ඔබ කැමති ආකාරයේ මෘදුකාංග මෙන්ම අවශ්‍ය වෙනත් Tools සහ Utilities යොදාගෙන ඔබේ රැචිකත්වය මත Open Sourse(ඕපන් සෝස් කියන්නේ ෆුල්ම ෆුල් Open Sourse...) මෙහෙයුම් පද්ධතියක් තනා ගැනිමේ පහසුකම Suse Studio මඟින් සලසා දි තිබෙනවා. මිට පෙර මෙහි තිබුනාටත් වඩා ඇඩෝන ප්‍රමාණයක් තොරාගැනිමේ හැකියාව එය සතුයි. මේ වනවිටත් Suse Linux 11 සංස්කරණයත් නිකුත් වි තිබෙනවා.මං ලිනක්ස් ගැන දන්නෙම නැති වුනාට ටිකක් අතලත ගාලමයි වැඩකිඩ අල්ල ගන්නේ නොදන්න දේවල්වල. විස්තර මෙහෙමයි.ඔන්ලයින් ඕඑස් එකක් හදාගන්න පුලුවන් තැනක් මේ.
මෙහි ඇති වාසිය නම් අවශ්‍ය කරන Software Add කරගැනිමේ හැකියාව, Appliances කැමති ආකාරයකට Configure කර ගැනිමේ හැකියාව, නොමිලේ දෙනුලබන යෙදවුම් අනවශ්‍ය නම් අලුතින් Appliances Create කර ගැනිමේ හා ඒවා පරික්ෂාකර බැලිමේ හැකියාව(Testing Appliances) යනාදින්ගෙන් මේ ඔන්ලයින් මෙහෙයුම් පද්දති නිර්මාණය පොහොසත්. මෙම ක්‍රියාවලිය අපිට Suse Studio web site එක තුලම සිටම සිදුකර ගැනිමේ අවස්ථාව ලබාදි තිබෙනවා. ඔබට මෙහිදි ටිකක් වේගවත් අන්තර්ජාල සබදතාවයක පහසුකම බලාගැනිමේ හැකියාව ඇත්නම් ටිකක් වැදගත් වේවි මොකද මෙම Suse Studio වෙබ් අඩවිය තුලින්ම ඔබ නිර්මාණය කරගත් මෙහෙයුම් පද්ධතියේ Test Drive එකක් රන් කිරිමට අවශ්‍ය වුවහොත් එයට වේගවත් අන්තර්ජාල සබදතාවයක් වැදගත්. ඒත් අත්‍යවශ්‍යම නෑ. තිබුනොත් හොදයි කියලයි කිවේ. එමෙන්ම ඔබ නිර්මාණය කරගත් ඒ OS එක ඔබට අවශය පරිදි Live CD/DVD iso එකක් විදිහට හරි, USB stick/Hard Disk image එකක් ,VMware/VirtualBox(.vmdx),Virtual Machine, Preload Iso ආකාරයට වගේ අවශ්‍ය ඕනැම ආකාරයකට ඩිවයිස් එකකට පිටපත් කිරිමත් සිදුකරගත හැකියි. ඒ නිර්මාණය කරන OS එකට ඔබට අවශය පරිදි තමාගේම Wallpapers,KeyBoard layout,Desktop,Login Screen, Language එක, Start up Program මෙන්ම අපිට ඕන කියන ඔනම file එකක් මෙයට සම්බන්ධ කරගත හැකියි.
ඔබට මේක කරන්නේ කොහොමද යන්න අවබෝධයක් නැත්නම් කරන්නේ කොහොමද කියන එකත් මෙතනින් බලාගන්න හැකිවේවි.ඔබට Gmail account එකක් ඇත්නම් ගොඩක් ලේසි වේවි. මුලින්ම User Account එකක් ඒ ඔස්සේ හදාගෙන වැඩේට බහින්න.Architecture එක 32 bit ,64 bit ලෙසටත්, SUSE Linux Enterprise 11 මෙන්ම SP1 ලෙසටත් KDE සහ GNOME desktop ලෙසටත් Server වර්ෂන් එකක් විදිහටත් තෝරාගැනිම් ගොඩක් තියෙනවා. කිව්වේ බොහොම ටිකයි. කරලම බලන්න ලාබ නොලබන ආයතනයකින් කරන අගේ ඇති වැඩක්. නැවත හමුවෙන තුරැ ජය....
ප.ලි -
මට පොඩි උත්තරයක් ඕන මගේ යාලුවන්ගෙන්.
ඇයි මේ ගැනු ලමයි පොඩිදේටත් පොඩ්ඩ ඇත්නම් තරහවෙන්නේ? .

අනේ මන්ද අය්යෙ, ඕක නම් මටත් තියෙන ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නෙ ඒ ගෑනු ජාතියෙ උපන් ගතියක්
ReplyDeleteඅප්පා ඒක නම් ඇත්ත තමයි. අපේ එක්කෙනත් මාත් එක්ක පොඩ්ඩ ඇත්නම් එල්ලෙන්නමයි බලන්නේ. තරහ වෙනවා යාලුවෙනවා. යාලු වෙනවා තරහ වෙනවා. මං හිතන්නේ ආදරේ වැඩිකමට වෙන්න ඇති ඒ.
ReplyDeleteතරහ වෙන්නේ එයාලා ගෑණුළමයි නිසා අයියේ ඔවුවා ඔහොම තමයි බලහං තරහ උනාට වඩා වේගෙන් යාළුවේවි ආයෙමත් .පොඩ්ඩක් ලිනක්ස් අතහැරලා එයාව යාළුකරගන්න බලහං
ReplyDeleteමහමෙව්නාව ගැන පබ ලියා ඇති දේ ගැන අගය කරමි.
ReplyDeleteAnonymous said_
ReplyDeleteස්තුතියි ඒ ලිපි පෙල කියෙව්වාට. නමුත් මහෙමව්නාව පිලිබදව මෙහි පලවි ඇත්තේ එහි සංස්කාරකවරැන් විසින් ලියන ලද ධර්මය හා බැදුනු දේ මිස මා ලියුවන් නොවන බව කාරැණිකව දන්වා සිටින්නට කැමතියි. මා කර ඇත්තේ එම අඩවියෙන් සබැදුම් ගෙන මගේ අඩවියේ යාවත්කාලිනවිමට සැලැස්විම පමණයි. එම අඩවියේ පලවන ලිපි සම්බන්ධව සම්පුර්ණ අයිතිය එම අඩවිය සතු බව සැලකුව මනාය...