කොළඹ කියන්නේ වාණිජ පරමාර්ථයන් උදෙසාම නිර්මාණය උන නගරයක්. කඩි මුඩියේ දුවන මිනිස් සමූහයාගෙන් පිරි කොළඹ නගරයේ කලබලකාරී ස්වභාවයෙන් පොඩි මොහොතකට මිදිලා පොඩි රිලැක්ස් එකක් වගේම ගතටත් හිතටත් චේන්ජ් එකක් ගන්න පුලවන් තැනුත් නැතුවාම නෙමෙයි. ඒත් ඉතින් හැබෑම ගම් පලාතක , වෙල් යායක, කඩ මණ්ඩියක ඇවිදලා ගමේ පරණ උදවියත් එක්ක කතා කරලා ලබා ගන්න පුලුවන් අත්දැකීම වෙනමම එකක්. ඉතින් එහෙම පරණ තාලේ ගමක හැඩ හුරුකම මේ කාලෙදි නම් ලංකාවේ කොහෙදිවත් ගන්න ලැබෙන එක්ස්පීරියන්ස් එකක් නෙවි. ගමක් කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරුම් කරන්න ඕන නම් කොළඹ උදවිය තමන්ගේ දරුවන්ව එක්ක එන්න කියාපු තැන. එහෙම තැනක් බලන්න ඕන කියලා අනිත් අයටත් අදහසක් තියෙනවා නම් බත්තරමුල්ල අපේ ගම කියන්නේ ඒකටත් හොඳ තැනක්. ජාතික පාර්ලිමේන්තුව පෙනෙන තෙක් මානයේ හැබෑ ගමක හැඩ හුරුකම කෘතිමව නිමවපු "අපේ ගම" කියන තැන ගැන තමයි දැන් කියන්න හදන්නේ. කෘෂිකාර්මික ජීවන රටාවක් හා සහසම්බන්ධ වුනු පාරම්පරික කර්මාන්ත මත පැරණි ගම ගොඩ නැංවුනු හැටිත්, ඔවුන්ගේ චර්යාවන්, ඇදහීම් වගේම ගමටම ආවේණික ලක්ෂණත් "අපේ ගම" තුල මනාව නිරූපණය කරලා තියෙනවා.
කොළඹ ඉඳන් බස් එකෙන් යනවා නම් කොටුව - පැලවත්ත එකේ ගිහින් යන්නත් පුලුවන්. නැත්නම් බොරැල්ලට ගිහින් බොරැල්ල - කොට්ටාව එකේ ගිහින් යන්නත් පුලුවන්. කොහොම ආවත් දියත උයන හරහායි එන්නේ. යන ගමන් එතනිනුත් බැහැලා පොඩ්ඩක් ඇවිදලා යන්න පුලුවන්. ඒ වගේම කොට්ටාව - බොරැල්ල එක ගන්න පුලුවන් කොට්ටාවෙන්. මොන විදිහෙන් ආවත් පාලං තුන හන්දියෙන් බැහැලා පාර්ලිමේන්තු පිටිය පාරේ කිලෝමීටර් බාගයක් විතර යන්නයි තියෙන්නේ. වාහනයකින් එනව නම් කොටුවෙන් ඉබ්බන්වල හන්දියටත්, එතනින් බොරැල්ලටත් , කොටා පාර දිගේ ශ්‍රී ජයවර්ධනපුර පාරට දාලා අපේ ගමට එන්නත් පුලුවන්.
ඇතුල් වීමට එක් අයෙකුට රුපියල් පනහයි. ගමට පිවිසෙද්දී මුලින්ම හමුවෙන්නේ කඩ මණ්ඩිය.
පරණ කෝපි කඩේ විදිහටම බොයිලේරුවක වතුර පැහෙනවා. පොල්කටුවකට පුරවලා බෙලිමල් - රණවරා ගන්න පුලුවන් හකුරු කෑල්ලකුත් එක්කම රුපියල් විස්සකට. අපි නම් බෙලිමල් කෝප්පයයි කුරක්කන් හැලපයි කෑවා. කඩ මණ්ඩිය පහුකරන් එද්දී බෙරකාර ගෙදර. බෙරකාර ගෙදර ගුරුන්නාන්සේ ගෙන් දවුල්, තම්මැට්ටම් ගහන්නේ කොහොමද කියලා හරි අපූරුවට දැනගන්න හැකියාව තියෙනවා කියලා අහන්න ලැබුනත් අපිට නම් එහෙම හෝඩුවාවක් හොයාගන්න බැරි වුනා.ඊලඟට කන්දේ මාමාගේ ගෙදර. ඉස්සර මගුලක් තුලාවක් වුනාම පෙරමුණ ගන්නේ කන්දේ මාමාලු. මනමාල පාර්ශ්වයෙන් ගෙනියන කද ගෙනියන්නේත් මේ චරිතය විසින්. ජීවමානව දකින්නට නැති වුනත් ඒ විදිහටම උසට මහතට හරියන විදිහට ඒ ඒ රූප හදලා පරණ ඇඳුම් අන්දවලා තියෙන හැටි හරිම අපූරුයි.

ඊලඟට ගුරු ගෙදර. එක එක තැන්වල කුකුල් කොටුවක්, කමතක්, කම්මලක් වගේ විවිධ දේවල්. ඊට පස්සේ වලව්ව. වලව්වේ මිරිස් ගලක්, මැටි කලයක්, වට්ටි, පැදුරු, වංගෙඩි, ඉස්සර කකුල් වලට දාපු හම් සෙරෙප්පු වගේ ජාතියක්, පැරණි බෑග් වර්ග, පෙට්ටගම්, කුරණි, සී සාන්නට ගත්ත නඟුල වියගහ වගේ දේවල්. ඒ දේවල් වල විස්තර කියන කුලුපග ගැමියෙක්. ගමේ සජීවී බව පවත්වා ගන්න අනුරාධපුර, ගල්ගමුව වගේ දුර පලාත් වලින් පැමිණි බොහොම හිතෛෂී, කුලුපග ගැමියන් සිනාමුසු මුවින් යුතුව හොඳ මෙහෙයක් කරනවා. සජීවීව ඉන්න ගැමියන්ට අමතරව ඒ ඒ තැන් වල මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේ රූප අඹලා තියෙනවා වගේ පරණ ගැමි රූප මවලා තියෙනවා. නිසි නඩත්තුවක් නොමැති කමින් සමහර රූප කාටුන් වගේ වෙලා.
පැරණි ගම්වල තිබුනු රේන්ද බීරලු ගොතන වෙලඳ කුටි, යකඩ පිත්තල වැඩ කරන තැන්, කැටයම් කපන කර්මාන්ත වගේ විවිධාකාර තැන් වගේම ඒවායින් නිපදවන දේවල් අලෙවියට තබා ඇති අයුරුත් දකින්නට පුලුවන්.
බලධාරීන්ගේ නිසි අවධානයක් නැති කමින් මේ තැන් වලින් සමහරක් ගරා වැටෙන්නට ඇරලා. ඒ ඒ තැන් වල සලකුණු විදිහට තියෙන පිලිරූ අපවිත්‍ර වෙලා. පිදුරු ඉලුක් සෙවිලි කල සමහර වහල ගරා වැටෙන්න අරන්. ඒවා නම් පිලිසකර වෙයි කියලා හිතුනේ තැන් තැන් වල ගොඩ ගහපු වියපු පොල්අතු දැක්කාමයි. මුව මයුර සත්වෝද්‍යානය (Deer and Peacock) කියලා පටන් ගත්ත සත්වෝද්‍යානය නම් වැහිලාම ගිහින්. මම නම් හිතන්නේ හරියට කෑම බීම දෙන්න බැරිව බලාගන්න බැරිව සත්තු තියා ගන්නවට වඩා ඒක වහලම දාන එක හොඳයි.

තව එකක් තමයි මේ අපේ ගම පරිශ්‍රයේ තියෙන වීර, කුඹුක්, දොඹ වගේ වටිනා ගස් වර්ග හඳුනා ගැනීමට බෝඩ් කෑල්ලක් හදලා ගැහුවා නම් ඉතාමත්ම වටිනවා. සෑහෙන පිරිසක් දිනපතාම අපේ ගම නරඹන්නත් එනවා. ඒ අතරේ විදේශකයිනුත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ලෝකය පුරා අපේ සංස්කෘතිය ගෙනියන අපේ ගමට මීට වඩා සැලකිල්ලක් දෙන්න ඕන සංස්කෘතික අමාත්‍යාංශය විසින් කියලයි මම හිතන්නේ.

good post, hope to visit there soon.
ReplyDeleteIt would be a good difference on your side...
Deleteමම දියත උයනට ගිහිල්ල තිබ්බට ඕක බලන්න බැරි උනා.
ReplyDeleteගිහිල්ලා බලන්න වටිනම තැනක් පසන්...
Deleteබොහොම අපුරු විස්තරයක්. ඇත්තටම මේ තැන ගැන දැනන් හිටියේ නෑ. නිවාඩු වෙලාවක බලන්න යන්න හොද තැනක් වගේ.
ReplyDeleteඔව් මචං. නිදහස් තැනක්...
Deletegood one :)
ReplyDeleteThanks for comment...
Delete