Wednesday, August 2, 2017

ලෝකයේ පලමු ලැප්ටොප් යන්ත්‍රය - Osborne 1 (1983)

    මම අහම්බයෙන් කියවපු දෙයක් බෙදාගන්න හිතුවා.  Osborne 1 කියන ලෝකයේ පලමු ලැප්ටොප් යන්ත්‍රය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇඩම් ඔස්බෝන් (1939 to 2003) පරිගණක ඉංජිනේරුවා තමන්ගේ  Osborne Computer Corporation ආයතනයේදී. මෙයා ගැන තියෙන හරිම අපූරුම දේ තමයි ඉපදිලා තියෙන්නේ තායිලන්තයේ. ව්‍යාපාර කරලා ඉලෙක්ට්‍රොනික උපාංග හොයාගෙන තියෙන්නේ ඇමෙරිකාවෙදි. මිය ගිහින් තියෙන්නේ ඉන්දියාවෙදි. 1981දී තමයි මේ Osborne 1 නිපදවලා තියෙන්නේ. ඒ දැනට අවුරුදු 36කට කලින්. ඒ කාලේ මිල ඩොලර් 1795 යි. Floppy drives දෙකක් තියෙනවා. දැන් කාලේ මිල එක්ක සැසඳුවොත්  $4,729ක් වෙනවා. ලංකාවේ මිල එක්ක සැසඳුවොත් ඒ කාලේ මේ ලැප්ටොප් එකේ මිල රුපියල් 725,901.50 ක් වෙනවා. RAM එක 64KB යි. බර 10Kg ක් වෙනවා. හරියට පොඩි මහන් මැෂින් එකක් (Sewing Machine) වගේ නේද?

Introduced: 03 April 1981
Price:US $1,795 equivalent to $4,729 in 2016
Weight:24.5 pounds
CPU: Zilog Z80 @ 4.0 MHz
RAM: 64K RAM
Display: built-in 5" monitor

වැඩි විස්තර සඳහා සබැඳිය:
ඇඩම් ඔස්බෝන් - ලැප්ටොප් වල ආරම්භකයා





No comments:

Post a Comment