
සමහර වෙලාවට අපි පරිගනකයේ හදිසි වැඩක් කරමින් සිටින විට ඉබේම ඕෆ් වීම ඔබත් අත්විද ඇති. විදුලිය විසන්දු වුවාක් මෙන් මෙසේ එකපාරටම ඕෆ් වීමට හේතුව පරිගණකය අධික ලෙස රත්වීමයි. මෙහිදී ශට් ඩවුන් වීමක් සිදුනොවන අතර බොහෝවිට සිදුවන්නේ පරිගණකයේ ප්‍රොසෙසරය අධික ලෙස රත්වී පරිගණකය හිටිවනම නතරවීම වන අතර මෙය පරිගණකයට ඉතාමත් අහිතකරය.
හේතුව...
මෙසේ ඕෆ් වෙන්නේ පරිගනකය කුමන හෝ කොටසක් වැඩියෙන් රත්වීමෙන් වන අතර මවුපුවරුව එය හදුනාගෙන බොහෝවෙලාවට messages කිසිවක් නොදී පරිගනකය විනාශ වීමට පෙර එක්වරම ඕෆ් කරයි. මෙම සිදුවීම වැඩිවශයෙන් බලපාන්නේ පරිගණකයේ Hard disk එකටයි. මෙය නිතර නිතර සිදුවුවහොත් Hard disk එකෙහි ඇතුලත පලුදුවී (Physical Damage) එය භාවිතයට ගත නොහැකි තත්වයටද පත්වනු ඇත.
පරිගනකයේ Boot strap එක load වීමේදී ප්‍රොසෙසරය සෙල්ශියස් අංශක් 60 කට ආසන්න උෂ්ණත්වයකට පැමිණේ. දැන් මේ රත්වීම පාලනය කරන්නේ ප්‍රොසෙසරයට යාබදව හෝ හීට් සින්ක් එක මත සවිකර තිබෙන කූලින් ෆෑන් එකක් මගිනි. මෙසේ පරිගණකයේ ඇතුලත රත්වීමේ ප්‍රතිශතය අනුව කුලින් ෆෑන් එකේ වේගය ස්වංක්‍රීයවම වැඩිවන මුත්, අවටින් ලැබෙන සිසිල් වාතය අඩුනම් හෝ ලැබෙන වාතය සිසිලසින් තොරනම් මෙම රත්වීම දරාගත නොහැකිව ප්‍රොසෙසරයේ උෂ්ණත්වය ඉහල ගොස් ප්‍රොසෙසරය විනාශ වීම වැලැක්වීමට මවුපුවරුව මගින් ස්වංක්‍රීයවම පරිගනකය ඕෆ් කරයි. මෙසේ සිදුවන්නේ එම ෆෑන් එකේ දෝෂයකින් හෝ ෆෑන් එක සම්බන්ධ කර ඇති තැන තිබෙන කනෙක්ටරය බුරුල්වීමෙන් හෝ අවටින් ලැබෙන සිසිල් වාතය අඩුනිසාවෙන් හෝ ප්‍රොසෙසරයේ වරදිකින් හෝ මේ හේතූන් කිහිපයක් හෝ සියල්ලම නිසා වියහැක.

පිලියම...
මෙසේ ගැටලුවක් පැමිණි විගස සිදුකල යුත්තේ සීපීයු එක ගලවා ප්‍රොසෙසර් ෆෑන් එකයි හීට් සින්ක් එකයි හොදින් පිරිසිදු කිරීමයි. සමහර වේලාවට ෆෑන් එකේ හා හීට් සින්ක් එකේ දුවිලි බදීම නිසාද උෂ්ණත්වය ඉහල යා හැක.ඔබගේ ෆෑන් එක කැරකෙන්නේ යම් ශබ්දයක්ද සමගින් නම් මෙයද ෆෑන් එකේ දෝෂයක් වියහැක. එසේවු විටත් ප්‍රොසෙසරයේ නියමිත උෂ්ණත්වය පාලනය වෙන්නේ නැතිනම් අලුත් ෆෑන් එකක් හා හීට් සින්ක් එකක් දැමීම හොදය. ඔබට ෆෑන් එක පමණක් Replace කල නොහැක්කේ වෙලදපොලේ ෆෑන් ගත යුත්තේ හීට් සින්ක්(Heat sink) එකත් සමගම නිසාය. හැම හීට්සින්ක් එකක්ම හැම ප්‍රොසෙසරයක් එක්කම නොගැලපේ. ඒනිසා හොදින් දන්න කෙනකුගෙන් අසා හරියටම දැනගෙන අහුවෙන්නේ නැතිව මෙවැනි පංකාවක් ගත යුතුය. මේවා අද වෙලදපොලේ සාමාන්‍යයෙන් පවතින්නේ රුපියල් 600ත් 1000ත් අතර මිලකටය. ඉන්ටෙල් ප්‍රොසෙසරයක් නම් ඉන්ටෙල් ඔරිජිනල් ෆෑන් එකක් දැමීම සුදුසුය.
නැවත නොවීමට කලයුතු දේ...
ඔබගේ පරිගනකය සිසිල් වාතය ලැබෙන තැනකින් තබාගැනීම ඔබ තමන්ගේ පරිගණකයට කරන ලොකු උපකාරයක් වේවි. ඔබට මෙය සිදුකිරීමට නොහැකිනම් පලපුරුදු කාර්මිකයෙක් ලවා මෙය කරගැනීම සුදුසුයි. මම මෙහි පහලින් දමන link එක ආධාරයෙන් ඔබට , ෆෑන් වර්ග ටික හා ඒවාට හරියන ප්‍රොසෙසර ටිකට අදාල මිලගණන් බලාගත හැකි වේවි. මම මේ ලිපිය ලියුවේ මටත් මෙවැනි ගැටලුවක් මතුවී එයට මෙමගින් විසදුමක් ලබාගත් නිසායි. අලුත් ෆෑන් එකක් දැමූ නිසා දැන් ගැටලුවක් නැත. දැන් පරිගණකයේ උෂ්ණත්වය උපරිමය සෙල්ශියල් අංශක 70ක් පමණ වේ. අඩුම උෂ්ණත්වය සෙල්ශියස් අංශක 40ක පමණ Average එකක නවතී. ඉන්ටෙල් පෙන්ටියම් ප්‍රොසෙසරයටම එන ෆෑන් එකක්නම් ටිකක් මිල වේවි. ඔබේ පරිගණකයේ උෂ්ණත්වය ඔබට පරිගණකයේ CMOS Setup එක හරහා බලාගත හැකියි. එයට අමතරව Everest කියන සොෆ්ට්වෙයාර් එක මගිනුත් පරිගනකයේ උෂ්ණත්වය පමණක් නෙවෙයි Hard disk එකේ උෂ්ණත්වය හා rpm අගයත්, Cooling fan එකේ rpm එකත් ඇතුලු පරිගණකයේ Currently Performanceවලට අදාල තවත් බොහෝ තොරතුරැ බලාගත හැකියි.
එම මෘදුකාංගය බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න.
පරිගනකයේ ෆෑන්වල මිල හොයාගන්නට මේ ලින්ක්ස් ක්ලික් කරන්න.
පරිගනක උපාංගවල මිල Link 1
පරිගනක උපාංගවල මිල Link 2
මෙම site හරහා වර්තමානයේ පරිගණකවල මිලත් බලාගන්න පුලුවන්.
No comments:
Post a Comment