
ස්නායු විද්‍යාව (Neuro science) සොයා ගෙන තියෙන හැටියට අපේ මොළය නිර්මාණය වී තිබෙන විද්‍යාත්මක පසුබිම නම් ප්‍රකෝටි ගණනක් cells නමින් හදුන්වන සූක්‍ෂ්ම ජීවාණු ඒකාබද්ධ වී තිබෙන neurones වලින් යැයි සනාථ කොට තිබෙනවා. මේ ජීවාණුවල නිර්මාණය drycell batteries කියන විද්‍යුත් කෝෂ වගේ රසායනික ද්‍රව්‍යවලින් හා ඒවායින් නිපදවන අල්පමාත්‍ර විද්‍යුත් ශක්ති විසින් ය. ඇහැට කනට ස්පර්ශ වන බාහිර දේවල් පිළිබඳ ඉන්ද්‍රිය සංඥා මොළයට ගෙන එන්නේ ද මේ ස්නායු විසින් ය. ඒ සංඥා වාර්තාගත වන්නේ ද මොළය නිමැවී තිබෙන සෛල තුළ ය. එක සෛලයක් මැරෙන විට මැරෙන්නේ තවත් සෛලයක් නැවත උපදවා, එයට තමන් සතු හැම උරුමයක් ම දායාද කිරීමෙන් ය. ඒ විධියෙන්, මානසික ජීවිතය, අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය කරා අඛණ්ඩ ව, නොනැසී, නොනැවතී දුවන එක ම දිවිල්ලක් හැටියට, එක ම පුද්ගල ආත්මයක් හැටියට දැනෙන්නට සලස්වා තිබේ.චිත්තය, හිත, මනස, මනෝ විඤ්ඤාණ යන වචනවලින් කියැවෙන මනුෂ්‍ය ජීවිතයක තියෙන වැදගත් ම අංගය හැටියට සලකනු ලබන ශක්තිය මේ මොළය නිමැවී තියෙන සෛල විසින් නිකුත් කැරෙන, විහිදුවනු ලබන, විද්‍යුත් සංඥා පද්ධති පමණක් ය කීවොත් එය නිවැරැදි යි. මේවා ප්‍රදර්ශනය කරන දේවල් මිරිඟුව හැටියට දකින්නට ය කියා බුදු හිමියන් උපදෙස් දී තිබෙන්නේ ඒ නිසා ය. ඒ මම කොහෙන් හෝ කියවපු එකක්. නැත්නම් මට ඇත්තටම ඔය විද්‍යාව ගැන දැනුම බින්දුවයි.
මම මේ අන්තිමේට කියන්න හදන්නේ මොකක්ද? ජීවිතේ සුන්දරයි.ජීවිතය සුන්දර බව සැබෑ යි. එහෙත් එය, දිය බුබුලක් සේ අස්ථිර ය. උපතේ සිටම ජීවිතය මරණ විසින් ලුහුබදින්නකි. මම මේ පෝස්ටුව ලියන්න හේතුව ජීවිතයේ දී මගේ හොදම මිතුරෙක් වන සේනානායක නම් වූ සහෘදයා අද උදෑසන සිදුවූ හදිසි අනතුරකින් සදහටම අපව හැරගොස් තිබීම ගොඩක්ම හිත කම්පනයට පත් කිරීමයි. ඒ වගේම තවත් කිහිප දෙනෙක් තුවාල වෙලා තියෙනවා මේ අනතුරින්. ඒකයි ජීවිතේ කොච්චර නම් අනිත්‍යද කියල හිතුනේ. ඒක දැනගෙන හිටියට ඒ වග ආයෙත් ක්ෂණිකව අමතක කරලා දාන්න තරම් අපි කොච්චර මුග්ධ වෙලාද. මට එකම වයස් මට්ටමේ, සමාජ මට්ටමේ, ඒ හා කාලයක් එහි ජීවත් වන පුද්ගලයින් බොහෝ මුන ගැසී තියෙනවා. එයින් බහුතරයක් තමන් පය ගසා සිටින්නට උත්සාහ දරණ ලෝකය තුල ජීවත් වන අය නෙමෙයි. ඒ හේතුවෙන්ම ඒ අයගේ සමාගමය මට දිරවන්නේ නෑ. ඒත් එය ඔහු තුලින් මා කිසි විටෙක දුටුවේ නෑ. ගොඩක් නිහතමානි කෙනෙක්. ඕන වයසක. ඕනම මට්ටමක කෙනෙක් එක්ක බොහොම හිතවත්ව දොඩමළු වීමම ඔහුට මා ගරු කරන්න හේතුවක්.
ඔහුගේ වියෝව ඇසූ මට එක්වරම අදහාගත නොහැකි උනා. එය අසා මා කඳුලු පෙරමින් හඩා නොවැටුනත් ඒ පුවතින් මගේ ඇස් දෙක තෙත් උනේ නොදැනුවත්වම.පහුගිය මාසේ 7වෙනිදා හවස පනාගොඩදී ඔහුට සමු දෙද්දි මම හීනෙකින් වත් නොසිතූ ආකරයට ඔහු අද අපෙන් ඈත් වෙලා. මම හිතුවේ නෑ ඒ මම ඔහුව දකින අන්තිම වතාව කියලා. ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්. අපි හැමෝම කියනවා මේ තමා යථාර්තය කියල. ඒත් අපි කීයෙන් කී දෙනාද මේ දේවල් හරියට ඔලුවට දාගෙන අප්‍රමාදව කටයුතු කරන්නේ.හැමෝම මේක තමා ඇත්ත කියල ආයෙමත් වෙනද ගෙවන පරණ ජීවිතයමයි ගෙවන්නේ. ඕනෙ තරම් අය ඉන්නව "අනේ අපි කවද හරි ඉතින් මැරෙනව නෙ" කියල නිකම්ම මැරිල යන අය. මමත් අයිති ඒ ගොඩටමයි.
ස්වභාවධර්මයේ එක්තරා විස්මයජනක ලක්‍ෂණයක් තියෙනවා. එනම් පණ ඇති සතකු හෝ ගහක් වැලක් උපදවන විට එය ඉක්මනින් මැරී යන්නට ඉඩ නො දෙන විදියට ගත හැකි හැම පියවරක් ම ගැනීමයි. ඒ වගේම යම් ආයතනයක් ගත්තාම එහි කලමණාකාරීත්වයේ වගකීම විය යුත්තේ තමන්ගේ තනි තීරණයක තදින්ම රැඳී හිඳීම නොව, එය විනිවිද දැකිය හැකි එකක් මෙන්ම එක් අයෙකු දෙදනෙකු සැපයට පත්වන එකක් නොවී පොදුවේ ගත් විට කාගෙත් හිත සුව පිණිස ඒ ගන්නා වූ තිරණය ගැලපේ දැයි විමසා බැලීමය. එමෙන්ම අනිත් අය වයසින් බාලයි යනුවෙන්ද, තරුනයි, ඒ වගේම ඒ සේවය තුල මුහුකුරා ගොස් නෑ යනුවෙන් ආයතනයේ බහුතර සේවක සංඛ්‍යාවට උගත් කමින් තොර කම්කරුවන් මෙන් නොසලකා හැරීම බොහෝවිට සැලකිය හැකි වන්නේ දුර්වල හා අමනෝඥ ක්‍රියාවක් වශයෙන්. මිනිසා කල්පනා කරනවා ය කියන්නේ එකිනෙකට වෙනස් බොහෝ කරුණු කාරණා එකිනෙක ගලපමින් අලුත් නිගමනවලට තීන්දු තීරණවලට එළඹීමයි. ඒ සඳහා වුවමනාව, ආශා, තණ්හා, ලෝභකම්, පලිගැනීමේ වෛර සහගත චේතනා ආදිය හටගනිමින්, වෙනස් වෙමින්, ඉදිරියට දුවමින්, නැති වෙමින් නැවත ඉපදෙමින් පවතින්නේ හිතේ හෙවත් මනසේ වුණාට, ඒවාට අවශ්‍ය දත්ත (data) තොරතුරු ලබා ගන්නේ ද නිපදවාගත් තොරතුරු තැන්පත් කර තබනු ලබන්නේ ද මොළයේ සෛල අවශ්‍ය පරිදි සංස්කරණය කර ගැනීමෙන් ය. ඇත්තටම සමහර පුද්ගලයින්ගේ තීරණ හා ඔවුන් හිතන පතන විදිහ ඇසුවාම මට ඇත්තටම ඒවා නිදන්ගත ව තියෙන්නේ ඔවුනගේ කොහේ ද? කල්පනා කිරීමේදී ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ හිත ද? හිතේ ඇති ස්නායු - සෛල ද? නැත්නම් මොනවද? කියලා හිතෙනවා. ඇත්තටම මගේ මතය නම් විනිවිද පෙනෙන තීරණයක් ගැනීමට හැකිවුවා නම් මෙවන් වටිනා වූ ජීවිතයක් අකල් මරණයකින් කෙලවර කර දැමීමට කිසිම ඉඩක් නොතිබුණේය යන්නයි.
අප ජීවත් කරවන්නේ ජීවිත් වෙන්නේ එහි ඇති ඇත්ත වටහා ගන්නටයි. ඒත් පොළවෙන් නියපොත්ත මතට ගත්තු පස් පිඬක ප්‍රමාණයක් තරම් අල්පයක් විතරයි ඇත්ත වටහා ගන්නේ. අනිත් හැමෝම අර ඉතිරි මහ පොළවේ පස් ප්‍රමාණයටම මෙන්න මේ ඉස්සෙල්ල කියනව වගේ දුක් විඳිමින් යන ගමනට එකතු වෙනව.කෙදිනක හෝ අප සැමටත් සත්‍ය අවබෝධ වේවා...!!!
අඳුරු මරු නුඹ පැරදුව ද සොඳුරු නුඹ කිසි කලෙකින් වත් අපේ මතකයෙන් ඈත් නොවන්නේම ය. සහෘදයන්ගේ හදවත් තුල ඔබ ඉතිරි කල මතකය කවුරු කෙලෙස නම් පුරවන්නද? මනුෂ්‍යයන් ලෙස අපට කිව හැක්කේ ඔබට මීළඟ ආත්මභවයන්හි මෙවැනි විපතක් කිසි විටක සිදු නොවේවා යන්න ය. ඔබට මතු මෙවැනි අකල් මරණයක් නොවේවා! ඔබට නිවන් සුව අත්වේවා මගේ සහෘදයාණෙනි!!!
නොවෙනස් එකම දෙය
වෙනස්වීමයි.....
ස්ථිර එකම දෙය
අස්ථිර භාවයයි....