මාත් එක්ක මේ නොපෙනෙන සයිබර් අවකාශයේ ගොඩක් කාලයක් රැදිලා හිටපු සහෘදයින්ට සමුදෙන්නයි මේ හදන්නේ. මේක ස්ථිර සමුගැනිමක්ද, තාවකාලික සමුගැනීමක්ද කියලා තීරණය කරන්නේ කාලය විසින් . කොහොම වෙයිද දන් නෑ. ඉස්සර කොළඹ ඉන්න කාලෙනම් මට වෙලාව තිබ්බා මගේ යාලුවොත් එක්ක දැනුම බෙදා හදාගන්න. නමුත් දැන් ඉන්නේ වෙන තැනක. එතන තියෙන වැඩ වැඩිකමත් එක්ක මට තවදුරටත් ලියන්න ලැබෙන්නෙ නෑ. මෙච්චර කාලයක් මගේ ලිපි කියවමින්, වැරදි අඩුපාඩු පෙන්නමින්, කමෙන්ට් කරමින් , දිරි ගන්වමින් මාත් එක්ක රැදිල උන්නු යාලුවො ඔක්කොටම බොහොම පින්. මට ගොඩක් සතුටුයි කවුරැවත් මේ ජාලකරණය හා ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ගැන සිංහලෙන් නොලියපු කාලෙක පටන් අරන් නොනවත්වා මෙච්චර කාලයක් ලියන්නට හැකිවිම පිලිබදව. මේ ලිපි පෙල ආශ්‍රයෙන් කවුරැන් හෝ නොදන්න දෙයක් ඉගෙන ගත්ත නම් ඇත්තෙන්ම මට ඒක නිහතමානි ආඩම්බරයක් . ආයෙත් කවද හරි එන්න ලැබුනොත් එදාට මම බොහොම කැමැත්තෙන් ඉන්නේ ඔයාලත් එක්ක මම දන්න කියන හැමදේම බෙදාගන්න. මගේ නෙට්වර්ක් ලිපි බලන්න එන අයට මගෙ බ්ලොග් එකටත් වඩා තවත් ගොඩක් හොද සයිට් තියෙනවා ෆලෝව් කරන්න. නෙට්වර්ක් දිසාගේ බ්ලොග් එක මම දැනට දන්න නොනවත්වාම කරගෙන යන හොද අන්තර්ගතයක් සහිත ලිපි අඩංගු බ්ලොග් එකක්. මීය අමතරව මේ ගැන තව හොද බ්ලොග් තියෙන්න පුලුවන්. අනේ මගේ යාලුවො තරහ වෙන්න එපා ඒවා ගැන කිව්වෙ නැ කියලා. සිංහල බ්ලොග් කියවනය සහ ලාංකීය සිතුවිලි, සස්රෑත, හත්මාලුව සහ අනෙකුත් සින්ඩිකේටර් පවත්වාගෙන යමින් සිංහල බ්ලොග් කලාවට මහඟු මෙහෙයක් කරන සහෝදරවරුන්ටත් මගේ හදපිරි ස්තූතිය පිරිනමනවා. අන්තිමටම හැම දෙනාටම කරන කියන හැම නටයුත්තක්ම සාර්ථක වේවායි පතනවා. මට යන්න අවසර යාලුවනේ.
Saturday, November 5, 2011
Friday, September 9, 2011
Windows Vista\Seven Password එක හොයාගැනීමට flash drive එක bootable කරගැනීම (Using Ophcrack)
ගොඩක් කාලෙකිනුයි blog එක පැත්තේ ආවේ මොනව හරි ලියන්න කියලා හිතාගෙන. නැත්නම් මගේ මිත්‍රයන් මාව අමතක කරලම දායි. දැන් කියන්න යන්නේ windows Vista හරි Seven වලදි හරි Password එක අමතක වුනාම ඒක reset කරගන්න ආකාරය නෙමෙයි, ඒ Password එක මොකක්ද කියලම අපිට බලාගන්නත් පුලුවන් විදිහක් ගැනයි කියන්න යන්නේ. මං මිට ඉස්සරලා පෝස්ට් එකක Windows XP වල Password එක reset කරගන්න ආකාරය කියල දුන්නා. ඒකට මෙන්න මෙතනින් යන්න පුලුවන්.
Windows Vista හෝ Windows Seven Password එක හොයාගැනීමට flash drive එක bootable කරගැනීම
පියවර 1
ධාරිතාවය 1GB පමණ වන flash drive එකක් හොයාගන්න. එහි වැදගත් සියලුම දත්ත වල බැක්අප් එකක් පරිගණකයට ගෙන එය format කරගන්න. මෙම ඩිස්කය බූටබල් කරගත් පසු අපට එහි නැවතත් දත්ත තැන්පත් කල හැකි බැවින් ඉතිරි වන අවකාශය පිලිබදව වැඩිදුර සිතන්න එපා. නමුත් සමහර මවු පුවරැ වලට විශාල ධාරිතාවයෙන් යුත් flash drive bootable ආකාරයෙන්ගත්විට support නොකරන අවස්ථා ඇති බැවින් ඒ ගැන විමසිලිමත් වන්න. මගේ 16GB flash drive එක bootable එකක් ලෙසට භාවිතා කිරීමට මගේ මවුපුවරැව මගින් ඉඩ ලබාදුන්නේ නැති බැවින් මට 2GB flash drive එකක් භාවිතා කිරීමට සිදුවිය.

පියවර 2
ලිනක්ස් පරිසරය සහිත විවෘත මෘදුකාංගයක් වන Ophcrack Live CD 2.1.0 කියන ISO File එක Download කරගන්න. අපිට අවශ්‍ය නම් මේ ISO File එක කෙලින්ම cd එකකට Burn කරගත්ත නම් ඒකෙනුත් මේ දේ කරගන්න පුලුවන්. ඒත් මම කියල දෙන්නේ Ophcrack Live CD එක bootable usb drive එකක් ලෙසින් සකස් කරගන්න ආකාරය.
පියවර 3
දැන් usboph කියන zip file එක Download කරගන්න.
පියවර 4
Desktop එකේ අලුත් Folder එකක් හදාගන්න. උදා:- My work
පියවර 5
දැන් ඒ හදාගත් My work නම් අලුත් Folder එකට usboph කියන zip file එක extract කරගන්න.
පියවර 6
ඉන් පසුව Ophcrack Live CD 2.1.0 කියන Download කරගත් ISO File එක අර My work නම් අලුත් Folder එක මතට paste කරගන්න. දැන් ඒ Folder එක මෙන්න මේ වගේ පේන්න ඕන.
පියවර 7
දැන් ඒ folder එක තුලම ඇති fixoph කියන bat file එක මත double click කරන්න. Key එකක් press කරන්න කියන විට එසේ කරන්න. එවිට අර Ophcrack ISO File එක වෙනම directory එකකට extract වෙලා තියේවි.
පියවර 8
එසේ My work folder එක මත අලුතින් හැදුනු Ophcrack folder එක දෙවරක් ක්ලික් කරන්න. එහි ඇති සියලුම files කොපි කරගෙන අපි bootable කිරීමට යන flash drive එක මතට paste කරන්න.
පියවර 9
දැන් ඒ සියල්ල flash drive එක මතට කොපි කරගත් පසු එහි ඇති makeboot නමින් ඇති bat file එක මත double click කරන්න. ඔබ සැලකිල්ලෙන් යුතුවම flash drive එක මතට කොපි කරගත් දත්ත make boot කිරීම සදහා මෙය සිදු කල යුතු අතර පරිගණකයේ Desktop එක මත හැදු My work Folder එක තුල ඇති makeboot bat file එක ක්ලික් කිරීමට යාමෙන් මෙහෙයුම් පද්ධතියේ MBR(Master Boot Record) එකට හානි වී පද්ධතිය ක්‍රියා විරහිත විමේ අවදානමක් ඇත.
පියවර 10
දැන් පියවරයන් සියල්ලම නිවැරදිව සිදුවුයේ නම් flash drive එක bootable usb drive එකක් ලෙසින් සකස් වී ඇති. මුරපද ඇති පරිගණකය restart කර bootable drive එක ලෙස usb drive එක ලබා දෙන්න. දැන් එමගින් පනගැන්වෙන පරිගණකයේ සියලුම users ලගේ මුරපද ඔබට ලබාගත හැකි වනු ඇති.
ගැටලු ඇත්නම් විමසන්න.
නැවත හමුවෙන තුරැ ඔබට ජය...
Thursday, July 28, 2011
USB Extension cable හා HSDPA dongle
USB කේබලයක් කියන්නේ එක් පසක් USB කෙලවරකුත් අනෙක් පස එය සම්බන්ධවන උපකරණයට අදාල කෙලවරකුත් තියෙන කේබලයක්. උදාහරනයක් විදිහට සීඩීඑම්ඒ දුරකථනයක් පරිගණකයට සම්බන්ධ වන USB කේබලයකට වඩා විඩියෝ කැම් එකක් පරිගණකයට සම්බන්ධ වන USB කේබලය වෙනස්. වර්තමානය වන විට සිග්නල් මදි වුනාම hsdpa dongle එකත් extension usb data cable එකක් හරහා පරිගණකයට සමබන්ධ කිරීමයට අපි පෙලඹී තිබෙන්නේ වැඩිපුර එක සිග්නල් කණුවක්වත් ලැබෙයි කියන හැගිමෙන්. නමුත් මේ වගේ cable එකක් Pen එක ගහපුවාම හොදින් වැඩ කරන නමුත් hsdpa dongle එක unrecognize device කියල හෝ තිබ්බටත් වඩා වේගයේ අඩුවිමක් හෝ ඇතිවෙන්නේ ඇයි.මේකට හේතුව මොකද? hadpa dongle එකකට use කරන්න පුලුවන් cable වල standard length එකක් තියෙනවද? එහෙම සම්මත length එකක් නම් නෑ හරියටම specify කරපු. hsdpa dongle එකකට කොහොමත් ලොකු කරන්ට් එකක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් USB device එකකින් 100 mA සිට 500mA දක්වා කරන්ට් එක ලබාදීමට හැකියි. එනම් keyboard එකකට හෝ mouse එකකට low power mode එකෙන් හොදට වැඩකරගත හැකියි. නමුත් iPod එකකට හෝ PDA එකකට low power mode එකෙන් වැඩකරගන්න අමාරැයි. high power mode එකක් require කරනවා. low current mode එක හා high power mode එක කියලා මෙතනදි හැදින්වුයේ වැඩ කරන්න පුලුවන් සහ port එකෙන් ඉල්ලන අවම ප්‍රමාණයේ කරන්ට් හා ඉහල ප්‍රමාණයේ කරන්ට් එකයි. HSDPA dongle එකත් අයිති මේ කියපු high power mode එකක් require කරන device මාදිලියටයි. සාමාන්‍යෙයන් පෙන් ඩ්‍රයිව් එකට වඩා වැඩි විදුලියක් ඩොන්ගල් එකට ඕනෙ කරනවා. සමහර විට extension usb data cable එකේ දිග නිසා ඇතිවෙන ප්‍රතිරෝධය නිසා hsdpa dongle එකට කරන්ට් එක එනවා මදි වෙන්නත් පුලුවන්. extension usb data cable එකේ length එක වැඩි වෙන විට එහි resistance එක වැඩි වීම නිසා HSDPA dongle එක ක්‍රියා කිරීමට අවශ්‍ය current එක නොලැබීම නිසායි මේ ප්‍රශ්ණය ඇතිවෙන්නේ. ඒ වගේම USB Hub එකකට device කීපයක් ගහපු වෙලාවටත් මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. මටත් ඒ දේම වුනා. ඒ වෙලාවේ flash Drive එක වැඩ කලත් HSDPA dongle එක වැඩ කලේ නෑ. Power අඩු වෙන එක හේතුවනම් Front Panel USB ports වලට විතරක් හයි නොකර පරිගණකයේ පිටිපස්සෙ තියෙන rear pannel USB port වලට ගහල බලන්න ඕන. ගොඩක් දුරට හරියන්න පුළුවන්. මේ සදහා භාවිතා කල හැකි විශේෂ කේබල් වර්ගයත්තියෙනවා. එහෙමත් නැත්නම් කේබල් එකේ අන්තිමට powered usb hub එකක් දැම්මත් හරියනවා. සිග්නල් අඩුනම් ගන්න විදුලිය සාමාන්‍යය සිග්නල් තියනවට වඩා වැඩි හොද quality වයර් එකක් එකක් අවශ්‍ය වෙනවා.
එහෙමත් හරියන්නේ නැත්නම් Y කේබලයකින් USB දෙකක් එකතු කරල එකක් කරල ගන්නත් පුලුවන්. ඒක ගොඩක් සාර්ථකයි. එතකොට මීටර් දෙක තුනක් වුනත් අදින්න පුලුවන් තනි හොද වයරකින්. Speed USB Cable වර්ගය නම් ගොඩක් හොදයි. බොහෝවිට මෙවැනි ගැටලුවකට හේතුව කේබල් එකේ ගුනාත්මක භාවය මතත් රදාපවතින්නත් පුලුවන්. හොද කේබල් එකක් පාවිච්චි කරන්න. ෆෙරයිට් ෆිල්ටර් තියනවනම් වඩා හොදයි. එනම් resistance අඩු කරන විශේෂ කේබල් වර්ගයක් තමයි ඒ. ඔයාල දැකලත් ඇති ඔය කෙලවරක ගෙඩියක් වගේ (සිලින්ඩරාකාර කොටසක්) තියෙන කේබලයක් ඔන්න.
එයින් අදහස් කලේ Ferrite bead එකක් තියෙන Ferrite Filtered කේබලයක් යොදාගන්න කියලයි. අර VGA කේබල් වල එහෙම ගැටය වගේ එකක් තියෙනව ඔයාල දැකල ඇති. . ඒ ගැටය ඇතුලෙ තියෙන්නෙ කම්බි. ඒවා විවිධ සංඛ්‍යාත වලින් ප්‍රේරනය කරනවා. ඒව පෙරන එක කරන්නෙ සරලව කීවොත වයර් එකේ Noise එක එහෙම නැත්නම් buzz එක අඩු කිරීමක් වගේ. ඔය mobile phone වල signal buzz එක අඩු කරන්නත් මේ තාක්ෂණය භාවිතා කරනව ඔයාල දැකල ඇති. විද්‍යුත් උපකරණයක් ගත් විට එමගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග අනෙක් විද්‍යුත් උපකරණ වල ක්‍රියාකාරීත්වයට බාධාවක් නොකරන මට්ටමක් දක්වා අඩුවිය යුතුයි. එමෙන්ම සෑම විද්‍යුත් උපකරණයක්ම යම්කිසි සීමාවක් දක්වා අනෙකුත් උපකරණ මගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග වලට අසංවේදී විය යුතුයි. ඒකෙන් අදහස් කරන්නේ අපි ඔන්න මොනිටරයක් ලග mobile phone එකක් නාදවෙද්දි සමහර මොනිටර තිරවල ඉරි ඉරි වගේ යනවා දැකල තියෙනවද. අන්න ඒ වගේ වෙනත් උපකරණවලින් නිකුත් කරන චුම්බක තරංගවලට අසංවේදි නැති ඒවා සංවේදි කිරීමයි මෙයින් කරන්නේ. මේකට අපි කියනවා EMC (Electromagnetic compatibility) කියලා. ඉතින් සමහර USB කේබල්වල එමගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග අඩු කිරීමට Ferrite bead ලෙසින් හැඳින්වෙන මෙම උපාංගය යොදා තියෙනවා. මොකද USB රැහැනේ හුවමාරු වන ඉහල සංඛ්‍යාතයකින් යුත් විදිලිය විද්‍යුත්-චුම්බක තරංගත් නිපදවනවා. අනෙක් උපකරණ වලට දැරිය හැකි මට්ටමකට හා ඒවාට සංවේදි වන ගතිය Ferrite bead එක මගින් ඒවා සීමා කරනවා. මෙකී Ferrite beads ලෙසින් හැඳින්වෙන උපාංගය ජංගම දුරකතන වලදිනම් අහිතකර තරංග උරාගැනීමත්, ඒවා තාපය ලෙසින් පිටතට මුදාහැරීමත් සිදු කරනු ලබයි. උපරිම ආරක්‍ෂාව උදෙසා, ජංගම දුරකථන හා සමීප පිහිටුමක Ferrite beads උපාංගය පැවතිය යුතුමයි.

Thursday, July 14, 2011
Windows 7 මෙහෙයුම් පද්ධතිය Flash Drive එකකට
Mini Lap එකකට Windows මෙහෙයුම් පද්ධතිය Install කර ගන්න ඕන. CD Drive එකක් නැති නිසා Pen Drive එකකින් තමයි කරන්න වෙන්නෙ. ඉතින් Pen Drive එක බූටබල් විදියට හදාගෙන Install කරන්නෙ කොහාමද? Windows 7 මෙහෙයුම් පද්ධතිය Flash Drive එකක් මාර්ගයෙන් පරිගණකයේ ස්ථාපනය කරගන්නේ කෙසේද? යන ගැටලු බොහෝ දෙනෙකුට තියෙනවා. දැන් ඒ ගැන කියන්නයි යන්නේ. ඇත්ත තමයි සමහර නෙට් බුක් පරිගණක වලත් මේ තැටි ධාවකය අඩංගුවෙන්නේ නෑ කියන එකයි. මේ සදහා අපිට මුලින්ම Windows 7.iso image එකක් අවශ්‍යයි. Windows 7 DVD එකක් තියෙනවනම් එය iso image එකක් බවට පත් කරගන්න ඕන Magic ISO වගේ මෘදුකාංගයක් භාවිතයෙන්.
අවශ්‍ය දේවල්
- Windows 7 iso image එකක්
- DVD-R drive එකක් හෝ 4GB වලට වඩා ඉහල ධාරිතාවයකින් යුත් removable USB flash drive එකක්
- Windows 7 USB/DVD Tool එක. මේක මේ Microsoft ලම නිකුත් කරන එකක් නිසා බය වෙන්න හේතුවක් නෑ. මෙතනින් බාගන්නත් පුලුවන්
හැබැයි මේ මෘදුකාංගය රන් වෙන්න නම් පහත ප්ලගින්ස් දෙකත් අවශ්‍ය වෙනවා.
- Microsoft .NET Framework v2 මෙතනින් බාගන්න
- Microsoft Image Mastering API v2 මෙතනින් බාගන්න
භාවිතා කරන්නේ කොහොමද?
- Download කරගෙන ස්ථාපනය කරගත් Windows 7 USB/DVD tool එක රන් කරන්න.
- දැන් Source Image box එකේදි Windows 7 ISO file එකි තියෙන path එක හෝ Browse කරල හරි ඒ ISO file එක තෝරලා දෙන්න.
- USB ධාවකය USB port එකට In කර format කරගන්න. එහි දත්ත කිසිත් නැතිවගට ඔබ වගබලා ගත යුතුයි.
- ස්ථාපනය කරන්න යන්නේ USB flash drive එකකටද නැත්නම් DVD disk එකකටද කියල තෝරලා Next කරන්න.
- ස්ථාපනය කරන්න යන්නේ USB flash drive එකට නම් dropdown list එකෙන් USB device එක select කරල Begin Backup යන්න click කරන්න. DVD එකටනම් ඒත් ඒ විදිහටමයි.
- දැන් මේ 7 දාගන්න ඕන PC එක restart කරල bios boot sequence එක USB Flash විදිහට හදලා බූට් කරලා බලන්න. DVD එකෙන් වගේම මේකත් bootable වෙලා තියෙනවා ඔබට පෙනේවි.
Sunday, July 10, 2011
Partitions හා සම්බන්ධ ගැටලුවලට - EASEUS Partition Master
අද දෙන්නෙ disk management utility එකක්. ඒ කියන්නේ EASEUS Partition Master නමින් හදුන්වන Partition Manager Software එක. මේක EASEUS පවුලේ සාඩම්බර නිපැයුමක්.මං මීට පෙර මේගොල්ලන්ගේ data recovery software එක ගැනත් කිව්වා වගේ මතකයි. මේ අලුත් එක නම් partitions හා සම්බන්ධ ගැටලුවලට සියලුම විසදුම් ලබාදිමට සමත් මෙය තෙවන පාර්ශවීය මෘදුකාංගයක් ලෙසටත් හැදින්විය හැකියි. මෙමගින් partition extend කිරීමට , විශේෂයෙන් system drive එකේ low disk space problem සමනය කිරීමට, disk space එක පහසුවෙන් කලමණාකරණය කරගැනීමට (on MBR and GUID partition table) ආදිය දත්තවලටත් උපරිම ආරක්ෂාවක් සහිතව සිදු කල හැකියි. නමුත් පාටිෂන් එක වෙනස් කිරීමට ප්‍රථම එහි දත්තවල බැක්අප් එකක් ලබාගැනිමට අප මතක තබාගත යුතුයි.මෙම මෘදුකාංගය ඔස්සේ Partition Manager එකට අමතරව Disk & Partition Copy Wizard , Partition Recovery Wizard යන යූටිලිටිස් කිහිපයත් අඩංගු වෙනවා. මගේ අදහස නම් මෙය Paragon හා Norton යන Partition Manager Software වලට වඩා පහුසවෙන් වැඩගත හැකි එකක් බවයි. ඔයාලගේ අදහසත් දාලම යන්න මේ ගැන.
මෙන්න මෙතනින් බාගන්න
Thursday, July 7, 2011
HDMI සමග බහු මාධ්‍ය යුගයට
බොහෝ දෙනා HDMI කියපු සැනින් මතකයට ගන්නේ පරිගණක වීඩියෝ ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ කටයුතු, video සහ image editing ආදී කටයුතු සදහා සුදුසු Graphics Card එකක් adaptor එකක්. බෙහෝවිට එසේ මතකයට එන්නේ ඇනලොග් වර්ගයේ එකක් විය හැකියි. නමුත් Graphics වලට අමතරව අපිට එයින් ලබාගතහැකි ප්‍රයෝජන විශාල පරාසයක පැතිරී තිබෙනවා.HDTV (high definition video content සමග) ඉදිරියට පැමිණිමත් සමගම එයට සම්මත වූ කනෙක්ටරයක උවමනාව පැමිණියා. ඒ සදහා පැරණි DVI( Digital Visual Interface) interface එක වැඩිදියුණු වී පැමිණිමක් තමයි අපි මෙසේ HDMI (High Definition Multi-media Interconnect/Interface) ලෙසින් හදුන්වන්නේ.
මෙතෙක් කල් තිබුණු සියල්ලම වැටෙන්නෙ Analog ගණයට. එනම් ඒවායේදී දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Analog signals ආකාරයටයි.ලෝකයේ අද වන විට ප්‍රධාන ලෙසම Graphics Card සදහා Graphic Processing Unit (GPU) නිෂ්පාදනය කරන සමාගම් 2ක් තිබෙනවා. එනම් nVidia Geforce හා ATI Radeon යන වෙළද නාම. සාමාන්‍යයෙන් Graphics Card එකක් නිමැවෙන්නේ GPU හා උපාංග Printed Circuit Board එකක් මත එකලස් කරගත්විටයි. ඔබ ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගැනීමේදී මවු පුවරුවට සහය දක්ව්නනේ කුමන ආකාරයේ එකක්ද යන්න ප්‍රධානවම දැනගත යුතුයි. එය AGP හෝ PCI-Express වන්නටත් පුලුවන්. නමුත් එහි තාක්ෂණය dvi හෝ hdmi වෙනවා නම් ඔබගෙ පරිගණකයේ රෑපමය හැකියාව ඉතා උසස් බව දැනගන්න. මොනිටරය vga පමණක් support කරනවා නම් dvi to vga හෝ hdmi to vga කන්වර්ටරයක් යොදාගත හැකියි.
ඉතින් මේ hdmi තාක්ෂනය ගත්විට home-theater system සදහා පැහැදිලි වෙනසක් අත්කර දෙන තාක්ෂනයක්. වර්තමාන pci hdmi card එකක් ගත්විට ඒ ඔස්සේ ගමන්කරන high-definition signal ratio එක 1080p තරම් ඉහල අගයක් ගන්නවා. එමෙන්ම eight channels uncompressed audio හැකියාවෙන්ද යුක්තයි. ඒ කියන්නේ 7.1 surround-sound system එකකටත් සපෝට් කරනවා.
මීට අමතරව ethernet සහය දක්වන කාඩ්වලින් හොද නෙට්වර්ක් එකකුත් up කරගැනීමේ උපයෝගිතාවයකින් යුක්තයි. HDMI Ethernet Channel එකක් ඔස්සේ යද්දි මෙහි වේගය 100/mbps වලටත් වඩා වැඩියි. වේගය අනිත් ඒවා හා සැසදිමේදී සමාන බව පෙන්නුවත් එකම කේබලයකින් වීඩියෝ, 3D, ඕඩියෝ යන දත්තයනුත් සමගම ජාලකරණ කටයුතුත් සිදුකරගැනිමට හැකිවිම ලොකු වාසියක්. මේ අලුත් තාක්ෂණය එතකොට පරන protocol වලට සහය දක්වයිද? ඔව්. TCP/IP ත් එක්කම UPnP, DLNA, LiquidHD වැනි protocol යන්ට මෙය සහය දක්වනවා. මේ ආකාරයේ කේබල ගත්තාම ප්‍රභේද 4ක් පවතිනවා.
මෙතෙක් කල් තිබුණු සියල්ලම වැටෙන්නෙ Analog ගණයට. එනම් ඒවායේදී දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Analog signals ආකාරයටයි.ලෝකයේ අද වන විට ප්‍රධාන ලෙසම Graphics Card සදහා Graphic Processing Unit (GPU) නිෂ්පාදනය කරන සමාගම් 2ක් තිබෙනවා. එනම් nVidia Geforce හා ATI Radeon යන වෙළද නාම. සාමාන්‍යයෙන් Graphics Card එකක් නිමැවෙන්නේ GPU හා උපාංග Printed Circuit Board එකක් මත එකලස් කරගත්විටයි. ඔබ ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගැනීමේදී මවු පුවරුවට සහය දක්ව්නනේ කුමන ආකාරයේ එකක්ද යන්න ප්‍රධානවම දැනගත යුතුයි. එය AGP හෝ PCI-Express වන්නටත් පුලුවන්. නමුත් එහි තාක්ෂණය dvi හෝ hdmi වෙනවා නම් ඔබගෙ පරිගණකයේ රෑපමය හැකියාව ඉතා උසස් බව දැනගන්න. මොනිටරය vga පමණක් support කරනවා නම් dvi to vga හෝ hdmi to vga කන්වර්ටරයක් යොදාගත හැකියි.
1 Standard HDMI Cable
2 High Speed HDMI Cable Standard
3 HDMI Cable with Ethernet
4 High Speed HDMI Cable with Ethernet
මෙන්න මෙහෙමයි HDMI වල technical specifications
| HDMI version | 1.0–1.2a | 1.3+ | 1.4 |
|---|---|---|---|
| Maximum signal bandwidth (MHz) | 165 | 340 | 340[119] |
| Maximum TMDS bandwidth (Gbit/s) | 4.95 | 10.2 | 10.2 |
| Maximum video bandwidth (Gbit/s) | 3.96 | 8.16 | 8.16 |
| Maximum audio bandwidth (Mbit/s) | 36.86 | 36.86 | 36.86 |
| Maximum color depth (bit/px) | 24 | 48[A] | 48 |
| Maximum resolution over single link at 24-bit/px[B] | 1920×1200p60 | 2560×1600p75 | 4096×2160p24 |
| Maximum resolution over single link at 30-bit/px[C] | 2560×1600p60 | 4096×2160p24 | |
| Maximum resolution over single link at 36-bit/px[D] | 1920×1200p75 | 4096×2160p24 | |
| Maximum resolution over single link at 48-bit/px[E] | 1920×1200p60 | 1920×1200p60 |
Sunday, June 19, 2011
අවසන් දේශනය
Randy Pausch කියන්නේ වර්ෂ 1960 දී ඇමරිකාවේදි උපත ලද (October 23, 1960 – July 25, 2008) Carnegie Mellon University සරසවියේ පරිගණක විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙක්. මොහුගේ විශේෂත්වය තමයි තමන්ට මරණයෙන් කිසිදා ගැලවිය නොහැකි පිලිකාවක් වැලදී තිබියදිත් මිය යන දවස දැන දැනත් අනෙක් ජීවිත සාර්ථක කරගැනීමට මග පෙහෙලි කර දිම. ඒක pancreatic cancer එකක්. අනේ හැබැයි ඉතින් මං නම් ඕවා ගැන හරියටම දන් නැ. විකිපිඩියා එකේ ඒ ගැන සදහන් වෙලා තිබ්බේ නම් pancreatic cancer is a malignant neoplasm of the pancreas කියලයි. ඒ වචන වල සද්දේ හැටියට නම් අග්න්‍යාශය සම්බන්ධ මොකක්හරි මාරකයක් කියල තමා මටනම් තේරැණේ. කොහොමහරි අවසාන කාලයේදි මොහු තමන්ගේ ජිවිතයේ අවසන් දේශනය ලෙස 2007 සැප්තැම්බර් 17 දින ඔහු "Really Achieving Your Childhood Dreams" නමින් දේශනයක් 400 වූ තම සිසුන් ඉදිරියේ පවත්වනව. එදින ඔහු කියන්නේ ජිවිතයේ ඇති වටිනාකම හා ජිවත් විම පිලිබදවයි. තමන්ට ජීවත් වන්නට ඇත්තේ තවත් මාස කිහිපයක් බව හා වැලදි ඇති පිලිකාව ගැනත්පවසන්නේ සිනාමුසු ම්හුණින් යුතුව. අපි එහෙමනම් මැරෙන්න කිට්ටුයි කියලා දැනග්තතම මොන ආකාරයකට හැසිරෙයිද දන් නැ නේද? ඔබ මුළු ජීවිතයෙන්ම සමු ගන්නව නම් ඔබ එදාට මොනවද කියන්නේ ? අඩලා දොඩලා බොරැ විකාර ටිකක් කියලා වටේ ඉන්න අයත් අවුල් කරලා. ඔබ, මම අපි ගොඩක් දෙනෙක් එහෙම තමයි නේද? ජිවත්වෙලා ඉන්න තවත් කෙනෙක්ට සාර්ථක වෙන්න පුලුවන් ආකාරයේ වචන ටිකක් හරි කියන්නේ කීයෙන් කී දෙනාද?
Randy Pausch 2008 ජූලි 25 දින තම ජීවිතයට සමු දෙනව.
ජිවිතයක් ධනාත්මක පැත්තට හැරවිය හැකි ගුණාංගයන් රැසක් මෙහි අන්තර්ගතයි. " The Last Lecture " පොතකුත් පල වි තියෙනවා. මේකේ සිංහල පරිවර්තනයක් සමන් කළුආරච්චි මහතා පළ කරල තියෙනවලු "අවසන් දේශනය" කියල. මමත් ඒක හොයාගෙන කියවන්නයි ඉන්නේ. මම මේ ගැන මුලින්ම කියෙව්වේ අපේ පුස්තකාලයෙන්. ඊට පස්සෙයි මේ විඩියෝව ගැන හොයා බැලුවෙත්. නැවතත් ඒ මතකය අලුත් වුනේ මේ පිලිබදව ජාලයේ තිබු සටහනක් දැකිමෙන්.
ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Undersea Cable Maintenance
පහු ගිය ලිපියෙන් කතා කරේ කොහොමද මුහුදු පතුලේ මේ ෆයිබර් කේබලයක් Lay කරන්නේ යන්නයි. අද කියන්න යන්නේ ෆයිබර් ඔප්ටික් කේබලයක නඩත්තුව මුහුදයටදි සිදුවන්නේ කෙසේද කියා. සමහර විට දැන් ඔබ කල්පනා කරනව ඇති කොහොමද මෙවැනි කේබලක් මුහුදයටදි පලුද් වුවහොත් හෝ කැඩි වෙන්ව ගියොත් හරියටම ස්ථානය සොයාගෙන එය යථා තත්වයට ගෙන එන්නේ කියා. මුහුද යට ඇති කේබල විනාශවීමට හෝ පලුදුවීමට ගමනාගමන කටයුතුවල යෙදෙන නෞකාවලින් මුදාහරින ඇන්කර් එක ඇතුලු වෙනත් ආම්පන්න මෙන්ම මසුන් මරන නෞකාවලින් පිටතට දමන කොකු හේතුවෙනවා. මෙහෙමයි ඒ වගේ කේබලයක් සථාපනය කරන්නේ හා හදිසි අවස්ථාවලදි කේබලයක් නඩත්තු කරන්නේ.
මෙහිදි භාවිතාකරන අනෙක් ක්‍රමය නම් වියදම් අධික එකක්. එහිදි මුහුද යටදි ක්‍රියාත්මක විය හැකි Remote Operating Vehicle (ROV) එකක් භාවිතයට ගැනෙනවා.
මේ එහි අවස්ථාවක්. මෙවැනි ROVs මිනිසාට කිරීමට අපහසු අවදානම් අවස්ථාවලදියි බොහෝවිට භාවිතයට ගැනෙන්නේ. උදාහරණ වශයෙන් ඛණිජ තෙල් කැණිම්වලදි, මුහුද යට පිපිරවිම් (ROV for sea bed interventions) සිදුකරන අවස්ථාවන් ආදිය දැක්විය හැකියි. මෙවැනි උපාංගයන් මෙහෙයවිමට පුලුල් වූ මෙහෙයුම් මැදිරියක් තමයි භාවිතයට ගන්නේ.
Subscribe to:
Posts (Atom)