Friday, March 25, 2011

කාන්තාරයේ පිපුණු රෝස මල - by Sting



       අහලා තියෙනවද Sting කියන ඉංග්‍රීසි  ගායකයාගේ "Desert Rose" කියන ගීතය. ටිකක් පරණ වුනාට ලස්සන ගීතයක් තාමත්. Sting  කියන්නෙත් ටිකක් විතර පරණ ගායකයෙක්. ඔහුගේ මුල්ම ඇල්බමය 1985 නිකුත් කල තැන් ඉදන් මේ දක්වා OfficialAlbums 11ක් විතර නිකුත් වෙලා තියෙනවා. ඊට අමතරව Singles ගොඩකුත්. Sting කියලා භාවිතා කලත් ඔහුගේ නියම නම Thomas Sumner. Genres විදිහට ගත්තාම Rock, jazz, pop rock කියන හැම ප්‍රභේදයටම අයත් වන විදිහට ගීත ගයන කෙනෙක්. ඔහුගේ Roxanne,Englishman In New York, Message In a Bottle, Fields of Gold වගේ ගීතත් ගොඩක් ලස්සනයි. "Englishman In New York" අහල බලන්න. Gentleman විදිහට හැසිරෙන මහත්මයෙක් මේ වගේවෙන්න ඕන කියලයි ඒකෙන් කියන්නේ. ඒකේ තියෙන්නේ ජීවිතය ලස්සනට හැඩගස්වගන්න වටින දේවල් ටිකක්.  ඉතින් මේ "Desert
Rose" කියන ලස්සන ගීතය අඩංගුවෙලා තියෙන්නේ ඔහු  "Brand New Day" නමින් 1999 වසරේදී නිකුත් කල ඇල්බමයේ. මේ ගීතයේ මට නම් ගොඩක් ලස්සන මේකේ Rock stone වර්ෂන් එක. 
         මේ ගීතය ඔහුත් සමග featuring කරන්නට Cheb Mami නම්     Arabic ගායකයාත් එකතුවෙලා තියෙනවා. මේ සින්දුව පටන් ගනිද්දිම ඒ ඇරබික් ගතිය දැනෙනවා.  මේ ගීතයේ වීඩියෝවත් මැක්සා.  Cheb Mami මෙහිදී  ගායනා කරන්නේ Algerian Arabic ශෛලියක් රැගත් ‍කොටසක්. ඔහුගේම තවත් ජනප්‍රිය ගීතයක් තමා mami meli කියන ඇරබික් ගීතයත්. Cheb Mami කීවත් ඔහුගෙත් නියම නම Mohammed Khalifati. ඔහුව international audience එකේ මෙතරම් ප්‍රසිද්ධියට පත් වෙන්නට හේතුවෙලා තියෙන්නෙත් මේ ගීතයයි. මෙහි දුක්බර ආරංචිය නම්  මේ අරාබි ගායකයා මේ වනවිට ජීව් වෙන්නේ ප්‍රංශයේ හිරගෙදරක වීමයි. මේ ගීතය මේ දිනවල නැවතත් ප්‍රචලිත වීමට එයත් එක් හේතුවක් වෙලා තියෙනවා."Desert Rose" ගීතයෙන් කියන්නේ කාන්තාරයේ පිපිණු රෝසමලක් ගැනයි. කාන්තාරයේ ඉතින් ඇත්තටම රෝස මලක් පිපෙනවානම් ඒකෙන් කියන්නේ මොකක් ගැනද කියලා හිතාගන්න පුලුවන්නේ. මේ ගීතයේ එතිලා තියෙන්නෙත්  ඒ වගේ ලස්සන ගැහැණු ලමයෙක් තමයි. මුලින් කියන ඇරබික් කොටසත් මාර ලස්සනයි. අහලම බලන්න. ගීතයේ වචන සරල වුනත් ඇතුලෙන් දිවෙන අර්ථය ගොඩක් ලස්සනයි.

ගීතය බාගන්න මෙතනින්
Official site එකට මෙතනින්
Lyrics වලට මෙතනින්

6 comments:

  1. මේක මමත් හරිම ආස සින්දුවක්. ඉස්සර මම ඔය සින්දුවම ඉල්ලලා එක රේඩියෝ ස්ටේශන් එකක නිවේදකයෝ මට කතා කලේ Desert Rose කියල. ඒ තරම් මම ඒ සින්දුවට ආසයි. අර අරාබි ගායකයා ඇයි හිරගත කරලා තියෙන්නේ?

    ReplyDelete
  2. නියමයි යාලුවා.. සින්දුවයි පද ටිකයි දෙකම බා ගත්තා.. එල එල දිගටම කරගෙන් යන්න.

    ReplyDelete
  3. නියමයි යාලුවා.. සින්දුවයි පද ටිකයි දෙකම බා ගත්තා.. එල එල දිගටම කරගෙන් යන්න.

    ReplyDelete
  4. සංජු_
    Desert Rose කියල ඔයාටත් කීවද. ඒ කියන්නේ ඒ තරම්ම මේ ගීතය අහන්න ඉල්ලලා තියෙනවා වගේ. ඒ අරාබි ගායකයා ඔහුගේ බිරිදව abortion කරන්න තමන්ගේ කලමනාකරැ හා තවත් සමීපතමයින් කිහිපදෙනෙක් එක්ක කුමන්ත්‍රණය කරලා තියෙනවා කියලයි ආරංචිය. එහෙම කරන්න හේතුව ඒ ලැබෙන්න සිටිය දරැවා තමන්ගේ නෙමෙයි නිසා කියලා ඔහු උසාවියේදී ප්‍රකාශ කරලා තියෙනවා. කොහොම වෙතත් මොහු වසර පහකට හිරගෙට නියමවෙලා තියෙනවා. ඒ රටවල්වල මේවා මහ දරැණු කේස්.

    සුදර්ශන බංඩාර හේරත්_
    බොහොම ස්තුතියි මචං.

    ReplyDelete
  5. budhajeewa_
    හ්ම්. මගෙත් එහෙමයි. මට කොච්චර පරණ වුනත් මේ සින්දුව ඇහෙද්දී දැනෙන හැගීම වචනෙන් කියන්න බෑ.

    ReplyDelete