන උපාංගයේ ඇතුලත තිබෙන ධාරිත්‍රක වල දැනට පවතින පුංචි විදුලි ප්‍රමාණය යොදාගන්නවා. මේ විදිහේ විදුලිය බිද වැටිමක් සිදුවුනොත්  එය ඉක්මනින් හදුනාගෙන කෙලින්ම සම්බන්ධ වන්නේ එහි ඇති බැටරියේ විදුලියත් එක්ක. මේ වර්ගය කොයි වෙලාවෙත් ගෘහස්ථ විදුලි පද්ධතියෙන්ලැබෙන 230V ධාරාව මත යැපෙන නිසා හදිසි විදුලි අක්‍රිය වීමකදි ක්ෂණිකව තමන් හරහා පරිගණකයට විදුලිය ලබා දෙමින් පරිගණකය නොනැවතී ක්‍රියා කරවීමේ වගකීම භාරගන්නවා.  
                               On Line UPS කියන මාදිලිය අපි ගෙදර දොරේ භාවිතයට ගන්නේ නෑ. මේවා මහා පරිමාණ විදිහට ක්‍රියාත්මක වෙන උපාංග ඇති තැන්වල තමයි යොදන්නේ.  UPS එකේ ඉඳන් අදාල උපකරණයට විදුලිය ලබා දීමට මෙහිදි වැඩි කාලයක් ලබා ගන් නෑ. මොකද  On line UPS වලදි සැම විටම inverter එක මගින් ජනනය කරන විදුලිය ලබා දෙන නිසා ඉහත වෙනස අපිට දැනෙන් නෑ. ඉතින් එ වගේම තමයි මේ UPS වල මිළ ගනන් එහෙමත්. අපි ගොඩක් ​වෙලාවට මේ වර්ගයේ UPS භාවිතා කරන්නේ ශල්‍යාගාර වල තිබෙන අත්‍යාඅවශ්‍ය උපකරන වගේම Server සදහාත් මෙම වර්ගය යොදා ගන්නවා. අනිත් වාසිය තමයි output voltage එක පාලනය කරමින් නියතව තබාගන්නා electrical firewall එකක් විදිහට ක්‍රියා කරමින් අපි සතුව තියෙන sensitive electronic equipments වල ආරක්ෂාව ගැන ඉහල සහතිකයක් දෙන්නත් මෙයට හැකියාව තියෙනවා. මෙම UPS වර්ග අපි ගෙදර දොර භාවිත කිරීමට ගන්නෙ නැත්තේ මෙහි වටිනාකම ඉහල හින්දා. 


 බැටරිය නරක් වුනා කියලා දැනගන්නේ කොහොමද?
                          UPS වල තියෙන්නෙ 12V 7Ah ධාරවක් ලබාදෙන ඇසිඩ් වලින් තොර (Sealed Type)බැටරි එකක්. නැත්නම් 12v motercycle battery එකක් දාන්නත් පුළුවන්නේ. නමුත් ආරක්ෂාව ගොඩක් අඩුයි. මේවට එන බැටරි Sealed Type කියන එකේ තේරුම තමයි ඇතුලේ තියන ඇසිඩ් එලියට එන්නේ නැහැ කියන එක. මෝටර්සයිකල් බැටරි එකක් දැම්මොත් බොහෝවිට අපි කාමරයක් ඇතුලේ වගේ භාවිතා කරන නිසා පිපිරීයාමේ සම්භාවිතාව වැඩියි. මේ බැටරියේ එක කුටිරයකට අපි කියන්නේ Cell එකක් කියලා.මේ Cell එකක වෝල්ට් 2ක විභව අන්තරයක් නියෙනවා. මෙහෙම Cell 6 ක් එකතු වෙලයි වෝල්ට් 12 ක් හැදෙන්නෙ.  විදුලි සැපයුම දෝෂ සහිත වන විට UPS එක හරහා පරිගණකයට ලැබෙන විදුලිය බිඳවැටෙනවානම් UPS පාවිච්චි කරන එකේ තේරුමක් ඇත්තෙම නෑනේ. High හෝ low volatages එනවිට UPS එක  මඟින් ඒවා filter කරන්න ඕනෙ. නැත්නම් ඒවා පරිගණකයට අන්තරාවක් වෙන විදිහට එනව නම් UPS එක වැඩක් නැ. UPS එක බැටරි එකට මාරු වෙන්න ඕනෙ ඒ වෙලාවට. ඉතින් එහෙව් බැටරිය අවුල් කියලා දැනගන්නේ කොහොමද? අනික තමයි  UPS එක  ගත්ත මුල් දවස් වලම විනාඩි 20 ක් විතර වැඩ කරන්න පුලුවන්. දැන් නම් LCD හා LED තිර වල විදුලි පිරිමැසීම හේතුවෙන් ඊටත් වඩා පුලුවන්. හැබැයි ඉතින් ගත්ත අලුත. කාලයක් යන විට මේ කාලය ටික ටික අඩුවෙනවා.  සමහර විට පරිගණකය පරිගණකය shut down කරගන්න කාලය මදි වෙන තරමටම කාලය අඩුවෙනවා.  
                         පරිගණකයෙන් වැඩ කර කර ඉද්දි එකපාරම විදුලිය ඇන හිටිනවත් එක්කම UPS එකත් off වෙලා යනව නම් ඒක බැටරියේ ආයු කාලය ඉවරයි කියන ලකුණක්. ඒ වගේම විදුලිය ඇන හිටින වෙලාවට ඉක්මනටම UPS එකට ස්විච් වුනත් device එකක් ප්ලග් කරාම පටස් ගාලා ඕෆ් වෙන එකත්, On කරාම කිසිම හාවක් හූවක් නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න එකත් බැටරිය නරක් වුනා කියලා දැනගන්න පූර්ව ලක්ෂණ තමයි. අපි කතා කරන 650VA කියන ගෙදර දොරේ භාවිතා කරන පුංචි UPS එකේ ඉඳන් 1.2KVA බැටරි දෙකක් දාන UPS එකත් , 650VA බැටරි තිහක් හතලිහක් දාලා පාවිච්චි කරන ඒවත් UPS ම තමයි. බැටරියක් මාරු කරන එක නම් එච්චර අමාරු නෑ. සාමාන්‍යෙයන් අපි පාවිච්චි කරන 650VA 7Ah බැටරියක් රු 1200ත් 1500ත් අතර මිලකට මිලදී ගන්න පුලුවන්. කොහොමද UPS  බැටරියක් මාරු කරන්නේ කියන එක ගැන වීඩියෝවක් පහල ලින්කුවක දාලා තියෙනවා. 

                     හරියාකාරව UPS එකක් භාවිතා කරන්නේ කොහොමද කියලා අපි බලමු. විදුලිය විසන්ධි වුන  වෙලා විදුලිය ලබා දීම ups එකට මාරු වුනා කියන buzzer beep එක ආපු වෙලාවෙම වගේ තමන් කරමින් හිටි වැඩ ටික හිමි හිමින් save කරලා පරිගණකය shut down කිරීමට කටයුතු කරන්න. කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම බැටරිය බසින තුරු තියන්න එපා. විදුලිය නැතිවුනාමත් දිගටම පාවිච්චි කලොත් UPS එකේ ගබඩා කරගෙන තියෙන විදුලිය ශූන්‍ය වෙනවා. මොකද දැන් එන UPS වර්ග බාලයි වගේම ඒවයෙ එන බැටරිත් ඒ වගෙයි. ඒ විදිහට දෙතුන් පාරක් වුනොත් ආයෙත් මුල් තත්වෙන් UPS එක පාවිච්චි කරන්න බැරි වෙයි. සමහර අය කියනවා වගේ මේක ශූන්‍ය කර කර නැවත ආරෝපණය කරන්න පුලුවන් වුනත් ඒක නම් කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. වැසි දිනයකදි නම් UPS එක බිත්තියේ ප්ලග් වලින්ම ඉවත් කරලා තියාගන්න. තවත් දෙයක් තමයි පරිගණකය හා තිරය මේසය මත තිබ්බත් UPS එක පහලින් තබාගෙන පාවිච්චි කරන්න. ඕක මොනිටරය අසලම තිබුනොත් කාලයක් යද්දි තිරයේ dead pixels ඇතිවෙන්න හැකියාව තියෙනවා. මොකද එමගින් ප්‍රේරණය වන චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමෙන් තිරය සෙමින් සෙමින් දෙදරීමට බලනවා අපට ඇහැට නොපෙනුනත්. 

UPS එකක් තිබිමේ වාසි,


  1. විදුලිය බිද වැටිමකදී අපි නිරතව සිටි ක්‍රියාකරකම් Save කිරීමට හැකි වීම සහ Shut down කරගැනීමට  ඇති හැකියාව.
  2. අපේ රටේ නිරන්තරයෙන් සිදු වන විදුලිය අඩු වැඩි වීම් වලින් විශ්වාසදායී ආරක්ෂාවක් ලබාගත හැකිවීම.
  3. අකුණු සැර මගින් දුරකථන රැහැන දිගේ එන විදුලියෙන් router වැනි උපාංග ආරක්ෂා කරගැනීමේ හැකියාව.
  4. නිරන්තරයෙන් ලෙඩ නොදෙන UPS එකේ නඩත්තු කටයුතු යනුවෙන් අප හඳුන්වන්නේ එය නිසි කලට ආරෝපණය කරගැනීම ඇතුලු මනා කලමණාකාරීත්වයක් පමණක් වීම.





                     UPS එකට ලැබෙන විදුලිය කොච්චරක්ද කියන එකත් අපිට බලා ගන්න හැකියි.   බැටරිය කොයි තරම් ප්‍රමාණයක් ආරෝපණය තියෙනවද කියන විස්තරත් බලාගන්න පුලුවන්. එමෙයට UPS එක ගනිද්දි ඒත් එක්ක දෙන කට්ටලයේ තිබෙන CD තැටියේ ඇති මෘදුකාංගය Install කරගන්න ඕන. ඒ මෘදුකාංගය අපිට ඕන විදිහට වෙනස් කරගත්තාම  අපිට පුළුවන් අපි පරිගණකයෙන් ඉවත් වෙලා ඉන්න වෙලාවට එය ස්වයංක්‍රීයව shutdown වීමට settings සකසන්න. ඒ වගේම  තව ​ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්.   UPS එකත් එක්ක RJ11 Cable එකක් වගේම ඒ හැඩයේ RJ11 ආකාරයේ port දෙකකුත් අලුතෙන් එන මාදිලි වල එනවා ඔබ දැකලා ඇති. ඔබ භාවිතා කරන්නේ SLT වැනි wired connection එකක් නම් ඒ කේබල් එකෙන් වාසියක් ගන්නත් පුලුවන්. ඒ මොකක්ද? දැන් UPS In හා Out ලෙසින් RJ11 port දෙකක් තියෙනවානේ. ඔබේ Router එකට RJ11 Cable එක එන්න කලින් ,  Splitter එකේ modem හෝ dsl යනුවෙන් දැක්වෙන ස්ථානයට RJ11 Cable එකක් සම්බන්ධ කර එහි අනිත් අග්‍රය UPS එකේ In යනුවෙන් සඳහන් තැනටත්, එහිම Out යනුවෙන් සඳහන් තැනින් තවත් RJ11 Cable එකක් ගෙන එය රවුටර් එකේ adsl port එකට යොමු කලාම විදුලිය හා සම්බන්ධ ඇනහිටීම් හා හානි වලින් වගේම හදිසි ඇනහිටීමකදි වෙන Router Reset විමත් මෙමගින් වලක්වා ගත හැකියි. ඒත් ඕකෙන් ලොකු ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඉතින් ඒ වැඩේට වඩාත්ම හොඳයි Surge  Protector එකක් භාවිත කරන්න පුලුවන් නම්. මොකද මේ UPS එකේ RJ11 port එක සම්බන්ධ වෙන තැන ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන්නේ Varistor Fusible Resistor එකක් දාපු පොඩි Surge Protection Circuit එකක්.  අර කිව වගේ ෆෝන් ලයින් එක ඔස්සේ එන අකුණු සැරයක් Router එකට යන්න කලින් ලුහුවත් කරන එකෙන් Router එක ආරක්ෂා වෙනවා. එහෙම වෙන්නේ අර කියපු Surge Protection Circuit එක තමන් විසින්ම එකෙන්ම පුච්චගෙන විම නිසා එකපාරක් එහෙම දෙයක් වුනොත් ආයෙත් නැවත ඒක යොදන්න වෙනවා.ඉතින්  UPS එකේ ඒ පහසුකම  අඩුකරලා surge protector එකක් වෙනම දාගන්න එක ඇඟට ගුණයි කීවේ ඒ හේතුව මත.

     



මේ තියෙන්නේ කාලිංග අයියගෙ Techකතා The Magazine එකේ යු.පි.එස් සම්බන්ධව වීඩියෝවකුත් එක්ක දාපු විස්තරයක්... මෙතනින් 

ගෙදර විදුලිය නැති වුන වෙලාවට මොනවද කරන්න පුලුවන් දේවල් යන්න කියලා දෙන පට්ට වීඩියෝ එකක් හම්බුනා නෙට් එකේදී. ඒකෙ නම තමයි  10 Things To Do In A Power Cut. මේ මාතෘකාවට කොහෙත්ම අදාලත්වයක් නොවුනත් බලන්නකො මේ වීඩියෝවෙන් කියන දේවල් මොනවද කියලා. මෙතනින්

               තවත් දෙයක් කියන්න ඕන. ඒ තමයි දැන් අපේ රටේ අලෙවි වන බොහොමයක් UPS වර්ග තත්වයෙන් බාලයි. ඒ සන්තෑසියම තමයි අනෙකුත් විද්‍යුත් උපකරණ වලටත් වෙලා තියෙන්නේ. ගොඩක් බහුජාතික සමාගම් කරන්නේ ඔවුන්ගේ අලුත් හා පර්යේෂණ මට්ටමේ නිෂ්පාදන අපේ රට වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එවලා ඒවගේ සාර්ථකත්වය මැන ගැනීමට අපි වගේ පාරිභෝගිකයා පාවිච්චි කිරීමයි. ඒ වගේම ලොකු රටවල් වලට යවන්න බැරි දෝෂ සහිත උපකරණ ඒවා දෝෂ සහිත බවත් හොඳින්ම දැනගෙන අපේ  රටට එවීමත් එන්න එන්නම වැඩි වෙලා තියෙන හන්දා මේ වගේ සංවේදි උපකරණ ගනිද්දි වගකීම් කාලය තුල ඇති හා After service එක හොඳින්ම හා රස්තියාදුවක් නැතුවම කරලා දෙන තැනකින් ගන්න කියන එකයි අවසානයට කියන්න තියෙන්නේ. ඔබට ජය...


Sunday, July 28, 2013

මගේ නොවුන මගේම ආදරය (My Love). . .




Sometimes I wonder if you really know
how much I love you
If you really understand how much I care
You may never fully comprehend
What it means to be loved by me,
And I may never find the words
to express my devotion...

Always know
that each time you smile,
Each time you cry,
Every ounce of happiness you feel,
Every emotion you experience
I feel it too,
Because you are my heart;
To look at you, is to see my soul...

After all our time together
After all the up’s and downs
I still believe this is forever
Without a doubt...

In your arms I still find comfort
In your smile I still find peace
For me there is no other
No matter what time may bring...

In the memories we’ve created
There’s a magic in the past
For better or worse
I wouldn’t take one second back
The hard times made us stronger
The sweetest of times made us lovers
All that came before
And everything that follows
Made you my greatest friend..

When I need a shoulder to lean on
When I need an ear to bend
It was you I could turn to
It was you who would help me
To find myself again...

I don't want to hurt you
Because I'm a Lover, not a fighter
But I'll fight for,WHAT  I LOVE...
So Never Let Me Go dear
Come to me when you need me
I 'll always be with you...

If u blame on me asking,
what have u done...
I'll tell you I didn't want to cheat you
Because I Love You and always will...

After all this time
I find peacefulness
Knowing, believing it’s still love,
You’re still the one,
You’ll always be the one...

After all that was only our past...
You were everything to me...
My Friend
My Lover
My living memories...

But now I' m here...
You are there...Difference is
You are now in good hands, how happy.......
So no reason for me to worrying yet...

I'm Only a Soldier with good heart...
I can bear many things and faced too...
But I can't bear this loss....
Whenever I think of you.. This Question Comes to My mind...
Why Couldn't  you Love me?
As well as He is a Soldier  too..
No No...He is some one else...than a Soldier...I know
Ohhh....Finally realized what happened...

So
Don't waste your life b'cz of me
Please don't ask me and don't search me
No no no no... I will almost fine...
I don't wanna hurt and pain in my poor heart
Only Ask me If you want something
that you couldn't' find easily...
I'll be there...

Spend your life with your Life Partner, With full of Joy and happiness...
Blessing you with ALL MY HEART...
I'll never come between You and him...
I'm happy b'cz You are happy
I know your man...Don't give him these deeply suffers... Never
Finally all I knew these matters of  Love are so incomprehensible.....


Thursday, July 18, 2013

ගෝල් Face එක . . .


       
     


               ගාලුමුවදොර එහෙමත් නැත්නම් Galleface කියන්නේ , කොළඹ කියන නම ඇහුණමත් කර්කශ චිත්‍රයක් මවන කොන්ක්‍රීට් අච්චාරුවට යන්තම් හෝ සෞම්‍ය බවකුත් එක්ක හරිත පැහැය කැටි කර ගත් නිල් පැහැය අරන් එන සොඳුරුම තැනක්. මට නම් ඉතින් උදේ නැගිට්ටත් හවසට ආපහු ආවත් කොයිම වෙලාවක වුනත් ඇසේ මානයෙන් මේ කියන සුන්දර ස්ථානය මඟ ඇරෙන්නෙ නෑ. ඈත ඉඳන් බලද්දි පේන මුහුදේ සුන්දරත්වය ත් එක්ක හිරු බැස යන අපූරුව බලන්න මම නම් පින් කරලා තියෙනවා. කට්ටිය හිතයිද දන් නෑ “යකෝ මූ නම් හෝටලයක නැවතිලා ඉන්න රජ පුතෙක්ද කොහෙද කියලා.“ හපොයි නෑ නෑ. මට එච්චර ගෙවන්න තරම් සල්ලියක් නෑ හෝටල්වල ඉන්න තරම්. බලමු කවුරු හරි guess කරයිද කියලා මං ඉන්න ඉසව්ව. නිතර යන එන එකේ මේ ගැන නොලීවොත් ඒක Galleface එකට කරන අඩුපාඩුවක් වේවි කියලා  ඔන්න මං ලියනවා. ඉතින් නිදහසත් සමඟ කැටි වුන විවේකයේ  සුවදායක සුළං ප්‍රවාහයන් කොළොම්තොටට පැමිණෙන ඒ පුංචි කඩ ඉම ගැන තමයි අද  මේ කතාව. මට නම් Galleface කියන්නේ තනිව හෝ මිතුරන් කණ්ඩායමක් විසින් යෙදෙන  රස්තියාදු සවාරියක් කෙලවර වෙන තැනක්. මම  කීවේ ඒ අපේ හැටියට නම්. පෙම්වතියක් ඉන්න පෙම්වතෙක්ට නම් කාලය ගැනවත්, වටපිටාව ගැනවත් වගේ වගක් නැතුව එකිනෙකාට තුරුලු වෙලා ඉර මුහුදේ හැංගිලා යන අපූරුව ජීවිතයේ එක් වරක් හෝ වින්දනය කරන්න තරම්, වින්දනය කල යුතු තරම් වටින තැනක්. "තමන්ගේ රස්තියාදු ගමනක කෙලවර Galleface" කියල කීවත් වැඩිහිටි උදවිය වගේම කාර්යාල තුල දවසම හිරවෙලා ඉඳලා හවසට විඩාව නිවා ගන්න එන අයට නම් ඒ වචනය ගැලපෙන් නෑ. බොහොමයක් දෙනාට Galleface කියන වචනය ඇහුණ ගමන් පෙට්ටි කඩ, ඒ කඩවල රත් වුන තාච්චි මත දුම් දමමින් බැදෙන කෑම ජාති,  ‍නොයෙක් පන්නයේ  පාට පාටසරුංගල්, ජනාකීර්ණ බව, ඝෝෂාව, බංකු මත පෙමින් වෙලීගත්  පෙම් යුවල්, රල බිඳෙන ඝෝෂාව අස්සේ අතොරක් නැතිව කෑ ගසන වෙලෙන්දන්, පෝනියෙක් පිටේ නැඟිලා යන පුංචි එකෙක් හරි මහ එකෙක් හරි, නැත්නම් හිනාවෙවි වටේ පිටේ ගැන වගක් නැතුව යන  සුද්දෝ සුද්දියෝ  සැට් එකක් වගේ නොයෙක් චිත්‍ර එක එක්කෙනාට  මතක් වෙනවා ඇති. මට නම් අසීමාන්තික නිදහසත් සමඟ කැටි වුන හුදකලාවීම පිළිබඳව  ප්‍රමෝදයක් තමයි මුලින්ම හිතට එන්නේ. වැඩත් එක්ක හිර වෙලා ඉඳලා ඉඳලා ....හරියට කුරුල්ලෙක්ට පියාඹන්න අත්තටු ලැබුනා වගේ. 

(ඔය වම් පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ මේ මං තමයි. පේනවා නේද නලුව වාගේ උජාරුවට ඉන්න අපූරුව...D ංංං::: අනිත් උන් මගෙ යාලුවො ටික..)





                මෙයට   Galleface යන නම ලැබීම පිළිබඳවත් විවිධ කතාන්දර තියෙනවා. ගාලු පාරට යන්නේ මෙතන පහු කරන් නිසා මේ ස්ථානයට  Galle Pass කියන නම ව්‍යවහාර වෙලා පසුව  Galleface බවට හැරුනාය කියන මතය ප්‍රචලිත එකක්. මේ නම හැදුන හැටි ගැන තවත් අදහස් තියේ නම් අපේ යාලුවෝ සඳහන් කරාවි.  1856 දී තමයි එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වෙලා හිටපු  Sir Henry Ward විසින් මේ ස්ථානය සක්මන් කල හැකි තීරුවක් ආකාරයට නිර්මාණය කරන්නේ.  මේ තීරුව අද දකින්න තියෙන කොටසට වඩා දිග බව ඉතිහාසය කියා පානවා. Galleface කියන්නේ පශ්චාත් බටහිර විජිත යුගය විදහාපාන ජීවමාන කැඩපතක්.  සම්පූර්ණ වපසරිය අක්කර 12 කට ආසන්නයි. නමුත් අතීතයේ එය මීට වඩා ග්‍රාම්‍ය බවින් පිරිපුන්ව හා ප්‍රමාණයෙන් වැඩිව තිබිණාලු. පෘතුගීසී, ලන්දේසී හා ඉංග්‍රීසී පාලන සමයන්හිදී මේ ප්‍රදේශය නිල්ලෙන් වැසුණු බිමක්. විවිධ ශාඛ වර්ග වලින් පිරුණු බිමක් වෙලා තිබුනා. ඔවුන් මුල් කාලීනව තුරඟ තරඟ පැවැත්වීම සඳහාත් පසුව  යුධමය අවශ්‍යතා සඳහාත්, පසුව නඩු අහන ජූරිය රැස්වෙන තැනක් විදිහටත්, හේවාපන්න සඳහා ව්‍යායාම දෙන තැනක් වරිදිහටත් භාවිතා කෙරුණ බවත් සඳහන් වෙනවා James Cordiner නම් ගවේෂකයාගේ ලංකාව ගැන වර්ණනාවක් කියන පොතේ. ආහ් කියන්න බැරි වුනානේ. ඒ පොත මම මෑතකදි කියවපු ලංකාවේ ඈත අතීතය බොහොම අපූරුවට හිතේ මවා පාන ලස්සන පොතක්. තව ටිකක් ඒ පොත ගැන විස්තර කරොත් වරදක් වෙන් නෑ. හොයාගෙන කියවන්න තරම් වටින පොතක්. මොකද ඒ තරම්ම කරුණු තියෙන වැදගත් පොතක්. මං ගොඩක් කැමතියි ඔය ඉතිහාසය වෙන රටවල ශිෂ්ටාචාරය එහෙම ගැන ලියැවුණු පොත පත කියවන්න. වර්ෂ 1799 සිට 1804 දක්වා පස් වසරක් කොළඹ බ්‍රිතාන්‍ය බළකොටුවේ සේනාංකයෙහි දේවගැති ධූරය දරමින් ලංකාවේ වාසය කළ මේ (ජේම්ස් කෝඩිනර්) දේවගැතිතුමාගේ A Description of Ceylon  (“ලංකාව ගැන වර්ණනාවක්” – පරිවර්තනය නිස්සංක පෙරේරා) කෘතියෙහි එන ඇතැම් විස්තරයකින් කොළඹ වෙළෙඳාම ගැනත් බොහෝ කරුණු දැනගත හැකිය. කොළඹ වෙළෙඳ නගරයක් වූයේ අද ඊයෙක නෙවෙයි. පෘතුගීසින් අහම්බෙන් හෝ ලංකාවට ගොඩබසිද්දී පවා කොළඹ වෙළෙඳ නගරයක් වී හමාරයි. කොළඹ වරායට එන ලොරෙන්සෝ ද අල්මේදා මුලින් ම දකින දර්ශන අතර වැදගත් ප්‍රධාන දර්ශනයක් වන්නේ වෙළෙඳාමයි. 


කොළඹට එන්නෙකුට වරෙක ඔහු දෙන උපදෙස මෙසේයි.

”... කුලී රථයක් හෝ රික්ෂෝ රථයක් ගෙන කෙළින් වීදිය නැරඹීමට යන්න. එහි ඉන්දියානු සාප්පු බොහෝ තිබේ. ඉන් එකක් අබියස නවතා සාප්පුවට ගොඩ වෙන්න. ඉන්දියානු සේද රෙදි හා සාරි වර්ග ඔබට නානා මාදිලියෙන් දැකගත හැකිය. පවුම් දෙකේ සිට පවුම් සියය දක්වා මිල ගණන්වලට සාරි ඇඳුම් පැලඳුම් මෙහි තිබේ. ... මිල ගණන් ද වැඩි නැත. රෙදි වැඩ දමන කාමරයක් ඔබට බැලීමට අවශ්‍යද? ඉල්ලා සිටි විටෙක ඊට අවසර ලැබේ. ළපටි තරුණ පිරිමි ළමයින් මෙන්ම උපැස් දමාගත් මහල්ලන් ද පුදුම වේගයකින් සිය අත්කම්වල විස්කම් දක්වන ලීලාව ඔබට දැකගත හැකිය.”

කොහොමද ඉස්සර ලංකාව කොච්චර අපූරුද?



(පැරණි ගාලුමුවදොර - උපුටා ගැනීම ගූගල් දෙයියන්ගෙන්)

       ඉතින් ගාලුමුවදොර ඉතිහාසය කියන්න නෙමෙයි හැදුවේ. සුන්දරත්වය කියන්නයි. W.A.සිල්වා මහතාගේ රදල පිළිරුව කෘතියේ එන රපියෙල් බාස් තමන්ගේ දෝණියැන්දාව හා ගෙදර උන්දෑව සවස් යාමයේ ගාලුමුවදොර වෙත යවන්න හදන්නේ ඒක ඒ කාලයේ ඉහල පැලැන්තියේ අය පමණක් යන එන තැනක් නිසාවෙන්. ගත් කතුවර මාටින් වික්‍රමසිංහයන් විසින් රචිත බොහෝ කෘතිවලත් මේ ගාලුමුවදොර පිළිබඳව පශ්චාත් යටත් විජිත සමය අලලා කෙරුණු සලකුණු බොහොමයක් දකින්නට පුලුවන්. අද වුනත් ගාලුමුවදොර වෙත යන්නෙකුට යටත් විජිත සමයන්හි නෂ්ටාවශේෂ දකින්නට හැකියි. එක් පසෙකින් 1800 ගණන් දක්වා ඈත ඉතිහාසයකට හිමිකම් කියන Galleface Hotel එක ඒ අතීතය හා වර්තමානය මැනවින් විදහා පාන සලකුණක්. ඉස්සෝ වඩේ කරත්ත Galleface එක හා ගහට පොත්ත වගේ බද්ධ වී පවතින දෙයක්. අද වෙනකොට මේ ඉස්සෝ වඩේ සංස්කෘතියට බොහෝ ආහාරපාන එකතු වෙලා. ලුණු මිරිසත් උඩින් තවරලා දෙන මේ ඉස්සෝ වඩේ එකක් හපමින් ඒ මේ අත සැහැල්ලුවෙන් ඇවිද යන පෙම්වතුන්, රස්තියාදුකාර තරුණයින්, මිතුරු කාණ්ඩ හවස් යාමේ වෙද්දි සුලභයි. ඒ අතරේ පිට් පොකට් කාරයන්ගෙන් වගේම තමන් ගෙනාපු අයිපොඩ් එකයි, ගැලැක්සියයි, ටැබ් එකයි, ලැප් එකයි ඔක්කොම දිග ඇරගෙන අව් කණ්ණාඩි කුට්ටමකුත් දාගෙන, අර උජාරුවට On කරගත්ත උපකරණ ඔහේ තියෙද්දි අහල පහලින් යන කෙල්ලන් දිහා ගිජු බැල්ම දාගෙන කෙල්ලෙක්ව සෙට් කරගන්න හදන උදවියගෙනුත් කිසිම අඩුවක් නෑ. මම නම් කියන්නේ ඒ අයගෙනුත් බොරු පුරාජේරුකාරයින් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි.  හැබැයි ඉතින් මම යන්නෙ නම් කලුපාට ඩොට් ඩොට් සෙරෙප්පු දෙකත් දාගෙන, කකුල් දෙකෙන් එක කකුලක් විලුඹ ගාවින් ඉරුණු දුඹුරු පාට ඩෙනිමකුත් ඇඳගෙන , මොකක් හරි අහු වෙන ටී ෂර්ට් එකකුත් ඇඟේ පටලවාගෙනයි. ඒ නම් ඉතින් රස්තියාදුකාර කම පෙන්වන්න නෙමෙයි. මට තියෙන්නේ එච්චර නිසා. වටේ මිනිස්සු ඕනෙ දෙයක් හිතපුවාවේ. මාව දකින යාලුවො හිතන්නේ මෙහෙම"මූ නම් කාණ්ඩෙට වැටුන එකෙක්". ගමේ යාලුවෙක් දැක්කොත් හිතන්නේ"පෙනේද මූ මෙහෙදි ඉන්න හැටි. හප්පේ ගෙදර මිනිස්සු මූ ගැන කොච්චර නම් බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ. පව් ඒ මිනිස්සු. මහම මහ රස්තියාදු කාරයෙක්ද කොහෙද ,  අපරාදේ මෙහේ ඇවිත් නිකන් දෙමාපියන්ටත් එක්ක ලැජ්ජා කරනවා. ඉදපන්කො මම ගිහාම මුන්ගෙ ගෙදරට කියන්න පුතණ්ඩියාගේ කෙරුවාව ගැන" ඔන්න ඔහොමයි. තව ගමේ මාමා කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි  දැක්කොත් හදිස්සියට ගෙදර දුවන එක තියා ගමේ පස් පාගලත් ඉවරයි. නැති දේවල් ඇඳලා පෙන්නනවාට වඩා , ඇති දේවල් පොඩ්ඩ උනත් අර නැති දේට වඩා ඒක වටිනවා මම හිතන්නේ. 


(අනේ මේ නම් මම නෙවෙයි හොඳේ...මේ දෙන්නා කවුරු උනත් දෙන්නගේ privacy යට කැලලක් නොවෙන්න පිටිපස්ස පැත්තෙන් ඉඳන් ගහපු එකක්...)

              අපිට යුගයකට දෙකකට කලින් Galleface  ආපු උදවියගෙන් ඒ ගැන අහුවොත් අද ට වඩා ඒ පරණ Galleface එක කොච්චර සිරියාවන්තද කියලා දැන ගන්න පුලුවන්. ඒ කාලේ දුවනගිරිය ගැනත් බොහොම අපූරු විස්තර කියයි. දුවනගිරිය කියන්නේ කෑම කරත්තවලට. කෑම ප්‍රදර්ශන කවුළු සහිත සරල කරත්ත. උදුන් තියෙන ඒවාත් තිබෙනවා. කප්පරක් වූ වඩේ වර්ග, සමෝසා වැනි ආහාර ඒවායේ සැකසෙනවා. සමහර ඒවායේ සිසිල්බීම, අයිස්ක්‍රීම් එහෙමත් විකුණන්න තිබෙනවා. තරුණ තරුණියන්, පෙම්වතුන් පෙම්වතියන්, දරුමල්ලන් සමගින් පවුල් Galleface එකට එන්නේ තමන්ගේ කාර්ය බහුල ජීවිතයට ඉසිඹුවක් දෙන ගමන් බොහොම ලස්සන හවස් වරුවක් ගතකරන්න. තනිව වුනත් පෙම්වතිය සමග වුවත් දරු මල්ලන් සමග වුවත්  වින්දනයේ නම් වෙනසක් වෙන්නේ නෑ. හැන්දෑවේ පෙම්වතියට පෙම්වතාට තුරුලු වෙලා  අවට ඇති සීමා මායිම් ගැන තඹේකට මායිම් නොකර වර්ණාලේපිත මුහුදු කුමාරයා රක්ත වර්ණ හිරු කුමරිය වැලඳගෙන රතුපාටින් අඳුරත් සමඟ එකතු වෙන අයුරු   ජීවිතයේ එක් වරක් හෝ වින්දනය කල යුතු බොහොම අපූරු අත්දැකීමක්. 



            ජනතාවගේ විවේකය වෙනුවෙන් වෙන් වුණු ගාලුමුවදොර පිටිය අද වෙනකොට   විවිධ ඉසව් සඳහා යොදාගන්නා ස්ථානයක් වෙලා තියෙන්නේ නිදහසේ සහ නොමිලේ හිත නිවාගන්න කවුරුත් එකතු පහදු වෙන තැනක් නිසා. කොළඹට විවේකය, නිදහස, සුවදායි වාතාශ්‍රය ආදී මිලදී ගත නොහැකි දෑ බොහොමයක් ලබා දෙන ගාලුමුවදොරට අප හැමෝම ඇලුම් කරන්නේ එනිසා.  කොළඹ නැව් තොටත්, නාවික ගමන් මාර්ගයේ ඇදෙන නාවික යාත්‍රා මෙන්ම ඈත මුහුදේ නැංගුරම්ලා ඇති විශාල (තෙල්) නැව්ද දැකගන්න හැකියි. ඒ සියල්ලටත් වඩා හැන්දෑ අහසේ හිරු මුදේ ගිලී නොපෙනී යන දසුන , සියල්ලටම වඩා චමත්කාරජනක ආනන්දයක් ගෙන දෙන බවත් නොකියාම බැහැ. ඉතින් අපේ ජීවිතයේ එදා පටන් අද දක්වා වූ  විවිධ ස්මරණයන් නිහඬව දරා සිටින බොහොම අපූරු තැනක් තමයි Galleface එක .
(පින්තූර මම ගත්තුවා වගේම ගූගල් දෙයියා දුන්නු ඒවත් මෙතන තියේ....)

කොළඹ කොටුව ගැන මෙතනත් විස්තර තියෙනවා ඕං. 

Tuesday, July 9, 2013

ඇතුවත් බැරි නැතුවත් බැරි Wireless


   මේ මට විද්‍යුත් ඊයකින් ලැබුණු බොහොම වටිනා කියන කරුණු රැසක් අඩංගු ලිපියකින් උපුටා ගනු ලැබූවක්. කියවල බලද්දි නොදන්න අනතුරකුත් නව තාක්ෂණය තුල ගැබ් වෙලා එනවා. BBC අඩවියේ පලවුනු ලිපියක් මේ ආකාරයට සිංහලයට හරවලා කියවන්න ඉඩ හදා දුන්නු ඒ කවුරු හෝ නොදන්න සහෘදයාට ගොඩක් ස්තුතියි. කියවද්දි අකුරු පේන්නෙ නැත්නම් පින්තූරය උඩ ක්ලික් කරලා වෙනම page  එකක open වුනාම active වෙන zoom tool එකෙන් පින්තූරය විශාල කරගෙන බලන්න.




Friday, June 7, 2013

මම කියවපු පොතක් - නැපෝලියන් හිල්ගේ "Grow Rich with Peace of Mind"




                    යම් පුද්ගලයෙකුගේ පෞරුෂය , එහෙමත් නැත්නම් අපේ කටට හුරු "Personality"  එක ඔහුගේ හෝ ඇයගේ සිතේ දුක් නොමැති වීමට හා සතුට රඳා පැවතීම සඳහා කෙලින්ම බලපායි. පෞරුෂය කියන්නේ යම් පුද්ගලයෙක් දීර්ඝ කාලයක් තිස්සේ යම් යම් අවස්ථා වලදී හැසිරෙන ආකාරයන්ගේ සම්පිණ්ඩනයකට. ඒ වගේම  ජීවිතයේ උදාවන විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරයයි. මේ හැසිරීම් සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නෑ. කෙනෙක් හැමවෙලාවකට හැම දෙයක්ම පිලිවෙලට කරනවානම් ඒ ඔහුගේ/ඇයගේ පෞරුෂ ලක්ෂණයක්. ඒ හැසිරීම සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නෑ. නිතරම කේන්තියෙන් පසුවෙනවා නම් ඒකත් පෞරුෂ ලක්ෂණයක්. හැබැයි ධනාත්මක හා සුභවාදී එකක් නොවෙයි ඒ. සිතේ සාමය වර්ධනය කරගැනීම සඳහා පුද්ගලයා නිරතුරුවම උත්සාහ කලයුත්තේ තම සුභවාදී හා ධනාත්මක පෞරුෂය දිගටම  රඳවා ගැනීමටයි. එවිට පිටතින් පැමිණෙන දුක් , කම්කටොලු, පීඩන, මානසික වැටීම් යනාදී සතුරන් , පෞරුෂය නමැති දොරටුව අසලදි ආපසු හැරීයයි. මම මේ දවස්වල කියවමින් ඉන්න ජීවිතය ධනාත්මක කරගන්න පුලුවන් ගොඩක් වටිනා කරුණු රැසක් අඩංගු පොතක් තමයි ඇමරිකන් ජාතික Napoleon Hill නම් ධනාත්මක චින්තනය පිළිබඳව දේශකයාගේ "Grow Rich with Peace of Mind" කියන පොත. ඒ පොතේ තමයි මේ කියූ කරුණු සඳහන් වෙන්නේ. ඒ වගේම පොතේ මැද හරියෙදි ඉතාමත් වැදගත් යැයි කිව හැකි  කරුණු 43ක් දැක්වෙනවා. මේ පහලින් තියෙන්නේ ඒ කරුණු. ඔයාලටත් වැදගත් වේවි. ඒවා දකිනවිටදි ඒවා තමන් ගාවත් තියෙනවදැයි කියලා විමසිල්ලෙන්ම කියවන්න.


  1. ඕනෑම අසීරු අවස්ථාවකට මුහුණ දීමේ හැකියාවක් ඔබ සතුව තිබිය යුතුය. එනම් ඒ අවස්ථාව පහසු වීමට ඔබට කිසිම විකල්පයක් නොදුන්නත් එයට මුහුණ දිමට ඔබට හැකියි.
  2. තමාගේ සිතේ පැනනගින කුමන හැඟීමක් වුවත් තමන්ට රිසි වේලාවක පාලනය කරගත හැකියි.
  3. තමා වෙත පැවරෙන ඕනෑම කටයුත්තක් කිරීමේ ආත්ම විශ්වාසය තිබිය යුතුයි.
  4. අසීරු අවස්ථාවන්හිදී කලබලයකින් තොරව ඉවසීමෙන් හා ප්‍රෙව්ශමෙන් කටයුතු කිරීමේ හැකියාව.
  5. සාර්ථක වෙනවිටදී එහි පාලනය තමන් සතුකර ගැනීමේ හැකියාව තිබිය යුතුයි. 
  6. කිසිවක් හෝ කිසිවෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට, මැසිවිලි නැගීමට ඉදිරිපත් නොවේ.
  7. වෙනත් බාහිර පුද්ගලයින් හට අවමන් කිරීමට හෝ ඔවුන් සුලුකොට තැකීම කිසිවිටෙක නොකල යුතුයි.
  8. තමන් පිළිබඳව අනවශ්‍ය පුරසාරම් හෝ තමා පිළිබඳව අන්‍යයන්ට දෙඩීම ඔබට නුහුරු විය යුතුයි.
  9. තමන් දකින සියලු දේවල් පිළිබඳව විචක්ෂන නුවණකින් යුතුව විවෘත මනසකින් දැකියි හැකි විය යුතුයි.
  10. කිසිවෙකුට හෝ කිසිම දෙයකට අහේතුක බියක් නොතිබිය යුතුයි.
  11. ඕනෑම සබඳකමකදී නිවැරදි අරමුණක් තිබිය යුතුයි.
  12. යම් දෙයක් පිළිබඳව පිරිසක් ඉදිරියේ හෝ තම ස්ථානයේදී අසහසක් ඉදිරිපත් කිරීමේදි ඒ පිළිබඳව නිවැරදි දත්තයන් තමන් සතුවිය යුතුයි. එමෙන්ම නොදන්න යමක් පිළිබඳව  “ඒ ගැන මන් දන් නෑ“ යනුවෙන් පැවසීමටත් ඔබ නොපැකිලෙයි.
  13. ආගම් භේද, ජාති භේද, වර්ග භේද ඔබ විසින් නොසලකන හා ඔබට නුහුරු ඒවා විය යුතුයි.
  14. ආහාර ගැනීමේදී මධ්‍යස්ථව ගනී. වැඩිපුර ආහාර ගැනීමට ඔබ ප්‍රිය නොවෙයි.
  15. විෂයන් රාශියක් පිළිබඳව ඉතා පුලුල් දැනුමක් තිබුනද අවශ්‍ය තැනදි මිස අනවශ්‍ය ආකාරයට තම පාණ්ඩිත්වය පෙන්වීමට නොයා ඒ වෙනුවට සියලු විෂයන් හදාරයි.
  16. කිසිදු මතවාදයකට හෝ කිසිදු බලයකට ඔබේ සිතට හෝ ඔබේ ආර්ථිකයට බලපෑම් කල හැකි නොවෙයි. ආධ්‍යාත්මික අතින් ද ඔබ ශක්තිමත්ය.
  17. කිසිදු කරුණක් අරඹයා ඔබ ඔබ වටා සිටින පුද්ගලයන්ට තමාගේ සතුරන් වීමට ඉඩ නොදෙයි.
  18. තමන්ට මෙන්ම තමා වටා සිටින පුද්ගලයන්ගේ වුවද යහපත, සාමය ඔබ විසින් උදක්ම බලාපොරොත්තු වෙයි.
  19. කිසිදු කාලයකදී දිළිඳු හෝ අවාසනාවන්ත අඩියකට වැටී ජීවත් වීමේ අභිප්‍රායක් ඔබේ සිතේ නැති.එසේ තත්වයකට පත් වුනු වකවානුවකදි වුවද ඔබ කටයුතු කරන්නේ ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් සිතකිනි. 
  20. පවුලේ සාමාජිකයන් ඔබ නිවසට පැමිණෙන අවස්ථාවකදී කටයුතු කරන්නේ ඉතාමත් සතුටිනි. ඔබගේ හඬ පවා ඔවුනට සතුටකි.
  21. තමා සතු යම් දෙයක් අන්‍යන්ට දී ඔවුනගේ සතුට දැක සතුටුවීමට ඔබ ප්‍රිය වේ.
  22. අසාධාරණයක් හෝ තමන්ට වරදක් කරන කෙනෙකුගෙන් නැවත පලිගැනීමේ සිතක් ඔබට නොවේ. ජීවිත ගමන අසීරු කරමින් තමා හැර දමා ගිය කෙනෙකුට වුවද ඔබ වෛර නොකරයි.
  23. යම් පුද්ගලයෙකු තමන්ට කොතරම් වැරදි කර තිබුනත් වෙනත් කෙනෙකු හා කතා කරද්දි ඔහුගේ වැරදි හුවා දැක්වීම ඔබට නුහුරු දෙයකි.
  24. සුභවාදී මනසක් හිමි ඔබ ඒ ආකාරයකටම ධනාත්මකව කටයුතු කරයි.
  25. අනාගතය සැලසුම් කිරීමේදී තමාගේ අතීත සිදුවීම් අධ්‍යනය කර අනාගතයට ඒවායින් පන්නරයක් ලබා ගනී.
  26. යම් අයෙකු වැරදිකරුවෙකු කිරීමට වඩා ඔහුට සමාව දීමට ඔබ ඉක්මන්ය.
  27. යමෙකු අවංකව කටයුතු කීරීමේදී ඔහු අතින් සිදුවන වැරදි සම්බන්ධයෙන් ඔබ අනුකම්පා කරයි.
  28. වෙනත් අයෙකුට අලාභයක් වෙන විටදී තමන්ට එහි වාසිය හිමිවන ගනුදෙනුවක් ඔබ කිසිකලෙකත් නොකරයි.
  29. ඔබ ණය බරින් තොර ස්වාධීන පුද්ගලලයෙකි.
  30. ඔබට තවදුරටත්  ධනය ඉපයීමට හැකි බව ඔබට වැටහේ නම් අන්‍යයන්ට පලදායී යමකට ඒවා යෙදීමට ඔබ කැමතිය.
  31. ජීවිතයේ හමුවන සියලු පරාජයන් හා වැටීම් ඔබ දකින්නේ අනාගත සාර්ථකත්වය උදෙසා තමන්ට ලැබෙන වත්කම් ලෙසිනි.
  32. පරාජයන් සියල්ල තාවකාලික බව ඔබ දනී.
  33. තම ජීවිතයේ ප්‍රධාන අරමුණු කිහිපයක් හිමි ඔබ කාලය වැය කරන්නේද ඒවා සාර්ථක කරගැනීමටය.
  34. ඔබ තම අරමුණුවලින් මිදෙන්නේ නම් ඒ, අත්දැකීම් හා ප්‍රතිලාභයන් ලැබීමටය.
  35. ඔබගේ ජීවිතයේ ප්‍රාර්ථනාවන් බොහොමයකි. ඒ සියලු ප්‍රාර්ථනාවන් තම ජීවිතයේ පියවරක් හෝ තමන්ව ඉහලට ඔසවා තබන ඒවා මිස, වැඩකට නැති ඒවා නොවේ.
  36. තමන්ගේ අනාගත සාර්ථකත්වය පිළිබඳව චිත්‍රයක් ඔබේ මනසෙහි ඇති අතර, ඔබ අනුගමනය කරන්නේ එම චිත්‍රයයි. කිසිවිටෙකත් තම සාර්ථකත්වය පිළිබඳව උදම් ඇනීම හෝ කයිවාරු ගැසීම ඔබට නුහුරු දෙයක් වන අතර කල යුතුදේ අවශ්‍ය මොහොතේ වහාම ඉටු කරයි.
  37. විවිධත්වයෙන් යුතු මිනිසුන් ආශ්‍රය කරමින් ජීවිතයට විවිධත්වයක් හා ඒ ජීවිතවලින් පාඩම් ඉගෙනීමේ පිපාසයක් ඔබ සතුය.
  38. ඔබේ දේශයට ඔබ අවශ්‍ය පුද්ගලයෙකු යැයි ඔබ සිතන අතර ඒ වෙනුවෙන් කටයුතු කරයි.
  39. ගැටලු , මතබේද හමුවේ කලබල නොවයි. 
  40. ක්‍රියාවෙන් හා කතාවෙන් අන්‍යයන් තම වසඟයට ගැනීමේ සමත්කමක් ඇති ඔබ තම කටයුත්තකදී වෙනත් අයගේ සහයෝගය ලබා ගැනීමට ශූරයෙකි.
  41. දුක් කරදර හමුවේ කලබල නොවෙන අතර ඒවාට තම ජීවිතය ජය ගැනීමට ඉතා අපූරු ශක්තියක් ඇතියි ඔබ සිතයි.
  42. අපේක්ෂා බිඳ වැටීමට හෝ බොහෝ ආදරය කල අයෙක් තමන්ගෙන් ඈත්විම පිළිබඳව ඔබ සිතු තැවුලට පත් නොවේ. ඒ වෙනුවට එසේ වීමට හේතු විමසා බලයි. ඒවා නිවැරදි කර ගනියි.
  43. ඕනෑම අයෙකුට තමන්ගෙන් ඉටුවිය දෙයක් ඇත්නම් ඉටු කර දෙයි. ඔවුන්ට ඉහලම සේවයක් ලබාදෙයි.


     මේ කරුණු වලින් අඩුම තරමේ තුනෙන් දෙකක්වත් ගැලපෙනවා වගේ නම් ඔබ සාර්ථකයි. ඔය කීවට මගෙ නම් තුනෙන් දෙකක් නෑ D : ).. මේ සියල්ල කියවද්දි තවත් කෙතරම් අංග ලක්ෂණ සම්පූර්ණ විය යුතු දැයි  වැටහීමක් එනවා. එමෙන්ම ඔබේ මනසේ ප්‍රබලත්වය පිළිබඳව ඔබටම අදහසක් ඇති වෙනවා. මේ ධනාත්මක පෞරුෂය ගැන කියලා දෙන වටිනා කරුණු රැසක් අඩංගු , මට අහම්බෙන් හමුවුන තවත් බ්ලොගයක්. නැවත හමුවෙන තුරු ජයෙන් ජය...