පින්තූරය ගූගල් සෙවුමකින්
ඔන්න තවත් අලුත් අවුරුද්දක් අලුත් බලාපොරොත්තුත් සමගින්ම උදා වෙන්න තව පුංචි කාලයයි තියෙන්නේ. පරණ වැරදි අමතක කරලා මිත්‍රත්වය වර්ධනය කරගන්නත් ලැබෙන ලොකු අවස්ථාවක්. 2013 අවුරුද්ද උදා උනායින් පස්සේ සිංහල ක්‍රමයට අපි ලබන අලුත් අවුරුද්ද තමයි මේ උදාවෙන්නේ. හැමෝගෙම බලාපොරොත්තුව කාලා බීලා ජොලියක් එහෙම දාලා රෑ තිස්සේ ටෙලිවිසොන් එකේ යන ෆිල්ම් ටිකත් නොවරදවා බලලා ආයෙමත් වෙනද තාලෙට වැඩ පටන් ගන්න එක තමයි. මේ උදාවෙන අවුරුද්දෙදිත් තමන්ගේ ජීවිතයේ කල යුතු හෝ අතපසු වුන වැඩ ගැන පුංචි සටහනක් තියාගන්න ඇහැකි නම් ගොඩාක් වැදගත් අපි හැමෝටම. රස්සාවෙ හැටියට අලුත් අවුරැද්දට කියලා අපිට නම් වැඩි වෙනසක් නෑ. ඒත් වෙනදාට වඩා දැන් මගේ ජීවිතේට සමීප අම්මගේ අතින් අලුත් අවුරුද්දට කිරිබත් කෑල්ලක් කන්න ලැබෙනවා නම් ඊට එහා තව වෙන මොනවද? ඒත් ඉතින් ඒකත් හාවා හඳ දකින්න වගේ එහෙමත් අවුරුද්දක. මම ගම් පලාතෙන් ගෙදර දොරෙන් ගමේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවිතය ගෙවන කෙනෙක් හැටියට මේ විදිහ හොඳයි, මෙහෙම කරපං අර විදිහට කරහං කියලා ඇඟිල්ලෙන් ඇනලා කියන්න අය ලඟ නැති වෙලාවේ එහෙම සටහනක් තියාගන්න හැකියාවක් ඇත්නම් පංකාදුයි. ඔය කිවට මම ලගත් එහෙම කියලා සටහනක් නෑ. නමුත් වැඩක් පටන් ගත්තම මේක මේ කාලෙ වෙද්දි ඉවර කරනවා කියලා හිතේ පුංචි සැකැස්මක් හදා ගන්නවා. එතකොට ඒ කාලෙටම නොවුනත් ඊට ඩිංගිත්තක් පස්සෙන් පහු වෙලා හරි ඒ වැඩේ කෙරෙනවා කියන එක අත්දැකීමෙන් මම දන්න දෙයක්. කාගෙ කාගෙත් හිත්වල මහමෙරක් තරමට ඉලක්ක බලාපොරොත්තු ගොඩ ගැහිලා ඇති මගෙ වගේම. ඒ හැමදෙයක්ම පියවරෙන් පියවර සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම සාර්ථක වේවායි කියලත් මම ඉත සිතින් පතනවා. හැමදේම බදාගෙන එකපාර ගොඩදාන්න තරම් ශක්තිය හැමෝටම නෑනේ. නමුත් බෑ කියලා අතඅරින්න එපා.
මගෙත් පුංචි බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. බලාපොරොත්තු නැති ජීවිතෙත් මෙලෝ රහක් නෑ කියලයි මම නම් අහල තියෙන්නේ. විසල් බලාපොරොත්තු නැතත් මයෙ හිතෙත් කොහොමින් කොහොම හරි මටයි කියලා ගෙයක් හදාගන්න තියෙන බලාපොරොත්තුව තමා පලවෙනි තැනට තියෙන්නේ. මුල් පියවර තියලයි තියෙන්නේ. නමුත් යා යුතු මග දුරයි තවත්. කොල්ලෙක් වුනාම තමන්ගෙ දුවට ඉන්න හිටින්නවත් දෙන්න ඌට ගෙයක් දොරක් තියෙනවද නැද්ද කියලලු නැන්දම්මයි මාමණ්ඩියි දෙන්නම මුලින්ම බලන්නෙත්. හෙහේ. මොනව උනත් අර කලින් කිව වගේ හිතන් ඉන්න කාලෙටම බැරිවුනත් ඊට ටිකක් පහුවෙලා හරි ඒ දේ කරගන්න හැකියාව ලැබේවිනේ. හැබැයි ඉතින් නියම වයසෙදි හැමදේම ලං කරගන්න උත්සාහ ගන්න ඕන. මට වගේ වයසටම ගිහින් ඕව කරන්න හිතන් ඉන්න එකත් මහ ගොන්කමක්. හෙහේ. එහෙනම් ඉතින් මේ අවුරුද්දත් හැමෝම එක්ක ඔෆීසියෙදි පාසලේදි මගතොටේදි හැමතැනකදිම සහයෝගයෙන් සුභවාදිව වැඩ කරන්න හැකි වෙන සර්ව සුභවාදි එකක් වේවා. වැරදි අමතක කරන්න. වෙන් වීම් හා එක් වීම් ඇති වෙනවා නැති වෙනවා. ඒවටත් ඒ විදිහට වෙන්න ඉඩ දෙන්න. එහෙම තමයි සොබා දහම තමන්ගේ සැකැස්ම එයා විසින්ම හදාගෙන තියෙන්නේ. බලාපොරොත්තු තියාගෙන ඒවට පණදෙන්න අත අරින්නෙ නැතිව. එතකොට ඊලඟ අවුරුද්දේ හැරිලා බලන්න පුලුවන් ගොඩාක් සතුටින්.
දේශය එක්සේසත් කල රණවිරුවන් ඇතුලු ඔබ සියලු දෙනාටමත් ලබන්නාවූ අලුත් අවුරුද්ද කලින් අවුරුද්දේ වැරදුනු තැන් හදාගෙන අනාගතේ සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

රතී කාලෙකට පස්සෙ නේද බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මෙ?
ReplyDeleteඔයාටත් උදාවන අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)
ඔබටත් සුබ නව වසරක් වේවා......පෝස්ට් එකේ අන්තිම පැරා එකට මාරම ලයික්.
ReplyDeleteබොටත් කිරි පැණි ඉතිරේවා ! බත බුලතින් සරු වේවා !! පර්ස් එක හිස් නොම වේවා !!
ReplyDeleteසියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අවුරුද්දක් වේවා !
ReplyDeleteසියලු පැතුම් ඉටුවන ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteඅකුරු පොඩි වැඩි නිසා කියවන්න අපහසුයි..අඩුම තරමින් ෆොන්ට් සයිස් 13 හෝ 14 දාන්න.
ReplyDeleteඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා..
හදවත සතුට උතුරන
ReplyDeleteදස අත සැපත පැතිරෙන
සුබ මිස අසුබ නොගෙනෙන
ජයම වේවා! වසර එළඹෙන..
ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරුණූ වාසනාවන්ත නව වසරක්ම වේවා!
wish happy festival
ReplyDelete