අද සිට මම පරිගණක ජාලකරණය පිලිබදව ලිපිපෙලක් ඉදිරිපත් කරනවා. ඉඩ ලැබෙන විදිහට පියවරෙන් පියවර මේ ලිපි පෙල ඉදිරිපත් කිරීමයි බලාපොරොත්තුව. මගේ බ්ලොග් එක ලියන්නත්, අනෙක් බ්ලොග් කියවන්නත් කාලය විදිහට බොහෝවිට මම යොදා ගන්නේ මැදියම් රැයට ආසන්න කාලයක්. ඒ කාර්ය බහුලත්වය නිසයි. මොකද පොඩි ජොබ් කට්ටක් සෙට්වෙලා තියෙන්නේ මේ දවස්වල. කොල්ලෙක් වුනාම ජොබ් කට්ටක් හොයාගන්න එක අද කාලේ හැටියට කොච්චර අමාරැද කියලා ඔයාලත් දන්නවා ඇතිනේ. ඒක රැක ගන්නත් එපැයි. දවල් වරැවක ලොග් වෙන්නේ එහෙමත් වෙලාවක. ඒත් නිවාඩු නම් විතරයි. ඉතින් කියවීමේදී යම් ගැටලුකාරී තැනක් දැක්කොත්, අඩුපාඩුවක් ඇති තැනක් දැක්කොත්, තවත් කරැණු යෙදෙන්න ඕන තැනක් දැක්කොත් ඒ ගැනත් නොපමාව සදහන් කරන්නැයි කියා නිහතමානීව ඉල්ලීමක් ඉදිරිපත් කරන්නත් කැමතියි. කමෙන්ටුවකින් ඒ ගැන සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා.
පරිගණක ජාලයක් යනු එක පරිගණකයක ඉදගෙන එකිනෙක හා සම්බන්ධ කොට ඇති පරිගණක සමූහයකින් සියළු වැඩ කටයුතු සිදුකිරීමට හැකියාව ලබාගන්නා ක්රමයකි. මේ සම්බන්ධව ඕන තරම් ලිපි ලියැවී ඇති බැවින් තවදුරටත් සමාලෝචනය කිරීමෙන් ලිපිය දිගු කිරීමේ අදහසක් නෑ. වැඩි දුර විස්තර විකිපීඩියාවලින්ම බලාගත හැකියි.පරිගණක ජාලකරණයේ දී මූලිකවම සිදුවන්නේ පරිගණක 2ක් හෝ කිහිපයක් යම්කිසි මාධ්‍යක් ඔස්සේ සම්බන්ධ කර ඒවායේ ඇති දත්ත හුවමාරු කරගැනීම (Data Sharing) හෝ ඒ එකිනෙක අතර දත්ත සම්ප්‍රේෂණයකි (Data Communication). මූලික වශයෙන් මාධ්‍යය 2 ක් හරහා මෙය කරගත හැක.
1. නිදහස් අවකාශය ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය -
මෙහිදී මූලික වශයෙන්
a. රේඩියෝ තරංග (Radio Waves)
b. අධෝරක්ත කිරණ (Infrared Waves)
c. ක්ෂුදූ තරංග (Micro Waves) වැනි කිරණ වර්ග භාවිතා වේ.
මෙම කිරණ වර්ග සියල්ලක්ම දෘෂ්‍ය පරාසයට වඩා සංඛ්‍යාතයෙන් අඩු නිසා පියවි ඇසට දැකි නොහැකි වේ. මෙහි පහතින් දැක්වෙන්නේ එහි දල රෑප සටහනකි. 
2. භෞතික මාධ්‍යන් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය -
මෙහිදී මූලික වශයෙන්,
a. කොඇක්ෂියල් රැහැන් - Coaxial Cable
කොඇක්ෂියල් කේබල් තැනී ඇත්තේ ඇතුලතින්ම වූ සන්නායක තන්තුවක් ඒ වටා පරිවාරක කොටසක් ආවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එම පරිවාරක කොටස වටා යළිත් සන්නායක තන්තු දැලක් ලෙස පවතී. මෙම තන්තු දැලට පිටින් යළිත් පරිවාරක ආවරණයක් සම්බන්ධ වී ඇත. මෙම රෑප සටහන මගින් එය පැහැදිලි කර ගත හැක.
යුගල රැහැන් නිර්මාණය වී තිබෙනුයේ පරිවාරක වලින් ආවරණය වූ සන්නායක තන්තු 2 ක් එකිනෙක එතීමෙන් තැණුන යුගල තන්තු කිහිපයක් නැවත වතාවක් පොදුවේ තවත් පරිවාරක කොටසකින් ආවරණය වීමෙනි. දැනට ලංකාවේ බහුලවම භාවිතාවන කේබල් වර්ගයයි.
මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ (silicon) වීඳුරු සූත්‍රිකා වලින් සමන්විත වේ. ගමන් කරන්නේ සිහින් ආලෝක ධාරාවකි. මෙමගින් ආලෝකය ඉතා දිගුදුරකට, විහිදුවන හෙයින් ඉතා ඉහල දත්ත පරාසයක් ඉතා දිගු දුරකට සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති. දිගුදුර Cabling සදහා යොදාගැනීමට දැනට ලෝකයේ ඇති හොදම රැහැන් වර්ගය මෙයයි. ලංකාවට මේ තාක්ෂණය ඊයේ පෙරේදා පැමිණි අලුත් තාක්ෂණයක් වුවත් LTTE සංවිධානය විසින් මෙම තාක්ෂණය 2000 වර්‍ෂයේ පමණ සිටම භාවිතා කර ඇතිබවට සාධක අපේ රණවිරැවන්ට හමුවී තිබෙනවා. ඔවුන් එම කාල වකවානුවේදී එක්රැස් කරගත් Fiber Optic Cable තොගයද අති විශාලයි. මෙම ඳෘෂ්ටික තන්තු විඳ්යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී.
මීලඟට ජාලගත කළ හැකි ආකාර පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වේ. මේවා Network Topologies ලෙස හඳුන්වා ඇත. මූලික වශයෙන් Network Topologies වර්ග 4 ක් හඳුන්වා දිය හැක.
1. Bus Topology - නිය මග ජාලය

2. Ring Topology - මුඳු ජාලය
3. Star Topology - තරු ජාලය
4. Mesh Topology - දල ජාලය
නැවත හමුවෙමු...







kollo wade nam niyamy. font size 1 thawa chuuttak wadi kala nam shork neda.. digatama liyanna, api balanawa..
ReplyDeleteහොද ලිපි පෙලක ආරම්භයක් දිගටම ලියන්න......
ReplyDeleteඑල කිරි වැඩේ දිගටම කරන්න සුභපැතුම්
ReplyDeleteහොද ලිපි පෙලක්.අයියෙ ආලෝකය මගින් දත්ත සම්ප්‍රේෂනය වෙන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද?
ReplyDeleteමචන් මම fiber optic ගැන වෙනම ලිපියක් දාන්නයි බලාෙපාෙරාත්තුව...Then be patient...
ReplyDeleteආ හරි හරි.ඉක්මන්ට දාන්න.
ReplyDeleteishara
Ela malli ela go ahead. Good luck.
ReplyDeleteela ela aiye,
ReplyDeleteNetworkin okkoma tika mama kiyawannam.....
sinhalen theyana nisa elata ma therenawa....
Ela Niyamai okkom kiyawanna one
ReplyDeleteelama thamai...
ReplyDeleteWe are waiting....
ReplyDelete