Thursday, June 3, 2010

පිලිගැනීමේ පණිවුඩයක්. . .

අද මම කියන්න යන්නේ site එකක් browser එක හරහා විවෘතවන විට යම් ආකාරයක පණිවුඩයක් දිස්වීමට සලස්වන ආකාරයයි. ඉතාමත් කෙටි වචන පෙලකින් මෙය සිදුකරගත හැකියි.








ඔයාලා HTML කියන Website designing language එක වගේම java scripting එහෙමත් ටිකක් දන්නවානම් මේකට ගොඩාක් වැදගත්. එහෙනම් මේ කෝඩ් එකම විවිධ පැතිවලට හරවලා නොයෙකුත් නිර්මාණ කරන්න පුලුවන්. මේ code එක blog එකට එකතු කරනවානම් Layout-Add Gadget-HTML/Java Script කියන තැනට ගිහිල්ලා විවෘතවන වින්ඩෝවේ පහලින් මෙය paste කරගන්න.

ඔයලාට ඔයාලගෙම කියලා වෙබ් පේජ් එකක් නෑත්තම් notepad එක open කරගෙන මේ code එක notepad එකට paste කරගෙන save කර ගන්න. save කරනකොට name එක අගට ".html" යන extension එක යොදාගන්න.(Eg: test.html) දැන් ඔයාල ඒක save කරපු තෑනට ගිහින් html file එක open කරල බලන්න.

මෙහි Alert එකට කැමති ඕනෑම වාක්‍යයක් යෙදිය හැකියි. තමන්ගේ blog එකේ ඇති බුද්ධිමය වටිනාකම හා ගුණාත්මක බව දියුණු කරගන්න මේවගේ පුංචිපහේ Script එකකින් පුලුවන්. මේ Script එකම තවටිකක් දියුණු කලොත් browser title bar එක අපිට අවශ්‍ය නමකින් සරසගන්නත් පුලුවන්. පුලුවන්නම් try කරල බලල මටත් කියන්නකෝ.

1 comment:

  1. thx saho.. mekata sinhalen text 1k danna barida ?? mama try kala eth wada karanne nane..

    ReplyDelete