දැන් නම් දෙන්න යන්නේ ලස්සන ඉංග්‍රීසි සින්දුවක්. අද උදේ playlist එකේ තිබිලා ආපහු ඇහෙද්දී තමයි මෙකත් බ්ලොග් එකේ දාන්න ඕන කියලා හිතුණේ. ඔන්න එහෙනම් අහන කට්ටිය අහන්න. නෙට්වර්කින් පාඩම ගැන කියනවා නම් ඒකත් මේ දවස්වල ලියාගෙන යනවා. කීපදෙනෙක් අහලා තිබ්බා ඇයි ඒක පරක්කු කියලා. ඒකට අදාල Pictures ටිකත් හදාගත්තම හෙට දිහාට දාන්න පුලුවන් වෙයි. complete වුන ගමන් ඉක්මනටම දාන්නම් ඒකත්. එතෙක් තරහා අවසර.... තරහනම් මේ සින්දුවවත් අහලා හිත නිවා ගන්න පුලුවන් වෙයි.
මේ ගීතය ගායනා කරන්නේ Scorpions කියන heavy metalසහ hard rock ඝණයේ ගීත ගායනා කරන German සංගීත කණ්ඩායමක්. සමහරැන්ටනම් hard rock කියද්දී කණේ ඇගිලි ගහගන්න හිතෙනවා ඇති. ඒ වුනාට මට නම් hard rock කීවොත් ඊට වැඩිදෙයක් නෑ. කණට මී පැණි දැම්මා වගේ. ඉතින් Scorpions ලාගේ ඉතිහාසය ගැන කියනව නම් 1972 වසරේ තමයි පලමු ගීත ඇල්බමය නිකුත් කරලා තියෙන්නේ "Lonesome Crow" නමින්. ගොඩක් දිග ඉතිහාසයක් තියෙන කලින් කලට අලුත් මූණු එකතු වුන බෑන්ඩ් එකක්. ගීත ඇල්බම විදිහට ගත්තාම 2010 වසරේ අවසානයට නිකුත් කල "Sting In The Tail" ඇල්බමයත් සමග albums 22ක් පමණ ඔවුන් මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඊට අමතරව නිකුත් කර ඇති Singles ගණනත් බොහොමයි. අද දෙන ගීතයේ නම තමයි "Love Will Keep Us Alive". එය Scorpionsලාගේ "Humanity - Hour 1" නමින් 2007 වසරේදී නිකුත් කල ඇල්බමයේ අඩංගුවන්නක්. මම ඔවුන්ගේ ගීතවලින් තවත් කැමති ගීත අතර Still Loving You, Wind of Change, You and I, Humanity, Believe in Love, Rock You Like A Hurricane ගිත ප්‍රධාන තැනක් ගන්නවා. "Love Will Keep Us Alive" ගීතයෙන් කියන්නේ ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ කියලයි. ඇත්තටම ලස්සන ගීතයක්.
"When I look at you
I can see the sadness in your eyes
In these desperate times
We get pushed and shoved from every side
මම ඔබ දෙස බලද්දී
ඔබේ මුහුණේ තියෙන දුක මට පෙනෙනවා
මේ බලාපොරොත්තු සුන්වූ කාලවලදී
අපි තීරණයක් ගන්න බැරිව එහාට මෙහාට තල්ලුවෙනවා"
"Love will keep us alive
Let's make the moment right
It's now or never
Love will keep us alive
Even the darkest night
Will shine forever
Love will keep us alive
Love will keep us alive
Love, love will keep us alive
අපිව ජීවත් කරවන්නේ ආදරයයි
අපි ඒ මොහොත හදාගනිමු
අදුරැ රැයකදී වුවත් දිස්නය දෙන්න ආදරයට පුලුවන්"
මෙන්න Scorpions ගේ Official site එක
ගීතය බාගන්න මෙතනින්
lyrics ගන්න මෙතනින්


No comments:
Post a Comment