Saturday, November 5, 2011

රතී‍ගේ බ්ලොග් අවකාශයට විරාමයක් !

            

           මාත් එක්ක මේ ‍නොපෙනෙන සයිබර් අවකාශයේ ගොඩක් කාලයක් රැදිලා හිටපු සහෘදයින්ට සමුදෙන්නයි මේ හදන්නේ. මේක ස්ථිර සමුගැනිමක්ද, තාවකාලික සමුගැනීමක්ද කියලා තීරණය කරන්නේ කාලය විසින් . කොහොම වෙයිද දන් නෑ. ඉස්සර කොළඹ ඉන්න කාලෙනම් මට වෙලාව තිබ්බා මගේ යාලුවොත් එක්ක දැනුම බෙදා හදාගන්න. නමුත් දැන් ඉන්නේ වෙන තැනක. එතන තියෙන වැඩ වැඩිකමත් එක්ක මට තවදුරටත් ලියන්න ලැබෙන්නෙ නෑ. මෙච්චර කාලයක්  මගේ ලිපි කියවමින්, වැරදි අඩුපාඩු පෙන්නමින්, කමෙන්ට් කරමින් , දිරි ගන්වමින් මාත් එක්ක රැදිල උන්නු යාලුවො ඔක්කොටම බොහොම පින්. මට ගොඩක් සතුටුයි කවුරැවත් මේ ජාලකරණය හා  ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ගැන සිංහලෙන් නොලියපු කාලෙක පටන් අරන් නොනවත්වා මෙච්චර කාලයක් ලියන්නට හැකිවිම පිලිබදව.‍ මේ ලිපි පෙල ආශ්‍රයෙන් කවුරැන් හෝ  නොදන්න දෙයක් ඉගෙන ගත්ත නම් ඇත්තෙන්ම මට ඒක නිහතමානි ආඩම්බරයක් . ආයෙත් කවද හරි එන්න ලැබුනොත් එදාට මම බොහොම කැමැත්තෙන් ඉන්නේ ඔයාලත් එක්ක මම දන්න කියන හැමදේම බෙදාගන්න. මගේ නෙට්වර්ක් ලිපි බලන්න එන අයට මගෙ  බ්ලොග් එකටත් වඩා  තවත් ගොඩක් හොද සයිට් තියෙනවා ෆලෝව් කරන්න. නෙට්වර්ක් දිසාගේ බ්ලොග්  එක මම දැනට දන්න නොනවත්වාම කරගෙන යන හොද අන්තර්ගතයක් සහිත ලිපි අඩංගු  බ්ලොග් එකක්. මීය අමතරව  මේ ගැන තව හොද බ්ලොග් තියෙන්න පුලුවන්. අනේ මගේ යාලුවො තරහ වෙන්න එපා ඒවා ගැන කිව්වෙ නැ කියලා. සිංහල බ්ලොග් කියවනය සහ ලාංකීය සිතුවිලි, සස්රෑත, හත්මාලුව සහ අනෙකුත් සින්ඩිකේටර් පවත්වාගෙන යමින් සිංහල බ්ලොග් කලාවට මහඟු මෙහෙයක් කරන සහෝදරවරුන්ටත් ම‍ගේ හදපිරි ස්තූතිය පිරිනමනවා. අන්තිමටම හැම දෙනාටම කරන කියන හැම නටයුත්තක්ම සාර්ථක වේවායි පතනවා. මට යන්න අවසර යාලුවනේ. 



5 comments:

  1. oyata hodanam apita moko. lol

    ReplyDelete
  2. i have learnt more from your site.Thank you

    ReplyDelete
  3. පිස්සුද? ඇයි රතී නවත්වන්නේ. මගේ මුල්ම නෙට්වර්ක් ගුරා ඔයයි. අපිට ඒවා ඉගෙනගන්න කවුරැවත් නොහිටිය කාලෙක ඔයයි අපිට පිහිට වුනේ. අපිව අමතක කරන්න නම් එපා.

    ReplyDelete
  4. මචං . . . කවදාවත් උඹේ බ්ලොග් එකට කොමෙන්ට් නොකලට මම කියවන බ්ලොග් එකක් විදියට මගෙ බ්ලොග් රෝලෙ හැමදාම තියෙයි උඹේ බ්ලොග් එක. දවස් කීපයක් මූනු පොතේ හමුවෙලා කතා කලාට කිවුව වගේ සෙට් වෙන්න බැරි වීම ගැන ඇත්තටම දුකයි. මොනා කරන්නද මගෙ රස්සාව වගේ උඹේ රස්සාවෙ නිවාඩු නෑ නෙ.
    පුලුවං වෙලාවක ආපහු ලියපං. ලියන්න බැරි නං මේ බ්ලොග මෙහෙමම තියෙන්න ඇරපං. ඉගෙනගන්න එකෙකුට ලොකු උදවුවක් වේවි.

    ReplyDelete
  5. මටත් සහෝට වගේම රැකියා පරිසරයක් තියෙන්නෙ. මමනම් හැබැයි ජොබ් එකක් කරන්න පටන් ගත්තෙ ලගදි.ඉතින් අපි කරගෙන අපු වැඩේ දිගටම කරගෙන යමු.පුළුවන් හැමවෙලාවෙම උත්සහයක් අරගෙන ලියන්න බලමු.ජයෙන් ජය!!!

    ReplyDelete