මාසයක් තිස්සේ මහන්සි වෙලා, බැනුම් අහලා, OT කරලා අපි ගන්න මාසේ පඩිය, නැත්තම් මාසික ආදායම ඒ මාසයේ වැඩ ටික කරගන්න මදි වෙන එක සාමාන්‍ය දෙයක්. මේ හේතුවෙන් අපි සමහර වෙලාවට සමහර වියදම් අපේ ලැයිස්තුවෙන් කපා හරිනවා. ඒ අතරේ අනවශ්‍ය වියදම් වගේම අත්‍යවශ්‍ය වියදම් තියෙන්නත් පුලුවන්. කොහොම වියදම් පාලනය කලත් සමහර තැන් වලදී අපිට පාලනයෙන් තොරව වියදම් වෙන තැන් තියෙනවා. මං කියන්නම් මොනවද ඒ පොඩි පොඩි වියදම් කියලා. මේවා පොඩි වියදම් වුනාට දවස් ගානක ඒවා එකතු වුනාම පුදුම හිතෙනවා අපි මෙච්චර නාස්ති කලාද කියලා.
දුම් පානය
දුම් පානය කියන්නේ ශරීරයට වගේම සාක්කුවටත් කොහොමත් හොද පුරුද්දක් නොවෙයි. ලංකාවේ දිනකට පුද්ගලයින් 60 දෙනෙක් විතර මියයනවා මේ හේතුවෙන්. ඒ වගේම පිලිකා රෝගීන් අතරින් 60%ක් පමණම දුම් පානය කරන්නන් තමයි ඉන්නේ. මේ පුරුද්දෙන් මුදල් නොදැනීම ගිලිහෙනව විතරක් නෙවෙයි, ඔයාගේ ශරීරයත් නොදැනීම දුර්වල වෙලා රෝගී උනාම තව තවත් මුදල් වැය වෙනවා අසනීප හොඳ කරන්නට. මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීමට, වසරින් වසර හැම අය වැයකින්ම මත්ද්‍රව්‍ය සඳහා වෙන බදු ඉහල දාන නිසා දුම්වැටි සදහා වැය වන මුදලත් වසරින් වසර වැඩි වෙනවා. කලාපීය හා ගෝලීය වශයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වුනාට ශ්‍රී ලංකාව තුල මේ තොරතුරු ග්‍රාමීය මට්ටමට යනවා අඩුයි කියලයි මම හිතන්නේ.
ඔබ දිනකට දුම්වැටි 5ක් බොන කෙනක් නම්,
දිනකට - 175/-
මසකට - 5250/-
වසරකට - 63875/-
ඉතින් ඔබ දුම් බොන කෙනෙක් නම් හිතල බලන්න මසකට රු. 5000ක් පමණ ඔබේ සාක්කුවෙන් නොදැනීම වැය වෙන්නේ කිසිම තේරුමක් නැති ඔබව රෝගී තත්වයට පත් කරන දේකට නේද?
මත්වතුර පානය
2015 වසරේ සමීක්ෂනයකට අනුව ලංකාවේ අවුරුදු 15ට වැඩි පිරිමින් 38%ක් ඇල්කොහොල් භාවිතා කරනවා. පාටියකදී, සතුටකදී, දුකකදී , ප්‍රශ්න අමතක කරන්න කියලා මොන හේතු ඉදිරියට දාලා පානය කලත් මත්වතුර කියන්නෙත් අපිට නොදැනීම සාක්කුව හිස් කරන පුරුද්දක්. අපි මුදල් පැත්ත ගැන හිතමු. සමහරු හිතයි මම හැමදාම බොන බේබද්දෙක් නෙවෙයි නේ. මම ඉදලා හිටල බොන්නේ ලොකු වියදමක් ඒකට යන්නේ නෑ කියලා. හිතන්න ඔයා බොන්නේ සතියකට දවස් 3ක් කියලා. ඒකත් බොන්නේ බියර් එකක් විතරයි. වැඩි වියදමක් නැහැ.
ඔබ සතියකට බියර් බෝතල් 3ක් බොන කෙනෙක් නම්,
සතියට - 660/-
මසකට - 2640/-
වසරකට - 31680/-
තේ පානය
අපි සමහර වෙලාවට උදේ තේ එක බොන්නෙත් නැතිව රැකියාවට යන්නේ. ඊට පස්සේ අපි උදෑසන තේ එක බොන්නේ කඩේකින්, නැත්නම් කාර්යාලයේම තියෙන කැන්ටින් එකෙන්. සමහර අයගේ පුරුද්දක් තියෙනවා නිතරම කඩේකින් තේ බොන්න ඕනි. ගොඩක් අය මේ තේ එක බොන්නෙ දුම්වැටියක් එක්ක. සමහර අය තේ බොන වෙලාවට මොනව හරි කන්නත් පුරුදුවෙලා ඉන්නවා. මේ පුරුද්ද නිසා ඔබට නොදැනීම ලොකු මුදලක් වැය වෙනවා.
ඔබ උදෑසන තේ එක විතරක් දිනපතා කඩේකින් බොන කෙනෙක් නම්,
දිනකට - 30/-
මසකට - 900/-
වසරකට - 10800/-
උදෑසන තේ එක ගෙදරින් බීලා අවොත් ඔයාට මේ මුදල ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තේ එකේ පිරිසිදු බව ගැනත් විශ්වාසය තියන්න පුළුවන්.
දිවා ආහාරය පිටින් ගැනීම
රැකියා කරන බොහෝ දෙනා දිවා ආහාරය පිටින් ගැනීමේ පුරුද්දට හුරු වෙලා ඉන්නවා. සමහර අයට ගෙදරින් කෑම එකක් ගේනන් පුළුවන් කම තිබියදීත් දිවා ආහාරය ගන්නේ කඩේකින්මයි. මේ පුරුද්දෙන් සාක්කුවට බලපෑමක් කරනවා වගේම සෞඛ්‍යට ලොකු හානියක් වෙනවා. පිටතින් ගන්න ආහාර වල ගොඩක් වෙලාවට කෘත්‍රිම රස කාරක අඩංගුයි. ඒ විතරක් නෙවෙයි මේවගේ පිරිසිදු බව ගැනත් අපිට විශ්වාසයක් තියන්න බැහැ.
ඔබ දිවා ආහාරය දිනපතා පිටතින් ගන්න කෙනක් නම්,
දිනකට - 150/-
මසකට - 4500/-
වසරකට - 54000/-
නිවස, වාහනය නිසි වේලාවට නඩත්තු නොකිරීම
ඔබගේ නිවසේ වහලයේ පොඩි සිදුරකින් ජලය කාන්දුවීමක්, බිම ඇති වූ පොඩි කඩතොලු ගැන හිතන්න. මේ දේවල් අපි එතරම් ගණන් ගන්න දේවල් නෙවෙයි. ඒත් මේවා නිසි වේලාවට නඩත්තු නොකලොත් මේ ගැටළුව ටිකෙන් ටික වැඩි වී අවසානයේ විශාල අළුත් වැඩියාවක් කිරීමට සිදුවෙනවා. වානයටත් මේ දේම තමයි සිදු වෙන්නේ. අපි ගොඩක් වෙලාවට වාහනයේ සර්විස් එක නිෂ්පාදකයින් දී තිබෙන කාලයේදීම කරන්නේ නැහැ මෙයින් එන්ජින් එකට හානි සිදු වන අතර එයින් අවසානයේ විශාල වියදමක් දැරීමට ඔබට සිදුවෙනවා. මේ නිසා පොඩි පොඩි අළුත්වැඩියා කටයුතු ඉක්මනින්ම කරන එක ඔබේ සාක්කුවට ගොඩක් වාසි දායක දෙයක්.
ලොතරැයි පත් මිලදී ගැනීම
බොහෝ දෙනෙක් ඉක්මනින් ධනවතුන් වීමට සිතා විශාල මුදලක් ලොතරැයි සදහා වියදම් කරනවා. ලොතරැයි කියන්නෙත් තවත් එක් සූදුවක් විතරයි. ලොතරැයි දිනුමකින් ප්‍රථම ත්‍යාගයක් ලැබෙනවා කියන්නේ මිලියන ගණනකින් එක් අයකුට ලැබෙන අවස්ථාවක්. ලක්ෂ ගණනක් මිනිසුන් තමන්ගේ මුදල නැති කරගන්නා විට කිහිපදෙනෙක් ඒ මුදල් ලබා ගැනීම තමයි අන්තිමට වෙන්නේ. ලොතරැයි වලින් කෝටිපතියන් වූ බොහෝ දෙනෙක් වසර කිහිපයකින් නැවතත් ඉතා දුගී තත්වයට පත්වන්නේ ඉක්මන් ධනවතකු වීමේ අනිටු ප්‍රතිඵලයක් ලෙසයි. ඔබට ධනවතෙක් වෙන්න අවශ්‍ය නම් ලොතරැයි සදහා වියදම් කරන මුදල් ඉතිරි කිරීමේ ගිණුමක හෝ කොටස් වෙළදපල වැනි තැනක ආයෝජනය කරන්න.
ඔබ දිනකට ලොතරැයි 5ක් මිලදී ගන්න කෙනෙක් නම්,
දිනකට - 100/-
මසකට - 3000/-
වසරකට - 36000/-
බොහෝ අයට මෙවැනි මුදලක් වියදම් කළ විට වසරකට උපරිම රු. 10000/- පමණ දිනුම් අවස්ථා ලැබෙන්නට පුළුවන්.
බිල්පත් ප්‍රමාද වී ගෙවීම
මේ පුරුද්ද නම් අපි හැමෝටම වගේ තියෙන පුරුද්දක්. අපි ගොඩක් වෙලාවට අපගේ බිලපත් නියමිත වෙලාවට ගෙවන්නෙම නැති තරම්. මසකට කෙනෙකුට ගෙවන්න වෙන අනිවාර්ය බිල් ගැන හිතන්න. දුරකථන බිල, ජල බිල, විදුලි බිල්, අන්තර්ජාල හා කේබල් ටීවි බිල්, මාසිකව ගෙවීමට ඇති ණය වාරික අපි හැම කෙනෙකුටම වගේ තියෙනවා. මේ හැම බිලක්ම ගෙවන්න පරක්කු වුණොත් අදාල සමාගමෙන් ඔයාගෙන් පොඩි පොලියක් අය කරනවා. හොදට බලන්න ඔයාගේ බිලපත් වලත් late payment කියලා පොඩි මුදලක් එකතු කරල ඇති. බොහෝ විට මේ මුදල බිල් පතින් 2% ක් වගේ වෙනවා. ලීසිං වාරික වල වගේ නම් ඊටත් වැඩි වෙන්න පුළුවන්. හොඳම දේ තමයි Online Banking system එකක් හදාගන්න එක. එතකොට පඩි වැටුනාම Online Banking system එකට log වෙලා කල් දමන්නේ නැතුව, Payment Section වල රස්තියාදුවක් නැතුව, කාලය ඉතුරු කරගෙන ගෙවලා දාන්න පුලුවන්.
සීමාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීම
දැන් අලුත් trend එකක් විදිහට අතේ ඇති smart phone එක ආධාරයෙන් අන්තර්ජාලයේ වෙබ් සයිට් වල, වැඩියෙන්ම facebook වගේ සමාජ අඩවි වල ගැවසීම දකින්න පුලුවන්. දවසට රුපියල් 100/=, 200/= දාලා මහන්සියෙන් හොයාගන්න තුට්ටු දෙක ඉවර වෙද්දී ආයෙමත් රීලෝඩ් කරලා යන්නමයි හිතෙන්නේ. මේකත් හරියට සූදුවක් වගෙයි. දැනගෙන සීමාවක් ඇතුව කරන්න ඕනේ දෙයක්. ඉතින් ඔබත් මෙහෙම අන්තර්ජාලයේ නිකරුණේ කරක් ගහන්නේ තමන්ගේ වටිනා කාලය හා මුදල් නාස්ති කරමින් නම් හිතන්න ඒ ගැනත්. තමන්ම ගනන් හදලා බලන්න මාසෙ අන්තිමේට කොච්චර මුදලක් නාස්ති කලාද ඒ වෙනුවෙන් කියලා. දුරකතන සමාගම් කීයක් අපි විදින් පොහොසත් කරන්න ඇතිද කියලා බලන්න.
මේ තියෙන්නේ අපිට නොදැනීම දිනපතා ගිලිහෙන මුදල් ගැන ඉතාමත් අඩුවෙන් තක්සේරු කරලා ඉදිරිපත් කරපු ගණන් ටිකක්. මේ නරක පුරුදු නිසා ඔබේ සාක්කුවෙන් ගිලිහී යන මුදල් ප්‍රමාණය නිවැරදිව ගණනය කරන්න පුළුවන් අපිටම විතරයි. ඒක හරියට ගණනය කළොත් හිතාගන්න පුළුවන් වසරකට කොපමණ මුදල් නිකරුණේ ඔයාගේ අතින් වියදම් වෙනවද කියලා. හැකි තරම් මේ වගේ දේවල් වලින් අත් මිදෙන එක කරන්න පුලුවන් නම් ඒ නිකරුණේ වියදම් වෙන මුදල් වැදගත් දේකට යොදවන්න පුලුවන්.
ජය වේවා...
ජය වේවා...
ලැබුන ඊමේලයක ඇති තොරතුරු යාවත්කාලින කර ඉදිරිපත් කල එකක් බව සලකන්න...
ප.ලි -
මීට අමතරව ඇවිදින්න ගියාම කෙල්ල එක්ක සාප්පු සවාරි ගියාම අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වෙන හැටි නම් ඉතින් කොල්ලෝ දන්නවා ඇතිනේ....



ඇත්ත තමයි. අගේ ඇති ලිපියක්.
ReplyDeleteජයවේවා!!!
Kurunegala koheda ?
ReplyDeleteඅපි ජීවිතේ හම්බකරන්නේ වියදම් කරන්න..අවාසනාවට අපිට වියදම් කරන්න තියෙන ඇතැම් දේවල් වලින් ආන්ඩුව සැරට සල්ලි උපයාගන්නවා..මටත් හවසට ටිකක් බියර් එකක් බිව්වොත් හොදයි කියල හිතෙනවා..ඒත් මම බොන බියර් කැන් එකෙන් ලොකු බදු මුදලක් ආන්ඩුවට නිරපරාදේ ගෙවනවා කියල හිතෙනකොට මම ඒ සිතුවිල්ල අහක් කරගන්නවා..
ReplyDeleteඉතාම වටින ලිපියක්..!!
ReplyDeletetouch hart
ReplyDelete