ගාලුමුවදොර එහෙමත් නැත්නම් Galleface කියන්නේ , කොළඹ කියන නම ඇහුණමත් කර්කශ චිත්‍රයක් මවන කොන්ක්‍රීට් අච්චාරුවට යන්තම් හෝ සෞම්‍ය බවකුත් එක්ක හරිත පැහැය කැටි කර ගත් නිල් පැහැය අරන් එන සොඳුරුම තැනක්. මට නම් ඉතින් උදේ නැගිට්ටත් හවසට ආපහු ආවත් කොයිම වෙලාවක වුනත් ඇසේ මානයෙන් මේ කියන සුන්දර ස්ථානය මඟ ඇරෙන්නෙ නෑ. ඈත ඉඳන් බලද්දි පේන මුහුදේ සුන්දරත්වය ත් එක්ක හිරු බැස යන අපූරුව බලන්න මම නම් පින් කරලා තියෙනවා. කට්ටිය හිතයිද දන් නෑ “යකෝ මූ නම් හෝටලයක නැවතිලා ඉන්න රජ පුතෙක්ද කොහෙද කියලා.“ හපොයි නෑ නෑ. මට එච්චර ගෙවන්න තරම් සල්ලියක් නෑ හෝටල්වල ඉන්න තරම්. බලමු කවුරු හරි guess කරයිද කියලා මං ඉන්න ඉසව්ව. නිතර යන එන එකේ මේ ගැන නොලීවොත් ඒක Galleface එකට කරන අඩුපාඩුවක් වේවි කියලා ඔන්න මං ලියනවා. ඉතින් නිදහසත් සමඟ කැටි වුන විවේකයේ සුවදායක සුළං ප්‍රවාහයන් කොළොම්තොටට පැමිණෙන ඒ පුංචි කඩ ඉම ගැන තමයි
අද මේ කතාව. මට නම් Galleface කියන්නේ තනිව හෝ මිතුරන් කණ්ඩායමක් විසින් යෙදෙන රස්තියාදු සවාරියක් කෙලවර වෙන තැනක්. මම කීවේ ඒ අපේ හැටියට නම්. පෙම්වතියක් ඉන්න පෙම්වතෙක්ට නම් කාලය ගැනවත්, වටපිටාව ගැනවත් වගේ වගක් නැතුව එකිනෙකාට තුරුලු වෙලා ඉර මුහුදේ හැංගිලා යන අපූරුව ජීවිතයේ එක් වරක් හෝ වින්දනය කරන්න තරම්, වින්දනය කල යුතු තරම් වටින තැනක්. "තමන්ගේ රස්තියාදු ගමනක කෙලවර Galleface" කියල කීවත් වැඩිහිටි උදවිය වගේම කාර්යාල තුල දවසම හිරවෙලා ඉඳලා හවසට විඩාව නිවා ගන්න එන අයට නම් ඒ වචනය ගැලපෙන් නෑ. බොහොමයක් දෙනාට Galleface කියන වචනය ඇහුණ ගමන් පෙට්ටි කඩ, ඒ කඩවල රත් වුන තාච්චි මත දුම් දමමින් බැදෙන කෑම ජාති, නොයෙක් පන්නයේ පාට පාටසරුංගල්, ජනාකීර්ණ බව, ඝෝෂාව, බංකු මත පෙමින් වෙලීගත් පෙම් යුවල්, රල බිඳෙන ඝෝෂාව අස්සේ අතොරක් නැතිව කෑ ගසන වෙලෙන්දන්, පෝනියෙක් පිටේ නැඟිලා යන පුංචි එකෙක් හරි මහ එකෙක් හරි, නැත්නම් හිනාවෙවි වටේ පිටේ ගැන වගක් නැතුව යන සුද්දෝ සුද්දියෝ සැට් එකක් වගේ නොයෙක් චිත්‍ර එක එක්කෙනාට මතක් වෙනවා ඇති. මට නම් අසීමාන්තික නිදහසත් සමඟ කැටි වුන හුදකලාවීම පිළිබඳව ප්‍රමෝදයක් තමයි මුලින්ම හිතට එන්නේ. වැඩත් එක්ක හිර වෙලා ඉඳලා ඉඳලා ....හරියට කුරුල්ලෙක්ට පියාඹන්න අත්තටු ලැබුනා වගේ.
(ඔය වම් පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ මේ මං තමයි. පේනවා නේද නලුව වාගේ උජාරුවට ඉන්න අපූරුව...D ංංං::: අනිත් උන් මගෙ යාලුවො ටික..)
මෙයට Galleface යන නම ලැබීම පිළිබඳවත් විවිධ කතාන්දර තියෙනවා. ගාලු පාරට යන්නේ මෙතන පහු කරන් නිසා මේ ස්ථානයට Galle Pass කියන නම ව්‍යවහාර වෙලා පසුව Galleface බවට හැරුනාය කියන මතය ප්‍රචලිත එකක්. මේ නම හැදුන හැටි ගැන තවත් අදහස් තියේ නම් අපේ යාලුවෝ සඳහන් කරාවි. 1856 දී තමයි එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වෙලා හිටපු Sir Henry Ward විසින් මේ ස්ථානය සක්මන් කල හැකි තීරුවක් ආකාරයට නිර්මාණය කරන්නේ. මේ තීරුව අද දකින්න තියෙන කොටසට වඩා දිග බව ඉතිහාසය කියා පානවා. Galleface කියන්නේ පශ්චාත් බටහිර විජිත යුගය විදහාපාන ජීවමාන කැඩපතක්. සම්පූර්ණ වපසරිය අක්කර 12 කට ආසන්නයි. නමුත් අතීතයේ එය මීට වඩා ග්‍රාම්‍ය බවින් පිරිපුන්ව හා ප්‍රමාණයෙන් වැඩිව තිබිණාලු. පෘතුගීසී, ලන්දේසී හා ඉංග්‍රීසී පාලන සමයන්හිදී මේ ප්‍රදේශය නිල්ලෙන් වැසුණු බිමක්. විවිධ ශාඛ වර්ග වලින් පිරුණු බිමක් වෙලා තිබුනා. ඔවුන් මුල් කාලීනව තුරඟ තරඟ පැවැත්වීම සඳහාත් පසුව යුධමය අවශ්‍යතා සඳහාත්, පසුව නඩු අහන ජූරිය රැස්වෙන තැනක් විදිහටත්, හේවාපන්න සඳහා ව්‍යායාම දෙන තැනක් වරිදිහටත් භාවිතා කෙරුණ බවත් සඳහන් වෙනවා James Cordiner නම් ගවේෂකයාගේ ලංකාව ගැන වර්ණනාවක් කියන පොතේ. ආහ් කියන්න බැරි වුනානේ. ඒ පොත මම මෑතකදි කියවපු ලංකාවේ ඈත අතීතය බොහොම අපූරුවට හිතේ මවා පාන ලස්සන පොතක්. තව ටිකක් ඒ පොත ගැන විස්තර කරොත් වරදක් වෙන් නෑ. හොයාගෙන කියවන්න තරම් වටින පොතක්. මොකද ඒ තරම්ම කරුණු තියෙන වැදගත් පොතක්. මං ගොඩක් කැමතියි ඔය ඉතිහාසය වෙන රටවල ශිෂ්ටාචාරය එහෙම ගැන ලියැවුණු පොත පත කියවන්න. වර්ෂ 1799 සිට 1804 දක්වා පස් වසරක් කොළඹ බ්‍රිතාන්‍ය බළකොටුවේ සේනාංකයෙහි දේවගැති ධූරය දරමින් ලංකාවේ වාසය කළ මේ (ජේම්ස් කෝඩිනර්) දේවගැතිතුමාගේ A Description of Ceylon (“ලංකාව ගැන වර්ණනාවක්” – පරිවර්තනය නිස්සංක පෙරේරා) කෘතියෙහි එන ඇතැම් විස්තරයකින් කොළඹ වෙළෙඳාම ගැනත් බොහෝ කරුණු දැනගත හැකිය. කොළඹ වෙළෙඳ නගරයක් වූයේ අද ඊයෙක නෙවෙයි. පෘතුගීසින් අහම්බෙන් හෝ ලංකාවට ගොඩබසිද්දී පවා කොළඹ වෙළෙඳ නගරයක් වී හමාරයි. කොළඹ වරායට එන ලොරෙන්සෝ ද අල්මේදා මුලින් ම දකින දර්ශන අතර වැදගත් ප්‍රධාන දර්ශනයක් වන්නේ වෙළෙඳාමයි.
කොළඹට එන්නෙකුට වරෙක ඔහු දෙන උපදෙස මෙසේයි.
”... කුලී රථයක් හෝ රික්ෂෝ රථයක් ගෙන කෙළින් වීදිය නැරඹීමට යන්න. එහි ඉන්දියානු සාප්පු බොහෝ තිබේ. ඉන් එකක් අබියස නවතා සාප්පුවට ගොඩ වෙන්න. ඉන්දියානු සේද රෙදි හා සාරි වර්ග ඔබට නානා මාදිලියෙන් දැකගත හැකිය. පවුම් දෙකේ සිට පවුම් සියය දක්වා මිල ගණන්වලට සාරි ඇඳුම් පැලඳුම් මෙහි තිබේ. ... මිල ගණන් ද වැඩි නැත. රෙදි වැඩ දමන කාමරයක් ඔබට බැලීමට අවශ්‍යද? ඉල්ලා සිටි විටෙක ඊට අවසර ලැබේ. ළපටි තරුණ පිරිමි ළමයින් මෙන්ම උපැස් දමාගත් මහල්ලන් ද පුදුම වේගයකින් සිය අත්කම්වල විස්කම් දක්වන ලීලාව ඔබට දැකගත හැකිය.”
කොහොමද ඉස්සර ලංකාව කොච්චර අපූරුද?
(පැරණි
ගාලුමුවදොර - උපුටා ගැනීම ගූගල් දෙයියන්ගෙන්)
ඉතින් ගාලුමුවදොර ඉතිහාසය කියන්න නෙමෙයි හැදුවේ. සුන්දරත්වය කියන්නයි. W.A.සිල්වා මහතාගේ රදල පිළිරුව කෘතියේ එන රපියෙල් බාස් තමන්ගේ දෝණියැන්දාව හා ගෙදර උන්දෑව සවස් යාමයේ ගාලුමුවදොර වෙත යවන්න හදන්නේ ඒක ඒ කාලයේ ඉහල පැලැන්තියේ අය පමණක් යන එන තැනක් නිසාවෙන්. ගත් කතුවර මාටින් වික්‍රමසිංහයන් විසින් රචිත බොහෝ කෘතිවලත් මේ ගාලුමුවදොර පිළිබඳව පශ්චාත් යටත් විජිත සමය අලලා කෙරුණු සලකුණු බොහොමයක් දකින්නට පුලුවන්. අද වුනත් ගාලුමුවදොර වෙත යන්නෙකුට යටත් විජිත සමයන්හි නෂ්ටාවශේෂ දකින්නට හැකියි. එක් පසෙකින් 1800 ගණන් දක්වා ඈත ඉතිහාසයකට හිමිකම් කියන Galleface Hotel එක ඒ අතීතය හා වර්තමානය මැනවින් විදහා පාන සලකුණක්. ඉස්සෝ වඩේ කරත්ත Galleface එක හා ගහට පොත්ත වගේ බද්ධ වී පවතින දෙයක්. අද වෙනකොට මේ ඉස්සෝ වඩේ සංස්කෘතියට බොහෝ ආහාරපාන එකතු වෙලා. ලුණු මිරිසත් උඩින් තවරලා දෙන මේ ඉස්සෝ වඩේ එකක් හපමින් ඒ මේ අත සැහැල්ලුවෙන් ඇවිද යන පෙම්වතුන්, රස්තියාදුකාර තරුණයින්, මිතුරු කාණ්ඩ හවස් යාමේ වෙද්දි සුලභයි. ඒ අතරේ පිට් පොකට් කාරයන්ගෙන් වගේම තමන් ගෙනාපු අයිපොඩ් එකයි, ගැලැක්සියයි, ටැබ් එකයි, ලැප් එකයි ඔක්කොම දිග ඇරගෙන අව් කණ්ණාඩි කුට්ටමකුත් දාගෙන, අර උජාරුවට On කරගත්ත උපකරණ ඔහේ තියෙද්දි අහල පහලින් යන කෙල්ලන් දිහා ගිජු බැල්ම දාගෙන කෙල්ලෙක්ව සෙට් කරගන්න හදන උදවියගෙනුත් කිසිම අඩුවක් නෑ. මම නම් කියන්නේ ඒ අයගෙනුත් බොරු පුරාජේරුකාරයින් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි. හැබැයි ඉතින් මම යන්නෙ නම් කලුපාට ඩොට් ඩොට් සෙරෙප්පු දෙකත් දාගෙන, කකුල් දෙකෙන් එක කකුලක් විලුඹ ගාවින් ඉරුණු දුඹුරු පාට ඩෙනිමකුත් ඇඳගෙන , මොකක් හරි අහු වෙන ටී ෂර්ට් එකකුත් ඇඟේ පටලවාගෙනයි. ඒ නම් ඉතින් රස්තියාදුකාර කම පෙන්වන්න නෙමෙයි. මට තියෙන්නේ එච්චර නිසා. වටේ මිනිස්සු ඕනෙ දෙයක් හිතපුවාවේ. මාව දකින යාලුවො හිතන්නේ මෙහෙම"මූ නම් කාණ්ඩෙට වැටුන එකෙක්". ගමේ යාලුවෙක් දැක්කොත් හිතන්නේ"පෙනේද මූ මෙහෙදි ඉන්න හැටි. හප්පේ ගෙදර මිනිස්සු මූ ගැන කොච්චර නම් බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ. පව් ඒ මිනිස්සු. මහම මහ රස්තියාදු කාරයෙක්ද කොහෙද , අපරාදේ මෙහේ ඇවිත් නිකන් දෙමාපියන්ටත් එක්ක ලැජ්ජා කරනවා. ඉදපන්කො මම ගිහාම මුන්ගෙ ගෙදරට කියන්න පුතණ්ඩියාගේ කෙරුවාව ගැන" ඔන්න ඔහොමයි. තව ගමේ මාමා කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි දැක්කොත් හදිස්සියට ගෙදර දුවන එක තියා ගමේ පස් පාගලත් ඉවරයි. නැති දේවල් ඇඳලා පෙන්නනවාට වඩා , ඇති දේවල් පොඩ්ඩ උනත් අර නැති දේට වඩා ඒක වටිනවා මම හිතන්නේ.
(අනේ මේ නම් මම නෙවෙයි හොඳේ...මේ දෙන්නා කවුරු උනත් දෙන්නගේ privacy යට කැලලක් නොවෙන්න පිටිපස්ස පැත්තෙන් ඉඳන් ගහපු එකක්...)
අපිට යුගයකට දෙකකට කලින් Galleface ආපු උදවියගෙන් ඒ ගැන අහුවොත් අද ට වඩා ඒ පරණ Galleface එක කොච්චර සිරියාවන්තද කියලා දැන ගන්න පුලුවන්. ඒ කාලේ දුවනගිරිය ගැනත් බොහොම අපූරු විස්තර කියයි. දුවනගිරිය කියන්නේ කෑම කරත්තවලට. කෑම ප්‍රදර්ශන කවුළු සහිත සරල කරත්ත. උදුන් තියෙන ඒවාත් තිබෙනවා. කප්පරක් වූ වඩේ වර්ග, සමෝසා වැනි ආහාර ඒවායේ සැකසෙනවා. සමහර ඒවායේ සිසිල්බීම, අයිස්ක්‍රීම් එහෙමත් විකුණන්න තිබෙනවා. තරුණ තරුණියන්, පෙම්වතුන් පෙම්වතියන්, දරුමල්ලන් සමගින් පවුල් Galleface එකට එන්නේ තමන්ගේ කාර්ය බහුල ජීවිතයට ඉසිඹුවක් දෙන ගමන් බොහොම ලස්සන හවස් වරුවක් ගතකරන්න. තනිව වුනත් පෙම්වතිය සමග වුවත් දරු මල්ලන් සමග වුවත් වින්දනයේ නම් වෙනසක් වෙන්නේ නෑ. හැන්දෑවේ පෙම්වතියට පෙම්වතාට තුරුලු වෙලා අවට ඇති සීමා මායිම් ගැන තඹේකට මායිම් නොකර වර්ණාලේපිත මුහුදු කුමාරයා රක්ත වර්ණ හිරු කුමරිය වැලඳගෙන රතුපාටින් අඳුරත් සමඟ එකතු වෙන අයුරු ජීවිතයේ එක් වරක් හෝ වින්දනය කල යුතු බොහොම අපූරු අත්දැකීමක්.
ජනතාවගේ විවේකය වෙනුවෙන් වෙන් වුණු ගාලුමුවදොර පිටිය අද වෙනකොට විවිධ ඉසව් සඳහා යොදාගන්නා ස්ථානයක් වෙලා තියෙන්නේ නිදහසේ සහ නොමිලේ හිත නිවාගන්න කවුරුත් එකතු පහදු වෙන තැනක් නිසා. කොළඹට විවේකය, නිදහස, සුවදායි වාතාශ්‍රය ආදී මිලදී ගත නොහැකි දෑ බොහොමයක් ලබා දෙන ගාලුමුවදොරට අප හැමෝම ඇලුම් කරන්නේ එනිසා. කොළඹ නැව් තොටත්, නාවික ගමන් මාර්ගයේ ඇදෙන නාවික යාත්‍රා මෙන්ම ඈත මුහුදේ නැංගුරම්ලා ඇති විශාල (තෙල්) නැව්ද දැකගන්න හැකියි. ඒ සියල්ලටත් වඩා හැන්දෑ අහසේ හිරු මුදේ ගිලී නොපෙනී යන දසුන , සියල්ලටම වඩා චමත්කාරජනක ආනන්දයක් ගෙන දෙන බවත් නොකියාම බැහැ. ඉතින් අපේ ජීවිතයේ එදා පටන් අද දක්වා වූ විවිධ ස්මරණයන් නිහඬව දරා සිටින බොහොම අපූරු තැනක් තමයි Galleface එක .
(පින්තූර මම ගත්තුවා වගේම ගූගල් දෙයියා දුන්නු ඒවත් මෙතන තියේ....)
කොළඹ කොටුව ගැන මෙතනත් විස්තර තියෙනවා ඕං.

.jpg)











අපූරු සටහනක්නෙ.. ස්තූතියි..
ReplyDeleteමම හිතුවෙ නෝක්ස් ගොයියා විතරයි ලංකාව ගැන ලියලා තියෙන්නෙ කියලා, එහෙම නෑ බලන් ගියාම.
උඹ ගෝල්ෆේස් හොටෙල් එකේද වැඩ ?
@සෙන්නා
ReplyDeleteස්තුතියි සහෝ...
ගෝල්ෆේස් හොටෙල් එකේ නම් නෙමෙයි වැඩ සහෝ....
niyama satahanak. ithihase ganath kiyala thiyenne...ethakota rathi weda karanne ara galleface ekata muna dala thiyana hotel ekakada?
ReplyDelete@සයුරි
ReplyDeleteබොහොම ස්තුතියි සයුරි කමෙන්ටුවට..ම්ම්හ්..හොටෙල් එකකත් නෙමෙයි...
නියම සටහනක්. පින්තූර ටිකත් නියමයි.
ReplyDeleteරතී ගෝල්ෆේස් එකේ වඩේ විකුණනවද? :D
ලස්සනට විස්තරේ ලියලා තියෙනවා.
ReplyDeleteරති ගෝල්ෆේස් එකේ පික් පොකට් කාරයෙක් නේද? :)
පට්ට... ගෝල්ෆේස් ගියාට කවුද දැනන් හිටියේ මේවා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියමෙට ලියල තියෙනව භාගෙයයි කියෙව්වෙ අනිත්ටික හව්සට තමයි කියවන්න වෙන්නෙ.
ReplyDeleteසෙට් එකම ඇදගෙන ඉන්න ඇදුම්වල හැටියට ඔතන ගැවසෙන්නෙ ආමි එකේ හරි නේවි එකේ වෙන්න ඕන.
අගනා තොරතුරු ගොන්නක්. නොදත් දේ බොහෝයි.
ReplyDeleteමගෙත් ආසම තැනක් තමයි ගෝල්ෆේස්..... ඕන තරම් වෙලා මුහුද දිහා බලන් ඉන්න පුළුවන්. හිතට මාර නිදහසක් දැනෙනවා. ඉස්සර නම් ක්ලාස් ඇරිලා එහෙම හැම සෙනසුරාදාවකම වගේ අපි හවස් අතේ ඔතනට වෙලා බලන් ඉදලා තමා ගෙදර එන්නේ. ආයෙත් ඒ මතකය අළුත් වුනා. හොද විස්තරයක් රතී.
ReplyDeleteගාලු මුවදොර ගැන අනගි විසතරයක් සමග ඓතිහාසික පිංතූර ටිකකුත්.හැබැයි කොළඹ තියෙන සුන්දරම තැනක් වෙන්නෙ හැන්දෑවටත් හිමිදරියටත් විතරයි. දවල්ට නම් "ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්" කියලයි මට හිතෙන්නේ
ReplyDelete@ Praසන්
ReplyDeleteස්තුතියි ප්‍රසන්...හේහේ වඩේ විකුණුව නම් මීට වඩා නිදහසක් තියෙනවා...
@ Ayilas
ඔයාටත් ස්තුතියි යාලුවා...අම්මෝ ඕව ඔහොම ප්‍රසිද්ධියේ කියලා පොලිසියෙන් ඇවිල්ලා මාව කුදලගෙන යයි සහෝ...
@අඩවි රජ
ස්තුතියි රජෝ...අපි කවුරු වුනත් දැන් එතෙන්ට යද්දි දැනුවත්කමෙන් ගිය හැකිනේ.
@Malith
ස්තුතියි මලිත්. ඒ වගේ තමයි ...
@සමනළී
ඔව් සමනලී ඒක ඇත්ත. හවස් ජාමේ එන ඒ හුලඟ පවා හිතට ගේන්නේ මාරම නිදහසක්. අපි නම් කරන්නේ මුහුද අයිනෙම තියෙන්නේ ලොකු උස බැම්ම. එතන වාඩි වෙලා මුහුද පැත්තට කකුල් දාගෙන බලන් ඉන්නවා. ඉර බැහැගෙන යන වෙලාවට තමයි ඉතින් අපිටත් සේන්දු වෙන්න ඉඩ ලැබෙන්නේ.
@දයානන්ද රත්නායක
සආවට ස්තුතියි ඔයාටත්. මම පොඩ්ඩක් වෙන්න ෆොන්ට් එක ලොකු කරා ඔයා එදා කිවයින් පස්සේ. ඒත් ඒකේ ඒ හැටි ලොකු වෙනසක් වෙලා නැ වගේ ෆොන්ට් මාදිලිය මාරු කලාට. සම්පූර්ණ ඇත්ත. දවල්ට නම් යකාගෙ අව් රැල්ලක් තමයි වැටෙන්නේ. උදේ තියෙන ඒ කාන්තිමත් බවයි, හවස් යාමේ අඳුරත් එක්ක මුසු වුනු හාත්පස පැතිරුණු ලස්සනයි දෙකම නිර්මාණය කරන්නේ අන්න අර දවල්ට සැඩ වෙන හිරු ම වීමත් එක්තරා ආකාරයට අපූරුයි නේද...
// හැබැයි ඉතින් මම යන්නෙ නම් කලුපාට ඩොට් ඩොට් සෙරෙප්පු දෙකත් දාගෙන, කකුල් දෙකෙන් එක කකුලක් විලුඹ ගාවින් ඉරුණු දුඹුරු පාට ඩෙනිමකුත් ඇඳගෙන , මොකක් හරි අහු වෙන ටී ෂර්ට් එකකුත් ඇඟේ පටලවාගෙනයි.//ඇඳුමින් මිනිස්සු මනින එක මහා මෝඩකමක්, ලොකු විස්තරයක් තියෙන්නේ ගෝල්ෆේස් ගැන ! අපෝ ඒ ඉස්සෝ වඩ වලට මම නං කැමතිම නෑ ..
ReplyDeleteහැබෑට උඹ ගෝල්පිසියේද ඉන්නේ දවසේම.. අගනා විස්තරයක්. මම ඊයේ මේක බැලුවා නේ.. හැබයි මුකුත් කොටල නෑ වගේ..
ReplyDelete@රෙහානි
ReplyDeleteඔව් මිනිස්සු ඇඳුමෙන් මනින්න බැහැ. ඇයි ඒ ඉස්සෝ වඩේ වලට කැමති නැත්තේ? පිරිසිදුකම පසෙක තියලා එතැනින්ම අරන් ඇවිදින ගමන් වඩයක් කැවේ නැත්නම් ඒක ලොකු අඩුවක් වගේ නැතිද...
@දේශකයා
දවසම නෙමෙයි සහෝ..හවසට තමයි ඉතින්. හවස් ජාමේ ඇවිදින් පොඩ්ඩක් හුලං පාරක් එහෙම වදින ගමන් ව්‍යායාම ටිකක් ඇඟට දාගන්න කොට මාරම ෆිට් එකක් තමයි ඇඟට එන්නේ. එහෙම ඕනෙත් නෑ සෞන්දර්යය විඳින්න නම් ටිකක් නිවී හැනහිල්ලේ ඇවිදින්නම ඕනේ..
මට මුලදී නම් හිතුනේ WTC එකේ වත්ද කියලා..වැඩ කරන්නේ..දැන් නම් හිතෙනවා..sure එකට හමුදාවේ වෙන්න ඇති කියලා..(අනේ හිනා වෙන්න නම් එපා..මම තවම galleface ගිහිල්ල තියෙන්නේ ජීවිතේටම එක පාරයි....)
ReplyDelete@කළු සහ සුදු
ReplyDeleteහිනාවෙන්න දෙයක් නෑ ඉතින්. තියෙන වැඩ රාජකාරි මැද්දේ ඓහම නිදහසක්වත් ලබාගන්න අමාරු අය කොච්චරක් නම් ඉන්නවද මේ කොළඹ උනත්...බොහොම ස්තුතියි කළු සුදු ට මාව බලන්න ආවට...
දැන් නම් හොඳයි පුතා. රූපය හා භාෂාව අනුව ආමි එකේ වගේ. අපිත් ඔය මෙස් එකේ සෙට් උන කාලයක් තිබුනා. දැන් ඔක්කෝම ලොකු ලොක්කෝ.
ReplyDeleteඒත් ඡේදයන් විශාල වැඩියි. ලියුවයින් පස්සෙ, එක පාරටම පබ්ලිෂ් නොකර දෙසරයක් තුන් සැරයක් කියවන්න. එතකොට තමන්ටම තේරෙනවා අනවශ්‍ය දේවල්, පින්තූර ගොඩක් ඕන නෑ. ඒ දැම්මත් පොඩියට දාන්න. පින්තූර බලනවා බොහොම අඩුයි.
ජයවේවා..
මම නම් තාම ගෝල්ෆේස් එකට ගිහින් නෑ. ඒත් ගොඩක් අය කියන විස්තර ඇහුවම යන්න ආසයි. හැබැයි අනිත් අතට මම කැමති ටිකක් සෙනග අඩු මුහුදු තීරයකට. ඒ වගේ තැනක ඉඳන් හැන්දෑවට මුහුද දිහා බලාගෙන ඉන්න වගේම රැල්ල පාගන්නත් මං ආසයි. ඒත් කලබලකාරී තැනක ඒ නිදහස අඩුයි කියල හිතෙනවා.
ReplyDeleteඒ කොහොම උනත් සටහන වගේම මේ පින්තූර ටිකත් හරි වටිනවා..
@Maathalan
ReplyDeleteපේන විදිහට නම් තලතුනා කෙනෙක් හැඩයි. වෙලාවට මචං කියල කතා නොකරේ...ඔව්. මම මගෙ පෝස්ටු වලට ඓහමට කියලා පින්තූර භාවිතා කරනවා අඩුයිත. නමුත් මෙතනදි හැබෑ චිත්‍රයක් මවාගන්න නම් මේ පින්තූර ටික හරි වැදගත් වේවි කියලා හිතුන නිසයි දැම්මේ. ගොඩක් ස්තුතියි මාව දැන්වත් කරලා වැරදි අඩු පාඩු පෙන්නලා දුන්නාට..
@Chams said
මම ඒත් බැලුවා මොකද චම්ස් ගේ කමෙන්ට් එකක් නැත්තේ තාම කියලා. වෙනදට ඇවිත් යනවනේ ඉතින්.අයියෝ ඇවිල්ලම නැත්ද? එහෙනම් එක පාරක් හරි හවස්වරුවක ඇවිත් යන්න එනව නම් ඔන්න මටත් කියන්න මාත් එන්නම්. රැල්ල පාගන්නත් ඇහැක් වෙයි...D:::ඔව් ඉතින් එක එක්කෙනා කැමති විදිහවල් නෙව. ඒ වුනාට සෙනග නම් ඉතින් සූ ගාලා මෙතන. නිදහසේ මනෝපාරක ගිලිලා මුහුද දිහා බලන් ඉන්න තරම් මෙතන ඝෝෂාව වැඩියි. එහෙන් මිනිස්නුගේ ඝෝෂාව, වෙලෙන්දන්ගේ කෑ ගැහිල්ල, අතොරක් නැතුව පිඹින නලා හඬවල් එක්ක මේ ගෝල් ෆේස් මුහුදු තීරයේ කොතන වුනත් නිස්කලංකයෙන් නිදහස්ව මුහුද දිහා බලන් ඉන්න ලැබෙන් නෑ.ස්තුතියි කමෙන්ටුවට...