Thursday, July 7, 2011

HDMI සමග බහු මාධ්‍ය යුගයට



             බොහෝ දෙනා HDMI කියපු සැනින් මතකයට ගන්නේ පරිගණක වීඩියෝ ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ කටයුතු, video සහ image editing ආදී කටයුතු සදහා සුදුසු  Graphics Card එකක් adaptor එකක්. බෙහෝවිට එසේ මතකයට එන්නේ ඇනලොග් වර්ගයේ එකක් විය හැකියි. නමුත් Graphics වලට අමතරව අපිට එයින් ලබාගතහැකි ප්‍රයෝජන විශාල පරාසයක පැතිරී තිබෙනවා.HDTV (high definition video content සමග) ඉදිරියට පැමිණිමත් සමගම එයට සම්මත වූ කනෙක්ටරයක උවමනාව පැමිණියා. ඒ සදහා පැරණි DVI( Digital Visual Interface) interface එක වැඩිදියුණු වී පැමිණිමක් තමයි අපි මෙසේ HDMI (High Definition Multi-media Interconnect/Inter‍face) ලෙසින් හදුන්වන්නේ.


 මෙතෙක් කල් තිබුණු  සියල්ලම වැටෙන්නෙ Analog ගණයට. එනම් ඒවායේදී  දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Analog signals ආකාරයටයි.ලෝකයේ අද වන විට ප්‍රධාන ලෙසම Graphics Card සදහා Graphic Processing Unit (GPU) නිෂ්පාදනය කරන සමාගම් 2ක් තිබෙනවා. එනම් nVidia Geforce හා ATI Radeon යන වෙළද නාම. සාමාන්‍යයෙන් Graphics Card එකක්  නිමැවෙන්නේ GPU හා උපාංග Printed Circuit Board එකක් මත එකලස් කරගත්විටයි. ඔබ ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගැනීමේදී  මවු පුවරුවට සහය දක්ව්නනේ කුමන ආකාරයේ එකක්ද යන්න ප්‍රධානවම දැනගත යුතුයි. එය  AGP හෝ PCI-Express වන්නටත් පුලුවන්. නමුත් එහි තාක්ෂණය dvi හෝ  hdmi වෙනවා නම් ඔබගෙ පරිගණකයේ රෑපමය හැකියාව ඉතා උසස් බව දැනගන්න. මොනිටරය  vga පමණක් support කරනවා නම් dvi to vga හෝ  hdmi to vga කන්වර්ටරයක් යොදාගත හැකියි.



               ඉතින් මේ   hdmi තාක්ෂනය ගත්විට home-theater system සදහා පැහැදිලි වෙනසක් අත්කර දෙන තාක්ෂනයක්. වර්තමාන pci hdmi card එකක් ගත්විට ඒ ඔස්සේ ගමන්කරන  high-definition signal ratio එක 1080p තරම් ඉහල අගයක් ගන්නවා. එමෙන්ම eight channels uncompressed audio හැකියාවෙන්ද යුක්තයි. ඒ කියන්නේ 7.1 surround-sound system එකකටත් සපෝට් කරනවා.



                                         මීට අමතරව ethernet සහය දක්වන කාඩ්වලින් හොද නෙට්වර්ක් එකකුත් up කරගැනීමේ උපයෝගිතාවයකින් යුක්තයි. HDMI Ethernet Channel එකක් ඔස්සේ යද්දි මෙහි වේගය 100/mbps වලටත් වඩා වැඩියි. වේගය අනිත් ඒවා හා සැසදිමේදී සමාන බව පෙන්නුවත් එකම කේබලයකින් වීඩියෝ, 3D, ඕඩියෝ යන දත්තයනුත් සමගම ජාලකරණ කටයුතුත් සිදුකරගැනිමට හැකිවිම ලොකු වාසියක්. මේ අලුත් තාක්ෂණය එතකොට පරන protocol වලට සහය දක්වයිද? ඔව්. TCP/IP ත් එක්කම  UPnP, DLNA, LiquidHD වැනි protocol යන්ට මෙය සහය දක්වනවා. මේ ආකාරයේ කේබල ගත්තාම ප්‍රභේද 4ක් පවතිනවා.


1 Standard HDMI Cable  
2 High Speed HDMI Cable  Standard
3  HDMI Cable with Ethernet
4 High Speed HDMI Cable with Ethernet


මෙන්න මෙහෙමයි HDMI වල technical specifications

HDMI version1.0–1.2a1.3+1.4
Maximum signal bandwidth (MHz)165340340[119]
Maximum TMDS bandwidth (Gbit/s)4.9510.210.2
Maximum video bandwidth (Gbit/s)3.968.168.16
Maximum audio bandwidth (Mbit/s)36.8636.8636.86
Maximum color depth (bit/px)2448[A]48
Maximum resolution over single link at 24-bit/px[B]1920×1200p602560×1600p754096×2160p24
Maximum resolution over single link at 30-bit/px[C]2560×1600p604096×2160p24
Maximum resolution over single link at 36-bit/px[D]1920×1200p754096×2160p24
Maximum resolution over single link at 48-bit/px[E]1920×1200p601920×1200p60




1 comment:

  1. ගොඩාක් ස්තුතියි මම තවත් මේ ගැන විස්තර දැනගන්න කැමතියි මේ ගැන විස්තර මට හොයාගන්න ලැබුණත් English නිසා තේරැම් ගන්න අමාරැ වුණා

    ආයිත් පාරක්
    ගොඩක් ස්තුතියි ‍සහෝ

    ReplyDelete