Sunday, November 21, 2010

PC-To-PC Network...පියවරෙන් පියවර




පරිගණක ජාලකරණය කියන මාතෘකාව ඉතාමත් පුලුල් පරාසයක විහිදී පැතිරැණු විෂයක්. ඉතින් අලුත් ක්රමවේදයන්, අලුත් තාක්ෂණික උපක්රම දිනෙන් දිනම එකතු වෙනවා.මමත් මේ සම්බන්ධව තාමත් ඉගෙන ගන්නවා. මේ සම්බන්ධව සිංහලෙන් ලියැවුණු ලිපි ගොඩක් අඩු නිසා මම මේ විෂය ඔස්සේ ඉදිරියේදී බොහෝ කරැණු ඉදිරිපත් කරන්න සූදානමෙන් ඉන්නවා. Experiments කරමින් ඉගෙන ගැනීම තමයි මම  මෙහි වඩාත්ම කැමතිම කොටස.ඉතින් සමහර වෙලාවට මෙහි මදිපාඩු ,අඩුලුහුඩුකම් තියෙන්න පුලුවන්. ඔයාලට කියලා දෙන්න මට මගහැරැණු කොටස් තියෙන්නත් පුලුවන්. ඒවා මට පෙන්නලා දීලා මාව දිරිමත් කරන ලෙස නිහතමානී ආයාචනයක් කරන්නත් කැමතියි.ඉතින් වැල් වටාරම් ඇති නේද? කෙලින්ම මාතෘකාවටම බහිමු එහෙනම්. 

පරිගණක දෙකක් කිසිදු අමතර උපකරණයක සහයකින් තොරව ජාලකරණය කරගැනීම මෙ‍සේ හැදින්විය හැක. එනම් මේ සදහා අපිට Router එකක්  Hub එකක් Modem එකක් හෝ Internet පහසුකමක් වැනි කිසිම තුන්වන පාර්ශවයක් අවශ්‍ය නැත.අවශ්‍ය වන්නේ Cat 5E වලින් නිර්මිත Patch Cable එකක් පමණි.   PC to PC, Peer-To Peer, Direct cable connection network, Straight cable  connection network යනුවෙන් හදුන්වන්නේද මෙම ‍ජාලකරණ ක්රමවේදයයි.




මෙවැනි Network එකක වාසි මෙනවාද?
1 අඩු වියදමකින් Home Network එකක් නිර්මාණය කරගැනීමට හැකිවීම.
2 අපිට Router, Hub, Modem හා Internet පහසුකමක් වැනි කිසිවකට මුදල් යෙදවීම අවශ්‍ය නොවීම.
3 පහසුවෙන් හා වේගයෙන් අඩු සම්පත් ප්රමාණයක් වැඩිපිරිසකට පරිහරණය කිරීමේ අවස්ථාව  හිමිවීම (Resource Sharing).
4 File Backup කිරීමේදී හා දත්ත පරිහරණයේදී Removable Devices  කිසිවක් අවශ්‍ය නොවීම.
Remote Desktop භාවිතයට ඉඩ සැලසීම.




මේ සදහා ඔබට අවශ්‍යවන්නේ මොනවාද?
LAN cards සහිත පරිගණක දෙකකුත්  Crossover cable එකක් හෝ  Straight cable එකක් අවශ්‍ය වේ. LAN card එකක් නැතිනම් USb to LAN උපකරණයත් ඒ වෙනුවට භාවිතා කල හැක.




 පැරණි මාදිලියේ  LAN cards සදහා  Straight cable බොහෝ විට සහය නොදක්වයි. එවිට අවශ්‍ය වන්නේ  Crossover cable එකකි. නමුත් ඔබේ පරිගණකය මෑතකදී මිලට ගත් එකක්නම්    Straight cable ඒ සදහා සහාය දක්වනු ඇත. මෙම  cable සම්බන්ධව යම් දැනුමක් ඇත්නම් හා අවශ්‍ය අමුදුව්‍ය ඇත්නම් ඔබටත් මෙවැන්නක් නිර්මාණය කරගත හැකි වනු ඇත. මා ඉදිරිපත් කරන පරිගණක ජාලකරණය පිලිබදව ලිපිපෙල තුලින් ඉදිරියේදී මේ හා සම්බන්ධ කරැණු ආවරණය කිරීමට බලාපොරොත්තු වෙමි.  නැත්නම් මෙවැනි cable එකක් ඔබට  Telecom center එකකදී  සුලු මුදලක් ගෙවා මිලදී ගත හැකි අතරම, කොලඹ කොටුව හරස් වීදිවලින් ඉතා අඩු මිලට ලබාගත හැකියි. එසේත් නැත්නම් මෙවැනි උපාංග පරිගණක ජාලකරණ වෘත්තිකයින් සතුව නිතරම පාහේ ගැවසෙන‍ හෙයින් ඔබ හදුනන පරිගණක ජාලකරණ වෘත්තිකයෙක්  වේ නම ඔහුගෙන්  ද නොමිලේ ඉල්ලාගත හැකි වනු ඇත.






PC-To-PC Network එක හදාගන්නා ආකාරය...











1 පලමුව  ඔබ සපයා ගත් cable එක  (Crossover හෝ Straight) පරිගණකයේ LAN ports(Ethernet ports) හරහා සම්බන්ධ කරගන්න.






2 දැන් පරිගණක දෙකේම Notifications area වල ඇති
Network icon එක  Aquire mode එකේ හෝ Enabled වී ඇති අයුරැ ඔබට ‍දකින්නට ඇත. එය තාමත්  Cross icon එකක් ලෙසට පෙන්වයි නම් එසේ වන්නේ Cable එකේ අවුලක් නිසා හෝ නැත්නම් පරිගණකයේ     LAN card එකට අදාල drivers පරිගණකය මගින් හරිහැටි හදුනාගෙන නොමැති නිසාය. පලමුව එය නිරාකරණය  කර ගන්න.







3 ඉහත පියවර සම්පූර්ණ වූ පසු අපි IP configure කරගැනීම  manualy සිදුකරගත යුතුය. පලමුව Start-->Control Pannel-->Network Connections යන්න. නැතිනම් Run වල "ncpa.cpl" යන්න ටයිප් කර එන්ටර් කරන්න.










4 විවෘතවන window එකේ දැනට ඇක්ටිව් වී ඇති Local Area Connection එ‍ක රයිට් ක්ලික් කර  Properties යන්න.











5 එවිට විවෘතවන Local Area Connection Properties window එකේ Internet Protocol (TCP/IP) යන්න double click කරන්න.















6 දැන් IP Address එක ලබා දීමට අදාල window එක විවෘත වී ඇති. එහි  Obtain an IP address automatically යන්න වෙනුවට  Use the following IP address යන්න තෝරන්න. මෙවැනි PC-To-PC Network එකක් IP address එක හා  Subnet Mask එක ලබා දුන් විට බොහෝ විට වැඩකරන තැනට පත්වේ. එසේ නැත්නම් පමණක් අනෙක් සියල්ලත් fill කල යුතු වේ. එනම් Default Gateway, Preferred DNS Server යන ඒවාටත් values ලබා දිය යුතුවේ.












7 එක් පරිගණකයකට පහත අගයන් ලබාදෙන්න.
    IP address     : 192.168.2.1
    Subnet Mask : 255.255.255.0
Ok කරන්න.
රෑපයේ දැක්වෙන අනෙක් අගයන් උවමනා වුවහොත් පමණක් ලබාදෙන්න. එම අගයන් ලබා දීම අත්‍යවශ්‍ය නොවේ.













8 අනෙක් පරිගණකයේත් ඉහත ආකාරයටම   Local Area Connection Properties window එක ව්වෘත කරගෙන පහත අගයන් ලබාදෙන්න.
    IP address     : 192.168.2.2
    Subnet Mask : 255.255.255.0

මෙහිද රෑපයේ දැක්වෙන අනෙක් අගයන් උවමනා වුවහොත් පමණක් ලබාදෙන්න.









9 මීලගට පරිගණක දෙක අතර කනෙක්ෂන් එක okද යන්න බැලිය යුතුය. ඒ සදහා එක් පරිගණකයකින් අනෙක් පරිගණකයට Command prompt එක ආධාරයෙන් ping කර බලමු.IP address  එක 192.168.2.1 දුන් පරිගණකයේ සිට  Start-->Run ගොස් "ping 192.168.2.2 -t"  යනුවෙන් type කර ok කරන්න. අනෙක් පරිගණකය 192.168.2.2 බැවිනි ඒ. 

දැන්  කනෙක්ෂන් එක ok නම් එයට time out වීමකින් තොරවම ping වීම සිදුවනු ඇත.මෙහි දැක්වෙන්නේ මා ලබා දුන් IP range එකයි. මේ ආකාරයට ඔබේ  IP range එකටත්  ping වීම සිදුවනු ඇත.මෙසේ අනෙක් පරිගණකයෙන්ද කනෙක්ෂන් එක පරීක්ෂාකර බලන්න.දැන්  කනෙක්ෂන් එක ok නම් එය එස්ටැබ්ලිෂ් වී අවසානය. එනම් පරිගණක දෙක අතර සම්බන්ධතාවය ඇති වී තිබේ.  දැන් work group එකක් නිර්මාණය කරගෙන PC-To-PC Network එක භාවිතා කිරීම ගැන කතා කරමු.




Work Group එකක් හදා ගන්නා ආකාරය...










1 පලමු පරිගණකයට මෙම settings ලබා දෙන්න. My Computer මත right click කර properties යන්න. එහි  Computer Name යන tab එක යටතේ ඇති  Change... යන්න ක්ලික් කරන්න.












2  දැන් මෙම පරිගණකයේ Computer Name එක  PC1 යනුවෙන් ද, Work group එක  WORKGROUP ලෙසද නම් කර OK කරන්න. පරිගණකය Restart කරගන්න. මෙලෙසම අනෙක් පරිගණකයේද  Computer Name එක  PC2 යනුවෙන් ද, Work group එක  WORKGROUP ලෙසද නම් කර OK කර  පරිගණකය Restart කරගන්න.

       ඔබ මුල සිටම ඉහත පියවරයන් නිවැරදිව අනුගමනය කලේ නම් මේ වන විට පරිගණක දෙකම කනෙක්ෂන් ok වී, Work group එක  
WORKGROUPලෙස තනි Work group එකකට ඇඩ් වී ඇත.දැන් කල යුත්තේ LAN එකට පරිගණක දෙකම Setup කරගැනීමයි. 
එනම් තුඩා පරිගණක ජාලයක් තනා ගැනීමයි.



















3   ඒ සදහා Start-->My Network Places යන්න.
























 4  විවෘත වන කවුලුවේ වම් පස තීරැවේ ඇති Set up a home or small office network යන්න click කරන්න. 
















5  මීලගට එන කවුලු දෙකම Next කරන්න.















6  දැන් Select a connection method යන්නෙන් එහි ඇති දෙවන ඔප්ෂන් එක තෝරන්න. එනම් ජාලයේ ඇති තවත් පරිගණකයකට කනෙක්ට් කිරීමට ඇති එම  ‍ ඔප්ෂන් එක තෝරා Next කරන්න.









7  ‍මෙහිදී Give this computer a description and name යන්නට අවශ්‍ය නම් මෙම පරිගණකය හදුනාගැනීමට පොඩි විස්තරයක් දැමිය හැක. එය අවශයම නැත. Computer Name යන්න ට කිසිත් Type නොකර Next කරන්න. මන්ද  මීට පෙර අපි මෙයට Computer Name එක යොදන ලදී.











8  දැන් Name your network යන්නට මීට පෙර අවස්ථාවක අප Work group එකට ලබා දුන්  නම මෙයට යෙදිය යුතුය. WORKGROUP යන්න තනි වචනයකින් යොදන්න.Next කරන්න.













9 ඊලගට Printer and file sharing on කරන්නදැයි අසයි. මෙහිදී Turn on files and printer sharing යන්න ටික් කර Next කරන්න. නැවත Next කරන්න.











10 දැන් Network එක share කරගන්නා අයුරැ Animation වේ.














11   අනතුරැව Just finish the wizard තෝරා Finish කර ජාලය ස්ථාපනය කිරීමේ කටයුතු නිමා කරන්න.










12  Local area connection icon එක ඉබ්බෙකුගේ ලකුණින් පෙන්වයි නම් එයින් කියන්නේ Network එක Fire-walled බවයි. එය අනවශ්‍ය නම් එහිම දකුණුපස ඇති Change windows firewall settings හරහා ගොස් Firewall එක  Desable කරගන්න. මන්ද සමහර අවස්ථාවලදී  Windows Firewall එක  හේතුවෙන් අපිට ජාලය ඇක්සස් කිරීමේ අවස්ථාව මගහරවයි. දැන් පරිගණකය Restart කරන්නැයි පණිවිඩයක් ආවොත් පරිගණකය Restart කරන්න.


13   PC-To-PC Network එක සම්පූර්ණයි. දැන් My network places ගොස් එහි වම් පස ඇති View workgroup computers යන්න ක්ලික් කල විට අනෙක් පස පරිගණක‍ය පෙන්වයි. එහි යම් කිසිවක් Share කලේනම් මෙහි සිටම ඊට ඇක්සස් කල හැකිය. එලෙසම DVD Writers, Printers ඇතුලු අනෙකුත් ඩිවයිසස් ෂෙයාර් කර ඇත්නම් (resource sharing) ඒවා භාවිතා කිරීමටත් පුලුවන.

ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්න....



Friday, November 19, 2010

Remote Desktop...පියවරෙන් පියවර

අද මම ඔයාලට රිමෝ‍ට් ඩෙස්ක්ටොප් එකක් එස්ටැබිලිෂ් කරන ආකාරය මුල සිට සරලව කියා දෙන්නයි හදන්නේ. මේකත් පරිගණක ජාලකරණය යටතේ කතාකරන මාතෘකාවක්. රිමෝ‍ට් ඩෙස්ක්ටොප් එකක් යනු අපගේ ජාලයට අයත් පරිගණකයකට Administrator කෙනෙක් විදිහට ලොග් වී Local Admin (ක්ලයන්ට්) ගේ අවසරය ඇතිව එම පරිගණකය දුරස්ථ ආකාරයට  භාවිතා කිරීමට අවසර ගෙන එය හැසිරවීමයි. Windows XP වලදී මෙය TCP/ IP(Transmission Control Protocol IP) නම් වූ නිර්මිතය උපයෝගී කරගෙන   ජාලයේ ඇති දුරස්ථ පරිගණකයකට ඇතුල් වීම සිදු කරනු ලබනවා. 








භාවිතයට ගැනෙන අවස්ථා...
1  අපි සරල උදාහරණයක් බලමු. ඔබ යම් කිසි LAN එකක (ජාලයක) ඇඩ්මින් කෙනෙක් හැයි සිතමු. ඔබේ ජාලයේ අනෙක් අන්තයක ඇති පරිගණකයක යම් කිසි ගැටලුවක් පැන නැගී යයි සිතමු. එවිට ඔබට  රිමෝ‍ට් ඩෙස්ක්ටොප්  එක හරහා එම පරිගණකයට ඇතුල් වී එය යථා තත්වයට ගෙන ඒමට පුලුවන.
 නමුත් ජාලය මුලුමනින්ම බිද වැටී ඇති අවස්ථාවක එය යථා 
තත්වයට නොගෙන මෙය ක්රියාත්මක කල නොහැකි 
වීම මෙහි ඇති අවාසියකි.

2 ඔබ Client කෙනෙක් ලෙස  කාර්යාලයේ පරිගණකයක වැඩ කරමින් සිටින විටකදී හදිසියේ ම ඔබේ පරිගණකයේ ගැටලුවක් මතුවුන විටකදී එය  Client PC එකක් නම් ඔබේ ඇඩ්මින්ව අමතා රිමෝ‍ට් ඩෙස්ක්ටොප් හරහා පරිගණකය යථා තත්වයට (fix your problem) ගෙන  ආ හැක.












ඉතින් මෙවැනි වැදගත්  රිමෝ‍ට් ඩෙස්ක්ටොප් සබදතාවයක්  LAN , WAN or modem connection එකක් හරහා සිදුකර ගැනීමට හැකියි. අපි බලමු එය සිදුකර ගන්නා ආකාරය.













රිමෝ‍ට් ඩෙස්ක්ටොප් ඇක්සස් එකක් හදා ගන්නේ කොහොමද?

1 පලමුවෙන්ම ඔබේ පරිගණකය පරිගණක  ජාලයක ඇති පරිගණකයක් විය යුතුයි යන්න මතක තබා ගන්න.






2 එහි My Computer රයිට් ක්ලික් කර Properties යන්න.
















3 Remote tab එක තෝරන්න.
















4 Default settings වල "Remote Desktop" යන්න ඇක්ටිව් වී නැත්නම් ඇක්ටිව් කරන්න.මෙහි ඇති check  box එක ටික් කිරීමෙන් ඇක්ටිව් කර ගත හැක.ඒ සදහා ඔබට ඇඩ්මිනිස්‍ට්රේටිව් රයිට්ස් තිබිය යුතුය. Limited accounted user කෙනෙකුට මෙය සිදු කරගත නොහැක.










5 ඉන් පසු Select Remote Users නම් බට්න් එක ක්ලික් කර Administartive permissions නැති අනෙක් යූසර්ස්ලා එනම් Limited accounted users add කරගන්න.Administartive permissions සහිත  යූසර්ස්ලා ඔටෝමැටිකලි add වෙන බැවින් ඔවුන් තෝරා දීම අවශ්‍ය නැත.ඔබට Administartive permissions නැති අනෙක් යූසර්ස්ලා ( Limited accounted users) add කරගැනීමට අනවශ්‍ය නම් මෙම ඔප්ෂන් එක භාවිතා කිරීමෙන් පලක් නොවේ. 




6 මීලගට ඔබට Log වීමට අදාල පරිගණකයේ User Name එක හා Password එක දැනගැනීමත්,  IP එක දැන ගැනීමත් අවශ්‍යය වේ.








7 ඉන්පසු  Start-->Programms-->Accessories-->Communications හරහා ගොස් Remote Desktop Connection තෝරන්න. 







මෙහිදී සදහන් කල යුතු වැදගත් දෙයක් නම් මෙම Remote Desktop Connection ෆැසිලිටි එක Windows old versions සමහරක දැකිය නොහැක. එනම්  Windows95, 98, ME, NT4, 2000 වලත්  සමහර versions වල පමණකි ඒ. එවිට Windows XPCD එකක්  Client PC එකට ඇතුල් කර ඔටෝ රන් වීමට සලස්වන්න. එහිදී  Install Windows XP යන්න තෝරා නොදීමට පරිස්සම්වන්න. ඒ වෙනුවට "Perform additional tasks" යන්න තෝරන්න. 







ඉන් පසු open වන window එකේදී  "Set up Remote Desktop Connection" යන්න තෝරා දී Remote Desktop Connection ෆැසිලිටි එක Install වීමට සලස්වන්න.













මෙහිදී මෙම විසාර්ඩ් එක පමණක් රන් කිරීමට මතක තබා ගන්න. (Just run the rest of this setup.)











8 ඉහත ආකාරයට ක්රියාත්මක වූයේ නම් ඔබ මේ වනවිටත් Remote Desktop Connection වින්ඩෝව ලබාගෙන ඇති. නැත්නම් Start-->Run ගොස් MSTSC යනුවෙන් ටයිප් කර වුවත් එම වින්ඩෝවම ලබාගත  හැකියි.










9 දැන් ඔබට Log වීමට අවශ්‍ය පරිගණකයේ User Name එක හෝ IP එක ලබාදෙන්න. ඒ වගේම එහිම දකුණු පසින් දිස්වන Options යන්න තෝරා Adjust කර ගැනීමෙන් ඔබගේ Bandwith එක ඔප්ටිමයිස් කර ගැනීමටත් පුලුවන. මෙය Perfomance වැඩිකර ගත හැකි කදිම මෙවලමකි.








Tab : General
මෙහිදී ඔබ දැනටමත් ලබා දී ඇති User Name එක හා Password එක බලා ගැනීමටත් අවශ්‍ය නම් වෙනස් කර ගැනීමටත් හැකියාව ඇත.එමෙන්ම  අවශ්‍ය නම් එම Settings නැවත භාවිතා කිරීමේ පහසුව සදහා  සේව් කර ගත හැකි අතර  පෙර සේව් කර ඇති Settings හා Values ඕපන් යන්නෙන් ඕපන් කරගත හැක. 
















Tab : Display
ඔබ LAN Network එකක් හසුරවන්නේ නම් , Connection එක ස්පීඩ් නම් මෙය එතරම් වැදගත් නොවනු ඇත. ඒත් Modem එකක් භාවිතා කරයි නම් Connection එක Optimize කර ගත යුතුය. මේ සදහා lower Color 
resolution එකක් හා  smaller Remote Desktop size එකක් තෝරා ගන්න.



















Tab : Local Resources

මෙමගින්  Sound configure කරගත හැකි අතරම රිමොට්ලි ලොග් වෙන පරිගණකයෙන් access විය හැකි  local devices , එනම් printers, Com ports ඇතුලු removable devices configure කරගත හැක.












Tab : Experience
කනෙක්ෂන් එක ඔප්ටිමයිස් කර ගැනීම සදහා connection speed එක තෝරාගත හැක.එමෙන්ම transmission 
time එකට බලපාන අලංකාරය සදහා යොදාගන්නා තීම්ස්, ඇනිමේෂන්ස් ආදිය de-select කරගත හැක. මෙහිදී එම සියලුම Features de-select කර ගන්නා තරමට හොද efficiency එකක් අපට ලබාගත හැක.








Once the connection is properly configured, you are ready to Connect...





10 දැන් connect යන්න ක්ලික් කර ඔබට අනෙක් පරිගණකයේ User Name එක හා Password එක ලබා දී අවශ්‍ය  පරිගණකයට රිමෝට්ලි ලොග් විය හැක.














 එයින් ඉවත් වීමට නම්   Start --> Disconnect තෝරා ලොග්ඕෆ් වෙන්න. 










Remote Desktop එකේදි පුලුවන් LAN එකක පරිපාලනය විතරයිනේ. ඊටත් එහාට ගිහින් අන්තර්ජාලය හරහා ලොව ඕනෑම තැනක පරිගණකයක් මෙහෙයවිය හැකි බලවත්  නව මෘදුකාංග රාශියක්ම අපට download කර ගන්නත් පුලුවන්. TeamViewer ඒ අතර ප්රධාන තැනක් ගන්නවා...ඊට අමතරව GoToMyPC, Manage Engine Desktop Central, WallCooler VPN වැනි ඒවත් හොදයි.


ගැටලු ඇත්නම් ඒවත් අහන්න...
හැබැයි ඉතින් ලැබෙන කමෙන්ට්ස්  නම් මදි...අඩු ගානේ බැනල හරි කමක් නෑ කමෙන්ට් එකක් දැම්ම නම් නේද හොද...





Wednesday, November 17, 2010

පරිගණක ජාලකරණය පාඩම 1



අද සිට මම පරිගණක ජාලකරණය පිලිබදව ලිපිපෙලක් ඉදිරිපත් කරනවා. ඉඩ ලැබෙන විදිහට පියවරෙන් පියවර මේ ලිපි පෙල ඉදිරිපත් කිරීමයි බලාපොරොත්තුව. මගේ බ්ලොග් එක ලියන්නත්, අනෙක් බ්ලොග් කියවන්නත් කාලය විදිහට බොහෝවිට මම යොදා ගන්නේ මැදියම් රැයට ආසන්න කාලයක්. ඒ කාර්ය බහුලත්වය නිසයි. මොකද පොඩි ‍ජොබ් කට්ටක් සෙට්වෙලා තියෙන්නේ මේ දවස්වල. කොල්ලෙක් වුනාම ජොබ් කට්ටක් හොයාගන්න එක අද කාලේ හැටියට කොච්චර අමාරැද කියලා ඔයාලත් දන්නවා ඇතිනේ. ඒක රැක ගන්නත් එපැයි. දවල් වරැවක ලොග් වෙන්නේ එහෙමත් වෙලාවක. ඒත් නිවාඩු නම් විතරයි. ඉතින් කියවීමේදී යම් ගැටලුකාරී තැනක් දැක්කොත්, අඩුපාඩුවක් ඇති තැනක් දැක්කොත්, තවත් කරැණු යෙදෙන්න ඕන තැනක්  දැක්කොත් ඒ ගැනත් නොපමාව සදහන් කරන්නැයි කියා නිහතමානීව ඉල්ලීමක් ඉදිරිපත් කරන්නත් කැමතියි. කමෙන්ටුවකින් ඒ ගැන සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා.

පරිගණක ජාලයක් යනු  එක පරිගණකයක ඉදගෙන  එකිනෙක හා සම්බන්ධ කොට ඇති පරිගණක සමූහයකින් සියළු වැඩ කටයුතු සිදුකිරීමට හැකියාව ලබාගන්නා ක්රමයකි. මේ සම්බන්ධව ඕන තරම් ලිපි ලියැවී ඇති බැවින් තවදුරටත් සමාලෝචනය කිරීමෙන් ලිපිය දිගු කිරීමේ අදහසක් නෑ. වැඩි දුර විස්තර විකිපීඩියාවලින්ම බලාගත හැකියි.

පරිගණක ජාලකරණයේ දී මූලිකවම සිදුවන්නේ පරිගණක 2ක් හෝ කිහිපයක් යම්කිසි මාධ්‍යක් ඔස්සේ සම්බන්ධ කර ඒවායේ ඇති දත්ත හුවමාරු කරගැනීම (Data Sharing) හෝ එකිනෙක අතර දත්ත සම්ප්‍රේෂණයකි (Data Communication). මූලික වශයෙන් මාධ්‍ය 2 ක් හරහා මෙය කරගත හැක.

1.     නිදහස් අවකාශය ඔස්සේ  දත්ත සම්ප්‍රේෂණය -
මෙහිදී     මූලික  වශයෙන්
a. රේඩියෝ තරංග (Radio Waves)  
b. අධෝරක්ත කිරණ (Infrared Waves)
c. ක්ෂුදූ   තරංග (Micro Waves) වැනි කිරණ වර්ග භාවිතා වේ.
    මෙම කිරණ වර්ග සියල්ලක්ම දෘෂ්‍ය පරාසයට වඩා සංඛ්‍යාතයෙන් අඩු නිසා පියවි ඇසට දැකි නොහැකි වේ. මෙහි පහතින් දැක්වෙන්නේ එහි දල රෑප සටහනකි. 






2. භෞතික මාධ්‍යන් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය
මෙහිදී     මූලික  වශයෙන්,
a. කොඇක්ෂියල් රැහැන් - Coaxial Cable 
 කොඇක්ෂියල් කේබල් තැනී ඇත්තේ ඇතුලතින්ම වූ සන්නායක තන්තුවක් වටා පරිවාරක කොටසක් ආවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එම පරිවාරක කොටස වටා යළිත් සන්නායක තන්තු දැලක් ලෙස පවතී. මෙම තන්තු දැලට පිටින් යළිත් පරිවාරක ආවරණයක් සම්බන්ධ වී ඇත. මෙම  රෑප සටහන මගින් එය පැහැදිලි කර ගත හැක.   


b. යුගල රැහැන් - Twisted  Pair Wire



    යුගල රැහැන් නිර්මාණය වී තිබෙනුයේ පරිවාරක වලින් ආවරණය වූ සන්නායක තන්තු 2 ක් එකිනෙක එතීමෙන් තැණුන යුගල තන්තු කිහිපයක් නැවත වතාවක් පොදුවේ තවත් පරිවාරක කොටසකින් ආවරණය වීමෙනි. දැනට ලංකාවේ බහුලවම භාවිතාවන කේබල් වර්ගයයි.








c. ඔප්ටික් ෆයිබර්-(ප්‍රකාශ තන්තු) Optic Fiber 




මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ (silicon) වීඳුරු සූත්‍රිකා වලින් සමන්විත වේ. ගමන් කරන්නේ සිහින් ආලෝක ධාරාවකි. මෙමගින් ආලෝකය ඉතා දිගුදුරකට, විහිදුවන හෙයින් ඉතා ඉහල දත්ත පරාසයක්  ඉතා දිගු දුරකට  සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති.   දිගුදුර 
Cabling සදහා යොදාගැනීමට දැනට ලෝකයේ ඇති    හොදම රැහැන් වර්ගය  මෙයයි. ලංකාවට මේ තාක්ෂණය ඊයේ පෙරේදා පැමිණි අලුත් තාක්ෂණයක් වුවත් LTTE සංවිධානය විසින් මෙම තාක්ෂණය 2000 වර්‍ෂයේ පමණ සිටම භාවිතා කර ඇතිබවට සාධක අපේ රණවිරැවන්ට හමුවී තිබෙනවා. ඔවුන් එම කාල වකවානුවේදී එක්රැස් කරගත් Fiber Optic Cable තොගයද අති විශාලයි. මෙම ඳෘෂ්ටික තන්තු විඳ්යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී. 















    මීලඟට ජාලගත කළ හැකි ආකාර පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වේ. මේවා Network Topologies ලෙස හඳුන්වා ඇත. මූලික  වශයෙන් Network Topologies  වර්ග 4 ක් හඳුන්වා දිය හැක.



   
     1.    Bus Topology -  නිය මග ජාලය









    2.    Ring Topology -  මුඳු ජාලය












         3.    Star Topology - තරු ජාලය









        






 4.    Mesh Topology - දල ජාලය     










නැවත හමුවෙමු...