Tuesday, February 1, 2011

ෆයිබර් ඔප්ටික් තාක්ෂණය - Fiber Optics Clothing



                   මේ ලිපියෙන් කියන්න යන්නේ  Optical Fibers වලින්  කරන ලද තවත්    අපූරැ නිර්මාණයක් පිලිබදවයි. මෙය lighting (ආලෝකනය), Fiber Optics Clothing, Optic fabric, Luminious clothing යනාදී විවිධ නම්වලින් හදුන්වනවා. මං මේ සදහා  Fiber Optics Clothing යනුවෙන් සදහන් කරන්නම්. මෙයත් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ආශ්‍රිතව නිමැවුනු අපූරැ නිමැවුමක්. මෙහිදී අලංකරණ කටයුතු සදහා මූලිකත්වය දෙනු ලබනවා. මෙහිදී සිදුකර තිබෙන්නේ Fiber optics threads සාමාන්‍ය cloth fabric සමග එක්ව නිමවා කුඩා ධාරාවක් ලබා දෙන බැටරි හා LED බල්බ යොදා ඒවාට ආලෝකය ලබාදීමයි. මෙහිදී යොදාගන්නා LED බල්බවල වර්ණය අනුව කැමති වර්ණයක් ලබාදිය හැකියි. මෙහි ඇත්තේ rechargable battery pack එකකි. ‍මෙම බැටරි පැක් එක  pocket එකක, tiny pack එකක හෝ  purse එකක් තුල බහාලිය හැක.



 එලෙසින්ම තමන් කැමති  ඇඳුම් පැළඳුම් කට්ටලයකට, උදාහරණයක් ලෙස හිස්වැසුමක් ගත්විට ඊට සරිලන colors, photos, logos, words හා තවත් බොහෝ animations යොදාගැනීමේ හැකියාව පවතිනවා. මේ  Fiber Optics Clothing තාක්ෂණය  ව්‍යාපාරික කටයුතු සදහා ව්‍යාපාරිකයින් තමන්ගේ ආයතනයේ ලාංජනය ප්‍රදර්ශණය කිරීම සදහා මේ ආකාරයෙන් යොදාගැනීම දැන් නිතර දක්නට ලැබෙනවා. 


6 comments:

  1. මේ නාම පුවරු සීන් එක මම ෆෝන් කඩ වල,එක එක ෂෝරූම් වල එහෙම දැකල තියනවා.මාර දේවල් මේ ටෙක්නොලොජි එකෙන් කරන්න පුළුවන් නේද?

    ReplyDelete
  2. මට නම් optical fiber කිව්ව ගමන් මතක් වෙන්නේ Internet :D

    ReplyDelete
  3. ඇත්තටම මේක නම් අපූරැ නිර්මාණයක්. වටිනා ලිපියක්.

    ReplyDelete
  4. dinesh_ කොලඹින් පිට ගියාම ඇරෙන්න ලංකාවේ නම් තාමත් මේවගේ දකින්න ලැබෙනවා අඩුයි. ඇත්තටම තවත් අලුත් දේවල් මේ ටෙක්නොලොජි එකෙන් කරන්න පුලුවන් වගේම මිනිස් වර්ගයාගේ යහපත සදහා භාවිතා කරන්නත් පුළුවන්. බොහොම ස්තුතියි දිනේෂ් කමෙන්ටුවට..

    ඉෂාන් තිළිණ සෝමසිරි_අලුත් මිතුරෙක් මගේ ඉසව්වට. ‍කාටත් optical fiber කිව්ව ගමන් මතක් වෙන්නේ Internet තමයි. මොකද ඔප්ටිකල් ෆයිබර්වලින් ගන්න පුලුවන් මූලික දේ ඒකනේ. ඔයාගේ ලිනක්ස් අඩවිය ගැන මමත් උනන්දුයි. බොහොම ස්තුතියි කමෙන්ට් එකට.

    Chathura_බොහොම ස්තුතියි චතුර. තවත් වටින කියන ලිපි දෙන්නයි මගේ බලාපොරොත්තුව ඉදිරියටත්.

    ReplyDelete
  5. ඒකනේ මමත් දන්නේ ෆයිබර් ප්ෆ්ටික් කීවොත් ඉන්ටර්නෙට් පමනයි ...

    මම නොදන්න එවා සෑහෙන ගානක් මෙහෙන් ඉගන ගත්තා ..

    ජය වේවා !!

    ReplyDelete
  6. හිස් අහස_සදරෑත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේ. හැබැයි මං ඔය ටීචින් වැඩේනම් වැඩිය දන්නේ නෑ ගොයියො. ඔය ලමයි ටිකත් තියාගෙන ඉන්නේ බොහොම අමාරැවෙන්...

    ReplyDelete