USB කේබලයක් කියන්නේ එක් පසක් USB කෙලවරකුත් අනෙක් පස එය සම්බන්ධවන උපකරණයට අදාල කෙලවරකුත් තියෙන කේබලයක්. උදාහරනයක් විදිහට සීඩීඑම්ඒ දුරකථනයක් පරිගණකයට සම්බන්ධ වන USB කේබලයකට වඩා විඩියෝ කැම් එකක් පරිගණකයට සම්බන්ධ වන USB කේබලය වෙනස්. වර්තමානය වන විට සිග්නල් මදි වුනාම hsdpa dongle එකත් extension usb data cable එකක් හරහා පරිගණකයට සමබන්ධ කිරීමයට අපි පෙලඹී තිබෙන්නේ වැඩිපුර එක සිග්නල් කණුවක්වත් ලැබෙයි කියන හැගිමෙන්. නමුත් මේ වගේ cable එකක් Pen එක ගහපුවාම හොදින් වැඩ කරන නමුත් hsdpa dongle එක unrecognize device කියල හෝ තිබ්බටත් වඩා වේගයේ අඩුවිමක් හෝ ඇතිවෙන්නේ ඇයි.මේකට හේතුව මොකද? hadpa dongle එකකට use කරන්න පුලුවන් cable වල standard length එකක් තියෙනවද? එහෙම සම්මත length එකක් නම් නෑ හරියටම specify කරපු. hsdpa dongle එකකට කොහොමත් ලොකු කරන්ට් එකක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් USB device එකකින් 100 mA සිට 500mA දක්වා කරන්ට් එක ලබාදීමට හැකියි. එනම් keyboard එකකට හෝ mouse එකකට low power mode එකෙන් හොදට වැඩකරගත හැකියි. නමුත් iPod එකකට හෝ PDA එකකට low power mode එකෙන් වැඩකරගන්න අමාරැයි. high power mode එකක් require කරනවා. low current mode එක හා high power mode එක කියලා මෙතනදි හැදින්වුයේ වැඩ කරන්න පුලුවන් සහ port එකෙන් ඉල්ලන අවම ප්‍රමාණයේ කරන්ට් හා ඉහල ප්‍රමාණයේ කරන්ට් එකයි. HSDPA dongle එකත් අයිති මේ කියපු high power mode එකක් require කරන device මාදිලියටයි. සාමාන්‍යෙයන් පෙන් ඩ්‍රයිව් එකට වඩා වැඩි විදුලියක් ඩොන්ගල් එකට ඕනෙ කරනවා. සමහර විට extension usb data cable එකේ දිග නිසා ඇතිවෙන ප්‍රතිරෝධය නිසා hsdpa dongle එකට කරන්ට් එක එනවා මදි වෙන්නත් පුලුවන්. extension usb data cable එකේ length එක වැඩි වෙන විට එහි resistance එක වැඩි වීම නිසා HSDPA dongle එක ක්‍රියා කිරීමට අවශ්‍ය current එක නොලැබීම නිසායි මේ ප්‍රශ්ණය ඇතිවෙන්නේ. ඒ වගේම USB Hub එකකට device කීපයක් ගහපු වෙලාවටත් මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. මටත් ඒ දේම වුනා. ඒ වෙලාවේ flash Drive එක වැඩ කලත් HSDPA dongle එක වැඩ කලේ නෑ. Power අඩු වෙන එක හේතුවනම් Front Panel USB ports වලට විතරක් හයි නොකර පරිගණකයේ පිටිපස්සෙ තියෙන rear pannel USB port වලට ගහල බලන්න ඕන. ගොඩක් දුරට හරියන්න පුළුවන්. මේ සදහා භාවිතා කල හැකි විශේෂ කේබල් වර්ගයත්තියෙනවා. එහෙමත් නැත්නම් කේබල් එකේ අන්තිමට powered usb hub එකක් දැම්මත් හරියනවා. සිග්නල් අඩුනම් ගන්න විදුලිය සාමාන්‍යය සිග්නල් තියනවට වඩා වැඩි හොද quality වයර් එකක් එකක් අවශ්‍ය වෙනවා.
එහෙමත් හරියන්නේ නැත්නම් Y කේබලයකින් USB දෙකක් එකතු කරල එකක් කරල ගන්නත් පුලුවන්. ඒක ගොඩක් සාර්ථකයි. එතකොට මීටර් දෙක තුනක් වුනත් අදින්න පුලුවන් තනි හොද වයරකින්. Speed USB Cable වර්ගය නම් ගොඩක් හොදයි. බොහෝවිට මෙවැනි ගැටලුවකට හේතුව කේබල් එකේ ගුනාත්මක භාවය මතත් රදාපවතින්නත් පුලුවන්. හොද කේබල් එකක් පාවිච්චි කරන්න. ෆෙරයිට් ෆිල්ටර් තියනවනම් වඩා හොදයි. එනම් resistance අඩු කරන විශේෂ කේබල් වර්ගයක් තමයි ඒ. ඔයාල දැකලත් ඇති ඔය කෙලවරක ගෙඩියක් වගේ (සිලින්ඩරාකාර කොටසක්) තියෙන කේබලයක් ඔන්න.
එයින් අදහස් කලේ Ferrite bead එකක් තියෙන Ferrite Filtered කේබලයක් යොදාගන්න කියලයි. අර VGA කේබල් වල එහෙම ගැටය වගේ එකක් තියෙනව ඔයාල දැකල ඇති. . ඒ ගැටය ඇතුලෙ තියෙන්නෙ කම්බි. ඒවා විවිධ සංඛ්‍යාත වලින් ප්‍රේරනය කරනවා. ඒව පෙරන එක කරන්නෙ සරලව කීවොත වයර් එකේ Noise එක එහෙම නැත්නම් buzz එක අඩු කිරීමක් වගේ. ඔය mobile phone වල signal buzz එක අඩු කරන්නත් මේ තාක්ෂණය භාවිතා කරනව ඔයාල දැකල ඇති. විද්‍යුත් උපකරණයක් ගත් විට එමගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග අනෙක් විද්‍යුත් උපකරණ වල ක්‍රියාකාරීත්වයට බාධාවක් නොකරන මට්ටමක් දක්වා අඩුවිය යුතුයි. එමෙන්ම සෑම විද්‍යුත් උපකරණයක්ම යම්කිසි සීමාවක් දක්වා අනෙකුත් උපකරණ මගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග වලට අසංවේදී විය යුතුයි. ඒකෙන් අදහස් කරන්නේ අපි ඔන්න මොනිටරයක් ලග mobile phone එකක් නාදවෙද්දි සමහර මොනිටර තිරවල ඉරි ඉරි වගේ යනවා දැකල තියෙනවද. අන්න ඒ වගේ වෙනත් උපකරණවලින් නිකුත් කරන චුම්බක තරංගවලට අසංවේදි නැති ඒවා සංවේදි කිරීමයි මෙයින් කරන්නේ. මේකට අපි කියනවා EMC (Electromagnetic compatibility) කියලා. ඉතින් සමහර USB කේබල්වල එමගින් නිපදවන විද්‍යුත්-චුම්බක තරංග අඩු කිරීමට Ferrite bead ලෙසින් හැඳින්වෙන මෙම උපාංගය යොදා තියෙනවා. මොකද USB රැහැනේ හුවමාරු වන ඉහල සංඛ්‍යාතයකින් යුත් විදිලිය විද්‍යුත්-චුම්බක තරංගත් නිපදවනවා. අනෙක් උපකරණ වලට දැරිය හැකි මට්ටමකට හා ඒවාට සංවේදි වන ගතිය Ferrite bead එක මගින් ඒවා සීමා කරනවා. මෙකී Ferrite beads ලෙසින් හැඳින්වෙන උපාංගය ජංගම දුරකතන වලදිනම් අහිතකර තරංග උරාගැනීමත්, ඒවා තාපය ලෙසින් පිටතට මුදාහැරීමත් සිදු කරනු ලබයි. උපරිම ආරක්‍ෂාව උදෙසා, ජංගම දුරකථන හා සමීප පිහිටුමක Ferrite beads උපාංගය පැවතිය යුතුමයි.

මාත් කම්පනා කර කර උන්නෙ අර වයර් ගෙඩිය අස්සෙ මොනවා ඇති ද කියල..දැන්නෙ දන්නෙ
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්.මගේ ළඟත් USB extension cable 2ක් තියෙනව.1ක් අඩි 10ක් දිගයි.ඒකෙ තියෙනව Ferrite bead එකක්.අනිත් cable එක අඩි 2ක් විතර ඇති.ඒත් Ferrite bead එකක් නැහැ.මේකට windows වලදි නම් 8GB pen drive එකක් සම්ඩන්ධ කළාට වැඩ කරන්නැහැ.ඒත් linux වලදි නම් වැඩ.(cable එක හරහා)
ReplyDeleteela ela elama ela...
ReplyDeleteමටත් ගැටළුවක් වෙලා තිබුනු තඅන් කිහිපයක්ම විසදගන්න ලැබුන.ගොඩක් සතුතියි
ReplyDeletemama read karapu super ma blog 2-3 athre "rathege dinapatha" ehalinma theyanna puluwan,ara Netwark gana theyana lipe walin godak sankeerna kotas saralawa egana gaththa.thanx godak pin wana mahanseyata...
ReplyDelete