
දිනය - 2018-08-12 ඉරිදා
වෙලාව- ප.ව 06.30
සිදුවීම- කුරුණෑගල කොළඹ 5 පාරේ දුවන බසය
වෙලාව- ප.ව 06.30
සිදුවීම- කුරුණෑගල කොළඹ 5 පාරේ දුවන බසය
ඔය කියන ඉරිදා හවස පහට කුරුණෑගලින් කොළඹ බලා පිටත් වුන කොළඹ 5 පාරේ දුවන ලංගම බස් එක නාරම්මල හරියෙදි ඉස්සරහා ටයර් එකක හුලං බැස්සා. කොහොම හරි සෙනඟ නාරම්මල ස්ටෑන්ඩ් එකෙන් බැස්සුවා. සිකුරාදට ගෙදර එන අය ආපහු වැඩට යන්න ඉරිද හවසට කොළඹ බලා එන බස් එකක් හින්දා සෑහෙන සෙනඟ කන්දරාවක් හිටියා. ටයර් වලට හුලං පුරවා ගත්තු බස් එක ආයෙත් ගිරිඋල්ල හරියට එද්දී කලින් ටයර් එකේම හුලං බැහැලා. මේක හරියන වැඩක් නෙමෙයි කියලා තේරුම් ගත්තු රියදුරු-කොන්දොස්තර දෙපල ලඟම ඩිපෝවෙන් ලංගම බස් එකකට කතා කරලා ඒක ගෙන්නා ගත්තා.
පැය කාලකට වඩා ගියා ඒක එන්න. අලුත ආපු බස් එකේ සෙනඟ නෑ. සීට් හිස්. ඉතින් කොන්දොස්තර කීවා කලින් බස් එකේ වාඩි වෙලා හිටිය අයම ඒ විදිහට මේකෙත් වාඩි වෙන්න කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නෑනේ. ලංකාවනේ. කලින් හිටගෙන ගියපු වයසක තලතුනා උදවිය තමයි මේ අලුත් බස් එකේ සීට් වල වාඩි වුනේ. අපේ තාත්තලා වගේ උදවිය තමයි එහෙම වාඩි වුනේ. ඒත් ඒකට කලින් වාඩි වෙලා ගිය අය එහෙම නෙමෙයි ඉඩ දුන්නේ. අනේ මේ මිනිස්සු මෙච්චර වෙලා හිටගෙන ආවනේ. පව්නේ. අපිත් පොඩ්ඩක් හිටගෙන ගියාම මොකද වෙන්නේ. අපේ තාත්තලා වගේ වයසක, වැඩිහිටි උදවියනේ කියලා හිතුවේ නැතුව අර වාඩි වුන මිනිස්සුන්ට බැනලා නැඟිට්ටවලා කලින් අයම වාඩි වුනා. බස් එක කට කපලා සෙනඟ තමයි. ඒ වුනත්. ඇත්තටම සමහර අය එකමුතුව අර රියදුරු-කොන්දොස්තර දෙපලට සහයෝගය දෙන්න ඕන ඒ වගේ වෙලාවෙදි පාවිච්චි කරපු වචන අශීලාචාරයි. මොකද එතනදි ඒ මිනිස්සු දෙන්නත් අපහසුතාවයට පත් වුන හැටි මම හොඳටම දැක්කා. කණගාටුවෙන් කියන්න ඕන එහෙම කරපු බොහොමයක් අය ඇඟපතේ හයිය තියෙන උදවිය වග. තරුණ හෝ තරුණකම යාන්තම් ගිලිහෙමින් යන අය වග.
මම නම් කොහොමත් කුරුණෑගල ඉඳන්ම හිටගෙනමයි ආවේ. මම බස්වලට නඟිද්දී ඉඳ ගන්නට සීට් තියෙනවද කියලා කවදාවත් බලන්නෙත් නෑ. මම වාඩි වෙලා ගියත් මඟදී බස් එකට නැග්ගොත් හිටගෙන යන්න බැරි වැඩිහිටි කෙනෙක් හරි කාන්තාවක් හරි නැඟිටලා සීට් එක දෙනවා. මම ගැන පම්පෝරි ගහනවා නෙමෙයි. ඒත් කලින් අර සිද්ධියෙදි ඇඟපත හයිය තියෙන මිනිස්සුන්ට හිත දුන්නේ නෑ තමන්ගේ තැන අර වයසක, වැඩිහිටි කෙනෙක්ට වාඩි වෙන්න ඉඩ දෙන්න.
මම කල්පනා කලේ පැය තුනක විතර ගමනක් යන අතරතුරේදී තමන් වාඩි වෙලා යන සීට් එක අතහැරගන්න බැරි මිනිස්සු කොහොමද මැරෙන වෙලාවට මෙච්චර කාලයක් හිතින්, ගතින් අල්ලා ගත්ත දේවල් එකපාරටම අත හැරගන්නේ කියලා. මුළු සංසාරෙත් එක්ක ගත්තම මේක එක ක්ෂණයක් විතරයි කියලා මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ඇයි කියලයි මට එන අතරතුරෙදි කල්පනා වුනේ...
මම කල්පනා කලේ පැය තුනක විතර ගමනක් යන අතරතුරේදී තමන් වාඩි වෙලා යන සීට් එක අතහැරගන්න බැරි මිනිස්සු කොහොමද මැරෙන වෙලාවට මෙච්චර කාලයක් හිතින්, ගතින් අල්ලා ගත්ත දේවල් එකපාරටම අත හැරගන්නේ කියලා. මුළු සංසාරෙත් එක්ක ගත්තම මේක එක ක්ෂණයක් විතරයි කියලා මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ඇයි කියලයි මට එන අතරතුරෙදි කල්පනා වුනේ...
දුක හිතෙනවා මෙහෙම දේවල් ඇහුවම. ගොඩක් වෙලාවට බස්වල රන්දු වෙන්නේ ඔය කියන වයසේ කට්ටිය නේද
ReplyDeleteඒක ඇත්ත සයුරි. හොඳ මිනිස්සුත් ඉන්නවා තවමත් අතරින් පතර. මැදිවියේ අයගෙන් සමහරු තමයි ඔය විදිහට කරන්නේ.
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete