විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම සම්බන්ධව යමක් සඳහන් කිරීමට මත්තෙන් මේ විදිහට පුංචි ආරම්භයක් ගත්තොත් හොඳයි කියල මට හිතෙනවා. වර්තමාන ලෝකය තූල සියලු තාක්ෂණයන් ට ජවය ලබාදීමේ ප්‍රමුඛයා වන්නේ විද්‍යුතය බව සියලු දෙනාම අවිවාදයෙන් යුතු කරුණක්. එය කොතරම් ප්‍රබල නම් කියනවා නම් විද්‍යුතය නෙමැතිව කුමන කාර්යක් වත් නිසි පරිදි කල නොහැකිය. මේ වන විට මිනිසාගේ මූලික අවශ්‍යතා අතරට විදුලිය යන්නද එක් වී හමාරයි. මුලින්ම ලංකාවේදි අපිට මොන මොන මූලාශ්‍ර වලින්ද විදුලිය ලැබෙන්නේ කියලා පුංචි අවබෝධයක් ගමු.
විදුලි බලය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වශයෙන් යොදා ගන්නා බල ශක්ති ප‍්‍රභවයක් වන්නේ ජලය. ශ‍්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ ගංගා ගලායන මාර්ග හරස් කර වේලි බැඳ ඒ ආශ‍්‍රයෙන් විදුලිය නිපදවීම සිදු කරනු ලබනවා. වේල්ලක් ඉදි කිරීමෙන් ඉදිවන ජලාශයේ ඇති විභව ශක්තිය, ටර්බයිනයක් කරකැවීම මගින් චාලක ශක්තිය බවටත්, ඉන් පසු විද්‍යුත් ශක්තිය බවටත් පරිවර්තනය කෙරෙනවා. මෙසේ නිපදවෙන විදුලිය රැහැන් ඔස්සේ අවශ්‍ය ප‍්‍රදේශවලට බෙදා හැරීම සිදු කෙරෙනවා.මෙරට විදුලිබල අවශ්‍යතාවෙන් 48% ක් පමණ ජල විදුලි බලාගාර මගින් නිපදවෙන අතර 52% ක් පමණ තාප විදුලි බලාගාර මගින් නිපදවාගනු ලබන බවයි ජාතික විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ. ඒ අනුව 2011 වර්ෂය වන විට තාප විදුලි බල උත්පාදනය ගිගාවොට් පැය 6785ක් දක්වා 36% කින් වර්ධනය වී තිබෙනවා. නමුත් මෙම පොසිල ඉන්ධන දහනය මඟින් නයිට්‍රජන් ඔක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඔක්සයිඩ් වැනි වායූන් පරිසරය ඒකරාශී වීම හරහා වායු දූෂණය ඉහළ තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් මෙහි ප්‍රතිඵලයක් ලෙස 2010 වසර වන විට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 0.34% ක් දක්වා ඉහළගොස් තිබේ. මේ අනුව අපගේ විදුලි බල පද්ධතිය ලංකා විදුල බල මණ්ඩලය සතු බලාගාර හා පෞද්ගලික අංශය සතු බලාගාර වශයෙන් කොටස් දෙකකට බෙදී යනවා. මේ අතුරින් ලංකා විදුලි බල මණ්ඩලය සතු විදුලි බලාගාර ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. එනම්,1. ලක්ෂපාන විදුලි බලාගාර සමූහය2 . මහවැලි විදුලි බලාගාර සමූහය3. අනෙකුත් ජල විදුලි බලාගාර ලෙසයි.කැලණි ගඟේ ආරම්භක අතු ගංගා 2 ක් වන කෙහෙල්ගමු ඔය සහ මස්කෙළිය ඔය ආශ‍්‍රිතව පිහිටි කාසල්රී සහ මාඋස්සාකැලේ යන විශාල ජලාශයන් ද, කැනියොන්, නෝර්ටන් සහ ලක්ෂපාන යන කුඩා ජලාශයන් ද ආශ‍්‍රිතව පිහිටි ජල විදුලි බලාගාර 5 ක් ලක්ෂපාන සමුහයට අයත් වෙනවා. ඒවායින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 335 ක් පමණ විදුලිය ප‍්‍රමාණයක් එක්වෙනවා.මහවැලි ගංගාව ආශ‍්‍රිතව කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකරන ලද ජලාශ ආශ‍්‍රිතව ඉදිකරන ලද බලාගාර මගින් ද ජාතික විදුලි බල පද්ධතියට විශාල විදුලිය ප‍්‍රමාණයක් එක් කෙරනු ලබනවා. ඒ අනුව මහවැලි බලාගාර සමූහය මගින් ජනනය කරනු ලබන විදුලිය ප‍්‍රමාණය මෙගා වොට් 660 ක් පමණ වෙනවා.මේ හැරුණු විට සමනළ වැව (මෙ. වො. 120) සහ විවිධ ස්ථානවල පිහිටි කුඩා විදුලි බලාගාර මගින් මෙ. වො. 20 ක් ඇතුළුව මෙ. වො. 140 ක විදුල ප‍්‍රමාණයක් අනෙකුත් ජල විදුලි බලාගාර මගින් නිපදවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනු ලබනවා.
සෑම රටකම විදුලි පාරිභෝගිකයන් අපිට කොටස් තුනක් යටතේ දක්වන්න පුලුවන්. ගෘහස්‌ථ, වාණිජ හා කර්මාන්ත වශයෙන් ලෝකයේ මොන රටක වුවත් ඉන්දියාවේ, ඕස්‌ට්‍රේලියාවේ, ඇමරිකාවේ හෝ ශ්‍රී ලංකාවේ වේවා විදුලි ඒකකයකට වැඩිම මුදලක් ගෙවන්නේ ගෘහස්‌ථ පාරිභෝගිකයෝය. සෑම රටකම වාණිජ හා කාර්මික පාරිභෝගිකයන් විදුලි ඒකකයකට ගෙවන මුදල එම රටේම ගෘහස්‌ථ පාරිභෝගිකයන් ගෙවන ගණනට වඩා බෙහෙවින්ම අඩුය. මෙයට විවිධ හේතු ඇත. ඉන් එක හේතුවක් වන්නේ කුඩා විදුලි ප්‍රමාණ පරිභෝජනය කරන ගෘහස්‌ථ ඒකක විශාල ගණනකට රට පුරාම සැපයුම පවත්වාගෙන යැමේ වියදම අධික නිසාය. විශාල ඒකක ගණනක් පාවිච්චි කරන කර්මාන්ත සුළු ගණනකට සැපයුම පවත්වාගෙන යැමට එතරම් වියදමක් වැය නොවේ. ලෝකයේ සෑම රටකම ගෘහස්‌ථ විදුලි ඒකකයක මිල වැඩි වීමට තවත් හේතුවක් වන්නේ ගෘහස්‌ථ විදුලි පරිභෝජනය යම් සීමා කිරීමකට ලක් කිරීමේ වුවමනාව නිසා යෑයිද කිවහැක. මෙවැනි විවිධ හේතු නිසා ලෝකයේ සෑම රටකම කර්මාන්ත ශාලාවක කම්කරුවෙක් සිටී නම් එම කම්කරුවා ගෙදර ගිය පසු තමා පරිභෝජනය කරන විදුලි ඒකකයකට ඔහු ගෙවන මුදල ඔහුගේ හාම්පුතා කර්මාන්ත ශාලාව පවත්වාගෙන යැමට විදුලි ඒකකයකට ගෙවන ගණනට වඩා බෙහෙවින් වැඩියි. දැන් තේරෙන්න ඇතිනෙ ඇයි අපි වගේ සාමාන්‍ය විදුලි පාරිභෝගිකයන්ට මේ අමාරුව හොඳ හැටි දැනෙන්නේ ඇයි කියලා.
කොපමණ චෝදනා හා විරෝධතා ඉදිරිපත් වුවද රජය මගින් මේ වන විටත් විදුලි බිල ඉහල නංවා හමාරයි. මාසික විදුලි පරිභෝජනය විදුලි ඒකක 90ට වඩා වැඩිවන නිවෙස්වල විදුලි බිල පෙර පැමිණියාක් මෙන් දෙගුණයක් බවට පත් වී ලැබීම මෙහි ප්‍රතිඵලයයි. ඉතින් මේ ඇරඹුම ලබා ගත්තේ වැය වන විදුලි ඒකක ප්‍රමාණය අඩු කිරීමේදි අපට ගත හැකි හා කල හැකි ක්‍රියා මාර්ග පිළිබඳව කතා කිරීමටයි.
ඩෙන්මාර්කයේ මුහුදේ ඉදි කර ඇති සුළං විදුලි බලාගාරයක්.
ඩෙන්මාර්කයේ නිපදවෙන විදුලි බලයෙන් 25% ක් ම මේ වනවිට නිපදවන්නේ සුළං බලයෙනි. ඉදිරියේදී මුහුණ දීමට සිදුවන බලශක්ති අර්බුදයට මුහුණ දීමට අනාගතයේදී තම රට 100% ම පුනර්ජනනීය බලශක්තියෙන් පෝෂණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි. මුලික පිරිවැය ආවරණය කල පසු මෙම ආකාරයේ විදුලි ඒකකයක් සදහා වැය වන්නේ රුපියල් 1 ක් වැනි සුළු මුදලකි.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නේ කොහොමද?
1 . ඉහල කාර්යක්ෂමතාවයකින් යුතු විදුලි බුබුලු භාවිතා කරන්න.
- සූත්‍රිකා පහන් (Filament Bulbs) භාවිතය නවතා දමන්න.
ආර්ථිකමය අතින් ලාභදායී ව අඩු මිලකට මිලදී ගත හැකි වුවද කෙටි ආයු කාලය, ආලෝකකරණයේ ගුණාත්මකභාවය හා අධීක විදුලි නාස්තිය නිසා රටේ ඇති විදුලි සම්පත ඉක්මනින් ක්ෂය වීමේ අවදානමත් හේතුවෙන් ඉතාමත්ම අවාසි සහගතය. මේ තාපදීප්ත බල්බයක ආයු කාලය පැය 800ත් 1500ත් අතර වෙනවා.
- CFL (Compact Florescent Lamps) භාවිතයට ගන්න.
වාසි -
ෆිලමන්ට් එකක් සහිත බල්බ වෙනුවට ලංකාවේ ඇති වාසිදායකම විකල්පය බවට නිතැතින්ම පත් වී ඇත්තේ CFL බල්බ භාවිතයයි. කර්මාන්ත හා ගෘහආශ්‍රිතව භාවිතකරන සාමාන්‍ය සූත්‍රිකා පහන් වෙනුවට මූලික වියදම තරමක් වැඩි වුවත්, ලබා දෙන ආලෝකයේ ගුණාත්මකභාවයත්, විදුලිය පිරිමැසීමේ දී පෙන්වන විනිවද භාවයත් නිසා 80% ක විදුලි ඉතිරියක් ඇති මෙම බල්බය දීර්ඝකාලීනව ඉතාමත්ම ලාභදායි ආයෝජනයකි. අනෙක් කාරණය නම් ප්‍රධාන වශයෙන් ගෝලීය උණුසුම අවම කර ගැනීම සඳහා මෙය උපයෝගී කර ගත හැකි වේ. එනම් සූත්‍රිකා සහිත වොට් හැටක ධාරිතාවයකින් යුක්ත විදුලි බුබුළකින් නිපදවන ආලෝක ප්‍රමාණය වොට් පහළොවක ධාරිතාවයික් යුක්ත ප්‍රතිදීප්ත විදුලි බුබුළකින් නිපදවන ආලෝක ප්‍රමාණයට සමාන වේ. නමුත් ප්‍රතිදීප්ත විදුලි බුබුළු භාවිතය තුළින් විදුලිය අරපිරිමැස්ම 75% කින් වැඩි කර ගැනීමේ හැකියාව මත පොසිල ඉන්ධන දහනයෙන් සිදුවන වායු දූෂණය අවම කර ගැනීමේ හැකියාව පවති. ඒ වගේම තාපදීප්ත බල්බයකින් අධික රස්නයක් පිටවන නිසා ඒ හරහා කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු අවම කිරීමටත් CFL ගොඩක් වැදගත් විකල්පයක්. තාපදීප්ත බල්බයක ආයු කාලය පැය 800ත් 1500ත් අතර වෙද්දි හොඳ ප්‍රමිතියෙන් යුතු CFL බල්බයක ආයු කාලය පැය 10000ක් පමණ වෙනවා. එය ආර්ථිකමය පැත්තෙන් ගත්තාම දිගු කාලීන ආයෝජනයක්.
ෆිලමන්ට් එකක් සහිත බල්බ වෙනුවට ලංකාවේ ඇති වාසිදායකම විකල්පය බවට නිතැතින්ම පත් වී ඇත්තේ CFL බල්බ භාවිතයයි. කර්මාන්ත හා ගෘහආශ්‍රිතව භාවිතකරන සාමාන්‍ය සූත්‍රිකා පහන් වෙනුවට මූලික වියදම තරමක් වැඩි වුවත්, ලබා දෙන ආලෝකයේ ගුණාත්මකභාවයත්, විදුලිය පිරිමැසීමේ දී පෙන්වන විනිවද භාවයත් නිසා 80% ක විදුලි ඉතිරියක් ඇති මෙම බල්බය දීර්ඝකාලීනව ඉතාමත්ම ලාභදායි ආයෝජනයකි. අනෙක් කාරණය නම් ප්‍රධාන වශයෙන් ගෝලීය උණුසුම අවම කර ගැනීම සඳහා මෙය උපයෝගී කර ගත හැකි වේ. එනම් සූත්‍රිකා සහිත වොට් හැටක ධාරිතාවයකින් යුක්ත විදුලි බුබුළකින් නිපදවන ආලෝක ප්‍රමාණය වොට් පහළොවක ධාරිතාවයික් යුක්ත ප්‍රතිදීප්ත විදුලි බුබුළකින් නිපදවන ආලෝක ප්‍රමාණයට සමාන වේ. නමුත් ප්‍රතිදීප්ත විදුලි බුබුළු භාවිතය තුළින් විදුලිය අරපිරිමැස්ම 75% කින් වැඩි කර ගැනීමේ හැකියාව මත පොසිල ඉන්ධන දහනයෙන් සිදුවන වායු දූෂණය අවම කර ගැනීමේ හැකියාව පවති. ඒ වගේම තාපදීප්ත බල්බයකින් අධික රස්නයක් පිටවන නිසා ඒ හරහා කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු අවම කිරීමටත් CFL ගොඩක් වැදගත් විකල්පයක්. තාපදීප්ත බල්බයක ආයු කාලය පැය 800ත් 1500ත් අතර වෙද්දි හොඳ ප්‍රමිතියෙන් යුතු CFL බල්බයක ආයු කාලය පැය 10000ක් පමණ වෙනවා. එය ආර්ථිකමය පැත්තෙන් ගත්තාම දිගු කාලීන ආයෝජනයක්.
CFL බල්බයේ ඇති අවාසි -
මෙහි ඇති ප්‍රධානම අවාසිය නම් CFL බල්බ් තුල අන්තර්ගතව ඇති Mercury නොහොත් රසදිය මගින් මිනිස් හා සත්ව ප්‍රජාවටත්, පරිසරයටත් සිදුවන හානියයි. මෙයින් වසර කිහිපයකට පෙර බලශක්තිය රැකගැනිමේ කතිකාවතක් ගිය වකවානුවකදී CFL වෙත ජනතාවගේ අවධානය වැඩි වූ විටදී රු 400ක් පමණ වන හොඳ නියමිත ප්‍රමිතියෙන් යුතු CFL බල්බයක් වෙනුවට , පදික වේදිකාවල රු 60ක් පමණ මුදලකට බාල වර්ගයේ CFL විකුණූ අවධිය මට අදත් මතකය. එහෙත් සිදු වුයේ මේවා ඉක්මනින් දැවී ගොස් විසි කිරීමෙන් පෙර කී ලෙසම පරිසරයට එක්ව රසදිය වාෂ්ප වී මිනිසාගේ පැවැත්මට තර්ජනයක් වීමයි. CFL බල්බ් තුල රසදිය මිලිග්‍රෑම් 5ක පමණ ප්‍රමාණයක් දුමාරයක් ආගන් වායුවත් සමග එක්ව පවතී. මේ රසදිය දුමාරය නැත්නම් වාෂ්පීය තත්වය තුලින් විදුලි ධාරා ගමන් කිරීමෙන් බල්බය ආලෝකමත් වේ. ඇතුලත ආලේපය ලෙස පොස්ෆරස් ආලේපයෙන් වැඩිදීප්තියක් ලබාදෙයි.ඉතින් ප්‍රධානම අවාසිය නම් CFL පරිභෝජනය හා ඊට පසු සිදුවන ඉවත දැමීම ආදී කාරණා හරියාකාරව සිදු වීමට ජනතාව දැනුවත් නොවීමයි.
මෙහි ඇති ප්‍රධානම අවාසිය නම් CFL බල්බ් තුල අන්තර්ගතව ඇති Mercury නොහොත් රසදිය මගින් මිනිස් හා සත්ව ප්‍රජාවටත්, පරිසරයටත් සිදුවන හානියයි. මෙයින් වසර කිහිපයකට පෙර බලශක්තිය රැකගැනිමේ කතිකාවතක් ගිය වකවානුවකදී CFL වෙත ජනතාවගේ අවධානය වැඩි වූ විටදී රු 400ක් පමණ වන හොඳ නියමිත ප්‍රමිතියෙන් යුතු CFL බල්බයක් වෙනුවට , පදික වේදිකාවල රු 60ක් පමණ මුදලකට බාල වර්ගයේ CFL විකුණූ අවධිය මට අදත් මතකය. එහෙත් සිදු වුයේ මේවා ඉක්මනින් දැවී ගොස් විසි කිරීමෙන් පෙර කී ලෙසම පරිසරයට එක්ව රසදිය වාෂ්ප වී මිනිසාගේ පැවැත්මට තර්ජනයක් වීමයි. CFL බල්බ් තුල රසදිය මිලිග්‍රෑම් 5ක පමණ ප්‍රමාණයක් දුමාරයක් ආගන් වායුවත් සමග එක්ව පවතී. මේ රසදිය දුමාරය නැත්නම් වාෂ්පීය තත්වය තුලින් විදුලි ධාරා ගමන් කිරීමෙන් බල්බය ආලෝකමත් වේ. ඇතුලත ආලේපය ලෙස පොස්ෆරස් ආලේපයෙන් වැඩිදීප්තියක් ලබාදෙයි.ඉතින් ප්‍රධානම අවාසිය නම් CFL පරිභෝජනය හා ඊට පසු සිදුවන ඉවත දැමීම ආදී කාරණා හරියාකාරව සිදු වීමට ජනතාව දැනුවත් නොවීමයි.
හොඳ CFL බල්බයක් තෝරාගන්නේ කොහොමද?
ඉතින් CFL ගත්තාම මෙහිදී සැලකිය යුතු කරුණ නම් ඔබ ගන්නා බල්බය CFL එකක් වූ පමණින්ම නිසි ප්‍රමිතියට නැත්නම් විදුලි බිල අඩු වේ යැයි සිතිය නොහැකියි. ඔබට අඩුවෙන්ම ගත හැකි තැනින් ලබාගන්නා CFL විදුලි පහන් භාවිතයෙන් විදුලි බිල තිබනවාටත් වඩා ඉහල යාමේ අවධානම තිබිය හැකියි. ඒ නිසා ලංකාවේ ජනයා මුලා කරන මෙබඳු වංචනකයින්ගෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් Energy Rating ලේබලයක් හඳුන්වා දී ඇත. මෙම Energy Rating බලශක්ති ලේබලය සහිත CFL විදුලි පහන් භාවිතය කල හැකි නම් ඔබගේ විදුලි බල්බයට යන විදුලි ප්‍රමාණයෙන් 80%ක් ඉතිරි කර ගත හැකි වනු ඇත. මෙහි පහතින් දැක්වෙන ලේබලයේ ආකාරයට තරු ප්‍රමාණය වැඩිනම් ඒවායේ බලශක්ති පිරිමැසීම ඉහලයි. ඔබට ඔවුනගේ වෙබ් පිටුවට ගොස් ඔවුන්ගේ වර්ගීකරණයන් බලාගත හැකියි.
- Light Emitting Diode (LED)
LED තමා මීලග පෙරලිය. ලංකාවේ ඉතා සීඝ්‍රෙයන් ජනප්‍රිය වෙමින් පවතින ඉතාම ලාභදායි බල්බ විශේෂයකි. මූලික වියදම කරමක් අධික වුවද දීර්ඝ ආයු කාලය හා විදුලිය පිරිමැසිමේ විශිෂ්ඨතාවය හා වැඩි කාර්යක්ෂමතාවය (අඩු වොට් ප්‍රමානයකින් වැඩි ආලෝක ප්‍රමානයක් ලබා දීම) අතින් කදිම ආයෝජනයක්. දැන් එන විදුලි පන්දම් වලටත් සූත්‍රිකා බල්බ් එනවා අඩුයි. ගොඩක් ඒවට එන්නේ LED බල්බ්. ඒක නිසා පැහැදිලි එළියක් තියෙනවා. ඒ වගේම ෆෝන් වලටත් දැන් එන්නේ LED flasher එකක් කිවොත් මං හිතන්නේ ඔබ පුදුම වෙන එකක් නෑ. ඒ වගේම දැනට මිල අධිකම වේදිකාලෝක කරන (Stage lights) එන්නෙත් LED. බර අඩු වීම, කල් පැවතීම, අඩු විදුලි භාවිතාව සහ වේගවත් switching හැකියාව තමා වැදගත්. තව ගත්තහම කලර්ලයිට්ස්. සූත්‍රිකා පහනට වඩා පැහැදිලියි නේද LED කලර්ලයිට්? තව ගත්තහම ගොඩාක් යතුරු පැදි මෙන්ම වාහනවලත් ප්‍රධාන පහනට හා සිග්නල් ලයිට්ස්වලට එන්නෙත් මේ LED බල්බ. නව ප්‍රවණතාවක් හෝ ලස්සන නිසාම නෙමෙයි ඒ. ඇත්තටම ඒවා යෙදුවාම බැටරිවල ඇති සීමිත බලශක්තිය ඉතුරැ කරගැනීමේ හැකියාව ආදි වූ එහි ඇති වාසි නිසයි ජනප්‍රිය වෙන්නේ. ඉස්සරහට සූත්‍රිකා බල්බ් වල මෙන්ම CFL වල තැනත් මේ LED බල්බ් ගනීවි. සෑම වැදගත් ආලෝක ප්‍රභවයක්ම LED වේවි.
ඒ වගේම බල්බ වලින් විතරක් නෙමෙයි විදුලිය නාස්ති වෙන්නේ. මම මුලින්ම කියන්නම් පරිගණකයෙන් සිදුවන විදුලි හානිය අඩු කරන්න අපිට කල හැකි මොනවද කියලා.
පරිගණකයෙන් වෙන විදුලි හානිය වක්වන්නේ කොහොමද?...
- පරිගණකය තුලින් සිදුවන විදුලි ජව හානිය වැළකීම සදහා පහත සදහන් පියවර අනුගමනය කරලා බලන්න.
- රාත්‍රී කාලයේ පරිගණක තිරය පසුතල(Setting) මගින් ආලෝක ප්‍රමාණය අඩු කිරීම. මව් පුවරැව හරහා නොව Power Unit මගින් ලබා ගන්නා අනවශ්‍ය Cooling Fans ඉවත් කිරීම.
- සරල තිර සුරැකුම් (Normal Screen Server) භාවිත කිරීම.
- අත්‍යවශ්‍යය අවස්ථා වල හැර අන් අවස්ථා වල පරිගණකයට අත්‍යවශය නොවන අන් උපකරණ ක්‍රීයා විරහිත කර තිබීම (Ex-: Printer,Speaker).
- ගීතවලට සවන් දෙනවා නම් තිරයෙන් විදුලිය විසන්ධි කර ඇසීම.
- පරණ CRT මොනිටර තවමත් භාවිතා කරනවා නම් ඒවා ඉවත් කර LCD තිර මිලදී ගෙන බාවිතයට නැඹුරු වීම. (මෙයින් ලොකු විදුලි ඉතිරියක් අත් විඳින්නට හැකි වේවි)
- ඒ වාගේම ඔබ පරිගණකයෙන් පැය දෙක තුනක් ඈත් වී සිටින අවස්ථා නිතර නිතර උදා වෙනවා. (උදාහරණයක් වශයෙන් තමන්ගේ ආදරවන්තියගෙන් කෝල් එකක් ආවාම පරිගණකයේ තමන්ගේ කරමින් සිටි වැඩේ එහෙම පිටින්ම නවත්වා පරිගණකය ක්‍රියාත්මකව තියෙද්දිම මලක් කැඩීමට එලියට ගොස් පැය තුන හතරකින් නැවත පැමිණෙන විට එය off වී තිබීමට සැකසිය යුතුය. නැත්නම් මාසේ අන්තිමට තාත්තගේ සාක්කුවට තමයි දැනෙන්නේ) ඉතින් මේ සඳහා පරිගණකයේ power options හරහා ගොස් විනාඩි ගණනක් , ,උපරිම විනාඩි විස්සක් ලෙසවත් සඳහන් කොට පරිගණකය හා මොනිටරය ඉබේම ක්‍රියා විරහිත වීමට අදාල සැකසුම් ලබා දෙන්න.
රෑපවාහිනියෙන් වෙන විදුලි හානිය වක්වන්නේ කොහොමද?...
- Remote එකෙන් Off කරන් නැතිව ප්‍රධාන ස්විචයෙන්ම නිවා දමා පේනුවෙන් ගලවා දමන්න. Remote එකෙන් Off කිරීමේදී රෑපවාහිනිය නැවත sleep mode එකට හෝ standby mode එකට යෑමෙන් විදුලියක් වැය වේ. විශ්ලේෂකයින් පවසන අන්දමට මෙමගින් නිවසක ඇතිවන විදුලි හානිය 10%ක් තරම් විශාලයි. ඒ වගේම අර කතාවයි , මේ කතාවයි හැම එකම බලන්න යන එකත් අඩු කරගෙන රෑපවාහිනියේ එල්ලීගෙන සිටීමත් හැකිතාක් අමවම කරන්න.
විදුලි පංකා හා වායු සමීකරණ යන්ත්‍රවලින් වෙන විදුලි හානිය වක්වන්නේ කොහොමද?...
- ඔබගේ නිවසේත් Ceiling Fan එකක් නම් භාවිතාවන්නේ ඉක්මනින්ම Pedestal Fan එකකට හෝ Table Fan එකකට මාරු වුනොත් යම් විදුලියක් ඉතිරි කර ගත හැකි වේවි. එමෙන්ම වායු සමීකරණ යන්ත්‍ර භාවිතය නම් අවම කරන එකමයි නුවණට හුරු. ඒ වෙනුවට අවශ්‍යම නම් විදුලි පංකා වලට මාරු වෙන්න. ඒත් සීලිං පංකා නෙවෙයි. ටේබල් පංකා හරි නැත්නම් අර බිම හිටවලා තියෙන එව්වට හුරු වෙන්න.මේ සියල්ලටම විසඳුම වශයෙන් නිවසට වැඩි පුර හුලං ටිකක් එන විදිහට ජනෙල් පියන් හැර නිවස ඇතුලත පරිසරයට නිරාවරණය කිරීමට සැලැස්වීමට හැකිනම් මේ කිසිවක් අවශ්‍ය නැති වේවි.
එමෙන්ම තමන්ගේ නිවසේ භාවිතා කරන ශීතකරණය, විදුලි ස්ත්‍රික්කය, විදුලි උඳුන හා ජලය ඇද ගන්නා මෝටරය (වතුර පොම්ප), විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර, කේතල(kettles), විදුලි උදුන්(electric ovens) ආදිය පිළිබඳවත් දැනට වඩා සැලකිල්ලක් දක්වා විදුලි නාස්තිය අඩු කිරීමට ඒවායිනුත් පුංචි තල්ලුවක් ලබා ගන්න.
හෙට අනිද්දම විදුලි බිලත් වැඩි වෙන නිසයි අපි මේ දේවල් කතා කලේ. මම කියන්නම් නිවසේ වැය වෙන විදුලි ප්‍රමාණය ගැන තමන්ට දල අදහසක් ගන්න පුලුවන් සූත්‍රයක්.
අපි මේ නිතරම කතා කරන යුනිට් ගාන තීරනය වෙන්නෙ , විදුලි බිල තීරනය වෙන්න අපි පාවිච්චි කරන විදුලි ප්‍රමාණයේ දිග පලල අනුවයි. විදුලි ප්‍රමානය කියන්නෙ කොච්චර ශක්ති ප්‍රමානයක් අපි විදුලිය මගින් ලබාගන්නවද කියන එකයි. මෙයත් යම් ආකාරයක ශක්තියක් නිසා මැනිය යුතු SI ඒකකය "ජූල්" (Joule) ලෙසයි හඳුන්වන්නේ. මේ "ජූල්" කියන ඒකකය අපි සාමාන්‍යයෙන් මසකදී පාවිච්චි කරන ශක්ති ප්‍රමානයත් එක්ක බැලුවහම බොහොම කුඩා ඒකකයක්. එනිසා අපි නිවසේ විදුලිය මැන ගැනීමට කිලෝ වොට් පැය (kilo Watt hour – kWh) කියන ඒකකය පාවිච්චි කරනවා.
මේ කිලෝ වොට් පැය 1 කට තමයි අපි යුනිට් එකක් (1 kWh = 1 Unit) කියන්නෙ. අපි කිලෝ වොට් 1 ක ක්ෂමතාවයක් ඇති උපකරනයක් පැය 1 ක් ක්‍රියත්මක කරොත්, වැය වෙන විදුලි ප්‍රමාණයට තමයි ඔය යුනිට් 1ක් කියලා කියන්නෙ. ඒ කියන්නේ විදුලි උපකරණයක ක්ෂමතාවය, ඒ උපකරණය පාවිච්චි කරන කාලයෙන් ගුණකල විට, ඒ උපකරණය සදහා වැයවෙන විදුලි ප්‍රමාණය ලැබෙනවා කියන එකයි. 100 W බල්බ් එකක් දවසට පැය 6 ය ගානේ දවස් තිහක් පාවිච්චි කරා කියලා හිතමු. එතකොට ඒකට වැයවෙන යුනිට් ගාන හොයන්නේ ,
2 පාවිච්චි කරපු කාලය 6 * 30 = 180
3 යුනිට් ප්‍රමානය 0.1 * 180 = යුනිට් 18
මේ සූත්ත්‍රය හැදෙන්නේ මෙහෙම,
1 බල්බයේ ක්ෂමතාවය/ 1000 (කිලෝවොට් එකක් කියන්නේ වොට් 1000 ක් නේ)
2 පාවිච්චි කරපු කාලය හදන්නේ පාවිච්චි කරපු පැය ගණන දින ගණනින් වැඩි කරලයි.
3 යුනිට් ප්‍රමානය ගන්නේ 1 පියවරේදී ලබාගත්ත උත්තරේ 2 පියවරේදී ලබාගත්ත උත්තරෙන් වැඩි කරලයි.
ඉතින් අන්තිමට මේ කතා කල සියල්ල සාරාංශ ගත කරලා ගත්විට මෙන්න මේ වගේ කරුණු ටිකක් තමයි මම කියන්න හැදුවේ
- CFL විදුලි බල්බ ලාභදායකයි සූත්‍රිකා පහන් වලට වඩා. නමුත් ඒ වෙනුවට හැකි නම් LED විදුලි බල්බ භාවිතා කළ හොත් අපට 80% කින් විදුලි පරිභෝජනය අඩු කරගන්න පුළුවනි. LED විදුලි බල්බවල මිල තරමක් වැඩි වුනත් ඒවා දීර්ඝකාලීනව වාසිදායකයි.
- පරිගණකයට LCD මොනිටරයක් භාවිතා කරන්න. Power Saving option එක භාවිතා කරන්න.
- භාවිතා නොකරන අවස්ථාවලදී සියලුම විදුලි උපකරණවල විදුලි පේනු බිත්තියෙන්ම ගලවා තැබීම. බොහෝ දෙනා නොදන්නවා වුනාට විදුලි පේනු විදුලියට සම්බන්ධ කර ඇති විට අපිටත් හොරාම යම් විදුලි ප්‍රමාණයක් එය පරිභෝජනය කරනවා. මෙසේ ගලවා තැබීමෙන් විදුලි බිලෙන් 10% ක් පමණ ඉතිරි කරගන්නට පුළුවන්.
- වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
- රෙදි මැදීම වැනි අධික විදුලි පරිභෝජනය වන දේ භාවිතා කරන අවස්ථා අවම කිරීම. උදාහරණයක් ලෙස නිවසේ සියළුම දෙනාගේ සතිය පුරා අඳින ඇඳුම් ඉරිදා වැනි දිනයක සියල්ලම මැදීම වැනි සුළු කළමණාකරණයකින් බොහෝ විදුලිය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි.
- ශීතකරණය අනවශ්‍ය ආකාරයට නිතරම හා වැඩි වෙලාවක් දොර හැර තැබීමෙන් වලකින්න. උණුසුම් ආහාර තිබේ නම් ඒවා සාමාන්‍ය උෂ්ණත්වයට පත්වෙන තුරැ සිට ශීතකරණයේ බහාලීමට කටයුතු කරන්න.
- විදුලි උදුන් වෙනුවට දහයියා උදුන් භාවිතය.
- ජල පරිභෝජනය කළමණාකරණය කර ගැනීම.
බලන්න කොච්චර පුංචි කරුණු ටිකක්ද මම කිවේ කියලා. ඇත්තටම මේ කරුණු කිහිපය පිළිපදින එක එච්චරම අමාරු දෙයක්ද? නිවසේ විදුලි ඉතුරැ කරගත්තොත් පර්ස් එකටත් හොඳිය නෙව. තේරීම ඔබට භාරයි....
How To Saving Energy කණ්ඩායමේ ඉෂාන් ධනුක වික්‍රමසිංහට විශේෂ ස්තුතිය...






.jpg)
.jpg)
සිරාවටම පස්ටයි බං.. අවංකවම හොද කරුණු ටිකක්. හැබැයි මේවා පොඩි දේවල් කරුමෙට අපි හිතන්නේ නෑ නෙව.. යකෝ මේ කමෙන්කටු දාන එක එම්බෙඩඩ් විදියට හදාපං..
ReplyDeleteවැදගත් විස්තර ටිකක්. ස්විච් ඕෆ් කරපු උපකරණ ප්ලග් කරල තිබ්බත් විදුලිය වැය වෙනවයි කියන එක අදමද කොහෙද දැනගත්තෙ.
ReplyDeleteහරිම වැදගත් කරුණු ටිකක් රතී....
ReplyDeleteගොඩක් වටිනා ලිපියක් ස්තුතියි මේගැන දැනුවත් කිරීම පිළිබඳව..
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteමමත් මේ ගැන සෑහෙන උනන්දු වෙලා පහුගිය අවුරුදු 2ක් තිස්සේ බිල රු 500ටත් අඩුවෙන් තියාගත්තා.. ෆ්‍රිජ්,වොෂින් මැෂින්, අයන්, ඔක්කොම පාවිච්චි කරද්දිත්.. ඔයා ඔය කියපු දේවල් ගොඩක් වෙලාවට කරනවා... බිල වැඩීවෙන එක අවුලක් වෙන්නේ හරියට පාවිච්චි නොකර ඉන්නකොට.. හරියට පාවිච්චි කරනවනම් කලින් බිලටම ඉන්න පුලුවන්.. බිල නිසා හරි අපි නිවැරදි විදියට මේවා පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක ලොකු දෙයක්..
ReplyDelete@දේශක යා
ReplyDeleteබොහොම ස්තුතියි මචං. කීව විදිහටම ඔන්න මොඩරේට් කරා...ස්තුතියි ආවට සහෝ.
@PRAසන්ன
ReplyDeleteWall outlet එකට සම්බන්ධ වෙලා තියෙද්දිත් සමහර උපකරණ මේ විදිහට ක්‍රියාත්මක තත්වයේ පවතින බවට ඇමෙරිකාව විසින් අනාවරණය කරගෙන තියෙනවා. බොහොම ස්තුතියි ප්‍රසන්න ඇවිත් ගියාට...
@සමනළී
ReplyDeleteස්තුතියි සමනලිටත් මේ පැත්තේ ආවට. ගොඩ දවසකින් තමයි කමෙන්ට් එකක් දාන්නෙත් මේ විදිහට මම.
@සාතන්
ReplyDeleteස්තුතියි සහෝ ඇවිත් ගියාට...
@වලස් පුංචා
ReplyDeleteඔයාටත් ස්තුතියි සහෝ. දිගටම ඉන්න...
@PATHUM HERATH
ReplyDeleteඔව් සහෝ ඒක ඇත්ත. හරි ක්‍රමයට භාවිතා කරනවා නම් මේ දේවල් අපේ සාක්කුවට නොදැනී තියාගන්න පුලුවන්. ඔයා මේ දේවල් ඔක්කොම පාවිච්චි කරද්දිත් රු500 පනින් නැතුව තියාගෙන ඉන්නව කියන්නේ හොඳම කලමණාකරණයක් එතන තියෙන්නේ. බොහොම ස්තුතියි සහෝ මේ පැත්තේ ඇවිත් ගියාට...
ඉතාම හොද ලිපියක්..මම තව කරුණක් එක්කරන්නම් , මම හිතනවිදියට ගෙදරක වැඩිපුරම විදුලිය බාවිතා වන උපකරණ තමා ශිතකරනය, හැකිතාක් දුරට පරණ ශිතකරන බාවිතය අඩුකරන්න.සැම විටම Energy Rating වැඩි ශිතකරන(විදුලිඋපකරණ) බාවිතයට උත්සහ කරන්න.
ReplyDeleteරතී කාලෙකින් ඇවිත් කියල දීල තියෙන්නෙ ගොඩක් වටින තොරතුරු ටිකක්. බොහොම ස්තූතියි :)
ReplyDelete(අකුරු පේළි අතර පරතරය ටිකක් වැඩි උනා නම් කියවන්න පහසුවෙයි කියල හිතෙනව )
බොහොම වටිනා තොරතුරු ටිකක් මල්ලී. බොහොම පිං මේ දේවල් කියාදෙනවට. විදුලි බිල අඩු කරගන්න හැමෝටම ප්‍රයෝජනවත් වේවි මේ සටහන.
ReplyDelete