Monday, November 19, 2012

CCTV කැමරා පද්ධති - 4



         මේ දවස්වල වෙනදට වඩා පොඩ්ඩක් විතර වැඩ අඩු කාලයක් වගේ දැනෙන හින්දා රෑ ඇහැරගෙන ඉන්න තියෙන සම්භාවිතාව වැඩියි. බලාගෙන ගිහාම එහෙමයි කියලා කරන්න තියෙන වැඩ වල අඩුවකුත් නෑ ඇත්තටම. දැනට අවුරැදු දෙකකට එහා කාලෙදි ගෙවපු ජීවිතේ  තමයි මේ ආයෙත් ගෙවෙන්න ගත්තේ. ඉතින් අනිත් හැම දේමත් කරන අතරේ ඒ  එක්කම රෑ වෙලා ඇහැරගෙන ඉඳලා අතරින් පතර පෝස්ටුවක් දෙකක් දැම්මට පාඩුවක් වෙන්නෙ නැති වෙයි කියලා හිතෙනවා. මොනව උනත් මේ වගේ දෙයක් ගැන දැනගන්න ආසවට හරි බලන අයත් ඉන්නව ඇති අතරින් පතර. හැමදම බලන අයත් ඉන්නවා. නැතුවම නෙමෙයි. ඒකමයි කමෙන්ටු ගැන සලකන් නැතුව පුලුවන් වෙලාවට ලියල දාන්නේ. අද කියන්න යන්නේ , LPR (License Plate Recognition) එහෙමත් නැත්නම්  

  1. License Plate Capture
  2. Automatic license-plate recognition (ALPR)
  3. Automatic vehicle identification (AVI)
  4. Car plate recognition (CPR)
  5. License-plate recognition (LPR)


    යන කොයි නමෙනුත් හඳුන්වන්නේ වාහන වල බලපත්‍ර තහඩු මගින් ඒවා හඳුනාගැනීමේ කලාවක්. එහෙමත් නැතිනම්  image processing technology එකක්. බොහෝදුරට යොදාගන්නේ access control system එකක් වගේ security and traffic installations වලදියි. උදාහරණයක් ගත්තොත් අපි හිතමු වාහන පාක් එකකට වාහනයක් ඇතුල් කිරමේ සිට බිල් කැඩීම (automatic payment calculations)දක්වා වූ ක්‍රියාවලිය මෙයට ගෙන හැර දැක්විය හැකියි. එහෙමත් නැත්නම් විහාල සමාගමක් ගත්විට ඒ සමාගමේ සේවය කරන නිලධාරින්ගේ වාහන වල  registration numbers පරිගණකයක ගබඩා කොට මෙවැනි කැමරා පද්ධතියක් ඔවුන්ගේ වාහන ඇතුල් කරන ගේට්ටුවේ සවිකොට එම වාහන උදෑසන ඇතුලුවීමේදි ස්වයංක්‍රීයව කියවා   කලින් පරිගණකය තුල ගබඩා කොට තිබූ registration numbers  ගැලපෙනවානම් ස්වයංක්‍රීයව ගේට්ටු විවර වී වාහනය තුලට ගැනීමත් තවත් උදාහරණයක්. 


                   මේ තාක්ෂණයේදී වාහනයක් හඳුනා ගැනීමට යොදාගන්නා එකම එක ක්‍රමය වන්නේ මේ License plate එක identify කරගැනීම පමණයි. මෙහි කැමරා ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් එක් වර්ගයක දී LED බල්බ එක බහාලුමකත් ,  කැමරාව තව එකකත් බහාලමින් යුගලක් ලෙස එලි දැක්වෙනවා. එම ප්‍රභේදයෙහි   LED මෙන්ම Infra-red වැනිම වු illumination විශේෂයක් භාවිතා කරමින් ප්‍රතිදීප්ත බල්බ ලෙස යොදාගන්නවා. අනෙක් වර්ගයේදී  Monochrome camera එකකුත් Color camera එකකුත් වශයෙන් දෙකක් භාවිතා කරනවා (Two high quality cameras in one). 
                       තවත් වර්ගයකදී Reflective License Plates පමණක් හඳුනාගත හැකි ආකාරයේ Black & White සහ Colour  කැමරා විශේෂත් දක්නට ලැබෙනවා. ඉතින් අර කීව කලු සුදු හා වර්ණ කැමරා දෙකම එකට තියෙන පද්ධතිය ක්‍රියා කරන ආකාරය අපිට දෙවිදිහකට හදා ගන්න පුලුවන්.  Monochrome camera එකෙන් License plate එක identify කරගැනීමත් අනෙක් Color camera එකෙන් පසුව අවශ්‍ය වුවහොත් යන අරමුණින් එම ඇතුල් වූ වාහන වල වර්ණ වීඩියෝ දර්ශණ හෝ ජායාරෑප ලබා ගැනීමත් යන කාරණා දෙක සිදු කිරීමට පුලුවන්. මෙවැනි කැමරාවක අධෝරක්ත LED බුබුලු 100 කට ආසන්න සංඛ්‍යාවක් අඩංගු වෙන අතර ඒවා රාත්‍රියේ දී වුවත් අඩි 200ක් දුරින්  යන වාහනයක වුවත් පැහැදිලි රෑපාවලියක් ලබාදීමට සමත්.

         ඉතින් මෙවැනි කැමරාවක built-in එන තාක්ෂණයක් තමයි Digital Noise Reduction (DNR) කියල අපි හඳුන්වන්නේ.  මේ තාක්ෂණයේ ප්‍රතිඵලය තමයි low-light situations(අඳුරැ ආලෝකය ඇති විටදී) සහ lowering back-end costs (වියදම් අවම ලෙස ස්ථාපනය කල පද්ධතියක් තුලදී) යම් වෙලාවක අදාල වීඩියෝ රෑප රාමු මඟින් සංඥා විකෘතිතාවයක් ඇති වෙයි නම් එය අඩු කර ගැනීමේ හැකියාව.අපි  Noise (නොයිස්) එකක් ලෙසින් හඳුන්වන්නේ දරැනු ඝෝෂාව වගේ අර්ථයක් දෙන්න. අපි මෙහිදී තාක්ෂනික වශයෙන් අර්ථ විවරණය කරද්දී  "යම් කිසි සංඥාවක් එයට අසමාන වූ වෙනස් සංඛ්‍යාත​ කොටස් ඇති සම්ප්‍රේෂණ මාධ්‍යක් ඔස්සේ ගමන් කරන විට රේඛීය නොවීම හේතුවෙන් සමහර කොටස් එකතුවී මුල් සංඥාවට  අවහිරතා ඇති කරන වෙනත් වෙනත් කොටස් නිපදවිය හැක. මෙය (Inter modulation noise - අන්තර් මූර්ජන ඝෝෂාව ) ලෙසින් හඳුන්වන සංඥා විකෘතිතාව ඇති කරයි". මම දන්න විදිහටයි ඒ පැහැදිලි කිරීම කලේ. වෙන කාට හරි ඔයිට වඩා හොඳ විදිහක අර්ථකථනයක් ඇත්නම් කරැණා කර එය පල කරන්න. ඉතින් අපි මෙලෙස Noise Reduction යනුවෙන් තාක්ෂණිකව ව්‍යවහාර කරන්නේ ඉහත ආකාරයට  සංඥාවකින් අපැහැදිලි විකෘතිතාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය යි. Analog හෝ Digital යන දෙවර්ගයටම අයත් සියළුම වර්ගයේ තාක්ෂනික උපකරණවලට noise ග්‍රහණය​ කිරීමේ හැකියාව පවතින විදිහටයි නිර්මාපකයින් ඒවා නිර්මාණය කර තිබෙන්න්. එකින් එකට වෙනස් වෙනවා. මතකද මම data කේබල වල එන ෆෙරයිඩ් බිඩ් උපාංගය ගැනත් ලිපියක් දැම්මා කලින් වතාවක.ඒකත් මේ හා සමාන ක්‍රමයක් තමයි.
   මේ තියෙන්නේ DNR තාක්ෂණය සහිත හා රහිත කැමරාවක ජායරෑපාවලියේදී ඇති වෙනස. ඉතින් මේ තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් හා අවැසිතාවය පවතින්නේ මම ඉහත කීව ආකාරයක කාර් පාක් එකක් හෝ ඉහල සමාගම් වැනි තැනකට තමයි.


  තව දුරටත් අපි මේ ගැන කතා බහ කරමු ආයෙත් දවසක හමුවෙලා. හැමෝටම සුභ සතියක්.



17 comments:

  1. සුපිරිම තොරතුරු රැසක් ම දැනගත්තා.. ස්තුතියි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  2. එල එල ...හා හා යං යං...රවුමක් යං...ස්තුතියි යාලුවා කමෙන්ට් එකට.

    ReplyDelete
  3. මෙව්වා කියලා දියං මලේ හැමදාම

    ReplyDelete
  4. අනිවා ඉතිං ඇහැක් නම් ඒ වෙලාවට කුරැටු ගානවා නෙවැ කොයි යම් දෙයක් හරි හිතේ කහටක් නැතුවම. බොහොම ස්තුතියි කන්දෙවිදානෙ අයියටත්.

    ReplyDelete
  5. හොඳ බ්ලොග් එකක්...හැකියාවක් තියනවනවනම් කමෙන්ට් කරන අයත් එක්ක සංවාදයකුත් ගොඩනගා ගන්න...මේ වෙනුවෙන් වැය කරන ඔබේ කාලයේ වටිනාකම තවත් වැඩිකරගන්න පුලුවන්..

    ReplyDelete
  6. උඩ කොමෙන්ට් එක දැම්මෙ මම ... ලොග් වීමේ ප්‍රශ්නයක් නිසා ඇනෝ ඇවිත් :)

    ලකීසිරි

    ReplyDelete
  7. ඒ පාර කොමෙන්ට් එකත් මිසින්..:)

    කමක් නැහැ.. හොඳ බ්ලොග් එකක්.. දිගටම ලියන්න

    ලකීසිරි

    ReplyDelete
  8. කමෙන්ට් නොකලට අපි හැමදම බලනවා මචෝ. කමෙන්ට් එනවා අඩු වෙලා තියෙන්නේ හැමෝටම පොදුවේ කියවල තේරැම් ගන්න බැරි හින්දා වෙන්න ඕන.මොකක් හරි ඕප දූපයක් දැම්මනම් කමෙන්ට එයි බස බස ගාලා.හෙහ.හොඳ වැඩක් මේ ලිපි පෙල මචෝ...

    ReplyDelete
  9. හා ,,,මේ තියෙන්නේ මන් කැමති විෂයක් !

    ReplyDelete
  10. @ චමත්

    ගොඩක් ස්තුතියි මාව දිරිමත් කලාට සහෝ. ඔයා කිවත් වගේ පොදුවේ කාටත් වැටහෙන විදිහට නොලිවත් කවදම හරි දවසක වුවමනා වෙයිනේ...

    @ රෙහානි
    කැමතිම විෂයක්ද? අහන්නත් සතුටුයි ගෑල්ලමයෙක් ඇවිත් එහෙම කමෙන්ට් එක්ක දැම්ම එක ගැන. නැත්නම් කෙල්ලෝ නොබලන නීරසවිෂයක් කියලයි මම හිතුවේ.බොහොම ස්තුතියි ආවට ඔයාටත්...

    ReplyDelete
  11. ඇත්තටම රති මේදවස්වල මමත් දීල ඉන්නේ ඔය කියනවා වගේ ප්‍රොජෙක්ට් එහෙක තමයි. RFID රීඩර් එකකුත් අපි යොදාගෙන තියෙන්නේ වැඩේට. ඉතාමත් ඉදිරියෙන් තියෙන තාක්ෂණයක්.කෙසේවෙතත් ඉස්තරන්ම පොස්ටුවක්. ලංකාවේ මෙවැනි දේවල් භාවිත වෙනවද දන්නේ නැහැ. නමුත් ඔය ක්‍රමය දැනට අපි අනුගමනය කරන ක්‍රමයක්. නමුත් සමහර රටවල නම්බර් ප්ලේට් හඳුනාගැනීමේ අපහසුතාවයක් තියෙනවා. හැබැයි සුළුවශයෙන් තමයි.

    ReplyDelete
  12. මම අද තමයි පළමුවෙන්ම ආවේ..

    විශේෂයෙන්ම තාක්ෂණික මෙවලම් ගැන නොදන්නා කරුනු රැසක් දැනගත්තා. මේ කැමරා පද්ධති මේවන විට නම් ලංකාව තුළ ජනප්‍රියයි.විශේෂයෙන් කොළඹ නගරය අවට.

    ඒත් මෙයින් කරන කාර්යයන් පැහැදිලිව දැනගත්තේ මේ පෝස්ට එකෙන්

    ReplyDelete
  13. @කෝරලේ මහත්තයා
    electromagnetic field එකක් නේද ඔය ක්‍රමයෙදි භාවිතා වෙන්නේ. තාක්ෂණිකව වැදගත් පිම්මක් ලෝකයේ..මචං ඔබට හැකි නම් මේ තාක්ෂණය පිළබඳ කරැණ ඔබේ බ්ලොග් අවකාශයේ පල කරන්න, දැනුම සොයන අපිට එය හොඳ තෝතැන්නක් වේවි..මම කියා හිටින්නේ කතා කරන්න කියලා ඔබට ඒ මාතෘකාව ගැන සැකෙවින්.බොහොම ස්තුතියි මාවත් බැලුවට...

    @දයානන්ද රත්නායක
    බොහොම ස්තුතියි දයානන්ද ටත් මේ ගැන කියවල මාව දිරිමත් කරපු එක ගැනත්. ඇත්තටම මේ තාක්ෂණය දැන් ගොඩක් දුරට යොදාගන්නවා ලංකාව පුරා වෙළඳසැල්වල ආරක්ෂාවටත්.

    ඔය කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  14. නියම විස්තර ටිකක්. දිගටම මේ සම්බන්ධව ලියන්න.

    ReplyDelete
  15. @Praසන්ன

    බොහොම ස්තුතියි පසන් දිරි ගැන්වීමට...අදමයි වෙන්න ඇති මේ පැත්තේ ආවේ. දිගටම එන්න.

    ReplyDelete
  16. රතී නිතරම මට සහය දුන්නට අද තමා මේ පැත්තට එන්න ලැබුනේ,නියමයි සහෝදරයා,ගොඩාක් වටින දේවල් වලින් පිරිලා,දැන් ඉතින් ඉඩක් ලද හැමවෙලාවකම එන්නම්,දිගටම ලියන්න ශක්තිය ලැබේවා,ජය වේවා!!!!!

    ReplyDelete
  17. මම මේ ආවේ ගොඩ කාලෙකින් රති..දිගටම ලියන්න ..ගොඩක් වටිනවා මේ දේවල්...

    ReplyDelete