අප කුඩා කල පටන් නිවැරදිව අධ්‍යාපනය ලබා මූල්‍යමය අධ්‍යාපනයක් ලබා ගත්තද පසු කලක මූල්‍යමය ලෙසින් ස්වාධීන වීමට තැත් කිරිමේදි විවිධ බාධක වලට මුහුණ දීමට සිදු වේ.යම් කෙනෙකුට තම වත්කම් වර්ධනය කර ගැනීමට අසීරු වීම සදහා බල පාන ප්‍රධාන කරුණු කිහිපයක් මෙහි දැක්වෙන අතර ඒවා බොහොමයක් ලෙහෙසියෙන්ම පිලිපැදිය හැකි කරුණු ද වේ. කොතරම් මුදල් ආයොජනය කලත්, හම්බ කලත් ඔබ තුල වැරදි පුරුදු ඇත්නම් හා ඒවා අත්හැර දැමීමට ඔබ සූදානම් නැත්නම් , මුදල් පරිපාලනය කිරීමට ඉගෙන ගන්නා තෙක් ඔබට ධනවත් වීමට නොහැකියි. ආදායම් ලෙස ඔබ ලබා ගන්නා මුදල් වියදම් කරන්නේ කුමන දෙයකට ද යන්න සැලකිලිමත් විය යුතුයි. මක් නිසාද යත් ලැබෙන මුදල වියදම් කරන්නා නොව , එය දක්ෂ ලෙස කලමණාකරණය කරගෙන ඉතිරි කිරීමට දන්නා පුද්ගලයාට පමණි ජයග්‍රාහකයා යන වචනය යෙදිය යුත්තේ.
මෙතැන් පටන් පලවන කරුණු මා විසින් ගොනු කරන ලද ඒවා නොවන බව සැලකුව මනාය. මෙය විද්‍යුත් ඊයකින් මා වෙත ලැබුනු ලිපියක් වන අතර එයින් උපුටා ගෙන මෙසේ පලකරමි. මෙහි එන සියලු අදහස් මෙසේ වැදගත් කරුණු ගොන්නක් ලෙසට හරවන ලද නොදුටු ඒ මුල් සහෘදයා වෙත කෘතඥපූර්වක වෙමින් සැම දෙනා සමගම බෙදාගැනීම අරමුණු කරගෙන මෙසේ පල කරමි.
1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.
2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.
3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.
4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.
5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න. අත්‍යවශ්‍ය ආහාර සඳහා වු භෝග කිහිපයක් හෝ තම ගෙවත්තේම වගා කර ගත හැකි නම් එය නොවලහා සිදු කරගන්න.
6. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.
7. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.
8. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටුප වැඩිම ස්ථානය තෝරාගන්න.
9. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.
10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.
11.පොඩි පොඩි අවශ්‍යතා සඳහා කෙටි කෑම ආදී ආහාර ද්‍රව්‍ය සඳහා නිකරුණේ මුදල් වැය කිරීම හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.
12. මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූමක් අරඹා එයින් නිකුත් කරන ATM හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.
13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.
14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.
15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.
16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.
17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.
18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිරියකි.
19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංග්‍රීසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.
20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.
21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.
22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.
23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.
24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.
25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.
26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.
27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.
28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.
29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.
30. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.
නැවතත් -
මෙය මා වෙත ලැබුනු විද්‍යුත් ලිපියකින් උපුටාගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න. මුල් කතෘට කෘතඥපූර්වක ස්තුතිය....

//ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ.//
ReplyDeleteහහා.......... මේක හැමෝටම ආදර්ශයක්....
හැමටම ප්‍රයෝජනවත් සටහනක්. අපේ රටේ අය හොඳට යහමින් මුදල් තියෙන කෙනෙක් දැකල එක එක කතා කියනවා මිසක ඒ අය ඒ තත්වයට ආවේ කොහොමද කියල හිතන්නෙ නෑ. මේ ක්‍රම අනුගමනය කරල තමයි කෙනෙක් දියුණු වෙන්නෙ. බොහොම වැදගත් සටහනක් රතී. ස්තූතියි! ඔබට.
ReplyDeleteබොහොම වැදගත් සටහනක් රතී. සමහරු සල්ලි හම්බ කරන එක ගැනයි, වියදම් කරන එක ගැනයි විතරයි හිතන්නෙ. ඉතුරු කිරීමක් ගැන හිතන්න පෙළඹෙනව හරි අඩුයි.
ReplyDeleteවැදගත් පෝස්ට් එකක් රතී.....
ReplyDeleteගොඩක් කරුණු හරි. හැබැයි ඉතිං පිළිගන්න බැරි කරුණු ටිකකුත් තියෙනවා.
ඉතාමත්ම වටිනා ලියමනක්...ඉතිරි කිරීම හැම කෙනෙක්ම පුරද්දක් කරගත යුතුයි.
ReplyDeleteවැදගත් කරැනු ගොඩක් කියල තියෙනවා. සමහර තැන් නම් ප්‍රායෝගික නැ කියන්න පුලුවන් ඉතින්. මොන වයිෆ්ද අප්පා ගෙදරට වෙලා ඉන්න කැමති. ඒකට නම් මං නම් කැමති නෑ ඔන්න. හි හි. මොනව උනත් ඔයාට ස්තුතියි ගොඩක් මේ දේවල් මතක් කරල දෙනවට.
ReplyDeleteවැදගත් ලිපියක් ..
ReplyDeleteඒ විතරක් නෙමෙ බ්ලොග් එකම වැදගත් ..හරවත්
පලවෙනි වතාවට අද ආවෙ ..
ඔබට ජය..!!
හ්ම්ම්ම් සෑහෙන්න වටිනා ඔවදන් ටිකක් අනාගතය වෙනුවෙන්
ReplyDeleteඅද කාලෙට නියමෙට ගැලපෙන ලිපියක් සහෝ... ඉතාමත්ම වටිනවා..
ReplyDelete