Mini Lap එකකට Windows මෙහෙයුම් පද්ධතිය Install කර ගන්න ඕන. CD Drive එකක් නැති නිසා Pen Drive එකකින් තමයි කරන්න වෙන්නෙ. ඉතින් Pen Drive එක බූටබල් විදියට හදාගෙන Install කරන්නෙ කොහාමද? Windows 7 මෙහෙයුම් පද්ධතිය Flash Drive එකක් මාර්ගයෙන් පරිගණකයේ ස්ථාපනය කරගන්නේ කෙසේද? යන ගැටලු බොහෝ දෙනෙකුට තියෙනවා. දැන් ඒ ගැන කියන්නයි යන්නේ. ඇත්ත තමයි සමහර නෙට් බුක් පරිගණක වලත් මේ තැටි ධාවකය අඩංගුවෙන්නේ නෑ කියන එකයි. මේ සදහා අපිට මුලින්ම Windows 7.iso image එකක් අවශ්‍යයි. Windows 7 DVD එකක් තියෙනවනම් එය iso image එකක් බවට පත් කරගන්න ඕන Magic ISO වගේ මෘදුකාංගයක් භාවිතයෙන්.
අවශ්‍ය දේවල්
- Windows 7 iso image එකක්
- DVD-R drive එකක් හෝ 4GB වලට වඩා ඉහල ධාරිතාවයකින් යුත් removable USB flash drive එකක්
- Windows 7 USB/DVD Tool එක. මේක මේ Microsoft ලම නිකුත් කරන එකක් නිසා බය වෙන්න හේතුවක් නෑ. මෙතනින් බාගන්නත් පුලුවන්
හැබැයි මේ මෘදුකාංගය රන් වෙන්න නම් පහත ප්ලගින්ස් දෙකත් අවශ්‍ය වෙනවා.
- Microsoft .NET Framework v2 මෙතනින් බාගන්න
- Microsoft Image Mastering API v2 මෙතනින් බාගන්න
භාවිතා කරන්නේ කොහොමද?
- Download කරගෙන ස්ථාපනය කරගත් Windows 7 USB/DVD tool එක රන් කරන්න.
- දැන් Source Image box එකේදි Windows 7 ISO file එකි තියෙන path එක හෝ Browse කරල හරි ඒ ISO file එක තෝරලා දෙන්න.
- USB ධාවකය USB port එකට In කර format කරගන්න. එහි දත්ත කිසිත් නැතිවගට ඔබ වගබලා ගත යුතුයි.
- ස්ථාපනය කරන්න යන්නේ USB flash drive එකකටද නැත්නම් DVD disk එකකටද කියල තෝරලා Next කරන්න.
- ස්ථාපනය කරන්න යන්නේ USB flash drive එකට නම් dropdown list එකෙන් USB device එක select කරල Begin Backup යන්න click කරන්න. DVD එකටනම් ඒත් ඒ විදිහටමයි.
- දැන් මේ 7 දාගන්න ඕන PC එක restart කරල bios boot sequence එක USB Flash විදිහට හදලා බූට් කරලා බලන්න. DVD එකෙන් වගේම මේකත් bootable වෙලා තියෙනවා ඔබට පෙනේවි.


මේකට නම් කමෙන්ට් නොකරම බෑ . මම හොය හොයාම හිටපු දෙයක් තමයි මේක . මට එක්ස්පී නම් පෙන් එකෙන් දාන්න ඕන තරම් බඩු හම්බුනා ඒත් 7 දාන්න බඩ්ඩක් ලැබුනේ මෙතනින්
ReplyDeleteඔයාගේ මවුස් ජාවා ස්ක්‍රිප්ට් එක මගේ මැසිමට දරන්න බෑ ඒක හින්දා මගේ සීපීයූ එක 100% වැඩ කරන්න ගන්නවා . අන්තිමේදී හීට් වෙලා ඕෆ් වෙනවා . ඒක නිසා මට වැඩිය මෙහේ යන්න එන්න බෑ ඒත් අද බස ගාලා කියවලා බස ගාලා කමෙන්ට් කරා
ස්තුතියි කමෙන්ට් එකට. මවුස් ජාවා ස්ක්‍රිප්ට් එක නම් මචං එච්චර ස්ටක්වීමකට හේතුවක් නම් නෙමෙයි. මම ඒක ඉවත් නොකරෙත් ඒකයි. browser එකේ ජාවා ස්ක්‍රිප්ට් disable කරලා සර්ෆ් කරන එක ඔයාගේ පීසී එකට හොදයි වගේ මම හිතන්නේ. එහෙම නැත්නම් මමම මවුස් ජාවා ස්ක්‍රිප්ට් එක අයින් කරන්නම්. බොහොම ස්තුතියි මචං කමෙන්ට් එකට. දැන් දැන් ලැබෙන කමෙන්ට් නම් බොහොම අඩුයි. ආත්ම තෘප්තිය උදෙසාම ලියන නිසා ඒ තරම් ඒ ගැන හිතන්නේ නෑ මං.
ReplyDeletegood item i also download
ReplyDeletevisit my site
http://www.ptcguide.t15.org/
රති...
ReplyDeleteThanks...
Really good post.
ReplyDeleteDownload link not working for 'Windows 7 USB/DVD Tool'. Please correct that.
ස්තුතියි, වටිනා ලිපියක්.
ReplyDelete@indika
ReplyDeleteබොහොම ස්තුතියි. ඔයාගේ සයිට් එකෙන් ඉන්ටනෙට් මනි ගැන ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ස්තුතියි.
@Red Sea
ස්තුතියි යාලුවේ.
@Anonymous
අනේ වැරැද්ද පොයින්ට් කලාට ස්තුතියි. ඒ ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ කරන් නෑ නේන්නම්. ඔන්න මං වර්කින් ලින්ක් එකක් දැම්මා. ගොඩක් ස්තුතියි මාව නිවැරදි කලාට.
@Kappa
ස්තුතියි. නියම බ්ලොග් එකක්නේ කප්පාගේ බ්ලොග් එකත්.
ඔන්න දැන් මේකෙන් වැඩක් ගන්නයි යන්නේ. ගොඩක් ස්තූතියි!
ReplyDeleteISO එක දුන්නහම කියනවා ඒක valid iso එකක් නෙමේලු.
ReplyDeleteමම කලින් එක DVD එකකට write කරල දාලත් තියෙනවා
මේක වැඩකරන්නේ කෙලින්ම microsoft එකෙන් කරපු iso වලට විතරයි. software එකකින් හදාගත්ත iso වලට වැඩ කරන්නේ නෑ :)
ReplyDeletemamath aiye commond promp eken karana hati witharai danan hitiye. me widiha godak lesi.codes liya liya inna one na..aiyage post tika eeye idan kiyawanna patan gaththe..maru ewa..GUD LUCk!!!
ReplyDeleteගොඩක් ස්තූතියි මචන්...
ReplyDelete