Thursday, June 21, 2012

CCTV කැමරා පද්ධති - 2

    

      අද මං කියන්න යන්නේ මේ  CCTV කැමරාවල  පවතින විවිධ ආකාරයන් පිළබදව.  මෙසේ විශේෂයක් ලෙස වර්ග වෙන්න බලපාන සාධකයන් තමයි කිහිපයක් තිබෙනවා. ආලෝක තත්වයන් යටතේ ඒවායේ ක්‍රියාකාරීත්වය, කැමරාවල body shape එක, රැහැන් සහිත රැහැන් රහිත හා ජාලයක් හා සම්බන්ධවු විට ඒ ඒ කැමරාවල හැසිරීම, inteligence බව යනාදින් මත අපිට මේවා වර්ග කල හැකියි.

Infrared Security Cameras | IR CCTV

අපි මෙම කැමරා විශේෂය IR CCTV ලෙසින්  Infrared යන නම මුල් කොටගෙනයි.  Infrared security camera වර්ගයේදී එයට හැකියාවක් තියෙනවා ඉතාමත් අඩු ආලෝක තත්වයන් යටතේ හෝ එහෙමත් නැත්නම් ආලෝකය zero light levels (0 Lux)වී අදුරැ තත්වයන් යටතේ වුවත් වීඩියෝ එකක් capture කරගැනීමේ හැකියාව. අපි මේ Lux කියලා මෙතනදි හදුන්වන්නේ යම් කිසි වස්තුවක් මතට එල්ලවනු ලබන ආලෝක තත්වය මනිනු ලබන සම්මත මිනුම් දණ්ඩයි.

උදා -
 1 Lux = මීටරයක් ඈතින් දැල්වෙන ඉටිපන්දමක එලියෙන් වර්ග මීටර එකක් තුල පතිත වන ආලෝක කිරණ ප්‍රමාණය.


මෙන්න Infrared Spectrum ප්‍රස්තාරය.


                ඉතින් ඒ නිසා රාත්‍රී කාලයේ භාවිතයට ගත හැකි කැමරා විශේෂයක් නිසා අපි මෙය Night Vision Security Cameras යනුවෙනුත් හදුන්වනවා. IR කැමරාවල කැමරාවේ lens එක වට කරමින් රවුමක් ආකාරයට IR LEDs පිහිටුවා තිබෙනවා මේ "Night Vision" එක ලබා ගැනීම සදහා. IR වල ඇති විශේෂත්වය තමයි ලෙන්ස්  එක ආවරණය කරමින් රවුමක් හැඩේට පිහිටා ඇති  ඉන්ෆාරෙඩ් එල්ඊඩී නිසා ඝණ අදුරේ වුවත්  (total darkness) , අඩ අදුරේ වුවත් (low light) ඉතා හොද තත්වයේ රෙකෝඩින් එකක් ලබා ගත හැකියි. අපි ඒ IR LEDs හදුන්වනවා illuminators යන නමිනුත්. මෙම විශේෂය super powered  LED විශේෂයක්.  ඊටත් වඩා හොද තත්වයෙන් යුත් Night Vision Security Camera පද්ධතියක අවශ්‍යතාවය ඇත්නම් අපිට වෙනමම IR CCTV outdoor Illuminator එකක් භාවිතා කරමින් ඉහතින් ලැබෙන රෑපවල ගුණාත්මක භාවය වැඩි කරගැනීමටත් හැකියි. ඉතින් මේ  IR CCTV  පටලවා ගන්න එපා  thermal imaging devices සමග. මෙම පද්ධතින් temperature එක මත පදනම්ව නොවෙයි video surveillance සිදුකරන්නේ. ඉතින් මේ Night vision camera අපිට  black and white  color night vision camerasසහ  color night vision cameras යනුවෙන් වර්ග දෙකකින් හදුනාගත හැකියි.  දහවල් ආලෝකය හොදින් පවතින අවස්ථාවලදී වර්ණ රෑපාවලි ලබාදෙන අතර රාත්‍රියේදී  IR LED’s භාවිතා කරමින් කලු සහ සුදු වර්ණයන්ගෙන් යුතු පැහැදිලි රෑපාවලි ලබාදෙනවා. එහෙම වෙන්න හේතුව තමයි low light level එකකදි වර්ණ රෑපයක් ගන්නවට වඩා හොද ගුණාත්මයෙන් යුත් වීඩියෝවක්  black and white වලදී ගත හැකි වීම. ඉතින් මේ කැමරාවක් තුලම එන built-in light sensor එක මගින් එය නිශ්චය කරගන්නවා දැන් මේ තියෙන ආලෝකය ඇතිද කැමරාවට වර්ණ රෑපාවලිය සදහා හෝ නැත්නම් IR LED’s භාවිතා කරමින් night mode  එකට මාරැවිය යුතුද යන්න.  අපිට මේ IR CCTV තවත් වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකියි.


  1. IR Bullet Cameras
  2. IR Dome Cameras
  3. License Plate Capture / LPR  

IR Bullet Camera 












         මේ කියන ආකාරය අපි lipstick camera කියන නමිනුත් හදුන්වනවා.  හරියටම මේ විශේෂය පතොරමක මෙන්ම lipstick එකක හැඩයට නිමවුවක් නිසයි මෙනමින් හදුන්වන්නේ. ඒ කියන්නේ කැමරාවට නම ලැබී තියෙන්නේ  කැමරාවේ  body shape එක මත පදනම්වයි. මෙම කැමරා  විශේෂය පිටත  යෙදවුම් (outdoor applications)සදහා යොදාගන්නක්.මෙම විශේෂය fully weatherproof කැමරාවක් වෙනවා. එමෙන්ම කැමරාවේ ආරක්ෂාව සදහා වෙනමම housing එකක අවශ්‍යතාවය ඇති වන්නේත් නැහැ.එමෙන්ම ඉති කුඩා අවකාශයක් හොදටම ඇති මෙය පිහිටුවීමටත්. ගොඩක් වෙලාවට අපි night vision camera එකක් ගැන කතා කරොත් කතා කරන්නේ මෙන්න මේ Bullet Camera කියන ආකාරය කියන ආකාරය පිළිබදවයි. නිවෙස් මෙන්ම ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාවට මෙන්ම ආරක්ෂක අංශවල කටයුතු තවත් ලෙහෙසි කරගැනීමටත් මේවා වර්තමානයේදී භාවිතා කරනු දැකිය හැකියි. ලෙන්ස් එක වටා ඇති  IR LED ප්‍රමාණය ගණනින් 12 සිට 90 දක්වා වර්තමානයේදී දැකිය හැකියි. ඉතින් බලන්න මේ පහලින් මම ලින්ක් කරලා තිබෙන වීඩියෝවෙන් කොහොමද මේ Infrared Security Cameras එකක් වැඩ කරන්නේ සහ එහි පිහිටුවා තිබෙන sensor එක මගින් මම කලින් කීව ආකාරයට day mode වල සිට night mode වලට මාරැ වෙන ආකාරය ගැනත්.



8 comments:

  1. Pattama pattai macho umbe blog eka. Patta pata pata...D ...eda indanma e vage.hamathanama tiyenne ganna one deyak.boho pin saho me karagena yana vedeta...All the best.Mamath kurunegala kollek. Adambarai ape ekek me vage deyak karana eka gana.

    ReplyDelete
  2. නියමයි දිගටම පාඩම යනව නේද. configuration වෙනකම්ම

    ReplyDelete
  3. රන්ජන

    ගොඩක් වැදගත්...මේ ලිපි පෙල නම් ගොඩක්ම වැදගත් වේවි...කැමරා ගැන නම් ඇත්තටම දැනුමක් නෑනෙ අපිට ඒ හැටි. විශේෂයෙන් මේ සීසීටීවී ගැන. ගොඩක් වැදගත්.එදා ඉදන්ම වැදගත් වගේම ඉගෙන ගන්න ඕන කරන නුතන තාක්ෂණය ගැන කියවෙන සයිට් එක්ක තමයි මේක.මමත් IT ගුරැවරයෙක් විදිහට කටයුත් කරනවා අනුරාධපුර පැත්තේ පාසලක.අපි ඇත්තටම මේ විෂයන් පිලිබදව කියවනවා අඩුයි.අපි ඉගෙන ගෙන තියෙන්නේ IT කියන විෂය තුල ගොඩක් කල් පැන ගිය සිද්ධාන්ත.මම හිතන්නේ නිතරම අපි යාවත්කාලින වෙන්න ඕන මේ විෂය සම්බන්ධව.මමත් බොහොම අමාරැවෙන් මේ තාක්ෂණීක විස්තර සම්බන්ධව පලවෙන ලිපි ඉංග්‍රීසියෙන් කියවන අතරෙයි මේ ඔයාගෙ බ්ලොගය දැක්කේ.අදයි පලවෙනි වතාවට කමෙන්ට් කරන්නේ.ඔබේ රැකියාව මොකක්ද දන් නැති වුනත් ඔයා ගැරැවරයෙක් වුනත් නැතත් , ගුරැවරයෙක් විදිහට දැනුම බෙදන එක තමයි දැන් මේ ඔයත් කරන්නේ මේ.මම අපේ ස්ටාෆ් එකට වගේම ලමයින්ටත් මේ බ්ලොගය ගැන කියලයි තියෙන්නේ.හැකි අය බලයිනේ.නැතත් මම මේ සියල්ලම pdf එකකට අරන්ගන්නවා.තරහ නෑනේ.බොහොමත් පින් සිද්ධ වෙන වැඩක්.ශක්තිය ලැබෙන්න ඕනෙ මේ වැඩ දිගටම කරගෙන යන්න.ජය පතනවා මං...

    ReplyDelete
  4. Patta fata fata.eda indanma ehemai umbe blogiya.jaya veva...man fb valatath damma me gana.ela.

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි කමෙන්ට් කරපු හැමෝටම. මාව ඇගයිම මං නිහතමානිව පිලිගන්නවා. ලොකු ශක්තියක් ඒක මටත් ‍මේ වගේ දෙයක් කරන්න ලැබීම. මං ආරාධනා කරනවා මේ ආරක්ෂක කැමරා පද්ධති ක්ෂේත්‍රයේ සම්පුර්ණයෙන්ම නියැලිලා ඉන්න සහෘදයින්ට මේ ලිපිපෙල හරවත් තැනකට ගෙන එන්න සහයෝගය දක්වන්න කියලා. මොකද මේ ගැන හොද පලපුරැදු පිරිස් ඉන්න නිසා අපිට එයාලගෙන් හොද දැනුම් සම්භාරයක් ගන්න හැකිවේවි.

    ReplyDelete
  6. මා දැනට cctv කැමරා සවිකිරීමේ කටයුත්තේ නියැලිලා ඉන්නෙ.හැබැයි තවම එක ඕඩරයයි ආවෙ. ඒකනම් හොඳට කලා.හැබැයි මේ ලඟදි බැකප් power supply එකක් දැම්මෙ නැති නිසා ඒකෙ hdd එක පිච්චුනා.නිතරම current එක drop වෙන සිද්ධියක් උන නිසා.දැන් ඒකත් හරි.උඹේ මේ වැඩේනම් නියමයි මචෝ.දිගටම ලියපන්.ජයවේවා....!!උඹේ වැඩේන් මිනිස්සු දැනුවත් වෙලා අපිට ඕඩර්වත් එන්නෙ නෑතෑ.:)

    ReplyDelete
  7. ko ban dhan balagena idala athi wela.ikmanata post ekak dapanko.

    ReplyDelete