Sunday, June 19, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Undersea Cable Maintenance




   පහු ගිය ලිපියෙන් කතා කරේ කොහොමද මුහුදු පතුලේ මේ ෆයිබර් කේබලයක් Lay කරන්නේ යන්නයි. අද කියන්න යන්නේ ෆයිබර් ඔප්ටික් කේබලයක නඩත්තුව මුහුදයටදි සිදුවන්නේ කෙසේද කියා. සමහර විට දැන් ඔබ කල්පනා කරනව ඇති කොහොමද මෙවැනි කේබලක් මුහුදයටදි පලුද් වුවහොත් හෝ කැඩි වෙන්ව ගියොත් හරියටම ස්ථානය සොයාගෙන එය යථා තත්වයට ගෙන එන්නේ කියා. ‍මුහුද යට ඇති කේබල විනාශවීමට හෝ පලුදුවීමට ගමනාගමන කටයුතුවල යෙදෙන නෞකාවලින් මුදාහරින ඇන්කර් එක ඇතුලු වෙනත් ආම්පන්න මෙන්ම මසුන් මරන නෞකාවලින් පිටතට දමන කොකු හේතුවෙනවා.  මෙහෙමයි ඒ වගේ කේබලයක් සථාපනය කරන්නේ හා හදිසි අවස්ථාවලදි කේබලයක් නඩත්තු කරන්නේ.




           මෙහිදි භාවිතාකරන අනෙක් ක්‍රමය නම් වියදම් අධික එකක්.  එහිදි මුහුද යටදි ක්‍රියාත්මක විය හැකි Remote Operating Vehicle (ROV) එකක් භාවිතයට ගැනෙනවා.
 මේ එහි අවස්ථාවක්. මෙවැනි ROVs මිනිසාට කිරීමට අපහසු අවදානම් අවස්ථාවලදියි බොහෝවිට භාවිතයට ගැනෙන්නේ. උදාහරණ වශයෙන් ඛණිජ තෙල් කැණිම්වලදි, මුහුද යට පිපිරවිම් (ROV for sea bed interventions) සිදුකරන අවස්ථාවන් ආදිය දැක්විය හැකියි. මෙවැනි උපාංගයන් මෙහෙයවිමට පුලුල් වූ මෙහෙයුම් මැදිරියක් තමයි භාවිතයට ගන්නේ.


3 comments:

  1. වටිනා ලිපියක්

    ReplyDelete
  2. හ්ම් .. මාත් කැමතියි මේ ලිපියට ... නොදන්න දේවල් ඉගෙනගන්න ලැබුණා.
    ස්තූතියි.

    ReplyDelete
  3. ගින්දර වගෙ ලිපි සෙට් එකක්. තමන් දන්නා දේ අනිත් අයට කියලා දෙන එක හුගක් වටිනවා

    ReplyDelete