Monday, May 2, 2011

HDMI සහ HDTV තාක්ෂණය


               HDMI   තාක්ෂණය පිලිබදව කතා කරන්න හදද්දී HDTV පිලිබදවත් කියන්න වෙන නිසායි ඒ ගැන මුලින්ම සදහන් කරලා ඉන්න හිතුවේ. අවතාර් චිත්‍රපටිය නරඹන්නට ගිය රසිකයෝ 3D කණ්ණාඩි පැළඳගෙන සිනමාවේ රස වින්දා කියලා ඔයාල අහලා තියෙනවද. ඒ මේ තාක්ෂණයේ තවත් එක්තරා පැත්තක්මුලින්ම අපි බලමු HDTV යනු කුමක්ද කියලා. HDTV යනු High Definition TeleVision යන්නෙහි කෙටි නමයි.  මෙයින් නිරෑපණය කරන්නේ ඉතා ඉහල විභේදනයක්  සහිත රූපවාහිනී වර්ගයක් මෙන්ම එවන්ම වූ  කැමරාකරණයකි.  HDTV ගණයට අයත්වන  රූපවාහිනී වල විභේදනය ඉතා ඉහල වන අතර ඒ නිසාම (High Quality) තියුණු රූප තිරය මත පතිත කරන අතරම digital surround sound අන්තර්ගතයිHigh Definition TeleVision වෙලදපොලට පැමිණියේ 1998 වසරේදී පමණ. වසර ගණනාවක සිටම අප නිවෙස්වල තිබෙන්නේ කැතෝඩ කිරණ ටියුබයකින් සමන්විත CRT TV නමින්  අප හදුන්වන  රූපවාහිනී යන්ත්‍රයි. එයට ලබාගන්නා analog signals ආධාරයෙන් තමයි අපි picture and sound අප රැපවාහිනියට ලබාගන්නේ. ඉතින් මෙම analog signal කොතැනක හෝ තිබෙන  රෑපවාහිනියකට  ලගාවන්නේ අවකාශය හරහායි. (over the air, through a cable or via satellite).


HDTV එකක රෑපාවලිය ගුණාත්මයෙන් උසස් වීමට බලපාන කරැණු
Aspect ratio  රෑපක අනුපාතය (තිරයේ පලල හා උස අතර අනුපාතය) Standard television එකක  aspect ratio එක  4:3  ක් වෙනවා. එනම්   units හතරක් පලලින් හා ‍units තුනක් උසට. උදාහරණයක් නම් අඟල් ඇනලොග් රූපවාහිනියක තිරය අඟල් 20ක් දිග වෙද්දී   පලල අඟල් 15ක් වෙනනේ මේ කියූ  4:3 අනුපාතයටයි. HDTV එකක මෙම අගය 16:9 වෙනවා. එනම් පලල අගල් 16ක් වන විට  උස අගල් 9ක් වෙනවා. ඉහලින් දැමූ රැපය බලන්න. ඉතාමත් පුලුල් තිරයක් ඉහල විභේදනයකින් යුතුව ලැබෙන ආකාරය පෙනේවි. අද කාලයේ ‍film එකක් වුනත් එන්නේ මේ resolution එකට සමාන Wide Screen ආකාරයටයි. මේකත්  හරියට movie screen එකක් ව‍ගෙයි. ඔබේ පරිගණකයේ මොනිටරයත්  LCD එනම් (Wide XGA resolution) නම් ඔබට තොරාගත හැකි පරාසය ඉතා ඉහලයි. එය 800x600 සිට 1360x768  දක්වා පරාසයක් තෝරාගත ගැනිමේ අවස්ථාව තිබෙනවා. අපි ඒ තිර විබෙදුම  1360x768 ට දැම්මොත් වෙනස පැහැදිලිව පෙනේවි. එනම් ලැබෙන රෑපය high quality එකක් වේවි. හොදට Gaming වලදි එහෙම මේක වැදගත් වෙනවා.


Resolution - තිරයේ විභේදනය - වර්තමාන රූපවාහිනීවල තිරයේ විභේදනය 704 x 480 pixels පමණ වෙනවා. එහි අදහස වන්නේ තිරයේ රෑපයක් නිර්මාණය කිරීමට pixel 337920 ක් ප්‍රයෝජනයට ගන්නා බවයි. නමුත් වර්තමාන High Definition TeleVision එකක මෙම   විභේදනය 1920 x 1080 pixels පමන ඉහල අගයක් ගන්නවා.   HDTV වල අපිට දකින්න පුලුවන්  720p, 1080i මෙන්ම  1080ව යන්නෙහිම p යන්නත්. මේ කියන ඉලක්කම් වලින් දක්වන්නේ තිරයේ උස ප්‍රමාණය පික්සල් වලිනුයි. මෙම frame rates සාමාන්‍යයෙන් අපි අවසන් කරන්නේ "i" (interlaced) හෝ  "p" (progressive) යන්න මුල්කර‍ගෙනයි. " p "  progressive කියන්නේ progressive scan නම් තාක්ෂණය භාවිතයට ගන්නා තිරවලටයි. " i " interlaced කියන්නේ  interlace scan තාක්ෂණය භාවිතයට ගන්නා තිරවලටයි.


Frame rate  ෆ්‍රේම්ස් නොහොත් frequency - මෙහි අදහස එක් තත්පරයක් තුලදි කොපමණ වාර ගණනක් අදාල රෑපය තිරයේ සටහන් කරනවාද යන්නයි.   frequency  ලෙසත් මෙයම නම් කල හැකියි.
"P"rogressive Technology -  තිරයක් ගත් විට එහි එහා මෙහා වන  අංග චලනය කරන  රූපයක් අපිට නැරඹිය හැකිවන්නේ ඒ මත  ඉතා වේගයෙන් දහස්වාරයක් ඇදෙන නිශ්චල  රෑප විශාල ප්‍රමාණයක් නිසාය. මේ  නිශ්චල  රෑප ගොඩ නැංවීමේදී තිරස් තීරු (horizontal lines) විශාල සංඛයාවක් එකතුවෙනවා. උදාහරනයක් විදිහට රූපවාහිනි තිරයක තත්පරයට මෙවැනි නිශ්චල  රෑප  48-60 අතර වූ සංඛ්‍යාවක් ගොඩනැංවෙනවා. එසේ ඇදෙන  නිශ්චල  රෑප දැන් එසේ එක ලග ලග move වන නිසා රෑපය  චලනය වන ආකාරයක් අපේ ඇසට ග්‍රහණය කරගන්න එකයි මෙහිදී සිදුවන්නේ.  එනම් විභේදනය 720 නම් එහි තිරස් pixel 720 ක් අන්තර්ගතයි. එය එක් frame එකක් නිර්මානය කිරීම සඳහා තිරය මත මොහොතින්  pixel  720ක් ඇඳ ක්ෂනිකව ෆ්‍රේම් එක නිර්මාණය කරයි. ඒ විගසම අනෙකද නැවත එය  මැකීගොස් ඊලඟ ෆ්‍රේමයද ඇදෙමින් චලිත රෑප නිමවයි. අපි මේ තාක්ෂනය හදුන්වන්නේ progressive යනුවෙන්. frame එකේ ඉලක්කම අවසානයට " p " අකුර සටහන් වෙනවානම් එහි අදහස මෙයයි.

"I"nterlaced Technology -  ඉහත තාක්ෂණයේදී ෆ්‍රේමයෙන් ෆ්‍රේමයට (Frame by frame) අලුතෙන් pixel ඇදෙන නමුත්  මෙහිදී ෆ්‍රේමයෙන් ෆ්‍රේමයට ඇඳෙන තීරු වෙනස් කිරීමකට භාජනය කරයි. අපි හිතමු තත්පරයෙන් 60න් එකක් අරගෙන එයින් එකක් තුලදී පලමු Frame එක අදිනවා කියලා. එතකොට ඊලක එක අදින්නේ පොඩි ඉන්ටර්වල් ( between two intervals) එකක් තියලයි. හරියටම කීවොත් පලමුවන ෆ්‍රේමයේදී ඔත්තේ සංඛ්‍යාවකින් දැක්වෙන pixel තීරැව පමණක් ඇඳෙන අතර පොඩි විරාමයකින් අනතුරැවයි ඉරට්ටේ සංඛ්‍යාවකින් දැක්වෙන pixel තීරැව ඇඳෙන්නේ.  එහෙත් මෙම තාක්ෂණයේදී ලබාදෙන රෑපවල තීව්‍රතාවය අඩුයි. ඒ වගේම මිලෙනුත් අඩුයි. ඉතින් මේ වනවිට ඇමෙරිකන් නිවෙස්වලින් මෙතෙක් පැවති රූපවාහිනි යන්ත්‍ර ඉවත් කෙරී High Definition TV -HDTV ඇතුල් කරගන්නට පටන් ගෙන තිබෙනවා. ලංකාවත් මේ වනවිට එයට නැඹුරැ‍ වෙමින් පවතිනවා.
     ඉතින් 1080i මාදිලියේ  රූපවාහිනිය මෙම මාදිලියේම p මාදිලියේ තිරයට වඩා විභේදනය අතින් ගත් කල පහලින් සිටින්නේ. එවිට  1080i HDTV තිරයකට වඩා 720p HDTV තිරයක් නිතැතින්ම හොද විභේදනයකින් යුත්  තිරයක් ලබාදෙනවා. ඒ interlace තාක්ෂණය මගින් එයට කරන බලපෑම හේතුකොටගෙනයි. දැන් එන නවතම Apple iphone 4G  ඉදිරියට මුහුණ ලා ඇති කැමරාවත් සමඟ 80 GB යුතු ව High Definition (HD) හැකියාවෙන් ද යුතු තාක්ෂණයක් බව ඒ  ගැන සෙවිල්ලේ ඉන්නා අය පවසනවා.

           මේ තාක්ෂණය ගෙදරටම ගේන්න (
Broadcasters) 
තාම මුල්වෙලා ඉන්නේ ප්‍රධාන පෙලේ 
කේබල් නාලිකා කිහිපයක් පමණයි. 
උපකරණ මිල අධික නිසාත් මෙවැනි තාක්ෂණයක් විසුරැවා හැරීමේ ඇති අධික වියදම නිසාත් ඒවා විකාශය කෙරෙන්නේත් සීමාසහිතවයි. ඒ අතර  
Discovery
, ESPN, 
HBO 
ආදි නාලිකා දැක්විය හැකියි. 





           අද  
HDTV චිත්‍රපටි බහුලව නොවූවත් හෙට දිනයේ හැම චිත්‍රපටියක්ම ඒ ආකාරයෙන්ම නිමවෙන්නට බලපෑමක්ද ඇතිවේ යැයි විශ්වාස කල හැකියි. 
HDMI   තාක්ෂණය පිලිබදව මීලග ලිපියෙන්වත් කතා කරමු. ඒ ගැන කතාකරන්න ආවේ වුනත් වෙන මාතෘකාවකුයි ලියවුනේ.  




3 comments:

  1. godak vedagath lipiyak. mage IQ test ekatath vedagath vevi. goda kalekin neda rathi ayya post ekak damme. man hituve apiva amathaka velavathda kiyala. man nam vediyenma unanduven kiyavanne oyage networking lipi pela.

    ReplyDelete