Friday, April 22, 2011

මොකක්ද මේ FireWire තාක්ෂණය

       
         FireWire යනු 1995 වසරේදී Apple සමාගම තමන්ගේ  digital devices සමග දත්ත හුවමාරැ කරගැනීමට හදුන්වා දෙන ලද තාක්ෂණයක්. විශේෂයෙන්ම  audio සහ video equipment සමගයි ඒ. මෙම තාක්ෂණය  IEEE 1394 High Performance Serial Bus ( Institute of Electrical and Electronics Engineers) ලෙසත් හදුන්වනවා. IEEE  යනු  ලෝකයේ පිලිගත් Electrical සහ Electronics ඉංජිනේරැ විද්‍යාව සම්බන්ධව පිලිගත් ආයතනයයි. Apple සමාගම  FireWire කියද්දී Sony සමාගම මෙයට i.Link ලෙසත්, Texas Instruments සමාගම  Lynx ලෙසත් නම දී තිබෙනවා. ඉතින් මේ මොන නමකින් කීවත් FireWire port එක  Universal Serial Bus (USB) එකට ඉතාමත් සමානයි. FireWire port එකක් වශයෙන් ගත්විට එහි නවතම හදුන්වාදීම ඉතාමත් වේගවත් (up to 800 Mbps). මේ නුදුරැ අනාගතයේදීම එහි වේගය 3.2 Gbps වේගය අභිබවා යනු ඇතැයි නිෂ්පාදකයන් අනාවැකි පලකරනවා. 


වාසි
  1. Fast transfer of data - වේගය
  2. Ease of use - භාවිතයේ ඇති පහසුව
  3. Hot-pluggable ability - සම්බන්ධ කිරීමේ පහසුව
  4. Provision of power through the cable -එම උපාංගවලට  විද්‍යුතය ගෙන යාමට වෙනම කේබලයක් අවශ්‍ය නොවීම
  5. Plug-and-play performance - සවිකල විගස ක්‍රියාකාරිත්වය පෙන්වීම. උදා- අපි usb නොවන මවුසයක් පරිගණකයට සම්බන්ධ කල විට එය නිසියාකාරව ක්‍රියාත්මක විමට නම් පරිගණකය නැවත පණගැන්විය යුතුය.  FireWire එසේ නොවේ.
  6. Low cabling cost  - කේබලය ගත්විට එය මිලෙන් අවම විම.

        

        වේගය ගැන කිවොත් නම් USB 1.0 තාක්ෂණයේ  දී දත්ත හුවමාරැකරන වේගය 12mbps පමණ ‍වෙනවා. නමුත් අපි එවැනි devices දෙකක් පරිගණකයට සම්බන්ධ ක‍ලොත් ඒ වේගයම එම දෙක devices විසින් බෙදාගන්නවා. එතකොට එකකට ලැබෙන්නේ 6 Mbps පමණයි.ඒ අවදියේදිම එලිය දුටු  FireWire 400 (1394a) තාක්ෂණයේ  දී  400 Mbps දත්ත හුවමාරැ වේගයක් පරිශීලකයාට ලබා දුන්නා. අනික තමයි කොපමණ devices ප්‍රමාණයක් සම්බන්ධ කලත් 400 Mbps දත්ත හුවමාරැ වේගය බෙදාගන්නේ නෑ. හැම එකකම වේගය  400 Mbps ස්ථානයේ රැදි තිබෙනවා. එයට අභියෝගයක් වශයෙන් USB 2.0 තාක්ෂනය එලිය දුටුවේ 480 Mbps  තරම් ඉහල දත්ත හුවමාරැ වේගයක් රැගෙනයි. ඒ USB 1.0 තාක්ෂණයේ  දී දත්ත හුවමාරැකරන වේගයට (12mbps) වඩා 40 ගුණයකින් පමණ ඉහල වේගයක් ඇතැතිවයි.  එහෙත් USB 2.0 device එකක් USB 1.0  port එකකට සවිකලොත් ඒත් ලැබෙන වේගය 12mbps වෙනවා නිතැතින්ම. නමුත් FireWire 800 (1394b) තාක්ෂණය ඒත් එක්කම වගේ ආවේ 800 Mbps වේගයක් එක්කයි. මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් පරිගණකයේ සිට 100 meters (cable length) දිග කේබලයක් පාවිච්චි කරලා වුනත් මේ වේගය එහෙමම පවත්වා ගැනිමට මෙම තාක්ෂනය මගින් සමත් විමයි. දත්ත හුවමාරැ කරද්දී මේ තාක්ෂනය තමන්ගේ වේගය එලෙසම තබාගන්න   IEEE 1212 සම්මතය මත පදනම් වුනු  64-bit fixed address එකක් භාවිතා කරනවා.  අනික තමා තමන්ට සම්බන්ධ කරන උපාංගවලට තමන් විසින්ම විදුලියත් සපයා ගැනිම. ඉතින්  FireWire connectors වශයෙන් ගත්තාම වර්ග කිහිපයක් හදුන්වාදෙන්න පුලුවනි. 

  • Connectors 1394a-1995:
    connector 1394a-1995
    • Connectors 1394a-2000, called mini-DV because they are used on Digital Video (DV) cameras:
      connector 1394a-2000

    • 1394b Beta connectors:
      1394b Beta connector
    • 1394b Bilingual connectors:
      1394b Bilingual connector


      FireWire  Card එකක්

      FireWire Standards
      Bandwidth එක අනුව වර්ග කරන ආකාරය
      Standard
      Theoretical Bandwidth
      IEEE 1394a
      IEEE 1394a-S100
      100 Mbit/s
      IEEE 1394a-S200
      200 Mbit/s
      IEEE 1394a-S400
      400 Mbit/s
      IEEE 1394b
      IEEE 1394b-S800
      800 Mbit/s
      IEEE 1394b-S1200
      1,200 Mbit/s
      IEEE 1394b-S1600
      1,600 Mbit/s
      IEEE 1394b-S3200
      3,200 Mbit/s

      මෙන්න මේ තියෙන්නේ අර ඉස්සරලා කීව 3,200 Mbit/s වේග සීමාවේ තියෙන වර්ෂන් එකත්.
       IEEE 1394b standard එකට  FireWire 2 or FireWire Gigabit කියලත් කියනවා.


3 comments:

  1. මම දන්න විදියට නම් fire-wire cable එකක් තියෙනව නම් පරිගනක දෙකක නෙට්වර්ක් එකක් උනත් හදන්න පුලුවන්. ඒකෙ ස්පීඩ් එක හොදටම වැඩි නිසා හොද වේගයක් අර ගන්නත් පුළුවන්.

    http://www.weethet.nl/english/network_firewire.php

    ReplyDelete