කාලෙකින් සටහනක් දාන්නයි හදන්නේ. මම ඉඩක් ලැබුණු වෙලාවට අපේ උදවියගේ සටහන් මගහරින්නෙ නැතුව කියවනවා. මම මේ ලඟදි කියවපු පොතක් තමයි Miklos Nyiszli කියන යුදෙව් ජාතික වෛද්‍යවරයාගේ Auschwitz: A Doctor's Eyewitness Account කියන පොත. දෙවන ලෝක යුධ සමයේදි යුදෙව්වන්ට එරෙහිව තුන්වන රයිෂයේ තීරණ පිළිබඳවත් එම පාලනය විසින් යුදෙව්වන් හා ආර්ය නොවන ජාතීන් තුරන් කිරීම සඳහා රැඳවුම් කඳවුරු සහ ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය තුල මෙන්ම නාසින් විසින් අත්පත් කොටගෙන තිබූ රටවලත් ස්ථාපිත වුන ආකාරයත් ඒ නිසා ඔවුන් විඳි දුක් ගැහැට වගේම ඔවුන් මරාදැමීමට හිට්ලර් විසින් භාවිතා කරන ලද්දේ මොන වගේ ක්‍රමද කියලත් මේ පොතේ ඔහු සඳහන් කරලා තියෙනවා. හිට්ලර්ගේ දොලොස්වසරක පාලන කාලය තුලදි ඔහු විසින් අමු අමුවේ මරාදැමුණු මිනිසුන් ප්‍රමාණය මිලියන එකොලහක් විතර වෙනවා. නමුත් සමහර තැනක කියවෙනවා ඔහු විසින් මේ යුදෙව්වන් ඝාතනය නොකොට මැඩගස්කර් දූපත වෙත පිටිවහල් කිරීමට ගත් තැත ව්‍යවර්ථ වීම හේතුවෙන් මේ ඝාතන කිරිම ආරම්භ වුනු බව. වෛද්‍ය මික්ලෝස් නයිස්ලි කියන්නෙත් ඒ ආකාරයට මරණයට කැප වෙලා අවුෂ්විට්ස් වල දිවි ගෙවමින් ඉඳලා පැනයාමට අවස්ථවක් පැමිණි වෙලාවක පැන ගියපු පුද්ගලයෙක්. ඉතින් මේ පොත, ලියන ලද පුද්ගලයාගේම සත්‍ය ජීවිත අත්දැකීමක් නිසා ගෙවන මුදලට බොහොම වටිනා පොතක් කියලා සඳහන් කරන්න පුලුවන්. මේ පොතේ එක තැනකදි කියනවා " I'm so scared of those few seconds of consciousness before you're going to die, when you know for sure you're
going to die" - මැරෙන්න කලින් ඔයා දැනගන්නවා ඔය මේ මැරෙන්න තමයි යන්නේ කියලා. මරණයට පෙර සුලු නිමේෂයකදි ඇති වන හැඟීම කොහොම වෙයිද? මම ඊයෙ පෙරේදා අපේ ලයිබ්‍රරි එකේ කරක් ගහද්දි මේ පොතේම සිංහල පරිවර්තනයකුත් දුටුවා. මරණයේ දොරටුව : හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයකු ඇසින් දුටු සාක්ෂි කියන නමින් රංජිත් කුරුප්පු කියන ලේඛකයා විසින් පරිවර්තනයට නගල තියෙනවා. නමුත් ඉංග්‍රීසි පොතේ මෙයට වඩා කරුණු කාරණා අඩංගු බවයි මගේ හැඟීම.
ලයිබ්‍රරි එකේ සාමාජිකත්වය ගත්ත එකේ හොඳකම තමයි පුලුවන් ඕනෙ වෙලාවක ගිහින් පොතක් අරන් එන්න තියෙන හැකියාව. Miklos Nyiszli ගේ පොත කියවපුවාම මට දෙවන ලෝක යුධ සමය ගැන වගේම හිට්ලර් ගැනත් තවත් ටිකක් තොරතුරු හොයල බලන්න ආසාවක් ඇති වුනා. ඉතින් ඒ ඇහෙන් පොත් හොයනකොට ප්‍රියන්ජන් සුරේෂ් කියන ලේඛකයාගේ පොතක් හමුබුනා. සිංහල පොතක්. පොතකුත් කීවට ගවේෂණාත්මක කෘතියක්. ඔහුම ජර්මනිය, පෝලන්තය, හංගේරියාව වගේ රටවල ඒ ඒ තැන්වල ඇවිදීමෙන් ලබපු හා හොයපු තොරතුරු අඩංගු වුන එකක්, අවසන් විසඳුම තමයි පොතේ නම. මේ පොතත් පොතේ මිලට සාපේක්ෂව එහි වටිනාකම ඉතාම ඉහලයි කියලයි මට නම් හිතෙන්නේ. අපි කවුරුත් අහල තියෙන අවුෂ්විට්ස්, රවෙන්ස්බ්‍රියුක්, බුහන්වල්ඩ්, සාච්සන්හවුසන්, ඩකාවු කියන වධකඳවුරු තුල මේ ලේඛකයා තමන්ම ඇවිදගෙන ගිහින් හොයපු සටහන් නිසා මේ කෘතියේ වටිනාකම තවත් ඉහලයි. ඒ පොත කියවගෙන යන අතරෙදි තවත් තොරතුරු හොයන පිපාසාවක් ආව නිසා බැලුව හිට්ලර් හා දෙවන ලෝක යුධ සමය අලලා නිමවුන චිත්‍රපටි මොනවද කියලා.
මට බලන්න ලැබුනා Downfall (2004), Valkyrie (2008), Stalingrad (1993), Empire of the Sun (1987), The Great Escape (1963), Schindler’s List (1993),Come and See (1985) මෙන්න මේව තමයි මට මේ ගැන හොයන අතරෙදි බලන්න ලැබුනෙ. මේ අතරින් Downfall කියන්නේ හිට්ලර්ගේ අවසාන දවස් කිහිපය ගැන වාර්තාකරන චිත්‍රපටයක්. ෂින්ඩ්ලර්ස් ලිස්ට් කියන්නේ ජර්මන් ව්‍යාපාරිකයෙක් තමන්ගේ මුදල් බලයෙන් මේ මරණයට කැපවුනු යුදෙව්වන් බේරාගැනීමට කරපු අරගලයක් ගැන කියවෙන ලස්සනම ලස්සන චිත්‍රපටයක්. Valkyrie කියන්නේඒකාධිපති වියරුවෙන් පිස්සු වැටිලා ඉන්න හිට්ලර්ව නිහඬ කරන්න හිතාගෙන ඔහුව ඝාතනය කිරීමට සූදානම් වෙන හමුදාවෙ ඉහල පෙලේ නිලදාරීන් කිහිප දෙනෙක් ගේ සැලසුම් කියාපාන චිත්‍රපටයක්.

මේ වගේම තවත් පොතක් දෙකක් තියෙනවා මම කියවන්න හිතාගෙන ඉන්න පොත් ලිස්ට් එකේ ඉහලින්ම. එකක් තමයි William L Shirer කියන ලේඛකයාගේ The Rise and Fall of the Third Reich කියන පොත. ඔය පොත ගන්න හිතාගෙන ගියත් පොත ටිකක් කියවගෙන යද්දි තේරුණා මගෙ ඉංග්‍රීසි දැනුම ඒ පොත තේරුම් ගන්න තරම් මුහුකුරා ගිය මට්ටමකට තවමත් ඇවිත් නැහැයි කියලා. ඒ නිසා ඒ පොතේ සිංහල පරිවර්තනයක් එයි කියල ටිකක් බලන් ඉන්නවා. එහෙමත් නැත්නම් ටිකක් තව පහුවෙලා ම ගන්නවා අර පොතම. ලඟදි තිබුණ පොත් ප්‍රදර්ශන එකක්වත් බලන්න ගියේ නෑ වෙලාව සම්බන්ධ ගැටලු හින්දා. කියවන්න ආසාවක් ඇති වුන අනික් පොත තමයි හිට්ලර් ගේ ‘මේන් කෑම්ප්’- Mein Kampf පොත. ඒ පොත අලුත් පිට නම් කොහොමත් ලොකු ගණනක් වෙන හින්දා මම ගියා 124 බස්පාරේ මගදි හම්බෙන මරදානේ පැරණි පොත්කඩ පේලියට. එතනින් ගණන අහුවාම රුපියල් එක්දහස් හයසිය පනහක් වෙනවා කිවා. මරදානේ ගාමිණි හෝල් එක ඉස්සරහ තියෙන මේ කඩ පේලියෙත් සෑහෙන්න පොත් කන්දරාවක් තියෙනවා. ගණනින් බැලුවොත් නම් මගෙ ගණන් හරි නම් එතන කඩ අටක් විතර තියෙනවා. මම කොළඹ දන්නෙත් ඒ හැටි කාලෙක ඉඳන් නෙමෙයිනෙ. නමුත් ඒ පොත් කඩ පේලිය නම් කොළඹ ගැන දන්නව ඇති අවුරුදු හතලිහක පනහක ඉඳන්. හැට හැත්තෑව දශකයටත් එහායින් නිකුත් කරපු පොත පත වගේම, අලුත් පරම්පරාවල වගේම ජනප්‍රිය ඉංග්‍රීසි කෘතිවල පාවිච්චිකළ පොත් පිටපත් වුනත් මෙතනින් හොයාගන්න පුලුවන්. පරණ පොතක් අඩුමිලට හොයනවනම් එතන තමයි තැන. හයි ක්ලාස් පොත් සාප්පුවලට යන අය වගේ නෙමෙයි මෙතන ඇති වෙලා තියෙන්නේ වෙනස්ම පාඨක පිරිසක්. හොඳ ඉංග්‍රීසි නවකතාවක් අලුත් මිලටම ගන්නවට වැඩිය ඒකෙම පැරැණි පොතක් හෝ විරල පොතක් අඩුමිලට ගන්න හැකිවීම අපිට නම් කියන්න බැරි තරම් වටිනවා. ඕනෙම නම් පොඩි මුදලක් ගෙවලා තමන්ට ඕන කරන පොතක් ගෙනිහින් කියවලා භාරදෙන්නත් පුලුවන්. හැබැයි විශ්වාසය රැකගන්න එක තමන්ට භාරයි. එකපාරටම මට මේ පොත දෙන්න කියල කියන්න නම් බැරි වෙයි එතන තියෙන පොත් අට්ටිය දැක්කහම. මම ගාව ඒ වගේ ගනිපු පරණ පොත් රාශියක්ම තියෙනවා. ලක් කාරයෙක් නම් බැරිවෙන එකක් නැ එකවරම තමන්ට ඕන කරන පොත හොයාගන්න. ඒ හැටි මුදලක් වෙන් නැ. එක පොතක් රුපියල් සීයයක් දෙසීයක් වෙයි. උපරිම රුපියල් තුන්සීයකට යයි. නමුත් ඊට වඩා වටිනාකමක් මේ පොත්වල මට නම් දැනෙනවා. පරණ පොත් තිබුනට කවදාවත් පරණ වෙන්නේ නැති තැනක්. කියවන පොතක් ගැන කියන්න ගිහින් අන්තිමට නැවතුනේ මරදානේ පරණ පොත් කඩ පේලියේ වටිනාකම ගැනත් කියලයි..

කාලෙකට පස්සේ රතී ඇවිත් තියෙන්නේ.
ReplyDeleteඔය පොත නම් කියවලා නෑ. ඔය කිව්ව කඩ පේලිය පැත්තේ ගිය වෙලාවක පොත හොයලා බලන්ඩ ඕන.
අර ලිනක්ස් නෝට් ටික මට මේල් කරන්ඩ පුලුවං ද ? කලින් පෝස්ට් එකේ තිබ්බ නෝට් ගැනයි මේ අහන්නේ,
Deleteමෙන්න මගේ ඊමේල් ලිපිනය
sithakasankalpana@gmail.com
හරි සහෝ ඔන්න මම එව්වා....
Deleteඇත්තමයි මේ පොත නම් කියවන්න හිතුනා. Schindler’s List කියන්නෙත් මම බලන්න හිතාගෙනම හිටිය ෆිල්ම් එකක්. ඒත් කොහොම කොහොම හරි මට ඒකට වෙලාවක් හම්බ උනේ නෑ.දැන් මතක් උන එකේ අද හෙටම බලන්න ඕන.
ReplyDeleteහ්ම්. ඒ ෆිල්ම් එක බලනවනම් චම්ස් ඊට අදාල යුගය ගැන වගේම තුන්වන රයිෂය විසින් යුදෙව්වන් පෙලුව හැටි ගැන සාමාන්‍ය පින්තූරයකුත් හිතේ තියෙන්න ඕනෙ. නැත්නම් හොඳම රසය ලැබෙන්නේ නැ. ලස්සන ෆිස්ම් එකක් මමත් කාලෙකින් බැලුව.
Deleteපොත නම් කියවලා නෑ..
ReplyDeleteකියවන්න වටින පොතක් සහෝ..මමත් ඉතින් අහම්බයකින් කියවලා පස්සේ පස්සේ ටිකක් ගැඹුරටම කරුණු හොයාගත්තා.
Deleteමේක සුපිරියි මෙනෙක් පලවූ හොදම පොත් ගොන්නෙක් එකක් තමා අවුෂ්
ReplyDeleteවිට්ස්..
ඒක ඇත්ත දේශකයා. මම හිතන්නේ මානව සංහතියේ මෙතෙක් වුන දරුණුම සංහාරය වෙලා තියෙන්නේ අවුට්ෂ්විට්ස් වලයි...
Deleteපොත නම් කියවලා නෑ ඒත් මේ ෆිල්ම්ස් හොයාගෙන බැලුවොත් කදිමයි
ReplyDeleteblog kiyvanna ape syndi enna http://lankablogs.com/
ReplyDeleteblog kiyvanna ape syndi enna http://lankablogs.com/
ReplyDeleteලියවිල්ල අතෑරලම දාලා වගේ :-(
ReplyDeleteමමත් ඔය මූවීස් වලින් Valkyrie (අර Tom Cruise ඉන්න එක), Schindler's List, Empire of the Sun බලලා තියෙනවා. තව Tora, Tora, Tora, Pearl Harbor, තව මරු එකක් තමයි The Boy in the Striped Pyjamas තව A Bridge Too Far, D-Day, Dogs of War, The Eagle has Landed හෙම මේ යුද්ධයම පසුබිම් කරගත් මම කැමති වෙච්ච කතාවල් වලින් සමහරක්.
ReplyDeleteමම මේ දවස්වල නැවත් කියවන The Other Side of Midnight යුද්ධය පසුබිම් කරගත් කතාවක්. ඊට කලින් කියෙව්වේ Irving Wallace ලියපු The Seventh Secret හිට්ලර් හදපු හත්වෙනි බංකරය ගැන කතාවක්. ඇත්තෙන්ම කිව්වොත් හිට්ලර් සහ Eva Braun එදා මැරුනේ නැති බවත්, ඔවුන් අර බංකරයේ සඟෙවී ඉන් පස්සෙත් ජීවත් වෙච්ච බවයි ඒකෙන් කියවෙන්නේ.
මම දුවගෙන ඇවිත් කමෙන්ට් කරපු හේතුව දැන් පැහැදිළියිනේ රතීට?