Wednesday, November 28, 2012

My Dear...







Oh My Dear...
my heart doesn't beat without you 
My heart...it feels a twitch  
How do I live this way
My heart...
My heart trembles...quivers 
l am afraid 

Sometimes my heart beats faster 
There is trouble in the heart
My  eyes flicker 
Will you forget me... l wonder 
l know you through and through 
l know you more than you 
Will your eye wander... l wonder  

These nights... these days 
Remembering our memories
Your words and ways 
l will miss them so...
Your slights and spite 
The way you hold me tight 
Makes me pine for more...

So why don't you stop me?
Oh dear don't let me go!
One mention of you...
l worry...l'm wary...
l think of you...

Your breath is freezing cold 
Your eyes are full of smoke 
Your constant gamble of joy and pain 
Your eternal sense of hope 
Your fear of yourself 

I thought Life is a long journey
Sometimes you felt that you were less
Sometimes I felt that I was less than you
We must know how the other is feeling
Every one are not equal
But try to help each other...to feel equal
lt will be nice....very nice

Why do you stop at the doorway of pain?
Why do you put yourself on trial each time?
Why do you laugh when you want to cry?
You fail to decide between right and wrong 

Why do you complicate an uncomplicated journey?
Its better that you listen to your own advice...
Now you can go everywhere on your own...
There is no one who can stop you...
Go on way your own with my blesses...


however

Sometimes better
What a feeling!
l walk care free!
Don't ask me to stop
Just let me go on

Don't make me stop!
l've changed my point of view 
Everything around is new 
l'm happy-happy why oh why?
l'm busy-busy that is why!

l have no fear
l have no worry
l hope l don't lose my way
lf lose my way...may the road find me!
lf lose my way...may the road find me!


බොහොම කාලෙකින් තමයි හිතට නැගුන කවි සිතිවිල්ලක් අකුරැ කරේ මේ විදිහට. නිර්මාණය 
හොඳයි නම්  කමෙන්ට් දාද්දි වැරදි ව්‍යාකරණ ඇති තැන් අහුවුණොත් පෙන්නාවි කියලයි ඉල්ලා සිටින්නේ...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!



Monday, November 19, 2012

CCTV කැමරා පද්ධති - 4



         මේ දවස්වල වෙනදට වඩා පොඩ්ඩක් විතර වැඩ අඩු කාලයක් වගේ දැනෙන හින්දා රෑ ඇහැරගෙන ඉන්න තියෙන සම්භාවිතාව වැඩියි. බලාගෙන ගිහාම එහෙමයි කියලා කරන්න තියෙන වැඩ වල අඩුවකුත් නෑ ඇත්තටම. දැනට අවුරැදු දෙකකට එහා කාලෙදි ගෙවපු ජීවිතේ  තමයි මේ ආයෙත් ගෙවෙන්න ගත්තේ. ඉතින් අනිත් හැම දේමත් කරන අතරේ ඒ  එක්කම රෑ වෙලා ඇහැරගෙන ඉඳලා අතරින් පතර පෝස්ටුවක් දෙකක් දැම්මට පාඩුවක් වෙන්නෙ නැති වෙයි කියලා හිතෙනවා. මොනව උනත් මේ වගේ දෙයක් ගැන දැනගන්න ආසවට හරි බලන අයත් ඉන්නව ඇති අතරින් පතර. හැමදම බලන අයත් ඉන්නවා. නැතුවම නෙමෙයි. ඒකමයි කමෙන්ටු ගැන සලකන් නැතුව පුලුවන් වෙලාවට ලියල දාන්නේ. අද කියන්න යන්නේ , LPR (License Plate Recognition) එහෙමත් නැත්නම්  

  1. License Plate Capture
  2. Automatic license-plate recognition (ALPR)
  3. Automatic vehicle identification (AVI)
  4. Car plate recognition (CPR)
  5. License-plate recognition (LPR)


    යන කොයි නමෙනුත් හඳුන්වන්නේ වාහන වල බලපත්‍ර තහඩු මගින් ඒවා හඳුනාගැනීමේ කලාවක්. එහෙමත් නැතිනම්  image processing technology එකක්. බොහෝදුරට යොදාගන්නේ access control system එකක් වගේ security and traffic installations වලදියි. උදාහරණයක් ගත්තොත් අපි හිතමු වාහන පාක් එකකට වාහනයක් ඇතුල් කිරමේ සිට බිල් කැඩීම (automatic payment calculations)දක්වා වූ ක්‍රියාවලිය මෙයට ගෙන හැර දැක්විය හැකියි. එහෙමත් නැත්නම් විහාල සමාගමක් ගත්විට ඒ සමාගමේ සේවය කරන නිලධාරින්ගේ වාහන වල  registration numbers පරිගණකයක ගබඩා කොට මෙවැනි කැමරා පද්ධතියක් ඔවුන්ගේ වාහන ඇතුල් කරන ගේට්ටුවේ සවිකොට එම වාහන උදෑසන ඇතුලුවීමේදි ස්වයංක්‍රීයව කියවා   කලින් පරිගණකය තුල ගබඩා කොට තිබූ registration numbers  ගැලපෙනවානම් ස්වයංක්‍රීයව ගේට්ටු විවර වී වාහනය තුලට ගැනීමත් තවත් උදාහරණයක්. 


                   මේ තාක්ෂණයේදී වාහනයක් හඳුනා ගැනීමට යොදාගන්නා එකම එක ක්‍රමය වන්නේ මේ License plate එක identify කරගැනීම පමණයි. මෙහි කැමරා ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් එක් වර්ගයක දී LED බල්බ එක බහාලුමකත් ,  කැමරාව තව එකකත් බහාලමින් යුගලක් ලෙස එලි දැක්වෙනවා. එම ප්‍රභේදයෙහි   LED මෙන්ම Infra-red වැනිම වු illumination විශේෂයක් භාවිතා කරමින් ප්‍රතිදීප්ත බල්බ ලෙස යොදාගන්නවා. අනෙක් වර්ගයේදී  Monochrome camera එකකුත් Color camera එකකුත් වශයෙන් දෙකක් භාවිතා කරනවා (Two high quality cameras in one). 
                       තවත් වර්ගයකදී Reflective License Plates පමණක් හඳුනාගත හැකි ආකාරයේ Black & White සහ Colour  කැමරා විශේෂත් දක්නට ලැබෙනවා. ඉතින් අර කීව කලු සුදු හා වර්ණ කැමරා දෙකම එකට තියෙන පද්ධතිය ක්‍රියා කරන ආකාරය අපිට දෙවිදිහකට හදා ගන්න පුලුවන්.  Monochrome camera එකෙන් License plate එක identify කරගැනීමත් අනෙක් Color camera එකෙන් පසුව අවශ්‍ය වුවහොත් යන අරමුණින් එම ඇතුල් වූ වාහන වල වර්ණ වීඩියෝ දර්ශණ හෝ ජායාරෑප ලබා ගැනීමත් යන කාරණා දෙක සිදු කිරීමට පුලුවන්. මෙවැනි කැමරාවක අධෝරක්ත LED බුබුලු 100 කට ආසන්න සංඛ්‍යාවක් අඩංගු වෙන අතර ඒවා රාත්‍රියේ දී වුවත් අඩි 200ක් දුරින්  යන වාහනයක වුවත් පැහැදිලි රෑපාවලියක් ලබාදීමට සමත්.

         ඉතින් මෙවැනි කැමරාවක built-in එන තාක්ෂණයක් තමයි Digital Noise Reduction (DNR) කියල අපි හඳුන්වන්නේ.  මේ තාක්ෂණයේ ප්‍රතිඵලය තමයි low-light situations(අඳුරැ ආලෝකය ඇති විටදී) සහ lowering back-end costs (වියදම් අවම ලෙස ස්ථාපනය කල පද්ධතියක් තුලදී) යම් වෙලාවක අදාල වීඩියෝ රෑප රාමු මඟින් සංඥා විකෘතිතාවයක් ඇති වෙයි නම් එය අඩු කර ගැනීමේ හැකියාව.අපි  Noise (නොයිස්) එකක් ලෙසින් හඳුන්වන්නේ දරැනු ඝෝෂාව වගේ අර්ථයක් දෙන්න. අපි මෙහිදී තාක්ෂනික වශයෙන් අර්ථ විවරණය කරද්දී  "යම් කිසි සංඥාවක් එයට අසමාන වූ වෙනස් සංඛ්‍යාත​ කොටස් ඇති සම්ප්‍රේෂණ මාධ්‍යක් ඔස්සේ ගමන් කරන විට රේඛීය නොවීම හේතුවෙන් සමහර කොටස් එකතුවී මුල් සංඥාවට  අවහිරතා ඇති කරන වෙනත් වෙනත් කොටස් නිපදවිය හැක. මෙය (Inter modulation noise - අන්තර් මූර්ජන ඝෝෂාව ) ලෙසින් හඳුන්වන සංඥා විකෘතිතාව ඇති කරයි". මම දන්න විදිහටයි ඒ පැහැදිලි කිරීම කලේ. වෙන කාට හරි ඔයිට වඩා හොඳ විදිහක අර්ථකථනයක් ඇත්නම් කරැණා කර එය පල කරන්න. ඉතින් අපි මෙලෙස Noise Reduction යනුවෙන් තාක්ෂණිකව ව්‍යවහාර කරන්නේ ඉහත ආකාරයට  සංඥාවකින් අපැහැදිලි විකෘතිතාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය යි. Analog හෝ Digital යන දෙවර්ගයටම අයත් සියළුම වර්ගයේ තාක්ෂනික උපකරණවලට noise ග්‍රහණය​ කිරීමේ හැකියාව පවතින විදිහටයි නිර්මාපකයින් ඒවා නිර්මාණය කර තිබෙන්න්. එකින් එකට වෙනස් වෙනවා. මතකද මම data කේබල වල එන ෆෙරයිඩ් බිඩ් උපාංගය ගැනත් ලිපියක් දැම්මා කලින් වතාවක.ඒකත් මේ හා සමාන ක්‍රමයක් තමයි.
   මේ තියෙන්නේ DNR තාක්ෂණය සහිත හා රහිත කැමරාවක ජායරෑපාවලියේදී ඇති වෙනස. ඉතින් මේ තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් හා අවැසිතාවය පවතින්නේ මම ඉහත කීව ආකාරයක කාර් පාක් එකක් හෝ ඉහල සමාගම් වැනි තැනකට තමයි.


  තව දුරටත් අපි මේ ගැන කතා බහ කරමු ආයෙත් දවසක හමුවෙලා. හැමෝටම සුභ සතියක්.



Sunday, November 11, 2012

අස්ථිර සුන්දර ජීවිතය




                          ස්නායු විද්‍යාව (Neuro science) සොයා ගෙන තියෙන හැටියට අපේ මොළය නිර්මාණය වී තිබෙන විද්‍යාත්මක පසුබිම නම් ප්‍රකෝටි ගණනක් cells නමින් හදුන්වන සූක්‍ෂ්ම ජීවාණු ඒකාබද්ධ වී තිබෙන neurones වලින් යැයි සනාථ කොට තිබෙනවා. මේ ජීවාණුවල නිර්මාණය drycell batteries  කියන විද්‍යුත් කෝෂ වගේ රසායනික ද්‍රව්‍යවලින් හා ඒවායින් නිපදවන අල්පමාත්‍ර විද්‍යුත් ශක්ති විසින් ය. ඇහැට කනට ස්පර්ශ වන බාහිර දේවල් පිළිබඳ ඉන්ද්‍රිය සංඥා මොළයට ගෙන එන්නේ ද මේ ස්නායු විසින් ය. ඒ සංඥා වාර්තාගත වන්නේ ද මොළය නිමැවී තිබෙන සෛල තුළ ය. එක සෛලයක් මැරෙන විට මැරෙන්නේ තවත් සෛලයක් නැවත උපදවා, එයට තමන් සතු හැම උරුමයක් ම දායාද කිරීමෙන් ය. ඒ විධියෙන්, මානසික ජීවිතය, අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය කරා අඛණ්ඩ ව, නොනැසී, නොනැවතී දුවන එක ම දිවිල්ලක් හැටියට, එක ම පුද්ගල ආත්මයක් හැටියට දැනෙන්නට සලස්වා තිබේ.චිත්තය, හිත, මනස, මනෝ විඤ්ඤාණ යන වචනවලින් කියැවෙන මනුෂ්‍ය ජීවිතයක තියෙන වැදගත් ම අංගය හැටියට සලකනු ලබන ශක්තිය මේ මොළය නිමැවී තියෙන සෛල විසින් නිකුත් කැරෙන, විහිදුවනු ලබන, විද්‍යුත් සංඥා පද්ධති පමණක් ය කීවොත් එය නිවැරැදි යි. මේවා ප්‍රදර්ශනය කරන දේවල් මිරිඟුව හැටියට දකින්නට ය කියා බුදු හිමියන් උපදෙස් දී තිබෙන්නේ ඒ නිසා ය. ඒ මම කොහෙන් හෝ කියවපු එකක්. නැත්නම් මට ඇත්තටම ඔය විද්‍යාව ගැන දැනුම බින්දුවයි. 
            මම මේ අන්තිමේට කියන්න හදන්නේ මොකක්ද?   ජීවිතේ සුන්දරයි.ජීවිතය සුන්දර බව සැබෑ යි. එහෙත් එය, දිය බුබුලක් සේ අස්ථිර ය. උපතේ සිටම ජීවිතය මරණ විසින් ලුහුබදින්නකි. මම මේ පෝස්ටුව ලියන්න හේතුව ජීවිතයේ දී මගේ හොදම මිතුරෙක් වන සේනානායක නම් වූ සහෘදයා අද උදෑසන සිදුවූ හදිසි අනතුරකින් සදහටම අපව හැරගොස් තිබීම ගොඩක්ම හිත කම්පනයට පත් කිරීමයි. ඒ වගේම තවත් කිහිප දෙනෙක් තුවාල වෙලා තියෙනවා මේ අනතුරින්. ඒකයි ජීවිතේ කොච්චර නම් අනිත්‍යද කියල හිතුනේ. ඒක දැනගෙන හිටියට ඒ වග ආයෙත් ක්ෂණිකව අමතක කරලා දාන්න තරම් අපි කොච්චර මුග්ධ වෙලාද. මට එකම වයස් මට්ටමේ, සමාජ මට්ටමේ,  ඒ හා කාලයක් එහි ජීවත් වන පුද්ගලයින් බොහෝ මුන ගැසී තියෙනවා. එයින් බහුතරයක් තමන් පය ගසා සිටින්නට උත්සාහ දරණ ලෝකය තුල ජීවත් වන අය නෙමෙයි. ඒ හේතුවෙන්ම ඒ අයගේ සමාගමය මට දිරවන්නේ නෑ. ඒත් එය ඔහු තුලින් මා කිසි විටෙක දුටුවේ නෑ. ගොඩක් නිහතමානි කෙනෙක්. ඕන වයසක. ඕනම මට්ටමක කෙනෙක් එක්ක බොහොම හිතවත්ව දොඩමළු වීමම ඔහුට මා ගරු කරන්න හේතුවක්.
                  ඔහුගේ වියෝව ඇසූ මට එක්වරම අදහාගත නොහැකි උනා.  එය අසා මා  කඳුලු පෙරමින් හඩා නොවැටුනත් ඒ පුවතින් මගේ ඇස් දෙක තෙත් උනේ නොදැනුවත්වම.පහුගිය මාසේ 7වෙනිදා හවස පනාගොඩදී ඔහුට සමු දෙද්දි මම හීනෙකින් වත් නොසිතූ ආකරයට ඔහු අද අපෙන් ඈත් වෙලා. මම හිතුවේ නෑ ඒ මම ඔහුව දකින අන්තිම වතාව කියලා. ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්. අපි හැමෝම කියනවා මේ තමා යථාර්තය කියල. ඒත් අපි කීයෙන් කී දෙනාද මේ දේවල් හරියට ඔලුවට දාගෙන අප්‍රමාදව කටයුතු කරන්නේ.හැමෝම මේක තමා ඇත්ත කියල ආයෙමත් වෙනද ගෙවන පරණ ජීවිතයමයි ගෙවන්නේ. ඕනෙ තරම් අය ඉන්නව "අනේ අපි කවද හරි ඉතින් මැරෙනව නෙ"  කියල නිකම්ම මැරිල යන අය. මමත් අයිති ඒ ගොඩටමයි.
             ස්වභාවධර්මයේ එක්තරා විස්මයජනක ලක්‍ෂණයක් තියෙනවා. එනම්   පණ ඇති සතකු හෝ ගහක් වැලක් උපදවන විට එය ඉක්මනින් මැරී යන්නට ඉඩ නො දෙන විදියට ගත හැකි හැම පියවරක් ම ගැනීමයි. ඒ වගේම යම්   ආයතනයක් ගත්තාම එහි කලමණාකාරීත්වයේ වගකීම විය යුත්තේ තමන්ගේ තනි තීරණයක තදින්ම රැඳී හිඳීම නොව, එය විනිවිද දැකිය හැකි එකක් මෙන්ම එක් අයෙකු දෙදනෙකු සැපයට පත්වන එකක් නොවී පොදුවේ ගත් විට කාගෙත් හිත සුව පිණිස ඒ ගන්නා වූ තිරණය  ගැලපේ දැයි විමසා බැලීමය. එමෙන්ම අනිත් අය වයසින් බාලයි යනුවෙන්ද, තරුනයි, ඒ වගේම ඒ සේවය තුල මුහුකුරා ගොස් නෑ යනුවෙන් ආයතනයේ බහුතර සේවක සංඛ්‍යාවට  උගත් කමින් තොර කම්කරුවන් මෙන් නොසලකා හැරීම බොහෝවිට සැලකිය හැකි වන්නේ දුර්වල හා අමනෝඥ ක්‍රියාවක් වශයෙන්. මිනිසා කල්පනා කරනවා ය කියන්නේ එකිනෙකට වෙනස් බොහෝ කරුණු කාරණා එකිනෙක ගලපමින් අලුත් නිගමනවලට තීන්දු තීරණවලට එළඹීමයි. ඒ සඳහා වුවමනාව, ආශා, තණ්හා, ලෝභකම්, පලිගැනීමේ වෛර සහගත චේතනා ආදිය හටගනිමින්, වෙනස් වෙමින්, ඉදිරියට දුවමින්, නැති වෙමින් නැවත ඉපදෙමින් පවතින්නේ හිතේ හෙවත් මනසේ වුණාට, ඒවාට අවශ්‍ය දත්ත (data) තොරතුරු ලබා ගන්නේ ද නිපදවාගත් තොරතුරු තැන්පත් කර තබනු ලබන්නේ ද මොළයේ සෛල අවශ්‍ය පරිදි සංස්කරණය කර ගැනීමෙන් ය. ඇත්තටම සමහර පුද්ගලයින්ගේ තීරණ හා ඔවුන් හිතන පතන විදිහ ඇසුවාම මට ඇත්තටම ඒවා  නිදන්ගත ව තියෙන්නේ ඔවුනගේ කොහේ ද? කල්පනා කිරීමේදී ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ හිත ද? හිතේ ඇති  ස්නායු - සෛල ද? නැත්නම් මොනවද?  කියලා හිතෙනවා. ඇත්තටම මගේ මතය නම් විනිවිද පෙනෙන තීරණයක් ගැනීමට හැකිවුවා නම් මෙවන් වටිනා වූ ජීවිතයක් අකල් මරණයකින් කෙලවර කර දැමීමට කිසිම ඉඩක් නොතිබුණේය යන්නයි.
       අප ජීවත් කරවන්නේ ජීවිත් වෙන්නේ එහි ඇති ඇත්ත වටහා ගන්නටයි. ඒත් පොළවෙන් නියපොත්ත මතට ගත්තු පස් පිඬක ප්‍රමාණයක් තරම් අල්පයක් විතරයි ඇත්ත වටහා ගන්නේ. අනිත් හැමෝම අර ඉතිරි මහ පොළවේ පස් ප්‍රමාණයටම මෙන්න මේ ඉස්සෙල්ල කියනව වගේ දුක් විඳිමින් යන ගමනට එකතු වෙනව.කෙදිනක හෝ අප සැමටත් සත්‍ය අවබෝධ වේවා...!!! 
     අඳුරු මරු නුඹ පැරදුව ද සොඳුරු නුඹ කිසි කලෙකින් වත් අපේ මතකයෙන් ඈත් නොවන්නේම ය. සහෘදයන්ගේ හදවත් තුල ඔබ ඉතිරි කල මතකය කවුරු කෙලෙස නම් පුරවන්නද? මනුෂ්‍යයන් ලෙස අපට කිව හැක්කේ ඔබට මීළඟ ආත්මභවයන්හි මෙවැනි විපතක් කිසි විටක සිදු නොවේවා යන්න ය. ඔබට මතු මෙවැනි අකල් මරණයක් නොවේවා!  ඔබට නිවන් සුව අත්වේවා මගේ සහෘදයාණෙනි!!!

නොවෙනස් එකම දෙය
වෙනස්වීමයි.....
ස්ථිර එකම දෙය
අස්ථිර භාවයයි....



Thursday, November 8, 2012

CCTV කැමරා පද්ධති - 3


                


             අපි අද බලමු IR Dome Cameras ගැන. පහුගිය CCTV ලිපි නොබලපු උදවිය ඉන්නව නම් ඒවත් බලලම මෙතෙන්ට ආව නම් හොදයි කියලයි මම හිතන්නේ. නවත්තපු තැනින් පටන් ගමු.  අන්තිමට නැවැත්තුවේ Bullet Camera පිළිබදව කතා කරපු ලිපියෙන්. මේ Bullet සහ  Dome camera දෙවර්ගයම කාර්ය අතින් ගොඩක් සමානයි. මේ දෙවර්ගය ඔබ යෙදිමට බලාපොරොත්තු වන කාර්ය අනුව ගැලපීමෙන් අනතුරැවයි ඔබ යමකට යොමු වෙනවා නම් යොමු විය යුත්තේ. මේ Bullet Camera එලියට නෙරා තිබෙන ආකාරයක් දැකිය හැකියි. මම ගිය වතාවෙ ලිපියකත් ඒ ගැන සදහන් කලා. හරියට තුවක්කුවක එලියට නෙරා තිබෙන barrel එකක් (barrel of a gun) වගේ. මේ  dome camera එකක් තියෙන්නේ circular “dome” shape එකක්මයි. ඒ වටකුරැ ගෝලාකාර ස්වභාවයකුයි. මේ වර්ග දෙකේම  surveillance cameras ගොඩක් ජනප්‍රිය නිසා මම හිතන්නේ ඔය ගොල්ලෝ දැකල  ඇති. ඉතින් මේ වර්ගවල මහ ලොකු අමාරැ සහ තද rules නැහැ භාවිතා කිරිමේදී. තමන්ට ඒ මිලදී ගන්න ස්ථානයෙන්ම මේ සම්බන්ධයෙන් විමසා මතක තබාගෙන හෝ  guidelines එක නැත්නම් manual එක හරහා installation ක්‍රියාවලිය කර ගන්න පුලුවන්. ඒත් සමහර පක්ෂ හා ප්‍රතිපක්ෂ අදහස් තියෙනවා මේවා දෙවර්ගයම එක වගේ වුනාට භාවිතයන් තුලදි පැන නැගෙන. එනම් සමහර applicationsතුල මේවා ක්‍රියාත්මක කිරීමෙහි ගැටලු පවතිනවා. අපි හිතමු මේ CCTV installers ලා දහයක් විතර ගත්තාම එයින් නවයක් පමණම එකග වෙනවා bullet cameras ගොඩාක්ම හොද කාර්යක්ෂමතාවයක් හා ප්‍රතිඵලදායි වෙන්නෙ OUTDOOR applications සදහා යන්නටත් dome cameras ගොඩක් දුරට හොද වෙන්නේ INDOOR applications සදහාත්ය කියන තර්කයට.  



                       අනික් කාරණා තමයි ඔබ ගොඩක් දුරට පැතුරැමක් එහෙමත් නැත්නම් long-range එකක් ආවරණය කරන්නට camera එකක් භාවිතා කරනවා නම් bullet camera එකකට තමයි යන්න ඕනේ. එනම් දිගු ලෙන්සයක්  දිගු හා පැතිරැණු දුරක් ආවරණය කරනවා. (The longer the lens, the longer the range) . මොකද dome camera වල නැඹුරැව පවතින්නේ ගොඩක් දුරට අඩු විශ්කම්භයකින් යුත් lenses වලටයි. නමුත් එහෙමම කියලත් නෑ. සමහර domes වල අන්තර්ගත කර තිබෙනවා පෘථුල වූ ලෙන්ස විශේෂයන්. උදාහරණයක් වශයෙන් Veilux Cameras Manufacturer  විසින් ගෙනෙන Vandal Dome Camera විශේෂය මෙවන් වු ආකාරයක් ගත්තක් වෙනවා. එය 22X zooming සහිත  1080p පමණ ඉහල විභේදනයක් සහිත වීඩියෝ පටිගත කිරීමේ හැකියාවෙන් යුක්තයි. සාමාන්‍ය Dome Camera  එකක මිලට වඩා මේ විශේෂිත Vandal Dome එකක් දෙතුන් ගුණයකින් පමණවත් මිල වෙනස් වෙනවා. Indoor camera එකක් නම් dome තමයි common එක. ගොඩක් අය ඒකට කැමති ඒ විශේෂය ආගන්තුක නැ ගොඩක් අයට. ඒ වගේම දර්ශණීය වගේම මටසිලුටු පෙනුමක් තියෙනවා අර බැරල් එකක් වගේ එලියට නෙරලා ගිය කැමරාවට වඩා.මොකද ගෙදරක් ඇතුලටනෙ.  අනික මෙහි කැමරා එක ඇතුලට වෙන්නට හැංගිලා පිහිටන නිසා සිවිලිමක වගේ කල ස්ථාපනය පිටට පෙනෙන්නේ ගෙදර හයිකරපු විසිතුරැ බල්බයක් වැනි පෙනුමක්. මේ ගැන අවබෝධයක් ඇති යමෙකුට හැර මෙහි වෙනස හදුනා ගැනීමට එකපාරම හැකියාවක් නෑ. නමුත් Bullet  camera එකක් ඉතා පහසුයි මේ dome  එකක් ස්ථාපනය කරනවට වඩා. මොකද ඒවා බිත්තියකට හෝ කණුවකට සවි කිරීම පමණයි කලයුත්තේ. ඒවා point-and-shoot කැමරා විශේෂයක්. නමුත් Dome එකක් සවි  කරද්දි පියවර ගොඩක් තියෙනවා ඒවා අවශ්‍ය ආනතියට හැරවීම දක්වාම. Bullet  cameras වර්ගය natively weather proof නිසා හා environmental protection වලදී longer range එකක් සහිත ලෙන්සයකින් ආවරණය සහිත නිසා vehicle park එකකට , bank එකකට, Bus stand එකකට හෝ හොරැන්ගෙන් ආරක්ෂා කල යුතු තැන් වගේ විශාල පරාසයක් ආවරණය කරන්න හැකි තැනකට ඉතා යෝග්‍යයි.මොකද මේ වර්ගයේ ලෙන්සයන් හි ඇති පැහැදිලිව පෙනෙන පරාසය මගහැර යන්නට අසීරැයි. ඉතින් මේ Dome Cameras වල General, Infrared, Vandal Proof, IP, Infrared IP, Vandal Proof IP, Vandal Proof Infrared IP යනුවෙන් ආකාර බොහොමයක් තිබෙනවා. ඉතින් මේ කැමරාවල බලවත් infrared LEDs විවිධ ප්‍රමාණවලින් ඇතුවා වගේම අයහපත් ආලෝක තත්වයන් යටතේ වුවත් පැහැදිලි වීඩියෝ තොරතුරක් ලබා දීමට සමත්.
                මම මේ ලිපි පෙලින් අදහස් කරන්නේ මේ පිළිබදව නොදැනුවත් උදවියට මෙන්ම මෙවැනි ආරක්ෂක පද්ධතියක් තමන්ට උවමනා යැයි හැගෙන පිරිසට මග පෙන්වීමක් කිරීමටයි. මොකද එකපාරටම මටත් මෙවැනි Security Surveillance System එකක් ඕන කියලා ඒ පහසුකම් සපයන ආයතන වෙත ගොස් තමන්ට අවැසි දේට වඩා ඔවුන්ට අවැසි දේ ඔවුන්ගේ සිතැගි පරිදි මිලදී ගැනීමේ හෝ මිලට ගැනීමට යොමු කරවීමෙන් වැලකීමට ඔබට යම් කිසි දැනුවත් භාවයක් ඇතිකිරීමට ගන්නා උත්සාහයකුයි මේ. දැනගැනීමට ඇති කරැණු ඇත්නම් මේ ඔස්සේ කමෙන්ට් කිරීමෙන් හෝ මගේ විද්‍යුත් ඊය වන damith.thara@gmail.com ලිපිනය ඔස්සේ අමුණා එවන්න.