Tuesday, November 16, 2010

ඔබට පරිගණකයේ Password එක අමතක වුනාද?

           අද දවසේදී තවත් Post එකක් දාන්න ඕන කියලා හිතුවා. ඒ මොකද අද ටිකක් විතර Free. ඔයාලට මේ site එක ගැන හිතෙන දේවල් කමෙන්ට් එකකින් දාන්න පුලුවන් නම් ඒක මට ගොඩක් ධෛර්යයක්. ඔයාලා දාන  කමෙන්ට්ස් මත තමයි මම දිගින් දිගටම ලියනවද නැත්ද කියන එක තීරණය වෙන්නේ. 
          පරිගණකය තමන්ගේ කරගන්න Password  දුන්නත් ඒ Password එක අමතක වෙලා තමන්ගේ User Account එකට Log වෙන්න බැරි අවස්ථා අපිත් අත් විදලා තියෙනවා. මෙහෙම වෙලාවට ගන්න තියෙන විකල්ප මොනවද?



1.User name එක  Administrator ලෙස ටයිප් කර ලොග් වෙන්න බලන්න. ඒත්   Administrator එකටම      Password එක දාලා නම් ඒ උත්සාහය අසාර්ථකයි. Administrator ලොග් වෙන්න පුලුවන් නම් My computer රයිට් ක්ලික් කර Manage යන්න.

















2. ඉන් අනතුරැව open වෙන dialog box එකේ System tools-->Local Users and Groups-->Users යන්න. එහිදී දකුණු පසින් විවෘත වන කවුලුවේ ඔබේ පරිගණකයේ දැනට ඇති User Account  සියල්ල පෙන්වයි. 














3.  Password එක අමතක වුන User Account  එකේ නම මත රයිට් ක්ලික් කර Set Password යන්න.
















4.  ඉන් අනතුරැව open වෙන dialog box එකේ දී Proceed යන්න තෝරා ගන්න. 

















5. එවිට අලුත්  Password එකක් ලබාදීමට  dialog box එකක් විවෘත වේ. මෙහිදී අවශ්‍ය නම් අලුත්  Password එකක් ලබාදීමට පුලුවන. නැත්නම් Password එක ලබාදිය යුතු තැන් දෙකම හිස්ව තබා Ok කරන්න. 













6. නැවත තම User Account එකට ලොග් වී බලන්න. දැන් ඔබට ඔබේ ඩෙස්ක්ටොප් එක ලබා ගැනීමට හැකි වනු ඇත. මෙහිදී Domain add කල පරිගණකයක් ද පරීක්ෂා කරන ලදී. සාර්ථක විය. 














ඉහත ආකාරය අසාර්ථක වූයේ නම් ගත හැකි දෙවෙනි විකල්පය Password Re-setter (Bootable) මෘදුකාංගයක සහය පැතීමයි. මේ සදහා මා භාවිතා කරන්නේ Password Finder Bootable නම් මෘදුකාංගයයි. මෙය ක්රියාත්මක වන්නේ Windows XP වලදී පමණකි. එය මෙතනින්  Download කර ගන්න.  ISO Image එකක් වන මෙය Download වූ CD තැටියක දමා පුච්චා ගන්න.පරිගණකය on කල පසු CMOS Setup වලදි Boot Order එක CD ලෙස තෝරා මෙම CD තැටියෙන් Boot කරගන්න. ඉන් පසු මෙහිදී Command Prompt එකකදී  Password Reset කර ගත හැක.

















ලිපිය වැදගත් නම් කමෙන්ට්ස් තමා ඕන...

6 comments:

  1. මම අද තමයි මේ පැත්තේ ආවේ . වටින කියන බ්ලොග් එකක් නේ .. මම දිගටම එන්නම්කෝ .

    අර පාස්වර්ඩ් සොයන ක්‍රම ටික මට ගොඩක් වැදගත් ඒක දැකලා තමයි මම ආවේ ..ඒකනම් නියමයි .. ඔන්න මම මේටික වර්ඩ් ඩොකියුමන්ට් එකකට කොපි කරගන්නවා ! තරහ නෑනේ මචෝ ! මට මේටික ගොඩක් වටිනවා හදිස්සියකට ගන්න. ඒකයි කොපි කර ගත්තේ ..

    ජයවේවා !!!

    ReplyDelete
  2. administator ekata pasword ekak danne kohomada?

    ReplyDelete
  3. එලම තමා යහළුවා..

    ReplyDelete
  4. ඩවුන්ලෝඩ් කලා.. ඒත් මේකේ පාස්වර්ඩ් එක මොකක්ද??

    ReplyDelete
  5. fasc book yanne kohomada

    ReplyDelete