Thursday, December 30, 2010

දුක්බර දවසක්...Saddest Day by Akon

     
      අදත් මැක්සා සින්දුවක් දෙන්නයි යන්නේ. සින්දුවෙන්ම මේ  අවුරැද්ද ඉවරකරලා සින්දුවෙන්ම නව වසරටත් පා තබන්නයි මගේ කල්පනාව. කොහොමද හොදයි නේද මගේ අදහස. ඊට කලින් අලුත් අවුරැද්ද ඔක්කොටම විෂ් කරන්නත් එපැයි. ඉතින් එහෙනම් 2011 වසර හැමෝගෙම සිතූ පැතූ දේ ඉටු වන , හැමෝටම යුතුකම් ඉෂ්ට වෙන සුභම සුභ නව වසරක් වේවා කියලා මම ඉතසිතින් wish කරනවා. ගෙවුන අවුරැද්දේ වෙච්ච වැරදි, අඩුපාඩු, දුර්වලකම්, අතපහුවුන දේවල් මේ අවුරැද්දේ හරිගස්සගෙන අලුත් විදිහට ලබන්නාවු වසරට මුහුණ දෙන්න හැමෝම හිතට ගනිමු. මමත් ඉතින් නව වසරේදී නරක පුරැදු අතහැරලා හොද පුරැදු ඇතිකරගෙන පහුගිය වසරට වඩා හොද වෙන්නයි හිතාගෙන ඉන්නේ. වැරදි, අඩුපාඩු මේ අවුරැද්දෙදි වුනේ නැති අය ඉන්නවානම් අවුලක් නෑ පරණ විදිහටම අලුත් වසරටත් යමු. නේහ්. හූහ් හූ.....ෂිහ්..මට මේ හූ කියන එකත් මෑතකදි ඉදන් පුරැද්දකට ගිහින් වගේ. ඉස්සර මම ඔහොම හූ කීවේ නෑනේ.  ඒකත් නරක පුරැද්දක් තමා. අලුත් අවුරැද්දේ ඉදන් ඒකත් නැතිකරගන්න ඕන.
   ඉතින් අද ගීතයත් හිතට වැදුනු ගීතයක්. එක එක්කෙනාට එක එක ගීත යම් ආකාරයකට හිතට දැනෙන්න තමන්ගේ යම් කිසි පැරණි අතීතයක් බොහෝදුරට හේතුවෙනවා කියන එකට මං එකගයි. තවත් කෙනකුට ඒ ගීතය එතරම් රසවත් නොවෙන්න පුලුවන් වෙන්නේ අන්න ඒ හේතුව නිසායි. ගීතය Saddest Day කියන ගීතයයි. ගායකයා  Akon. මම දන්න තරමින් මේ ගීතය ඔහුගේ ඇල්බමයක නිකුත් වූවක් නොවෙයි. Special version එකක් විදිහට වෙනමම නිකුත් වූවක්. ඔහුගේ තවත් ගීතයක් මම මීට පෙරත් බ්ලොගයට ඇතුලත් කර තිබුනා. මේ ලින්ක් එකෙන් ඒකටත් යන්න පුලුවන්. ඔහු ඇල්බම් වර්ෂන් එකක් විදිහට නිකුත් නොකල ගීත අතරින් Hold My Hand(ft Michael Jackson)  , No More You යන ගීතත් මරැ. මේ ගීතයෙන් කියන්නේ තමන්ගෙන් ඇයට සිදුවුන වැරැද්දක් නිසා ඇය තමාව හැරගිය බැවින් දුක්වෙන බවයි. නුඹේ ඒ මතක පොදත් එක්කයි මම ජීවත්වෙන්නේ කියලා මොහු කියනවා. බොහොම හිමින් ගලාගෙන යන ගීතයක් නිසා හිතට දැනෙනවා වැඩියි. අනික නියමෙට වොයිස් කරලා තියෙනවා මේ ගීතය. 

"Going crazy
Heart Is breaking
I...can't...sleep at all
Trying get through this
Dont know how i'll do this
I..know... that I only got myself to blame 
But that doesn't help to ease the pain
Ill just die if i cant see her face
මට කිසි දෙයක් හිතාගන්න බෑ තාමත්
හදවත රිදිලා
අමතක කරන්න හැදුවත් ඒක කරන්න බෑ
මම මටම බැනගන්නවා
ඒත් ඒකෙන් මගේ දුක තුනී කරන්න බෑ
මට ඇගේ මුහුණ බලාගන්න බැරිවුනොත් මම මැරේවි"

"Until you come back
I cant breath
Until you  come back
I got no reason 
got my heart my heart down on its knee's
I still need you beside me...
ඔබ එනතුරැ මට හුස්ම ගන්නත් ඕන නෑ
ඔබ එනතුරැ  මට වෙන කිසිදෙයක් වැදගත් නෑ
මගේ හිත බිදිලා වැටිලා තියෙන්නේ මගේ දෙපා මුලටම
ඉතින් මට ඔයාව ඕන"

"Let me have
One more chance
In your life
Till your with me
Ill be
Half alive
Until ya come back
මේ වගේ වැරදි නොවෙන්න
මට තව එක වාරයක් දෙන්න 
මොකද ඔබ නැත්නම් මම ජීවත්වෙන්නේ 
සම්පූර්ණ කෙනෙක් විදිහට නෙමෙයි"

ඇත්තටම මාර සින්දුවක්. ඔයාලට කොහොමද මේක දැනෙන්නේ.
මෙන්න ලනුව

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 5



             අපි දැන් දන්නවා කොහොමද fiber optic system එකක් වැඩ කරන්නේ සහ ඇයි ඒවා නව තාක්ෂණයත් එක්ක ගොඩක් වැදගත්වෙන්නේ කියන එක. අද බලමු කොහොමද මේවා නිෂ්පාදනය කරන්නේ කියලා. Optical fibers නිපදවන්නේ very pure optical glass වලින් කියලා දැනටමත් ඔයාලා දන්නවා.  අපි සාමාන්‍ය වීදුරැවක් එය සිහින් වන තරමට විනිවිද පේනවා යැයි නිගමනය කලොත් , අපිරිසිදු සිලිකන් වලින් නිමවූවක්නම් එය අපැහැදිලිතාවයෙන් තිබෙනු ඇති.  Optical fibers වුවත් එසේමයි. භාවිතා කරන අමුදුව්‍ය අපිරිසිදුනම් එහි  ගුණාත්මකභාවයත් අඩුයි. ඉහල ගුණාත්මයෙන් යුත් ෆයිබර් නිපදවීමේ හැකියාව තවමත් ඇත්තේ ඇමරිකාව ඇතුලු බලවත් රටවල් කිහිපයකටයි. ෆයිබර් ඔප්ටික් කේබලයක් නිපදවීමේදී පියවරයන් තුනකට එය සිදු කරනවා.
  1. හිස් වීදුරැ සිලින්ඩරයකට  mixed gas යෙදවීම (Making a preform blank glass cylinder) 
  2. එම වීදුරැ සිලින්ඩරය මාර්ගයෙන් ඔප්ටිකල් ෆයිබර් කේබල්ස් ඇදීම (Drawing the fibers from the preform)
  3.  ෆයිබර් කේබලය පරීක්ෂා කිරීම (Testing the Finished Optical Fiber) 

හිස් වීදුරැ සිලින්ඩරයකට  mixed gas යෙදවීම (Making a preform blank glass cylinder)  - 
මෙම ක්රියාවලිය  Modified Chemical Vapor Deposition(MCVD) ලෙසින් හදුන්වනවා. මෙහිදී නිපදවන හිස් වීදුරැ සිලින්ඩරයේ කවයේ විෂ්කම්භය එයට භාවිතාකරන සම්මත තත්වයන් යටතේ විශාලව නිර්මාණය කරනවා. MCVD හිදී නිපදවන වීදුරැ සිලින්ඩරයේ කවය 40cm ක් පමණ වනවා. මේ MCVD ක්රියාවලියේදී මෙසේ නිර්මාණය කරගන්නා ටියුබයට ඔක්සින් වායුව,   silicon chloride (SiCl4) හා  germanium chloride (GeCl4) සමග පෙනනැගෙන්නට සලස්වා ඉන් ඇතිකරන හුමාල වාෂ්පය (mixed gas)  විශේසිත වූ කෘතිම ටියුබයක් හරහා  විශේෂ පට්ටලයක් ඔස්සේ(lathe මැෂීන්)   හිස් වීදුරැ සිලින්ඩරය තුලට (inject) පොම්ප කරයි. මෙය තේරැම් ගැනීමට රෑපය භාවිතයට ගන්න.

නියමිත මිශ්රණයන් එක්වසිදු කරන මෙම කාර්යයේදී   කෘතිම ටියුබය හරහා පැමිණෙන වායුන්ට අමතරව  අධික තාපයක් නිකුත් කරන ගිනිදැල් (hydrogen burner torch) කිහිපයක්ද මෙම වීදුරැ සිලින්ඩරය  පිටතින් lathe එකේ මූව්මන්ට් එනට අනුකූලව ගමන් කරයි. මෙම hydrogen burner torch එක මගින් ටියුබයේ ඇතුලත තෙරපෙමින් තිබෙන  mixed gas එක 1900kelvin ආසන්න උෂ්ණත්වයකින් heat කරයි.  මේ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරගැනීමට පහත videos ද උපකාරීකර ගත හැක. මෙසේ පිටතින් ලබාදෙන  මෙම ගිනිදැල්මගින් විශේෂ වූ කාර්යන් දෙකක් බලාපොරොත්තු වේ. 

  1. silicon සහ  germanium ප්රතික්රියා කර silicon dioxide (SiO2) හා  germanium dioxide (GeO2) බවට පරිවර්තනය කිරීම.
  2. එම  silicon dioxide (SiO2) හා  germanium dioxide (GeO2) ටියුබය අභ්‍යන්තරයේ තැන්පත් වී එක්ව ටියුබය නිර්මාණය කිරීම.





ඉතින් මෙසේ මෙම ක්රියාවලිය පැය කිහිපයක් තිස්සේ සිදුවන automated system එකකි. ඉන්පසුව නිමවූ වීදුරැ සිලින්ඩරය සිසිල් වූ පසුව එහි තත්ව පරීක්ෂාව සිදුකරයි. 








වීදුරැ සිලින්ඩරය මාර්ගයෙන් ඔප්ටිකල් ෆයිබර් කේබල්ස් ඇදීම(Drawing the fibers from the preform)- 

තත්ව පරීක්ෂාව සිදුකරන ලද  නිමවූ වීදුරැ සිලින්ඩරයෙන් ෆයිබර් නිර්මාණය කරගැනීමේ කාර්යයි මීලගට තිබෙන්නේ. මෙය හරියටම කොහු වලින් කඹ හදනවා වගේ ක්රියාවලයක්.  මෙයට fiber drawing tower නම් වූ උපකරණය භාවිතා කරයි. මෙම fiber drawing tower එක බොහෝවෙලාවට සිරස් එකකි. මෙම රෑපයෙන්  දක්වා ඇත්තේ එයයි. මේ සදහා  නිමවූ වීදුරැ සිලින්ඩරය  fiber drawing tower එකක ඉහලින් ස්ථානගත කරන්නේ එහි මුල් කෙලවර  2000 degreesක පමණ උෂ්ණත්වයක් ලබා දෙන furnace එකක (උදුන) බහාලමිනි  මෙම උදුනේදී රත්වෙන (melted) වීදුරැ සිලින්ඩරය ගුරැත්වාකර්ෂණය නිසා බිදුව බැගින් නොකඩවා පහලට ලබා දෙන්නේ වීදුරැ වලින් නිමවූ flexible කූරක් ආකාරයෙනි. මෙසේ පහලට වැගිරෙන්නේ  දියාරු ද්‍රව්‍යයක් වූ වීදුරැ බටයයි.  මෙසේ පහලට එන  සිහින් වූ නූලක් වැනි වීදුරැව එහි පිටත ආලේපය තුලින්විත් UV light උදුනක් හරහා ගමන්කර අවසානයේදී මෝටරයකින් ක්රියාකරන සිලින්ඩරාකාර නූල් රෝදයකට (cylindrical fiber spool) එතෙයි. මෙය සම්පුර්ණයෙන්ම automated system එකකි. මෝටරය මගින් ඉතා සීරැවෙන් රත්වූ  වීදුරැ සිලින්ඩරයෙන් මෙම ෆයිබර් වීදුරැ ලනුව ඇදගනී. මෙහි විශ්කම්භය laser micrometer එකක් මගින් පාලනය කරයි. මෙම drawing motor එකේ  ෆයිබර් කේබල් එක අදින වේගය 15 meters/second වේ. මෙසේ තනි  නූල් රෝදයකට 20kmකට ආසන්න දුරක් රැගත් තනි ෆයිබර් කේබල් එකක් ඇදගත හැක. 

ෆයිබර් කේබලය පරීක්ෂා කිරීම (Testing the Finished Optical Fiber) - 
සන්නිවේදනයේදී බොහෝදුරට පාවිච්චි කරන්නේ ඉතා හොද ගුණාත්මයෙන් යුත්  optical fiber වර්ගයි. ඉතින් ඒ සදහා මෙසේ නිපදවන ෆයිබර්ස් ඉහල ගුණාත්මයෙන් යුතු ඒවාදයි පරීක්ෂා කරගත යුතුයි. හොද optical fiber  එකක පහත ගුණාංග තිබිය යුතුයි. information carrying bandwidth එක core එක මත රදා පවතින නිසා core diameter, cladding dimensions සහ  coating sizes සම්මත තත්වයේ තිබිය යුතුයි.  විශේෂයෙන්ම multi-mode fibers වලදී සංඥා එකකට වඩා ගමන් කරද්දී දෝෂ ඇතිවේදැයි පරීක්ෂා කරගත යුතුය. 
විවිධ තරංග ආයාමයන් යටතේ ආලෝක සංඥා විස්තාරනය  වනවිට එහි ප්රබලත්වය පහත නොවැටෙනබවට නිර්ණය කර ගත යුතුයි.

1 විවිධ තරංග ආයාමයන් core එක තුල පැතිරිය හැකි බව.
2 භාවිතයේදී  උෂ්ණත්වයෙන් හා ආර්ද්‍රතාවයෙන් (temperature and humidity) ගැටලුවක් නොවන බව.
3 උෂ්ණත්වය සංඥා ප්රබලත්වය යන සාධකය මත රදා පවතින්නේද යන්න.
4 ගැඹුරැ ජලයේදීත් ආලෝක සංඥා ගමන්කල හැකිද යන්න.  (Ability to conduct light underwater)මෙය undersea cables සදහා වැදගත් වේ.

මෙම තත්ව පරීක්ෂණයෙන් සමත් වූ ෆයිබර් ඔප්ටික් කේබල්ස්  telephone companies, cable companies සහ  network providers හා විශේෂ ගැනුම්කරැවන්ට අලෙවි කිරීම සිදුකරනු ලබයි. වර්තමානය වනවිට බොහෝ සමාගම් තමන්ගේ පැරණි කේබල් පද්ධතීන් (copper-wire-based systems) ඉවත් කර මෙම නව තාක්ෂණයට නැඹුරැවෙමින් සිටින්නේ මෙහි ඇති වේගය, ධාරිතාවය හා පැහැදිලි බව ඉහල මට්ටමක ඇති නිසායි. ගැටලු ඇත්නම් ඒව අහන්න වෙනදා වගේම අවස්ථාව තියෙනවා.



How Are Optical Fibers Made - 


Video

Sunday, December 26, 2010

කාගේහරි වෙන්න... - Shayne Ward (Originally by Nickleback)


                  අද ටිකක් විතර free නිසා මම අදත් සින්දුවක් දෙන්නයි යන්නේ. කොහොමත් ඉතින් මේ වගේ weekend එකක දාන post එකක් තමයි ඉතුරැ වෙන්නේ. නැත්නම් වැඩත් එක්ක weekdays වල මෙහෙම post කරන්න අමාරැයි දිගටම. අද  දෙන්න යන ගීතයේ නම  "Gotta Be Somebody" නම් ගීතයයි. මෙම ගීතය ගායකයින් දෙන්නෙක් විසින් දෙවතාවකදී ගායනා කරල තියෙනවා. මේ ගීතයේ මුල් ගායන අයිතිය හිමිවෙන්නේ NICKELBACK නමින් හැදින්වූ හතරදෙනෙකුගෙන් යුත්  Canadian rock සංගීත කණඩායමකටයි තියෙන්නේ. ඔවුන්ගේ හතරදෙනාට  Chad Kroeger, Ryan Peake, Mike Kroeger, Daniel Adair අයත් වෙනවා. ඔවුන් 2008 වසරේදී නිකුත් කල  "Dark Horse" නම් ඇල්බමයේ එන තුන්වෙනි ගීතය තමයි මේ ගීතය. ඇත්තටම ලස්සන තේරැමකුත් තියෙන ලස්සන ගීතයක්. ඔවුන්ගේ How You Remind Me, Rockstar, Far Away, Savin’ Me, If Everyone Cared වගේ ගීතත් ලස්සනයි.
                         මේ "Gotta Be Somebody" ගීතය දෙවනුව ගායනා කරන්නේ Shayne Ward විසින්  ඔහු  2010 වසරේදී  නිකුත් කල Obsession නම් ඇල්බමයටයි. ඔහුගේ Breathless, That's OK With You, No U Hang Up වගේ ගීත ලස්සනයි. Alternative rock ගණයටයි අයිතිවෙන්නේ.  NICKELBACලගේ පලමු ගීතයට වඩා Shayne Wardගේ දෙවෙනි ගීතය ලස්සනයි කියල මට හිතෙනවා. අනික අලුත් ගීතය digitalized වෙලා තියෙනවා. මම ලින්ක් දෙකම දාන්නම්. දෙකම බාගෙන ඔයාලට හොදයි කියල හිතෙන එක මටත් කියන්න. ඕනම කෙනෙක් වෙනුවෙන් තවත් විශේෂ කෙනෙක් බලා ඉන්නවා. ඒත් ඉතින් උත්සාහය අතහැරියොත් තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගන්න කෙනෙක් හොයාගන්න කවදාවත් බැරිවෙයි කියලයි මේ ගීතයෙන් කියන්නේ.
"This time, I wonder what it feels like
To find the one in this life, 
the one we all dream of
But dreams just aren't enough
So I'll be waiting for the real thing,
I'll know it by the feeling
මගේ දැනෙනවා  ජීවිතය සම්පූර්ණ වෙන්නනම්
කවුරැන් හෝ ඉන්න ඕන බව
ඒත් හීන මවමින් ඉදලා හරියන්නේ නෑ
ඇත්තට මුහුණ දෙන්න ඕන
මට එයාව හමුවුනොත් ඒ ඇයමද නැද්ද කියලා මටදැනේවි"

"Cause nobody wants to be the last one there
Cause everyone wants to feel like someone cares
Someone to love with my life in their hands
There's gotta be somebody for me like that
කාටවත් අවශ්‍ය නෑ තනි වෙන්න
හැමෝටම අවශ්‍යයි තමන් ගැන බලන්න කෙනෙක් ඉන්නවයි කියන හැගීමට
ඉතින් හැමෝගෙම අත ගන්න විශේෂ කවුරැන් හෝ ඉන්නවා 
මම ඒ perfect කෙනා වෙනුවෙනුයි බලා ඉන්නේ හැමෝම වගේ"

Nickelbackගේ  "Gotta Be Somebody"
Shayne Wardගේ  "Gotta Be Somebody"

ඔන්න ලින්ක් දෙකම දැම්මා. දෙකම බාගෙන හොදයි කියල හිතෙන එක මටත් කියන්න. ආ...තව දෙයක්. මේ ගායකයින් දෙන්නම මේ සින්දුව වෙනුවෙන් out කරපු Vedios ගොඩක් ලස්සනයි. පුලුවන් වෙලාවක ඒවත් බලන්න .

පරිගණක ජාලකරණය පාඩම 3

  ගොඩක් දවසකින් තමයි පරිගණක ජාලකරණය පාඩම් මාලාව ලියන්න ගත්තේ. පහු ගිය ටිකේම හිටියේ ෆයිබර් ඔප්ටික් ලිපිපෙලේ. ඉතින් ජාලකරණය පහුගිය ලිපි බලන්න ඕනනම් මෙතනින් යන්න. පහු ගිය ලිපිවලදී අපි කතා කලේ දත්ත සම්ප්‍රේෂණයේ ආකාර, පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට යොඳා ගන්නා තාක්ෂණයන් , ජාලකරණයේ මූලික ආකාර, ජාල වර්ග ආදී මාතෘකා පිලිබදවයි. අද පරිගණක ජාලකරණය පාඩම් මාලාවේ තුන්වන කොටසින් කියන්න යන්නේ මොකක්ද මේ OSI Layers කියල හදුන්වන්නේ සහ ජාලකරණයේ දී එහි භාවිතය පිලිබදවයි. තේරැම් ගන්න ටිකක් අමාරැ වෙයි කියලා හිතන නිසා පුලුවන් තරම් සරලව ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. මොකක්ද මේ OSI(Open Systems Interconnect) කියලා කියන්නේ. OSI කියන්නේ වර්ෂ 1983 දී  International Standards Organization (ISO) කියන සංවිධානය විසින් නිර්මාණය කරන ලද ලෝකයටම පොදු වූ යම් කිසි භාවිතයක්. අපි භාෂාවක් අරගෙන බැලුවොත් උදාහරණයක් විදිහට සිංහල භාෂාව ගනිමු. එය ලෝකයේ කොයි මුල්ලක ඉන්න සිංහලයෙක්ට වුනත් පොදුවේ භාවිතා කල හැකි යම් කිසි standard එකක්. මිනිස්සු අතරින් සිංහලයින් තමන්ගේ අදහස් හුවමාරැ කරගන්න මේ standard එක භාවිතා කරනවා. ඉතින් පරිගණක(සියලුම මිනිසුන්) අතරිනුත් network(සිංහල මිනිසුන්) එකකට සම්බන්ධකල පරිගණක කමන්ගේ දත්ත network එක හරහා අනෙක් ජාලගත පරිගණකයට  transfer කිරීමට මේ standard එක භාවිතා කරනවා. මෙය පියවරයන් කිහිපයක් තුලින් සම්පූර්ණවන (multilayered) භාවිතයක් වන අතර සරලවම කීවොත් යොදා ගැනෙන්නේ පරිගණක දෙකක් අතර දත්ත හුවමාරැ කරගැනීම පහසු කිරීම සදහායි. ඉතින් මේ  OSI කියන model එකට ලේයර හතක් තියෙනවා. මේ හැම ලේයර් එකකම දත්ත process කිරීමේදී ඊටම වෙන් වෙන්ව පවත්නා සුවිශේෂී වු ගුණාංග තියෙනවා. මේ එක් එක් ලේයර් එකක් කරන කාර්යයන් එයටම ආවේණිකයි. එක් ලේයර් එකකින් කරන කාර්ය අනෙක් ලේයර් එකකට ඉෆෙක්ට් නොවී කටයුතු කල හැකියි. උදාහරණයක් නම් අපි අපේ පරිගණකයේ network configuration වෙනස් කලා කියලා application layer එකට හෝ  presentation layer එකට බලපෑමක් වෙන්නේ නෑ. OSI model හදල තියෙන්නේ ස්පෙසිෆිකලි ම(නිරූපිත වශයෙන්ම) විවෘත පද්ධතියක් ලෙසයි. ඒ කියන්නේ වෙනත් ඕනම නෙට්වර්ක් එකක් එක්ක මේ OSI model system කියන Standard එක කම්පැටිබල්.  ඉතින් මේ කියූ දේවල් ඔක්කොම brief කලාම අන්තිමේදී එන ඉමේජ් එක තමයි එක් පරිගණකයකින් තවත් පරිගණකයකට ජාලයක් හරහා දත්ත transferring වීමේදී අපි නොදැනුවත්වම වුනත් OSI modelඑකට අයත් ලේයර්ස් සියල්ල හරහා වේගයෙන් ගමන්කර නියමිත ස්ථානය ලගා කරගන්නවා කියන එක. දැන් අපි බලමු මේ ලේයර්ස් මොනවද කියලා. 



  1. Application Layer
  2. Presentation Layer
  3. Session Layer
  4. Transport Layer
  5. Network Layer
  6. Data Link Layer
  7. Physical Layer


  මේ ලේයර්ස් සම්බන්ධව පැහැදිලි කිරීමට පෙර අපි උදාහරණයක් අරන් තවටිකක් තේරැම් අරගනිමු, මෙහි භාවිතය කොයි වගේද කියලා. ඒ සදහා මේ පින්තූරයත් උදව් කරගන්න. 
තැපැල් කන්තෝරැවකින් රෙජිස්ටර් කල ලියුමක් යවන එක ගැන හිතන්න.  අපි යවන්න ඕන ලියුම හරි ඩොකියුමන්ට් එක හරි මොකක් හරි මුලින්ම ලියනවා. මෙය Application Layer එකට සමානයි. ඉන්පසුව එය ලියුම්කවරයක දැමීම අවශ්‍යයයි වැඩිපුර ආරක්ෂාව සදහා. නැත්නම් ලියුම යන අතරතුරේදී එහි ඇති දේවල් එලිවීමට තියෙන ඉඩකඩ වැඩියි.  මෙය Presentation Layerඑකයි. ඉන්පසුව කරන්නේ ලියුම් කවරයේ දැමූ ලියුම mail room එකට ගෙන ගොස් රෙජිස්ටර් කරගැනීම   Session Layer එක වනවා. ඊට පසුව අදාල පොතෙහි ඒ ලියුම රෙජිස්ටර් එකක් නිසා නියමිත ස්ථානයටම Transport කල යුතුබවට සටහන් තබා ගැනීම Transport Layer එක ලෙස හැදින්විය හැකියි. මීලගට එම ලියුමේ යැවිය යුතු ස්ථානය සදහන් කරනවා. එනම් address එක ලිවීම Network Layer එකයි. දැන් ඒ ලියුම secure seal එක යොදා යැවිය යුතු ස්ථානයට යැවීමට අදාල වූ බහාලුමට දැමීම Data Link Layer ලෙසත්,  අවසාන ස්ටේජ් එක ලෙස Physical Layer එකේදී ලියුම mail van එකට දැමීමත් මෙසේ හැදින්වේ. Physical Layer එක  ගත්විට පරිගණකය භාවිතයේදී නම් සියලුම දත්ත රැගත් එම data packet එක(ලියුම) network cable එක හරහා යැවීමට සූදානම් කිරීම දැක්විය හැකියි. එනම් put on the cable කියලත් කියන්න පුලුවන්.  ඉතින් මේ දැක්වූ උදාහරණය බොහෝදුරට  OSI model නම් වූ සංකල්පයට එකගයි. මම හිතන්නේ හොද වැටහීමක් ලැබෙන්නත් ඇති. ඉතින් පරිගණකයේදී ඉහත සිදුවීම් වල වේගවත් බව රදාපවතින්නේ userගේ වේගවත් බව මතයි. තාම අපි කතා කලේ එක් පරිගණකයක් තුලදී අනෙකට යැවීමට දත්ත සූදානම් වන ආකාරය පිලිබදවයි. ඉතින් මෙසේ මෙම පියවරයන් හත එකට එක්ව ගත් කල OSI model නම් වූ සංකල්පය  නිර්මාණය වෙනවා. 

මීලග ලිපියෙන් මේ ලේයර්ස් සම්බන්ධව වැඩිදුරටත් කතාකරමු. මේ කන්සෙප්ට්ස් ටිකක් කම්ප්ලෙක්ස් වගේ නිසා මේ වතාවේ ටිකයි ලීවේ. නැත්නම් ඔක්කොම එක ගොඩට ලීවාම තේරැම් ගන්න අමාරැවෙයිනේ. පරිගණක ජාලකරණය සම්බන්ධව ඊලග ලිපිය එනතුරැ මේක කියවන්න. තේරැණේ නැත්නම්හරි ගැටලු සහගත තැනක් වගේ දැක්කොත් හරි විමසන්න ඒ සම්බන්ධව. අනික මට ඊයේ කරගන්න බැරිවුනු වැඩ ටිකක් තියෙනවා අද කරගන්න. ටයිමින් කේස් එකක් නේ. ඉතින් OSI model සංකල්පය  පරිගණක ජාලයකට යෙදවූවිට එහි කාර්යයන් මොනවාද යන්න අපි මීලග ලිපියෙන් කතාකරමු. 

Friday, December 24, 2010

ළංව ඉන්න...Westlife




මේ ගීතය තියෙන්නේ Westlife ලගේ අලුතින් ආපු "Gravity" කියන ගීත ඇල්බමයේ. මේ ඇල්බමය නිකුත්වෙලත් එච්චර දවසක් නෑ. මමත් ඇල්බම් එක බාගෙන හිටියට ඇහුවෙ මේ ඊයේ පෙරේදා දවසක. Westlife ලගේ සින්දුත් ඉතින් පට්ටනේ. මේ ඇල්බම් එකේ ලස්සන ගීත කිහිපයක් තිබුණත් මේ ගීතය ටිකක් අල්ලලා ගියා.  soft rock ගනයේ ගීතයක්. නම "Closer". යන්නේ නැතිව ළගින්ම ඉන්න කියලයි කියන්නේ ගීතයෙන්. පෙම්වතා තමන්ගේ පෙම්වතියට ආදරයෙන් කියන්නේ තමන් අසලින්ම ඉදන්, හිතේ තියෙන හැමදේම කියන්න කියලයි. මේ ගීතයේ  එන "Come on get closer...." කියන කොටස ගොඩක් සංවේදීව කියනව කියලයි මට හිතෙන්නේ.  Westlife ලගේ පැරණි ඇල්බමයක ගිතයකුත් මම මගේ බ්ලොග් රෝලේ මීට කලින් දාලා තියෙනවා. කැමතිනම් ඉතින් ඒකත් බලන්න මේ ලනුවෙන් ගිහින්. 


"All I know is I can't breathe
Without you next to me...
Don't give up, don't let go
Come on get closer
Give all we have inside
ඔයා මා ගාව නැත්නම් මට ජීවත්වෙන්න බැරිවේවි
මම දන්නේ එච්චරයි...
ඉතින් අතහරින්න එපා මාව
දාලා යන්නත් එපා...මා ලගට එන්න
අපි කතා කරමු අපේ හිත්වල තියෙන හැමදෙයක්ම"

"I know who you are
You are in my heart
So don't say a word
I've already heard

මම දන්නවා ඔයා කවුද කියලා
ඔයා මගේ හදවතේ ඉන්න නිසයි ඒ
ඉතින් ඒ නිසා කිසිවක් කියන්න ඕන නෑ
ඒ මොකද මට ඔයාගේ හිතේ තියෙන හැමදේම දැනුනු නිසා"

පසුව ලියමි - ලින්ක් එකක් දුන්නේ නැත්තේ ඇයි කියලා අහපු අයටයි.
මම ගොඩක් වෙලාවට දෙන්න කැමති meadiafire ලින්ක්. එත්  මේ ගීතය තාම අලුත් නිසා මට කිසිම  හොද ඩිරෙක්ට් ලින්ක් එකක් හොයාගන්න මට බැරිවුනා. ඒක නිසයි මම ලින්ක් එකක් දුන්නේ නැත්තේ. ඉතින් ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්න වෙන්නේ. කැමති අය ඉන්නව නම් ටොරන්ට් ලින්ක් එකෙන් සින්දුව මෙතනින් බාගන්න. "Gravity"  ගීත ඇල්බමය සම්පූර්ණයෙන්ම මෙතන තියෙනවා. 

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - ලිපිපෙල 4

  මේ  ෆයිබර් ඔප්ටික් ලිපිමාලාවේ හතරවන ලිපියයි. මෙතෙක් පල කල ලිපි මාලාවෙන් Optical Fibers යනු කුමක්ද,  ඒවායේ වර්ග මොනවාද,   optical fiber වල භාවිතය, Total Internal Reflection යනු කුමක්ද, Fiber-Optic Relay System එකෙහි ආකාර ආදිය පිලිබදව සැකෙවින් විස්තර කලා. ඉතින් මේ සම්බන්ධව අවබෝධයක් නැති කෙනෙකු ලිපි පෙල මුල ඉදන් කියවලම එනවනම් හොදයි කියලයි මම හිතන්නේ. අද කතාකරන්න යන්නේ ෆයිබර් ඔප්ටික් නමින් හදුන්වන  තාක්ෂණය මෙතරම් දුරකට මේ විදුලි සන්දේශනය  කියන කටයුත්ත පහසු කිරීමට බලපෑ හේතු සාධක  මොනවාද යන්න පිලිබදචයි. අපි බලමු ෆයිබර් ඔප්ටික් කේබල් එකක තියෙන වාසි හා ආර්ථිකමය ලාබයන් මොනවාද කියලා. ෆයිබර් ඔප්ටික් කේබල් එකක තියෙන අවාසි ඉතා අඩුයි වාසිවලට වඩා. මොකද එහි තියෙන electrical system එක විශිෂ්ටයි.  ඉතින් මේ යටතේ මූලිකවම අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ෆයිබර් ඔප්ටික් කේබලයක් හා මෙතෙක් කල් භාවිතයට ගත් සම්ප්‍රදායික කේබලයක් ( metal wire/copper wire)සංසන්දනය කලවිට එහි තිබෙන වෙනස්කම් පිලිබදවයි. මේ වෙනස තමයි සන්නිවේදන තාක්ෂණය මෙතරම් දියුණු තලයකට රැගෙන ඒමට හේතු වූ සාධකය වූයේ. අපි ඒ සාධක කරැණු වශයෙන් අරගෙන බලමු.

1 අඩු වියදම (Less expensive) -  සැතපුම් කිහිපයක් දිග optical cable එකක් ඒ හා සමාන length එකකින්  යුත් copper wire එකකට වඩා අඩු මුදලකට නිෂ්පාදනය කරගත හැකියි. ඉතින් මෙයින් අපිට මූල්‍යමය වශයෙන් වැයවන මුදල අඩුකර ගත හැකියි. 

2 සිහින්බව (Thinner) - ඔප්ටික් කේබල්  එකක කවයේ විෂ්කම්භය,  copper wire එකකට වඩා අඩුය. එබැවින් ඔප්ටික් කේබල්  එකක ඝණත්වය සිහින්වනවා සේම පොඩි ඉඩක වැඩි කේබල් සංඛ්‍යාවක් ඇසිරිය හැකිය. 

3 කේබලය තුලින් විශාල ධාරිතායවයක් ගෙනයාමේ හැකියාව (Higher carrying capacity) - copper wire එකකට වඩා අඩු විශ්කම්භයක් ඇති නිසා එවැනි කේබල් ගොන්නකට වඩා වැඩි   optical cable සංඛ්‍යාවක් බන්ඩ්ල් එකක් තුලඇසිරිය හැක. එබැවින් ඉතා විශාල පරිමාණයෙන් දත්ත හැසිරවීමේ හැකියාව ඇත.  දුරකතන රැහැන් විශාල සංඛ්‍යාවක් තනි කේබලයකින් රැගෙන යාමටත් හෝ තවත් අතිරික්ත TV Channels විශාල සංඛ්‍යාවක් එකම මාර්ගයෙන් ඔබේ නිවසට ලබාදීමටත් මෙය ඵලදායී වේ. 

4 සංඥාවලට හානිවීම අවමවීම (Less signal degradation) - copper wire එකක දත්ත ගෙනයාමේදී loss වන දත්ත ප්රමාණයෙන් ඉතා සුලු ප්රතිශතයකි ‍ optical cable කේබල් එකක් හරහා දත්ත ගෙනයාමේදී ක්ෂය වන්නේ.  copper wire එකකදී නම් ඉතා දිගු දුරක් දත්ත ගෙනයාමේදී එම කම්බියට විදුලිය වශයෙන් වැයවන ප්රමාණය වැඩි නිසාම ක්ෂය වන දත්ත පරාසයද වැඩිය. 

5 දත්ත ගෙනයාමේදී ආලෝක සංඥා භාවිතා කිරීම (Light signals) - copper wire එකක් තුලින් දත්ත ගමන් කරන්නේ විදුලිය වශයෙනි.  optical cable එකක දත්ත ගමන් කරන්නේ ආලෝකය වශයෙනි. ඉතින් copper wire දෙකක් එක ලගින් ගමන් කරන විට එකකින් අනිකට වන බලපෑම් වැඩිය. නමුත්  Fiber Optic එකක දත්ත ගමන් කරද්දී එතුල ගමන් කරන්නේ ආලෝකය බැවින් කිසිදු ආකාරයේ ඇගිලි ගැසීමක් සිදු නොවේ.  එනිසා Optical fiber වලට ඉතාලගින් වැඩි දුරක් ගමන් කල හැකිය. 

6 අඩු විදුලියක් වැය වීම (Low power) - Optical fiber එකක් දුර ගමන් කිරීමේදී දත්තවලට වන හානිය ඉතා අඩු බැවින් ඒවාට අඩු විදුලියක් වැය වන  transmitters භාවිතා කල හැක. නමුත් copper wire සදහා high-voltage electrical transmitters යෙදවිය යුතුය. ඒ copper wire දුර ගමන් කිරීමේදී දත්තවලට  සිදුවන  හානිය වලක්වා ගැනීම සදහාය. එය මුල්‍යමය අතින් වාසි ගෙනදීමට හේතුවකි. 

7 ඩිජිටල් සංඥා ගෙනයාමේ හැකියාව (Digital signals) - Optical fibers උපතින්ම නිපදවා ඇත්තේ ඩිජිටල් සංඥා ගෙනයාමේ අදහසිනි. එනම්  copper wire තුලින් binary and numeric සංඥා ගෙනයන නිසා ඊටත් එහා ගිය සංකීර්ණ වූ දත්තයන් ගෙනයාමේ අඩුව පිරවීම සදහා මෙම අද්විතීය තාක්ෂණය බිහිවිය. Optical fibers ඔස්සේ ඩිජිටල් සංඥා ගෙනයන බවට සරලම උදාහරණය ලෙස පරිගණක ජාලකරණයේදී එහි ඇති භාවිතයන් දැක්විය හැක. 

8 නොදැවෙනසුළුබව (Non-flammable) -  copper wire තුලින් වගේ,   Optical fibers හරහා විදුලිය ගමන් 
නොකරන බැවින් එහි ඇති fire hazard එක අඩුය.

9  නියමිත ප්‍රමාණයට වඩා අඩු බර ඇති බව (Lightweight) - එනම්  Optical fiber එකක බර හා අවකාශයේදී ගන්නා ඉඩ පරිමාණය අඩු බැවින් copper wire එකකට වඩා ground එකක lay කිරීමේදී වාසිදායකය. මෙහි  ground යනු වෙන් හැදින්වූයේ පිට්ටනියක් නොවේ. අප එය භාවිතා කිරීමට යන පසුතලයයි.   copper wire එකක් ගත්විට එය උපතින්ම නිමවා ඇත්තේ කම්බියෙන් නිසා බර වැඩිය. 

10  දුර ගෙන යාමේ හැකියාව (Distance) - ආලෝක සංඥා කිසිදු උපකරණයක් භාවිතයෙන් තොරව ඉතා දිගු දුරකට ගෙනයාමේ හැකියාව පවතී.

11 ප්‍රතිරෝධය (Resistance) - විද්‍යුත්චුම්බක, විකිරණ, ආසන්නයෙන් ඇදෙන විදුලිය සහිත කේබල්වලට පවා ඉතා ඉහල ප්‍රතිරෝධයක් දක්වයි.

12 ආරක්ෂාව (Secure) - Optical fiber එකක් ගමන් කරන දත්තවල ආරක්ෂාව වැඩිය. ඒ එහි tapping වලට ඇති ප්‍රතිරෝධය හේතුවෙනි. radio frequency interference වලට මෙන්ම  jamming සදහාද  Optical fiber එකකින් ලැබෙන් සහාය අල්පය.  ඇමරිකාවේ රාජ්‍ය  ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් United States Department of Defense එක මෙම  fiber optics තාක්ෂණය දැනට අවුරැදු  25 ටත් ඈත සිට භාවිතා කරන්නේ එම හේතු නිසාය. 

13  නම්‍යශීලීබව (Flexible) - Optical fiber එකක ඇති  නම්‍යශීලීත්වය නිසා එනම් අවශ්‍ය පරිදි ඕනෑම අතකට නමා ගතහැකි බැවින්  හා නැමී ඇති තැන්වලින් වුවත්  ආලෝකය transmit කිරීමට මෙන්ම receive කිරීමටත් හැකි බැවින් මේවා digital camera සදහා බහුලව භාවිතා වේ. 

  • Medical imaging (වෛද්‍ය පරීක්ෂණවලදී) -  bronchoscopes, endoscopes, laparoscopes ආදී නම් වලින් යුතුව සැත්කම්වලදී සිරුර ඇතුළ බැලීමට යොදාගන්නා උපකරණ වශයෙන් භාවිතා වේ.
  • Mechanical imaging (මෝටර් කාර්මික ක්ෂේත්රයේදී) - මෝටර් රථයක නොයෙක් ස්ථානවල කල mechanical welds පරීක්ෂා කිරීමටත්  engine වල අඩුපාඩු සෙවීමටත් මේ ආකාරයේ කැමරා භාවිතා කරයි. (in airplanes, rockets, space shuttles, cars)
  • Plumbing (ජලනල කර්මාන්තයේදී) - මෙහිදී බොහෝවිට කසළ කාණුවල නොයෙකුත් Block වීම් සෙවීමට භාවිතා කරයි. 

ඉතින්  Optical fiber එකක් හා copper wire එකක් සංසන්දනය කිරීමේදී Optical fiber එකකින් ලැබිය හැකි මෙවැනි  වාසි හා ආර්ථික ලාභ හේතුවෙන් වර්තමානයේදී telecommunications සහ computer networks ක්ෂේත්‍රයේ වැඩිවශයෙන් මෙම තාක්ෂණය භාවිතා කරනු දැකිය හැක. උදාහරණයක් ගත්විට ඔබ යුරෝපයේ සිට  ඇමරිකාවට(or vice versa)  කතාකරන්නේ යැයි සිතමු. මෙහිදී සිදුවන්නේ අදාල රටේ tower එකකසිට satellite එකකට දුරකතන සංඥාව පැන  bounce වෙමින් ගමන් කිරීමයි. ඔබට නිතරම ඒ  දුරකතන සංවාදයේ ඇති අපැහැදිලි ගතිය පිළිරැව් දෙන ගතිය දැනෙනු ඇති. නමුත් එම  සංවාදයම අත්ලන්තික් සාගරය හරහා ඇද ඇති fiber-optic cable එකකින් ඇසුනොත් කොහොම තියේවිද. හරියටම මේ ලග ඉදන් කතා කරනවා වගේ ඔබට දැනේවි. ඒ තරම් Pure කනෙක්ෂන් එකක් තමා එතනදි නිර්මාණය වෙන්නේ.

මීලග ලිපියෙන් කොහොමද fiber optic cable එකක් නිර්මාණය වෙන්නේ කියලා step by step දැන ගනිමු. Christmas හෙටයිනේ. ඉතින් ඒ අයට සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම ඕන එකක් අහන්න කියලා ආරාධනා කරනවා. ඕන එකක් කීවේ මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු. බොහොම ස්තුතියි පහුගිය ලිපිවලට ලැබුන ෆීඩ්බැක් වලට. මගේ බ්ලොග් රෝල් එකේ වැඩියෙන්ම පේජ්වීව්ස් අරගෙන මුල් තැන්වල ඉන්නෙත් මේ ෆයිබර් ඔප්ටික් ලිපි මාලාවයි. ඒ තැන ලබා දුන්නු ඔයාලට ස්තුතියි. මමත් මම දන්න දේවල් බින්දුවක්වත් තියාගන්නේ නැතුව කියල දෙන්නම් ඔයාලට. මං විතරක් දැනගෙන ඉදල වැඩක් නෑනේ. ඒකයි පුලු පුලුවන් වෙලාවට මහන්සි නොබලා මෙහෙම post කරන්නේ. ඒ මොකද මං අහලා තියෙන විදිහට අපිට මේ පූරැවේ පිනකට මනුස්සයෙක් විදිහට ලැබිල තියෙන මොල ගෙඩියෙන් අපි පාවිච්චිකරන්නේ නෑලු සියයට එකක්වත්. දන්න දේ කියල දුන්නාම මට ඊලග ආත්මෙවත් ඊට වඩා වැඩියෙන් ලැබෙන්නේ නැතෑ. එහෙනම් අඩු ගානේ ඒ percentage එක තව දශමයක් හරි උඩට උස්සල තියන්න අපි කවුරැත් කටයුතු කරන්න හිතට ගන්න ඕන. එහෙම නේද. 



Thursday, December 23, 2010

ආදරයක් වෙනස්වුනොත්...මෙහෙම වේවිද?

අද දෙන්න යන ඉංගිරිසි ගීතයත් පහු ගිය දවස්වල UK TOP40 chart එකේ මුල් ස්ථාන අතරේ තිබුන ගීතයක්. ගිතය  Eminem හා එක්ව Rihanna තමයි  ft කරන්නේ. මේ දවස්වල  Rihanna (Barbadian singer) ගේ ගීත කිහිපයක් ඉංගිරිසි ගීත දර්ශකවල මුල් ස්ථාන අතර තියෙනවා. ඒ අතර මේ ගීතයත් තියෙනවා.   "Love The Way You Lie"   තමයි ගීතය.   Eminem ගේ (ඇමරිකනු ජාතික  rapper කෙනෙක්) Recovery නමින්  2010 June 18 වෙනිදා නිකුත්වුන ඇල්බමයේ තමයි මේ ගීතය අඩංගු වෙන්නේ. එය ඔහුගේ හත්වන ගීත ඇල්බමයයි.  Rap and Hip-Hop ගණයට තමයි ගීතය අයත් වෙන්නේ. ගීතයෙන් කියන්නේ දෙන්නෙක් අතර තිබුන බොහොම ශක්තිමත් ආදර සම්බන්ධයක් හෙමින් හෙමින් නරක අතට හැරී එකිනෙකා අතර වෛරයක් ඇතිවන තරමට එය වර්ධනය වුන ආකාරයයි. ඒ ආදරය අතරට එන නරක දේවල් තමා බොරැව හා රැවටීම. ඉන් අනතුරැව ඔහු ඇයගෙන් පලිගන්නේ රණඩු සරැවල් ඇතිකරගැනීමෙන්. ඇය ඔහුට මේ සම්බන්ධව තේරැම් කරදීල වැඩක් නැති බව කියා ඔහුගෙන් ඉවත්ව යන්න යනවා. එත් ඔහු ඒකට ඉඩ දෙන්නේ නෑ. ඇය නැවත යන්න උත්සාහ කලොත් ඇයව මරන බවට ඔහු තර්ජනය කරන්නේ,

"If she ever tries to leave again 
Im'a tie her to the bed and set this house on fire" ලෙස කියමින්. 
Eminem ගේ rapping style එක නම් මරැ මෙතනදි. ආවේගශීලී බව නියමෙට පෙන්වනවා ඔහුගේ කොටස්වලදී.

ඒත් ඇයගේ ආදරයේ අඩුවක් වෙන්නේ නෑ ඔහු මොනවා කීවත්. 
ඇය තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්නේ මේ විදිහටයි. 
"Just gonna stand there and watch me burn
But that's alright because I like the way it hurts
Just gonna stand there and hear me cry
But that's alright because I love the way you lie
I love the way you lie
I love the way you lie"

අහලම බලන්න වටින ලස්සන සින්දුවක්. නමුත් අපිට දෙන  feelings නම් sad. 
මේ ගීතයේ , එහෙම නැත්නම් මේ story එකේ second part එකකුත්  "Love The Way You Lie - part 2" ලෙස නිකුත් වුනා. එහි  ලින්ක් එක මෙන්න.  part 2 එකෙන් පලමු ගීතය continue කරනවා. පලමු ගීතයෙන් පෙම්වතාගේ අදහස්වලට වැඩිතැනක් දී තිබෙන නමුත් දෙවෙනි එකෙන් පෙම්වතිය තමන්ගේ පැත්තෙන් හිතන දේවල් කියනවා. 

"Even angels have their wicked schemes 
And you take that to new extremes 
But you'll always be my hero 
Even though you've lost your mind 
සම්පූර්ණයෙන්ම පරිපූර්ණ මිනිස්සු පවා සමහර දෙවල් ලෝකයෙන් වසං කරගෙනයි ඉන්නේ
ඉතින් ඔයා මොන වැරැද්දක් කලත් ඔයා ගැන මං හොදට දන්නවා
ඔයා මගේ හිත කොහොම රිද්දුවත් 
ඔයා ඉතින් මගේ ලෝකයේ වීරයා හැමදාටමත් "


ඇත්තටම මෙහෙම හිතන කෙල්ලෝ ඉන්නවද? ලංකාවෙත්....
ඒත් මේ වගේ හැම බරපතල වැරැද්දකටම සමාව දෙන එක නම් ඇත්තටම හොදද?.... 

Tuesday, December 21, 2010

ඩිව්එක්ස් ෆයිල්ස් සබ්ටයිට්ල්ස් එක්කම ඩීවීඩී ප්ලේයර් එකක බැලීම...

  අපි ටොරන්ට් හරහා බාගන්නා ලද DivX, XviD, avi වැනි file format වල   චිත්‍රපට  සාමාන්‍ය DVD player එකක නැරඹීමට හැකිවන සේ DVD තැටි වලට ගන්නේ කොහොමද? අපි නම් ඉතින් කම්පියුටරේ භාවිතා කරලා ඕනම file format එකක film එකක් බලනවා. ඒකට ඉතින් codec pack එකක් තියෙන k-lite හරි VLC හරි ප්ලේයර් එකක් තිබුනාම හොදටම ඇති. නමුක් ඉතින්  DVD player වල බලන අයත් ඉන්නවනෙ. ඒ අයටයි මේ ලිපිය.මම මෙහිදී DVD player යනුවෙන් අදහස් කලේ data dvd ධාවනය කිරීමට නොහැකි , වීඩියෝ  file format එකෙන් රයිට් කල   dvd පමණක් ධාවනය කල හැකි තරමක් පැරණි මාදිලියේ ඒවායි. නමුත් නව මාදිලියේ DVD player වලට මෙවැනි කන්වර්ට් කිරීමක් අවශ්‍ය නොවන අතර Dvd එක data dvd එකක් ලෙස රයිට් කල විට ඒවා ධාවනය වේ. ඉතින්  මෙවැනි DivX කම්පැටිබල් ප්ලේයර්ස් සදහා 700Mb films 5ක් හෝ 6ක් data ලෙස ඇතුලත් කර (empty dvd එකක සාමාන්‍ය ධාරිතාවය 4.7GB පමණ වනනිසා) ඩිවිඩි එකකට පිටපත් කරගන්න. එවිට එම DVD players වලදී data DVD වල තියන AVI play වනු ඇති.  මෙසේ  divx compliant player එකක AVI play නොවීමටත් යම් යම් හේතු තියෙනවා.  


  1.   AVI වල Video codec එක DivX හෝ  Xvid නොවේ නම් බොහෝ විට play වීමේ සම්භාව්තාවය අඩුය.  
  2.   Videos format එක AVI නොවී MKV, MP4, RMVB වගේ ඒව නම් ඒත් play වෙන එකක් නෑ. 
  3.   අනික තමයි Audio format එක MP3 වෙන්න ඕනෙ.  හැබැයි දැන් එන ඒවගේ නම් AAC support ද කියල මම හරියටම දන්නේ නෑ! 
  4.   ඇතැම් DVD යන්ත්‍ර වල DVD+R වැඩ නොකරන අතර  DVD-R හොඳින් ක්‍රියාත්මක වෙයි.  මෙයද හේතුවක් විය හැකියි. 
  5.  DivX,Xvid File format  වල එන සමහර සුවිශේෂී features ඇතැම් DVD players වලට සහය නොදක්වන හේතුවෙනුත් ප්ලේ නොවිය හැකියි.


     ඉතින් බොහෝ movies තියෙන්නෙ Xvid,MP3 format එකෙන්. ඒ කියන්නෙ play වෙනව. බොහෝ DVD player වල data විදිහට තියෙන DivX 5 avi වුනත් බලන්න පුලුවන්! ඒ කියන්නේ නෙට් එකේ torrent වල තියෙන බොහෝ avi ඒව DVD player වල බලන්න පුලුවන් කියන එකයි. සමහර release වල info එකේ BURN TESTED කියලත් දාල තියෙනවා ඔයාල දැතල ඇති. (ඒ කියන්නෙ එහෙම දාන ෆිල්ම්ස් write කරල divx compliant player එකක බැලුව කියන එක) ඉස්සර නම් XVID ඒවගෙ FourCC එක DX50 කියල තිබ්බෙ නැත්නම් සමහර ඒවගෙ play වුනේ නෑ.  FourCC එක කියලා කියන්නෙ four character code කියන එක කෙටි කරලයි.  මේ FourCC එකෙන් කරන්නේ ඕනම media file එකක තියෙන video codecඑක,  compression formatඑක,  color හෝ  pixel format එක හදුනාගෙන මතකයේ තබා ගැනීමයි. ඉතින් යම්  media file එකක FourCC එක නිසා එය play වෙන්නෙ නැත්නම් FourCC එක change කරන්න පොඩි පොඩි tool වලින් ලේසියෙන්ම පුලුවන්. (මෙවැනි එකකින්  Convert වෙන්නෙ නැති නිසා වෙලාවක් යන්නෙත් නෑ) ඒ නැතත් DVD එක burn කරන්නෙ NERO එකෙන් නම්, nero එකේ option එකක් තියනව write කරන xvid AVI file වල FourCC code එක DX50 කියල වෙනස් කරන්න කියල. දැන් බොහෝ විට XviD ඒවගෙ FourCC code එක XVID තිබ්බත් play වෙනව මං හිතන්නේ. මෙසේ DivX කම්පැටිබල් නොවන ප්ලේයර්ස් සදහා DivX කන්වර්ට් කිරීමට නොයෙකුත් මෘදුකාංග අන්තර්ජාලයේ surf කරද්දී හොයා ගන්න පුලුවන්. WinAVI, AVS වගේ ඒවත් හොදයි. ඒත් මං හිතන විදිහට  ConvertXtoDVD කියන මෘදුකාංගය ගොඩක් හොදයි. එයින් සබ්ටයිට්ල්ස් එක්කම කන්වර්ට් කිරීමට හැකියි.  පලමුව  ConvertXtoDVD කියන මෘදුකාංගය මෙතනින් බාගන්න. මෙම මෘදුකාංගය පියවරෙන් පියවර භාවිතා කරන අන්දම එහි නිල අඩවියෙන් රෑපසටහන් එක්කම බලාගත හැකියි.

ඔයාලට මේ සම්බන්ධව තවත් යමක් දැනගන්න තියෙනවානම් අහන්නත් අවස්ථාව තියෙනවා.

Thursday, December 16, 2010

Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 3



      ෆයිබර් ඔප්ටික් ලිපිපෙලේ තුන්වන ලිපිය යටතේ අද කියාදෙන්න යන්නේ Fiber-Optic Relay System යන්න පිලිබදවයි. පසු ගිය ලිපියෙන් අපි කතා කලේ   Total Internal Reflection නැතහොත්  පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නම් ක්රියාවලිය පිලිබදවයි. ඒලිපිය නොබලපු අය ඉන්නවනම් මේ ලනුවෙන් ගිහින් ඒක කියවලම ආවනම් හොදයි කියලයි මගේ අදහස. කමෙන්ට්ස් කරපු හැමෝටමත් ස්තුතියි. පහුගිය ලිපියෙදි මම ඉදිරිපත් කරන්න හිතාගෙන හිටිය දෙයක් මට අමතක වුනා. ඒ තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලි සටහන. ඒක මේ තාක්ෂණයන් පිලිබදව යම් කිසි දල අදහසක් ලබා ගැනීමට උපකාරී වේවි. කමක් නෑනේ ටිකක් පරක්කු උනාට. ඉතින් මේ වතාවේ මම ඒක දානවා. අනික තමා ඉහත ජායාරෑපයේ දැක්වෙන්නේ ලොව වටා මුහුද යටින් ඇද ඇති ෆයිබර් ජාලයයි. තව ටිකෙන් ඒකත් අමතක වෙනවා.
     දැන් අද මාතෘකාවට එන්ටර් වෙමු. Fiber-Optic Relay System එකක අඩංගු වෙන කොටස් කිහිපයක් තියෙනවා කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඒ ගැනත් මම පෙර ලිපියෙන් සදහන් කලා. එනම් Transmitter, Optical Fibre, Optical Re-generator, Optical Receiver යන කොටස් තමයි ඒ. ඉතින් මෙම කොටස් එකතු වීමෙන් හැදුනු පද්ධතියක  තමයි අපි මේ නමින් හදුන්වන්නේ.  Relay එකක් කියන්නේ නොනැවතී දත්ත ප්‍රතිප්‍රචාරය කිරීමයි. ඒ කියන්නේ යම් ක්රියාවලියක් පටන් ගත් තැන සිටන් දිගටම ඒ proceeding එක තබාගෙන යාමයි.  මුලින්ම අපි මේ ෆයිබර් ඔප්ටික් රිලේ සිස්ටම් එකක් සන්නිවේදන පද්ධතියක් සදහා භාවිතා කරන්නේ කොහොමද කියල දල අවබෝධයක් ලබා ගෙන ඉදිමු. ඒ සදහා පහු ගිය ලිපිවල වගේ සරල උදාහරණයක් මේ ලිපියෙදිත් භාවිතා කරන්න වෙනවා. ඔයාල බලල තියෙනවද World War II movie එක හෝ documentary එක. දෙවන ලෝක යුධ සමයේ සැබෑ සිද්ධීන් තමයි මෙහි තියෙන්නේ.  බලල තියෙනව නම් ලේසියි. නැතත් කමක් නෑ ඉමේජින් කරගන්න පුලුවන් වෙයි මම මේ කියන විස්තරය අනුව. ඈත මුහුදේ පෙනෙන නොපෙනෙන දුරකින් තියෙන නාවික බෝට්ටු දෙකකට එකිනෙකා අතර පණිවිඩ හුවමාරැ කරගන්න අවශ්‍ය වෙනවා.  නාවික බෝට්ටු දෙකම එක් පැත්තකට වෙන්න යම් කිසි දුරකින් නවතා තිබෙන අතර මුහුද රලු හා කුණාටු (stormy seas)ස්වභාවයක් උසුලනවා. ඒ නිසා බෝට්ටු දෙක අතර කතා කරන දෙයක් ඇහෙන්නෙ නෑ. ඉතින් එක නැවක ඉන්න කැප්ටන් කෙනෙක් නැවේ තට්ටුව මත ඉන්න තමන්ගේ නැවියෙකුට(sailor) අනිත් නැවට යවන්න ඕන පණිවිඩය(සංඥාව) දෙනවා. ඒ නැවියා සන්නිවේදන කටයුතු සදහාම පුහුණුව ලැබූ අයෙක්.  ඔහු Morse code(විදුලි පණිවුඩ යැවීමේදී භාවිත කරන සලකුණු ක්‍රමයක්/dots and dashes) වලට එම සංඥාව කේතාංකනය(encode)  කරගන්නවා. දැන් නැව් තට්ටුව මත ඇති ෆ්ලෑෂ් ලයිට් එකක් (මෙම  ෆ්ලෑෂර් එකේ අන්ධ පුද්ගලයින්ට කියවිය හැකි අකුරැ ආකාරයේ එනම් blind type letters ආකාරයේ කේත සහිත shutter එකක් විවෘත කිරීම හා වැසීම සදහා ඇත) ආධාරයෙන් අනෙක් නැවට පණිවිඩය(සංඥාව) යවයි. දැන් අනෙක් නැවේ සිටින නැවියා මෙසේ ඈතින් පෙනෙන කේතාංකනය වූ සටහන (Morse code message) තමන්ගේ භාෂාවට decode(විකේතනය) කරගෙන තමන්ගේ නැව්පතිට පණිවිඩය ලබාදෙයි. මේ ආකාරයට මුහුද මැද වෙන්වී සැතපුම් ගණනක් ඈත තියෙන නැව් දෙකක් තමන්ගේ සන්නිවේදන කටයුතු සිදුකරගන්නා ආකාරයටම  ඉහත සංකල්පයන් භාවිතා කරමින් මුහුද මගින් වෙන්වී ඇති ගොඩනැගිලි දෙකකද සන්නිවේදන කටයුතු සිදුකරගැනීමට Fiber-Optic Relay System එක භාවිතා කල හැකියි. මෙම Fiber-Optic Relay System එකක අඩංගුවන දේවල් මෙහෙමයි.

Transmitter - ආලෝක සංඥා උත්පාදනය කිරීම හා කේතාංකනය කිරීම
Optical fiber - ආලෝක සංඥා අවශ්‍ය ස්ථානයට ගෙනයාමට ආධාරකිරීම
Optical regenerator - දිගුදුරකට ගෙනයන ආලෝක සංඥා  වර්ධනය කරදීමට.
Optical receiver -  ආලෝක සංඥා ලබාගැනීමට හා විකේතනය කිරීමට


Optical fiber එකක දත්ත ගමන් කරන ආකාරය සරලව මෙසේ දැක්විය හැකියි. එවිට තේරැම් ගැනීමට තවත් ලේසි වේවි.
හබ් හෝ ස්විච් එක----->RJ45 with Twisted pair----->දත්ත ආලෝකයට පරිවර්තකය ----> Fiber කේබලය ----->ආලෝකයට දත්තවලට පරිවර්තකය ----> RJ45 with Twisted pair---->පරිගණකය

Transmitter - මෙහි සිංහල අර්ථය සම්ප්‍රේෂකය යන්නයි.  නැව් තට්ටුවේ සිට අනෙක් නැවට සංඤාව යවන නැවියා Transmitter එකට සමාන කල හැක. මෙමගින් ආලෝක සංඥා නිපදවාගෙන ඉදිරියට යාමට අවස්ථාව ලබාදෙයි. එනම් මේ ආලෝකය අනෙක් කෙලවරට දැකගැනීමට සලස්වන්නේ‍ මේ හරහායි. Transmitter එක  Optical fiber එකට ඉතා ආසන්නයෙන්(physically close to the optical fiber) පිහිටයි. Transmitter එකක අවම වශයෙන් lense එකක්වත් ඇති අතර  එය Optical fiber එකට යොමු කර ඇත. එහි ඇති lense එක මගින් Optical fiber එකට මුදාහරින ආලෝකය දත්ත ලැබෙන අනුක්‍රමය අනුව එනම් සීක්වන්ස් එක අනුව පාලනය("on" and "off") කල හැක.  ඉතින් මේ ලේසර් කදම්බයෙන් නිකුත් කරන ආලෝකයේ වඩා ලොකු ශක්තියක් ඇති නමුත් මෙවැනි උපකරණ වෙනස් වන්නේ බොහෝවිට මුදල් මතය. Transmitter එක  සම්ප්රේෂණය කරන ආලෝක සංඥාවල තරංග ආයාමය නැනෝමීටර් 850, 1300, 1550 යන අගයන් බොහෝවිට සම්මත අගයන් ලෙස සැලකේ. 


Optical Regenerator - ප්‍රතිජනකය යනුවෙන් අදහස් කෙරේ. මෙයින් සිදුකරන කාර්ය බොහෝවිට repeater එකකට සමානකමක් දක්වයි. ඉහත සඳහන් කරන ලද ආකාරයට Optical fiber එක හරහා  ආලෝක සංඥා  ගමන් කරනවිටදී  සමහර හේතූන් නිසා  සංඥාවල ප්රබලත්වය අඩු(signal loss) වීමට ඉඩ ඇත. එසේ වීමට තුඩු දෙන හේතූන් සම්බන්ධව කලින් ලිපියේ සදහන් කර ඇත. ඉතින් මෙවැනි සාධක මගහැර අවසානය දක්වාම ඉහල ප්රබලත්වයකින්  ආලෝකය ගෙනයාමට යොදාගන්නා උපක්රම මෙසේ  Optical Regenerator නමින් හදුන්වයි. හොද ගුණාත්මක තත්වයකින් යුත් ෆයිබර් කේබලයක් මෙසේ දුබල තත්වයට පත් වන්නේ එම කේබලය නියමිත දුරටත් වඩා වැඩි දුරක් සම්ප්රේෂණ කටයුතු සදහා භාවිතා කිරීම හේතුවෙනි. 20kmදුර උපරිමය ලෙස ඇති කේබලයක්  ඊට වඩා  1 km පමණ දුරට ගෙන භාවිතා කරන විටත්,  මුහුද යටින් ඇද ඇති කේබල්වලට(undersea cables) බාහිර පරිසරයෙන් ඇතිවන බලපෑම නිසාත් මෙම තත්වය ඇතිවේ. එබැවින් Optical Regenerator එකක් හෝ කිහිපයක් කේබලය අතරතුර තැනින් තැන පුරුද්දා(splice) ආලෝක සංඥාවල  ප්රබලත්වය දුබලනොවී නියතව තබා ගනු ලැබේ. මෙම Optical Regenerator එක ෆයිබර් කේබලයේ යොදවන්නේ  විශේෂ ආවරණයකින් යුක්තවය. ආලෝක සංඥාව දුර්වලවී මෙම  Optical Regenerator එක වෙතට පැමිණෙනවිට ක්ෂණිකව ක්රියාත්මකවන මෙය වැඩි ශක්තියකින් යුත්  අලුත් ආලෝකයක් විහිදුවන්නේ මුලින් පැමිණි දුර්වල ආලෝකයට සමාන ලක්ෂණයන්ගෙන්, එනම් එහි වූ දත්තයන්ගෙන් යුක්තවය.  මූලිකව ගතහොත්  Optical Re-generator එකක් යනු දුර සිට පැමිණෙන ආලෝක සංඥා වර්ධනය කර තවත් දුරක් ගෙනයාමට ඉඩ ලබාදෙන ලේසර් කදම්බ වර්ධකයකි. 

Optical Receiver - මුල් නැවේ සිට පැමිණෙන සංඥාව අනෙක් නැව් තට්ටුවේ සිට ලබාගන්නා නැවියා මීට සමාන කල හැක. මෙහිදී පැමිණෙන සංඥා (incoming digital light signals) ලබාගන්නා Optical Receiver එක encode වී පැමිණෙන  සංඥා විකේතනය(decode) කර විද්‍යුත් දත්තයන් ලෙස ඔබේ ඩිවයිසස්වලට සම්ප්රේෂණය කරයි.  එනම් සංඥාව ලබාගන්නා නැවේ සිටින   නැව්පති වැනිය.  computer, TV හෝ  telephone වැනි ඩිවයිසස්වලට මෙම දත්ත  සම්ප්රේෂණය කරයි. Receiver එක ආලෝක සංඥාව හදුනාගැනීම සදහා  ප්‍රකාශ ඩයෝඩය (photocell or photo diode)නම් වූ උපාංගයක් භාවිතා කරයි. 

 Fiber-Optic Relay System යටතේ වු කතාබහ මෙතනින් අවසන්. අද ලිපිය ටිකක් දිග වැඩි වුනා මම හිතන්නේ. ඊලග ලිපියෙන් Fiber Optic කේබලයේ තියෙන වාසි අවාසි ගැනත්, මෙයින් ලබාගතහැකි ආර්ථිකමය  ලාබ ප්රයෝජන පිලිබදවත් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔබේ ගැටලු විමසීමේ අවස්ථාව තියෙනවා වෙනදා වගේම. පහු ගිය ලිපිවලට ෆීඩ්බැක් දුන්නු නොදුන්නු බලල යම් අවබෝධයක් ලබා ගත්තු සේරටම ස්තුතියි.අද  ටිකක් අසනීප ගතියකින් වගේ ඉන්න වෙලාවකයි ඔයාල ගැන හිතලා මේ ලිපිය ලියන්නෙ වැඩ කටයුතු අතරතුරේ උනත්. මොකද සමහර අය, විශේෂයෙන්ම නෙට්වර්කින් පැත්තට බර උදවිය ඊලග ලිපිය කියවන්න නොඉවසිල්ලෙන් ඉන්නවා කියලා මම දන්න නිසා.



Sunday, December 12, 2010

Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 2


Fiber Optic තාක්ෂණය - ලිපිපෙල යටතේ  අද පලවෙන්නේ  එහි දෙවන කොටසයි. පලමු ලිපියෙන්  Fiber Optic කේබල් එකක් යනු කුමක්ද, ඒවායේ වර්ග මොනවාද, නිර්මාණය වි තිබෙන්නේ කෙසේද යනු කරැණු කාරණා පිලිබදව කතා කලා. ඒක නොබලපු අය මේ ලනුවෙන්  ඒකත් බලලම හිටියනම් හොදයි කියලා හිතෙනවා. ගොඩක් දෙනෙක් මේ ලිපිපෙල සම්බන්ධව තමන්තේ අදහස් පලකර තිබුණා.  අධ්‍යාපනය ලබා දිම, දැනුම බෙදා දිම වගේ දේවල් බ්ලොග් හරහා සිදුවන වැදගත්ම කාරියක්. ඉතින්  බ්ලොග් ලියන්නෙකුට තම ලිපි වලට ලැබෙන ප්‍රතිචාර වලින් ලොකු සතුටක් ලැබිය හැකියි. ඔයාල මොනවහරි අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා  නම් මගේ මේ වෑයම සාර්ථක වුනා වෙනවා. බ්ලොග් නිර්මාණකරැවෙක් වශයෙන් මගේ අභිප්රායත් ඒකමයි.  ඇත්තටම සතුටුයි.
        පසු ගිය ලිපියෙන්  optical fiber වල භාවිතය පිලිබදව කතා කලේ ඉතා කෙටියෙන් . ඒ ගැන තව පොඩි විස්තරයක් කරන්නම්. මේවා බොහෝ දුරට භාවිතා වෙන්නේ මේ වගේ අවස්ථා සදහා.  
  1. Telecommunications - විදුලි සන්දේශනය
  2. Local Area Networks - පරිගණක ජාල
  3. Cable TV - කේබල් ටීවී (සැටලයිට් තාක්ෂණය උපයෝගී කරගෙන ලෝකයේ පුරධාන පෙලේ  ටීවී චැනල්ස් ලබාගැනීම)
  4. CCTV - මෙය දුරස්ථ ආකාරයෙන් කැමරා පද්ධතියක් හසුරැවන ආකාරයකි. Double security ලෙසද හදුන්වයි
  5. Optical Fiber Sensors - මෙය automated surveying technique එකකි. උදා- දුම්රිය මාර්ග හා මහා මාර්ග එක්වන තැන ඇති ගේට්ටු ස්වයංක්රීයව විවෘත කිරීම හා වැසීම.
අද අපි කතාකරන්න යන්නේ කොහොමද ෆයිබර් කේබල් එකකින් ආලෝකය හරහා දත්ත ගමන් කරන්නේ කියලා.මෙහිදී ඒ අවස්ථාවන් මූලික කොටස් දෙකකට හා තවත් අනු කොටස් කිහිපයකට වර්ග කල හැකියි. 
1  Total Internal Reflection 
2  Fibre Optics Relay Systems has,
a -Transmitter
b -Optical Fibre
c -Optical Regenerator
d -Optical Receiver

ෆයිබර් කේබල් එකකින් ආලෝකය හරහා දත්ත ගමන් කරන මෙම අවස්ථාවන් මේ ආකාරයට සවිස්තරාත්මකව ඔබට කියා දීමට මම බලාපොරොත්තුවෙනවා. 

1  Total Internal Reflection 

මම පසු ගිය ලිපියෙන් කතා කල ආකාරයට   optical fiber එකක් තුල දත්ත ගෙනයන transfer medium එක ආලෝකයයි. ඒ ආලෝකය කේබලය තුලදී පරාවර්තනයට ලක්වේ.  මේ සදහා ඔයාලට හොද පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා හොද උදාහරණයකුත් සමග. බලන්න මම මේ විදියට කීවාම තේරැම් යනවද කියලා.  ඉස්සරලම හිතාගන්න අපිට අවශ්‍යයි කියලා තනි කෙලින් දිගට තිබෙන උමගකට (straight hallway/tunnel) ආලෝකය දෙන්න අවශ්‍යයි කියලා. ඉතින් කිසිම ගැටලුවක් නෑ මොකක් හරි ලයිට් බීම් එකක් ඉදිරියට එල්ල කල විට උමග ඉදිරිපස සම්පූර්ණයෙන්ම ආලෝක වෙනවා. ඒ කියන්නේ කිසිම බාධාවක් නෑ ඉදිරියට යන්න හොදට මාර්ගය පැහැදිලියි. නමුත් ඒ උමගම එක්  වංගුවක් (bend) සහිත එකක් උනොත් මොකද වෙන්නෙ. තියෙන්නෙත් එක ලයිට් බීම් එකයි කියලා හිතමුකො. එතකොට කරන්න තියෙන්නෙ එක දෙයයි. අර වංගුව තියෙන තැනින් කණ්ණාඩියක් වගේ මොකක් හෝ පරාවර්තකයක් තබා ඒ මාර්ගයෙන්  ලයිට් බීම් එකේ එලිය නොකඩවා ඉදිරියට ගෙනියන්න ඕන. එවිට මුලු උමගම තනි එලියෙන් එලිය කරගන්න පුලුවන්. ඒ උමගම  වංගු රාශියකින් යුක්ත වෙලා තිබුණොත් මොකද කරන්නේ. එවිට උමග අතර  ලයිට් බීම් එක bounce වෙන ආකාරයට නියම ආනතියට අනුව බිත්ති අතර  කණ්ණාඩි තැබිය යුතුයි.   මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මම දන්න තරම් හොදටම සරලව උදාහරණයකුත් එක්කයි මේ කීවේ. 
                      ඉතින් optical fiber එකක් තුල ආලෝකය හරහා දත්ත ගමන් කරන්නේත් මේ කියු ආකාරයටමයි. මේ අවස්ථාවේදී  Core එක පිටතින් ඇති සිලිකන් වලින් නිර්මිත  Cladding එක සම්පුර්ණයෙන්ම ක්රියා කරන්නේ මිරර්ස්(කණ්ණාඩි සමූහයක්) ආකාරයටයි. Cladding එක,  Core එක තුලින් ගෙනෙන ආලෝකය පිටවීමට නොදී තමන්ගේ ඇතුලත බිත්තිය මගින්  ආරක්ෂා කරගෙන පරාවර්තනය කරමින් ගමනාන්තයටම රැගෙන යනවා.  core අපි උමග ලෙස උපකල්පනය කරමු. ඉතිත් ඒ හරහා ආලෝක සංඥා ගමන්කිරීමේදී core එක බෙන්ඩ් වෙන තැන්වලදී එනම් උමග වංගු ඇතිවිට  cladding(කණ්ණාඩි) වල එහෙට මෙහෙට  bounce වෙමින් ආලෝකයේ  කිසිදු අඩුවක් නොවී ගමනාන්තයටම ගමන් කිරීමට ආලෝකයට පුලුවන්. මෙහිදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නම් ක්රියාවලිය තමා උපයෝගී කරගන්නේ. එය අපිට  Total Internal Reflection කියා හදුන්වන්න පුලුවන්. ඉතින් cladding එක මගින්  core එක ඇතුලත ගමන් කරන  ආලෝක සංඥා(දත්තයන්)  absorb කරගැනීමක් කොහෙත්ම සිදුවෙන්නේ නෑ. ඒ හේතුවෙන්  optical fiber එකක් තුල ගමන් කරන  ආලෝක සංඥාවලට තමන්ගේ ගමනාන්තය දක්වාම ඉතා දිගුදුරක් නොනැසී ගමන් කිරීමේ හැකියාව පවතිනවා. 



මෙම ආලෝක සංඥා වල ප්රබලත්වය, තත්ත්වයෙන් පහත වැටීමට(degrades වීමට)  බලපාන මුලික සාධකය තමයි optical fiber එක තැනීමේදී භාවිතා කරන සිලිකන් වල පිරිසිදු අපිරිසිදුභාවය. එනම් කුණු රොඩු සහිත නැවුම් නොවූ   අපිරිසුදු සිලිකන් ප්රභේදයක් භාවිතා කර ඇත්නම්  ආලෝක සංඥා වල ප්රබලත්වය අඩු වීමට එය මූලිකවම බලපාන්න පුලුවන්. එනම් Pure silicon භාවිතා කර නිර්මාණය කල  optical fiber එකක් තමන් හරහා ගෙනියන  ආලෝක සංඥාවලට හොද සාධාරණයක් ඉෂ්ට කරනවා. ආලෝක සංඥා වල ප්රබලත්වය  හා ගෙන යා හැකි දුර  අඩු වීමට බලපාන අනෙක් සාධකය නම්  core එකේදී ආලෝක සංඥා ගමන්කරන තරංග ආයාමයයි. මම හිතන්නේ අපි ඒ සදහා wavelength කියන වචනය භාවිතාකරනවිට එහි අර්ථය තේරැම් ගන්න පුලුවන්. ආලෝක සංඥා දුර්වලවීමට බලපාන අනිත් සාධකය නම් කේබලය lay කිරීමේ යම් යම් දුර්වලතා නිසා ඇතිවන Microbending Loss එක.
එනම්  optical fiber එක ඉතා ලග ලග ස්ථානවලදී පටු ආකාරයේ නැවීම් වලට ලක්වීම. මෙවැනි දෝෂ ඇතිවන්නේ ඉතා කලාතුරකින්. මොකද මේ කේබල්වල outer layer එක ඉතා ශත්තිමත්. එසේ වුවත් කේබලය පලුදු නොකර , පටු ආකාරයේ නැවීම් වලට ලක්නොකර භාවිතා කිරීමෙන්, පසුව පැන නැගෙන ව්‍යාකූලතා මගහරවා ගත හැක. ඉතින් සංඥාවල ප්රබලත්වය හෝ දුබලත්වය බොහෝවිට රදා පවතින්නේ ඉහත දැක්වූ සාධක මතයි. ඉතින් අද කතා කලේ Total Internal Reflection නම් මාතෘකාවයි. එනම්  පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නම් ක්රියාවලියයි.


මීටත් වඩා මේ පෝස්ට් එක ලියන්න තිබුණත් ඔයාලාට හොදට මේක කියවන්න අවස්ථාව දෙන්න ඕන නිසා අදට ඇති. මම හිතන්නේ  පෝස්ට් එක උදාහරණත් සමග ඇතිනිසා තේරැම් ගන්න අමාරැවෙන එකක් නෑ. ඔයාලගේ ෆීඩ් බැක් එකත් දෙන්න හොද හෝ නරක ගැන කියලා. නොපැහeදිලි තැන් ඇත්නම් ඒ ගැනත් අහන්න. කාල වේලාව තමයි ගැටලුවකට තියෙන්නේ. ඉතින් ඒකත් කලමනාකරණය කරගෙන ඉතිරි පෝස්ට් ටිකත් දාන්නම් ඉදිරියේදී.  

Saturday, December 11, 2010

"Apologize" - Timbaland


මේ දෙන්න යන ගීතය ගොඩක් ලස්සන  එකක්. Timbaland හා එක්ව Republic featuring කරන ‍මෙම ගීතය "Apologize" නමින් නිකුත් වුනේ Shock Value නම් 2007 නිකුත් වුන ඇල්බමයත් එක්කයි.  ඔහු මේ නමින්ම එනම් Shock Value II නමිනුත් 2009 දී ඇල්බමයක් නිකුත් කලා. Timbaland ගේ ජනප්රිය ගීත අතර Way I Are, One & Only, If We Ever Meet Again වගේ ගීත මම ගොඩක් ආසාවෙන් අහන ඒවා. සමහර අය මගෙන් අහනවා ඇයි සිංහල ගීත පිලිබදව කතා කරන්නේ නැත්තේ ඇයි කියලා.  සිංහල ගීත හොයා ගන්න පුලුවන් වෙබ් අඩවි ගොඩක් තියෙනවා. අනික ඒ අපේ භාෂාව නිසා අපි FM චැනල් එකක් දැම්මත් දාන්නේ සිංහල ගීත ඇහෙන එකක්නේ. එතකොට සිංහල ඒවා කොහොමත් ඇහෙනවා. මගේ උත්සාහය තමා සිංහල ගීතම අහන අයට ඉංගිරිසි ගීතයක රසයත් ලබා දීම. භාෂාව problem එකක් නෙවෙයිනේ රසවින්දනයේදී නේද. ඉතින් මේ ගීතයේ තේරැම මෙහෙමයි. ආදරය කරලා පරාද වුන පෙම්වතෙක් ඒ පරණ දුක්බර අතීතය, හදවතේ වේදනාව අමතක කරන්නයි උත්සාහ කරන්නේ. ඒත් මේ ගීතය එක පාරම අහද්දී හිතෙන්නේ ඔහු ආදරෙන් පැරදිලා එල්ලිලා මැරෙන්න යනවා වගේ අර්ථයක්. නමුත් ඒ එහෙම නෙවෙයි. ඇය ඔහුගෙන් සමාව ඉල්ලුවත්  ඔහු එය ප්රතික්ෂේප කරනවා.


"I'm holding on your rope
Got me ten feet off the ground
And I'm hearing what you say
But I just can't make a sound
You tell me that you need me
Then you go and cut me down
But wait...
You tell me that you're sorry
Didn't think I'd turn around and say..
That it's too late to apologize, it's too late
I said it's too late to apologize, it's too late
මම උත්සාහ නරන්නේ මගේ පරණ හිත් රිදුන සිදුවීම් වලින් ඈත්වෙලා
ආයෙමත් ඒ වගේ නොවෙන්න හිත හදාගන්නයි
ඔයා මං දිහා බලලා සමාවෙන්න කියලා කීවත් 
මට ඒවගේ ආදරයක් ආයෙත් ඇතිකරගන්න බෑ 
ඉතින් සමාව ඉල්ලුවත් එතකොට පමා වැඩි වේවි"


"I loved you with a fire red, now it's turning blue
And you say
Sorry like the Angel Heaven let me think was you,
But I'm afraid
මගේ හිතේ ඔයාට ඒ කාලයේ තිබූ ආදරය දැන් නෑ, ඒක දැන් සාමාන්‍ය අතට හැරිලා
දැන් ඒවා ඉවරයි, ඔයා මගේ සුරංගනාවිය වෙලා හිටියා, ඒත් මම දැන් ඒ ගැන හිතන්නත් බයයි"



බාගන්නව නම් මෙන්න ලනුව

Thursday, December 9, 2010

Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 1





මම අද සිට ෆයිබර් ඔප්ටික් තාක්ෂණය පිලිබදව කතාකරන්නයි යන්නේ ලිපි කිහිපයකින්. මොකද මම ජාලකරණය පාඩම් මාලාව ලියාගෙන යද්දී  බොහෝ දෙනෙකුට තිබුණ ගැටලුව තමයි මේ  ෆයිබර් ඔප්ටික් තාක්ෂණය කියන්නේ මොකක්ද? කියන එක. මොකද මේ අලුත් තාක්ෂණයක් නිසා ජාලකරණය විෂයට නැඹුරැ අය ගොඩක් දෙනෙක් මේ පිලිබදව විමසන්නේ දැනගන්න කැමති නිසා. මම පවා මේ විෂය සම්බන්ධයෙන් අලුත්. ඉතින් මේ ලිපි පෙල ඉදිරිපත් කිරීමේදී මට මගහැරෙන තැන් වරදින තැන් තියෙනවා නම් දන්න උදවියගෙන් ඉල්ලා සිටිනවා ඒ තැන් පෙන්වා දෙන්න කියලා. ජාලකරණය ලිපිපෙලත් දිගටම ලියනවා. ඊට අමතරව මේ මාතෘකාව ඔස්සේ දැනුම හොයන අයටයි මේ ලිපිපෙල.


මෙම Fiber Optics තාක්ෂණය ගොඩක් යොදාගනු ලබන්නේ අන්තර්ජාල සේවා සපයන්න වගේම රට රටවල් අතර ගොඩ දුරක් දත්ත රැගෙන යන්න ඕනේ අවස්තාවන් හිදී. නැතිනම් ලොකු සමාගමක් නම්, බිල්ඩින් කීපයක් සම්බන්ධ කරන අවස්ථාවකදී වගේත් භාවිතයට ගනු ලබනවා. උදාහරණයක් විදියට ලංකාවේ ටෙලිකොම් , ඩයලොග් වැනි  දුරකතන සමාගම් ඔවුන්ගේ සේවාව මෙම තාක්ෂණය ඔස්සේ දියත් කිරීමේ අරමුණින්  Fiber Optic ජාලයක් රට තුල එලමින් සිටිනවා. මෙහි වේගය මනිනු ලබන්නෙ ගිගා බිට් (Gbps) වලිනි.    කේබල් හා එහි ප්‍රමාණය, වර්ගය, තන්තුවේ  ප්‍රමානය ආදිය මත වේගය වෙනස් වෙනවා. අප අනෙක් රටවල් හා සම්බන්ධ වී අන්තර්ජාලය භාවිතා කරන්නේත් මුහුදු පත්ලෙන් ඇද ඇති මෙම කේබල් හරහායි. ඒවා සමුද්‍රස්ථ කේබල්නැත්නම් under sea cables ලෙස හදුන්වනවා. ඉස්සරනම් මේ සදහා යොදාගත්තේ කොපර් වුනත් දැන් මේවාට යොදාගන්නේත් ෆයිබර් කේබල්මයි. ෆයිබර් කේබල්ස් flexible වන අතර end user ඒවා ලෙස හැදින්විය හැක . එනම් සාමාන්‍ය පාරිබෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාව අඩු වීම ඊට හේතුවයි. 




Fiber Optics නැත්නම් Optical Fibers යනු මිනිස් කෙස් ගසක විශ්කම්භයට සමාන වූ විශ්කම්භයෙන් යුත් ඉතා පිරිසිදු (Pure) වීදුරුවලින් තනනලද මීටර් දහස් ගණනක් දිගුවූ කඹයකි. එනම් strand එකකි. මේ කඹය ඇතුලත optical cables නම් වූ කේබල් වර්ගය බන්ඩල් එකක් ලෙස පැක් කිරීමකට ලක් කර ටයිට් වෙන්නට ක්රමානුකූලව අසුරා ඇත. එම optical cables එකක් ගත් විට එහි දත්ත ඉතා දිගු දුරකට සම්ප්‍රේෂණය කරන්නේ ආලෝකය සංඥාවක් ලෙස උපයෝගී කරගෙනය.  සාමාන්‍ය රැහැනකට වඩා වැඩි දත්ත පුමාණයක් වැඩි වේගයකින් යැවිය හැකියි. Optical Fiber එකක් ඉතා ආසන්නයෙන් බැලූවිට දිස් වෙන්නේ මේ ආකාරයෙනි. එහි එක් තන්තුවක් ගත් විට පහත කොටස්  දැකිය හැක. මෙහි ඇතුලත හරියටම වීදුරුවක් වැනියි.



Core - මධ්‍යය ලක්ෂ්‍යය
ඉහත දැක්වූ ආකාරයට  optical cable එකක  ඉතා සිහින් වීදුරැ රේඛයේ ආලෝකය ගමන් කරන මධ්‍ය ලක්ෂය මෙනමින් හැදින්වේ.
(Thin glass center of the fiber where the light travels)

Cladding - ආරක්ෂක පටලය
මෙය Core එකට පිටින් තියෙන සිලිකා නම් වූ ඛනිජ වැලි විශේෂයකින් සැදි  ද්‍රව්‍යමය ස්ථරයකි. එනම් Outer optical material එකකි. හැම optical cable එකකටම මෙවැනි ලේයරයක් ඇත. (optical cable එකක් යනු තනි  ප්‍රකාශ තන්තුවක් වන අතර Fiber Optic කේබලයක් ලෙස  හදුන්වන්නේ මෙවැනි තන්තු රාශියක එකතුවක් වන බව මතක තබා ගන්න). මෙමගින් සිදු කරන්නේ Core එක හරහා ගමන් කරන ආලෝක ධාරාව Cladding එකේ වදිනවාත් සමගම නැවතත් එය  Core එක තුලටම පරාවර්තනය කරවීමයි. මෙමගින් ආලෝක සංඥා loss වීමකින් තොරව නියතව තබා ගැනීමේ හැකියාව ඇත. 



Buffer coating - අවරෝධක වැස්ම
optical cable එක පිටතින් සිදුවන හානිවලින් හා ජල කාන්දු වලින් මෙන්ම තෙතමනයෙන් ආරක්ෂාකර ගැනීම මෙමගින් සිදුවේ. තනි optical cable එකකට ඇති ආරක්ෂාව මෙම වැස්මයි. 

මෙවැනි  Optical Fiber සිය ගණනක් හෝ දහස් ගණනක් පිලිවෙලින් ඇසුරෑ bundle එකක්  Fiber Optic කේබල් එකක් ලෙස හදුන්වනවා. මෙම Cable bundle එක ආවරණය කිරීමට ඇති පිටත ආවරණය එනම් outer covering එක,   jacket නමින් හදුන්වනු ලබනවා. 



Optical fibers කොටස් දෙකකට වර්ග කල හැකියි. 

1 Single-mode fibers
මෙම වර්ගයට අයත් තනි මාදිලියේ fibers වල Core එකේ කවයේ විෂ්කම්භය(diameter)  3.5 x 10-4 inches හෝ microns 9 ක් වන අතර (මයික්‍රෝනයක් යනු මීටරයෙන් දශලක්ෂයෙන් පංගුවකි) ,   තරංග ආයාමය(wavelength) nanometers 1,300 සිට  1,550  දක්වා පරාසයක් දක්වා විහිදේ. එනම් Core එක අනෙක් ෆයිබර් මාදිලින්ට වඩා කුඩා වන අතර දත්ත සම්ප්‍රේෂණය කරන්නේ අධෝරක්ත ලේසර් කිරණක් (infrared laser light) ලෙසිනි. මෙම Single-mode fiber කේබලයක දත්ත ගෙන යාහැකි සම්මත හා උපරිම  දුර වශයෙන් 2KM දැක්විය හැක.


2 Multi-mode fibers
බහු මාදිලියට අයත්  fibers වල Core එකේ කවයේ විෂ්කම්භය(diameter)  2.5 x 10-3 inches හෝ microns  62.5 ක් වන අතර (මයික්‍රෝනයක් යනු මීටරයෙන් දශලක්ෂයෙන් පංගුවකි) ,   තරංග ආයාමය(wavelength) nanometers 850  සිට  1,300  දක්වා පරාසයක් දක්වා විහිදේ. එනම් Core එක විශාල වන අතර දත්ත සම්ප්‍රේෂණය කරන්නේ අධෝරක්ත ලේසර් කිරණක් (infrared laser light) ලෙසිනි. මෙම Multi-mode fibers කේබලයක දත්ත ගෙන යාහැකි සම්මත හා උපරිම  දුර වශයෙන් 20KM දැක්විය හැක. නමුත් ඊටත් වඩා දුරක් ගෙනයෑමට බලාපොරොත්තු වෙනවා නම් තවත් එකක් එයටම කනෙක්ට් කල හැක.




 තවද   සමහර optical fibers වර්ග  plastic වලින් නිපදවා ඇත. මේවාට ඉහත වර්ග දෙකටම වඩා විශාල Core එකක් ඇති අතර 
කවයේ විෂ්කම්භය  0.04 inches  හෝ 1 mm diameter microns 9 ක් වන අතර  තරංග ආයාමය  650 nanometers වේ.






අදට ඇති වගේ. මීලග ලිපියෙන්   Fiber Optic කේබලයක් ක්රියාත්මක වන ආකාරය පිලිබදව විමසා බලමු. වෙලාව උපරිම විදිහට මැනේජ් කරගෙනයි මේ සටහන වුනත් ලීවේ. ඒ කියන්නේ යමින් එමින් අතරතුරේදී තමයි ලීවේ. මොකද මේ වගේ මාතෘකාවක් කියවන්න අපේ අය කැමති වුනත් සිංහලෙන් මේ වගේ ලිපියක් නැති එකේ අඩුපාඩුව පුරවන්න මට අවශ්‍ය වුන නිසා. අපි ටෙක්නිකල් පැත්තට නැඹුරැ අය එකතුවෙලා ටෙක්නිකල් ගෘප් එකක් වගේ දෙයක් කලොත් ඒක දැනුම ඉම්ප්රෑව් කරගන්න , ෂෙයාර් කරගන්න අපි කාටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. කවුරැහරි ඒකට මුල් වෙනවානම් ඒක වැදගත්. ඒ ගැන කතාබහක් ඉස්සර තිබ්බා. නමුත් මම හිතන්නේ ඒක ඉබේම යටපත් වුනා වෙන්න ඕන. එතන තියෙන ගැටලුව තමා මම හිතන විදිහට අපි හැමෝම වැඩවල හිරවෙලා සිටීම. ඒ කියන්නේ කොයි වෙලාවෙත් busy. නමුත් ඕනෑකම තියෙනවා නම් වෙලාව හොයාගන්න එක අමාරැ නෑ. නමුත් පටන්ගත්තොත් ඒවගේ දෙයක් මමත් මට පුලුවන් සහයෝගය උපරිමයෙන් දෙනවා.

Wednesday, December 8, 2010

"Stay" (නවතින්න) - Jay Sean

අපේ හිතට වෙන්න තියෙන්නේ මූලිකවම සිද්ධින් දෙකයි. එකක් හිත රිදීම, අනික හිත සතුටුවීම. අපි එදිනෙදා කතාබහේදී ඒ කතා හා ක්රියා නිසා   තවත් කෙනෙක්ගේ හිත  රිදෙන අවස්ථා ඕන තරම් ඔබ ජීවිතයේදී අත්විදලා ඇති. ඒවා ගොඩක් වෙලාවට හිත රිදුන සිදුවීම් වෙනවා.කටට එන හැම දේම ඔහේ කියන් ගියාම තමා ඔය වගේ වැරදි වෙන්නේ. අනික තමා අපි කියන කරන දේ වෙනත් ආකාරයකට අනිත් පුද්ගලයාට සම්ප්රේෂණය වුණාමත් මේ වගේ හිත් රිදීම් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.  එහෙම වෙලා හිත රිදුනාම එයාගේ හිතේ ඒ දේ තැන්පත් වෙනවා මොනව කලත් යවන්න බැරිවිදියකට. ගොඩක් ලගින් ඇසුරැ කරපු මගේ මිතුරෙක් හෝ මිතුරියක් මං  කරපු ගොන්කමක් හින්දා අමනාප වුණාම මට කරන්න වෙන්නේ මොනවද.  වුන  දේවල්වලින් පාඩමක් ඉගෙන ගෙන යථාර්තයට මුහුණදීමයි කලයුතුවන්නේ නේද. අපේ වැරදි හදාගන්න තමා තියෙන්නේ.  මොකද සමහරවිටක අපේ අතින් තව කාට හරි වැරැද්දක් වුනාම  ඒ වැරැද්ද නිවැරදි කරගන්න තව චාන්ස් එකක් නොඑන්න පුලුවන්. ජීවිතය කියන Playground එකේ තවත් එක ක්රීඩකයෙක් විතරයි මාත්. ඉතින් අවුට් වුනොත් අවුට් වුනාම තමා. There is one and last chance for a mistake නේ. මමත් ඉතින් මෙතන පණ්ඩිතයා වගේ කයිය ගැහුවට මොකද මටත් ඒ යථාර්තයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අනික තමයි ඒ වගේ ලගින්ම ඇසුරැකරපු යාලුවෙක් අප්සෙට් වුණාම  ඊටත් වැඩිය අපි සෑහෙන්න අප්සෙට් වෙනවා.  ඉතින් අද මම දෙන්න යන්නේ මේ කරැනූවලට එකග වුණ ඉංගිරිසි ගීතයක්. ගීතය තමා ජේ ෂෝන් ගේ All Or Nothing (2009) ඇල්බමයේ එන Stay(නවතින්න) කියන ගීතය. slow rock හා R & B යන ශෛලින් දෙකෙහිම සුසංයෝගයක් මෙහි දැකිය හැකියි. All Or Nothing ගීත ඇල්බමයේ එන ගීත සියල්ලම වගේ ගොඩාක් ලස්සනයි. මේ ගීතයෙන් කියන්නේ පෙම්වතා තම පෙම්වතියගේ හිත රිද්දලා, ගැටුම් ඇතිකරගෙන දැන් පසු තැවෙන සිදුවීමක් පිලිබදවයි. ඇය පෙම්වතාගේ  වැරදි කොතෙක් පෙන්වා දුන්නත් ඔහු ඒවා හදා නොගන්නා නිසා ඔහුව හැරගිහින්. ඉතින් හිත රිදුන ඔහු මේ විදියටයි කියන්නේ.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යන්න එපා, නවතින්න කියල තමා කියන්නේ. 

"You said it once
Said it twice
Said it hurts but I do it again
I don't change, I don't learn
Cause I can't let it end
Said it's gone
Let it be, cause you don't need a friend
Maybe I do
ඔයා එකවතාවක්, දෙවතාවක් නෙමෙයි 
කිහිපවතාවක් ම මට කීවා ඒ වගේ වැරදි කරන්න  එපාකියලා
ඒත් මම කවදාවත් ඇහුවේ නෑ, ඉගෙන ගත්තේ නෑ
ඒ වැරදි වෙන්න ඉඩ හැරියා"

"I can't take no more of this and
I'm knock, knock, knockin' on your door
Asking if you still let me in
මට මේ දුක තවදුරටක් දරාගෙන ඉන්න බෑ
මම ඔයාගේ හිතට තට්ටු කරනවා
ඔයාගේ හිතේ තාමත් මං වෙනුවෙන් ඉඩක් තියෙනවද
මට ඔයාගේ හිතට එන්න පුලුවන්ද"

"So I'm thinking maybe you've made up your mind
Cause you're distant (distant)
And I can't stand to fight no more
So please don't make me hurt you like I do
ඉතින් වෙච්ච දේට සමාව දෙන්න
මම හිතන්නේ ඔයාගේ හිත මේ වෙනකොට හැදිල ඇති
ඒත් ඉතින් මම ඔයාට රිදවපු විදියට 
ඇයි ඔයා මටත් රිදවන්නේ "

නියම සින්දුවක්. මෙන්න ලනුව