නොයෙකුත් වූ සිදුවීම් ගොඩකට පස්සේ ගොඩක් කාලෙකින් ආවේ මේ පැත්තේ. බලමු වෙලාව ලැබෙන විදිහට ලියන්න. අත ඇරල දාපු වැඩ ටිකකුත් තියෙනවා කරගෙන යන්න බලාරොත්තුවෙන්. අද , පොඩි නමුත් කාටත් වැදගත් කියලා හිතෙන ලිපියක් දාන්නයි මේ සූදානම. පරිගණක ආශ්‍රිතව වැඩ කරන
අප ගොඩක් දෙනා අතරමං වෙන තැනක් තමයි මේ 32bit
හා 64bit යන operating
systems. මුලින්ම බලන්න ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ඇත්තේ මින් කුමන වර්ගයද කියා. ඉතින්
32බිට් හා 64බිට් මෙහෙයුම් පද්ධතිවල වාසි, අවාසි හා වෙනස්කම් ආදී කාරණා පරිගණක භාවිතා
කරන්නෙකු ලෙස ඔබ දැන සිටිය යුතුමයි. එනිසා මේ ලිපියෙන් මම කියල දෙන්න යන්නේ 32bit operating systems හා 64bit
operating systems ගැන හා ඒ Windows 32-bit සහ 64-bit
අතර ඇති වෙනස.
පරිගණක ප්‍රොසෙසරය දත්ත හැසිරවීමට යොදාගන්න ක්‍රම දෙක තමයි මෙසේ 32-bit සහ 64-bit
යනුවෙනුයි
හදුන්වන්නේ. සරළව, 64බිට් හා 32බිට් යනු possessor architecture එකයි. මෙයට මුලික වී
තියෙන්නේ යොදාගනු ලබන මතක ධාරිතාව වන අතර 32-bit පද්ධතියකට වඩා 64bit
පද්ධතියකට විශාල
මතක ධාරිතාවක් හැසිරවීමට හැකිවීම විශේෂත්වයක්.
එනම් 32බිට් ප්‍රොසෙසරයකින් පාලනය කළ හැකි memory එකට වඩා වැඩියෙන් 64බිට් ප්‍රොසෙසරයකට
පාලනය කළ හැකියි. ප්‍රොසෙසරය ගොඩක්ම ගනු
දෙනු කරන්නේ පරිගණකයක RAM එක සමඟයි. අපි මෙම අගයන් හෙක්සඩෙසිමල් අගයකට පත් කරාම 32-bit පද්ධතියකට bit 2³²
(bit 4,294,967,300)ක් හැසිරවීමටත් 64-bit පද්ධතියකට bit 2⁶⁴ ( bit 18,446,744,073,709,551,615) ක් වැනි විශාල data
volume එකක් හැසිරවිය හැකියි. එම ගණනය කිරීම් ඔස්සේ ගියාම 32-bit ආකාරයේ මෙහෙයුම්
පද්ධතියකට 4GB (2³²/1024³) මෙමරි ප්‍රමාණයක්
හැසිරවිය හැකියි. එසේ හැසිරවිය හැකිවුවත් භාවිතයේදි අපිට එය ලැබෙන්නේ එය 3000MB
වලට වඩා අඩු
අගයක්. මේ හේතුව නිසා 32-bit operating system භාවිතා කරන්නන් 4GB
RAM භාවිතය නිෂ්ඵල ක්‍රියාවක්.
මගෙ අදහස නම් 32 භාවිතා කරනවා නම් 2GB මතකය ප්‍රමාණවත් කියලයි.4GB මතකයක් නම් තියෙන්නේ 32bit වලට වඩා 64bit දැමීමෙන් Performance ගොඩක් වැඩි කරගන්න
පුලුවන්. මොකද 64bit වල තියන ලොකු Ram management එක හේතුවෙන්
64 bit වලදි Minimum 4GB Ram එකෙන් අපිට 32 වලින් කරගන්නවට
වඩා විශාල කාර්යක්ෂමතාවයක් ලබාගත හැකියි. එහි අදහස නම් 64-bit operating system භාවිතා කිරීමේදී 8GB
හෝ 16GB වැනි මතක
ධාරිතාවන්ගෙන් අපිට ලබාගත හැකි වාසිය මෙන්ම kernel patch protection නම් ක්‍රමය මගින්
දත්ත වලට ඉහල ආරක්ෂාවක් ලබාගැනීමේ හැකියාව
ලැබෙනවා. ඒ වගේම hardware-backed data execution යන් ආරක්ෂණය සඳහා සහය
දැක්වීම හා driver signing ආදියත් මෙහි වාසි
වශයෙන් දැක්විය හැකියි.16-bit හා 32-bit ගණයේ ඇතැම් මෘදුකාංග 64-bit තුල ක්‍රියාත්මක වන්නේ නැති නමුත් බොහොමයක් 32-bit
මෘදුකාංග 64-bit
ඕඑස් සහිත
පරිගණකයෙහි Program Files(x86) නම් ෆෝල්ඩරය තුල ස්ථාපනය වෙමින් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. Windows
7 පරිගණකයක C
drive එක තුලට ගියවිට මෙම ෆෝල්ඩරය දැකගන්න.කතාවටත් එක්ක විකියෙනම් කියන්නේ
මෙහෙමයි. In principle, a 64-bit microprocessor can address 16 exabytes
of memory. In practice, it is less than that. ඒ කියන්නේ 64-bit මයික්‍රාප්‍රොසෙසරයෙන්
exabytes 16 ක රැම් ප්‍රමාණයක් හැන්ඩ්ල් කරන්න පුල්වන් කියලයි. නමුත් භාවිතයේදි ඊට වඩා
අඩු වෙන්න පුලුවන් කියලත් ඒකෙම කියනවා. කොහොම වෙතත් 192GB වලටත් වඩා වැඩි
රැම් දාරිතාවක් කිසිම අව්ලක් නැතුව පාලනය කරන්න පුළුවන්.4GB වලට වඩා Ram
ගහනවානම්
අනිවාර්යෙන් 6bit දාන්න ඕනේ නැතනම් Ram ඔක්කොම usable වෙන්නෙ නෑ.efficiency එක උපරිමයට ගන්න බැරි වෙනවා. 64bit(x64) වලට හා 32bit(x86)යන දෙවර්ගයේම
මෘදුකාංගත් වැඩකරනව.නමුත් සමහර සොෆ්ට්වෙයාර් වල අලුත්ම වර්ෂන් 32 වලට නම් සපෝට්
කරන් නෑ. මොකද ඒවා natively ම ඉල්ලනවා 64 බිට් ඕඑස් එකක්. එතකොට කොහොමත් රැම් Ex : after effect cs5 (මේක 32
bit වල වැඩකරන්නේ නෑ
අනිවාර්යෙන් 64 bit තියෙන්න ඕනේ.) 64bit දාගන්න එක හැම අතින්ම හොඳයි. එනම්
64-bit ලොකු Application Run කිරීමේ හැකියාව අතින් ඉහලයි.
මෙහිදී සඳහන් කළ
යුත්තේ 64 bit මෙහෙයුම් පද්ධතියක්
භාවිතා කිරීමේදී ගැටලු ඇතිවන අවස්ථාත් කිහිපයක් තිබෙනවා.ඔබගේ දෘඩාංග සඳහා භාවිතා
වන 64bit ඩ්‍රයිවර්ස් තිබිය
යුතුයි. 32 bit සඳහා වූ ඩ්‍රයිවර්ස් 64 සමඟ කම්පැටිබල්
නොවීමේ අවකාශය පවතිනවා.එමෙන්ම සමහර පරිගණක වැඩසටහන් 64බිට් මෙහෙයුම් පද්ධතියක් මතදී බාවිතා කල
නොහැකියි.Start menu හෝ Desktop එක මත ඇති My Computer අයිකනය මත රයිට් ක්ලික් කොට Properties තෝරා ගන්න.එහිදී ඔබ දැනට
භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය බලාගත හැකි වේවි.


අම්මො කාලෙකින්නේ.කොහෙද ගිහිල්ලා හිටියේ මචෝ.ඔන්න මමත් fb එකේ share කරා උඹේ බ්ලොගිය.හැමදාමත් වගේ ෆට්ටයි මචං.සිරාමයි..
ReplyDeleteඅම්මො කාලෙකින්නේ.කොහෙද ගිහිල්ලා හිටියේ මචෝ.ඔන්න මමත් fb එකේ share කරා උඹේ බ්ලොගිය.හැමදාමත් වගේ ෆට්ටයි මචං.සිරාමයි..
ReplyDeletemamat hoya hoya hitiye me deke wenasa mokadda kiyala..den nam dannawa BOSS... niyamai wede....
ReplyDeleteදැනුම දීම උතුම් පිනක්.. පහනකින් තවත් පහන් දැල්වීමෙන් ලෝකය ආලෝකමත් වෙනවා. මුල් පහනේ ආලෝකය මදක්වත් අඩුවෙන්නේ නැහැ කියල බුදු පියානන් කියල තියෙනවා. මට මෙ සයිට් එක වැදගත්.. මමත් ටියුබ් ලයිට් පරපුරේනෙ..
ReplyDeleteගොඩක් ස්තූතියි මචන්....දිගටම ලියන්න...
ReplyDelete