පහුගිය පාඩමෙන් Straight-through Cable එකක් හදාගන්න ආකාරය අප විමසා බැලුවා. අද බලමු Crossover Cable එකක් හදාගන්න ආකාරය. T-568A ලෙසින් හදුන්වනනේත් මේ ආකාරයමයි.
2 Crossover Cable -
Mac devices to Mac devices
Non Mac devices to Non Mac devices
මේ ආකාරයේ කේබලයකින් අපි සම්බන්ධ කරන්නේ MAC address එකක් ඇති devices දෙකක් හා නැති devices දෙකකුයි.
ex- Hub to Hub
NIC to NIC
මේ ආකාරයේ කේබලයක් හදාගන්නේ මෙහෙමයි. පහල ඇති රෑපය බලන්න. Straight-through Cable එකක් හදාගන්න ඕන color code එකට සමාන ආකාරයක් නිසා වැඩිය විස්තර කරන්න ඔනත් නෑ. මුලින්ම UTP cable එක අරගෙන රැපයේ ආකාරයට පිලිවෙලින් එක් පැත්තක WG, G, WO, B, WB, O, WBR, BR ලෙසිනුත් අනෙක් පස සාමාන්ය ආකාරයෙනුත් පෙලගස්වාගෙන Cable Stripper එකෙන් Line up කරගෙන RJ45 connector එකට Crimping tool එක ආධාරයෙන් Crimp කරගන්න. එපමණයි.
පේනවා නේද ඇයි මේකට Crossover කියන්නේ කියලා. කේබලය ඇතුලෙන් මේක කතිරයක් හැඩයට Cross වෙලා තමයි තියෙන්නේ.
Crossover pattern
මෙන්න අධාරක වගුවකුත්. මේක බැලුවනම් පහුගිය ලිපිවල කියපු ඔක්කොම වගේ සාරාංශගතවෙලා තියෙනවා.
Pin # | Signal | EIA/TIA 568A | AT&T 258A, or EIA/TIA 568B | Ethernet 10BASE-T 100BASE-T |
1 | Transmit+ | White/Green | White/Orange | X |
2 | Transmit- | Green/White or Green | Orange/White or Orange | X |
3 | Receive+ | White/Orange | White/Green | X |
4 | N/A | Blue/White or Blue | Blue/White or Blue | Not used * |
5 | N/A | White/Blue | White/Blue | Not used * |
6 | Receive- | Orange/White or Orange | Green/White or Green | X |
7 | N/A | White/Brown | White/Brown | Not used * |
8 | N/A | Brown/White or Brown | Brown/White or Brown | Not used * |
3 Rollover Cable -
මේ කේබලය මූලිකවම භාවිතයට ගන්නේ Cisco Routing සදහායි. සාමාන්ය switches, routers භාවිතා කරලා ගොඩනංවන නෙට්වර්ක් එකකට මෙය අවශ්ය වන්නේ නෑ. නෙට්වර්ක් එකක් Null Modem Cable නමිනුත් මේ කේබලය හදුන්වනවා. මේ කේබලයටම DB-9 female කනෙක්ටර් එකක් සෙට් වෙලා අනෙක් කෙලවරට RJ45 කනෙක්ටරයක් සම්බන්ධවුනාම මේකට අපි Cisco console cable වගේම DB-9 to RJ45 cable කියලත් කියනවා. මේ කේබලයම අවශ්යතාවය අනුව DB-25 කනෙක්ටර් එකකට වුනත් සම්බන්ධ කරන්න පුලුවන්. මේ විදිහටයි ඔය කියන දෙයාකාරයටම කේබලයේ wiring එක පිහිටන්නේ. color code ගැන නම් ආයේ විස්තර කරන්න යන්නේ නෑ. මොකද දැනටමත් ඔයාලට ඒ සම්බන්ධව අවබෝධයක තියෙනවා. අපි එක පැත්තක් RJ45 කනෙක්ටරයට B type color code එකට අනුව සම්බන්ධකරලා අනෙක් පැත්ත DB-9 female කනෙක්ටර් එකට සම්බන්ධකරන විට එහි එහි Solder කොටසට කේබලය පාස්සා ගත යුතුවෙනවා.
මෙය භාවිතා කරන්නේ රවුටරයේ com port එකත් පරිගණකයේ com port එකත් හරහා connectivity එක ඇතිකිරීමටයි.
මේ Cable එකක් අපි පාවිච්චි කරන්නෙ Router එකේ Console port එකත් පරිගණකයේ com port එකත් අතර connectivity එක ඇතිකිරීමටයි. ඒ කියන්නේ Router එක configure කරගැනීමට.
The original wiring of DB-9 to female RJ45
signal (PC) | DB-9 adapter | color | RJ45 adapter | flat RJ45 cable | flat RJ45 cable | |
(out) RTS | 7 | blue | 1 | 1 | 8 | |
(out) DTR | 4 | orange | 2 | 2 | 7 | |
(out) TXD | 3 | black | 3 | 3 | 6 | |
ground | 5 | red | 4 | 4 | 5 | |
ground | 5 | green | 5 | 5 | 4 | |
(in) RXD | 2 | yellow | 6 | 6 | 3 | |
(in) DSR | 6 | brown | 7 | 7 | 2 | |
(in) CTS | 8 | white | 8 | 8 | 1 |
අවසානයට සදහන් කලයුතුව තිබෙන්නේ සාමාන්ය switches, routers භාවිතා කරලා ගොඩනංවන නෙට්වර්ක් එකකට ඔය කියු ආකාරයේ කේබල් අවශ්යම නෑ. Standard ක්රමය එය වුනත් අපිට straight cable එකකින් වර්තමාන තාක්ෂණය යටතට ගැනෙන මේ සියලුම devices සම්බන්ධ කිරීමට පුලුවන්කම තියෙනවා කියන එකත් පාඩමට අදාල නොවුනත් මතක් කරන්න ඕන.









Thanks.
ReplyDeleteGreat work machan.
ReplyDeleteThankx
ReplyDeleteහොඳ පිලියක්.......
ReplyDeletehttp://www.facebook.com/pages/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA/184772704872869