Sunday, May 15, 2011

පරිගණක ජාලකරණය පාඩම 14 - Binary සහ Decimal


               
                මතකයි නේද  bits 8ක් එක byte එකකට සමානයි කියන එක. එයින් අදහස් කරන්නේ  byte එකක bits 8 ක් තියෙනවා කියන එකනේ. ඒ එක byte එකක් සමානයි  Octet එකක්. එහෙනම්  bits 8ක්  කියන්නෙත්  octet එකක් කියන එකයි. octet එකක එහෙනම්  8 bit ක බලයක්(Base Value) තිබෙනවා.මං ඒ ගැන කීව එකේ දාන්නම් Traditional byte units පිලිබදව වූ විස්තරයක් පහලින්. Ip address එකට  bit 32තිබෙනවා කියන්නේ අන්න ඒකයි.
    bits 8 බැගින් වූ octet හතරක් තියෙනවනේ.එහෙමත් නැත්නම් bytes 4කින් යුත් බලයක් එකතු වෙනවා මෙහිදී. (There means value of this system is putting as 8 bits value) .තව දුරටත් අවබෝධ කරගැනීමටනම් මේ රෑපය බලන්න . ඒ වගේම විකියෙත් බලන්න.


 Translating Decimal  to Binary

මුලින්ම මේ රෑපය බලන්න.
     මෙයින් පෙන්වන්නේ  කොහොමද සංඛ්‍යාවක් 2 පාදයට හරවා ලියන්නේ කියලයි. මං හිතන්නේ ඔක්කොම විස්තර එතනම තියෙනවා. මේ ආකාරයට බෙදා ඉතුරැ වන  සංඛ්‍යා සියල්ල අවසානයේ සංඛ්‍යාවේ සිට ඉහලට ලිවිය යුතුයි. 192 කියන්නේ  දහයේ පාදයේ සංඛ්‍යාවක්. ඉතින්  11000000 කියන පිළිතුරයි අපිට 2 පාදහයන් ලිවාම එන්නේ.ඉතින් ඒ අකාරයට දහයේ පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයෙන් ලියනවා වගේම  Network address එකක් දෙකේ 2 පාදයෙන් ලිවීම තුලින් අප බලාපොරොත්තු වෙන්නේ  Network එකක් සැකසීමේදී එම Network එකට අපිට දිය හැකි හොස්ට් ගණන(පරිගණක) හා නෙට්වර්ක් ගණනට සිරාවටම  ගැලපෙන Network address range එක නිර්මාණය කරගැනීමයි. එමගින් අපගේ ජාලයෙන් අපිට උපරිම performance ඇතුව වැඩ ගන්න පුලුවන්.ඒ වගේම අනවශය ip ප්‍රමාණයක් අපතේ නොයවා   ගැලපෙනම රේන්ජ් එකේ ගියාම ඒ ජාලය තුල ඇති අනවශ්‍ය slow වීම් වලක්වා ගත හැකියි. තවත් ක්‍රමයක් තියෙනවා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න. මම නිකමට දාන්නම් ඒකත්. හැබැයි ඒකනම් ටිකක් කතන්දරයක් වගේ කියලා මට එහෙම බනින්න එපා ඔන්න.


       The base 2 table  කියලයි මේ ක්‍රමය හදුන්වන්නේ. මුලින්ම base 2 table  එක ලියාගෙන තමයි වැඩේට බහින්නේ. මෙහිදි 156 කියන අගයයි බයිනරි කරලා තියෙන්නේ.

Translating Binary to Decimal
   අපි බලමු මෙහිදී 10011011 කියන Binary එක කොහොමද දෙකේ පාදයෙන් ලිවාම ලැබෙන්නේ කියලා.පහත රෑප පෙල උදාහරණයට ගන්න.






එක්  Octet එකක් සදහා අපට යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ bit 8යිනේ. 255 (28 )යි.

20  = 1
21 = 2
22 = 4
23 = 8
24 = 16    
25 = 32
26 = 64
27 = 128

එකතුව 255 යි.
අපේ ජාලයේ  විශාලතම Network address වන්නේ එතකොට 255.255.255.255 යි.
        හරිනේ. අවුලක් නැ නේද ඒ හරිය. ඉතින් අපි ඊලගට බලමු  මේ  IPv4 වර්ගයේ  IP Address එකක් ජාලයක් තුල  සන්නිවේදනය සදහා යොදාගන්නා ආකාරය පිලිබදව. නැවත හමු වෙන තුරැ ජය.

3 comments:

  1. ගොඩ කාලෙකින් තමා මට මෙහේ එන්න උනේ .. අදත් පාඩම බැලුවා අදනම් ටිකක් සංකීර්නයි වගේ කමක් නෑ මම කොපි කරලා තියාගත්තා විවේක වෙලාවන් වලදී හෙමීට බලනවා .. ස්තූතියි මචං

    ReplyDelete
  2. තොරතුරු තාක්ෂණ විෂය ඇතුලේ මුලික ඒත් හුඟ දෙනෙක් වරදවා ගන්නා විෂය කරුණක් , සරළව පැහැදිල කරතිබෙන්නේ .. ස්තුතියි මේ දැනුම බෙදා දෙනවාට

    ReplyDelete