Sunday, June 5, 2011

පරිගණක ජාලකරණය පාඩම 16 - Network ID, Host ID හා Loopback Address

    
    අද පාඩමෙන් බලමු අපි මොකක්ද මේ Network ID, Host ID හා Loopback Address යනුවෙන් අප ජාලකරණය කරනවිටදි නිතරම භාවිතයට ගැනෙන දේවල් පිලිබදව.  IP Address එකක් ගත්විට එහි  ඇති පළමු octet එක  මගින් එහි  Class එක පිලිබදව වැටහීමක් ගත හැකියි. ඔබ ඒ ගැන දැනටමත් දන්නවානේ.


Network ID -  IP Address එකක Network part එක මගින් එම IP එක assign කර ඇති Host එක අයත් වන Network එක අපට පෙන්වයි. ඕනෑම Network එකකදී එයට අදාල  IP Address එකේ  Network ID එක වෙනස් නොවේ. ඒ ඒ classes වලට යොදාගත හැකි Network  ගණන එකිනෙකින් වෙනස් වේ. 
Host ID - IP Address එකක් ගත් විට  Host ID ලෙස Host එකින් එකට IP Address එකෙහි ‍වෙනස්වන කොටස හැදින්විය හැකියි. උදාහරණයක් ලෙස අපි 192.168.125.1 ගත් විට එය assign කර ඇති range එකේදි  එහි 1 සිට 254 දක්වා වූ පරාසය මෙහි වෙනස්වන හොස්ට් පාට් එකයි. මේ Network ID  හා Host ID සම්බන්ධයෙන් පහුගිය ලිපිපෙලින් හොද අවබෝධයක් ගත හැකියි.



Loop back Address  - Loopback address එකක් යනු   loop back connection සදහා භාවිතා කරන special IP number (127.0.0.1) එකක්. ඔයාලට මතක ඇති මේ  127.0.0.1 යනු Class A වලට අයත් වෙන Address එකක් බව. නමුත් මෙය මම ඒ පහුගිය ලිපිවලදි විස්තර නොකර අත් ඇර දැම්මා. දැන් ඒ ගැන මෙහෙම අවබෝධයක් ගමු. මෙය අපි 127.0.0.1 Ping command එක, local access test tool ලෙසත් හදුන්වනවා. මේ අවස්ථාව අපි තමන්ගේ local machine එකේ network resources බාවිතයට ගන්නා අවස්ථාවක් ලෙසත් හැදින්විය හැකියි. (test its own basic network setup) අපි 127.0.0.1 හරහා ping කරන address එක Local Area Network එකෙන් පිටතට නොයා එම පරිගණකයේ  ඊතනෙට් පෝට් එක තුලම  re-routed වෙනවා. (re-routed by the computer's own network adapter). Wamp හෝ Apachi වැනි මෘදුකාංග වලත් එහි testings සදහා local host එකක් නිර්මාණය වෙන‍්නේ මේ සංසිද්ධිය පදනම් කරගෙනයි. සාමාන්‍යයෙන් 127.0.0.1 - 127.255.255.255  දක්වා range එකේ පවතින සියලුම IP addresses   private use සදහා reserved කර ඇති ලෙසටයි අප සදහන් කරන්නේ. අපේ පරිගණකයේත් මේ Loop back Address එක මාර්ගයෙන් අපට මේ web address access කිරීමට හා නොකිරීමට යනුවෙන් වර්ගකර දිය හැකි file එකක්ද සතුයි. ඒ සදහා පිවිසීමට start --> Run ගොස්  %windir%\system32\drivers\etc  යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න. පසුව විවෘතවන වින්‍ඩෝවේ ඇති hosts යන ෆයිලය note pad එකක් විවෘත කරගෙන එයට  drag and drop කරගන්න. 
දැන් ඔබට දක්නට පුලුවන් එහිත් මේ Loop back Address එක භාවිතා කර ඇති ආකාරය. මම කලින් සදහන් කලා මතක ඇතිනේ  127.0.0.1  සිට 255 දක්වා යන ලිපිනයට පරිගණකයේ LAN එකෙන් පටතට යාමට නොහැකියි කියලා. ඉතින්‍ මෙයිනුත් සිදු කරන්නේ එම ලිපිනයම භාවිතා කරමින් අපිට block කිරීමට අවශ්‍ය සයිට් එය ඉදිරියෙන් සටහන් කර  එයට නැවත පිවිසීම නැවැත්විමයි. උදාහරණයකට ඔබ 127.0.0.1  ඉදිරියෙන් http://www.facebook.com/ යන ලිපිනය ටයිප් කර ctrl+s ඔබා සේව් කර දැන්  facebook අඩවියට පිවිසීමට උත්සාහ කරන්න. ඔබ නිවැරදිව එය සිදු කලා නම් එම අඩවිය ඔබට ලබා ගත නොහැකි වේවි. එය Loop back Address එකක් ප්‍රායෝගික භාවිතයට ගැනෙන හොද අවස්ථාවක් ලෙස දක්වන්න පුලුවන්. එමෙන්ම මෙම 127.0.0.1 මගින්  verify කරගන්නවා computer's network interface card එක එහිම  drivers සහ  the operating system's TCP/IP implementation සියල්ලම   properly  functioning වෙනවද  යන්න කියා. ඔයාලත් නිකමට ping කරලා බලන්න start --> Run ගොස් cmd ටයිප් කර command prompt එක අරගෙන එහි, ping 127.0.0.1 -t යනුවෙන්. එහිදි ඔබේම පරිගනකයේ reroute වෙමින් reply එකක් ලබා දෙන හැටි ඔබට පෙනේවි.

7 comments:

  1. hoda wadak machan karagena yamu!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි කස්සෝ...

    ReplyDelete
  3. හුග කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. හොද ලිපියක්.

    ReplyDelete
  4. කතා ඕනි නෑ මචං සුපිරි වැඩක් ... පුළුවන් නම් මට මේ ටික මේල් කරන්න... wmsupunprabath@gmail.com පුළුවන් නම් ලොකු උදව්වක්...

    ReplyDelete
  5. නෙට්වර්ක් ලිපි පෙල ගොඩාක්ම මට වැදගත් උනා. මම විශාල දැන්මක් ලබා ගත්තා. ඉන්ටර්නෙට් ගැන ලිපි පෙලක් පලකරනවානම් වැදගත් යැයි සිතනවා. ඒ පිලිබදව ඉගනගැනිමට කැමතියි.

    ReplyDelete
  6. ඇත්තටම ලොකු දෙයක් ඔයා කරලා තියෙනවා.
    ගොඩක් ස්තූතියි.
    ගොඩක් පින්!

    ReplyDelete
  7. ඇත්තටම ලොකු දෙයක් ඔයා කරලා තියෙනවා.
    ගොඩක් ස්තූතියි.
    ගොඩක් පින්!

    ReplyDelete