Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Sunday, July 10, 2011

Partitions හා සම්බන්ධ ගැටලුවලට - EASEUS Partition Master

       


             අද දෙන්නෙ disk management utility එකක්. ඒ කියන්නේ EASEUS Partition Master නමින් හදුන්වන Partition Manager Software එක. මේක EASEUS පවුලේ සාඩම්බර නිපැයුමක්.මං මීට පෙර මේගොල්ලන්ගේ data recovery software එක ගැනත් කිව්වා වගේ මතකයි. මේ අලුත් එක නම්   partitions හා සම්බන්ධ ගැටලුවලට සියලුම විසදුම් ලබාදිමට  සමත් මෙය තෙවන පාර්ශවීය මෘදුකාංගයක් ලෙසටත් හැදින්විය හැකියි. මෙමගින් partition extend කිරීමට , විශේෂයෙන්  system drive එකේ   low disk space problem සමනය කිරීමට, disk space එක පහසුවෙන් කලමණාකරණය කරගැනීමට (on MBR and GUID partition table)  ආදිය දත්තවලටත් උපරිම ආරක්ෂාවක් සහිතව සිදු කල හැකියි. නමුත්  පාටිෂන් එක වෙනස් කිරීමට ප්‍රථම එහි දත්තවල බැක්අප් එකක් ලබාගැනිමට අප මතක තබාගත යුතුයි.මෙම මෘදුකාංගය ඔස්සේ Partition Manager එකට අමතරව  Disk & Partition Copy Wizard ,  Partition Recovery Wizard යන යූටිලිටිස් කිහිපයත් අඩංගු වෙනවා. මගේ අදහස නම් මෙය Paragon හා  Norton යන Partition Manager Software වලට වඩා පහුසවෙන් වැඩගත හැකි එකක් බවයි.  ඔයාලගේ අදහසත් දාලම යන්න මේ ගැන. 


Thursday, May 12, 2011

ඔබේ නමින් ඔබේම කියා ලිනක්ස් සංස්කරණයක්...



         ඔබ කැමති ආකාරයේ මෘදුකාංග මෙන්ම අවශ්‍ය වෙනත් Tools සහ Utilities යොදාගෙන ඔබේ රැචිකත්වය මත Open Sourse(ඕපන් සෝස් කියන්නේ ෆුල්ම ෆුල්   Open Sourse...) මෙහෙයුම් පද්ධතියක් තනා ගැනිමේ පහසුකම Suse Studio මඟින් සලසා දි තිබෙනවා. මිට පෙර මෙහි තිබුනාටත් වඩා ඇඩෝන ප්‍රමාණයක් තොරාගැනිමේ හැකියාව එය සතුයි. මේ වනවිටත් Suse Linux 11 සංස්කරණයත් නිකුත් වි තිබෙනවා.මං ලිනක්ස් ගැන දන්නෙම නැති වුනාට ටිකක් අතලත ගාලමයි වැඩකිඩ අල්ල ගන්නේ නොදන්න දේවල්වල. විස්තර මෙහෙමයි.ඔන්ලයින් ඕඑස් එකක් හදාගන්න පුලුවන් තැනක් මේ. 


                           මෙහි ඇති වාසිය නම් අවශ්‍ය කරන Software Add කරගැනිමේ හැකියාව,  Appliances කැමති ආකාරයකට  Configure කර ගැනිමේ හැකියාව, නොමිලේ දෙනුලබන යෙදවුම් අනවශ්‍ය නම් අලුතින් Appliances  Create කර ගැනිමේ හා ඒවා පරික්ෂාකර බැලිමේ හැකියාව(Testing Appliances) යනාදින්ගෙන් මේ ඔන්ලයින් මෙහෙයුම් පද්දති නිර්මාණය පොහොසත්. මෙම ක්‍රියාවලිය අපිට  Suse Studio web site එක තුලම සිටම සිදුකර ගැනිමේ අවස්ථාව ලබාදි තිබෙනවා. ඔබට මෙහිදි ටිකක් වේගවත් අන්තර්ජාල සබදතාවයක පහසුකම බලාගැනිමේ හැකියාව ඇත්නම් ටිකක් වැදගත් වේවි මොකද මෙම Suse Studio වෙබ් අඩවිය තුලින්ම ඔබ නිර්මාණය කරගත් මෙහෙයුම් පද්ධතියේ Test Drive එකක් රන් කිරිමට අවශ්‍ය වුවහොත් එයට ‍වේගවත් අන්තර්ජාල සබදතාවයක් වැදගත්. ඒත් අත්‍යවශ්‍යම නෑ. තිබුනොත් හොදයි කියලයි කිවේ. එමෙන්ම ඔබ නිර්මාණය කරගත් ඒ OS එක ඔබට අවශය පරිදි  Live CD/DVD iso එකක් විදිහට හරි,  USB stick/Hard Disk image එකක් ,VMware/VirtualBox(.vmdx),Virtual Machine, Preload Iso ආකාරයට වගේ අවශ්‍ය ඕනැම ආකාරයකට ඩිවයිස් එකකට පිටපත් කිරිමත් සිදුකරගත හැකියි. ඒ නිර්මාණය කරන OS එකට ඔබට අවශය පරිදි තමාගේම Wallpapers,KeyBoard layout,Desktop,Login Screen, Language එක, Start up Program මෙන්ම අපිට ඕන කියන ඔනම  file එකක් මෙයට සම්බන්ධ කරගත හැකියි.
                        ඔබට මේක කරන්නේ කොහොමද යන්න අවබෝධයක් නැත්නම් කරන්නේ කොහොමද කියන එකත් මෙතනින් බලාගන්න හැකිවේවි.ඔබට Gmail account එකක් ඇත්නම් ගොඩක් ලේසි වේවි. මුලින්ම   User Account එකක් ඒ ඔස්සේ හදාගෙන වැඩේට බහින්න.Architecture එක 32 bit ,64 bit ලෙසටත්, SUSE Linux Enterprise 11 මෙන්ම SP1 ලෙසටත්  KDE සහ  GNOME desktop ලෙසටත්  Server වර්ෂන් එකක් විදිහටත් තෝරාගැනිම් ගොඩක් තියෙනවා. කිව්වේ බොහොම ටිකයි. කරලම බලන්න ලාබ නොලබන ආයතනයකින් කරන අගේ ඇති වැඩක්. නැවත හමුවෙන තුරැ ජය....

ප.ලි - 
මට පොඩි උත්තරයක් ඕන මගේ යාලුවන්ගෙන්. 
ඇයි මේ ගැනු ලමයි පොඩිදේටත් පොඩ්ඩ ඇත්නම් තරහවෙන්නේ?  .

Saturday, April 9, 2011

.docx ෆයිල් එකක් කැමති මාදිලියකට හරවන මෘදුකාංගයක්


ඔබ .docx නමින් save කල document එකක් වෙනත් පරිගණකයක විවෘත කරගැනීමට යාමේදී අපහසුවට පත්වූ අවස්ථා බොහොම ඇති. ඒ වගේ වෙලාවට ගොඩක් වටින කියන මෘදුකාංගයක් තමයි මේ  Doxillion Document Converter කියන්නේ. මෙගාබයිට් එකකටත් වඩා අඩු කුඩා ප්‍රමාණයේ එකක් වුනත් .docx to doc, pdf, html, txt වගේ file types කිහිපයකට පරිවර්තනය කරගත හැකි අන්දමේ එකක්. මං මේ වගේ එකක් හොයලා හොයලා අතඇරලා දැම්මා අදහස. මොකද මේ වගේ හැම Converter එකකින්ම  සල්ලි ඉල්ලනවා Convert කරන්න. කොහෙ තියෙන සල්ලියක්ද ඉතින්. ඊට පස්සේ මගේ යාලුවෙක් තමයි කීවේ මේ ගැන. මට නම් ගොඩක් වටිනවා. මොකද Office 2007 නැති පරිගණකයකින් එවපු එකක්  වුනොත් මේ හරහා Office 2003 වලින් ලේසියෙන්ම  open කරගන්න පුලුවන් නිසා. අනික html වගේම  pdf වලටත් හරවන්න පුලුවන්. බාගෙනම බලන්න. 














ප.ලි. 

මට මේ ලිපිය දැකලා මගේ හිතවතෙක් කීවා Microsoft ලගෙත් තියෙනවා  මේ වගේ FileFormatConverter එකක් කියලා, Microsoft Office Compatibility Pack for Word, Excel, and PowerPoint File Formats  නමින්. මේක 37 MB ක් විතර වෙනවා හැබැයි file size එක. මේ මගින් 2007 office වල save කරපු හැම ඩොකියුමන්ට් එකක්ම 2003 office වලට convert කරගන්න පුලුවන්. බොහොම ස්තුතිය ඒ හිතවතාට මේ සම්බන්ධයෙන් අපිව දැනුවත් කලාට.




Monday, February 14, 2011

හාඩ් ඩිස්කයේ usage එක බලාගන්න හොද මෘදුකාංගයක්



                     සෑහෙන දවසකින් තමයි අලුත් පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේනම් වෙලාවක් තිබුනෙම නෑ. මෙ දෙන්න යන්නේ පරිගණකයේ දෘඩ තැටියේ usage එක පිලිබදව හොද අවබෝධයක් ලබාදෙන මෘදුකාංගයක්. මෙය වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ විශාල ධාරිතාවයකින් යුතු දෘඩ තැටි සහිත පරිගණක හෝ සර්වර්ස්වලටයි. දැනට හාඩ් ඩිස්කයේ පිරී ඇති ප්‍රමාණය graphical interface  එකක් මගින් අලංකාරව පෙන්වනු ලබනවා. WinDirStat නමින් හදුන්වනු ලබන මෙම ටූලය  disk usage statistics viewer එකක් සේම cleanup tool එකක් ලෙසින්ද බෙහෙවින් ප්‍රයෝජනවත්. WinDirStat  මෙතනින් බාගන්න. මෙය සහාය දක්වන්නේ Windows වර්ෂන්ස් සදහා පමණයි තාමත්. Official page එකට මෙතනින්යන්න.


           මෘදුකාංගය විවෘත වූ පසු මෙහි view එක tree view එකක් ලෙසයි ලබාදෙන්නේ. හාඩ් ඩිස්කයේ ඇති ෆයිල්ස්වල propertes බලා ගැනීම සේම , ඩිස්කයෙන් එම ෆයිලය භාවිතාකර ඇති ඉඩ ප්‍රමාණය percentage එකත්  අනවශ්‍ය දෑ එසැනින් ඉවත් කිරීමේ පහසුකමත් මෙමගින් ලබාදී තිබෙනවා.එකවගේ ෆයිල්ස් තියෙනවනම් ඒවත් මෙමගින් බලාගත හැකියි. මට නම් ඉතින් මගේ තියෙන films, softwares, songs ටික manage කරගන්න කියාපු ටූල් එක. මේ  Disk usage statistics viewer ගණයටම වැටෙන මේ හා සමාන තවත් මෘදුකාංගය තියෙනවා. ඒවයින් එකක් තමයි Jdiskreport කියන්නෙත්.


Saturday, January 15, 2011

Kaspersky Rescue Disk 10


        අදනම් හැබැයි දෙන්න යන්නේ වටින කියන software එකක්. මට ගොඩක් ප්රයෝජනවත් වුන එකක් මේක. අපි අපේ පරිගණකයට වෛරස් ඇටෑක් කරාම කරන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ මොකද මම කලින් ලිපියක මේ ගැන සංකීර්ණව සාකච්ඡා කරලතියෙන නිසා. අවශ්‍ය කෙනෙකුට ඒ ලිපියට මෙතනින් යන්න පුලුවන්.Kaspersky virus removal tool එකක් භාවිතා කරගෙන කොහොමද පරිගණකයේ වෛරස ඉවත් කරගන්නේ කියන එක එහිදී මම කතා කලා. Kaspersky කියන්නේ බොහොම විශ්වාසයෙන් යුතුව විශ්වාසය තැබිය හැකි brand එකක්. ඒත් ඉතින් මට නම්  brand එකෙන් වැඩක් නෑ process එක තමා වටින්නේ. අද කියන්නෙත් ඔවුන්ගේ තවත් එක් නිෂ්පාදනයක් වන Kaspersky Rescue Disk පිලිබදවයි.  Kaspersky Rescue Disk 10 version එක තමයි මෙහි අලුත්ම එක. මෙහි වාසි කිහිපයක් තියෙනවා.


  1. පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය කිසිම ආකාරයකින් load නොවේනම් එහි සහයක් නැතිව වෙනමම ක්රියාත්මක වී virus infected පරිගණකයක වෛරස ඉවත් කිරීමේ හැකියාව.(When it is impossible to boot the operating system)
  2. Bootable ISO image එකක් ලෙසට CD එකකට burn කරගැනීමේ හැකියාව. 
  3. අවශ්‍යනම් removable USB device එකකට වුවත් ස්ථාපනය කරගැනීමේ හැකියාව.
  4. පරිගණකයට install කිරීමක් අවශ්‍ය නොවීම.

මෙතනින්  Kaspersky Rescue Disk 10  එක ISO image එකක් ලෙස Kaspersky Lab servers ඔස්සේ ඩවුන්ලෝඩ් කරගන්න. මෙහි ධාරිතාවය 200MB පමණ වේ. එසේත් නැත්නම් Kaspersky Anti-Virus 2011 ඔබේ පරිගණකයේ පිහිටුවා තිබේනම් එහි application interface එක හරහා වුවත්‍ ඔබට මේ  Kaspersky Rescue Disk 10 නිර්මාණය කරගත හැකියි. මෙසේ ඩවුන්ලෝඩ් කරගත්  Kaspersky Rescue Disk 10 ISO image එක CD Burning Wizard එකක් ඔස්සේ CD තැටියකට පිටපත් කරගන්න. දැන් ඔබට වෛරස ඉවත් කිරීමට අවශ්‍ය  virus infected පරිගණකය Restart කර එහි BIOS Settings වල Boot record එක CD ලෙස තෝරා දෙන්න. මෙහිදී පියවර කිහිපයනික් පසු bootable cd එක හරහා පරිගණකය boot වෙනු ඇත. ඔබ මේ සදහා  removable USB device එකක් භාවිතා කරනවානම් පහත පියවරයන්අනුගමනය කරන්න.


1 පලමුව  Kaspersky Rescue Disk 10  ISO image එක ඩවුන්ලෝඩ් කරගන්න. (200 MB)
2 දැන් ඔබගේ පෙන් එක bootable කිරීමට අවශ්‍ය වන මෘදුකාංගය මෙතනින් ලබාගන්න. (378 KB)(Utility to record Kaspersky Rescue Disk 10 to USB devices)
3 දැන් rescue2usb.exe එක රන් කරන්න.






4 පසුව open වන Kaspersky USB Rescue Disk Maker වින්ඩෝවෙන්    ඩවුන්ලෝඩ් කරගත්  Kaspersky Rescue Disk 10 ISO image එක Browse කර තෝරා දෙන්න.







5 මීලගට ඔබට එය ස්ථාපනය කිරීමට අවශ්‍ය USB device එක තෝරාදෙන්න. මෙහිදී එම USB device එකේ දත්ත ඇත්නම් ඒවා බැක්අප් කර pen එක empty කර ගැනීම නුවණට හුරැයි. 












6 STARTයන්න Click කරන්න.


7 Process එක අවසන් වු පසු "Kaspersky USB Rescue Disk has been successfully created" 
යනුවෙන් ලැබෙන message එක Ok කරන්න.





8 පෙර පරිදිම  පරිගණකයේ BIOS Settings වල Boot record එක USB ලෙස තෝරා දෙන්න.
දැන් USB device එක හරහා පරිගණකය boot වනු ඇති.







9 මෙහිදී key එකක් press කරන්න.







10 භාෂාව තෝරන්න.











11   Kaspersky Rescue Disk. Graphic Mode තෝරන්න.








     මෙවැනි Rescue Disks කලින් කලට යාවත්කාලීන කරන බැවින් CD තැටියකට පිටපත් කරගැනීමට වඩා USB device එකකට record කරගැනීමට හැකියාව ඇත්නම් එය වඩාත් සුදුසු බව මගේ අදහසයි. ඔබත් මෙය භාවිතා කර අදහස් ඉදිරිපත් කරන්න. 

                                                 

Sunday, September 19, 2010

Task Manager Fix (නැති වුන Task Manager පහසුකම ආයෙත් ගමු)



ඇත්තම කිව්වොත් මේක පොඩි Program එකක්. මේකෙන් වෙන්නෙ වයිරසයක් මගින් ඉවත් වුන Task Manager එක ආයෙත් ගන්න එක. කරන්න තියෙන්නෙ මේ Program එක Open කලහම එන එකේ Fix Task Manager කියන Button එක Click කරන එක විතරයි. File එක 76KB. ඕනෙ අය ඉන්නවනම් Download කරගන්න

Link

Friday, September 10, 2010

Norton ghost වලින් වැඩ ගන්න හැටි



Norton ghost ගැන දැනගෙන හිටියත් බොහෝ දෙනෙක් මෙයින් වැඩකරගන්න හැටි දන්නේ නෑ. ඉතින් ඒ නොදන්න අයටයි දන්න අයටයි ඔක්කොටමයි මේ ලිපිය.

Norton ghost කියන්නේ Symentec සමාගමේ නිෂ්පාදනයක්. ‍Partition magic ‍වගේම Anti virus softwares වර්ගත් මේ අය සතුයි. ghost වලින් කෙරෙන්නේ පරිගණකයේ දැනට පවතින තත්වයෙන් image එකක් ගැනීම හා එය නැවත අවශ්‍ය වෙලාවට පරිගණකයේ පිහිටුවීමට ඉඩකඩ සලසා දීමයි.මේ නිකන්ම image එකක් නෙවෙයි. මෙහෙයුම් පද්ධතියේ බූට් වීමට අදාල සියලු සැකසීම් ද ඇතුලත්ව (boot strap loaders) නිර්මාණය කර ගන්නා Image එකක්.
පලමුව Norton ghost setup එක download කර ගත යුතුයි. මෙය bootable usb version එකක් විදියටත්

bootable cd version එකක් විදියටත් download කරගත හැකියි.පරිගණකය boot වන විටම setup key එක enter කර මේ ආකාරයට ඔබ ලබාගත් මෘදුකාංගය (cd එක හෝ usb pen එක) ඇතුලත් කර එමගින් boot කරගන්න. ඔබගේ පරිගණකය මේ අවස්ථාව වන විට ඉතා හොද තත්වයෙන් run වන එකක් බවට ඔබ තහවුරැ කරගත යුතුයි.එනම් වෛරස් නැති registry errors නැති fresh copyයක් බවට. නැත්නම් මේ ඔබ ලබාගැනීමට යන image එකෙන් වැඩක් නැතිවේවි.
දැන් මෙම bootable ghost version එකෙන් boot වුන පරිගණකය command prompt එකකට පැමිණේවි. මෙහිදී ghost යන්න type කරන්න. ඉන් අනතුරැව විවෘත වන window එකෙන් ඔබට අවශ්‍ය කරන options තෝරාගත හැකියි.

1.පරිගණකයේ දැනට ඇති මෙහෙයුම් පද්ධතියේ image එකක් ගැනීමට නම් Local->Partition->To image ඔස්සේ ගොස් ඉමේජය පරිගණකයේ වෙනත් පාට්ෂන් එකකට කොපි කරගන්න.



2.පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය දෝෂ සහිත නිසා ඔබ මීට පෙර save කර ඇති imageයක් install කර ගැනීමට නම් Local-

>Partition->From image ගොස් එය ඔබේ පෙර මෙහෙයුම් පද්ධතිය තිබූ තැනට install තරගන්න.ඇත්තෙන්ම මෙහිදී සිදුවනුයේ install කිරීමක් නොව ඇලවීමකි .එනම් paste කිරීමකි.

3.මීට අමතරව මෙහිදී Disk එකක ඇති imageයක් ගැනීමටද,සම්පූර්ණ Partition එකක imageයක් ගැනීමටද පුලුවන.

අත්හදා බැලීමේ වගකීම ඔබ සතු වන අතර අත් වැරදමක් සිදුවේ යැයි සැකනම් පරිගණකයේ ඇති දත්ත වෙනත් තැනකට copy කර ගැනීම සුභදායකය.

Sunday, June 13, 2010

අලුත් වෛරස් ගාර්ඩ් එකක්. . .



වෛරස් ගාර්ඩ් නම් ඔන තරම් තියනවා.ඒත් තියන අවුල තමයි ඒව දැම්මම පරිගණකයේ වේගය අඩුවන එක තවමත් හැම වෛරස් එකක්ම අල්ලන වෛරස් ගාර්ඩ් නම් නෑ කවදාවත් ඇතිවෙන එකකුත් නෑ මොකද අන්තර්ජාල ජිල්මාට් කාරයො ඉන්නව නේ උන් එක්ක බෑ වසලයො ජාතියක්.ඒ තත්වය උඩ තරමක හරි සෑහීමකට පත්වෙන්න පුළුවන් පරිගණකයට බරක් නැති වෛරස් ගාර්ඩ් එකක් හම්බ වුණා. ඒ තමයි Avast free edition ඒක. දැනටමත් මේක ගොඩක් ජනප්‍රිය එකක්. Auto run virus අල්ලගන්න ඉක්මනටම පුලුවන්. විශේෂත්වය තමයි මේකෙ වෛරස් අහුවුණාම සුද්දෙක් ඒක ඇතුලෙ ඉදන් කෑගහල ඒ බව කියන ඒක.

දැනටමත් ක්‍රියාත්මක වන වෛරස් ඒ තුලින් අල්ලන්න පුළුවන්. වෙන ඒවයිත් ඒ පහසුකම් නෑ කියනව නෙවෙයි. මේක දාල ටිකදවසක් බලන්නකෝ. නොමිලයේ ලබාගන්නත් පුළුවන්. ටොරෙන්ට් එකෙන් අදින්නත් පුළුවන්. කෝකටත් මමත් වැරදි වැඩේවුණත් ලින්ක් එකක් දාන්නම්. ලංකාවෙ අපිට මොන කොපිරයිට් ලෝ ද?

මෙතනින් බාගන්න

Thursday, June 10, 2010

Bad වුන හාඩ් ඩිස්කය ගොඩදාගන්න හැටි...

අද මම දෙන Software එක Low level format tool එකක්. එනම් මෙමගින් හාඩ් ඩිස්කයේ ඇති damages, බෑඩ් සෙක්ටර්ස් යම්තාක් දුරට මකාදමා පලුදු වූ හාඩ් ඩිස්කයක් නැවත භාවිතා කලහැකි තත්වයට ‍පත්කරයි. BSOD (Blue Screen Of Death) නම් නිල් පැහැති තිරය මතුවූ විට, පරිගණකය භාවිතා කරන විට හාඩ් ඩිස්කය අසීරැවෙන් run වෙන බව දැනුනොත් හෝ හාඩ් ඩිස්කයේ කාලය අවසන් වී අවසාන පරිච්ජේදයේ සිටින බව හැගෙයි නම් හෝ හාඩ් ඩිස්කය Cmos Setup වල පෙන්වූවත් එහි physical damage එකක් නිසා boot නොවෙයි නම් හෝ os එකේ Fresh installation එකක් දැමීමට නොදෙන විටකදී එහි ඇති අවශ්‍ය දත්ත බැක්අප් කර මෙම මෘදුකාංගය හරහා Low level format එක කල හැකියි.






මේ සදහා අදාල හාඩ් ඩිස්කය වෙනත් පරිගණකයකට slave mode හරහා සම්බන්ධ කර format කිරීම කරගත යුතු ‍වෙනවා. වැඩ කරන්නේ නැතැයි අත්හැර දැමූ හාඩ් ඩිස්කයක ආයු කාලය තවත් වැඩිකර ගැනීමට මෙමගින් හැකියි.
මෙම Tool එක භාවිතා කරනවිට එහි effects සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඔබ සතුවන අතර මෙවැනි ආකාරයේ format නිතර නිතර කිරීම හාඩ් ඩිස්කයකට එතරම් සුභදායී නොවන්නේ මෙවැනි format එකක් මගින් හාඩ් ඩිස්කය ගැඹුරින් heal කිරීම (deeply format and recovery sectors) හේතුවෙනි.
ඔබ අතහැරදැමූ හාඩ් ඩිස්කයක් ඇත්නම් පොඩි experiment එකකටත් එක්ක කරල බලන්න. හැබැයි ඉතින් දන්නැතුව කරන්න ගිහින් අනාගෙන අපේ අම්ම තාත්ත පවුලෙඅය එහෙම මතක් කරන්න නම් එපා හොදේ.


Low level format tool එක මෙතනින් බාගන්න...

Sunday, May 30, 2010

.bat file එකක් මගින් දෘඩ තැටියේ අනවශ්‍ය files මකාදැමීම

ගොඩක් කාලෙකින් post ‍එකක් දාන්නේ. හැමෝටම සුබ සාමකාමී වෙසක් සතියකට ආසිරි පතනවා.අද මම කියන්න යන්නේ *.bat file එකක් හදාගන්න හැටි. පහලින් තියෙන coding ටික note pad එකට පිටපත් කරගෙන Cleanup.bat කියන නමින් කොහේ හෝ save කරගන්න. ඉන්පසුව අදාල bat file එක ‍double click කරන්න. දැන් ඔබේ පරිගණකයේ ඇති සියලුම අනවශ්‍ය files මකා දමා ඉබේම එම cmd window එක ඉවත් වේවි.
මෙහි ලබා දී ඇති coding දෙස බැලීමේදී අනවශ්‍ය temp, dlls, prefetch files ඉවත් කරන බව ඔබට ‍වැටහේවි.හැබැයි වෙනත් මෘදුකාංගයක් install වෙන අවස්ථාවක මෙය run නොකිරීමට වගබලා ගන්න එක ඔබේ වගකීමක්. පරිගණකය වේගවත්වීම, දෘඩ තැටියේ අනවශ්‍ය files මකාදමා ඉඩ ලබා දීමත් යනාදිය මෙමගින් සිදුවේ.



@echo off
del /s /f /q %windir%\temp\*.*
rd /s /q %windir%\temp
md %windir%\temp
del /s /f /q %windir%\Prefetch\*.*
rd /s /q %windir%\Prefetch
md %windir%\Prefetch
del /s /f /q %windir%\system32\dllcache\*.*
rd /s /q %windir%\system32\dllcache
md %windir%\system32\dllcache
del /s /f /q %temp%\*.*
rd /s /q %temp%
md %temp%
cls

‍කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

Saturday, February 6, 2010

මෘදුකාංග ෙවබ්අඩවි


ෙනාමිෙල් මෘදුකාංග, යූටිලිටීස්, ට්වීක්ස් අාදිය ඩවුන්ෙලා්ඩ් කරගත හැකි ෙවබ්අඩවි කිහිපයකුයි ෙම්...
ගිහිල්ලම බලන්න...


විවෘත මෘදුකාංග
පරණ මෘදුකාංග
පරණ මෘදුකාංග
ෙවබ් ගෙෙව්ෂක
යූඒස්බී මෘදුකාංග
www.softpedia.com
www.centralddl.com
lankansoft.com