Sunday, December 23, 2012

අවුරුදු 03යි! පෝස්ටු 100යි! ඔබ නිසයි සකි... Salute You




          අදට නෙමෙයි, 2012 දෙසැම්බර් 21 වෙනිදට දැන් ඔය ලෝක විනාශය වෙනවයි කිව දවස වෙද්දි මගෙ බ්ලොගියට අවුරැදු තුනයි හරියටම. එදාම පෝස්ටුවක් ලිවේ නැත්තේ මොකෝ කියනව නම්, මට නිකමට හිතුනා එහෙම පෝස්ටුවක් ලියලා දාලා බැරි වෙලාවත් ලෝකෙ විනාශ වුනොත්වත් කාට කියවන්නද ඉතින් කියලා හිතුනා. : D නෑ නෑ ඇත්තම කියනව නම් ඒ දවස් වෙද්දි උණ ගැනිලා උන්නේ හොඳටෝම. දැන් හොඳ වුන ගමන් තමයි මේ පෝස්ටුව දාන්නේ. ඉතින් මේ බ්ලොගියේ ඉතිහාසෙට කෙලින්ම එන්නම්.
                 රතීගෙ දිනපොතේ ඉතිහාසය කියනවනම් මමත් යුනිකෝඩ් ගැන දැනගත්තා විතරයි ඒ කාල වකවානුව වෙද්දි. කැමති කෙනෙකුට බලන්න පුලුවන් මම මගේ පලමු පෝස්ටුව කියලා මොකක්ද ලියලා තියෙන්නේ සහ යුනිකෝඩ් හරියට වින්‍යාස ගත වෙලා නැතිකමෙන් හා  අකුරැ පිහිටල තියෙන විදිහෙන් මගෙ ඒ කාලේ මේ බ්ලොග් කලාව පිලිබඳව තිබුන දැනීමේ හොඳකම. ඊට පස්සේ අවුරැද්දෙත්  ටිකක් දුර යනකල් මට හුරු වෙන්න බැරි වුනා මේ  සිංහල යුනිකෝඩ්වලට.(මොකද ඒ කාලෙදි හොරාට සිංහල කොට කොට හිටියේ අර A අකුරට අ යන්න එන කන්වර්ටර් එකක. ඇත්තමයි බ්ලොගියෙන් මට ලැබුනු ලොකුම දෙයක් තමයි විජේසේකර ෆොන්ට් ස්ටයිල් එකට මාරැ වීමට ලැබීමත්) ඒ වගේම ඒ කාලෙදි  බ්ලොගින් ගැනවත් නිට්ටාවටම දෙයක් දැනන් උන්නේ නෑ. මේක මේ පම්පෝරි පොස්ට් එකක් එහෙම නෙවෙයි ඕං.  මගේ බ්ලොග් කලාවේ ලොකු ටාගට් නම් තිබුනේ නෑ. අනික තමා මම බ්ලොගිය පටන් ගත්තේ අහවල් කාරණාවකට යැයි මුලින්ම කිසිම අරමුණක්වත් තිබුනේ නැ. ඔහේ ටිකක් ලියාගෙන යද්දි හොඳ දෙයක්, පවතින දෙයක්, මතක හිටින වෙනස්ම දෙයක් කරන්නයි මට ඕනෙ වුනේ. මම හිතන්නේ ඒ හරිය යම් තාක් දුරකට හරි සාර්ථක වෙන්න ඇති ඒ කාලේ හැටියට. සමහර අය ඔය වල්පල් බ්ලොග් වලට දෝස්මුරේ දානවනේ. මම නම් කියන්නේ ඒක වැරදියි. ඊයෙ උදේ කෙල්ල හම්බෙන්න ගිය ගමනයි, එයැයිත් එක්ක කතා  කරපුවයි,  පෙරේදා  ගිය පික්නික් එකයි, ළඟදී ගත්ත වාහනේ ගැනයි   හැම මගුලම බ්ලොග් වල ලියන්නේ මොකටද  කියලා සමහරු නානාප්‍රකාර කතා කියනවා. ඒ මොන දේක වුනත් වල්පල් වුනත් ගන්න දෙයක්, ජිවිතේට එකතු කරගත හැකි යමක් තියේ නම් , හිතන්න දෙයක් තියේ නම් අවුලක් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද මම වුනත්  පට්ට වැඩකට නෑ කියලා හිතෙන පෝස්ටු කියවපුවාම අන්තිමේට තේරෙනවා  යටින් ලොකු පණිවුඩයක් කියලා තියෙනවා කියලා. තවත් සමහර පෝස්ට් වලින් අත්දැකීම් බෙදා ගන්න ලැබෙනවා.  තවත් සමහරකට ලැබිලා තියෙන කමෙන්ටු කියෙව්වාම ඒ පෝස්ටුව කියෙව්වටත් වඩා දැනුමක්, අත්දැකීම් සමුදායක් ජීවිතේට එකතු කර ගන්න පුලුවන් වෙනවා. මම අත් දැකලා තියෙනවා ඒ දේවල්. හිතේ තියෙන දේවල් එළියට දැම්මම තමන්ගේ හිත හරි ටිකක් සැහැල්ලු වෙනවනේ. ඔය හැම දේකින්ම ඉතින් අළුතෙන් දෙයක් එකතු කරගන්න දෙයක් ඇත්තටම තියෙනවා කියන එක මගේ මතයයි.  බ්ලොග් එකක් කියන්නේ සාමුහික අත්දැකීමක් .
              මම මේ බ්ලොග් එක පටන් ගත්තේ අහවල් කාරණාවක් උදෙසා කියලා නිශ්චිත අරමුණකින් නෙවෙයි.  නමුත් Technical ලිපි ලියන්න ගත්තේ කියවන අයට මොකක් හරි වැදගත් දෙයක් දියයුතුයි කියලා හිතලයි. ඒ නිසා මම කල්පනා කලා ඔය තාක්ෂණික ලිපි වැඩි හරියක් මෙයට එකතු කරන්න. මගෙ බ්ලොගියේ නිතිය තමයි කැමති ඕන කෙනෙක් කොපි කරගෙන ගියාට අරෝවක් නැ මගෙන්. ඉස්සරහට තාක්ෂණික පැත්තෙන් අලුත් දේවල් තවත් ගේන්නයි බලාපොරොත්තුව. ඇවිල්ලා කියවලා ඕනෙනම් අරගෙන යන්න නෙව තියෙන්නේ. මම දන්නෙත් චුට්ටයිනේ. ඒත්  තව කාට හරිත් ඒ චුට්ට කොයි වෙලාවකදි හරි වැදගත් වෙයි,  ඒ බෙදලා දෙන දෙයින් තව කවුරු හරි වැඩක් ගනී කියලා තමයි මොනවා හරි දෙයක් දෙන්න හිතුවේ. කවුරැ හරි මේවා කියවලා දැනගෙන ඉගෙන ගන්නව නම් ඒක තමයි මගේ සතුට. ඒ අහිංසක අව්‍යාජ සතුට වෙන මොන ක්‍රමේකින් වත් ලබාගන්න බෑ.සිරාවටම කවුරු හරි කිවොත් කමෙන්ට් එකකින් හරි මතක් කලොත් උඹෙනුත් ටිකක් දැනගත්තා කියලා හිතට සතුටුයි නෙව. පහුගිය අවුරැදු තුනටම මගෙ අතින් ලියවිලා තියෙන්නේ පෝස්ටු 100 ක් විතර.  ඒ ගැන නම් ටිකක් විතර දුකයි. ඔන්න ඔහෙ කමක් නෑ හිමින් ගමන ගියාවේ කියලා මමත් ඔහෙ පුලු පුලුවන් විදිහට ලියනවා. ඉඩක් ලැබෙන්නත් එපැයි ඉතින් ඒකටත්.  ඉතින් මේ වෙනකල් ලියපු පෝස්ට් සියයට මට ලැබිලා තියෙන ප්‍රතිචාර දිහා බලලා මම අවංකව තෘප්තිමත්. Followers ලා 100 කටත් ඩිංගිත්තක් වැඩියෙන්. කමෙන්ට්ස් 400 ක් විතර. ඒ කමෙන්ට් අතරේ මම දාපුවත් තියෙනවා බාගෙට බාගයක් විතරම හොඳේ. තව Page Views 60000 ක් පැනලා.  මේ ඉලක්කම් ලොකු ඒවා නෙවෙයි වුනත් ඒකට කමක් නෑ. කවදක හරි කාට හරි කියවන්න යමක් ඉතුරැ වෙලා ඇති මෙතන. 
                    මොනව නැතත් සාමාන්‍ය ජිවිතේදි ප්‍රශ්නයක් ආවමත්  ඒක කියන්න කෙනෙක් නැතිව වෙලා ඉන්න වෙලාවක , ජීවිතේ එපා වෙලා  හිතේ සතුට නැති වුණාම , අඬන්න කලියෙන් කාටත් ඇවිත් යන්න තියෙන්නේ තමන්ගෙ දුක සහ සතුට බෙදාගන්න තියෙන එකම තැන තමයි බ්ලොග් කලාව.  අන්තිමට බලන්න ඉතිරි වෙන්නේ පස්සේ කාලෙක හරි එකම තැනයි. මාව ෆලෝව් කරලා, කමෙන්ට් වලින් මට දිරිය දීලා රතීව කියවපු  නිහඬ බ්ලොග් කියවන්නෝ හැමෝටම ස්තූතියි . අපි ගොඩක් දෙනා විවිධ කාලවලදි  විවිධාකාර වගකීම් වලින් මිරිකෙනවා . හැමදම බ්ලොග් එකට ආව ගිය අයටත් ඉඳලා හිටලා හරි ඇවිත් යන්න හරි වෙන්නේ අන්න ඒ විවිධ හේතුන් නිසා .සමහරු මුල ඉඳන්ම තවමත් අත්වැදල් බැඳන්  ඉන්නවා . ඒ අතරෙම  අලුතින් අයත් එකතු වෙනවා . හැම පෝස්ටුවම කියවලා , නොතේරැණත් මෙලෝ රහක් නැ කියලා හරි කමෙන්ට් කරලා යන පිරිසකුත් ඉන්නවා. තවත් අයට හැමදාම කියෙව්වත් කමෙන්ට් කරන්න වෙන්නේ ඉඳහිට .  ඒවගේම තවත්  විශාල පිරිසක් ඉන්නවා කියවලා විතරක් යන . දවස ගානේ ඇවිදිල්ලා තමන්ගේ කනෙක්ෂන් එකත් අවුල් වෙවි තියෙද්දි අමාරුවෙන් හරි  කමෙන්ට් එකක් දාලා වටිනා කාලෙන් තත්පර කිහිපයක් මට වෙන්කරලා කමෙන්ට් කරන හැමෝමත් ඇතුලුව මේ  ඒ හැමෝම මට එක වගේ වටිනවා . කීව නොකීව හැමෝටම ස්තූතියි. එදා ඉඳන් අද වෙනකම් කොතරම් නම් අය ඇවිත් යන්න ඇත්ද. ඒ හරියට අපේ ජීවිතේට වෙනව වගෙයි.    ඉතිං මේ බ්ලොග් අවකාශෙ ඇතුලෙ තවත් එක් කුඩා චරිතයක් වන මට,  මගේ පුද්ගලික මිතුරන් කැල, බ්ලොග් අවකාශේ නිසා අඳුන ගත්තු මිතුරන් කැල,  සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ කට්ටිය, ලාංකික සිතුවිලි  අඩවියේ කට්ටිය, කොත්තු අඩවියේ අය, එකතුව හා හත්මාලුව යන සින්ඩි  මෙන්මත් හැමදා කමෙන්ට්ස් මඟින් මාව දිරිමත් කරන මේ බ්ලොග් එක කියවන ඔබ සැම ආදී වශයෙන් නම් වශයෙන් නොවුනත් උදව් උපකාර කරපු හා මාව දිරිමත් කල මෙන්ම වචනෙකින් හරි උදව් කරපු හැමෝටම හුඟාක් පින්. ඒ වගේම  වැරදිල අඩුපාඩු  පෙන්නලා දිලා මාව නිවැරදි කරපු  අයටත් හුඟාක්ම ස්තූතියි. නම් වශයෙන් කියන්න තරම් වැදගත් සුවිශේෂී කීපදෙනෙක් හිටියත් කියන්නයි කියල හදලා  කිපවිටක්ම ආයේ මකල දැම්මේ කියන්න අමතක වුන කෙනෙක් වුනොත් හිටියොත් එයාගෙ හිත රිදෙයි කියලා.  දවසක අපි හැමෝම හම්බවේවි .එදාට මම මූණටම මුණගැහිලා ස්තූතියි කියන්නම් හැමෝටම..!

ඉතින් එතකම් මේ සැලියුට් එක ඔබටයි !

අපි ඉතින් ගම් වල දෙණියේ පැන පැන ඉඳලා කොලඹ ආව කියලා වෙනසක්  වෙලා නෑ ලෙන්ගතුකමේ. ගමේ ගෙදරකට කෙනෙක් අත් දෙක වන වනා හිස් අතින් ආවත් බත් කටක් හරි කහට කෝප්පයක් හරි අඩුම වශයෙන් බුලත් විඩක් හරි නොදී යවන්නේ නෑ නෙවැ. ඔන්න එහෙනම් මං ගානෙ කට්ටියටම පුංචි පහේ සාදයක්. කේක්ද, විස්කෝතුද, තව ඔය නානාප්‍රකාර එව්වා  එහෙම නම් දෙන් නෑ ඕං. මොකද මේක හොඳටම සාම්ප්‍රදායික විදිහට සමරන්නයි මගෙ අදහස. කවුරැ කවුරැත් හොඳට කාලා බීලා බඩ කට පුරවගෙන මිසක් හිස් අතින් එහෙම යන්නෙ නෑ ඔන්න...



ආ....තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔබ සැමට සුබ නත්තලක් සහ එලඹෙන වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි මගෙන් ආසිරි… මේ අවුරැද්දෙත් වැඩි වැඩියෙන් කියවන්න ලියන්න ලැබේවා…. !

42 comments:

  1. බොහොම සන්තෝසයි ඔබ වගේ කෙනෙක් අදුරගන්න ලෑබීම ගෑන....ආසවෙන් කියවන්න පුලුවන් හෑමදේම මමත් කියවනව... ඒ නිසාම මෙයා බොලද කතා කියනව, මෙයා සම්භව්ය ඒව ලියනව කියල නෑ.. මමත් හෑම එකින්ම මොනවහරි ඉගෙන ගන්නවා... අඩුම ගානේ හිනා වෙලා ලේ පිරිසිදු වෙනවනෙ....හෑමදාම එන යන අඩවියක් වේවි ඔබේ අඩවිය.... හෑමදාටම ජය පතනවා...

    ඉස්සෙල්ලම කමෙන්ටුවක් දෑම්ම, කමක් නෑද්ද මන්ද....

    ReplyDelete
  2. පරක්කු වෙලා හරි මෙන්න මගෙනුත් සුභ පැතුම්...

    මං හිතන්නේ මං අද වෙන්න ඇති මේ පැත්තට ආවේ... ඒකත් අර ජපන් කෑම වට්ටෝරුව ගැන දාපු කමෙන්ට් එක හරහා...

    තාක්ෂණික ලිපි වැඩිපුර යන අඩවියක් හින්දා තාක්ෂණේට ඉතිං වැඩි නැඹුරුවක් නැති හින්දම මග ඇරෙන්න ඇති... මොනවා කොරන්නද..?

    කොහොම උනත් අවුරුදු තුනක් තිස්සේ හිමි හිමිහිට හරි ආව ගමන බොහෝම වටිනවා... ඉලක්කං වලින් ඇති දේට වඩා රැදී සිටීමත්..දායකත්වයත් තමා වැඩියම වටින්නේ...

    ReplyDelete
  3. මගෙන් උණුසුම් සුභ පැතුම් දමිත්!...තවත් ලිපි ගොඩක් ලියන්න කාලය යහමින් ලැබේවා! :)

    ReplyDelete
  4. සුභ පැතුම්. තවත් චිරාත්කාලයක් බ්ලොග් ලියන්න වාසනාව ශතිය ධෛර්යය ලැබේවා..

    අර ආස්මි 3ම මට හොඳේ :D

    ReplyDelete
  5. ඒක හරි අසාදාරනයි නෙ යසිත් මල්ලි... මමනේ මුලින්ම ආවේ... ඔයාට එකක් දෙන්නම්... :P

    ReplyDelete
  6. ඔන්න කිව්වා. අවුරුදු 3ට 1000 ගානෙ පෝස්ට් ලියවේවා.

    ReplyDelete
  7. බොහොම හෙමින් ගමනක් නොවැ ඇවිත් තියෙන්නෙ. ඒත් මොකෝ වැඩේ අත ඇරල නැහැනේ. තව දිගු කලක් මේ ආව වගේ ම මේ ගමන යන්න හැකියාව ලැබේවා!!!
    ජයෙන් ජය....

    ReplyDelete
  8. ජය වේවා..! තව තවත් ලියන්න දෛර්‍ය ,ශක්තිය ලැබේවා..!

    ReplyDelete
  9. @නදිනි අබේනායක...

    ඉස්සෙල්ලම කමෙන්ට් කරන එක නොවැ ඉතින් හරි. අපායට ගියත් කලින් යන එකාලු චාන්ස් කාරය..හේහේ.මාත් එහෙමයි කියවන්න තියෙන පුරැද්ද නිසා ඕනෙ එකක් කියවනවා. හොඳ නරක හරිවිදිහට බාරගන්න හා අයින් කරන්න පුරැදුවෙන එක විතරයි ඕනෙ. කවුරැත් ලියන්නේ ඒක බෙදාගන්න ඕනෙ නිසානේ..හිනාවෙලා හරි ලේ පිරිසිදු වෙනවා කියන එක පට්ටම ඇත්ත. මේ දැනුත් එකක් කියවලා හිනාවුනා හොඳට. හැබැයි පෝස්ටුවක් නෙවෙයි. පෝස්ටුවකට දාපු කමෙන්ට් එකකට..ස්තුතියි ඔයාට මේ පැත්තේ ආවට. දිගටම රැඳෙන්න...

    ReplyDelete
  10. @ මාරයාගේ හෝරාව...

    සතුටුයි මාරයා ආපු එක ගැන මේ ඉසව්වටත්. ඇත්ත තමා හිමින් හිමින් තමයි මගෙ ගමන ඉතින්. කමක් නැ නේද? ඒකටත් එක්ක හරියන්න බ්ලොග් අවකාශෙ තියන පාලුව මාරයාගෙන් පිරවෙනවානේ..දිගටම ඉන්න..

    ReplyDelete
  11. @ නෙලුම්...

    ආහ් නෙලුම් කොහොමෙයි මගෙ මුල් නම ගැන දන්නේ..මම මේකෙදි පාවිච්චි කරන්නේ රතී කියන නම විතරනේ. ෂුවර් එකටම නොදන්නව උනාට හැමදම හම්බෙන යාලුවෙක් වෙන්න ඇති. ස්තුතියි දිරි ගැන්වුවාට. පුලුවන් හැකි අයුරින් ලියන්නයි ඔය කිවත් වගේ අදහස.ඔයාටත් ස්තුතියි ඇවිත් ගියාට. රැඳේවිනේ දිගටම මා එක්ක.

    ReplyDelete
  12. @ යසිත්ගේ සිතුවිලි...

    බොහොම ස්තුතියි සහෝ සුභ පැතුමට...ආස්මි නම් ඔය පෙනුනට ඔයිට වඩා තියෙනවා පෙට්ටගමේ දාලා වහලා. අමනාපයක් නැ ඉතින් කියක් කෑවත් අවුරැදු තුනකින් නෙව මෙහෙම සප්පායමක් ලැබෙන්නේ නැද්ද. ස්තුතියි ඇවිත් ගියාට යසිත්...ඉන්න දිගටම...

    ReplyDelete
  13. @නදිනි අබේනායක...

    හේහේ..කමක් නැ නදිනි. මම ඔය ඔතන ටිකක් පෙන්නලා තිබ්බට අර කිව වගේ පෙට්ටගමේ දාලා තියෙන්නේ මොකද හුලං වැදුනොත් කියලා..ඔයාටත් දෙන්නම්... තව තියේ....

    ReplyDelete
  14. @spider the DETECTIVE...

    හොඳමයි හොඳමයි..මගේ පැතුමත් එසේයි..ස්තුතියි මකුලුවාට මේ පැත්තේ ආවට...

    ReplyDelete
  15. @කේ.යූ.ජී. උදාර...

    බොහොම ස්තුතියි උදාර දිරිමත් කලාට.. හිමින් වුනත් ඒකත් ගමනක් නොවැ නේද..ස්තුතියි මේ පැත්තේ ආවට.

    ReplyDelete
  16. @වීපොකුරෙ වීයා...

    ස්තුතියි වියෝ සුභ පැතුමක් එක් කලාට. මට සුභ පතපු හැමෝටමත් ස්තුතියි.

    ReplyDelete
  17. මගෙනුත් සුබපැතුම් රතී. ඉදිරියටම යන්න හැකියාව ලැබේවා.

    ReplyDelete
  18. රති තුන් අවුරුද්දක් මේක කොටන එකත් ලේසි නැ. මං තාම මාස හතර ඉවරවත් නෑ. ඉතින් ඔබට මගේ උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  19. මගෙනුත් සුබ පැතුම් සහෝ...

    ReplyDelete
  20. මගෙනුත් සුභ පැතුම් රතී....!! තව තවත් සාර්ථකව මේ ගමන යන්න ශක්තිය ධෛර්ය ලැබේව....!! :)

    ReplyDelete
  21. අදමයි මේ පැත්තේ ආවෙත්. මගෙනුත් සුබ පැතුම් ඔබට. දිගටම ඉන්නවා ඔයත් එක්ක. ගොඩක් වැදගත් කරැනු අඩංගු අඩවියක් මේක. මමත් මේ පරිගණක පැත්තට ගොඩක් ලැදි කෙනෙක්. ජාලකරණය ලිපි පෙල ගොඩක් වැදගත් වුනා මට. මේ කරන දේවල් වලින් ලොකු කුසලයක් අත්වෙනවා. පුද්ගලික අරමුණු හේතු කර ගෙන දන් පින් කරනවා වගේ නෙමෙයි. මෙය කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් තොරව කරනා කටයුත්තක් බැවින් මෙලොව හා පරලොව දෙකෙහිම ඉගෙනිමට හා ඒ සම්බන්ධයෙන් සමර්ථයෙකු වීමට හැකියාව හා වාසනා ගුණය ලැබෙනවා. දීෂායු වේවා...

    ReplyDelete
  22. අවුරුදු 03ක සාර්ථක ගමනට මගෙන් උණුසුම් සුබ පැතුම්. ඉදිරියටත් ජයෙන් ජයම ලැබේවා!

    ReplyDelete
  23. සුභ පැතුම් අයියා.. ඔයා අවුරුදු තුනක දඩාරියං පොරක්නේ ඈ.. :)
    මාරයිය කියපු එක ඇත්ත.. ඉලක්කම් වලින් සාර්ථකත්වය මනින්න බෑ..
    සුභ පැතුම් දිගටම ලියන්න..!!!

    ReplyDelete
  24. ඔන්න මම නම් කෑවා ඇති වෙන්නම..! :)
    වසර තුනක් කියන්නේ දීර්ඝ කාලයක්. එතෙක් කල් මේ වගේ දැනුම බෙදන බ්ලොග් එකක් කරනවා කියන එක ලේසි නෑ.
    ඉතින් සුබ පතනවා ඔබට දිගටම බ්ලොග් ලොවේ රැඳෙන්නට..!!

    ReplyDelete
  25. මචන් අදමයි එන්න පුළුවන් උනේ..සුබ පතනවා ඔයාටත්
    අනාගතය වාසනාවන්ත වේවා කියල....
    සොරි පරක්කු උනාට...

    ReplyDelete
  26. සුබ පැතුම් සහෝ... මමත් මේ පැත්තට සෑහෙන කාලෙකින් ආවේ. පරිගණක ජාලකරණ ලිපි පෙළ නම් අපූරු එකක් වේවි කියලා හිතනවා. තවත් මේ වගේ ප්‍රයෝජනවත් ලිපි ලියන්න හැකියාව ලැබේවා!

    ReplyDelete
  27. @ සයුරි...
    බොහොම ස්තුතියි සයුරි කමෙන්ටුවට...

    ReplyDelete
  28. @Rain_Girl...
    ස්තුතියි රේනි ගර්ල්....බ්ලොග් වලිද කාලෙකින් හම්බෙන නමක් Rain_Girl කියන්නේ.

    @Naleen Dilruksha...

    නෑ ඉතින් වෙලාව ලැබෙන හැටියටනෙ කෙටුවෙ නලින්...ස්තුතියි සහෝ...

    @Networkදිසා...
    බොහොම ස්තුතියි නුවන්...

    @සමනළී...
    ස්තුතියි සමනලිට මාව දිරිගැන්විම සම්බන්ධයෙන්...

    @RENAGALA TEMPLE...
    ගොඩාක්ම ස්තුතියි ඔබ වහන්සේට මෙතෙන්ට පැමැණිලා අදහස් දැක්වීම ගැන. මගේ අඩවියට ස්වාමින් වහන්සේ නමකගෙන් ලැබුනු පලවෙනි කමෙන්ටුව වෙන්න ඔනේ මේ. ගොඩාක් වටිනාව මට මේ අදහස් දැක්විම. මම ගොඩාක් ගැමති ඔබ වහන්සේ අනිත් ලෝකෙදිත් මේ හා සමාන ආනිශංස ලැබේවි කියල දිරිමත් කිරීම ගැනයි. මේ ආත්මෙදි නම් මෙයිට එහා යන්න බැරිවේවි තවත්. නමුත් ඔබ වහන්සේගේ අදහස් දැක්වීම ගැන බොහෙමත්ම පින් අයෙත් වතාවක්...

    @තරු අරුන්දතී...
    බොහොමත්ම ස්තුතියි අරැන්දතී...ස්තුතියි මවෙ කියෙව්වට..

    @යාන්ත්‍රිකයා...
    ඒ වුනාට ඉලක්කමේ බින්දුවේ වුනත් වටිනාකමක් තියෙනව කියලා ඉගෙන ගත්තා මට මතකයි. හෙහේ. 1000 කින් එක බින්දුවක් අඩු වුනොත් කොහොමද රගේ..ස්තුතියි යාන්ත්‍රිකයෝ ඔබටත් අදහස් දැක්වුවට ඇවිත්.

    @Chandana...
    මොනව වුනත් ආපු එකේ බඩ පිරෙන්නම කාලා ගියා නම් වෙන තව මොනවද? ස්තුතියි චන්දන කමෙන්ට් කරලා මාව දිරිමත් කලාට..

    @silentsahan..

    කමක් නැ සහන් පරක්කු වුනත් උඹත් කොයි වෙලාවක හරි ඇවිත් කියවලා යන විත්තිය දන්නවනේ. ස්තුතියි ආවට මචං.

    @ලහිරු...

    දිරිමත් කිරීම ගැන ස්තුතියි ලහිරැ.

    ReplyDelete
  29. මම මේ ඉස්ව්වට ආ මුල්ම දවස අදයි..

    ඒ ඵළමු දවසත් සතුටු දවසක් වෙන්නේ ඔබේ බ්ලොග් අවකාශයේ 3 වන වසර සපුරන නිසා.

    සුබ පැතුම්..

    ReplyDelete
  30. අවුරුදු 3 සැමරුමට වගේම 100 වැනි පෝස්ටුවටත් මගෙන් උණුසුම් සුභ පැතුම්...බ්ලොග් ලොව දිගු ගමනක් යන්නට ලැබේවා යි පතමි...

    ReplyDelete
  31. අදමයි ආවේ. වැදගත් සයිට් එකක් නිසා ෆලෝව් පාරකුත් දාලා බුක් මාර්ක් එකකුත් දමා ගත්තා. මගෙනුත් උණුසුම් සුභ පැතුම්. දිනෙන් දින වැදගත් පෝස්ටු ලබා දීමට හැකිවෙන දිගු ගමනකට ආසිරි සමග සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  32. මම නම් සෑහෙන්න පරක්කුයි සුභපතන්න. පහුගිය ටිකේ වැඩීය බ්ලොග් පැත්තෙ එන්න ලැබුනෙ නැති නිසා මේ පෝස්ට් එක මග ඇරුණා. කොහොම උනත් ඉදිරියටත් බ්ලොග් එක සාර්ථකව කරගෙන යන්න මගෙන් සුභ පැතුම්.... තමන් දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න එක කොච්චර වටින දෙයක්ද. ඒ අතරට තමන් ලියන්න කැමති අනිත් දේවලුත් ලියන්න.

    2013 ඔබේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා :)))

    ජය!!!

    ReplyDelete
  33. @දයානන්ද රත්නායක...

    නෑ නෑ සහෝ ඔයා මීට කලින් ඇවිත් මසට කමෙන්ට් කරලා තියෙනවා. ඒකට කමක් නෑ. කොහොමින් හරි ඇවිත් දිරි ගැන්වුවාට ස්තුතියි ගොඩක්..සුභම සුභ නව වසරක් වේවා ඔබටත්...

    @සිරාගෙ කාමරේ...

    ස්තුතියි සිරා. ආපු එකට ගොඩක් ස්තුතියි...ඔබටත් සුභම සුභ නව වසරක් වේවා ...

    Ajdutant...
    අලුත් සගයෙක් වගේ. බොහොම උණුසුම්ව පිලිගන්නවා මේ ඉසව්වට.හොඳා හොඳා කමෙන්ට් කරලා බුක් මාර්ක් එකකුත් දාගත්ත නම් වැදගත් වෙලා වෙන්න ඇති තමා. ස්තුතියි දිරි ගැන්වීමට සහෝ. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා ...

    Chams said...

    කමක් නැ පරක්කුවකුත් නැ කිසිම. කොහොමින් හරි ඔයාගේ වැඩ රාජකාරි මැද විනාඩියකට හරි මාවත් කියවලා යන්න ආපු එක ගැන නම් බොහොම සතුටුයි. ඇත්තට මොකෑ පේන්න නොහිටියේ පහුගිය ටිකේ. මොනව උනත් සුභ පැතුමට වගේම වැඩ රාජකාරි මධ්‍යෙය් පැමින දිරිමත් කිරීම ගැනත් තුති. සුභම සුභ නව වසරක් වේවා ඔබට...

    ReplyDelete
  34. හ්ම්ම්ම් හෙමින් උනත් හරවත් ගමනක් නොවෑ ඇවිත් තියෙන්නේ. ඒ ගැන මගේ සන්තෝසේ ප්‍රකාශ කරනවා කොහොම උනත් ඔබගේ බ්ලොග් දක්මනම් මම ගොඩක් අගයකරනවා සහෝදරයා. මොකද මිනිස්සු මේ ලෝකෙට උපදින්නේ හැමදේම දැනගෙන නෙවෙයි. හැමදේම ඉගනගන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික. එල කිරි කියන ගමන් ඔබට සුභ අනාගතයක් සහ සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල පතනවා.

    ReplyDelete
  35. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
  36. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  37. සුභ පැතුම් යාලුවා වැඩි වැඩියෙන් ලියන්න හැකි වේවා!!.

    බ්ලොග් එකේ අකුරු පොඩි වැඩියි වගේ නේද? මොකද හිතන්නේ ටිකක් ලොකු කරොත්..හෙක් හෙක්ස්..

    ReplyDelete
  38. මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  39. සුභ පතල යන්න ආව ගමං ඔන්න පදිඉංචි උනා එහෙනං

    ReplyDelete
  40. @කෝරලේ මහත්තයා
    @වර්ෂා
    @Kathandara Karaya
    @අසරණයා
    @Yatagiyawa
    @Hishan Melanga
    @සමී

    සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි මට සුබ පැතුවට. ඔයාලටත් සුබ නව වසරක් වේවා මේ උදා වුනු 2013 වසර...

    ReplyDelete