Thursday, June 21, 2012

CCTV කැමරා පද්ධති - 2

    

      අද මං කියන්න යන්නේ මේ  CCTV කැමරාවල  පවතින විවිධ ආකාරයන් පිළබදව.  මෙසේ විශේෂයක් ලෙස වර්ග වෙන්න බලපාන සාධකයන් තමයි කිහිපයක් තිබෙනවා. ආලෝක තත්වයන් යටතේ ඒවායේ ක්‍රියාකාරීත්වය, කැමරාවල body shape එක, රැහැන් සහිත රැහැන් රහිත හා ජාලයක් හා සම්බන්ධවු විට ඒ ඒ කැමරාවල හැසිරීම, inteligence බව යනාදින් මත අපිට මේවා වර්ග කල හැකියි.

Infrared Security Cameras | IR CCTV

අපි මෙම කැමරා විශේෂය IR CCTV ලෙසින්  Infrared යන නම මුල් කොටගෙනයි.  Infrared security camera වර්ගයේදී එයට හැකියාවක් තියෙනවා ඉතාමත් අඩු ආලෝක තත්වයන් යටතේ හෝ එහෙමත් නැත්නම් ආලෝකය zero light levels (0 Lux)වී අදුරැ තත්වයන් යටතේ වුවත් වීඩියෝ එකක් capture කරගැනීමේ හැකියාව. අපි මේ Lux කියලා මෙතනදි හදුන්වන්නේ යම් කිසි වස්තුවක් මතට එල්ලවනු ලබන ආලෝක තත්වය මනිනු ලබන සම්මත මිනුම් දණ්ඩයි.

උදා -
 1 Lux = මීටරයක් ඈතින් දැල්වෙන ඉටිපන්දමක එලියෙන් වර්ග මීටර එකක් තුල පතිත වන ආලෝක කිරණ ප්‍රමාණය.


මෙන්න Infrared Spectrum ප්‍රස්තාරය.


                ඉතින් ඒ නිසා රාත්‍රී කාලයේ භාවිතයට ගත හැකි කැමරා විශේෂයක් නිසා අපි මෙය Night Vision Security Cameras යනුවෙනුත් හදුන්වනවා. IR කැමරාවල කැමරාවේ lens එක වට කරමින් රවුමක් ආකාරයට IR LEDs පිහිටුවා තිබෙනවා මේ "Night Vision" එක ලබා ගැනීම සදහා. IR වල ඇති විශේෂත්වය තමයි ලෙන්ස්  එක ආවරණය කරමින් රවුමක් හැඩේට පිහිටා ඇති  ඉන්ෆාරෙඩ් එල්ඊඩී නිසා ඝණ අදුරේ වුවත්  (total darkness) , අඩ අදුරේ වුවත් (low light) ඉතා හොද තත්වයේ රෙකෝඩින් එකක් ලබා ගත හැකියි. අපි ඒ IR LEDs හදුන්වනවා illuminators යන නමිනුත්. මෙම විශේෂය super powered  LED විශේෂයක්.  ඊටත් වඩා හොද තත්වයෙන් යුත් Night Vision Security Camera පද්ධතියක අවශ්‍යතාවය ඇත්නම් අපිට වෙනමම IR CCTV outdoor Illuminator එකක් භාවිතා කරමින් ඉහතින් ලැබෙන රෑපවල ගුණාත්මක භාවය වැඩි කරගැනීමටත් හැකියි. ඉතින් මේ  IR CCTV  පටලවා ගන්න එපා  thermal imaging devices සමග. මෙම පද්ධතින් temperature එක මත පදනම්ව නොවෙයි video surveillance සිදුකරන්නේ. ඉතින් මේ Night vision camera අපිට  black and white  color night vision camerasසහ  color night vision cameras යනුවෙන් වර්ග දෙකකින් හදුනාගත හැකියි.  දහවල් ආලෝකය හොදින් පවතින අවස්ථාවලදී වර්ණ රෑපාවලි ලබාදෙන අතර රාත්‍රියේදී  IR LED’s භාවිතා කරමින් කලු සහ සුදු වර්ණයන්ගෙන් යුතු පැහැදිලි රෑපාවලි ලබාදෙනවා. එහෙම වෙන්න හේතුව තමයි low light level එකකදි වර්ණ රෑපයක් ගන්නවට වඩා හොද ගුණාත්මයෙන් යුත් වීඩියෝවක්  black and white වලදී ගත හැකි වීම. ඉතින් මේ කැමරාවක් තුලම එන built-in light sensor එක මගින් එය නිශ්චය කරගන්නවා දැන් මේ තියෙන ආලෝකය ඇතිද කැමරාවට වර්ණ රෑපාවලිය සදහා හෝ නැත්නම් IR LED’s භාවිතා කරමින් night mode  එකට මාරැවිය යුතුද යන්න.  අපිට මේ IR CCTV තවත් වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකියි.


  1. IR Bullet Cameras
  2. IR Dome Cameras
  3. License Plate Capture / LPR  

IR Bullet Camera 












         මේ කියන ආකාරය අපි lipstick camera කියන නමිනුත් හදුන්වනවා.  හරියටම මේ විශේෂය පතොරමක මෙන්ම lipstick එකක හැඩයට නිමවුවක් නිසයි මෙනමින් හදුන්වන්නේ. ඒ කියන්නේ කැමරාවට නම ලැබී තියෙන්නේ  කැමරාවේ  body shape එක මත පදනම්වයි. මෙම කැමරා  විශේෂය පිටත  යෙදවුම් (outdoor applications)සදහා යොදාගන්නක්.මෙම විශේෂය fully weatherproof කැමරාවක් වෙනවා. එමෙන්ම කැමරාවේ ආරක්ෂාව සදහා වෙනමම housing එකක අවශ්‍යතාවය ඇති වන්නේත් නැහැ.එමෙන්ම ඉති කුඩා අවකාශයක් හොදටම ඇති මෙය පිහිටුවීමටත්. ගොඩක් වෙලාවට අපි night vision camera එකක් ගැන කතා කරොත් කතා කරන්නේ මෙන්න මේ Bullet Camera කියන ආකාරය කියන ආකාරය පිළිබදවයි. නිවෙස් මෙන්ම ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාවට මෙන්ම ආරක්ෂක අංශවල කටයුතු තවත් ලෙහෙසි කරගැනීමටත් මේවා වර්තමානයේදී භාවිතා කරනු දැකිය හැකියි. ලෙන්ස් එක වටා ඇති  IR LED ප්‍රමාණය ගණනින් 12 සිට 90 දක්වා වර්තමානයේදී දැකිය හැකියි. ඉතින් බලන්න මේ පහලින් මම ලින්ක් කරලා තිබෙන වීඩියෝවෙන් කොහොමද මේ Infrared Security Cameras එකක් වැඩ කරන්නේ සහ එහි පිහිටුවා තිබෙන sensor එක මගින් මම කලින් කීව ආකාරයට day mode වල සිට night mode වලට මාරැ වෙන ආකාරය ගැනත්.



Tuesday, June 12, 2012

CCTV කැමරා පද්ධති - 1





                          අද ලියන්නේ නම් පරිගණක තාක්ෂණය ගැන නෙමෙයි. ඉන් ඉස්සරහට ගිය‍ දෙයක්.අද ඉදන් CCTV කැමරා පිලිබදව කතා කරන්නයි මේ සූදානම. ලංකාව තුල ගොඩක් ප්‍රචලිත නොවුනත් දැන් දැන් වර්තමානය වන විට අපිටත් ඒත් එක්ක මුහු වෙන්න වෙලා.ඉඩ ලැබෙන විදිහට මේ ගැන කතා කරමු. මට වඩා CCTV කැමරා පද්ධති  පිලිබදව ගොඩක් දන්න උදවියත් ඇති. නිතරම ඒවාත් එක්කම ගැවසෙන, ගැටෙන උදවියටත් මම ආරාධනා කරනවා අපේ සහෘදයන්ව මේ තාක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා.මුලින්ම කියන්නම් අපි මේ CCTV යනුවෙන් හදුන්වන වචනයේ abbreviation එක කුමක්ද කියලා.Closed-circuit television. මෙය ආරක්ෂිත කැමරා විශේෂයක්. අපිට මේවායේම මිතුරෙක් අපි IP CAMERA  ලෙසිනුත් හදුන්වනවා.
                      අද අපේ සමාජය දිහා ටිකක් බැලුවාම අපිට පෙනෙන දෙයක් මිනිසුන්ගේ කාර්යබහුලතාවයත් එක්ක  ඔවුනගේ වත්කම් ආරක්ෂා කරගැනීමේ බරපතල ගැටලුවක් මතුවෙලා තියෙන වග.අනික තමයි නීති විරෝධීව සිවිල් ජනයාට හානිදායක අයුරින් සමාජය තුල හැසිරෙන පුද්ගලයින් නීතියේ රැහැනට ගැනීමට නිතරම අවදියෙන් සිටින ඇසක අවශ්‍යතාවය.මොකද ඒ වෙනුවෙන් පණ ඇති සත්වයෙක් යෙදවීමෙන් ඇතිවන ප්‍රායෝගික ගැටලු ගොඩක් තියෙනවා.මුර කාරයෙක් දැම්මොත් ඔහුට දරාගැනීමට හැකි ප්‍රමාණයක් තියෙනවා නිතරම අවදියෙන් සිටිනවා යැයි සහතික වන්න බැ. ඉල්ලන වැටුප ගැන ඇහුවහම , අනික තමයි ඔහු ඇසින් දුටු දේ තවත් කෙනෙකුට නැරඹීමට අවකාශයක් නැ.විශ්වාසය සම්බන්ධයෙන් ගැටලුවකුත් මතුවෙනවා එතනදි. ඉතින් ඔය කියන කරැණු කාරණා එක්ක බැලුවාම ඒකට අපිට තිබෙන හොදම විකල්පය  තමයි තාක්ෂණයේ දියුණුව අපේ පිහිට කරගැනීම.අන්න එතනදි තමයි අපි Security camera systems අපේ සහයකයා බවට නිතැතින්ම පත්වෙන්නේ.
      CCTV කැමරාවල අතීකතයට ගියොත් මුලින්ම මෙවැනි කැමරාවක් නිෂ්පාදනය කරලා තියෙන්නේ  1942 දී ජර්මනියේ විසූ Siemens AG කියන පුද්ගලයා විසින්.ඒ වගේම පලමු IP කැමරාව එහෙම නැත්නම් පලමු ඩිජිටල් කැමරාවේ අංකුරය නිෂ්පාදනය කරල තියෙන්නේ 1996 දී  Axis Communications කියන සමාගමයි.ඉතින් මේ CCTV කැමරාවල වර්ග දෙකක් තියෙනවා.

  1. Analog CCTV
  2. Digital CCTV




Analog CCTV හා Digital CCTV පද්ධතියක වෙනස
   Analog CCTV පද්ධතියක්  ‍physical layer එකකදී රෑප ලබා දුන්නේ coaxial cable එකක් හරහා හා Wireless system එකක් හැටියට නම්  radio transmitter එකක් receiverයක් හා සම්බන්ධ කරමිනුයි.මෙම ආකාරයේදී  image data  සම්ප්‍රේෂණය කලේ coaxial cable එකක නමුත් ශබ්දය ගෙනයාමට copper wire භාවිතා කෙරැණා.කැමරා කිහිපයකින් එන දත්ත multiplexer  එකක් භාවිතා කරමින් තනි මොනිටරයකට යොමුගත කෙරැණ අතර සෑම කැමරාවකින්ම එන චලන රෑපයට අදාලව මොනිටරය තුල ඉඩක් (pre-set amount of space)වෙන් කර තැබුණා.මේ Analog CCTV පද්ධතියක් Wireless CCTV installations  එකකට භාවිතා කිරීමේදි කැමරාවට radio transmitter එකකුත් මොනිටරයට එහි receiver එකත් සම්බන්ධ කෙරැණා.ඉතින් මෙහි ති‍බෙන අවාසි වලින් එකක් තමයි මෙම කැමරාවේ දත්ත තැන්පත් වන මැග්නටික් තැටිය හැමදිනකම මාරැ කරමින් ඉඩකඩ නියතව තබා ගැනීම. අනික තමයි මෙම ටේප් ඩ්‍රයිව් එක නිතරම කැරකෙමින් පද්ධතිය තුල තබා ගැනීමේ අවශ්‍යතාවය. ගැස්සෙන විසිවෙන යකඩ කෑලි ගොඩක් මතයි අපි ඒ රිස්ක් එක තියලා තියෙන්නේ එතකොට. එහෙත් Digital CCTV පද්ධතියක නම් අපිට අවශ්‍ය තරම් කැමරා ප්‍රමාණයකින් අවශ්‍ය තරම් රෙකෝඩින්ස් ප්‍රමාණයක් ගබඩා කිරීමට එහි පරිගණකය හෝ සර්වරය හෝ ලැපටොප් යන්ත්‍රය විසින් ඉඩ සලසා දෙනවා.


        Analog CCTV පද්ධතියක් තුල දත්ත සුරැකෙන අවස්ථාවේදී picture quality එක    degrade වෙනවා. මොකද ඒ tape drives භාවිතා කරන නිසා. නමුත් Digital CCTV පද්ධතියකදී  දත්ත සුරැකෙන්නේ ඩිජිටල් ආකාරයට නිසා කොපමණ ප්‍රමාණයක් ගබඩා කලත් Image quality එක පලමු අවස්ථාව වගේමයි. ඒ වගේම ඒවා තැන්පත් කිරීමේදිත් cd හෝ dvd වැනි ලාභදායි මාධ්‍යක් වුවත් භාවිතා කල හැකියි.
අනික තමයි Analog CCTV පද්ධතියක් තුල කැමරාව සෑම හැරීමක් සමගම දත්ත තැන්පත් කිරීම අරඹන අතර Digital CCTV පද්ධතියකදී තත්පරයක‍ට රෑප රාමු 100කටත් (up to 100 images per second) වැඩි පරමාණයක් අල්ලාගන්නවා.
    Digital CCTV පද්ධතියකදී අපට අවශ්‍ය වෙලාවට අන්තර්ජාලය ඔස්සේ වුවත් කැමරා රෙකෝඩින්ස් වලට ඇතුල් වී storage එකක් තුල තැන්පත් වී ඇති අදාල දිනයක් හා ෆික්ස් කරන ලද වෙලාවකට අනුව වීඩියෝවක් සොයා ගත හැකි නමුත් Analog CCTV පද්ධතියක් තුල ඇති අවශ්‍ය කරන තොරතුරක් සොයා ගැනීම අප විසින් මහත් පරිශ්‍රමයක් දරා කල යුතු වෙනවා. අපි මේ Digital CCTV පද්ධති IP කැමරා ලෙසිනුත් හදුන්වනවා. මෙම කැමරාවක් තුල කැමරාව, audio සහ video signals යන දෙවර්ගය data packets බවට හරවා local area network (LAN) එකක් හෝ wide area network (WAN) එකක් හෝ  internet හරහා සම්ප්‍රේෂණය කිරිම සිදු කිරීමට අවශ්‍ය කරන හාඩ්වෙයා කොටස්වලින්ද සමන්විතයි.මෙවැනි කැමරාවක් කිසිම අවස්ථාවක video capture card එකක් අවශ්‍යතාවය මතු කරන්නේ නැහැ .‍මන්ද මෙමගින් පිලිතුර ලෙස නිකුත් කරන දත්ත පරිගණකයට කෙලින්ම සහය දක්වන digital signal  වන නිසා. වර්තමානයේදි multi-megapixel IP-CCTV  කැමරා වෙලදපොලට පැමිණෙමන් තිබෙන්‍‍නේ විශාල විභෙදනයක් සහිත රෑප රාමු ලබා දිමේ අරමුණිනුයි. මෙම හේතු නිසා wireless hub එකක් භාවිතා කර වුවත් කේබල්ස් වලින් තොර (including Wi-Fi) නඩත්තුව පහසු කැමරා පද්ධතියක් සකස් කරගැනීමට බොහෝ දෙනා පෙලඹි තිබෙනවා.තවත් ඉදිරියට මේ සම්බන්ධව කතා කරමු.

Monday, June 4, 2012

PS/2 to USB adapter එකක්

       
     අදත් පෝස්ටුවක් දාන්න හිතුවා. ඔයාලට මතකද මේ වෙද්දි Key board ඇවිත් තියෙන Key board connectors මොනවද කියලා. මුලින්ම ආවේ AT keyboard connector එක. ඊට පස්සේ PS/2 හා අවසානයට USB ඇවිත් තියෙනවා මේ වෙද්දි. මේ  PS/2  කියන වදන බිදිලා ආවෙ කොහොමද කොහෙන්ද කිවොත් 1987 දී මුලින්ම IBM පරිගණක සමාගම තමන්ගේ IBM Personal System/2 කියන series එක ආරම්භ කරද්දි මෙයට යෙදුන නම තමයි Short form එකක් ලෙසින් තවමත් අපි භාවිතා කරන්නේ.  ඊටත් කලින් අපි "serial mouse" connector කියල හදුන්වන DE-9 සහ RS-232 කියන කනෙක්ටර්ස් භාවිතයේ පැවතිලා තියෙනවා. මතකද අර දිග පටියක් වගේ එකක පින්ස් ගොඩක් තියෙන්නේ. අන්න ඒවා. ඒවයින් පස්සේ DIN connector එක ඇවිත් ඊටත් පස‍්සෙයි මේ PS/2 කියන එක ආ‍වේ. Mini-DIN connector යනුවෙනුත් හදුන්වන මෙය පරිගණකයට යතුරැපුවරැ හා මවුස සම්බන්ධ කිරිමට Input/Output උපාංගයක් හැටියටයි යොදාගන්නේ.එහෙත් මේවා Plug and play devices ගනයට වැටෙන්නේ නැහැ. PS/2 to USB adapter එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැනයි මේ කතාව. Din 6 කියල කියන්නෙත් මේ PS/2 එකටමයි. මීට අමතරව AT to PS/2, Serial port to PS/2 යනුවෙන් තවත් කනෙක්ටර්ස් තියෙනවා. ඉතින් අපිට යම් යම් අවශ්‍යතා මත මවුපුවරැවේ USB ports ප්‍රමාණය මදිවුනාම හෝ PS/2 ports මදිවුනාම හා ලැප්ටොප් යන්ත්‍ර වලදිත් මේ වගේ adapter එකක අවශ්‍යතාවය මතුවෙනවා. සාමාන්‍යයෙන් වාණිජමය අවශ්‍යතා මත මේ  adapter එක integrated circuit (pre-programmed chip) එකක් භාවිතා කරනවා ps/2 keyboard signal එක convert කරන්න USB keyboard signal එකක් බවට. නමුත් ‍මේ කියන්න යන adapter එක වැඩ කරන්නේමේ කලින් කියපු  interfaces (USB & PS/2) දෙකටම සහය දක්වන උපාංගයන්ට පමණයි. අපැහැදිලිද මගේ යාලුවන්ට. මම මොකක් හරි දෙයක් කියන්න ගියාම සහ ඒ දේ අනිත් කෙනාට තේරැම් ගන්න ගියාම කණ වටෙන් අත දානව වගේ ලොකු වටයක් යන්න වෙනවලු. ඉතින් මගෙ ප්‍රියාවිය වුනත් මට නිතරම කියන දෙයක් තමයි ඒ විදිහට කියන දෙයක් හරියට පැහැදිලිව කියන්න මම දන්නේ නැහැයි කියන එක.



මේ වගේ එකක් හදාගන්න පහත දේවල් උවමනා වෙනවා. 
  1. Male or female ps2 connector as your need (purple for keyboards and green for mice)
  2. Male or female USB connector as your need
  3. Soldering Iron
  4. Lead  වගේ දේවල් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ.
  5. පෑස්සිම සදහා අවශ්‍ය කරන කේබල්
ඉතින් අපිට  female ps2 connector හා female USB connector  අවශ්‍යනම් පරණ මවුපුවරැවකින්  Soldering Iron එකක් මාර්ගයෙන් ගලවගන්නත් පුලුවන් සුක්ෂම වැඩ කරලා පුරැදු තියෙන කෙනෙකුට. හැබැයි ඉතින් මෙහෙම ගලවගත්ත එකක නම් pin out එක multi meter එකක් ආධාරයෙන් හරියටම පරීක්ෂා කරගන්න වෙනවා.මේ තියෙන්නේ ඒ වගේ එකක්.




     ‍මේ ති‍යෙන්නේ PS/2 එකේ Pin out එකයි.



Connecting USB-mouse to PS/2 connector of computer. It works only with device which supports both interfaces (USB & PS/2).
USB Pin
Name
USB Pin
Number
Direction
Usb Color
PS/2 mouse controller Pin
Number
PS/2 mouse controller Pin
Name
Description
PS/2 Color
VDC +5V
1
<--
Red
4
VDC +5V

Red
Data-
2
-?-
White
1
Data

White
Data+
3
-?-
Green
5
Clock

Brown
Ground
4
-?-
Black
3
Ground

Black



 ‍මේ ති‍යෙන්නේ USB එකේ Pin out එක.


මේ කනෙක්ෂන් කෝක වුනත් pin to pin connectioon නිසා අවුලක්‍ නැ. PS/2 එකේ  VCC, Clock, Data, Ground පාත් 4 පමණයි අපි USB adapter එකේ VCC, Ground, D+, D- යන පාත් වලට පාස්සා ගත යුත්තේ. මතකයි නේද මම ගිය වතාවේ VGA කේබලයක් නිර්මාණය කරගන්න ආකාරය කියල දෙන විටත් ඉහත පාත් ගැන කියවුනා. Voltage එක ගෙනියන පාත් එක හා  පසුතලය ආරක්ෂාකරන Ground එකත් , D+, D- යනුවෙන් Voltage එකත් මෙලෙසින් කියාපානවා. Clock සහ Data ගමන් කරන Waveform එක මේ ආකාරයි.

මෙන්න ඒ දෙක පාස්සා ගන්න ඕන ආකාරය දැක්වෙන සටහන.


අපැහැදිලි තැනක් තිබුනොත් අහන්නත් පුලුවන්.